මනුෂ්‍යත්වය සොයා යමි

තොප්පි වෙළෙන්දාගේ කතාව එදා සහ අද

හැමෝම දන්නවනේ තොප්පි වෙළෙන්දෙක් දවසක් තොප්පි මිටිය කරගහන් ගිහින් ගහක් යට නින්දට වැටුන වෙලේ, තොප්පි වෙළෙන්දාගේ තොප්පි ටික වඳුරෝ හොරකන් කරපු කතාව. ඊට පස්සේ තමන් කරන කරන දේ වඳුරෝ කරනවා දැක්ක තොප්පි වෙළෙඳ තමන්ගේ ඔලුවේ දාන් හිටිය තොප්පිය විසි කෙරුවම වඳුරෝ ටිකත් උන් ඔලුවේ දාන් හිටපු තොප්පි විසි කලා කියලත් හැමෝම දන්නවනේ. ඒක නිසා ඒ කතාව කියන්න මම වෙලාව ගන්නේ නෑ. ඒ කතාවෙන් අවරුදු 50 කට විතර පස්සේ, ඔය කිව්ව තොප්පි වෙළෙන්දාගේ මුනුබුරත් තමන්ගේ රැකියාව විදියට ඔය තොප්පි බිස්නස් එක තෝරාගෙන තියෙනවා. තමන්ගේ සීයා කරපු ඒ මොලේ ඇති ක්‍රියාව ගැන මේ මුනුබුරත් අහල තිබ්බා.
ඔන්න දවසක් මේ අපේ අලුත් තොප්පි වෙලෙන්ද තොප්පි මිටියකුත් කරගහගෙන වෙළදාමේ යන කොට මහන්සි දැනිල අර කලින් විදියටම ගහක් මුල පොඩි නින්දක් දැන්ම. ඇහැරිලා බලන කොට තමන් ගෙනිච්ච තොප්පි ටික නෑ කියන්නේ. කලබල වෙලා වට පිට බැලුවම දැක්ක වඳුරෝ රංචුවක් තොප්පි ටික අරගෙන ගෙන ඉන්නවා. ඉතින් මේ වෙළෙන්දාට තමන්ගේ සීයා කරපු වැඩේ මතක් වුනා.. ඉතින් වෙළෙන්දා බඩ කැසුව, වඳුරෝත් බඩ කැසුව.. වෙළෙන්දා ඔලුව කැසුව, වඳුරෝත් ඔලුව කැසුව.. වෙළෙන්දා උඩ පැන්න, වඳුරෝත් උඩ පැන්න.. හරි වැඩේ දැන් ෂුවර්.. වඳුරෝ තමන් කරන කරන දේ කරනවා කියල වෙළෙන්දාට දැන් විස්වාසයි. වෙළෙන්දා තමන්ගේ ඔලුවේ තිබ්බා තොප්පිය ගලවල පැත්තකට විසිකළා.. පුදුමයක් ! වඳුරෝ තවමත් තොප්පි ටික අල්ලාගෙන ඉන්නවා.. වෙළෙන්දා පුදුමෙන් බලන් ඉදිද්දී, එක වඳුරෙක් ගහෙන් බිමට බැහැල වෙළෙන්දා විසි කරපු තොප්පියත් අහුලා ගත්ත.. අහුලාගෙන ගහට නගින ගමන්, වෙළෙන්දා ලගට ගිහින්.. "තමුසේ හිතුවද තමුසෙලට විතරයි ආච්චිලා සීයල ඉන්නේ කියල" .. කම්මුලටත් පාරක් ගහ ගෙනම වඳුරෝ රැල නොපෙනී ගියා...
එකම ප්‍රශ්නෙට .. එකම උත්තරේ .. හැම තැනදීම ප්‍රයෝගික වෙන්නේ නෑ නේද.. ඕනෑම පරණ ප්‍රශ්නයක් දිහා අලුත් විදියකට බලල අලුත් විදියට උත්තර හෙව්වොත් සාර්ථක වෙනවා සිකුරුයි..

0 අදහස් Comments::

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-