මනුෂ්‍යත්වය සොයා යමි

Saturday, April 28, 2012

ප්‍රකාශ කල ආදරය


 ඔහු අවසානයේ ඇයට තම ආදරය ප්‍රකාශ කල අතර ඇය එක විටම එය ප්‍රතික්‍ෂේප කලා. නමුත් කිසිම අසතුටින් තොරව නැවතත් මිතුරන් වෙත පැමිණි ඔහුගේ හැසිරීම දැක මිතුරන් පුදුමයට පත්වුණා.

''පුදුමයිනේ මචෝ, උඹට ඒකි බෑ කියලත් උඹ කොහොමද ඔහොම සතුටින් ඉන්නේ?''

එවිට ඔහු මද සිනහවක් මුවඟට නඟා ගනිමින් මෙසේ පැවසුවා...

''ඇයි මම දුක් වෙන්නේ? මට නැති වුනේ මට ආදරේ නොකරන කෙනෙක්. ඒත් එයාට නැති වුනේ එයාට ආදරේ කරන කෙනෙක්''

මේක කියවන ඔබ කවුරුම හරි ආදරෙන් පරාද වෙලා දුක් විඳිනවා නම් සැමවිටම මතක තබා ගන්න, ඔබේ ආදරය විඳින්නට ඔහු හෝ ඇයට පිං මද වූ බව...

A Letter from "Mom n Dad"..

My child,

When I get old, I hope you understand 'n have patience with me
In case I break the plate, or spill soup on the table because I’m losing my eyesight, I hope you don’t yell at me.
Older people are sensitive, always having self pity when you yell.
When my hearing gets worse 'n I can’t hear what you’re saying, I hope you don’t call me ‘Deaf!’
Please repeat what you said or write it down.

I’m sorry, my child.
I’m getting older.
When my knees get weaker, I hope you have the patience to help me get up.
Like how I used to help you while you were little, learning how to walk.
Please bear with me, when I keep repeating myself like a broken record, I hope you just keep listening to me.
Please don’t make fun of me, or get sick of listening to me.

Do you remember when you were little 'n you wanted a balloon? You repeated yourself over 'n over until you get what you wanted.
Please also pardon my smell. I smell like an old person.Please don’t force me to shower.
My body is weak.
Old people get sick easily when they’re cold. I hope I don’t gross you out.

Do you remember when you were little? I used to chase you around because you didn’t want to shower.
I hope you can be patient with me when I’m always cranky. It’s all part of getting old.
You’ll understand when you’re older.
'n if you have spare time, I hope we can talk even for a few minutes.
I’m always all by myself all the time, 'n have no one to talk to.
I know you’re busy with work.
Even if you’re not interested in my stories, please have time for me.

Do you remember when you were little? I used to listen to your stories about your teddy bear.
When the time comes, 'n I get ill 'n bedridden, I hope you have the patience to take care of me.
I’m sorry if I accidentally wet the bed or make a mess.
I hope you have the patience to take care of me during the last few moments of my life.
I’m not going to last much longer, anyway.
When the time of my death comes, I hope you hold my hand 'n give me strength to face death.

& don’t worry..
When I finally meet our creator, I will whisper in his ear to bless you. Because you loved your Mom 'n Dad.
Thank you so much for your care.
We love you. ! ♥



උපුටා ගෑනීම - facebook -  HithataWadinaEka

ආදරණියයන්

මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු.... හැමෝම මෙය කියවිය යුතුයි..
සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2 අතර හිඩැසක් තියෙනවා.නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන්හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.... උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.

ඔහු මෙය දුටුවාම දුකට සහ කුතුහලයට පත උනා. මේ නිවාස අවුරුදු කට කලින් නිමවූ එකක් නිසා සතා එතෙක් කලක් ජිවත් උනේ කොහොමද කියලා ඔහු මවිත උනා.

කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්! එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව..සිදුවිය නොහැක්කක්..!!

ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු..ඔහු මේ සිද්ධියෙන් දුකෙන් ගල් ගැසී ගියා.ඇනයේ සිරවී සිටි සතාට තවත් සතෙකු අවුරුදු 10ක් රැකගත් අයුරු..සිතන්න, අවුරුදු 10ක් නොසිදෙන ෛධර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සහකරු රැකගත් අයුරු..

ඔබට එසේ කරන්න හැකිදැයි සිතන්න..

** "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට......
   
උපුටා ගෑනීම - facebook -  HithataWadinaEka

Monday, April 23, 2012

I wish you enough...‏


Recently I overheard a mother and daughter in their last moments together at the airport. They had announced the departure.

 
Standing near the security gate, they hugged and the mother said, 'I love you and I wish
you enough'.


The daughter replied, 'Mom, our life together has been more than enough. Your love is all I ever needed. I wish you enough, too, Mom'.


They kissed and the daughter left. The mother walked over to the window where I was seated. Standing there I could see she wanted and needed to cry. I tried not to intrude on her privacy but she welcomed me in by asking, 'Did you ever say good-bye to someone knowing it would be forever?'.

Yes, I have,' I replied. 'Forgive me for asking,
But why is this a f orever good-bye?'.

'I am
old and she lives so far away. I have challenges ahead and the reality is - the next trip back will be for my funeral,' she said.

'When you were saying good-bye, I heard you say, 'I wish you enough'.
May I ask what that means?'.

She began to smile. 'That's a wish that has been handed down from other generations. My parents used to say it to everyone'. She paused a moment and looked up as if trying to remember it in detail and she smiled even more. 'When we said , 'I wish you enough
', we were wanting the other person to have a life filled with just enough good things to sustain them'. Then turning toward me, she shared the following as if she were reciting it from memory.

I wish you enough sun to keep your attitude bright no matter how gray the day may appear.

I wish you
enough
rain to appreciate the sun even more.

I wish you enough happiness to keep your spirit alive and everlasting.

I wish you enough pain so that even the smallest of joys in life may appear bigger.

I wish you enough gain to satisfy your wanting.

I wish you enough loss to appreciate all that you possess.

I wish you enough hellos to get you through the final good-bye.

She then began to cry and walked away.

They say it takes a minute to find a special person, an hour to appreciate them, a day to love them but then an entire life to forget them.


TAKE TIME TO LIVE...

To all my friends and 
 
Loved ones, 
I WISH YOU ENOUGH
 

Shoebox Story !!!

A man and woman had been married for more than 60 years.
They had shared everything. They had talked about everything.
They had kept no secrets from each other except that the little
Old woman had a shoe box in the top of her closet that she had
Cautioned her husband never to open or ask her about. 

For all of these years, he had never thought about the box, but
One day the little old woman got very sick and the doctor said
She would not recover.

In trying to sort out their affairs, the little old man took
Down the shoe box and took it to his wife's bedside.
She agreed that it was time that he should know what was
In the box. When he opened it, he found two knitted dolls
And a stack of money totaling $95,000.

He asked her about the contents.

'When we were to be married,' she said, ' my grandmother told me 
The secret of a happy marriage was to never argue.
 She told me that
If I ever got angry with you, I should just keep quiet and knit a doll.'

The little old man was so moved; he had to fight back tears. Only two
Precious dolls were in the box. She had only been angry with him two
Times in all those years of living and loving. He almost burst with
Happiness.

'Honey,' he said, 'that explains the dolls, but what about all of this money?
Where did it come from?'

'Oh,' she said, 'that's the money I made from selling the dolls.' 


Sunday, April 22, 2012

►තරුණ නාවිකයා සහ මහලු පියා◄

ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා.
"මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා" ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා. නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා.
වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා.මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා. තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්.
මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා. තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලාගෙන ඔහුව ධෛර්යවත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රිය පුරාම අවදියෙන් සිටියා. රැය පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නෑ.
රාත්‍රිය පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කරන ආකාරය ඇය දුටුවා. මහලු පියා කිසිවක් කතා නොකල අතර තම තරුණ පුතා අසල ඔහු සැනසීමෙන් තම මරණය ලගා වන තෙක් සිටින ආකාරය පෙනුනා.
පාන්දර යාමයේ මහලු පියා මිය ගියා. මහලු මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ අත සිරුර මතින් තැබූ තරුණයා හෙදිය අසලට ගොස් මේ බව දැනුම් දුන්නා. මරණය සම්බන්ධයෙන් කල යුතු රාජකාරී කටයුතු අවසන් කල හෙදිය තරුණයා අසලට පැමින පියාගේ මරණය පිලිබදව ඇයගේ කණගාටුව පල කලා.
මෙහිදී හෙදියට බාධා කල තරුණයා
"ඒ මිනිසා කවුද?" කියා හෙදියගෙන් විමසුවා.
විශ්මයට පත් වූ ඇය "ඒ ඔබගේ පියා" යැයි පැවසුවා.
"නෑ ඒ මගේ පියා නෙවේ මම ඔහුව මීට පෙර කවදාවත් දැක නෑ" තරුණයා පැවසුවා.
"එහෙනම් ඔබව ඔහුට හදුන්වා දුන් මොහොතේ ඇයි ඔබ ඒ බව ඔහුට නොකීවේ" ඇසුවේ විමතියෙන්.
"මට ඒ මොහොතේම තේරුම් ගියා කුමක් හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව..ඒ සමගම මට පෙනුනා ඒ මහලු මිනිසාට ඒ මොහොතේ තමන් ගේ පුතාව තදින්ම අවශ්‍ය බව,නමුත් ඔහුගේ පුතා ඒ මොහොතේ අසලක නෑ,ඔහුගේ අසාධ්‍ය තත්වය මත මා ඔහුගේ පුතා නොවන බව ඔහුට හදුනා ගැනීමට නොහැකි නිසාත්,ඔහුට ඔහුගේ පුතාව තදින්ම අවශ්‍ය නිසාත් මම ඔහුගේ පුතා ලෙස පෙනී සිටියා"
"මම අද මේ රෝහලට ආවේ විළියම් ග්‍රේ මහත්මයා හොයාගෙන.. ඔහුගේ පුතා යුද්ධයේදී මිය ගියා..මාව එව්වේ ඔහුට ඒ බව දන්වන්න"තරුණයා නොනවත්වා කතා කලා. "මිය ගිය මිනිසාගේ නම මොකද්ද?" අවසානයේ ඔහු ඇසුවා.
හෙදියගේ කදුළින් වැසී ගිය දෙනෙත් ඔහුගේ ප්‍රශ්ණයට උත්තර සැපයූවා. "ඔහුගේ නම විළියම් ග්‍රේ"
ජීවිතයේ කාට හෝ ඔබව අවශ්‍යම මොහොතේ ඔහු අසලින්ම සිටින්න ජීවිතය තරගයක් නොව චාරිකාවක් බව පමනක් සිතට ගන්න.

කළ පවු පළ දේ.....


පි කාටත් තිබහ ඇති වෙනවා.....වතුර ඕනි වෙන්නේ මිනිසුන් වන අපිට පමණක් නොවේ..... ලෝකයේ ජීවත් වන ඕනෑම සතෙකුට බොන්න වතුර ඕනි.....
කවුරු හරි බොන්න වතුර ටිකක් ඉල්ලුවහම තමන් ලඟ තියෙන වතුර ටික හරි දෙන එක අපි කාගෙත් පුරුද්දක්. ඒත් එහෙමවත් නොදෙන අයත් ඒ අතරේ ඉන්නවා.පුංචි කාලේ අපේ ආච්චි කියනවා "පුතේ,කවුරුහරි බොන්න වතුර ටිකක් ඉල්ලුවොත් ඉක්මනට දෙන්න....බෑ කියන්න එපා....මොකද, බොන්න වතුර ඉල්ලපු කෙනෙක්ට වතුර ටිකක් දුන්නේ නැත්නම් එන ආත්මෙ උකුස්සෙක් වෙලා ඉපදෙයි...." කියලා....
ආච්චි එහෙම කියනකොට වතුර බොන්න විදියක් නැතිව උකුස්සා දුක් විඳින හැටි මතක් වෙලා අපිට ගොඩක් බය හිතෙනවා නේද.....
හැබැයි තිබහට වතුර ටිකක් ඉල්ලුවහම නොදුන්නු අයට මේ ආත්මෙදීම වෙන විපාක පෙන්නන මේ වීඩියෝව බැලුවහම ඊටත් වඩා බය හිතෙනවා නේද බලන්න....
බලලා මොකද හිතෙන්නේ කියලා comment එකකුත් දාන්න.....ඒ පවින් යාළුවොත් බේරා ගන්න

Wednesday, April 18, 2012

Everybody can change their personality

පි හැමොටම අපේ කියලා අනන්න‍ය්‍ය තාවයක් තියෙනවා. ඒත් අද සමාජෙ තියෙන පාට පාට ලෝකෙට අපිව ගලපෙන්නැති තැන් ඕනා තරම් තියෙනවා. ඒ තැන් දැනගෙන හෝ නොදැන අපිත් වෙනස් වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒත් ඇත්තටම වෙන්නෙ සමජෙ අපිව නැති කරනවා. සමාජෙට ගැලපෙන රූකඩයක් බිහිකරනවා. ..... 

Story of a Boy, Who Considers himself useless but his Determination and Passion for his Love... Changes EVERYTHING ..!!!!!

Everybody can change their personality. 

..... my buddy comic movie. But its not comic. its talking to our heart

Sunday, April 15, 2012

ආදරය, බොරුව සහ විශ්වාසය

ක දවසක් දෙවි කෙනෙක් ආදරේ කරන යුවලකට පුටුවක් තෑගි කරා.
ඉතිං ඔය පුටුවේ වාඩි වෙලා ඇත්තක් කිව්වොත් කොළ පාට බල්බයක් දැල් වෙනවා. බොරුවක් කිව්වොත් රතු පාට බල්බයක් දැල් වෙනවා.
ඉතිං මුලින්ම පෙම්වතා පුටුවේ වාඩි වුනා...
පෙම්වතිය : ඔයා මට ඇත්තටම ආදරේද?
පෙම්වතා : ඔව්! එහෙම කිව්ව ගමන් රතු බල්බය දැල්වුනා.
පෙම්වතිය : ආහ්, මම හිතන්නේ මොකක් හරි පුටුවේ වැරැද්දක් වගේ.
අපි ආයෙත් try කරමු. කියන්න, ඔයා මට ඇත්තටම ආදරේද?...
පෙම්වතා : ඔව්, සත්තකින්ම. මෙවර කොළ පාට බල්බය දැල්වුනා.
මොකද වුනේ කියලා හිතාගන්න බෑ නේද?
මුල්ම වතාවේ ඇය ආදරේද ඇසුවාම ඔහු ඇත්තටම ඇයට පිළිතුරු දුන්නේ ආදරයකින් නොවෙයි. ඔහු පැවසූ දේ බොරුවක්. නමුත් ඇය රතු බල්බය දැල්වුනාමත් ඔහු කෙරේ දක්වපු විශ්වාසය ඔහුට ඇය කෙරේ ඇත්තටම ආදරයක් ඇති වෙන්න තරම් හේතුවක් වුනා.
ඒ නිසයි දෙවැනි වතාවේ ඔහු පිළිතුරු දුන්නාම කොළ බල්බය දැල්වුනේ.

ඔබත් ආදරය කරන කෙනෙකු නම් 100% අනෙකාව විශ්වාස කරන්න. කිසිවිටෙකත් අනෙකා දෙස සැකයෙන් නොබලන්න. ඔබ 100% ක් විශ්වාසයෙන් ඔහුට හෝ ඇයට ආදරය කරන අතරේදීත් ඔහු හෝ ඇය ඔබට බොරුවක් කලහොත් ඔහුට හෝ ඇයට අනුකම්පා කරන්න. මොකද ඔහු හෝ ඇය යම් දිනෙක ඔබගේ ආදරය නැතිකර ගැනීම ගැන සිතා පසුතැවෙනු ඇත.

තාත්තගේ ආදරණීය උපන්දින තෑග්ග ♥

වුරුදු 12ක පුන්චි දරුවෙක් එක දවසක් උදේ එයගේ තාත්තගෙන්
අහනවා

දුව - තාත්තී මගේ 15 වෙනි උප්න්දිනේ දවසට මොනාද දෙන්නේ

තාත්තා - තව කල් තියනවානේ මෑණික අපි බලමු

ඊට එයාගේ 15 වෙනි උපන්දිනේ ලගම තියෙද්දී දුව හද්සියේ අසනිප වෙනවා
ඉතින් ඒ තාත්තා දෑන ගන්නව දරුවට හදවතේ සිදුරක් තියන නිසා මිය යන බව

මෙක අහලා තාත්තට හුගාක් දුක හිතෙනවා
ඒත් තාත්තා එක පෙන්නනේ නෑ හිනාවෙලා දුව ලගට යනවා
දුව අහනවා තාත්තී එයාලා කියන්නේ මන් මෑරෙනවා කියලද
නෑ දුව ඔයා ජිවත් වෙනවා බලන්න්කෝ
දුගේ තාත්තී නේ කියන්නේ

ඉතින් එයගේ 15 වෙනි උපන්දිනේ දවසේ එයා ඔපරේශන් එකක් කරලා සනිප වෙනවා

එයාට හොදටම හොද වෙනවා

එයාගේ 15 වෙනි උපන්දින තෑග්ග විදිහ්ත පුන්චි ලියුමක් හම්බ වෙනවා

මගේ රත්තරන් චුටි දු... ඔයා දවසක් ඈහුවා නෙද 15 වෙනි උපන්දිනේට ඔයාට මොනාද දෙන්නෙ කියලා මම මගේ මුලු ජිවිතේම ඔයාට දුන්නා මගේ රත්තරන්. හිනවෙලා සතුටෙන් ඉන්න ඔයාගේ තාත්තී ඔයාට හුගාක් ආදරෙයී ...බුදු සරණයී

(ඈත්තටම ඒ තාත්තා එයාගේ දරුවට ඒ තාත්තා හදවත දීලා තිබ්බා)
මතක තියාගන්න තාත්තා කෙනෙක්ට දරුවා වෙනුවෙන් දෙන්න බෑරි දෙයක් නෑ

තාත්තගේ ආදරේ ඒ තරම් ආදරණියයී

මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේතු

චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාස නොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි...
මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු...
 
මහපට ඇගිල්ල - තම දෙමව්පියන්
දෙවන ඇගිල්ල - සහොදර සහෝදරියන්
මැද ගිල්ල - තමා පිලිබදව
සිව්වන ඇගිල්ල - ඔබේ සහකරු හෝ සහකාරිය
පස්වන ඇගිල්ල - දුදරුවන්
මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේතුව පිලිබදව ඔබට සිතුනාද?

මුලින්ම ඔබේ දෑත් රුපයේ දක්වා ඇති පරිදි එකතු කර, ඇගිලි දක්වා ඇති දිශාවන්ට තබා ගන්න..(මෙහිදි මැද ගිල්ල නමා එකතු කර තමා දෙසට වන්නටද,සිව්වැනි ඇගිල්ල ඉදිරියට කර අගින් ස්පර්ශ වන ලෙසද තබා ඇත.)

දැන් ක්‍රියාකාරකම ආරම්බ කල හැකිය....

මෙහිදි ඔබ පහත සදහන් උපදෙස් ඇගිලි 5ටම භාවිතා කල යුතු අතර ඔබට එක වරකට වෙන්කල හැක්කේ එක් ඇගිල්ලක් පමණි..

මුලින්ම ඔබ එක්ව තබා සිටින මහපට ඇගිල්ල වෙන් කිරිමට උත්සාහ ගන්න ( අනෙක් ඇගිලි එලෙසම තිබෙන විටදී)- එසේ කිරීමට හැකිබව තහවුරුවෙවි..

මහපට ඇගිල්ල තම දෙමාපියන් වැනිය. ඔවුන් අපව ඇති දැඩි කරති,රුක බලා ගනිති අප සමගම ජිවත් වෙති. නමුත් වයසට යත්ම ඔවුන් කවර හෝ දිනක අප හැරදා යනු ඇත...


දැන් මහපට ඇගිල්ල නැවත එකතු කර,දෙවන ඇගිල්ල වෙන් කරන්න...එයද කල හැකි බව පෙනේවි..

දෙවන ඇගිල්ල තම සහෝදර සහෝදරියන් වැනිය. ඔවුන් කුඩාකල සිට අප සමග ඇති දැඩි වුවත්, මුහුකුරා යත්ම තමාගේම පවුල් ජීවිත ගොඩනගා ගත් පසු අප හැරයනු ලබයි...

දැන් ඔබේ සුලගිල්ල විවෘත කර බලන්න. එයද අනෙක් ඇගිලි එලෙසම තිබියදි ඔබට කල හැක..


සුලැගිල්ලෙන් තම දරුවන් ගැන කිය වෙන අතර, ඔවුන්ද ලොකු මහත්වී වැඩුනු පසු තමාගේම කියා ජීවිතයක් සොයමින් අප අතහැර යයි..

දැන් ඔබේ සිව්වැනි ඇගිල්ල විවෘත කිරීමට උත්සාහ ගන්න. එය කෙසේවත් සිදුකල නොහැකි බව ඔබට පෙනේවි..

එය ඔබේ සහකරු හෝ සහකාරිය වැනිය. විවාහ වු පසු ජිවිතයේ සෑම අවස්ථාවකම ඔහු හෝ ඇය ඔබ අසලම සිටී. ඔබේ සියලු කට යුතු සොයා බලයි. ඔබේ දුක සැප සමව බෙදා ගනිති.සෑබැ ආදරය නම් එයයි. එකිනෙකා වෙනු වෙන් ජිවත් විමයි.. එය සිහිවිම පිණිස මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට දමනු ලැබේ...

Small Story + පුoචි කතාවක්

♥♥♥♥ " A BOY HAD CANCER AND HE HAD ONE MONTH TO LIVE. HE LOVING A GIRL WHO WORKING IN CD SHOP. BUT HE DID NOT TELL HER ABOUT HIS LOVE. EVERYDAY HE WENT TO CD SHOP AND BOUGHT A CD ONLY TO TALK TO HER. AFTER A MONTH HE DIED. WHEN THE GIRL WENT TO HIS HOME AND ASKED ABOUT HIM. HIS MOM TOLD THAT HE DIED AND TOOK HER TO HIS ROOM.......SHE SAW ALL THE CDS UNOPENED.....THE GIRL CRIED AND FINALY SHE LIVED ALONE HER LIFE TIME.........

**U know y she cried? Bcoz she had kept her own love letters inside the CD pack. She also loves him.... **

## Moral of the story :- if u love someone....... tell him/her directly dont wait for desting to play the role....... " ♥♥♥♥

  ක පිරිමි ලමයෙක් උන්නා එයාට මොලේ පිලිකාවක් හෑදිලා තිබ්බේ
ඒ ලමයා මාසෙකින් මෑරෙන බවට දොස්තර මහතා කියලා තිබුනා
ඉතින් ඒ පිරිමි ලමයා ආදරේ කරපු ගෑනු ලමයා වෑඩ කලේ CD විකුනන තෑනක
ඉතින් මේ පිරිමි ලමයා හෑමදාම අර කඩෙට ගිහින් CD එකක් අරගන්නවා
ඒ අර ගෑනු ලමයා දකින්න කතා කරන්න තියන ආසවට
ඒත් කවදාවත් ඒ කොල්ලා ආදරේ කියලා එයාට කිවේ නෑ
මාසෙකට පස්සේ ඒ පිරිමි ලමයා මෑරෙනවා
මේ ගෑනූ ලමයා පිරිමි ලමයා දකින්න නෑතී නිසා එයාගේ ගෙදරට හොයන් යනවා
ඒ ලමයගේ අම්මා ඒ ගෑනු ලමයට ඒ කොල්ලගේ කාමරේ පෙන්නනවා
එයාගෙන් ගත්ත හෑම CD එකක්ම ඒ කමරේ තිබ්බ හෑබෑයී
ඒවා කවරෙන් වත් එලියට ඈරන් තිබ්බේ නෑ
............ඒ ගෑනු ලමයා හුගාක් දුකෙන් ජීවිත කාලෙම තනිකඩව හිටියා. 
ඈත්තටම වෙලා තිබ්බේ ඒ ගෑනූ ලමයා ඒ CD ඈතුලේ තමාගේ ආදරේ පිලිබද කියලා
ලියුම් කීපයක් දාල තිබ්බා ඒත් ඒ කොල්ලා එක දෑනගෙන උන්නේ නෑති නිසා
ඒ CD බෑලුවේ නෑ

හිතන්න

[ඔබට කෙනෙකුට ආදරේ කීමට ඈත්නම් එය කෙලින්ම පවසන්න නෑතිනම් සදාකල් දුක් විදින්නට වෙනු ඈත]

වීරය ඔබයි විරුවනේ.

පුලුවන්තරං වෙලා කෑම්ප්1 අල්ලගෙන්න ඉන්න කොල්ලනේ."
ඒ මේජර් කරුණාරත්න නායකයගේ හඩයි.
මද වේලාවකින්......
සර් උන්ගෙ 600ක් විතර අපිව හතර වටෙන්ම වට කරල. අපිට පතුරන් හිතන
තරම් නෑ සර් දිගටම අල්ලගෙන ඉන්න, මොනව ඒ කියන්නෙ අපෙ කොල්ලො දෙතුන් සීයක් නිකම්ම මැරෙනව කියලද කියන්නෙ ???? ඒ මේජර් කරුණාරත්න විරුවාණන් කරකිය ගත නොහැකිව සිටි ඒ අවස්තාවේ, එහි එක් පසෙක සිටියෙ අපෙ අභීත රණවිරුවායි.

දැයේ පිනට ලක්මව අපිට දායද කල, කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවායි.

ගත වූයේ නිමේශයකි....
සර් සර්.. ටෙරාල අමුතු ට්‍රක්1ක් අරන් එනව, අපි ගැහුව හරි ගියෙ නෑ, ගස් වැල් කඩාගෙන ඉදිරියට අදුනු අමුතු පන්නයෙ ත්‍රස්ත රතය මොහොතකින් යුධ හමුදා කෑම්ප් එකෙහි ගේට්ටු ගඩාගෙන ඉදිරියට ඇදෙන විට අපේ විරුවන් වෙඩි වැදී තැන තැන වැටුනාහය,

"මෙය කෙසේ විස්තර කරමිද මා, ලක් මෑණියන්ගේ වීරයා මොහොතකින් නෑගී සිටී, වෙඩි වරුසා පිට වෙඩි උන්ඩ පතිත වෙන භූමිය බලාගත් ඔහු, "සර් අපේ කට්ටිය උන් ඔක්කොම මරයි සර්, අර ට්‍රක්1ට වෙඩි වදින් නෑ, සර් ඒක මම බලා ගන්නන්, සර් කෑම්ප් 1 ටෙරාට නොදී අල්ලගන්න සර් එයාර් ෆොර්ස් 1 එනකන්", ඒ අහිත රණ හඩ ලක් මව් ඇසූ අවසන් අවස්ථාවයි ඒ." අත් බෝම්බ 2ක් අතට ගත් ඔහු,
මව්බිම වෙනුවෙන් යුධ ටැංකිය දෙසට දිව යයි.ගාමිණී එපා යයි සහෝදර විරුවන් කෑ ගසද්දී, පපුවට වැදුනු වෙඩි පහරද නොතකා යුධ ටැංකියට නගියි. ---
ඒ නිමේශය මා කෙසේ ඔබට පවසම්ද මිතුරනේ....
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියයුනා....
සිංහල තව පුන්චි පුතෙක් ලක් මෑණිට නැති උනා....

මගේ වීරය ඔබයි විරුවනේ. ඔබ අපිට රැක දුන් රට අපි කිසි දිනෙක පාවා නොදෙමි.

මා දන්නා පමණින්, හසලක ගාමිණී විරුවාගේ ස්මාරකය ලගින් යන මිනිසුන් අසුනින් නැගිට ඔහුට ආචාර කරනවාලු.
ඔහු සදා අමරණීයයි ලක් පුතුනෙ!

ඔහුගේ ආඩම්බර කාර වීර මෑණියන් තවමත් අපි සමගයි.
ඒ මවගේ ආඩම්බරය කිසි දිනෙක සදා නොමියේවා!

Thursday, April 12, 2012

අවංක සහ වංක ආදරය ♥ Love

අවංක ආදරය ♥ Real Love අඩන්න දුක් වෙන්න, ජීවිතේ දෙන්න තමන්ගේ ජීවන සහකරු මේ නම්.  
වංක ආදරය / Deceitful Love kiss song girl, kolavari song boy මේ දෙන්නම ආදරේ වෙනුවෙන් දුක් වෙනවා, අඩනවා.. ජීවිතේ විදවනවා. ඔයාලම හිතලා බලන්න, අඩන්න ඕනා කවුරු වෙනුවෙන්ද කියලා. මම දන්නෙ නෑ ඇයි සමහර මිනිස්සු තවත් මනුස්සයෙක්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ කියල. ඒත් අනේ අදරේ තේරුමවත් හරිහැටි නොදැන දුවන්නන් වාලේ දුවන මනුස්සයෙක් වෙනුවෙන් එක කදුලක්වත් හෙලන්න එපා. අපි හැමොම ඉපදෙනවා, මැරෙනවා. කිසිම භව්තික දෙවල් මැරෙද්දි අරන් යන්නෑ. ඒත් අවoකව ආදරයෙන් එකතු වෙන බැදීමක් ආත්මෙන් ආත්මෙට පතාගෙන ගෙනියනවා. අපි ගෙනියන්නෙ කරපු කියපු දේවල් විතරයි. ඒක මතක තියාගෙන ජීවත් වෙන්න. ජීවිතේට කරගන්න ලොකුම පින එච්චරයි.

 Kolaveri Di ගීතයේ තේරුම දන්නවද?

කාලෙන් කාලෙ‍ට හමා බසින රැළි අතරෙ කොලවරි රැල්ල හමන්නට වුණා. මේක ලංකාවෙත් ජනප්‍රිය වූ තරම කිව්වොත් විවිධ නාලිකා පවා මෙය අනුකරණය කරමින් තේරැමක් නැති වචන යොදා ගී නිර්මාණය කරා. බීල කියපු තේරැමක් නැති වචන සෙට් එකක් කියල අවබෝධයක් නැතුව හිතුවට පොඩ්ඩක් අපි මෙහෙම හිතල බලමුද???

කොලවරි කියන්නෙ දෙමළ බසින් මිනීමරැ ආවේගය.

Why This Kolaveri Kolaveri Kolaveri di???

තරැණයෙක් එහෙම අහනවා. ඇයි? ඔහුගෙ පෙම්වතිය ඔහුව අමතක කරල. කොල්ලා මේක දරැණු වැඩක් විදියට දකිනවා. ඌට මේකට අම්බානක තදවෙනවා. ආවේගයක් ඇතිවෙනවා.

Why This Kolavari Kolavari Kolaveri di???

කෙල්ලෙ ඇයි මේ තරම් දරැණු ආවේගයක්. මේ ආදර ගීතය විරහවින් ඔබ්බට ගිහින්.

Distancela Moon nu Moon un
Moon un Colour ru White tu

ඩෝප් එකෙන් කියන මේකෙ තේරැම ඈත හද තියෙනවා. හදේ වර්ණය සුදුයි. මෙතනදි විශ්ව සත්‍යයක් පද රචකයා අපට කියනවා. මිනිස් ස්වභාවය ගැන.

White tu Background nighter to night tu
night to Colour ru black ku

ඒ කියාපු සුදු හඳේ තියෙන වර්ණය සුදු වුණාට සුදු හඳ තියෙන රාත්‍රියේ වර්ණය කලුයි. ඇයි මේ තරම් දරුණු ආවේගයක් කෙල්ලෙ?
හඳ සුදුයි. ලස්සනයි. ඒත් ඒ හඳ තියෙන පසුබිම කලුයි. කලු රාත්‍රියෙදි තමයි සුදු හඳ මතුවන්නෙ.

Whitu Skin nu Girl lu Girl lu
Girl lu Heart to Black lu

සුදු හම තියෙන කෙල්ලෙක් ඉන්නවා. ඒත් ඒ කෙල්ලගෙ හදවත කලුයි.

කලුම කලු රාත්‍රිය නිසා සුද හඳ අපිට පෙනුනට අර කෙල්ලගෙ සුදු හින්දා ඇයගෙ කලු හදවත අපිට දකින්නට බැරි වෙනවා. එත් ඔහු ඒ කලු හදවත දැකල තියෙන්නෙ ප්‍රමාද වෙලයි. ඕක ඔහුට පුදුමයි. ඔහු එය පුදුමයක් නොවන බව සොබාවය දිහා බලල තේරුම් ගන්නවා. ප්‍රතිවිරැද්ධ කාරණා අපූරැ ලෙස කළ ගැලපීමක්. යින් යැංග් ලාංඡනය වගේ. ආසියානු දාර්ශනිකත්වය තුළ සුදු හා කලු අතර තිබෙන අන්‍යෝන්‍ය සබදතාව එයින් කියැවෙනවා.

Eyes su eyesu Met tu meet to... My yu future dark ru dark ku
Oh....Why this Kolavery di?

නෙතට නෙතක් මුණ ගැසුණා. ඒකෙං වුණේ මගේ අනාගතය අදුරැ වුණු එකයි. ඇයි මෙතරම් රිදුම් දෙන්නෙ? ඊට පස්සෙ කොල්ලා බොන්න ගන්නවා දුකට.

Hand la glass su
Glass li Scotch chu
Eyes su Full la Tear ru

අතේ තියෙන වීදුරැවෙ විස්කි පිරී ඇත. ඒ වගේම දෑසේ කදුලු පිරී ඇත.

Empty life fu Girl lu come mu
Life fu reverse su gear ru

හිස් ජීවිතයක් වෙතට කෙල්ලක් පැමිණ, ජීවිතය ආපස්සට හැරවුණා.

Love vu love vu
Oh my lovu
U Showed me bow wu..

ආදරය ආදරය, ඔබ මගේ ආදරය. ඔබ මගෙන් සමුගත්තා. පසුව ඔහු දෙවියන් අමතමින් කියයි. මෙහි දෙවියන් Cow ලෙස හැගවේ. හින්දු ආගමේ ගවයා දෙවියෙක් සේ සළකයි.

Cow wu Cow wu holy Cow wu
I want you hear no wu
God I am dying now wu
She is Happy how wu

උතුම් දෙවියනි. මා දැන් මියෙන්ටයි සූදානම. ඒත් ඇය සතුටින් සිටින්නේ කොහොමද?

පැත්තක ඉදන් හිතල බැලුවාම මේක මහා ගීතයක්. ඔබත් හිතල බලන්න.

පරිත්‍යාගය

මං එදා උදේ බස් එකට නැග්ගෙ, අම්මාව බලන්න ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන. මගේ අතේ අම්මාට උදේට කන්න ගෙනියන්න ඉඳිආප්ප පාර්සලයකුයි, කිරිහොදි දාපු භාජනේකුයි තිබුණා. පාන්දර 5 ට කොළඹ යන බස් එකේ මට වාඩිවෙන්න සීට් එකක් ලැබුණා. අම්මාගේ කෑම එක ඉහිරෙන්නෙ නැතුව පරිස්සමට ගෙනියන්න සීට් එකක් ලැබුණු එක ලොකු දෙයක්.
කහතුඩුවේ හන්දියේ බස් එක නතර කළා. දරුවෙක් ලැඛෙන්න හිටපු ගෑණු ළමයෙකුයි, එයාගේ මහත්තයායි බස් එකට නැග්ගෙ ඒ වෙලාවේ. මම ඉක්මනට නැගිටලා වාඩිවෙන්න ඉඩ දුන්නා. බඩදරු අම්මා කෙනෙකුට මගේ අතේ තිබුණු කෑම පාර්සලේවත් දීලා බරක් වෙන්න මගෙ හිත ඉඩ දුන්නේ නෑ. බස් එක පුදුම වේගෙන් කොළඹට ගියේ. සෙනගත් එන්න එන්නම වැඩිවුණා. කෑම පාර්සලය එහෙට මෙහෙට වේගෙන් පැද්දුණා.
 පිළියන්දලදී, අර ගෑණු ළමයාට එහා පැත්තේ හිටපු මනුස්සයා බැස්සා. මම එතනින් වාඩිවෙන්න හදනකොටම ඒ ගෑනු ළමයා මට කිව්වා, "මෙතන මගේ හස්බන්ඩ්ට ඉඳගන්න ඉඩ දෙනවාද?" කියලා මම නිහඩ වුණා... එයාගේ හස්බන්ඩ් ඇවිත් සීට් එකෙන් ඉඳගත්තා. මම කෑම එකත් අතේ තියාගෙන තාම හිටගෙන. බස් එක විදුලි වේගෙන් ආපු හින්දා 5.50 වෙනකොට ටවුන් හෝල් වලින් බැහැගන්න පුළුවන් වුණා. මම පුළුවන් තරම් ඉක්මනට අම්මාව බලන්න ඉස්පිරිතාලෙට ගියා.
මං කෑම එක ගේනකම් අම්මා බලාගෙන ඉන්නේ. මම වාට්ටුවට ගිහින් අම්මාගෙ ඉස්සරහ කෑම එක දිග ඇරියා. අනේ දෙයියනේ කිරිහොදි ටික ඔක්කොම ඉහිරිලා. අමාරුවෙන් ඉඳිආප්ප ටික විතරක් එළියට ගත්තා. ඒත් හොදි නැතුව ඉඳිආප්ප විතරක් අම්මාට කන්න දෙන්නෙ කොහොමද? අම්මා කවදාවත් කඩේ කෑම කන්නේ නෑ.
අම්මා මං දිහා බලලා, ඇස් පුංචි කරලා ආදරෙන් හිනා වුණා.
 "කමක් නෑ මගේ පුතේ, මං ඉදිආප්ප ටික නිකම් කන්නම්" ඒ වෙලාවේ මට ඇතිවුණු හැඟීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මේ ලොකේ හැම අම්මා කෙනෙක් ගැනම මගේ හිතේ තිබුණේ පුදුමාකාර ගෞරවනීය හැඟීමක්. උදේ බස් එකේදී සිද්ධවුණු සිද්ධියද මේ හැමදේටම මුල කියලා මට හිතුණා.

 මේ වගේ දේවල්වලට මහමගදී ඔබත් මුණදීලා ඇති. ඔබේ පරිත්‍යාගශීලිභාවය කෙනෙකුට ලොකු පිහිටක් වෙන්න පුළුවන්. ඒත් තවත් වෙලාවක ඔබටම කරදරයක් වෙන්නත් පුළුවන්. ඔබට මොකද හිතෙන්නේ?

The Red Light | රතු එළිය

ය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්... ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා.
"ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන"

දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා.

"ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.”

මෙහෙම දිගටම පාඩම විස්තර කරගෙන යනකොට ගුරුතුමියට හිතුනා ළමයින්ට කම්මැලි වගේ කියල. ගුරුතුමිය ටිකක් පාඩම වෙනස්කළා.

"හරි, හොඳ ළමයි වගේ දැන් මට කියන්න රතු එළිය වැටිල තියෙනවට අකමැති ළමයි කවුද කියල. ආ එහෙනම් අත උස්සන්නකො බලන්න”

Traffic lights වල රතු එළිය වැටී ඇතිවිට ළමුන් පමණක් නොවෙයි කවුරු වුනත් අකමැති බව දැන දැනත් ගුරුතුමිය ඒ ප්‍රශ්නය ඇහුවේ ළමයින්ගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නයි.

පන්තියේ සියළුම ළමුන් එකහෙළා අත් උඩට ඔසවාගෙන සිටි නමුත් දෙවැනි පේළියේ අවසානයේ ඉඳගෙන හිටිය සුපුන් අත් උස්සන්නේ නැතිව බිම බලාගෙනම ඉන්නවා ගුරුතුමිය දැක්කෙ ටිකක් වෙළා ගිහිල්ලා. ගුරුතුමියට ටිකක් පුදුම හිතිල සුපුන්ට කතා කළා.

"සුපුන්, පුතේ ඔයා ඇයි අත් උස්සන්නෙ නැත්තේ? ඇයි ඔයා traffic lights එකේ ඉන්න ආසයි ද?”

ළමයි හිනා වුනා.

සුපුන් තාමත් බිම බලාගෙන වමි කකුලේ දාල තිබුණු කැඩිච්ච සපත්තුවෙන් එළියට පැනපු ඇඟිල්ලෙන් සිමෙන්ති පෙළොවේ කුරුටු බලි ඇන්දා.

"පුතේ උත්තරයක් දෙන්න... කියල තියෙනවනේ ගුරුවරු ප්‍රශ්නයක් ඇහුවම කථාකරන්න ඕන කියලා”

ගුරුතුමියගේ හඬ සුපුන්ට ඇහුනේ දෝංකාර දෙන ගමන්. හිමීට ඔලූව උස්සල පුටුවෙන් නැගිටපු සුපුන් ''ටීචර් මම රතුපාටට හරිම ආසයි. ඒකයි මම රතු එළිය වැටිල තියෙනවට කැමති” කියලා ගුරුතුමියගෙ මූණ බලන්නෙත් නැතුව අහක බලාගෙන උත්තරයක් දීලා වාඩි වුනා. අහිංසක වගේම චිත්‍ර ඇඳීමෙහි දක්ෂයෙක් වූ සුපුන් අතින් සිත්තම් වුණු එකම චිත්‍රයකවත් රතුපාට අහලකවත් යොදාගෙන නැතිබව හොඳින්ම දැනසිටින ගුරුතුමියට සුපුන් මේ කිවුවේ ඇත්තක් නොවන බව ක‍ෂණිකව වැටහුණා.
ර්‍
"බොහොම හොඳයි පුතා. තමන් කැමතිදේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ සුපුන්ගෙ කැමැත්ත”

පාසල ඇරුණා... ළමයි ඔක්කොම ගෙවල් වලට යන්න ලහි ලහියේ පිටත්වුණා.

''සුපුන් පොඩ්ඩක් ඉන්න පුතේ”

ගුරුතුමිය සුපුන්ව නවත්ත ගත්තා. ළමයි ඔක්කොම යනකන් ඉඳලා ගුරුතුමිය සුපුන්ගෙන් මෙහෙම ඇහුවා.

''පුතේ ඇයි ඔයා ඒ වෙලාවෙ බොරු කිවුවේ? ඔයා රතුපාටට ආස කෙනෙක් නෙවෙයි. ඇයි ඔයා රතු එළියට කැමති? මට ඇත්ත කියන්න පුතේ... ”


සුපුන් ටික වෙළාවක් බිම බලාගෙනම කල්පනා කළා. ටික වෙලාවකින් බිම බලාගෙනම එකදිගට මෙහෙම කියාගෙන ගියේ ඉකි ගහන ගමන්.

"ටිචර්, අපේ තාත්ත traffic lights තියෙන තැන්වල නවත්තන වාහන වලට හඳුන්කූරු විකුණල තමයි අපිට කන්න දෙන්නෙ... කොළ එළිය වැටුණු ගමන් තාත්තගෙන් හඳුන්කූරු ගන්නෙ නැතුව වේගයෙන් යන වාහන දිහා අපේ තාත්ත හරිම දුකෙන් බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා... මට ඒ වෙලාවෙ තාත්තගෙ මූණ මතක්වුණා... රතු එළිය වැටිල තියෙනවට මම ආස එකයි ටීචර්...”
නිමි.

සැණකෙළියේදී හමුවූ අමුත්තා...

සැණකෙළියක් බලන්න පුංචි පවුලක් ඇවිත් හිටියා. එතන හිටියෙ අම්මයි තාත්තයි දුවයි පුතයි. බැලූ බැල්මට බොහොම අමාරුවෛන් එදා වේල හොයාගෙන ජීවිතය ගැට ගහ ගන්න උත්සාහ කරන පවුලක්. කාලෙකට පස්සෙ තමන්වයි දරු දෙන්නවයි එක්කරගෙන ස්වාමියා ආපු මේ ගමන ගැන බිරිඳ තුළ තිබුණේ ලොකු සතුටක් වගේම කියාගන්න බැරි ආදරයක්. පුංචි දරු දෙන්නටත් මේ ආපු ගමන ගැන අදහගන්න බැරිවෙලා. තමන්ගෙ තාත්තා දිහා බැලූවෙ වීරයෙක් දිහා බලනව වගේ. ඔන්න ඉතිං මේ පුංචි පවුලත් ආසාවෙන් මාරක ළිඳේ වික්‍රමය බලන්න කියලා ඒ පෝලිමට එක්වුණා. පුංචි හිත්වලට නම් එක එක ප්‍රශ්න.මොකක්ද මාරක ළිඳ කියන්නෙ? ඒකෙ මොනවද වෙන්නෙ? කවුද ඒකේ ඉන්නෙ? දාහක් ප්‍රශ්නග. ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න තාත්තට සිද්ධ වුණා. පෝලිම ටික ටික ඉස්සරහට ගියා. දැන් ටිකටි ගන්න වාරෙ. හතර දෙනාගෙම ටිකටිවල ගාන එකතු කරලා කවුන්ටරේ හිටපු ඉලන්දාරියා ගාන කිව්වා.
”රුපියල් තුන්සීයයි”
”රුපියල් තුන්සීයක්?” තාත්තගෙ ඇස් උඩ ගියාග මුහුණ අඳුරු වුණා. එච්චර ගානක් වෙයි කියලා ඔහු නිකමටවත් හිතන්නෙ නැතුව ඇති. ටිකටි ගන්න කියලා කළිසම් සාක්කුවෙන් එළියට ගත්ත රුපියල් සීය අතටම ගුලිකරගෙන ඔහු අසරණ කමින් බිරිඳ දිහා බැලූවා.
ඔය අතරෙ මේ පෝලිමේ මේ පවුලට පිටිපස්සෙන් හිටපු පුද්ගලයා වෙච්ච හැමදෙයක්ම හොඳට බලාගෙන හිටියා. එයා කවුද කියන්න මංවත් දන්නෙ නෑ. අපි එයාට 'හිතවතෙක්' කියමුකො. වෙච්ච හැම දේ ගැනම ඔහුට හොඳට තේරුණා. හොඳට ඇහුණා. ඒ වෙලාවෙ අපේ හිතවතාට හොඳ අදහසක් පහළ වුණා. ඔහු ටිකටි ගන්න ගමන් ළඟ තිබ්බ සල්ලි ටික ගුලි කරලා බිමට දැමිමා.
”මහත්තයා මේ ඔයාගෙ සල්ලි වගයක් බිම වැටිලා”
අපේ හිතවතා බිමට දැම්ම සල්ලි ටිකල අර අසරණවෙච්ච තාත්තට පෙන්නලා සල්ලි ටික ඇහිඳලා ඒ තාත්තගෙ අතට දුන්නා. ටිකට් ගන්න සල්ලි මදිවෙලා අසරණ කමින් බලාගෙන හිටපු තාත්තා මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවයි හිටියෙ.
කොහොමහරි ටිකට් හතර අරගෙන කට්ටියම ඇතුල්වුණා. මොහොතකට අර තාත්ත හැරිලා පෝලිමේ පිටිපස්ස බැලූවා. අපේ හිතවතා පෝලිමේ හිටියෙ නෑ. ඔහුට කාරණේ වැටහෙන්න ගත්තෙ දැනුයි. හතර වටේ දුවපු ඔහුගේ ඇස් සැණකෙලියේ හිටපු පිරිස් අතරින් ඈතට යන අපේ හිතවතාව දැක්කා.
”ස්තුතියි... බොහොම ස්තුතියි” ඔහු හිතින් මිමිනුවා..

Wednesday, April 4, 2012

බඹා කෙටූ හෑටි

ක දුප්පත් ගමි ගනු ළමයෙක් හිටියා. ඈ හරිම දුප්පත්. අම්මා තාත්තා පවා නෑ. ඉතින් මේ ගෑනු ළමයා හෑමදාම ගමේ දේවාලයට ගිහින් දෙවියන්ගෙන් එක දෙයක් ඉල්ලනවා. 
මේ දුප්පත් ගෑනු ළමයා හෑමදාම ඉල්ලුවේ එයාව සරණ පාවා ගන්න කුමාරයෙක් එවන්න කියලයි. ඉතින් දෙවියන්ට මේ පිරිසිදුව කරන කණ්නලව්ව ඈහුණා. එක දවසක් ඈය දේවාලයේ ඉදලා ගෙදර එද්දි කුමාරයෙක් ඈවිත් උන්නා. මේ දුප්පත් ගෑනු ළමයාට හරිම පුදුමයි. ඒ වගේම සතුටුයි. කුමරයා ලගට ඈවිත් ඈහුවා මාව බදින්න කෑමතිද කියලා. ගෑමි කෙල්ල ඔව් කිව්වා.. කුමරයා ඈයව මාලිගාවට එක්කන් ගිහින් කුමරියක් වගේ සරණ පාවා ගත්තා.. 
එත් හෑමදාම කුමරයා කුමරිකාව ලග නෑ. කුමරයා ඉන්නේ ඔහුගේ පෙම්වතියන් එක්ක අන්තoපුරයේ. යුවතියට මේ ජීවිතය එපාම උනා. ඈය අයෙත් ඈගේ දුප්පත් පෑළට අවා. 
ටික දවසකින් ඈය අයෙත් දෙවියන් ළගට ගිහින් දුප්පත් ගෑමි කොල්ලෙක්ව ඉල්ලලා කන්නලව් කළා. හරියටම මස තුනකින් දෙවියන් දුප්පත් කොල්ලෙක් එව්වා. කෙල්ලට හරිම සතුටුයි. දෑන් දෙන්නා පුoචි ගෙදර ජීවත් වෙනවා. එත් මේ කොල්ලා ගෙදර එන්නෙ හොදටම බීගෙන. ඈවිත් කෙල්ලටත් ගහලා නිදා ගන්නවා. අයෙත් උදේ එලියට යනවා. හවසට බීලා ගෙදර එනවා. දවසක් කොල්ලා බීලා ඈවිත් කෙල්ලට ගහලා එලියට දෑම්මා.
 අනේ අයෙත් මේ දුප්පත් කෙල්ල දෙවියන් ළගට ආවා.. ඒ කුමාරයෙක්වත් කොල්ලෙක්වත් ඉල්ලන්න නෙවේයි. ඈයි දෙවියන් මට මෙහෙම අයම එව්වෙ කියලා අහන්න. මාස තුනකට පස්සෙ එක දවසක් දෙවියන් මේ ගෑණු ළමයා ඉදිරියේ පෙනී සිටියා. 
"ඈයි මට මෙහෙම ගෑළපෙන්නේ නෑති කුමාරවරු කොල්ලෝ එව්වේ..." 

 "මම දුන්නේ ඔබ ඉල්ලුව දේ... කුමාරයෙක් ඉල්ලුවා. මම දුන්නා. පස්සේ ඈවිත් දුප්පත් කොල්ලෙක් ඉල්ලුවා. මම දුන්නා.
 " එත් ඒ එක්කෙනෙක්වත් මට ආදරේ කලේ නෑනේ. ....." 
 "පුදුම වෙන්නෙ දෙයක් නෑනේ..ඔබ ඔබට මවපු කෙනාව මගෙන් ඉල්ලුවේ නෑනේ දියණිය. ඔබ එහෙම ඉල්ලුවානම් ඔබටම කියලා මවලා තිබුන කෙනාව මම එවනවා"
 දෑන් මට දෙන්න මටම මවපු කෙනාව. 
දෑනටමත් මම එයාව එවල තියෙන්නේ. උදේට ඔබට කිරි අරන් එන කිරි ගෙදර කොල්ලා තමයි මම ඔබටම මෑව්වෙ. යන්න එයාව හම්බවෙන්න. 
කිරි ගෙදර කිරි බණ්ඩගෙ පුතා සුදු බණ්ඩයි කෙල්ලයි පස්සෙ හරි සතුටින් ජීවත් උනා. දෙවියන්ගෙන් ඉල්ලන්න ඔනා එයා ඔයාට මවපු කෙනා මිසක් වෙන කෙනෙක් නෙවේ. එක තමා ඔයගේ සoසාර ගෑටේ.

Tuesday, April 3, 2012

ගල් සුප්

සර ගණනාවකට ඉහත දිනක් චීනයේ කුඩා ගම්මානයකට පැමිනියේ වසර ගණනාවක් පැවති සටනකට සහභාගී වී සාගින්නෙන් සහ පිපාසයෙන් පෙලෙමින් උන් සොල්දාදුවන් තිදෙනෙකි. වසර ගණනාවක් තිස්සේ පැවති සටන් නිසාත් දැඩි නියගය නිසාත් ඉතා සුළු අස්වැන්නකට පමනක් හිමිකම් කියූ ගම්වැසියන් ඔවුන් සතුව තිබූ ආහාර සියල්ල සොල්දාදුවන් ගේ පැමිනීමත් සමගම සැගවූහ..
ගම්මානය මධ්‍යයේ තිබූ එලිමහන් භූමියේදී සොල්දාදුවන් තිදෙනා හමුවූ ගම්වැසියන් තම දුක් ගැනවිලි සොල්දාදුවන්ට පවසා ඔවුන්ට ආහාර සදහා දීමට යමක් නොමැති වීම ගැන අතිශයින් කණගාටු වන බව පැවසූහ. සොල්දාදුවන් කලබල වූයේ නැත,ඔවුන් ගමේ වැඩිහිටියන් වෙත තම අදහස් දැක්වූ පලමු සොල්දාදුවා මෙසේ පැවසීය
"ඔව් අපට පේනවා නියගයත් යුද්ධයත් නිසා ඔබේ වගාවන් සියල්ල පාලු වී ඇති බව,ඒ නිසා අපට දීමට කිසිවක් ඔබ සතුව නැති බවත් අපට වැටහෙනවා,ඒ නිසා අප සතුව ඇති දේ අප ඔබට ලබා දෙන්නම්,ඒ ගල් වලින් රසවත් සුප් එකක් සාදා ගන්නා රහස් වට්ටෝරුවක්"
ගම් වැසියන් විශ්මයට පත් වූ අතර මුහුනු කුතුහලයෙන් බර විය. විශාල ලිපක් සෑදූ ඔවුන් ඒ මතින් ඔවුන් සතුව තිබූ විශාලම කල්දේරම තැබූහ.. එයට ඇති පදමට වතුර දැමූ පසු සුදු පැහැති වටකුරු ගල් තුනක් තම ගමන් මළු තුලින් ගත් සොල්දාදුවන් ඒවා කල්දේරම තුලට දැමූහ..
"තව මොහොතකින් මෙයින් රසවත් සුප් එකක් පිලියෙල කර ගන්න අපට පුලුවන්" දෙවෙනි සොල්දාදුවා පැවසීය. "ඒත් මේකට ලුණු ටිකකුත් ලීක්ස් ටිකකුත් එක් කලොත් එය වඩාත් රසවත් වේවි"
"හොද වෙලාවට මට මතකයි ලීක්ස් ටිකක් ඉතිරි වෙලා තිබුනා අපේ ගෙදර,මම ඒවා ගේන්නම්" පැවසූ ගම් වැසියෙක් ඔහුගේ නිවසට දිව ගියේය. තවත් එකෙක් දිව ගියේ ලුණු රැගෙන ඒමටයි.පලමු ගම් වැසියා මද වේලාවකින් ලීක්ස් පොදියක් රැගෙන දිව ආවේය..
කල්දේරම රත් වෙන්නට රත් වෙන්නට ගම් වැසියන්ගේ මතකය දියුණු විය,තම නිවෙස් වල ඇති එලවළු වර්ග ඔවුන්ට මතක් වූ අතර ඒවායින් කල්දේරම පිරෙන්නට විය.. අවසානයේ සුප් එක පිස අවසාන වූ අතර ගම් වැසියන් සියළු දෙනා සමග සොල්දාදුවන් තිදෙනා සුප් හොද්ද රස බැලූහ..තමන් ජීවිතයේ රසවිද ඇති රසවත්ම සුප් හොද්ද එය බව සෑම ගම්වැසියෙකුගේම අදහස විය
එදින රාත්‍රියේ ගම් වැසියන් තම නව මිතුරන් වූ සොල්දාදුවන් තිදෙනා වෙනුවෙන් සාදයක් පැවැත්වූ අතර ඔවුන් ගීත ගයමින් නටමින් මහත් සේ විනෝද වූහ.
පසුදින උදෑසන සොල්දාදුවන් යලි පිටත් වීමට සූදානම් වූ අතර ඔවුන් ඉදිරියට පැමිනි ගම් වැසියන් බොහෝ දෙනෙක් විශාල ආහාර පොදියක් ඔවුන් ඉදිරියෙන් තැබූහ.. "ඔබ තිදෙනා අපට විශාල ත්‍යාගයක් ලබා දුන්නා,ඒ ගල් වලින් සුප් හදන වට්ටෝරුව,ඒ සදහා අපෙන් ඔබට දෙන කුඩා ත්‍යාගයක් මේ" ගමේ වැඩිහිටියෙන් පැවසීය.
"ඔබට ගොඩාක් ස්තූතියි...ඒත් එහෙම කිසිම රහස් වට්ටෝරුවක් අපි ලග නෑ...ඔබ ලග ඇති දේවල් වැඩි වැඩියෙන් බෙදා හදා ගන්න,එවිට ඔබට වැඩි වැඩියෙන් ලැබේවී" තෙවෙනි සොල්දාදුවා මෙසේ පැවසූ අතර ඔවුන් ගම්මානයෙන් පිට විය.

Heart Melting Story: මවකගේ ආදරය

A Woman was Admitted in Hospital
as She was Suffering from Brain Tumor..:(

... Her Son & Relatives were Around Her,
She Died within a few Hours..:'(

Her Son Cried the whole Day & Became Ill.
He Returnd Home the Next Day;
& Wen He Opened His Moms Cupboard,
He found some Tablets kept in a Letter,!!
In the Letter it was Written:
" TAKE THESE TABLETS DEAR;
I know U Catch Cold Easily after Crying..[:'( :(

-"MOTHERS LOVE MAKE IT LIVE LONG..♥"
" Like if you're touched tag & share if u also Love ua MOM so much


තා දරුණු මොළයේ පිලිකාවකින් පීඩා විදින කාන්තාවක් රෝහල් ගත කල අතර ඇය පසු වූයේ ඉතා අසාධ්‍ය තත්වයෙන්. ඇයගේ සැමියා පුතා ඇතුලු නෑදෑ හිතවතුන් ඇය අසලම රැදී සිටියා. වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දැරුවත් ඇයව බේරා ගැනීමට හැකි වුනේ නෑ,පැය කීපයකින් ඇය මිය ගියා.
ඇයගේ එකම පුතා මහත් ශෝකයෙන් දවස පුරා හඩා වැලපුනා.
පසු දින නිවසට පැමිනි ඔහු මවගේ අල්මාරිය ලගට ගොස් එය විවෘත කලා. ඔහු දුටුවා අල්මාරියේ මවගේ ඇදුම් වලට උඩින් යම් පාර්සලයක් සමග ලිපියක් ඇති බව. පාර්සලයේ තිබුනේ පෙති කීපයක්.
මවගේ අත් අකුරින් ලිපියේ මෙසේ ලියැවී තිබුනා...
"මගේ පුතා මේ බෙහෙත් බීලා ටිකක් නිදා ගන්න.මම දන්නව ගොඩක් ඇඩුවම පුතාට උන හැදෙන බව" . . . . . . . මවගේ ආදරයට සම කල හැකි ආදරයක් ලබා දීමට මිහිපිට කිසිවෙකුට නොහැක.

හාදු පෙට්ටිය

මිනිසෙක් තම 3 හැවිරිදි දියණියට දඩුවම් කලේ ඇය රත්‍රන් පැහැති තෑගි දවටනයක් නාස්ති කල නිසාවෙන්. ඔහු පසු කරමින් සිටියේ මූල්‍ය වශයෙන් ඉතාමත් අපහසු සමයක් වූ අතර නත්තල් ගස අසලින් තබන තෑගි පෙට්ටියක් සැරසීමට රත්‍රන් පැහැති දවටනයක් තම කුඩා දියණිය විසින් භාවිතා කිරීම පිලිබදව ඔහු දැඩි ලෙස කෝපයට පත් වුනා.
කෙසේ නමුත් පසුවදා උදෑසනම එම තෑගි පෙට්ටිය රැගෙන ඔහු අසලට පැමිනි දියණිය "මේ තාත්තිට මගෙන් තෑග්ගක්" පැවසූ විට තමන් පෙර දිනයේ හැසිරුනු ආකාරය පිලිබදව පසුතැවුනත් ඔහු යලි කෝපාවිෂ්ඨ වුනේ එය එය හිස් පෙට්ටියක් පමනක් වූ නිසාවෙන්.
"ඔය ළමයා දන්නේ නැද්ද කෙනෙකුට තෑග්ගක් දෙනකොට හිස් පෙට්ටියක් දෙන එක සුදුසු නැති බව?"ඔහු දියණියට යලිත් බැන වැදුනා.
දෑස් වල කදුලු පුරවා ගත් දියණිය හුරතල් හඩින් මෙසේ පිලිතුරු දුන්නා,
"තාත්ති ඒක හිස් නෑ ඊයේ රෑ මම ඔය පෙට්ටියට හාදු ගොඩාක් දැම්මා...ඒ ඔක්කොම තාත්තිට..."
දියණියගේ පිලිතුරින් මිනිසාගේ දෑස් කදුලින් තෙත් වූ අතර දියණියව තුරුලු කර ගත් ඔහු කීප වතාවක්ම ඇගෙන් සමාව ඉල්ලා සිටියා.
ඉන්පසු මිනිසා මිය යන තෙක්ම ඒ තෑගි පෙට්ටිය සුරැකිව තබා ගත් අතර ජීවිතයේ මානසිකව ඇද වැටුනු අවස්ථා වල එම පෙට්ටිය දෙස බලා එම පෙට්ටිය හාදු වලින් පිරවූ තම දියණිය තුල තමාට ඇති ආදරය පිලිබදව සිහිපත් කිරීමට ඔහු හුරු වුනා.
මෙලොව උපදින සෑම කෙනෙක්ම උපදින විටම රත්‍රන් පැහැති තෑගි පෙට්ටියක් රැගෙන මෙලොවට පැමිනෙන අතර එය දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ නෑදෑයන්ගේ යහලු හිත මිත්‍රාදීන්ගේ හාදු වලින් පුරවා ඇත.එය අප සතු වටිනාම වස්තුව වන අතර එය සුරැකිව ලග තබා ගැනීම අපේ යුතුකමයි.

සියල්ල සිදු වන්නේ යහපතටයි

2001සැප්තැම්බර් 11 වන දින ඔබට මතකද? අමතක වීමට හේතුවක් නැත,ඒ මුලු ලොවම සසල කල ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරය සිදු වූ දිනයයි. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් තුන් දහසකට අධික ප්‍රමානයක් මිය ගිය අතර විශාල ප්‍රමානයක් තුවාල ලැබීය...
එදින සිදුවූ පහත සිදුවීම් ඔබ දැන සිටියාද?
•එක් විශාල සමාගමක හිමිකරුවෙකු එදින කාර්යාලයේ සේවයට වාර්තා නොකලේ ඔහුගේ පුතු එදිනම බාලාංශයට ඇතුල් වූ නිසාවෙනි. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•මිතුරන් සමගින් ඇල්ලූ ඔට්ටුවකින් පැරදී ඔවුන්ට ඩෝනට් ගෙන ඒමට තවත් අයෙක් කාර්යාලයෙන් පිට විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•තවත් කාන්තාවකට එදින කාර්යාලයට පැමිනීමට පමා වූයේ ඇගේ බස් රථය මග හැරුන නිසාය. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.
•තවෙකුගේ මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම නිසා ඔහුට සේවයට වාර්තා කිරීමට නොහැකි විය ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•උදේ ආහාර ගන්නා විට කුඩා දියණිය ඇගේ කිරි බදුන ඔහුගේ ඇදුම් මත ඉහිරවීම නිසා තව පුද්ගලයෙකු එදින පමා විය ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•පාරේ තිබූ රිය අනතුරක් නිසා ඇති වූ වාහන තදබදය හේතුවෙන් තවත් අයෙකු එදින පමා විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•තම බිලිදාගේ අසනීප තත්වයක් නිසා රෝහලට යෑමට සිදු වූ තවත් කාන්තාවක් එදින සේවයට වාර්තා කලේ නැත. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.
•තවත් අයෙකු නිවසින් එලියට පැමිනෙන විටම ඔහුට පැමිනි දුරකථන ඇමතුමකට පිලිතුරු දීමට යලි නිවසට ගිය නිසා ඔහුගේ සුපුරුදු බස් රථය මගහැරුනි. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•පුද්ගලයෙකු නිවසින් පිටත් පැමින මද දුරක් ගමන් කරන විට කුරුල්ලෙකු ඔහු මතට වර්චස් පිඩක් හෙලීම නිසා යලි ඇදුම් මාරු කිරීමට නිවසට යාමට ඔහුට සිදු විය,එම නිසා ඔහු පමා විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•කාන්තාවක් පෙරදින අලුත් පාවහන් යුගලක් මිළදී ගත් අතර ඒවා පැලද මද දුරක් යාමේදී ඇයට වැටහුනේ ඒවා මදක් හිර නිසා දෙපා තුවාල වී ඇති බවයි. එම නිසා ඇය ප්ලාස්ටරයක් මිලදී ගැනීමට අසල වූ ෆාමසියකට ගොඩ වැදුනි. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.
එම නිසා ඔබ ඊළග මොහොතේ,
•පාරේ වාහන තදබදයක සිරවී සිටින විට •විදුලි සෝපානයක් මග හැරුනු විට •ඔබව කෝප ගන්වන සුලු සුලු සිද්ධි සිදු වූ විට
ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු නියම ස්ථානය බව සිතන්න
ඊළග උදෑසන,
•ඔබේ දරුවන් සූදානම් වීමට පමා වන විට •මෝටර් රථයේ යතුර සොයා ගැනීමට නොහැකි වන විට •පාරේ වාහන තදබදයකට හසු වූ විට •ඔබට ඉදිරියෙන් වාහනය ඉතා සෙමින් ගමන් කරනා විට •ඔබට බස් රථය මග හැරුනු විට
ඒ සියලුම දේ සිදුවන්නේ යහපත් හේතුවකට බව සිතන්න,ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු ආකාරයයි,සියලු දේ සිදු වන්නේ ඔබේ යහපතට බව විශ්වාස කරන්න!!!.

ලෝකය ඔබව හදුනන්නේ කෙසේද

සර සියයකට පමන පෙර දිනක මිනිසෙක් උදෑසන පුවත්පත බලන විට දුටුවේ එහි මරණ දැන්වීම් තීරුවේ තම නම සටහන්ව ඇති ආකාරයයි. මෙය දැකීමෙන් ඔහු විශ්මයටත් භීතියටත් පත් වූ අතර තමා ඇත්තෙන්ම මරණයට පත් නොවූ බවත් මෙය අත්වැරදීමක් බවත් පසක් කර ගැනීමට ඔහුට මද වේලාවක් ගත විය.
යලිත් පියවි සිහියට පැමිනි ඔහු ඉන්පසු උනන්දු වූයේ පුවත්පත් වාර්තාකරුවන් තමා ගැන පවසා ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමයි.මරණ දැන්වීමේ සටහන් වූයේ "ඩයිනමයිට් රජු මියයයි" යනුවෙනි,එසේම ඔහුව "මරණයේ වෙළෙන්දා" යනුවෙන් ද හදුන්වා තිබුනි.
මෙම මිනිසා නම් 1833දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ඉපදී 1866 දී ලොවට ඩයිනමයිට් හදුන්වා දී ඉන් කෝටිපතියෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතායි. තමාව පුවත්පතේ හදුන්වා දී තිබුනු "මරණයේ වෙළෙන්දා" යන වචන දුටු ඔහුගේ සිතට නැගුනේ "මම මියගිය දවසක මිනිසුන් මාව හදුනා ගන්නේ මරණයේ වෙළෙන් දා නමින් ද?" යන්නයි. ඔහු මේ පිලිබදව බොහෝ වේලාවක් කල්පනා කල අතර අවසානයේ තීරණයකට පැමිනියේ යම් දිනක තමා මිය ගිය විට මිනිසුන් ඔහුව හදුනා ගත යුත්තේ මරණයේ වෙළෙන්දා යන නමින් නොවේය යන්නයි.
ඔහු එදින සිට මානව සංහතියේ යහපත උදෙසා තමා සතු අති මහත් ධනස්කන්ධය වැය කල අතර අද ලෝකය ඔහුව හදුනන්නේ විනාශකාරී ඩයිනමයිට් ලොවට හදුන්වා දුන් මරණයේ වෙළෙන්දා ලෙස නොව ලොව අති සුවිශේෂී පුද්ගලයන්ට පුදන ලොව පරසිදු නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා ලෙසය.
මරණ දැන්වීම දුටු ඇල්ෆ්‍රඩ් නොබෙල් තම ජීවිතය වෙනස් කර ගත්තා මෙන් උදා වන නව වසරේදී ඔබේ ජීවිතය ඔබේත් සමාජයේත් යහපත් උදෙසා වෙනස් කර ගැනීමට සිතට ගන්න..

ජපන් සෙන්පතියා

ත්සාහය සහ විශ්වාසය මත ජයග්‍රහණය රඳා පවතින බව නොරහසකි. යමෙකුට උත්සාහය, විශ්වාසය, කැපවීම ඇත්නම් ඔහුගේ ජයග්‍රහණට කවරකටවත්, කිසිවෙකුටවත් නතර කල නොහැක්කකි. මේ බව සනාථ කරන අපූරු, රසවත්, කුඩා කතාවක් ජපානයේ බිහි වී ඇත. ඒ කතාන්දරය මෙසේයි.
මීට වසර ගණනාවකට ඉහතදී ජපානයේ එක්තරා සෙන්පතියකු වාස‍ය කලේය. දිනක් ඔහුට තම සේනාව මෙන් හත් අට ගුණයක් විශාල සේනාවක් සමඟ යුධ වැදීමට සිදු විය. මෙය සිදුකිරීමට ඉතා අපහසු ක්‍රියාවක් බව වැටහීමට සෙන්පතියාට වැඩි වේලාවක් ගත නොවීය. යුද්ධය ගැන දැනගත් විගස තම හමුදාවේ සේවය කරන සෙබලුන් පවා කිසිසේත් මෙම යුද්ධය, ජයග්‍රහණය අරමුණු කර නොගෙන සිදු කරන බවද හෙතෙම දැන සිටියේ ය. ඔහු සිතු දේ සැබෑවක්ම විය. තම ප්‍රතිවාදීන් පිළිබඳ දැනගත් හමු‍දවේ සෙබලුන් මානසික වශයෙන් විශාල ලෙස ඇද වැටිනි. ඔවුන්ට හැඟුනේ, තමන් තම සෙන්පතියාගේ නායකත්වය යටතේ සිදු කල නොහැකි යමක් සිදු කිරීමට උත්සාහ දරණ මෝඩයින් පිරිසක් ලෙසයි. සෙන්පතියාට මේ බව අ‍වබෝධ විය. නමුත් කල හැකි අන් කිසිවක්ද නොමැත. කෙසේ හෝ මේ යුද්ධය ජයග්‍රහණය කොට තම භූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔහු සතුය.
යුද්ධයට පෙර දින රාත්‍රිය උදා විය. සියලු දෙනම මානසිකව පහක් තත්වයට ඇද වැටී සිටි අතර ඔවුන් දැනටමත් පරාජය බාරගත් අය බවට පත්වී සිටියහ. කෙසේ වෙතත් ඔවුන්ට යුද්ධය අතරදී පරාජය වුවහොත් පලායාටම හැකි පාලමක් ඔවුන්ගේ රාජ්‍ය අසල පිහිටා තිබිනි. පලායාමට තිබූ එකම මාර්ගය මෙය විය. මේ බව දැනගත් බුද්ධිමත් සෙන්පතියා කලේ මේ පාලමට විශේෂ ආරක්ෂාවක් යොදා එය රැක ගැනීමට කටයුතු කිරීමයි. කෙසේ නමුත් රාත්‍රිය එළඹී මුළු පළාතම ඝණ අන්ධකාරයෙන් වැසී ගිය විට එක්වරම පාලම දෙසින් මහා ශබ්දයක් ඇසිණි. සියල්ලෝම ඒ පිළිබඳව විමසිලිමත් වූහ. අවාසනාවකි, පාළම සතුරන් විසින් විනාශකර දමා තිබිණි. සිදු කිරීමට අන් කිසිවක් නැත. දැන් ඔවුන්ට සිදුව ඇත්තේ තම ජීවිතය උදෙසා සටන් කිරීමටයි. අන් විකල්පයක් නොමැති හෙයින් සියලු දෙනා තම උපරිමයෙන් සතුරන් සමඟ සටන් කරන ලදී. යුද්ධය අවසාන විය. දැඩි අධිශ්ඨානයකින් සටන් කර ඔවුන් තම සේනාව මෙන් හත් අට ගුණයක් විශාල වූ එම සේනාව පැරදවීටම සමත් විය. සමහර සතුරෝ පලා ගියහ.
ටික කලක් ගත වූ පසු ජයග්‍රාහී හමුදාවට නායකත්වය දුන් සෙන්පතියා සත්‍ය හෙලි කර සිටියේය. ඔහු පවසා සිටියේ එදා යුද්ධයට පෙර දින රාත්‍රියේදී පාලම විනාශ කර දමා තමන්ට පලා යාමට තිබූ එකම මාර්ගට විනාශ කර දැමුවේ තමා විසින්ම බවයි. අප හිතින් පරාජිතව, මානසිකව ඇද වැටී, මන්දෝත්සාහීව සිටින තාක්කල් ජයග්‍රහණය අපට නොපෙනෙන මානය තෙක්ම දුරට ඇදී යයි. නමුත් අපි කෙසේ හෝ බාධක කම්‍කටොලු මැදින් ජයග්‍රහණය පතාගෙන, එයම අරමුණු කරගෙනම කටයුතු කරයිනම් ජයග්‍රහණය අප වෙත ළඟා වීම කිසිවිටෙකත් නැවැත්විය නොහැක්කකි.

Monday, April 2, 2012

ඇරන් ලී රැල්ස්ටන්(Aron Lee Ralston)

ඡායාරූපයේ දැක්වෙන්නේ ඇරන් ලී රැල්ස්ටන්(Aron Lee Ralston) නැමති පුද්ගලයායි. ඇමරිකානු ජාතික කදු නගින්නෙකු වන ඔහු ප්‍රස්ද්ධ ධනාත්මක චින්තන දේශකයෙකුද වෙයි. මොහු 2003දී ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් තරණය කරන අතරතුර සිදු වූ අනතුරකදී සිය දිවි ගලවා ගැනීම සදහ තම දකුණු අත සිය සිරුරෙන් කපා ඉවත් කිරීම නිසා මොහු ලෝක ප්‍රසිද්ධ විය. වසර 2003 අප්‍රේල් 26 වන දා ඇරන් ලී රැල්ස්ටන් ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් නැගීම ඇරඹූ අතර එහිදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු අත ගල් බිත්තියක් සහ රාත්තල් 800ක් පමන බර ගලක් අතර සිර වුනි.අනතුර සිදු වන විට ඔහු සතුව තිබුනේ ආහාර ස්වල්පයක් ජලය ස්වල්පයක් සහ කුඩා කතුරු පිහියක් පමනි. අනතුර සිදුව පැයක් යාමට මත්තෙන් ඇරන් තමාට දිවි ගලවා ගැනීමට ඇති අවස්ථා පිලිබද විනිශ්චයක යෙදුනු අතර ඔහුට පෙනී ගියේ දිවි ගලවා ගැනීමට ඔහුට විකල්ප 4ක් පමනක් ඇති බවය.ඒවා නම්, කවුරුන් හෝ පැමින තමාව බේරා ගැනීම. ගල් පතුර කතුරු පිහියෙන් කඩා දමා අත නිදහස් කර ගැනීම. ගල් පතුර ඉවත්කර අත නිදහස් කර ගැනීම. අත සිරුරෙන් වෙන් කර දිවි ගලවා ගැනීම.
ඔහු සතු පස් වන විකල්පය මරණය වූ අතර ඔහු එම විකල්පය පිලිගැනීමට රුචි නොවීය. ඔහු දින කීපයක් දිවි ගලවා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය.නොයෙක් ආකාර වලින් ගල් පතුර ඉවත් කිරීමට උත්සාහ කල අතර කතුරු පිහිය ආධාරයෙන් ගල් පතුර කඩා දැමීමට උත්සාහ දැරීය,නමුත් එම උත්සාහයන් සාර්ථක නොවීය. අවසානයේ තම දිවි ගලවා ගැනීමට අවසන් උත්සාහය දැරීමට ඔහු ඉටා ගත්තේය,ඒ තම දකුණු අතේ වැලමිටෙන් පහල කොටස තම සිරුරෙන් කපා ඉවත් කිරීමයි. ඒ සදහා සහයට කිසිවෙකු නොසිටි අතර උපකරණයකට තිබුනේ ඔහුගේ කතුරු පිහිය පමනි. තම කතුරු පිහියේ තලය අතේ අස්ථි කපා දැමීමට තරම් ශක්තිමත් නොවුනු බව වැටහුනු බැවින් ඔහු ප්‍රථමයෙන් දකුණු අතේ අස්ථිය ගල් පතුරට තද කර බිද දැමීය.ඉන්පසු කතුරු පිහිය භාවිතා කර දකුණු අත සම්පූර්ණයෙන්ම සිය සිරුරෙන් වෙන් කර දැමීය.. පසුව ඔහු සිර වී සිටි ගල් දෙබුක්කාවෙන් ඉවතට පැමිනි අතර වෙනත් කදු නගින්නන් කණ් ඩායමක් ඔහුට හමු වූ අතර අවසානයේ ඔහුගේ දිවි ගැලවිනි. ඇරන් රැල්ස්ටන් සතු වූ අසාමාන්‍ය ධෛර්යත් ජීවිතය සදහා වූ මහත් ආශාවත් නිසා ඔහු ජීවිතය ගලවා ගත් අතර. පසුව ඔහු මෙම සිද්ධිය අලලා Between a Rock and a Hard Place නමින් පොතක්ද පල කලේය.2010 වසරේදී ඩැනී බොයිල් මෙම සිද්ධිය ඇසුරෙන් 127 Hours නමින් චිත්‍රපටියක්ද නිර්මාණය කලේය.

පාලම

මෙය බ්‍රිතාන්‍යන් ඉන්දියාව පාලනය කරන සමයේ සිදු වූ සිද්ධියකි. පම්බන් පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ඇති පාලමකි.මෙම පාලම ආරම්භ වන ස්ථානයේ ඔබට වැලපෙන මිනිසෙකු මිනිස් ශරීරයක කොටස් තම පපුව ආසන්නයට ඔසවාගෙන සිටින ආකාරයේ ස්මාරකයක් දැකිය හැකිය..
මෙම පාලම ඉදිකරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේ වන අතර මෙම පාලමේ විශේෂත්වය නම් මෙහි මැද කොටස විශාල යන්ත්‍රයක ආධාරයෙන් ඉහලට එසවිය හැකි වීමයි. එවිට මුහුදේ යාත්‍රා කරන නැව් ආදියට පහසුවෙන් පාලමට යටින් යාත්‍රා කල හැකි වේ.පාලම මතින් දුම්රිය මාර්ගයක් ගමන් කරයි.
නැවක් යත්‍රා කරන විට මෙහි වූ යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම එසවීම භාරව සිටියේ මැදිවියේ මිනිසෙකි. දිනක් නැවක් පාලම යටින් ගමන් කර මද වේලාවකින් ඔහු දුටුවේ ඈතින් දුම්රියක් සෙමින් සෙමින් පාලම දෙසට පැමිනෙන ආකාරයයි.ඔහු විසින් පාලම හැකි ඉක්මනින් පහත් කල යුතු වූ අතර එසේ නොමැති වුවහොත් දුම්රිය අනතුරට පත් වී දහස් ගණනක් මගීන් අනතුරට පත් විය හැකිව තිබුනි.
මේ අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 9ක් වන කුඩා පිරිමි දරුවා පියාගේ දිවා ආහාර රැගෙන පැමිනියේය.. පියා පාලම පහත් කිරීමට අපහසුවෙන් යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය දුටු කුඩා පිරිමි දරුවා දිවා ආහාරය පසෙකින් තබා තම පියාට සහාය දීමට යන්ත්‍රය අසලට පැමිනියේය.
ගත වූවේ මද වේලාවකි,කුඩා පිරිමි දරුවාගේ ඇගිල්ලක් යන්ත්‍රයේ දැති රෝද අතර සිර වුනි,ඔහු මහ හඩින් වැලපුනේය. මේ අවස්ථාවේ ඔහුගේ පියා කුඩා පිරිමි දරුවා බේරා ගැනීමට පැමිනියහොත් ඔහුට පාලම පහත් කිරීමට කාලය ප්‍රමානවත් නොවේ,එම නිසා කුඩා පිරිමි දරුවාගේ හැඩීම නොසැලකූ ඔහු දිගින් දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම පහත් කරවීය,දරුවා මදින් මද යන්ත්‍රය දෙසට ඇදී ගියේය.
පියාගේ නෙතින් කදුලු කඩා වැටුනු අතර ඔහු මහ හඩින් වැලපෙන අතර දරුවාගේ හැඩීම නොසලකා දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කලේය. ඔහු දරුවා බේරා ගැනීමට ක්‍රියා කලහොත් පාලම පහත් කිරීමට කාලය ප්‍රමානවත් නොවන අතර දහස් ගණනක් මගීන් මුහුදට වැටී මිය යනු ඇත.. කුඩා පිරිමි දරුවා සම්පූර්ණයෙන්ම යන්ත්‍රය තුලට ඇදී ගියේය.,ඔහුගේ අස්ථි යන්ත්‍රයේ දැති රෝද වලට හසුව බිදෙන ශබ්දය පියාට ඇසුනි.
මද වේලාවකින් මගීන් දහස් ගණනක් රැගත් දුම්‍ රිය නිරුපද්‍රිතව පාලම මතින් ගමන් කල අතර යන්ත්‍රය තුලින් තම පුත්‍රයාගේ සිරුර ඉවතට ගත් ඔහු මහ හඩින් වැලපෙන්නට විය අවංකව තම රාජකාරිය ඉටු කල මිනිසාට තම එකම පුත්‍රයා අහිමි විය....පසුව බ්‍රිතාන්‍ය පාලකයන් තම රාජකාරිය අවංකව ඉටු කල එම මිනිසාට ගරු කිරීමට එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කලෝය

'The Hands' සිතුවම්

හලොස් වන සියවසේ ජර්මනියේ නියුරම්බර්ග් නගරයට ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයක දරුවන් දහ අටදෙනෙකුගෙන් සමන්විත වූ පවුලක් විසූහ.. දරුවන් දහ අට දෙනෙකුගෙන් සමන්විත වූ විශාල පවුල නඩත්තු කිරීමට මහත් වෙහෙසක් ගත් රන්කරුවෙකු වූ පියා දිනකට පැය දහ අටකට ආසන්න කාලයක් රැකියාවේ යෙදුනේය.
කෙතරම් දිලිදු තත්වයක සිටියත් පවුලේ පිරිමි දරුවන් දෙදෙනෙකුට එක් සිහිනයක් විය. එනම් ඔවුන් දෙදෙනා මහත් සේ දස්කම් දැක්වූ චිත්‍ර කර්මය වැඩිදුරටත් හදාරා දක්‍ෂ චිත්‍ර ශිල්පියන් වීමේ ආශාවයි.නමුත් තම පියාට තමන් දෙදෙනාව අසල පිහිටි නියුරම්බර්ග් නගරයේ චිත්‍ර කර්මය උගන්වන පාසලකට යැවීමට තරම් වත්කමක් නොමැති බවත් ඔවුන් දෙදෙනාට හොදින් වැටහුනි.
දින ගණනාවක තර්ක විතර්ක වලින් පසු ඔවුන් දෙදෙනා සම්මුතියකට එලබුනි,ඒ අන් කිසිවක් නොව කාසියක් උඩ දැමීමටයි. ඉන් ජයග්‍රහනය කරන්නා නියුරම්බර්ග් නගරයේ විත්‍ර කර්මය උගන්වන පාසලට චිත්‍ර හැදෑරීමට යන අතර පරාජය වන්නා ඔවුන්ගේ ගම්මානය අසල පිහිටි පතල්වල සේවය කර අනෙකාට යන වියදම් දැරිය යුතුය. වසර හතරක් අවසානයේ පතල් වල සේවය කරන සහෝදරයා නියුරම්බර්ග් නගරයට ගොස් චිත්‍ර කර්මය හදාරන අතර චිත්‍ර කර්මය හදාරා අවසන් සහෝදරයා ඔහුට යන වියදම් සියල්ල සැපයිය යුතු වේ.
පසු දින උදෑසන පවුලේ සියලු දෙනා ඉදිරියේ කාසියක් උඩ දැමූ අතර ඉන් ජයග්‍රහනය කලේ ඇල්බ්‍රෙච්ට් ඩුයර්ය පරාජය වූයේ ඇල්බර්ට් ඩුයර්ය. ඇල්බ්‍රෙච්ට් නියුරම්බර්ග්හි විත්‍රකර්ම පාසල වෙත පිටත් වූ අතර ඇල්බර්ට් තම සහෝදරයාට අවශ්‍ය වියදම් සෙවීම සදහා අසල පිහිටි භයානක පතල්වල සේවය කිරීම සදහා පිටත් විය.
ඊළග වසර හතර පුරාවට ඇල්බර්ට් පතල් වල සේවය කරමින් ඉන් උපයන සියළුම මුදල් තම සහෝදරයා වන ඇල්බ්‍රෙච්ට්ට යැවූ අතර ඇල්බ්‍රෙච්ට් චිත්‍ර පාසලේ වූ දක්‍ෂතම සිසුවා ලෙස සාර්ථකව අධ්‍යාපන කටයුතු වල නිරත විය.. ඇල්බ්‍රෙච්ට්ගේ සිතුවම් ඔහුගේ ගුරුවරුන්ගේ සිතුවම් වලට වඩා අනර්ඝ වූ අතර වසර හතර අවසාන වන විට සිත්තරෙකු ලෙස සේවය කිරීමෙන් සැලකිය යුතු මුදලක් ඉපයීමට ඔහු සමත් විය.
ඇල්බ්‍රෙච්ට් ඩුයර් වසර හතර අවසානයේ තම ගම්මානය වෙත ලගා විය. සෑහෙන කලකින් තමන් වෙත පැමිනි ඇල්බ්‍රෙච්ට්ව පිලිගැනීමට එදින රාත්‍රී නිවසේ කුඩා සාදයක්ද පැවැත්වුනි. සියලු දෙනා ප්‍රීති වූ අතර අවසානයේ තමා වෙනුවෙන් වසර හතරක් පුරා පතල් වල දුෂ්කර දිවියක් ගෙවූ සහෝදරයා වෙනුවෙන් සව්දිය පිරීමට ඇල්බ්‍රෙච්ට් නැගී සිටියේය.
"ඉතින් දැන් මගේ මල්ලී ඇල්බර්ට්ට පුලුවනි නියුරම්බර්ග් වලට ගිහිල්ලා චිත්‍ර කර්මය ඉගෙන ගන්න,මම ඔක්කොම වියදම් දරනවා මල්ලී වෙනුවෙන්"ඔහු පැවසුවේය.
සියලු දෙනාගේම දෑස් ඇල්බර්ට් වෙත යොමු විය.. ඇල්බර්ට්ගේ සිදුමැලි මුහුන මතින් කදුලු ගලා යන්නට විය,සිහින් ඉකිබිදුමක් ඇසුනු අතර ඔහු "බෑ... බෑ...බෑ..." යනුවෙන් නොනවත්වා පවසන්නට විය.
මද වේලාවකින් ඇල්බර්ට් නැගී සිටි අතර කදුලු පිසදමා තමා දෙස බලා සිටින තම පවුලේ සියලු දෙනා දෙස බැල්මක් හෙලූ ඔහු අවසානයේ ඇල්බ්‍රෙච්ට් දෙස බලා මෙසේ පවසන්නට විය
"නෑ අයියේ මට නියුරම්බර්ග් යන්න බෑ...මම පරක්කු වැඩී. බලන්න අවුරුදු හතරක් පතලේ වැඩ කරපු මගේ අත් වලට වෙලා තියන දේ,ගල් වලට අහු වෙලා කැඩුනු නැති ඇගිලි පුරුකක් මගේ අත් දෙකේ නෑ,අයියත් එක්ක සව්දිය පුරන්න මගේ දකුණු අතින් වීදුරුවක්වත් ඔසවන්න හැකියාවක් මට නෑ,ඉතින් මම කොහොමද සියුම් චිත්‍ර අදින්නේ. ඒකට කමක් නෑ අයියේ,අයියා දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක් වුන එක ගැන මට ගොඩක් සතුටුයි"
පසු දිනක ඇල්බ්‍රෙච්ට් ඩුයර් වසර හතරක් පුරා පතලක දුක් විදිමින් සේවය කර තමාට චිත්‍ර ශිල්පියෙකු වීම සදහා මුදල් සැපයූ තම ආදරණීය සහෝදරයාගේ දෑත් සිත්තමට නැගූ අතර එයThe Hands යනුවෙන් නම් කලේය.
එදා සිට මේ දක්වා වසර 450කට ආසන්න කාලයක් ගෙවී ගිය අතර ඇල්බ්‍රෙච්ට් ඩුයර්ගේ කලා කෘති ලොව පුරා සෑම ප්‍රධාන කෞතුකාගාරයකම කලාභවනකම ප්‍රදර්ශනය කෙරේ. නමුත් ඔහුගේ සිතුවම් පිටුපස සැගවී ඇති සහෝදරයෙකුගේ උතුම් ආදරය පිලිබදව දන්නේ කී දෙනාද?

මසුන් මරන්නා සහ සාස්පාන

මිනිසුන් දෙදෙනෙක් මසුන් මැරීමට ගියා. මේ අයගෙන් කෙනෙක් මසුන් මැරීම පිලිබද අත්දැකීම් බහුල අයෙක් වූ නමුත් අනෙකා මසුන් මැරීමට ආධුනිකයෙක්. මේ දෙදෙනා මසුන් ඇල්ලීමට පටන් ගත්තා. මොහොතකින් අත්දැකීම් බහුල පුද්ගලයාට විශාල මාලුවෙක් හසු වුනු අතර ඔහු ප්‍රවේශමෙන් ඌව ඔහුගේ අයිස් පෙට්ටියට දැම්මා. ටික වේලාවක් ගත වූ පසු අනෙක් පුද්ගලයාටත් විශාල මාලුවෙක් හසු වූ නමුත් ඔහු යලිත් මාලුවාව ජලාශයට විසි කලා. මේ සිද්ධිය දිගින් දිගටම සිදුවුනා,විශාල මාලුවෙක් හසු වූ විට ආධුනික මසුන් මරන්නා මාලුවාව යලිත් ජලාශයටම මුදා හැරියා.
අත්දැකීම් බහුල පුද්ගලයා දිගින් දිගටම මේ දෙස බලා සිටි අතර අවසානයේ ඔහු මෙසේ ඇහුවා.
"ඇයි ඔබ හොද විශාල මාලු හසු වූ විට ඌව යලි ජලාශයට දමා කුඩා මසුන් පමනක් අල්ලන්නේ?"
ආධුනික මසුන් මරන්නා මෙසේ පිලිතුරු දුන්නා.
"අපේ ගෙදර මාලු බැදීමට තියෙන්නේ කුඩා සාස්පානක්"
ජීවිතයේ සමහර අවස්ථා වලදී අපත් ආධුනික මසුන් මරන්නා සේ අප වෙත පැමිනෙන විශාල අවස්ථා, විශාල සිහින, ඉහල රැකියා අවස්ථා ඉවත දමන්නේ අප සතු ආත්ම විශ්වාසයේ මද බව නිසයි. විශාල සාස්පානක් මිලදී නොගෙන තමාට හසු වන විශාල මසුන් යලි ජලාශයට මුදා හැරි මසුන් මරන්නාට සිනා සෙන අප කී දෙනෙක් තමාගේ ආත්ම ශක්තිය වැඩි කිරීම පිලිබද සිතනවාද? තමා වෙත පැමිනෙන කිසිම අවස්ථාවක් කරදරයක් යැයි සිතා ඔබේ ජීවිතෙයෙන් ගිලිහී යාමට ඉඩ නොදෙන්න.එය ග්‍රහනය කර එයින් ලබා ගත හැකි උපරිමය ලබා ගන්න මන්ද ඔබේ ජීවිතය සදහටම වෙනස් කරවන හැරවුම් ලක්‍ශය එය විය හැක. .

පැන්සලක් වෙමු

1. පැන්සල අපිට හැම වෙලේම ඉඩ දෙනව කැමති විදියට එයාව හසුරුවන්න අපිට චිත්‍ර අදින්න ලියන්න ලස්සන දේවල් වලට හොද වැඩ වලට ඉඩ දෙනව අපිට පැන්සල ඕන තරම් හොද වැඩ වලට පාවිච්චි කරන්න පුලුවනි කාට හරි අනින්න හැදුවොත් එයා තුඩගේ කැඩෙනව හානි කරන්න දෙන්නෙ නෑ අනවශ්‍ය වේගෙන් කුරුටු ගෑවත් කැඩෙනව ඒ වගේ අපිත් අනික් අයට අපිව හොද වැඩ වලට පමනක් පාවිච්චි කරන්න ඉඩ දෙමු

2. පැන්සල හැම වෙලේම ඉඩ දෙනව අපි ලියපු දේ මකල ආයෙ ලියන්න ඒක පැන්සල ගෙවෙනකම් කරතැකි කොයිම වෙලේකවත් බෑ කියන්නෙ නෑ තමන් කරපු වැරුද්දක් මකල හරි ගස්සනකන් පැන්සල අපිට ඉඩ දෙනව ඒ වගේ අපිත් අපේ වැරදි තියෙනවනම් හදා ගන්න ඉඩ දෙන්න ඔනහරියනකම්ම උත්සාහ කරන්න ඕන

3. පැන්සල ගෙවෙනව, ගෙවෙන්න ගෙවෙන්න පිහියකින් උල් කරනව පැන්සල මහන්සි වුණාම ගෙවෙනව ඒ වෙලාවට අපි උල් දෙයකින් කැපුවොත් එයා තවත් මුවහත් වෙනව අපිත් ඉගෙන ගන්න ඕන අපේ ජීවිතේට එන හැම බාධකයකටම පස්සෙම ආයෙ අලුතෙන් දිරිමත්ව නැගී සිටින්න පැන්සලක් වගේ

4. පැන්සලේ හොදම හරිය ඇතුලෙ තියෙන්නෙ මදය මිනිරන් කූර තමයි වටින්නෙ, පිට ඔපෙන් කවදාකවත් පැන්සල් මනිනන් බෑ ඒ වගේ අපිත් පිට ඔපේ අඩු කරල පැන්සල වගේ ඇතුලෙන් ගුණාත්මක වෙන්න ඇතුලින් දැනුවත් වෙන්න සමාජෙට හොද දේවල් බෙදන්න පුරුදු වෙන්න ඕන

5. පැන්සල වැඩ කරන්න කරන්න ගෙවෙනව කොට වෙනව ඒත් කවදාකවත් අඩන්නෙ නෑ අලුත් වෙනව ලියන්න හැබැයි ඒ වගේම එයා සුන්දර මතකයක් අපිට ඉතිරි කරනව පැන්සලේ ජීව කාලෙ අන්තිමට බැලුවොත් පොත් පිටු ගනන් පිරිල තියෙයි වැදගත් දේවල් ඒ වගේ අපිත් අපේ ජීවිතෙන් පස්සෙ මේ සමාජෙට ගුණවත් සුවද හමන දේවල් ඉතිරි කරන්න දැන්ම රැස් කරන්න ඉගෙන ගන්න ඕන

වයලීන් වාදකයා

සීතල ජනවාරි මාසයක උදෑසනක වොෂින්ටන්හි කාර්යබහුල දුම්රිය ස්ථානයකට පැමිනි මිනිසෙකු එහි පසෙකට වී තම වයලීනය පිටතට ගෙන එය වාදනය කිරීමට පටන් ගත්තේය. ඔහු විණාඩි 45ක් පුරාවට තම වාදනය නොනවත්වා කලේය . එම විණාඩි 45ක කාලය තුල ආසන්න වශයෙන් 1100කට වැඩි මිනිසුන් ප්‍රමානයක් ඔහුව පසු කරගෙන ගියෝය,ඔවුන් බොහෝ දෙනෙක් තම සේවා ස්ථානය බලා ගමන් කරන කාර් ය බහුල මිනිසුන් වූහ .
වාදකයා තම වාදනය ආරම්භ කර මිනිත්තු 3ක් පමන ගත වන විට මැදි වියේ මිනිසෙකු ඔහු අසල නතර වූ අතර තත්පර කිහිපයක් වාදකයාගේ වයලීන වාදනය අසා සිටි ඔහු යලිත් තම දුම්රිය බලා ලහි ලහියේ පිටත් විය .
වාදකයා වාදනය ආරම්භ කර මිනිත්තු පහකින් පමන ඔහුට ප්‍රථම ආධාරය ලැබුනි. තරුණ කාන්තාවක් එය ලබා දුන් අතර ඇය නොනැවතී ඔහු වෙත ආධාර මුදල විසි කර තම සේවා ස්ථානය බලා යාමට දුම්රිය ස්ථානයෙන් පිට විය .
තව මොහොතකින් වාදකයා අසල වූ බිත්තියට අයෙක් හේත්තු වූයේ වාදනය ශ්‍රවනය කිරීමට වූවත් මොහොතකින් තම ඔරලෝසුව දෙස බැලූ ඔහු කඩි මුඩියේ දුම්රිය ස්ථානයෙන් පිට විය.
වාදකයාගේ වාදනයට වැඩිම අවධානයක් යොමු කලේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි . මව ඔහුට තරවටු කල නමුත් වාදකයා අසල නැවතී ඔහුගේ වාදනය අසා සිටීමට කුඩා පිරිමි දරුවා අමතක කලේ නැත . අවසානයේ මව දරුවාගේ අතින් අල්ලා ඔහුව ඇද්ද අතර ඔහු වාදකයාව නොපෙනී යන තුරුම හිස හරවා වාදකයා දෙස බැලීමට අමතක කලේ නැත . කුඩා දරු දැරියන් බොහෝ දෙනෙකුගේම හැසිරීම මේ ආකාරයම ගත් නමුත් ඔවුන්ගේ මවුවරුන් සහ පියවරුන් ඔවුන්ට නොනැවතී ගමන් කිරීමට බල කලහ .
වාදකයා වයලීනය වාදනය කල මිනිත්තු 45ක කාලය තුලදී පුද්ගලයන් හය දෙනෙකු ඔහු අසල මොහොතක් නැවතී වාදනයට සවන් දුන් අතර පුද්ගලයන් විසි දෙනෙකු පමන ඔහුට මුදල් ආධාර ලබා දුන්හ . වාදකයා ඉපැයූ මුලු මුදල ඩොලර් 32ක් විය . අවසානයේ වාදකයා වාදනය නතර කලේය,ඔහු වටා නිශ්ශබ්දතාවයක් පැතුරුනි,කිසිවෙකුට එහි වගක් නොවීය, කිසිවෙකු අත්පොලසන් දුන්නේ නැත .
කිසිවෙකු නොදැන සිටි මුත් ඒ වාදකයා අන් කිසිවෙකු නොව වර්තමානයේ ලොව සිටින දක්‍ෂතම වයලීන වාදකයෙකු වන ජොෂුවා බෙල්‍ ය(joshua bell) . ඔහු වාදනය කලේ මෙතෙක් ලොව නිර්මාණය කර ඇති සංකීර්ණතම සංගීත ඛණ්ඩයකි. ඔහු ඒ සදහා භාවිතා කලේ ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයකි .
දුම්රිය ස්ථානයේ වාදනය කිරීමට දින දෙකකට පෙර ඔහු එම සංගීත ඛණ්ඩයම බොස්ටන්හි රංග ශාලාවක වාදනය කල අතර එහිදී එක් ආසනයක මිල ඇමරිකානු ඩොලර් 100කට ආසන්න විය. .
ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම දුම්රිය ස්ථානය තුල වාදනය සංවිධානය කලේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් වන අතර එය ඔවුන් විසින් සිදුකල සමාජ චර්යා පරීක්‍ෂණයක එක් අංගයක් විය.පරීක්‍ෂණය අවසානයේ දැක්වූ එක් නිගමනයක් වන්නේ
"ලොව සිටින දක්‍ෂතම වාදකයෙකු එතෙක් මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම සංගීත ඛණ්ඩයක් වාදනය කරන විට ඔහු අසල නැවතී එය ශ්‍රවනය කිරීමට මොහොතක් ගත කිරීමට නොහැකි නම් ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග හැරෙනවා ඇද්ද?"

෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴



ඇමරිකානු ව්‍යාපාරිකයෙක් කුඩා මෙක්සිකානු ධීවර වරායක ඉන්නකොට, ධීවරයෙක් තනියම පොඩි බෝට්ටුවක් පදවගෙන වරායට සේන්දු වෙනව. ඇමරිකානුවා බෝට්ටුවට එබිලා ධීවරයා අල්ලගෙන ආපු කෙලවල්ලෝ කීප දෙනාගෙන් එකෙක් අතට ගත්තා.

ෂා !!! මරු මාළු ටික. ඇමරිකානුවා කිව්වා.

මුන් ටික දෙනා අල්ලන්න තමුසෙට කොච්චර වෙලාවක් ගියාද ?

පොඩි වෙලාවයි මහත්තයා.

ඇමරිකානු ව්‍යාපාරිකයා නළලත් රැළි ගන්වාගෙන මෙහෙම අහනවා...

ඇයි තමුසේ තව ටික වෙලාවක් මූදේ ඉඳලා, තව වැඩිපුර මාළු ටිකක් අල්ලන් එන්නෙ නැත්තේ ?

මගෙ පවුලෙ දවසෙ වියදමට මේ ඇතිනෙ මහත්තයෝ.

හ්ම්ම්... ඒත් තමුසේ මොනවද දවසෙ ඉතුරු වෙලාවෙ කරන්නෙ ? ව්‍යාපාරිකය ඇහුව.

මෙක්සිකානු ධීවරය මෙහෙම උත්තර දෙනව.

මම ටිකක් දවල් වෙනකම් නිදාගන්නව. ඇහැරුනාට පස්සෙ මාළු දෙතුන් දෙනෙක් අල්ලගන්නවා.

ඊට පස්සෙ ගෙදර ඇවිත් ළමයිත් එක්ක ටිකක් සෙල්ලම් කරනවා.

දවල්ට කාලා මගේ නෝනා මරියාත් එක්ක පොඩි නින්දක් දානවා,

හවහට ගමේ ඇවිදල, යාළුවොත් එක්ක වයින් ඩිංගක් බීලා, ගිටාර් පාරක් ගහලා සින්දුවක් කියල සතුටු වෙනවා. මට බොහොම කාර්යබහුල, සම්පූර්ණ ජීවිතයක් තියෙනව මහත්තයෝ.

ඇමරිකානුවා බොහොම බැරෑරුම් පෙනුමක් මූනට අරගෙන, ධීවරයා දිහාවට ඇඟිල්ලකුත් දික් කරගෙන මෙහෙම කියනවා.

මට හාවඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා. මට පුළුවන් තමුසෙට උදව් කරන්න.

තමුසෙට පුළුවන් දවසෙන් තව වැඩි වෙලාවක් මාළු බාන්න යොදවන්න. ඒකෙන් හම්බවෙන අමතර මුදල ඉතිරි කරලා, මීට වඩා ලොකු බෝට්ටුවක් ගන්න පුළුවන්. ඒ ලොකු බෝට්ටුවෙන් මාළු අල්ලලා හම්බවෙන මුදලින්, තමුසෙට තව බෝට්ටු කීපයක් ගන්න පුළුවන්. වැඩිකල් නොයාම තමුසේ බෝට්ටු ගොඩක් අයිති මුදලාලි කෙනෙක් වෙනවා. ඊට පස්සේ අතරමැදියන්ට විකුණනව වෙනුවට, තමුසෙගෙ මාළු කෙලින්ම පාරිභෝගිකයන්ට විකුණලා, වැඩි මුදලක් ලබාගන්න පුළුවන්. ඒ මුදල් වලින් තමුසෙට, තමුසෙගෙම මාළු ටින් කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න පුළුවන්. තමුසේ තමයි ඒවා නිෂ්පාදනය කරල ඛෙදාහරින්නේ. ඊට පස්සේ මේ මෙක්සිකානු වෙරළබඩ පුංචි ගම අතහැරල, තමුසෙට ලොස් ඇන්ජලීස් වල පදිංචි වෙන්න පුළුවන්. එතනින් නිව්යෝක් වල පදිංචියට ගිහින්, මාළු ව්‍යාපාරය හතර දිබ්බාගෙම ව්‍යාප්ත කරලා, ලෝකෙ ඉන්න අංක එකේ ව්‍යාපාරිකයෙක් වෙන්න තමුසෙට පුළුවන්.

ඇමරිකානුවාගේ දේශනය කට ඇරන් අහන් හිටපු මෙක්සිකානු ධීවරයා මෙහෙම අහනවා.

එතකොට මහත්තයෝ, ඔය වැඩේට කොච්චර විතර කාලයක් යයිද ?

අවුරුදු පහලොවක්, විස්සක් විතර...

ඒත් මහත්තයා, ඊට පස්සේ මොනවද මම කරන්නේ ?

ඊලඟට තමයි අයිසේ හොඳම හරිය තියෙන්නේ...

තමුසෙට පුළුවන් තමුසෙගේ ව්‍යාපාරයේ කොටස් මහජනතාවට නිකුත් කරන්න. තමුසෙට මිලියන ගණන් හම්බකරලා, ලෝකෙ ඉන්න පොහොසත්ම ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්.

ඇමරිකානුව කියනවා.

මිලියන ගනන් ??? ඊට පස්සෙ මහත්තයො ? ධීවරයා හිස් බැල්මක් එක්ක ඇහුවා.

ඇමරිකානුව ටික වේලාවක් කිසිම අදහසක් නැතුව, ඇස් දෙකත් ලොකු කරගෙන ධීවරයා දිහා බලන් හිටියා. ඊට පස්සේ කටේ ඇඟිල්ලකුත් ගහගෙන බිම බලන් කල්පනා කරන්න පටන්ගත්තා.

ධීවරයා ඇමරිකානුව දිහා උත්තරයක් දෙනකන් බලන් ඉන්නව.

අන්තිමට ඇමරිකානු ව්‍යාපාරිකයා, ඔලූවත් කහ කහ හෙමිහිට මෙහෙම මිමිණුවා.

ඊලඟට ඔබට පුළුවන් විශ්‍රාම යන්න... විශ්‍රාම ගිහින් පුංචි වෙරළබඩ ගමකට ගිහින් පදිංචි වෙන්න. එහිදි පුළුවන් ටිකක් දවල් වෙනකම් නිදාගන්න. ඇහැරිලා පොඩ්ඩක් මාළු බාන්න. මාළු දෙතුන් දෙනෙක් අල්ලලා, ගෙදර ඇවිත් මුණුබුරොත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න. දවල්ට කාලා, නෝනත් එක්ක ටිකක් නිදාගන්න. හවසට ගමේ ඇවිදල, වයින් ටිකක් බීලා, යාළුවොත් එක්ක ගිටාර් ගහලා සින්දු කියලා සතුටු වෙන්න...

අපගේ ජීවිතයේ ඇති සුන්ඳර බව රැඳී ඇත්තේ මුදල් මත නොව, අපගේ ආකල්ප මතය. ජීවිතය සරළ වන තරමට ජීවිතයේ සුන්ඳර බව අත්විඳිය හැකි බව අපේ යාලුවෝ හැමෝම මතක තබා ගන්න...