ගොවියකු සතුව විකුණාගත යුතුව බලු පැටවුන් 4 දෙනෙකු විය. ඔහු ඒ පිළිබඳව සටහන් තැබූ දැන්වීමක් ගෙන ගොවිපළ අසල වූ කණුවකට එය සවි කිරීමට පළමු ඇණය ගැසුවා පමණි ඔහුගේ සාක්කුවෙන් යමෙකු අදිනු දැනී ඔහු හැරී බැලීය.
''මාමේ, මාත් කැමතියි ඔයාගේ එක බලු පැටියෙක්ව ගන්න. මට එක්කෙනෙක්ව දෙනවද?''
''අනේ පුතේ, ඔයා ගාව සල්ලි තියෙනවද බලු පැටියෙක්ව ගන්න?''
තම පුංචි කලිසම් සාක්කුවට අත රුවා කාසි,නෝට්ටු කිහිපයක් ගත් දරුවා එය ගණින්නට විය.
''රු.80ක් විතර තියෙනවා. ඒ ඇතිද?''
''ම්ම්ම්... මම එකෙක්ව දෙන්න නම් හිටියේ රු.100කට. කමක් නෑ, මම පුතාට නිසා එකෙක්ව දෙන්නම්කෝ''
ලැසී යැයි එක් වරක් ශබ්ද නඟා කතා කල ගොවියා සිවුරුහම් බෑමක් කල විට ගොවිපළ දෙසින් තම මව පිටු පසින් පුලුං බෝල සේ වේගයෙන් දිව එන පුංචි බලු පැටව් තිදෙනෙකු දැකගත හැකිවිය. ඔවුන් අසළට මව සහ බලු පැටව් තිදෙනා පැමිණිය පසු ගොවිපළ දෙසින් තවත් පුංචි බලු පැටවකු සෙමින් සෙමින් පැමිණෙන්නට විය.
''මාමේ, මට ඒ බලු පැටියව තමයි ඕන.''
''පුතේ, ඌ එච්චර සෙල්ලම් කරන්නේ නෑ. ලෙඩෙක් වගේ තමයි ඇවිදින්නේ. පුතාට ඌව අර ගත්ත කියල හිතේ හැටියට සෙල්ලම් කරන්නවත් බැරි වෙයි. වෙන එකෙක්ව ගෙනියන්න, උන් හොඳට දුවනව පනිනවා.''
මදක් පසෙකට වූ පුංචි දරුවා තම කලිසමේ කකුලක් සෙමෙන් සෙමෙන් උඩට නවන්නට විය. ඔහුගේ දකුණු කකුලට යකඩ ආවරණයක් දමා තිබුණි.
''ඔයාට පේනව නේද මාමේ, මටත් වේගයෙන් දුවන්න පනින්න බෑ. ඉතිං එයාටත් ඕන කරන්නේ මම වගේ කෙනෙක්, එයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්''
මේ ලෝකයම පිරී තියෙන්නේ තමන්ව තේරුම්ගන්න පුළුවන් අය සොයන මිනිස්සුන්ගෙන්. සෑම කෙනෙකුගේම යම්කිසි අඩු පාඩුවක් තියෙනවා, ඒත් තමන්ගේ ඒ අඩු පාඩුව තේරුම් අරගෙන එයම ශක්තියක් කරගෙන ක්රියා කරන කෙනෙකුට ජීවිතය ජයගන්න පහසුයි. කිසිම කෙනෙක් 100% පරිපූර්ණ නැති බව හැම විටම මතක තියාගෙන අඩු පාඩුවක් ඇති අය ගැනත් මැදිහත් සිතින් බලන්න පුරුදු වෙමු.
1 අදහස් Comments::
ලෝකය නිර්මානය වෙලා තියෙන්නේ
විවිධාකාර චරිත වලින්
ඒවාට වර්ණ නැහැ
ඒ හැම චරිතයක්ම ජීවිතය
හොයාගෙන යනවා.
හම්බවෙන්නේ නෑ....
නැවතුමකුත් නෑ...
Post a Comment
නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-