දිනක් කඳු තරණයෙහි යෙදුනු මැදිවියෙහි පසු වූ පුද්ගලයෙකු හට අතරමඟ ගිමන් හරිමින් පසු වූ තරුණයෙකු මුණ ගැසුනි. තම මල්ල ලිහා දමා...
''ආ පුතා, මේ කෑම ටික ගන්න යැයි'' බොහොම පරිත්‍යාගශීලීව ඔහු පැවසීය.
හාමතේ පසු වූ නමුදු මල්ල තුළ වූ වටිණා පාශාණය තම දෙනෙතට හසු කර ගැන්මට සමත් වූ තරුණයා...
''මට කෑම එපා, පුලුවන්නම් ඔය මල්ලේ තියෙන ගල මට දෙන්නකෝ'' යැයි ඉල්ලීමක් කරන ලද අතර මැදිවියේ පසු වූ පුද්ගලයා වහාම තම මල්ලට අත රුවා පාශාණය ගෙන තරුණයාට දෙන ලදී.
තම ජීවිතයම වෙනස් කර ගැන්මට තරම් වටිණා වූ පාශාණය ලද තරුණයා එම පුද්ගලයාට නොසෑහෙන්න ස්තූති කොට එතනින් ඉවත්ව යන ලදී.
නමුත් මහල්ලා තම කඳු නැඟීම කර ආපසු එනතෙක් මග බලා සිටි තරුණයා නැවතත් මහල්ලාට එම පාශාණය දී ඉල්ලීමක් කරන ලදී.
''මම දන්නවා මේ ගල ගොඩාක් වටිණව කියලා, ඒත් මම නැවතත් ඔබට මේ ගල දෙනවා. ඒ වෙනුවට ඔබ ලඟ තියෙන ඊටත් වඩා වටිණා දෙයක් මට ඕන. ඒ තමයි මේ වටිණ ගල කිසිම පැකිලීමකින් තොරව මට දෙන්න තරම් ඔබ තුළ ඇති කරගත්තු ඒ හැඟීම''
ඇලීම් වලින් මිදෙනවා කියන එකත් ලේසි දෙයක් නෙවෙයි, එහෙම කරපු කෙනා තරම් ධනවත් කෙනෙක් මේ ලෝකේ වෙන කොතනකවත් නෑ...
0 අදහස් Comments::
Post a Comment
නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-