මනුෂ්‍යත්වය සොයා යමි

Monday, October 20, 2014

අප්පච්චී

Saturday, October 18, 2014

මරණයට බිය

හෝදරයෙක්ව මරා දාන එක අසරණව බලන් ඉන්න සිදුවීම කොයි තරම් වේදනාකාරී වෙන්න පුළුවන්ද. හෙට දිනයේදී තමන්වත් ඒ විදිහටම බෙල්ල කපලා මරා දාන බව දැනෙනකොට...

සියල්ලෝ දඬුවමට බිය වෙත්. සියල්ලෝම මරණයට බිය වෙත්. තමා උපමා කොට සිතා තවකෙක් නොතැළිය යුතුයි, නො තැළවිය යුතුයි, නොමැරිය යුතුයි, නොමැරවිය යුතුයි.


Thursday, October 16, 2014

God Sent Me For You - 4 Year Old Gives all his Piggy Bank money to Needy People

Tuesday, October 14, 2014

Never say anything.But, Think a minute





Saturday, September 13, 2014

Present Perfect

What If You Could Turn Back Time

Tuesday, July 8, 2014

මෙවන් මනුෂ්‍යත්වයක්


සදාතනික මතකය

True love is never end



Sunday, July 6, 2014

Teacher


Sunday, June 29, 2014

බලන්න මේ තරුණයෝ අඩන්න, දුක් වෙන්න හේතුව මොකක්ද කියල?

video

නුබ රහසින් ඇවිත්…

(මෙම කතාවේ එන "නම්" පමණක් මන:කල්පිත වේ...)
වේගයෙන් පැමිනි බස් රථය අනුරාධපුර බස් නැවතුම වෙත ලගා විය.ගිනි ගහන අව්වත් බස් රථයෙන් ඇවිස්සුනු දුහුවිල්ලත් නිසා ලේන්සුවකින් මුහුන වසා ගත් ඇය හනි හනිකට බසයට ගොඩ වූවාය.ඇයට මේ කිසිවක් හුරු පුරුදු දේවල් නොවේ. අනුරාධපුර ට පැමින තවම සති දෙකක් වත් නැත.ඒ නමුදු ටියුෂන් ක්ලාස් යැවීමට තාත්තාට තිබූ තදියම ගැන ඇය සිතෙන් බැන වැදුනාය.
ඔබට ඇයගේ මුහුනේ ඉරියව් බලා සිටින්නට අවස්ථාවක් ලබා දුන්නා නම් ඔබ සිනාසෙනු ඇත.
ඇය සැබැවින්ම තම පියාට ආදරය කලාය.අම්මාගේ වියෝවත්,තාත්තාගේ ස්ථානමාරුවත් නිසා අලුත් ජීවිතය ඇයට අලුත්ම අත්දැකීමක් විය.
ඇය කවුදැයි මම තවම ඔබට නොකීවෙමි.ඇය අනුත්තරා දිසානායක වූවාය.
ඉතින් අපි කතාවට යමු.
අනුත්තරා පන්තියට යන විටත් පන්තිය පටන් ගෙන අවසන්ය.....
"සු....................................................."
පන්තියේ කොනකින් පටන් ගත් සූ.... හඩ පන්තිය පුරා පැතිරීමට ඇසිපිල්ලමක් සලන තරම් වත් වෙලාවක් ගත වූයේ නැතැයි මම සිතමි.
"ඕක නවත්තනවා....අන්තිම පේලියේ නිල් පාට ඉරි ඉරි ටී ශර්ට් එක.......ගේනව බලන්න තමුසෙගේ පොත." ටියුශන් ගුරුවරයාගේ හඩ පන්තියේ එල්ලා තිබූ ශබ්ද විකාශන යන්ත්රන මගින් දැඩිව ඇසුනි.නැවතත් පන්තිය සංසුන් විය.ඒ සිදුවීම් අතර තුර අනුත්තරා බන්කුවකට බර දී ඉදගත්තාය.
කොන්ඩය අවුල් වූ කමීසයේ බොත්තම් ඇරගත් තරූශ පෙරේරා නොහොත් අපගේ රස්තියාදුකාර කතානායකයා (එම වචනය කොතෙක් දුරට සාධාරන දැයි නොදනිමි ) පිටු 40 ක කොපි පොතක් ගෙන ගුරුවරයා ඉදිරියට පැමිනියේය.
"ගන්නවා බලන්න පොත.මේ මොකක්ද ඕයි..තමුසේ හදන්නේ මුලු කොමස් සිලබස් එකම මේ පිටු හතලිහේ පොතේ ලියන්නද? "
තරූශගේ සිනහමුසු මුහුනත් පන්තියේ මුනු මුනු සද්දයත් ස්වල්ප වෙලාවක් පැවතුනි.
"පන්තිය පටන් ගත්තු දවසේ ඉදලා කරේ මේ පිටු දෙකේ තියන ඒවා විතරද.කවදා හැදන්නද දරුවො.මේක සෙල්ලමක් නෙමේ.අම්මා තාත්තා මහන්සියෙන් හම්බකරන සල්ලි තමයි ඔයා මේ නාස්ති කරන්න්නේ."
"ඉතින් සර් සල්ලි නාස්ති වෙන නිසා නේ මම පිටු හතලිහේ පොතක් ගත්තේ"
කොල්ලන් සිටි පැත්ත සිනහ හඩින් පිරුනද කෙල්ලන්ගේ පැත්ත දෙස ඔබ මා නොබලන තරමට නුවණට හුරුය.
සල්ලී දී උගන්වන පන්තියක් නිසාදෝ ගුරුවරයා සිසුවාට අත ඉස්සුවේ නැත.
යනවා පන්තියේ පිටිපස්සෙම පේලියට.ගිහින් නගිනවා ඩෙස්ක් එක උඩට"
ගුරුවරයාගේ විධානය ඔහුට ගානක් වත් නැත.කටේ තිබූ චුවින්ගම් හපය බිමට දැමු ඉලන්දාරියා සංසුන් ගමනින් පසුපසට ගමන් කලේය..
මේ සියල්ල දෙස අනුත්තරා සන්සුන්ව බලා සිටියාය.
"හොද වැඩේ අසමජ්ජාතියට.ඕකා තමා ඔයා එනකොටත් සු...ගාන්න පටන් ගන්න ඇත්තේ.ඕකටම හරියන යාලුවෝ ටිකක් ඉන්නව නේ.කොහොම ගෙවල් වල හැදුන උන්ද දන්නේ නෑ.ගිය සතියේ බස් එකේ යනකොට මගේ ගවුමේ චුවින්ගම් එකක් අලවලා තිබ්බා.අපරාදේ අලුත්ම ගවුම."
අනුත්තරාට අනෙක් පසෙන් සිටි තරුණිය කියාගෙන කියාගෙන ගියාය.
"මීට කලින් ක්ලාස් ආවද.මම අදයි ඔයාව දැක්කේ."
"නෑ.අද තමා ආවේ.මම අනුත්තරා"
"මම ඉරේශා ""
එතනින් පටන් ගත් ඔවුන්ගේ කයිවාරුව කොතනින් නැවතුනා දැයි මම නොදනිමි.තරුණ ගැහැණු ළමුන් දෙදෙනෙකුට කතා කරන්නට මොන තරම් දේවල් තිබේද..ඔවුන්ගේ කතා සොයන්නට යාමට තරම් මම ඕපාදූප කාරයෙකු නොවෙමි.
තමාගේ පියා පොළොන්නරුවේ තැපැල් ස්ථානාධිපති බව , ගමේ ගත කල ජීවිතය ගැන , තමන්ගේ අලුත් ජීවිතය ගැන අනුත්තරා දිසානායක කියන්නට ඇත.ඉරේශාදා ඊට නොදෙවනි වන ලෙස තම ජීවිත කතාවම කියන්නට ඇත.
පන්ති නිම වන තුරුම ඔවුන්ගේ මුකුලුව,සිනහව මෙන්ම තරූශ දිසානායකගේ බන්කුව උඩ සිට කරන ඉලන්දාරි විහිලු වලින්ද පන්තිය පිරී පැවතුනි. අනුත්තරාත් ඉරේශාත් පන්තිය අවසානයේ අනුරාධපුර බස් නැවතුම් පල වෙත සෙමෙන් සෙමෙන් පියනැගුවෝය.බස් රථවල නොනවතින හෝන් හඩත් මිදුමක් මෙන් නැගෙන දුහුවිල්ලත් අනුත්තරාගේ ඇස් දවාලයි.
මෙතක් කතාව මම කියුවේ අනුත්තරා දිසානායකට වාසි සහගත ලෙස යැයි ඔබට සිතෙනු ඇත.ගැහැනු ලමුන්ගේ කතා වලට මැදිහත් වීම අපට සුදුසු නැත.ඉදින් අපි තරුන ඉලන්දාරියා දෙසට හැරෙමු.මේ අවස්ථාව ඊට සුදුසුද නැද්ද මම නොදනිමි.නමුත් දැන් කරන්නට දෙයක් නැත..
තරූශ සිරුරේ වූ වැලි පිස දමමින් ජයග්රාෙහී ලෙස නැගිට්ටේය.බයාදු මුහුනින් ඔහුගේ සිරුරට යට වුනු සකුන්තල මොන මොනවදෝ මුමුනයි..
"තොට දැන ගන්න තිබ්බා ඔහොම කතාවක් කියන්න්න කලින්.තාත්තා නැති උනාට අම්මා ඉන්නවා යකෝ මාව හදාගන්න.තොපි මාව හදන්න ඕන නෑ.අනික තෝ මතක තියාගනින්.හැමදාම පන්තියේ වැඩිම ලකුනු අරගෙන පලවෙනිය වෙලා ගෑනු ගොඩේ සෙවලය වගේ ඉදියට අපේ කොල්ලෝ පාඩම් කරන්න ගත්ත දවසට තොට යන එනමං නැති වේවි."
සකුන්තලගේ මුහුනට තවත් දෙකක් අත ගුලිකර දුන් තරූශ බස් නැවතුමේ මුල්ලකට ඇවිද ගියේය.
සකුන්තල අමාරුවෙන් වාරුගෙන නැගිට්ටේය.
එසැනින් තරුන ගැහැහු ලමෝ කීප දෙනෙකු ඔහු වටකර ගත්තේය.එතන අනුත්තරාගේ අතින් ඇදගෙන දිව ආ ඉරේශා ද සිටිය බව අකමැත්තෙන් වුවද ඔබට මම කියමි.
"මොකක්ද මෝඩයෝ කරගත්තේ.ඔය කාලකන්නිය එක්ක රංඩුවට යන්න එපා කියලා අපි කොච්චර කියනවද.ඌ හිතක් පපුවක් තියන එකෙක් ද.දැන් තමුසේ එක්ක ගිහින් නැන්දටයි මාමටයි මම මොකක්ද කියන්නේ.මෙන්න මේ ලේන්සුවෙන් ඔය අත බැදගන්නවා.අත් දෙකම තුවාල වෙලා..අනූ...ඔයාගේ ලේන්සුවත් දෙන්න ඩියර්.මූ කරගන්න ඒවට මට තමා වගකියන්න වෙන්නේ"
ඉරේශාගේ සහ අනුත්තරාගේ ලේන්සුවලින් දෑතම බැදගත් සකුන්තල අනුත්තරාට සිනහවකින් සංග්රවහ කලාය.
ඔබද මමද තරූශට අකමැති බව සැබැවි.ඒත් සකුන්තලට අනුත්තරා පෙරලා සිනහවක් පෑම ඔබටවත් මටවත් නොරුස්සයි.එය අද කාලයේ ආදර කතාවල ලක්ෂනයකි.
මේ සියලු සිදුවීම් දෙස කාලකන්නි ඉලන්දාරියා උපහාසයෙන් යුතුව බලා සිටියේය.අනුත්තරා සකුන්තලට සිනහව පෑම අපට තරම් ඔහුට ප්ර ශ්නයක් නොවීය.පන්තියේ අන් පිරිමි ළමුන්ගේ සිත් පිනවන රූසපුවක් අනුත්තරාට තිබුනත් එය ඉලංදාරි කොලු ගැටයාය කිසිම ආකරයක ප්රමශ්නයක් නොවේ.
අනුත්තරා යනු ඔහුට තවත් එක කෙල්ලෙක්ම පමනි....
සවස යන බස් රථයට අප කතාවේ දැනට හමූ වූ චරිත හතරම නැග ගත්තේය.තරූශගේ රවා බැලීම් හමුවේ සකුන්තල තව තවත් කෙල්ලන් දෙදෙනාට මුකුලු වූවේය.
ටිකට් එකක් වත් නොගෙන බස් රථයේ පාපුවරුවේ එල්ලීගෙන යන තරූශ දෙස ඔබගේ මගේ දෑස් වලට අමතරව අනුත්තරා දිසානායකයේ දෑසද ඉද හිට යොමූ වූ බව පමනක් අද කතාවේ අවසානයට කියමි.
සෑම ආදර කතාවකම ලෙස මේ ආදර කතාවටද පෙම්වතුන් යුවලක් ඕනෑමය.ඔබගේත් මගේත් හිත් ඉල්ලන පරිදි සිත්පිත් නැති රස්තියාදුකාර ඉලන්දාරියාට මේ සුන්දර යුවතියව අයිතිකර දිය හැකිද.කතාව ඔබටවත් මටවත් වෙනස් කල නොහැක.එය සිදු වූ ආකාරය පමනක් මම ඔබට කියාගෙන යන්නෙමි.... 
මෙතක් කතාව මම කියුවේ අනුත්තරා දිසානායකට වාසි සහගත ලෙස යැයි ඔබට සිතෙනු ඇත.ගැහැනු ලමුන්ගේ කතා වලට මැදිහත් වීම අපට සුදුසු නැත.ඉදින් අපි තරුන ඉලන්දාරියා දෙසට හැරෙමු.මේ අවස්ථාව ඊට සුදුසුද නැද්ද මම නොදනිමි.නමුත් දැන් කරන්නට දෙයක් නැත..
දොරටද පයින් පාරක් දී දොර ඇරගත් ඉලංදාරියා ගේ තුලට වැදුනේය.කුස්සියේද කන්නට කිසිවක් නැත.අම්මා වැඩට ගොස් එන්නටද තවත් පැය තුනක් පමන තිබේ.
ඇද සිටි ඇදුම පිටින්ම ඇදට වැටුන තරූශ දෑස් අඩවන් කරගත්තේය.
එන්න..අපි ඔහුගේ සිතුවිලි තුලට රිංගමු.
එහි ඔබ සිතනා ආකාරයට කෙලෙසකවත් අනුත්තරා සිටියේ නැත.බිම වැටී බයාදු මුහුනෙන් බලා සිටිනා සකුන්තල පමනක් සිටියේය..
"ඇති වෙන්න නෙලුවා ගෑනු පෙරේතයට"
කට කොනකින් සිනාසුන තරූශ තමාටම මුමුනා ගත්තේය.
තරූශගේ දෑස් පිය වෙන්නට වැඩි වෙලාවක් ගත නොවුනේය.
දහවල් කාලයේ නිදාගන්නේ කාලකන්නි ඉලන්දාරීන් පමනක් නොවේ.ඉලංදාරියාගේ නිවසට කිලෝ මීටර් ගනනාවක් ඈතින් වූ නිවසක සුන්දර දැරිවියක්ද නිදාගෙන හුන්නාය.
"දුවා..අනු...නැගිටින්න දුව..පන්ති ගිහිල්ලා ආපු ගමන් නිදාගන්න එක නෙමේ නේ කරන්න ඕන"
"හ්ම්ම්ම්ම්ම්...නිදිමතයි තාත්තා.මට මහන්සියි නේ."
එක වරක් දෑස් හැර බැලූ යුවතිය දිසානායක මහතාටද නොඇසෙන ලෙස කෙදිරුවාය.
මද සිනාවක් පෑ දිසානායක මහතා සුපුරුදු සෙල්ලමටම වැටුනේය.යුවතියගේ කකුල් දෙකෙන් ඇද ඇද මිට්ටම අසලටම ගත්තේය.
අනේ අනේ....අවුරුදු 18 ක කෙල්ලක් නැගිට්ටව ගන්න තියන අමාරුව.ඒක නෙමේ දුවා...මොකද අද අලුත් පන්තිය.
අපෝ...මහ රස්තියාදුකාරයෝ ඉන්න තැනක් නේ ඒක.අද පන්ති ඇරිලා එද්දි එක කොල්ලෙක් තව කෙනෙක්ට බිම දාගෙන ගහනවා.පව් අර බිම වැටුන කෙනා.හොදටම ගුටි කෑවා තාත්තා.ඒ ගහපු කොල්ලා නම් හරිම රස්තියාදුකාරයෙක් කියලා ඉරේශා කිව්වා"
අහ්.ඔය ගියපු ටිකට යාලුවෙකුත් හදාගෙන ඉන්නේ..ඔහොම තමා දුව කොල්ලො.කෙල්ලෙකුට ගහගන්න ඇති.මගේ සුදු දුවා පරිස්සම් වෙන්න.ඊලග දවසේ උන් ගහ ගන්නේ මේ ලස්සන මූනට වෙන්න බැරි නෑ."
දිසානායක සිනහසෙමින් කී දෙය කිසියම් හෝ ආකාරයකට සත්යන වීමට ඉඩ තිබේ.අනුත්තරා එතරම් සුන්දර වූවාය.
--------------------------------------------------------------------------------
මම ඔබව සතියක් ඉදිරියට කැදවාගෙන යමි.මක් නිසාද යත් අපගේ කතාව ගලාගෙන යන්නේ සිකුරාදා ආර්ථික විද්යාා පන්ති දිනයන් හී දී පමනක් බැවිනි.
පලමු දිනයේ අනුරාධපුර බස් නැවතුම් පලේ බසයක් එනතුරු මග බලා සිටියේ අප කතාවේ චරිත අතරින් අනුත්තරා පමනි.ඒත් අද දින සකුන්තල සූරියබන්ඩාරද බලා සිටියේය.ඒ බසයක් එනතුරුමදැයි මම නොදනිමි.
සකුන්තලව ඈතදීම දුටු අනුත්තරා සිනහ වූවාය.සකුන්තලගේ මුහුනේද සිනහවක් ඇදුනේය.එය හිතවත් කම පෙන්වන සිනහවක් ද මනමාල සිනහවක් දැයි තීරණය කිරීමට අපහසුය.
"කොහොමද? මම දැන් ගොඩක් වෙලාවක ඉදලා මෙතන.තාම බස් එකක් නෑ.බස් ස්ට්රදයික් ද දන්නෙ නෑ."
එසැනින් බසයක් පැමිනියේය.
"මේ තියෙන්නේ බස්.ඔන්න මමම එන්න ඕන බස් එකක් එන්න"
අනුත්තරාද මුකුලු වෙමින් කීවාය.
යුවතිය බස් රථයට නැගි පසු ඊට පිටු පසින් සකුන්තල බසයට ගොඩ විය.
ඔවුන්ගේ සුන්දර කතාව විනාඩි පහලවක් හෝ විස්සක් නිදහසේ ගලා යන්නට ඇත.එත් ඊට වඩා ඔවුන්ට තොදොල් වීමට අපේ කතා නායකයා ඉඩ තැබුවේ නැත.
පොලිසිය අසල බස් රථය නවත්වනවාත් සමගම තරූශ බසයට ගොඩවිය.
සකුන්තල දුටු තරූශට සිනහවක් ගියේය.
ඔබට මට තරම් ඔහුට සකුන්තල සහ අනුත්තරා එකට සිටිනු ගානකට වත් නැති සේය.
"අඩෝ...ගෑනු පීටර්..ඒ පාර මේ අලුතෙන් ආපු කෑල්ල අල්ල ගත්තද...උඹ තමයි මිනිහා නේ.."
ඔහු කොතරම් හඩින් එය කියුවේද කියතොත් මුලු බසයේ සිටි පිරිසම තරුශ දෙසත් සකුන්තල දෙසත් අනුත්තරා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෝය.යුවතිය ලැජ්ජාවෙන් රතු වූවාය.සකුන්තල ඔරවමින් අහක බලා ගත්තේය.ඔහු ඊට වඩා දෙයක් නොකරන තරමට පෙර දිනයේ තරූශ මුහුනට එල්ල කල පහරවල් සැරය.
මහ රස්තියාදුකාරයෙක්.මුන් වගේ කාලකන්නි මොකට ඉපදෙනවද දන්නේ නෑ..ඕක කියලා තමයි මම එදා ගුටි කෑවෙත්.ඒ පාරවල් තාම රිදෙනවා.ඔයත් පරිස්සම් වෙන්න අනු..මූට කෙල්ලොත් පේන්න බෑ.."
අනුත්තරාද අප්පිරියාවෙන් යුතුව තරූශ දෙස බැලුවේය.
බසය නගරයට එනතෙක්ම ඔබට පැවසීමට තරම් විශේෂ දෙයක් සිදු නොවිනි... 
බස් රථයෙන් බැසගත් සකුන්තල සහ අනුත්තරා සෙමෙන් සීරුවේ පන්තිය දෙසට පියනැගුවෝය...
"අනු...ඊලග සතියෙත් මම එන්නම් ඔයා එන බස් එකේම.නැති නම් අර රස්තියාදුකාරයා මොනවා කරයිද දන්නෙ නෑ ඔයාට"
"අනේ එයා මට මොනවා කරන්නද පිස්සෝ..ඔයා එනව නම් හොදයි..මට පාලුවක් නැතුව බස් එකේ යන්න පුලුවන්.."
අනුත්තරා සිනහසෙමෙන් කීවාය.
ඒ වචන ටික සකුන්තලට හොදටම ප්රපමාණවත්ය.ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා ලැබුන පිලිතුර සැනසිලිදායකය.
අනුත්තරාගෙන් සමුගත් සකුන්තල වහා වහා පන්තියේ ඉදිරිපසම පේලියට ගියේය.වාඩි වීමට තැනක් සොයා ගත නොහැකිව ලැතැවුන අනුත්තරාට පන්තියේ මැද හරියෙන් අතක් ඔසවා වනනු පෙනුනි.ඉරේශා වේලාසනින්ම පැමින පේලියක් අල්ලාගෙන සිටියාය.
ඔබත් මමත් පන්ති යන කාලයේ පටන්ම ගැහැනු ලමුන්ගේ මේ ක්රිියාව සිදු වේ.පේලි ඇල්ලීම ඔවුන්ට විනෝදාංශයක් මෙන් විය.
"මාර වැඩේ නේ හලෝ..අද තරූශ බස් එකේදී ඕනේ නැති කතාවක් කිව්වනේ.බස් එකේ හැමෝම මමයි සකුන්තලයි දිහා බැලුවා.තරූශ නම් මහ ඕනවට වැඩියි..."
"මම කිව්ව්ව නේ ඩියර්..ඕකා ඔයාට විතරක් නෙමේ ඔහොම කරලා තියෙන්නේ..මේ පන්තියේ හැම කෙල්ලෙක්ටම ඔහොම තමා..අම්මලා රස්තියාදුවේ ගිහිල්ලා තාත්තලා නැති දරුවෝ හදාගෙන එනවා.අන්තිමට උන් අපිට තමයි වදේ.."
තරූශ ගැන ඔවුන්ගේ කතාව එතැනින් නිම විය...නමුත් එය සකුන්තල ගැන කතාවකට ආරම්භය විය.
සුන්දර ගැහැනු ලමෝ දෙදෙනෙකුට වැදගත් දක්ෂ ඉලන්දාරියෙකු ගැන කතා කිරීමට ඕනෑ තරම් දේවල් තිබේ.ඔවුන්ගේ කතාවට භාදා නොකර අපි අපේ කතානායකයා දෙසට යොමුවෙමු.ඔහු පන්තියට ආවාදැයි බැලීමටවත් අපට හැකි නොවිනි..සමහර විට ඔහු අද රස්තියාදුවේ යන්නටද ඉඩ තිබේ....
සමාවන්න මට වැරදී තිබුනි..
ඔහු සුපුරුදු ස්ථානයේ වාඩි වීගෙන සිටියේය.පන්තියේ අවසාන පේලියේ සිට බලාගත් අත බලාගෙන ඔහු සිටියේය..ඔහු බලාගත් අත අපිත් හෙමීට ඔහුට නොදැනෙන්නට බලමු...
අනුත්තරා දිසානායක.......බැල්ම නවතින්නේ එතැනින්ය..
අනුත්තරා සිනහසෙන විට තරූශගේ මුවේද ඇදෙන්නේ ඒ හා සමාන සිනහවකි..එය ඔහුට තේරෙන්නේ නැත.
ඔබ කාට හෝ නොදැනෙන්න ආදරය කර තිබේද..එසේ නම් ඔබත් ඇය දෙස මෙලෙසම බලා සිටින්නට ඇත.ඔබගේ මුවේද මෙවැනිම සිනහවක් නැගෙන්නට ඇත.ඇගේ සිනහව ඔබ සිතින් කොපමන වාරයක් බලා ඇද්ද..ඔබට ඇයට නොදැනෙන්නට කොපමන ආදරය කරන්නට ඇද්ද....
ඉලංදාරියාට නැගුනු සිනහව ආදරය නිසා ඇති වූවක් යැයි කීමට මම ඉක්මන් නොවෙමි.සමහර විට එය අද බස් රථයේදී ඇයව හෑල්ලුවට පත් කිරීම නිසා ඇති වූවක් වීමටද පුලුවන..
අනුත්තරා දෙස යොමු වූයේ තරූශගේ ඇස් පමනක්ම නම් ඔබ සැබැවින්ම සතුටු වනු ඇත.ඒත් සකුන්තල සූරියබන්ඩාරද විටෙන් විට පිටු පස බලමින් සිනහසෙමින් සිටියේය....
පන්තිය ඇරඹිනි....
"ගිය සතියට කලින් සතියේ තිබ්බ ටෙස්ට් එකේ මාර්ක්ස් අද මම නෝටිස් බෝර්ඩ් එකේ දැම්මා..පළවෙනි තුන්දෙනාට පුරුදු විදිහටම තෑගි දෙන්න හදන්නේ"
පන්තිය පුරා අත්පොලසන් හඩක් නැගුනි.තෑග්ග කාටදැයි ඔබත් අනුත්තරාත් නොදැන සිටියාට පන්තියේ අනෙක් සියලු දෙනාම දැනගෙන සිටියෝ.....
"පුරුදු විදිහටම ලකුනු 93 ක් අරගෙන සකුන්තල සූරියබන්ඩාර මේ පාරත් පලවෙනි තෑග්ග ගන්නවා.."
ගුරුවරයාගේ හඩ පරදවන අත්පොලසන් හඩක් පන්තිය පුරා නැගුනි.ඒ හඩට වැඩියෙන්ම දායක වූයේ අනුත්තරා යැයි කීවොත් ඔබ පුදුම නොවනු ඇත.ආඩම්බරයෙන් නැගීසිටි තරුනයා සුපුරුදු ලෙසම තෑග්ග ගෙන තම බන්කුවේ වාඩි වූයේය.වාඩි වීමට පෙර අනුත්තරා දෙසද බැලීමට ඔහු අමතක නොකරේය...
එදිනත් පන්තියේ පාඩමට අමතරව තරූශ පෙරේරා යොදාගෙන ගුරුතුමා කරනු ලබන විහිලු වලින්ද පන්තිය පිරි පැවතුනි...
"ඔයාට මාර්ක්ස් කීයද දන්නේ නෑ නේ ඉරේශා" පන්තිය අවසානයේ අනුත්තරා ඇසුවාය..
"දන්නේ නෑ හලෝ...ශුවර් එකට අඩු ඇති..නෝටිස් බෝඩ් එකේ ඇති අපි ගිහින් බලමු..."
දෙදෙනාම දැන්වීම් පුවරුව අසලට පැමිනියෝය.පන්තියේ ලමුන්ගෙන් එතන පිරී පැවතුනි.කෙසේ හෝ අස්සෙන් රිංගාගත් තරුණියන් දෙදෙන ඉරේශාගේ නම තරගයට මෙන් සෙව්වෝයය..
"ආ...මේ තියෙන්නේ කෙල්ලේ...ළකුනු 68යි..හොදයි නේ...."
"මොන හොදක්ද හලෝ...තාම ඉන්නේ B එකක මට්ටමේ නේ..."
"ඉතින් එහෙම තමා..එක පාරට වැඩිවෙන්නෙ නෑ නේ ලකුනු..සකුන්තලට වඩා ගන්න බලන්න..එතකොට ටික ටික වැඩිවේවි.."
"ඒක නම් කවදාවත් වෙන්නේ නෑ..සකුන්තල මාර බ්ර යිට්....මට එයාව අල්ලන්න නම් තව හතර පාරක් වත් A/L කරන්න වේවි..ඒකට තරූශ....අපේ චූටි මල්ලි ආවත් එයාට වඩා හොදට ලකුනු ගනීවි.."
දෙදෙන නැවත සිනාසුනේය..
තරූශ පෙරේරා...ලකුනු 11 යි....සුපුරුදු පරිදි ලැ‍යිස්තුවේ අවසානය උරුමකරගෙන සිටියේය...
"හලෝ හලෝ....නෝනලා දෙන්නා ළකුනු බලනවා වගේ නේ...."
හඩ ආ දෙසට අනුත්තරගෙත් ඉරේශාගෙත් දෑස් යොමු විය..... 
සකුන්තල සිනහ මුසු මුහුනින් ගැහැනු ලමෝ අසලට පැමිනියේය..
"ආ...මේ එන්නේ බ්රුයිට් කේස් එක...මෙහෙම කෙනෙක් එක්ක ඉන්න ලැබෙන එකත් වාසනාවක් නේද අනු...."
අනුත්තරා කලේ සිනහසීම පමනකි..තමා සමග කතා කල මේ අපූරු ඉලන්දාරියා ගැන මුලු පන්තියේම ගැහැනු ලමුන් උමතුවෙන් සිටිනා බව පමනක් ඇය දැන සිටියාය..
"අනුත්තරා ටෙස්ට් එක ලිව්වේ නෑ නේ..ලිව්ව නම් ළකුනු බලාගන්න තිබ්බා..කමක් නෑ.ඊලග මාසේ එකම ලියමු නේ..."
"කොච්චර එක්සෑම් ලිව්වත් ඔයාව පාස් කරන්න නම් කොහෙත්ම බෑ සකුන්තල" අනුත්තරා සකුන්තල දෙස එක එල්ලේ බලා කීවාය..."
මේ අතර තවත් දෑසක් අනුත්තරා දෙස එක එල්ලේ බලා සිටින වග ඇය තබා ඇය සමග හුන් අනෙක් දෙදෙනාද නොදැන සිටියෝය්ය..තරූශ පෙරේරාගේ බොර පැහැ දෑස දුර ඈත සිට දැන්වීම් පුවරුව තෙක් විහිදී තිබුනි..
අප කතා නායකයා මේ මුහුන දී සිටින්නේ ජීවිතයේ කෙදිනකවත් ලබා තිබූ අත්දැකීමකට නම් නොවේ..
ඔබ පලවෙනි වතාවට කෙනෙක් ගැන ආදරයක් ඇති වූ මොහොත හෝ දවස මතකද..තරූශ මේ මුහුන දී සිටින්නේද එවැනි අවස්තාවකටය..සමහර විට ඔබ සැවොම ඒ අත්දැකීමට වයස අවුරුදු 18 ට පෙර මුහුන දෙන්නට ඇත.ඒත් අයාලේ ගිය රස්තියාදුකාර ජීවිතයකට ආදරයේ පලමු සෙවනැල්ල අරියාදු කරනා විට එය ඔහු කෙලෙසක නම් දරා ගන්නද....
තවත් විනාඩි 10 කට පමන පසු අප චරිත හතරම සිටියේ බස් රථයකය.සියල්ල ඒ ආකාරයටම සිදුවිය..නමුත් එක් වෙනසක් විය..වෙනදා පාපුවරුවේ එල්ලීගෙන ගිය ඉලංදාරියෙක් බස් රථය ඇතුලටම ගොඩවී යුවතියක් දෙස බලා සිටියේය..
තරහා නොවන්න...
ආදරය ඇතිවීම මෙතරම් ඉක්මනින් සිදුවේවි යැයි ඔබ නොසිතන්නට ඇත..නමුත් එය සිදුවෙමින් පැවතුනි..ආදරය ඇතිවීමට කාලය ඕනෑ නැත..මේ මොහොත වෙන විටත් ලෝකෙයේ කොතැනක හෝ දෙදෙනෙක් ආදරයෙන් බැදී පවතිනු ඇත...තරූශ පෙරේරා නොහොත් රස්තියාදුකාර කතානායකයාගේ ජීවිතයට ආදරය හිනැහෙමින් තිබේ..
ඒ ආදරයට ඔච්චම් කරනා දක්ෂ ඉලංදාරියෙකුත් තම වාරය එලඹෙන තෙක් බලා සිටී....
බසයෙන් බැසගත් තරූශ නුවර වැව ආසන්නයේ වූ නිවස දෙසට පිය මැන්නේය..අද මුලු වැවම නිශ්චලය..ඔහුගේ හිත ඊටත් වඩා නිශ්චලය.. වැවේ ආරක්ෂාවට දමා තිබූ කලු ගලක් මත ඔහු හිදගත්තේය,...
තමාට සිදුවන්නේ කුමක් දැයි ඔහු දැන සිටියේ නැත..අනුත්තරා ගැන විශේෂ ඇල්මක් පමනක් හිතේ තිබෙනා බව ඔහු දනී.එය ආදරයමද...විටෙක ඔහු ඔහුටම සිනාසෙයි..පිස්සු...
"මම ජීවිතේට කෙල්ලෙක්ට ආදරේ කරාවිද..."
ආදරය කරනා තරුණයෙකුට කොපමන නම් ප්රේශ්න තිබේද....ඒ සියල්ලට උත්තර සොයාගත යුත්තේ තනිවමය..අනුත්තරා සමග කෙසේ හෝ කතා කල යුතුය..ඒ සදහා එක අවස්තාවක් හෝ ලබා ගැනීමට ඔහු අදිටන් කරගත්තේය...."ඊලග සිකුරාදා දවස....ඔව් එදාට මම එයත් එක්ක කතා කරනවා..."
තරූශ ඒ තීරනයට එන විට ඈත අහසින් හිරු නොපෙනී යාමට ආසන්න වෙමින් තිබුනි....
-------------------------------------------------------------------------------------------------
වේලාව 11 ත් පසු වී තිබේ..කාමරයේ මීට පැය කීපයකට කලින් විදුලි බුබුල නිවා දැමුවද අනුත්තරාට නින්දක් නැත.සකුන්තල සමග උදෑසන කතා කල දේවල් මෙන්ම යලි ගෙදර එන අතර තුරේදී කතාකල දේවල් ද ඇය මෙනෙහි කලාය..
ඔබ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග ජීවිතයේ පලමු වතාවට කතා කල දවස ඔබට මතකද....ඔබට ඒ කතා කල වචන එකක් නෑර මතක බව මම දනිමි..එය ආදරයේ හැටිය...අනුත්තරාටද ඒ කතාකල දේවල් නැවත නැවත මතක් වෙනු ඇත...
තරූශ පෙරේරාද ඇදේ පෙරලෙමින් නිදා ගැනීමට උත්සහා ගත් වාර ගනන අනන්තය..ඇසිපිය තද කරගන්නා වාරයක් වාරයක් පාසා අනුත්තරා ඔහුගේ දෑස අද්දර සිනා සෙයි..එය ඔහුට එක්තරා ආකාරයේ සැනසීමකි...
"අද රෑට මමයි අනුයි ඉන්න හීනයක් පේන්න ඕන.." ඔහු විටෙක එලෙසද සිතුවේය..කොතරම් මැරවරයෙක් වුවද ආදරය ඉදිරියේ ඉතා බොලදය..
මේ සියල්ල මෙලෙස සිදුවන විට නිදි නැති දෑසක් සර්ව ආර්ථික සමතුලිතය පාඩම් කරමින් සිටියේය..,වෙළද පොලට රජය මැදිහත් වීම, විදේශ වෙළද කටයුතු ගැන තිබූ සිද්ධාන්ත සියල්ල ඔහු මෙනෙහි කලේය..පොත් අතරින් මැවෙන අනුත්තරාගේ රුව බලමින් විනෝද වීමද ඔහුගේ පාඩමේ කොටසක්ම විය..නමුත් ඒ රුව සකුන්තලගේ පාඩම් වැඩ වලට භාදා වූයේ නැත..මනස පිලිවෙලකට තබා ගත් තරුණයා නිදාගන්නා විට රාත්රීම 12 ත් පසු වී තිබුනි...
--------------------------------------------------------------------------------------
සතියක් ගතවී ඊලග සිකුරාදා දිනයද උදා විය...තරූශ , අනුත්තරා සහ සකුන්තලද නොයිවසිල්ලෙන් සිටින්නේ සිකුරාදා වන තුරුය..සුපුරුදු පරිදි අනුත්තරා සමග බසයට නැගගත් සකුන්තල ප්රීයතියෙන් පන්තියට පැමිනියෝය..
ඔවුන්ගේ පුද්ගලික කතා කියමින් ඔබ වෙහෙසට පත් කිරීම මාගේ අරමුණ නොවේ..ඊට වඩා වැදගත් කතාවක් කීමේ වගකීමක් මට ඇත..
තරුණ ජෝඩුවට භාදා කිරීමට තරූශ අද නැත..ඔහුට එම බසය මග ඇරී තිබුනි.තරූශගේ දෑස් අනුත්තරා වෙතටද අනුත්තරාගේ හා සකුන්තලගේ දෑස් එකිනෙකා දෙසද යොමුවෙමින් තිබුනි...කෙසේ හෝ නොසන්ඩාල ඉලංදාරියෙකු යන්තමින් හික්මී තිබේ.....
නැවත වැදගත් යමක් සිදු වූයේ පන්තිය අවසානයේ ය..
අනුත්තරා පන්තියෙන් එලියට පැමිනෙන තෙක් කාඩ් මාර්ක් කරන තැනට වි සිටි තරූශගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් අනුත්තරා සකුන්තල සහ ඉරේශා සමග එලියට ආවාය..
"ඉරේශා සිටියාට කමක් නෑ..ඒත් මේ ඇඹලයා මෙයාගේ නැට්ට වගේ වෙලා...." 
ඔහු තනිවම සිතුවේය....
"මුට මුකුත් නොකරොත් මූ තවත් උඩින් යාවි...හොදයි බලමුකෝ ඊලග දවසේ....
සැබැවින්ම ඊලග දවස මොවුන්ගේ ජීවිතයේ තීරනාත්මකම දවස බව කිසිවෙකු දැන සිටියේ නැත.
කාටත් නොදැනෙන්න ඊලග සිකුරාදා දිනය උදාවී තිබුනි..පෙරදාටත් වඩා ලස්සනට හැඩ වූ සකුන්තල වේලාසනින්ම බස් නැවතුම වෙත පැමින සිටියේය..
සුපුරුදු සිදුවීම් කියවා කතාව තවත් දීර්ඝ කිරීමට මාගේ අදහසක් නැත.මෙට හැකිතාක් කෙටියෙන් කීම මාගේ යුතුකමක් බව මම දනිමි...
සකුන්තලත් අනුත්තරාත් වෙනදාටත් වඩා සමීපව පන්තියට ඇතුලු වූ බව ඈත සිටම තරූශ දුටුවේය.
අපි නොදන්නා කුමක් හෝ සිදු වී තිබේ..එය ඔබටත් මටත් වඩා රස්තියාදුකාර තරුණයාව නොසන්සුන් කලේය...
"අද හවසට බලාගම්මුකෝ...."
ඔහු තනිවම මිමුනුවේය.....
තරුණ යුවලකගේ ඉගි බිගි ද රස්තියාදුකාරයෙකුගේ රැවුම් ගෙරවුම් වලින්ද පන්ති කාලය ගෙවී ගියේය...
පන්තිය අවසානයේ හනි හනිකට පඩිපෙල බැසගත් තරූශ තම ගොදුර එන තෙක් පඩිපෙල පාමුලට වී බලා සිටියේය..
සිදුවන්නට යන දේ ඔබ අනුමත නොකරන බව සැබැවි..නමුත් එය එසේම සිදු විය..
"අඩො ගෑනු හොරා..."
සකුන්තල දොරටුවෙන් පිටවනවාත් සමගම තරූශ බෙරිහන් දුන්නේය... 
සකුන්තල එය නෑසුනා මෙන් සිටියේය..මේ තරූශට පිලිතුරු දිමට කාලය නොවේ..තරුණයා සැබැවින්ම උගතෙකි..ඔහු කිසිත් නොකියා අනුත්තරා එනතුරු බලා සිටියේය..
"අඩො ගොබ්බයා...තොගේ කන් ඇහෙන්නෙ නැද්ද.. මෙහේ වර..."
එවර නම් සකුන්තලගේ උගත් කමටද අභියෝගයක් එල්ල විය..මෙතැන හිටගෙන සිටීමෙන් පලක් නැත.ඔහු සෙමෙන් සෙමෙන් තරූශ අසලට ආවේය..
"කියන්න..මොකක්ද අද කරන්න හදන්නේ.."
"අඩෝ සෙවලයා...තෝ දැන් අර කෙල්ලට පැනි හලනවා වැඩියි..තොගේ පාඩුවේ පොතක් පතක් බලන් ඉදපන්.."ඇයි උඹ මට මොනවා කරන්නද....."
"මම උඹට එදා කරලා පෙන්නුවනේ කරන්න පුලුවන් දේ...එදා ටිකයි උඹට කරේ..ඉතුරු ට්කත් එක්ක දෙන්න පුලුවන් ඕන නම්.."
"මේ තරූශ....උඹ මොන හේතුවක් නිසා අනුත්තරාගෙන් අයින් වෙලා ඉන්න කියලා මට කියනවද මම දන්නේ නෑ..ඒත් ඒකි මට කැමතියි..ඉතින් මාත් එක්ක ඉන්න එක එයාට ප්ර.ශ්නයක් නැති නම් උඹට තියන ප්රඅශ්නෙ මොකක්ද?"
තරූශ අසරණ විය...අම්බානෙක අසරණ විය..ඔබ මීට පෙර ඔහු මේ තරම් අසරන වී තිබෙනු කවදාවත්ම දැක නැති වෙන්නට ඇත...නමුත් ඔහු අනුත්තරා අත හැරීමට සූදානම් නැත...
මට තියන ප්රූශ්නෙද....මට තියන ප්ර්ශ්නෙ තමයි උඹ අනුත්තරා එක්ක ඉන්න එක...මම අනුත්තරාට ආදරෙයි..."
ඔහු එය කිව්වාද ඔහුට එය කියවුනාද යන්න මම නොදනිමි.නමුත් එය ඔහු කියා අවසන්ය..රස්තියාදුකාර ඉලංදාරියෙකු ආදරය හමුවේ මෙල්ල වී තිබේ..
සකුන්තල කිසිත් නොකීවේය...
ඔහු සිනාසුනේය...හඩ නගා සිනාසුනේය...
"උඹ හිතන්නෙ අනුත්තරා උඹට කැමති වේවි කියලද...බලපන් යකෝ..උඹට මොනවද තියෙන්නේ...උඹට ඉගෙන ගන්න පුලුවන්ද? අඩුගානේ උඹට කෙල්ලෙක් බලාගන්න විදිහක් තියනවද? මෙච්චර කාලයක් කෙල්ලොන්ට පන්තියේ ඉන්න දුන්නේ නැති උඹ මේ කෙල්ලට ඉන්න දේවිද...."
සකුන්තල සැර බාල කලේය..වට පිටද බැලුවේය..අවසානයේ ඔහු එය කීවේය...
"තෝ වගේ තාත්තෙක් නැති අවලමෙක් එක්ක ඉන්න මොන කෙල්ලද යකෝ කැමති..."
එය හරියට පිදුරු ගොඩකට සිකරට් කොටයක් දැමුවාක් මෙන් විය..තරූශට කාගෙන් වත් ලයිසන් ඕනා නැත..
ඔහු පහර දුන්නේය..
සකුන්තලද පුලුවන් ආකාරයට පහර දුන්නේය..නමුත් හැඩි දැඩි තරූශ සමග ඔහුට මොන බේරීමක් ද... ඉලංදාරියා පිස්සුවෙන් මෙන් පහර පිට පහර දුන්නේය.පන්තියේ සියල්ලෝ කාලෙකින් දක්නට නොලැබුන වලියක් බලා ගැනීමට එතනට වට විය...
"අනේ...මගේ සකුන්තල"
කොහේදෝ සිට කවුදෝ කෑ ගසනු ඇසුනි..
මට වැරදීමක් සිදු වූයේ නැත..ඒ හඩ "මගේ සකුන්තල" ලෙසම උච්චාරනය විය..
පඩියෙන් පඩිය කලබලයෙන් බිමට බැසගත් අනුත්තරා දිවගෙන විත් සකුන්තලව තුරුල් කර ගත්තාය..
සකුන්තල කලේ සිනාසීම පමනි..ඔහුගේ දෑත දෙපය පමනක් නොව මුහුනද දැඩි ලෙස සීරී තිබුනි..
"අනේ ඇයි රත්තරන් මේ අමුනුස්සයා එක්ක රංඩුවට ගියේ..මම කිව්ව නේ පැටියෝ ඔයාට..ඇයි කියන දේ අහන්නේ නැත්තේ..ඔයාට මොනවත් කරන්න මම ඉඩ තියන්නේ නෑ වස්තුවේ.."
සකුන්තලගේ දෙසවනට ලං වූ ඇය කෙදිරුවාය...
ඔබත් මමත් නොදැන සිටියාට සකුන්තලගේත් අනුත්තරාගේත් ආදර කතාව ඇරඹී තිබුනි..අප රස්තියාදුකාරය එය දැන ගන්නා විට හොදටම ප්රැමාදවී ඇත...මා ඔබට පලමුවෙද කියුවෙමි..ආදරයක් ඇති වීමට තත්පරයක් වත් ගත නොවේ...
"තමුසේ මහ ජරා බල්ලෙක් ඕයි..මේ අහිංසකයා තමුසෙට කරපු අපරාදේ මොකක්ද.ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නේ...මම දන්නවා...මේවා තමුසෙගේ වැරදි නෙමේ...ඒත් ඕයි අවජාතක හැම එකාම මේ විදිහ නෑ...හොද හිතින් යනවා...අපිට පාඩුවේ ඉන්න දීලා යනවා"
මුලු ලෝකයම තමාට සිනාසෙනවා තරූශට දැනුනි..ජීවිතයේ කෙදිනකවත් මෙලෙස කාගෙන් වත් අවමන් විද නැත.තමා මුලු හදින්ම ආදරය කල යුවතිය තමාට මෙසේ කියාවියැයි ඔහු සිහෙනෙන් වත් නොසිතුවේය..නමුත් එය එසේම සිදුවිය...
කාගෙන් වත් ආදරයක් ලබන්නට ඔහු සුදුසු නැත..ඔහු රස්තියාදුකාරයෙකි.ඔහු නිකමෙකි..ඔහු මැරයෙකි..ඒත් ඔහුට අහිංසක ආදරවන්තයෙක් වීමට නොහැකිද...තරූශට හැඩුම් එයි.ඒත් රස්තියාදුකාරයෝ ප්ර්සිද්දියේ හඩන්නේ නැත.උන්ට දුක තේරෙන්නේ ද නැත..උන්ට හිතක් පපුවක් ද නැත..ඉතින් මෙතන හඩන්නට නොහැකිය..
ඔහු ඇවිද ගියේය...වේගයෙන් ඈතට ඇවිද ගියේය....
------------------------------------------------------------------------------------------
ඇද මිට්ටමට කොට්ටයක් තබා ගත් තරූශ තමා ගැනම සිතුවේය.රස්තියාදුකාරයෙක් වූ නිසා ආදරය කිරීම ඔහුට තහනම් ද....අම්මාගේ වැරදි නිසා ඔහු ලෝකයා හමුවේ බැනුම් ඇසිය යුතුද...මේ ආදරය අපරාදේ යැයි විටෙක ඔහු සිතුවේය...ජීවිතය කෙසේ හෝ වෙනස් විය යුතුය..නැත වෙනස් කරගත යුතුය..
ඔබත් පාඩම් කරන කාලයේ මෙසේ සිතන්නට ඇත..කවුරුන් නිසාහෝ හිතට දුකක් දැනුන නිසා පොත් ටික අරගෙන අනන්තවත් පාඩම් කරන්නට ඇත..දිනකින් දෙකකින් ඒ දුක මග ඇරී ගිය පසු නැවත් සුපුරුදු ජීවිතයටම ඔබ හුරුවන්නට ඇත..ඒත් තරූශට එසේ වීමට වුමනාවක් නැත...ඔහු වෙනස් විය යුතුය..මේ වෙනස් වීමට කාලයයි...
සෑම ආදර කතාවකම මෙන් මේ කතාවේ කතානායකයාට සුන්දර යුවතිය හිමි වනේ නැත...වෙනත් ආදර කතා වල මෙන් රස්තියාදුකාරයන්ට සැබෑ ජීවිතයේදී තරුණියන් ආදරය නොකරයි...ඔවුන් සිහින් මවන්නේ සකුන්තලලා වැන්නවුන් ගැනය..නැති නම් සල්ලිකාර වැදගත් ඉලංදාරීන් ගැනට..ඔබ කියවා ඇති ප්රේදම කතාවකදී මෙන් සැබෑ ජීවිතයේදී එය එසේ වන්නේ නැත...ඔබ කොපමන තරූශට කැමැත්තෙන් සිටියද අනුත්තරාගේ කැමැත්ත ඔහුට හිමි නැත..
පලමු වතාවට අපගේ කතාව සෙනසුරාදා දිනයකටද යමුවේ...
උදෑසන හයේ කනිසමට නැගිට ගත් තරූශ මුහුන කට සේදීමටද ප්රතථමයෙන් කොහු හැලී ගිය කොස්සක් කොහේදෝ තිබී සොයාගෙන ආවේය.. 
කාමරයේ අපිලිවටට තිබූ පොත් සියල්ල එක ගොඩකට එකතු කල ඔහු සිවිලිමේ තිබූ මකුලු දැල් කඩා ඉවත් කිරීමට පටන් ගත්තේය...
"කාලකන්නියා..."
ඔහු සිනාසෙමින් තමාටම මුමුනයි...
මකුලු දැල් කඩා දැමූ තරූශ කාමරය සම්පූරණයෙන් අතුගා දැමුවේය..
පොත් පත් ඔහේ විසිරී තිබූ මේසය පිලිවලට සෑදුවේය...
ඔහු තව දුරටත් රස්තියාදුකාරයෙක් නොවේ..කතාව ආරම්භයේදීම මම ඔහුට රස්තියාදුකාරයා යැයි කියමින් එය කොතෙක් දුරට ගැලපේදැයි නොදනිමියි කීවෙමි...
සැබැවින්ම දැන් ඔහුට එය ගැලපෙන්නේම නැත....
"ඔක්කොම වැඩ ඉවරයි.."
දැන් බලමු රස්තියාදුකාරයෙකුට කරන්න පුලුවන් මොනවද කියලා"
ඔහුගේ බොරලු පැහැ දෑස දිලිසෙමින් තිබුනි.....
අම්මාගේ කාමරයේ එල්ලා තිබූ කැලැන්ඩරය ඔහු ගලවාගෙන ආවේය.විභාගයට ඇත්තේ තවත් මාස දහයකට අඩු කලයක් බව කැලැන්ඩරයේ කොල පෙරලා බැලූවිට මැනවින් දිස් වේ..
මේ මාස දහය ඔහුට හොදටම ප්රයමානවත් ය.ඉලංදාරියා කාලසටහනක් සැදුවේය...
ඉන්පසු හොදින් නෑවේය..වෙනදාටත් වඩා නැවුම් ගතියක් දැනේ..
අම්මා උදේ පාන්දර සාදා ගොස් තිබූ උදෑසන ආහාරය සීතල වී ගොස තිබුනත් අපුලක් නැතුව බඩට දාගත්තේය..
කාමරයට ගොස් පුටුව ඇදගත් ඔහු රාජකාරිය කිරීමට පටන් ගත්තේය..
ආදරයට කල නොහැකි දෙයක් නැත.ජීවිත වෙනස් කරන්නේ ආදරයයි..ඔබත් එක වාරයක් හෝ කාටම හෝ ආදරය කර ඇතැයි සිතමි.ඒ ආදරය හමුවේ ඔබ ජීවිතයට වැදගත් දේ හෝ නොවැදගත් දේ සිදුවන්නට ඇත.තරූශ නොදැන හෝ ඔහුගේ ජීවිතය ආදරයක් නිසා වෙනස් වෙමින් තිබුනි...
මේ සතියම ඔහුට පාඩම් කරන්නට ඉඩ හැර ඊලග සිකුරාදා දිනය වෙත අපි යමු...
වෙනදා කාටත් හොරෙන් ආදරය කල ජෝඩුවක් දැන් එලිපිටම ඔවුන්ගේ ආදරය පටන් ගෙන තිබුනි.අනුත්තරා සහ සකුන්තල ආර්ථික විද්යාි පන්තියේ සිටි ජනප්රි යම යුවල වූවෝය.
"අරයා අලුතෙන් ඇවිල්ලා සකුන්තල අල්ලගත්ත නේ හලෝ..අපිට ඉතින් හුලං තමා.."
චික් බන්...මම කොච්චර කාලයක් බලන් ඉදියද..මේකි වැඩේ ගැස්සුව නේ..."
කෙල්ලන් ඒ විදිහට ඕපාදූප සොයද්දී කොල්ලෝ ද ඊට නොදවෙනි වූවෝය....
"සකුන්තලයා තමා බන් ඒකිට ගැලපෙන්නේ..ඌ බ්රනයිටා..ඒකි පට්ට ලස්සනයි නේ බන්..අපි උඹලා දිහා හැරිලවත් බලාවිද ඉතින්"
"කොහොම හරි සකුවා කෙල්ලව අල්ල ගත්තා නේ...ඔව්ව ලොකු ලොකු අතු බන්..අපි අත නොදා ඉමු..ලස්සන කෙල්ලෝ අපිට උරුම නෑ.."'
අප කතා නායකයාට ඕපාදූප වලින් වැඩක් නැත..ඔහු ජීවිතයේ එකම එක වාරයක් ආදරය කලේය..ඒ ආදරය ඔහුට හිමි වන්නේ නැත..නමුත් තාමා ජීවිතය හදා ගත යුතුය..අද ඔහුව පිලිකුල් කරන අයට එදාට ඔහුව ඕනෑ වනු ඇත
පන්ති පටන් ගැනීමට විනාඩියකට හෝ දෙකකට කලින් ඔහු පන්තියට ආවේය..පන්තිය වෙනස් වී නැත..නමුත් ඔහු වෙනස් වී ඇත..වෙනදා තිබූ අවුල් වූ කොන්ඩය දැන් පිලිවෙලකට පැත්තකට බෙදා තිබුනි.හොදින් මැද තිබූ කමීසය චාම් ගතියකින් යුතු විය...
අවසාන පේලිය සමීපයේ ඔහු මදක් නැවතුනේය..අනුත්තරා ඊට පේලි ගනනකට ඈතින් සකුන්තල සමග අතින් හා ඇස් වලින් කතා කරමින් වුන්නාය...
ඉදිරි පස බංකුව දෙස බැලු ඉලන්දාරියා තමාගේ සුපුරුදු බංකුව දෙසද බැලුවේය..ඔහුට නොදැනීම බංකුවේ ලියා තිබූ මැකී යමින් පැවති වදනක් දෙස ඔහුගේ දෑස් යොමු විය...
"බුද්ධිමතින් බිහිවන්නේ පසු පස පේලියෙනි"
ඔහුට සිනහවක් ගියේය...තවත් වරක් නොහිතාම තම සුපුරුදු ආසනයේම ඔහු වාඩි වුනේය...පන්ති කාලය පුරාම ගුරුවරයාගේ හඩට පිටින් කිසිම දෙයක් ඔහුගේ දෙසවනට වැටුනේ නැත.... 
ගෙදරදී පෙර සටහන් බැලූ නිසා අද පාඩම ඔහුට තේරුම් ගැනීම ඉතාමත් පහසු විය.මෙච්චර කල් ගුරුවරයා පන දමාගෙන උගන්වා ඇත්තේ මේ දෙවල් දැයි ඔහු තනිවම සිතුවේය....
පන්තිය සුපුරුදු ලෙසම අවසන් විය....
සමාවන්න...
සුපුරුදු ලෙසම නෙවේ...තරූශ පෙරේරා යොදාගෙන කරනු ලැබූ විහිලු වලින් පන්තියට විනෝදයක් නොලැබුනි..ගුරුවරයාට පවා තරූශව අමතක වී ගොසිනි..ඔහු ඒ තරමට නිශ්ෂබ්දව සිටියේය.......
---------------------------------------------------------------------------------------------------
කාලය ගෙවී ගියේය...සකුන්තලගෙත් අනුත්තරාගේත් ආදර වදන් වලින් මගේ කතාව පිරවීමට අදහසක් නොමැත..වෙනත් ආදර කතාවක් කියවීමෙන් ඔබට ඔවුන්ගේ ආදර කතාව සහ ආදර දෙබස් තේරුම් ගැනීමට හැකි වනු ඇත..මගේ කතාව එක් රස්තියාදුකාරයෙක්ව සිටි තරුණ ඉලංදාරියෙකු ගැනය...ඉදින් මම ඔබට එය පමනක් කියමි...
තවත් මාසයකට පසු පන්තියේ මාසිකව පවත්වන පෙරහුරු විභාගය පැවැත් වුනි.වෙනදා ලෙඩ නිවාඩු දමා එයට නොපැමිනෙන සිසුන් පවා එයට පැමින සිටියෝය..උසස්පෙල කඩයිමට පෙර තමන්ගේ මට්ටම ඔවුන්ට බලා ගත යුතුය..සියල්ලෝම එය ලිව්වෝය..
පුදුම නොවන්න..අප ඉලංදාරියා වෙනදාට වචන 20 කට 30ක සීමා කරන ප්රවශ්න පත්රනය සම්පූර්ණයෙන්ම ලියුවේය..ජීවිතයේ පලමු වතාවට සතුට ඔහු වෙත පැමිනෙමින් තිබුනි....
සකුන්තල අනුත්තරා ඉරේශා යන සෙසු චරිතද විභාගයට මුහුන දුන්නෝය..
සුපුරුදු ලෙසම සකුන්තලට ප්රසශ්න පත්රගය අපේ භාෂාවෙන් කියනවා නම් ගේමක් තිබුනේම නැත...අනුත්තරා සහ ඉරේශා ගැන නම් මම නොදනිමි..ගැහැනු ලමුන්ගේ ඕපා දූප අපට කුමකටද....
-----------------------------------------------------------------------------------------------------
තවත් සිකුරාදාවන් දෙකක් පසු කිරීමට මම ඔබෙන් අවසර ඉල්ලමි...ඔබ අවසර දුන්නත් නැතත් මම එය පසු කරමි.මෙය මෙගාවක් කිරීම මගේ අරමුණ නොවේ..මෙය ආදර කතාවක් ද නොවේ...
එන්න අපි පන්තියට යමු....ගුරුවරයා පැමින සිටියේය...
"එදා දීපු ටෙස්ට් එකේ ලකුනු අද මගේ ලග තියෙනවා..මුල් කීප දෙනාගේ ලකුනු මගේ අතේ..අනිත් ටික පුරුදු විදිහටම නෝටිස් බෝඩ් එකේ දාලා ඇති...
ඔබත් මමත් පුල පුලා බලා සිටි අවස්ථාව එලඹී තිබේ..ගුරුවරයා තරූශගේ නම කියනු ඇත....අපි බලා සිටිමු....
"පලවෙනි තැන ලකුනු 91 ක් අරගෙන ලබාගන්නේ සකුන්තල සූරියබන්ඩාර"
සුපුරුදු අත්පොල්සන් නාදය පන්තිය පුරා රැවු දුනි..
ඔබේ බලාපොරොත්තු බිද වැටුනා නම් සමා වන්න..එහි තරූශ පෙරේරාගේ නම කියවුනේ නැත..පලවෙනි තැනට තබා මුල් තුන් දෙනා අතරවත් ඔහු සිටියේ නැත...කුමක් හෝ සිදු වී තිබේ...
එන්න අපි අනුත්තරා හා ඉරේශා පසු පසින් දැන්වීම් පුවරුව දෙසට යමු...ඉරේශා ලකුනු 70ක් ද අනුත්තරා ලකුනු 56 ක් ද ලබා සිටියාය..
"පලවෙනි පාරනේ ඩියර්..මට මුල් ටෙස්ට් එකට ලකුනු 40 යි...ඔයා හොදයි නේ..තව මහන්සි වෙන්න..සකුන්තලට ආඩම්බරයක් වෙන්න ඕන නේ එයාගේ නෝනා"
ඉරේශා සිනහ සෙමෙන් කීවාය..
ගැහැනු ලමෝ සතුටු සාමීච්චියෙන් පඩිපෙල බැස ගියෝය.ලකුනු ලැයිස්තුවේ සියල්ල නොවෙනස් ය..ඒත් එක වෙනසක් සිදුවී ඇත...
පන්තිය හිස් වූයේය..ඒත් එක බොර පැහැ දෑසක් පමනක් දැන් වීම් පුවරුව දෙස බලාගෙන සිටියෙය...ඒ දෑස අයිති වූයේ වෙනස කල පුද්ගලයාටය..ලැයිස්තුවේ අවසානයට ඔහුගේ නම නැත.වෙනදා 250 ක් වූ සිසු සිසුවියන් ගෙන් අවසාන ස්ථානය නිසැකවම හිමි කරගන්නා තරූශගේ නම අද එතැන නැත..
තරූශ පෙරේරා ලකුනු 79 යි 18 වන ස්ථානය...
ඔහුට කොපමන සතුටක් දැනුනේද මම දනිමි. ඔබලාට එය දැනී තිබේදැයි කීමට නම් මම දන්නේ නැත....
අපේ කතාව වෙනස් වෙමින් තිබේ...පොත් ගුල්ලන්ට යන එන මං නැති වීමේ කාලය අත ළගය..
සකුන්තල,
ඔබ පරිස්සම් වන්න....අතින් පයින් ඔබව පැරැද්දූ ඉලංදාරියා දැනුමෙන්ද ඔබට බිම වැටෙන්නට පහර දෙනු ඇත..එදාට ඔබ හැම අතින්ම පරාදය...ඒ දවස එන තෙක් අපි බලා සිටිමු..............
ඔබ විභාගයට පාඩම් කරනා අවදියේ දින සති මාස ඉගීලී ගිය ඉක්මන ගැන ඔබ හොදටම දනී..
වේලාව දහවල් එක පසු උනා පමනි.දහවල් ආහාරය ගත් තරූශ අතීත සිද්දීන් සිතෙන් මෙනෙහි කරන්නට විය.
අනුත්තරා......
කොහේදෝ සිට පැමිනි සුලං පොදක් තරූශගේ අවුල් වූ කොන්ඩය තවත් අවුල් කලේය.
තමා හොදින් පාඩම් කරත් අනුත්තරා තමාට කැමති නොවන බව ඔහු සක් සුදක් සේ දනි.ඉලංදාරියා කන්නාඩියෙන් තම රුව බැලුවේය.ඇස් යට කලු වී ගොසිනි.පෙරදා බොර පැහැයට තිබූ ඇස් අද වඩාත් සුදුවට පෙනේ..තමා හොදටම කෙට්ටු වී ඇති බව තරුශ සිතුවේය.
ඉන් පසු අම්මාගේ කාමරයෙන් උස්සාගෙන ආ කැලැන්ඩරයට ඔහුගේ නෙත යොමු විය...
"හ්ම්ම්ම්ම්ම්....තව මාසයයි..."
ඔහු කෙදිරුවේය..ගත වූ මාස දහය තුල වෙනස් වී තිබුනේ තරූශගේ රුව පමනක් යැයි සිතුවහොත් ඔබ වැරදිය.පෙර දැන සිටි දේවලට වඩා බොහෝ දේ ඔහු තම උසස් පෙළ විශයන් තුලින් දැන් දනි.
සමාවන්න...
ඔහු පෙර දී කිසිත් දැන සිටියේ නැත.මේ අප කතා කරන්නේ රස්තියාදුකාරයෙක්ව සිටි එකෙකු ගැනය.
සමහර හැගීම් මට තබා ඔහුටවත් විස්තර කල නොහැකි බව පමනක් කියමි.
ගත වූ මාස දහය තුල ඔහු තවත් යමක් වටහා ගත්තේය..ඒ ඔහු අනුත්තරාට දැක්වූ ඇල්ම ආදරය ලෙස විග්ර හ කිරීම වැරදි බවය.තරූශ බොලද තරුණයෙකුව සිටි අවදිය පසු කරමින් සිටි.රස්තියාදුකාරයින්ටද වෙනසක් කල හැක..
විභාගය ගැන සිත සිත ඉන්නවාට වඩා විවේකයක් ගැනීම සුදුසුය.කොට කලිසමකින් හා සැහැල්ලු කමීසයකින් සැරසුනු තරූශ නුවර වැවදෙසට පියමැන්නේය.
---------------------------------------------------------------------------------
නිදි මත දෑසින් අනුත්තරා පොත දෙස බලා සිටියාය.ඇයට පොතේ පාඩම් වලට වඩා පෙනුනේ සකුන්තලගේ රුවය.ආදරය මාස දහයක් පැරනි බව සැබෑය.ඒත් ගැහැනු ළමෝ ආදරයේදි සැමදා නැවුම්ය.
අනුත්තරාද තවත් එක් ආදරය කරනා ප්රේ්මවන්තියක් වූවාය.ආදරය නැමති බැදීම හමුවේ ඉගෙනීම නැමති වගකීම ඇය පැහැර හරිමින් සිටියාය.ඒ බව ඇයට අමතක වී තිබුනි.ඔබ ගැහැනු ළමයෙකු නම් ඇයට බැනීමට අයිතියක් ඔබට කොහෙත්ම නැත.මක්නිසාද යත් ඔබද නොදැනුවත්මම ආදරය හමුවේ නොයෙක් වගකීම් අමතක කර දමා ඇත්තෙකු බැවිනි.
සකුන්තල එසේ නොවුනේය.ඔහු පාඩම් වැඩ නොපිරිහෙලා සිදුකලේය.අනුත්තරාට මදි යැයි නොකියන තරමට ආදරයද කලේය..ඔබ සකුන්තලට අකමැති වූවට ඔහු දක්ෂ ඉලංදාරියෙකු බව මම පුන පුනා කීවෙමි...
මේ වල් පල් දෙඩවීම් ඔබට ඕනෑ නැති බව දනිමි.
එන්න අපි කතාවට යමු....
ආර්ථික විද්යා පන්තිය අවසන් වීමට ඇත්තේ තවත් සතියක් පමනි.පෙර සතියේ පැවති අවසන් විභාගයට සියල්ලෝම හොදින් පිලිතුරු දුන්නෝය.
පළමු දෙබස අපි ගැහැනු ලමුන් දෙදෙනාගෙන් අරඹමු.ගැහැනු ළමෝ කොහොමත් ඕපාදූප කතා වලට දක්ෂය.
"තව සති දෙකකින් Econ ක්ලාස් එකත් ඉවරයි නේ අනු..ඔයයි සකුන්තලයි ඊට පස්සේ මීට් වෙන්නේ කොහොමද?"
ඉරේශා තම මිතුරුයගෙන් ඇසුවාය..
"අනේ මන්දා ඩියර්..මේ එක්සෑම් එකටත් වඩා මගේ හිතේ පත්තු වෙන්නේ ඕක.සකුන්තල නම් Campus යයි.ඒත් මම "
ඇය ප්රිශනයක්ම තැබුවාය.මා ලියනා කතාවේ මූලිකම අර්තය ටිකෙන් ටික අනුත්තරාටද වැටහෙමින් තිබුනි.සෑම යොවුන් ආදරයක්ම විවාහයකින් කෙලවර නොවන බව ඔවුන්ට තේරුම් ගැනීමට තිබුනි.ඒත් ආදරය කරනා අවදියේ ඒවා තේරුම් ගැනීමට යන්නේ කවුද....
"තරූශ මාරයි හලෝ..ගිය ටෙස්ට් එකට 83යි.පස් වෙනියා.මේ පාර ටෙස්ට් එකේදි සකුන්තලටත් හොද චැලේන්ජ් එකක් දෙන්න ඇති තරූශ.මොනව උනත් කොල්ලා හොදට පාඩම් වැඩ කරනවා ඇති..."
පිටුපසම පේලියේ කොනේම සිටි ඉලංදාරියා දෙස බලමින් ඉගි කරමින් ඉරේශා කීවාය..ඇය අර අදින්නේ කුමකට දැයි මායම් ගැන දැනිමක් ඇති ඕනෑම පිරිමියෙකුට වටහා ගත හැක..
දැන් ඔබ මාව විශ්වාස කල යුතුමය.මම ඔබට පලමුවද කීවෙමි.ගැහැනු ලමුන් කතාවන්නේ රස්තියාදුකාරයින් ගැන නොවේ.දක්ෂ ඉලංදාරීන් ගැනය...ඉරේශා අනුත්තරා පමනක් නොව අනෙක් ගැහැනු ලමයින් පවා තරූශ ගැන හොර රහසේ මිමිනුවෝය.අප කතානායකයා ගැන මට ආඩම්බරය...ඔබටද එසේම යැයි මම සිතමි..
ගුරුවරයා පන්තියට ආවේය.සියල්ල සංසුන් විය.
"එක්සෑම් එකට තව ටික දවසයි තියෙන්නේ.ගිය පාර ටෙස්ට් එකේ මාර්ක්ස් මගේ ලග තියෙනවා.මේ මාර්ක්ස් වලින් ඔයාලට තමන් ගැනම මිම්මක් ගන්න පුලුවන් වේවි.
කලින් විදිහටම නෝටිස් බෝර්ඩ් එකේ හැම කෙනෙක්ගේම ලකුනු දාලා ඇති.තම තමන්ගේ නමට ඉස්සරහා ගනිපු ලකුනු වල වර්ධනය බලාගන්න පුලුවන් වෙන්න හැම ටෙස්ට් එකකම ලකුනු පිලිවලට හදලා ඇත්තේ.."
උත්තර පත්රන ගැනීම සදහා ගුරුවරයා මදකට නිහඩ විය.
"තුන්වෙනි තැන ගන්නේ..... (එම සිසුවාගේ නම මම නොකියමි.ඔහු අපගේ කතාවට අදාල නැත)..
දෙවෙනි තැන ගන්නේ...හම්ම්ම්...පලවෙනි පාරට දෙවෙනි තැන ගන්නේ සකුන්තල සූරියබන්ඩාර....."
පන්තිය පුරා පන්තිය පුරා වෙනදා තිබූ අත්පොලසන් නාදය තිබුනේ නැත.සෑම තැනම කසු කුසුවවල් තිබුනි.එක එකා පලවිනි තැන අනුමාන කලෝය..
කොතරම් නොසන්සුන් කම් තිබුනත් ඔබත් මමත් නිසැකවම පලවෙනි තැන දනිමු..
අපි මොහොතක් ඉදිමු...ඔව්..අවසානයේ ගුරුවරයා එය කිව්වේය...
"පලවෙනි තැන තරූශ පෙරේරා"
පන්තිය පුරා පැතිර ගිය නිහඩතාවය බිහිමින් අත්පොලසන් නදක් ආරම්භවිය.ඒ අතරින් අන්තිම පේලියේ සිටි තරූශ තම ත්යායගය ලබා ගැනීමට වේදිකාවට ගියේය...
ඔව්..
තරූශ නැවත පන්තියේ වේදිකාවට යමින් සිටියේය...ජීවිතය හරිම පුදුමාකාරය..
මීට කලකට පෙරද ඔහු නිතර නිතර වේදිකාවට ගියේය.අනුත්තරා පලමුව පැමිනි දිනයේද ඔහු වේදිකාවට නැගුනේය..
මේ වේදිකාව ඔහුට හුරු පුරුදුය...ඒත් අද දිනයේ වේදිකාවට නගින හේතුව ඔහුට හුරුපුරුදු නැත....
සැවොම නොසෙල්වී බලා සිටියෝය...
තරූශ වෙනස් වී තිබේ..ඔහුව වෙනස් කලේ ආදරය නොවේ.එය මම වගකීමෙන් කියමි..ආදරය යැයි සිතා සිටි හැගීමක් ,ජීවිතයේ හංගාගෙන සිටි සිද්ධින් සමුදායකට ප්රවසිද්ධියේ පහර දුන් නිසා වර්ථමාන තරූශ අද වේදිකාවට නැග තිබේ..
අද සමාජයේ තරූශලා ඕනෑ තරම් සිටි.නමුත් වැදගත් වන්නේ ඒ තරූශලාද අපගේ තරූශ මෙන් සිතීම පමනි.තරූශ පන්තියේ පලවෙනියා කලේ කතාව ලියනා මම වත් කියවනා ඔබවත් ආදරය කලා යැයි සිතන අනුත්තරාවත් නොවේ..
තරූශ වෙනස් කලේ තරූශමය..
කතාව මෙතැනින් ඉවර නැත....ඉවර කිරීමටද සිතක් නැත....
මා ඉදිරියේ සිටි ඔහු තවත් කියවමින් සිටියේය....
සුපුරුදු ලෙස නොවුනත් පන්තිය අවසාන විය..මාගේ කතාවද එතනින් අවසන් කර වෙනතක් බලා ගැනීමට මට හොදටම ඉඩ තිබුනි..නමුත් කතාව ඉවර නැත..ඔබට තව කියන්නට බොහෝ දේ තිබේ..මා මේ කතාව සම්පූර්ණ කල යුතුමය...ඔහු මා ඉදිරියේ තවත් කියවමින් සිටියේය...
විභාගය ඔබටත් මටත් තරූශටත් නොදැනෙන්නම අවසන් විය.ඒ අතර කාලයේ සිදු වූ සිදුවීම් ගැන විස්තර කිරීම තේරුමක් නැති දෙයක් යැයි හැගේ.තරූශ සකුන්තල අනුත්තරා සහ ඉරේශා වැනි ලක්ෂයකට ආසන්න වූ දරුවන්ද උසස්පෙල ජීවන කඩයිමට බියෙන් යුතුව මුහුන දුන්නහ.
විභාග ප්ර තිඵල ගැන ඔබට විශේෂයෙන් කිව යුතුය...
ආදරය ඉගෙනීමට භාදාවක් කර නොගත් සකුන්තල අනුරාධපුර දිස්ත්රිකයෙන් 137 වෙනි ස්ථානයට පත් වී සිටියේය..අනුත්තරා සාමානය සාමාර්ථ තුනක් ලබාගෙන උසස්පෙල සමත් වී තිබ් තිබුනද විශ්ව විද්යාරල ප්රිවේශයට සුදුසුකම් නොලැබුවේය.කෙසේ නමුත් ඉරේශා සුදුසුකම් ලැබුවාය.මේ කතාවේ ඉරේශාට දී තිබූ ඉඩ අඩු වුවත් ඇය සැබැවින්ම දක්ශ දැරිවියක් වූවාය...
මොවුන්ගේ ප්ථිඵල ඔබට වැඩකට නැති බව මම දනිමි...
තරූශ පෙරේරා නොහොත් රස්තියාදුකාරයෙකුව සිටි කතානායකයා... අනුරාධපුර දිස්ත්රිකයෙන් 68 වෙනි තැන ලබා කොළඹ විශ්ව විද්යාතලයට තේරී තිබුනි.ඔව්...ජීවිතය හරිම පුදුමාකාරය...මීට බොහෝ කලකට පෙර රස්තියාදුකාරයෙකුව සිටි අයෙකු ගැන ඔබට මම කීවා මතක ඇතැයි සිතමි...මේ ඔහුය..ඔහුමය...
කාලය ගත වී ගොස් ඇත...
මම සෙමෙන් ඉදිරිය බැලුවෙමි...උපැස් යුවලට යටින් පෙර තිබූ බොර පැහැ දෙනෙත් යුවල දිලිසෙමින් තිබුනි..පිලිවෙලකට පීරා නොතිබූ කෙස් රොදක් නලලට වැටී සුලගට ඒ මේ අත වැනේ.
තම දීර්ඝ කතාව අවසානයේ උපකාරක පන්ති ආචාර්ය තරූශ පෙරේරා සුසුමක් හෙලුවේය.
සමාවන්න... ඔහු නිකම්ම උපකාරක පන්ති ආචාර්ය තරූශ පෙරේරා නොව ජනප්රිකය ගිණුම්කරණ ආචාර්ය තරූශ පෙරේරා විය.
"යමුද බලන්න උඹේ ජීවිතේ වෙනස් කරපු සුරංගනාවිව..."
මම ඔහුට ඔච්චමට මෙන් කිවෙමි...
සිනහවකින් පිලිතුරු දුන් තරූශ නැගි සිටියේය..අප ට්යුසන් ජීවිතයේ දී කොතරම් කිට්ටු මිතුරන් වුවත් මේ සිද්ධිය ඔහු කෙදිනකවත් මට පවසා තිබුනේ නැත...
ජීවිත වෙනස් කරන්නේ ආදරයයි...මම ක්ලාස් එක වෙත යමින් සිතුවෙමි...
අනුත්තරා ඉපල්වත්ත... සිසුවෙක් පන්තිය වෙත ලියාපදිංචි වීමට දී තිබු අයදුම් ප්රරතයේ ඇති මව ගේ නම මම කියවා බැලුවෙමි.අනුත්තරා දිසානායක, අනුත්තරා ඉපල්වත්ත වී සිටියාය...ජීවිතය හරිම පුදුමාකාරය..ආදරය ඊට වඩා පුදුමාකාරය.
තාරුන්යා පසු කරමින් සිටියත් අනුත්තරා සැබැවින්ම සුන්දර වූවාය.රස්තියාදුකාරයෙකුගේ සිත ආදරයෙන් උමතුකීරීමට ඒ ලස්සන ප්රිමානවත්ය...
කෙදිනකවත් දැක නොතිබූ කෙනෙක් දෙස බලන්නාක් මෙන් තරූශ ඒ සුන්දරත්වය විදිමින් සිටියේය...
"එ කාලේ වාගේ ඔබ ගාව ඉන්න...
ආසයි ඔබේ සිනහව දකින්න ..."
මම ඔහුට භාදා කලමි..
.අපි දැන් යමු නේද සර් "
"හ්ම්ම්ම්...යමු"
පන්තියේ වැරෙන්ඩාව දිගේ අපි පිය මැන්නෙමු....
වැඩි දුරක් ඇවිදයාමට අපට හැකියාව ලැබුනේ නැත...
"Sir..Do You Have A Moment To Talk About My Son Please"
පසු පසින් නැගුනු හඩ අපගේ ගමන නවතාලීමට සමත් විය.
"Yes Sure"
මටත් පෙර තරූශ පිලිතුරු දුන්නේය...
"මම තරංග ඉපල්වත්ත"
ඔහු අත දිගුකලේය...
ඒ නම අසා පුරුදුය...ඒත් කොහේදීද.....මම මතක් කිරීමට උත්සහා කලෙමි...
නමුත් පිලිතුර ඔහුගෙන්ම ලැබුනි...
" මම සේලින්කෝ එකේ ඇසිස්ටන් මෑනේජර්.. මීට කලකට ඉහත මමත් එකි රක්ෂණ ආයතනයේ ඒම තනතුරේ සේවය කල බව මතක් විය..අනුත්තරා කියන්නේ මගේ වයිෆ්. මේ මගේ පුතා.පුතාගේ දැන් වැඩ කොහොමද කියලා දැනගන්න පුලුවන්ද?
ආදර කතා හරිම පුදුමාකාරය..කතා ලියන්නෝ සැමවිටම ලියන්නේ විවාහයකින් කෙලවර වෙන ආදර කතාවන් ය..ඒත් මාගේ කතාව එසේ නොවන බව මම කොතෙකුත් කීවෙමි.ඔබ සැම අත්විදිනා ජීවිත වෙල ඇත්ත මෙය නොවේදැයි මදක් නතර වී සිතන්න...
සකුන්තල කොහේ දැයි මම නොදනිමි.මම තබා තරූශ වත් එය නොදන්න බව මට හැගේ..
සියල්ලෝම විසිර ගොසිනි...ජීවිතය හරිම පුදුමාකාරය....
"බයවෙන්න එපා.. පුතා දැන් හොදට වැඩ කරනවා..
ඉපල්වත්ත මහතා සුසුමක් වාතලයට මුසුකලේය....
'තෑන්ක් යූ සර්..තෑන්ක් යූ වෙරි මච්"
ඔව්...ජීවිතය පුදුමාකාරය....සැබැවින්ම පුදුමාකාරය...... 
මේ සියල්ලට වඩා තරූශගේ මුහුනේ හැගීම් පුදුමාකාරය...ඔහු තව දුරටත් ආදරවන්තයෙක් නොවේ...ඔහු ආදරවන්තයෙක්ව සිටියේය..ඒ ආදරය ඔහුට ලැබුනේ නැත..ඔහුට තමා සකුන්තලට වත් ලැබුනේ නැත..පාසල් කාලය අවසානය සියල්ලෝ තැන් තැන් වල විසිර යද්දී ඔවුන්ගේ ආදරකතාවන්ද සුලගට මුසුවී ඔහේ පාවී යයි... 
"සහන්..හෙට මොකද කරන්නේ...වැඩක් නැති නම් හෙට අපේ ගෙදර ලන්ච් වලට වරෙන්...තරූශ සිනහසෙමින් කියයි....
ආදරය හරිම පුදුමාකාරය..එය ඇතිවන්නේද එක්වරක් නොවේ....තරූශට ජීවිතය වැරදුනේද නැත...අනුත්තරා ජීවිතය වරද්දාගෙන තිබුනේද නැත..සකුන්තලද කොහේ හෝ සිට ජීවිතය ගොඩනගා ගන්නට ඇත...යතාර්ථය මෙය නොවේදැයි මගේ සිත ප්ර.ශ්න කරයි...
මම ඔබට කතාවක් කීවෙමි....එය ඔබ කොතෙක් දුරට තේරුම් ගත්තා දැයි මම නොදනිමි...කතාව කීමේ වගකීම මම මෙතැනින් අවසන් කරමි...තරූශ මෙන් රස්තියාදුකාරයෝ බොහෝ දෙනෙක් මෙය කියවන්නට ඇත...
මම ඔවුන්ට අවවාදයක් දෙමි...අනුත්තරාලා ඔබට හිමි නොවුනා යැයි සිතා ජීවිතය පරාද කර නොගන්න...ජීවිතය ජය ගන්න..එදාට අනුත්තරාලා ඕනෑ තරම් ඔබ ගැන කතාවෙනු ඇත..මක්නිසාද යත් ඔබ තව දුරටත් රස්තියාදුකාරයෙකු නොවන බැවිනි...!!!


<<උපුටා ගන්නා ලද්දකි.>>

Wednesday, June 4, 2014

කවදහරි ආදරේ කරල තියෙනවනම් හරි, දැන් කෙල්ලෙක්ට ආදරය කරනවා නම්

මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..
මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..
කීක් කීක් කීක් කීක්
patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata
anna.nathnam mm yanawa..ummmmmmma.
හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ?
හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..
අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..
මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ
මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?
එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
-ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?
මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව ..
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..
මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ .......

Tuesday, April 22, 2014

පියා◄


World's Toughest Job

Wednesday, March 5, 2014

Please try to read others life

Sunday, February 2, 2014

Without Delay


තමන් ආදරේ අය, තමන්ට ආදරේ අයට රිද්දන්න එපා. හතුරෙකුගෙන් ලැබෙන කස පහරකට වඩා හිත ලඟින් ඉන්න කෙනෙකුගේ අකරුණාව හුඟාක් වේදනාකරී. ඇත්තටම ආදරේ කරන අය තමන්ගේ ජීවිතේට වඩා අනිත් කෙනාගෙ ජීවිතේට ආදරේ කරනවා. අද නොතේරුනාට කවදහරි එයාගෙ වටිනාකම ඔයාට තේරුනත් එදාට ඔයා කොච්චර ඇඩුවත් වැළපුනත් එයා ඔයාට ඔයා දුන්නු දුක පපුවට තුරුලු කරන් ඔයාට හොයා ගන්නවත්, ළං වෙන්නවත් බැරි තරම් දුරක ගිහින් ඉඳීවි