මනුෂ්‍යත්වය සොයා යමි

Wednesday, March 21, 2012

෴ දුප්පත් කම සහ ආදරය ෴


 ක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා.. කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්‍රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා.
 
"අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ වියදම් ගාන වගේ.. කොහොමද ඔයා මට කන්න අඳින්න දෙන්නෙවත්.. ඔයා කියන්නේ මට ඔයාට ආදරේ කරන්න කියලද..? ඒක කවදාවත් වෙන්නේ නෑ.. අමතක කරල මාව තමන්ගේ තත්වයට ගැළපෙන කෙනෙක් හොයා ගන්න"

නමුත් මේ දුප්පත් පිරිමි ළමයට මේ ගැහැණු ළමයව අමතක කරන එක නම් ලේසි උනේ නෑ..

ඊට අවුරුදු දයකට පස්සේ මේ දෙන්න අහම්බෙන් වගේ මුණ ගැහුණා සාප්පු සංකීර්ණයකදී...
"හේයි, ඔයා මෙහේ.. කොහොමද ඔයාට.? දැන් මම කසාද බැඳලනේ..ඔයා දන්නවද මගේ හස්බන්ඩ්ගේ සැලරි එක..? මාසෙකටම රුපියල් ලක්ෂ දෙකක්.. හිතා ගන්න පුළුවන්ද..? ඒ වගේම එයා ගොඩක් ලස්සනයි.." කාන්තාව අර පිරිමි ළමයට කිව්වා..

තමන් පණටත් වඩා ආදරේ කල කෙල්ල තමන්ට මෙහෙම කියද්දී අර පිරිමි ළමයාගේ ඇස් කඳුළු වලින් තෙත් උනා..
විනාඩි කිහිපයක පසුව ඇගේ හස්බන්ඩ් මේ දෙන්න ළඟට ආවා.. ඇය කිසිවක් හස්බන්ඩ්ට පහදල දෙන්න ඉස්සෙල්ල මේ පිරිමි ළමයා දැක්ක ගමන්ම හස්බන්ඩ් කතා කරන්න පටන් ගත්තා...

"සර්, ඔයා මෙතන..මේ මගේ වයිෆ්" එහෙම කියල ඔහු ඇය වෙතට හැරිලා "ඔයා දන්නවද බබා, මම මිලියන 200ක ප්‍රොජෙක්ට් එකක් කරන්න යන්නේ මේ සර් එක්ක.. ඔයා දන්නවද මේ සර් කාලයක් තිස්සේ ගැහැණු ළමයෙක්ට ආදරේ කරල තියෙනවා.. ඒත් ඒ ගැහැණු ළමය අකමැති වෙල සර්ව නොසළකා හැරිය නිසාලු සර් තවමත් කසාද නොබැඳ ඉන්නේ.." •●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●• ☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆...'·.¸✮'·.¸☆ **
මේ කාතාවෙන් ලොකු පණුවුඩයක් අපිට දෙනවා නේද..? ජීවිතය කියන්නේ එතරම් කෙටි එකක් නෙවෙයි. ඉතින් ඔයා මේ කාලේදි ඔයා ගැන වැඩිය ආඩම්බර වෙන්න යන්න එපා.. අනුන්ව හෙළා දකින්න යන්න එපා.. මොකද ජීවිතය තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා... සෑමකෙනක්ම අනුන්ගේ ආදරයට ගරු කළ යුතුයි**

දුක්බර ආදර කතාවක්

ති තුනක් වැනි පුන්චි කාලයක් හා ගෙතුනු පුන්චි ආදර කතාවක්.. 
ඔයාලත් මේ කතාව කියවලා මේ ආදර කතාවට නමක් ඔයාලම තීරණය කරන්නකො හොඳේ.. 

Boy : මට ඔයාව අද ගොඩක් miss උනා ස්කූල් එකේදී.. ඇයි ඔයා ආවෙ නැත්තේ..? Girl : හ්ම්ම්.. මට doctor ගාවට යන්න උනානෙ..
 Boy : ඔහ්!! ඇත්තද..? ඇයි ඒ..?
 Girl : ම්ම්.. මොකුත් නැහැ.. අවුරුද්දකට සැරයක් යනවනෙ 
Boy : ඔහ්හ්හ්!
 Girl : ඉතින්.. ඉතින්... අද ගණං වලට මොනවද කලේ 
Boy : ඔයාට අද එච්චර මිස් උනේ නෑ.. නෝට්ස් විතරයි තියෙන්නේ.. එච්චරයි.. Girl : ok..ඒක හොඳයි.. 
Boy.. හ්ම්ම්ම්.. 
Girl : ඒක නෙවෙයි බබී.. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද..? 
Boy : ok.. ඕනෑම දෙයක්..
 Girl : ඔයා මට කොච්චරක් ආදරෙයිද හා..?
 Boy : ඔයා දන්නවද..? ඔයාට වඩා මම මේ ලෝකේ මොකටවත් ආදරේ නැහැ බබා..
 Girl : හ්ම්ම්ම්.. මම දන්නව බබී.. 
Boy : ඇයි ඔයා එහෙම ඇහැව්වේ 
Girl : ..........>silence< .......... 
Boy : මොකක් හරි ප්‍රශ්නයක්ද බබා
 Girl : නැහැ මොකුත් නැහැ
 Boy : හ්ම්ම්ම්.. 
Girl : ....... ඔයා මම ගැන කොච්චර care කරනවද..? 
Boy : මට පුළුවන් උනා නම් ක්ෂණයකින් මුළු ලෝකෙම ඔයා ළඟට ගෙනත් දෙනවා 
Girl : ම්ම්.. ඔයාට පුළුවන්.. 
Boy : හ්ම්ම්.. අනිවර්යෙන්ම මට පුළුවන් බබා.. ( දුක්මුසුව ) ඇයි බබා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්වත්ද..? Girl : නෑ.. එහෙම දෙයක් නෑ
 Boy : ඔයාට විශ්වාසද..? 
Girl : හ්ම්ම්ම්.. ඔව් 
Boy : ම්ම්.. එහෙනම් කමක් නෑ 
Girl : ........ ඔයා මම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑසිතිද..?
 Boy : මම කවදා හරි ඔයා වෙනුවෙන් වෙඩිල්ලක් කන්න උනත් ලෑස්තියි මගෙ බබා
 Girl : ඇත්තමද..? 
Boy : මොනව උනත් දැන් මට ඇත්ත කියන්න බබා.. ඔයාට ප්‍රශ්නයක්වත්ද බබා :(
 Girl : නෑ.. මම හොඳින්.. ඔයා හොඳින්.. අපි හොඳින්.. ඔක්කොම හොඳින්.. 
Boy : ............. ok
 Girl : .....හොඳයි.. මට දැන් යන්න ඕනා. හෙට ස්කූල් එකේදී හමුවෙමු 
Boy- alright, bye. I LOVE YOU.
 Girl- හ්ම්ම්.., i love u 2, bye. 

~ඊළඟ දින පාසලේදී~
Boy :හේයි.. මගේ gfව අද දැක්කද මචන් 
Friend : නෑ
 Boy : ඔහ්හ්!! Friend : එයා ඊයෙත් ආවේ නෑ 
Boy : මම දන්නවා.. ඊයේ රෑ මට කෝල් කරල කිව්වා ඊයේ ආවේ නෑ කියලා 
Friend : හොඳයි මචන්.. උඹ දන්නවනේ කෙල්ලෝ සමහර වෙලාවට කොහොමද කියල? 
Boy : ඔව්.. ඒත් එයා එහෙම නෑ
 Friend :ඕන දෙයක්.. මම නිකමට කිව්වෙ බන් 
Boy : ok මචන්.. මට English එකට සෙට් වෙන්න ඕන.. ස්කූල් එකෙන් පස්සෙ සෙට් වෙමු 
Friend :මටත් science තියෙන්නෙ දැන්.. පස්සෙ සෙට් වෙමු 

~එදින රාත්‍රියේ~
>>ring<< >>ring<< >>ring<< >>ring<< >>ring<<
Girl : හෙලෝ.. 
Boy : හෙයි. 
Girl : ඔහ්හ්!! හායි 
Boy : ඇයි ඔයා අදත් ස්කූල් ආවෙ නැත්තේ
 Girl : ම්ම්.. මට අද වෙන දොස්තර කෙනෙක් ළඟට යන්න උනා 
Boy : ඔයාට අසනීපයක්වත්ද බබා.. 
Girl :ම්ම්ම්.. මට දැන් යන්න ඕන.. අම්ම කෝල් කරනවා අනෙක් ලයින් එකට
 Boy : ගිහින් එන්න.. මම ඉන්නම් මෙහෙම
 Girl : ටික වෙලාවක් යාවි.. මම ඉක්මනට එන්නම් 
Boy :.......alright, i love u honey.. (ගොඩක් වෙලාවකට පසුව)
 Girl : (කඳුළු පිරි දෑසින්) බලන්න.. මම හිතනවා අපිට මේ සම්බන්ධය නවත්වන්න ඕන
 Boy : මොකක් 
Girl : අපි දෙන්නගෙම හොඳට ඒක තමා දැන් කරන්න ඕන
 Boy : ඇයි ඒ? 
Girl :මම ඔයාට ආදරෙ නිසා..
(Girl දුරකථනය විසන්ධි කරයි) 

~girl සති 3කට වඩා වැඩි කාලයක් ස්කූල් ආවෙත් නෑ.. පෝන් එක ආන්සර් කලෙත් නෑ~
Boy : hey මචන්
 Friend : hey 
Boy : කොහොමද ඉතින්
 Friend :වරදක් නෑ.. ඒක නෙවෙයි මචන්.. උබේ කෙල්ලට ඊයේ පෙරේදා කෝල් කලේ නැද්ද..?
 Boy : නෑ :O
 Friend : උඹට ආරන්චි උනෙත් නැද්ද..?
 Boy : මොකක්.. මොකක් ගැනද මේ කියවන්න බන්?
 Friend : මමද ඉස්සෙල්ලම මේ ගැන උඹට කියන්නේ එතකොට 
Boy : අගේ කරන්නේ නැතිව කියපන් මොකද වෙලා තියෙන්නේ කියල please
 Friend : ඔහ්හ්!! මෙන්න මේකට කතා කරපන්.. 456-445-8906 
Boy : ok 

~පාසෙලෙන් පසුව කෝල් කරයි~
>>ring<< >>ring<< >>ring<< >>ring<< >>ring<<
Voice :හෙලෝ..මේ Suppam country hospital එකෙන් nurse සේරම් කතා කරන්නේ 
Boy : ඕහ්හ්.. මම හිතන්න්නේ වැරදි නම්බර් එකක් වෙන්න ඕන මේ.. මම මගේ යාළුවෙක්වයි හොයන්නේ. Voice :මොකද්ද එයාගේ නම සර්.. (Boy විස්තර ලබා දෙයි) 
Voice : ඔව්.. මේක තමා හරි නම්බර් එක..ඇය අපේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙක්
 Boy :ohh!! my god! ඇත්තමද..? ඇයි? ඇයට මොකද වෙලා තියෙන්නෙ? එයාට දැන් කොහොමද?
 Voice : එයාගේ රූම් නම්බර් එක 568, in building A, suite 3
 Boy : මොකද වෙලා තියෙන්නේ..? 
Voice : කරුනාකරල ඇවිත් ඇයව බලන්න සර්.. goodbye..! Boy : WAIT! NO! (හෙදිය දුරකතන විසන්දි කරයි)
~Boy රෝහලට යනවා.. රූම් නම්බර් 568, in building A, suite 3.. ඇයව රෝහලේ ඇඳක් මත දිගා කරවල ඉන්නවා..~
Boy : OMG! ඔයාට කොහොමද බබා..? 
Girl : ...........................
 Boy : බබා.. කතා කරන්න මගෙ බබා.. 
Girl : මම................ 
Boy : ඔයා මොකද්ද? ඔයා මොකද්ද?
 Girl : මට cancer එකක්.. මම දැන් ජීවත් වෙන්නෙ මේ මැෂින් එකෙන්.. 
Boy : ..............>කඳුළු කැට කැට ඇස් වලින් වැටෙයි<............... 
Girl : අද රෑට මෙයාල මගෙ ටිකට් කපයි.. 
Boy : ඇයි..? 
Girl : මට ඔයාට කියන්න ඕන.. ඒත් එක මට කරන්න බැරි උනා.. 
Boy : ඇයි ඔයා මට මීට කලින් මේ ගැන කිව්වෙ නැත්තේ 
Girl :මට ඔයාව රිද්දන්න ඕනෙ නැති නිසා බබී
 Boy : ඔයා කවදාවත් මාව රිද්ද්ලා නැහැනෙ බබා 
Girl :මම ඔයාට මගෙ පණටත් වඩා ආදරේ කරද්දි ඔයා මට කොහොමද ආදරේ කරන්නෙ කියල බලන්න මට ඕන උනා.. 
Boy : ??? 
Girl : මම මේ හැමදේටම වඩා ඔයාට ආදරෙයි..මට පුළුවන් නම් මෙ මුළු ලෝකමෙ ඔයා ළඟට ගෙනත් දෙනවා.. මට ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් පුළුවන්..වෙඩිල්ලක් උනත් ඔයා වෙනුවෙන් මට භාර ගන්න පුළුවන්.
 Boy : ............................. 
Girl :දුක් වෙන්න එපා.. මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා
 Boy :ඉතින් ඔයා අපේ සම්බඳෙ නවත්වනවද..? Nurse : දැන් ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි..
█ Boy එතනින් පිටව ගියා.. 

Girl ටික වේලාවකින් මුලු ලෝකෙම හැර ගියා.. █ 

ඇය දිගින් දිගටම එදා ප්‍රශ්න කලේ ඇයි කියලා ඔහු දැනගෙන හිටියේ නෑ.. ඒත් ඇය දැනගෙන හිටියා ඇය ජීවත් වෙන්නේ කෙටි කාලයක් කියලා.. සති තුන ඇතුළත ඔහුත් ඇයත් අතර සම්බන්ඳය නවත්වන්න ඇය තීරණය කලේ ඔහුට වෙන්වීමේ දුක ටිකින් ටික අවම කර ඇය මෙලොවින් සමු ගත් පසු වැඩි දුකක් ඔහුගේ හදවතට නොදීමටයි..

සෑබෑම ආදරය

තාම ආදරයෙන් හිටපු තරුණ ජෝඩුවක් විවහා වෙන්න තීරණය කළා. මේ විවාහයට මාස කිහිපයක් තිබෙද්දී හදිස්සියේ වුනු අනතුරකින් ගැණු ළමයගේ මුහුණට ගොඩාක් හානි වුනා. ඇය අවලස්සන වුනා. ඇය ගොඩාක් දුක් වුනා. ඇය කිසිවක් නොසිතාම ඔහු වෙනුවෙන් ලිපියක් ලිව්වා.
''අනේ... දැන් ඔයාට මාව වටින්නේ නෑ. මට ඔයා එක්ක විවාහ වෙන්නත් බෑ. මම ගොඩාක් අවලස්සන වෙලා. ඔයා ඔයාට ගැලපෙන ලස්සන ගැහැණු ළමයෙක් හොයාගන්න. එයාව විවාහ කරගන්න. සතුටින් ඉන්න'' ඇය අවංකවම එහි ලිවුවා... 

දින කිහිපයක් ගත වෙද්දීම පිරිමි ළමයගෙන් ඇයට පිළිතුරක් ලැබුනා.
''ඔයා ඔහොම කිව්වට මම තමා දුක්වෙන්න ඕන කෙනා. දන්නවද? මගේ ඇස් වල හැදිලා තියෙන ලෙඩක් හින්දා මාව ළඟදීම අන්ධ වේවිලු. මොනවා කරන්නද? මම තවමත් කැමතියි ඔයාව විවාහ කරගන්න. ඔයා කැමතිද අන්ධ වෙන මාව විවාහ කරගන්න? ඔහු එහි ලියා තිබුනා...
දින කිහිපයකින් මේ ගැහැණු ළමයා අන්ධ වුන එයාගේ පිරිමි ළමයාව විවාහ කරගත්තා. ඇය අවංක වුනා. කොහොම වුනත් මේ ''ආදරය'' ඔවුන්ව අඳුරට ඇද දැම්මාද? 

නෑ... කාලය සතුටින් ගෙවිලා ගියා. මේ දෙපළම ඉතාම සතුටන් එකිනෙකා තේරුම් ගෙන ජිවත් වුනා. අන්ධ පිරිමි ළමයට සම්පුර්ණ ඇස් දෙක, ඔහුගේ ආලෝකය වුනේ මේ ගැණු ළමයා. ආදරයට අවුරුදු 20ක් ගත වේගෙන යද්දී හදිස්සියේම ඇය ලෙඩ වුනා. ඇය ගොඩාක් දුක් වුනා අන්ධ ඔහු තනිවීම ගැන. අවසානයේ ඇය මියගියා. එදා හරි පුදුම වැඩක් වුනා. අන්ධයෙක් වගේ හිටිය මේ පිරිමි ළමයා ඇස් ඇරියා. හැමෝටම මේක හරි ප්‍රශ්ණයක් වුනා. ඔහු අවුරුදු 20ක්ම අන්ධයෙක් වගේ මේ අවලස්සන ගැණු ළමයත් එක්ක හිටිය එක ගැන. 

''මම අන්ධ නෑ. මම බොරු කිව්වා, ඒක වැරදි ඇති. ඒත් ඇයට ඇයගේ මුහුණ අවලස්සන වුනත් මම වගේ අන්ධයෙක් නැතුව මට වඩා හොඳ කෙනෙක්ව කසාද බඳින්න තිබුණා. ඇගේ හදවත ලස්සනයි. ඇය මගේ බාහිරය ස්වරූපයට වඩා ආදරය කලේ හදවතටයි. මමත් එහෙමයි. ඒ නිසයි ඇයගේ අවලස්සන ප්‍රශ්නයක් නොවෙන අන්ධයෙක් වෙලා මේ අවුරුදු 20ම ගත කරේ. ඇය ජිවත් වන තුරු ඇය හා එලෙසම සිටියා.''
අවංක ආදරය එයයි. හැමෝම පුදුම වුනා. හැමෝම කතා වුනා. එය හැමෝටම ආදර්ශයක් වුනා. 

''යාලුවනේ... සෑබෑ ආදරයට බාහිර ආකර්ශණයට වඩා ගැඹුරින් යමක් පේනවා. මොකද සෑබෑම ආදරය එන්නේ හදවත ගැඹුරින්ම නිසා.''

හදවතට දැනෙන දුක්බර ආදර කතාවක්..

යාම කියවලා බලන්න.. කියවල අපේ ජීවිත වලට එකතු කර ගන්න ඕන සියළු හොඳ දේ එකතු කර ගන්න... 

ආදරය කියන්නේ මහ පුදුමාකර දෙයක්.. ඒ ආදරය එක එක්කෙනා කරන්නේ එක එක ආකරයටනේ.. මේ දුක්බර ආදර කතාව ගෙතී ඇති පිරිමි ළමයාට තම පෙම්වතියගෙන් නිතරම දුරකතනයට ලැබෙන මැසේජස් නිසා හෙම්බත් වෙලා හිටියේ.. එක්කො ඔන්න රෑ නිදා ගන්න හදද්දි "I Love You" කියලා පෙම්වතිය එවයි.. එහෙමත් නැත්තම් "I Miss You" කියලා එවයි..
තම පෙම්වතියට නොපෙන්නුවට මේ පිරිමි ළමයා මේ මැසේජස් ගැන වැඩිය සැළකිල්ලක් දැක්කුවෙත් නෑ.. සුපුරුදු පරිදි දවසක් මේ බෝයි නිදා ගන්න හදද්දි ඔන්න මැසේජ් එකක් ආවා දුරකතනයට.. මැසේජ් එක කියනවා වෙනුවට මොහු කලේ හොඳට නිදා ගැනීමයි..
ඊ ළඟ දවසේ උදෙන්ම තම පෙම්වතියගේ මවගෙන් මේ බෝයිට ඇමතුමක් ආවා.. පුදුමයක මහත.. ඊයේ රෑ වූ කාර් අනතුරෙන් තම පෙම්වතිය සදහටම ලෝකෙන් සමුගෙන ගිහින්.. :'(
මොකුත් කර කියා ගත නොහැකි වූ පිරිමි ළමයා, ඊයේ තමාට ලැබුණු මැසේජ් එක කියවන්නට විය.. එහි මෙසේ සඳහන් විය.. "මගේ බබා,මම ඇක්සිඩන්ට් උනා.. ප්ලීස් ගේ ඉස්සරහට එන්න.. මට අන්තිම වතාවට ඔයාව බලන්න ඔනේ" :'( :'(

ලස්සන ජීවිතය

මීට ඉස්සර ඔයා මේ පින්තූරය දැකල නම් ඇති.. මේ ඉන්නේ 26 හැවිරිදි අහ්මද් සහ 25 හැවිරිදි ෆාතිමා ඔහුගේ බිරිඳයි.. ඔවුන් යුග දිවියට එළඹිලා දැන් අවුරුදු දෙකක් විතර.. අහ්මද් හට දෑතම අහිමියි.. ෆාතිමා හට තම දෙපා අහිමියි.. බලන්න මේ පවුල කොච්චර ආභාධිත උනත් ඔවුන්ගේ අනාගතය වගේම ආදරය අතින් කොතරම් ශක්තිමත්ද කියලා..
බලන්නේ මේ අහ්මද් සහ ෆාතිමා ගෙවන ජීවිතයෙන් අපිට කොයි තරම් නම් ආදර්ශ ගන්න පුලුවන්ද අපේ ජීවිත වලට කියලා.. ජීවිතයට නොසැලී මුහුන දෙන්න.. හැමෝටම උරුම වුණු ලස්සන ජීවිතයක් තියෙනවා.. එය උදාකර ගන්න ඔබත් උත්සාහවන්ත වෙන්න..

අම්මා

ක දවසක් මම වැස්සෙම ගෙදර ආපු දවසක...
අයියා කිව්වා ''හොඳ වැඩේ පණ්ඩිතයට කුඩයක් අරන් ගියේ නැතුවට'' කියල...
අක්කා උපදෙස් දුන්නා ''ඇයි වැස්ස පායනකම් හිටියේ නැත්තේ'' කියල...
තාත්තා තරහෙන් අනතුරු ඇඟෙව්වා ''දැන් ඉතිං හෙම්බිරිස්සාව හදාගෙන කෙඳිරි ගාපන්කෝ'' කියල...
ඒත් අම්මා දුවල තුවායක් අරන් ඇවිත් මගේ ඔලුව පිහදාන ගමන් කිව්වා ''මෝඩ වැස්ස, පොඩ්ඩක් ඉන්න බැරි උනා නේ මගේ පොඩි එකා ගෙදර එනකම්'' කියල...
මුළු ලෝකෙටම මාව වැරදි කාරයෙක් වුනත් මගේ රත්තරං අම්මට මාව කවදාවත් එහෙම නෑ. ඒකමනේ ''හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා'' කියල පිරුළකුත් අපි අතර තියෙන්නේ. මොකද හොරාගේ වුනත් අම්ම අම්මමයි. කවදාවත් තමාගේ දරුවට අනතුරක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඇයි තව පිරුළක් තියෙන්නේ ''උණහපුළු අම්මට උගේ දරුව මැණිකක්'' කියල. උණහපුළුව කියන්නේ බොහෝම විරූපි මුහුණක් තියෙන සතෙක් කියල කවුරුත් දන්නවනේ. ඒත් ඒ දරුවත් උගේ අම්මට පේන්නේ මැණිකක් විදියට.
තව දෙයක් තමයි අපි ගොඩාක් වෙලාවට අපේ හිතේ තියෙන තරහ පිට කරන්නේ අම්මගේ පිටින්. ඒකට හේතුවත් ඉතිං අපි මොන දේ කිව්වත් අම්මල ඒව හිතේ තියාගෙන පළිගන්නේ නෑ කියල අපි දන්න නිසා.
අපි නිසා අපේ රත්තරං අම්මලගේ හිත් නොරිදෙන්න අද ඉඳන් අපි ගොඩාක් උත්සාහ කරමු. මම මගේ අම්මට ආදරෙයි !

සමනලයා

න්තියේ ආරම්භක විද්‍යාව පාඩමේ එදා උගන්වමින් හිටියේ. පාඩම කරන අතරෙම මේසෙ උඩ තිබුන කෝෂයෙන් එළියට එන්න සමනලයා කෝෂය ඇතුලෙම දඟලමින්ම හිටියා.ළමයි ටිකටත් මේක හරිම විනෝදයි. එදා පාඩම වුනේ කො‍හොමද කෝෂයෙන් සමනලයෙක් එලියට එන්නෙ කියලයි. 

''ළමයි දන්නවද, මේ කෝෂයෙන් දළඹුවා එළියට ආවම හරි ලස්සන සමනලයෙක් වෙනවා'' ගුරුතුමා පාඩම කියලා දෙනවා. ඒ අතරම හදිස්සි වැඩකට ගුරුතුමාට පන්ති‍ය අතරතුරම එළියට යන්න වුනා. ''ළමයි... මම එනකන් මේ ගැන විමසිල්ලෙන් ඉන්න. හැබැයි කොහොමටවත් කෝෂයෙන් එලියට එන්න කවුරුවත් උදවුවට නම් යන්න එපා හොදද'' අවවාද ස්වරයෙන් කියපු ඔහු එළියට යන්න ගියා... 

ඔහු ගිය අතර සමනලයා ටික දුරකට කෝෂයෙන් එලියට ඇවිත් ඉතිරි ටික එන්න දඟලනවා. ''මේක හරියන්නේ නෑ, මෙහෙම දඟලලා මේ සතා මැරිලා යාවි. මම ඌට උදවු කරනවා.'' ජෝන් කට්ටියටම ඇහෙන්න කියලා කෝෂය කඩලා සමනලයා එලියට ගත්තා.

 ටික වෙලාවකින් ගුරුතුමා නැවතත් පන්තියට පැමිණියා. එලියට ඇවිත් හිටියා සමනලයා දැක්ක ගුරුතුමා... ''මේච්චර ඉක්මනට නම් මේ සතාට එලියට එන්න අමාරුයි. කවුද මේ සමනලයට එළියට එන්න උදවු කලේ?''
 ‍ජෝන් හරිම භයෙන් අත උස්සගෙනම නැගිට්ටා... 

 ''දන්නවද, සමනලයට උදවු කරලා ඔයා ඒ සතාගේ ජිවිතය විනාශ කලා.'' ගුරුතුමා කිව්වා.
 ''නැහැ සර් මම ඌට කරදරයක් කලේ නැහැ'' ‍‍සජෝන් කිව්වා... 
''මම ඒක දන්නවා. ඒත් කෝෂය ඇතුලෙන් දඟලලා එලියට එන්නේ ඌ තමන්ගේ පියාපත් වල ශක්තියෙන්. අන්න එතනින් තමා පියාඹන්නත් පියාපත් වලට ශක්තිය මුලින්ම ලබාගන්නේ. දැන් ඉතින් ජෝන් කවදාවත් ඌ පියාඹන එකක් නම් නෑ''

 අපිත් ජීවිතයේ සමහර තැන් වල මේ සමනලයා වගේම වෙනවා. ජිවිතේ අපට හමුවෙන අභියෝග, ප්‍රශ්ණ වලට අපි මුහුණ දෙන්න බයයි. ඒවට කවුරු හරි කෙනෙක් ඇවිත් උදව් කරනකම් ඉන්නවා. ඒකෙන් වෙන්නේ අපේ ආත්ම විශ්වාසය හීන වෙලා යන එක. එහෙම වුනොත් අපිටත් කවදාවත් ඉදිරියට නම් යන්න අපහසු වේවි. මොකද එයින් ලැබෙන අත්දැකීම හැමදාටම අපිට වැදගත් හින්දා. ඊළග අවස්ථාවේ මොන ප්‍රශ්ණය අභියෝගය ආවත් භාර ගමු. අන්න එයින් ඔබටත් නිදහසේ පියාඹන්න හොද අත්දැකිමක් ලැබේවි. ඒ වගේම තනියම උත්සාහ කරන කෙනෙක්ට තනියම ජීවිතය දිනන්න ඉඩ දෙමු. මොකද අපි අනේ පව් කියල ඒ කෙනාට කරන අනුකම්පාවම එයාගේ ජීවිතය විනාශ කරාවි.

ප්‍රශ්නයක් ඇති වුනාම...

මුලින්ම සමාව ගන්න කෙනා තමයි සිතින් නිර්භීතම... මුලින්ම සමාව දෙන කෙනා තමයි සිතින් ශක්තිමත්ම... මුලින්ම අමතක කරන කෙනා තමයි සිත සතුටින්ම... සමාව දීම යනු ඔබ අනිත් කෙනා වෙනුවෙන් කරන දෙයක්ම නොවේ. එය ඔබ ඔබ වෙනුවෙන්ම ප්‍රශ්නය අමතක කොට ජීවිතය ඉදිරියට ගෙන යාමට කරනා ක්‍රියාවක්. ජීවිතයේ මුණ ගැසෙන හොඳ වගේම නරක මිනිස්සුත් ඔබේ ජීවිතයට වැදගත්. මුණ ගැසෙන හොඳ අයගෙන් ජීවිතයට සතුට සහ සොඳුරු මතකයන් එකතු වන අතර මුණ ගැසෙන නරක අයගෙන් ජීවිතයට පාඩම් සහ අත්දැකීම් එකතු වෙනවා.

ආදරය සහ විවාහය

දිනක් සිසුවෙක් තම ගුරුතුමාගෙන් ආදරය යනු කුමක්දැයි විමසුවා. ඔහු ඊට පිළිතුරු දීමට ප්‍රථම පන්ති කාමරය එපිටින් වූ ඉරිඟු යායෙන් විශාලතම ඉරිඟු කරල රැගෙන එන්නයි සිසුවාට පැවසුවා. නමුත් එක කොන්දේසියක්ද පැනවූවා. එසේ විශාලතම ඉරිඟු කරල රැගෙන ඒමට යන ගමනේදී ඔහුට ආපසු පැමිණ පසුකර ගිය ඉරිඟු කරලක් කැඩීම තහනම්.

 ඉතිං සිසුවාත් කොන්දේසිය පිළිගෙන ඉරිඟු යාය අතරින් යනවිට ඔහු දුටුවා විශාල ඉරිඟු කරලක්. ඒත් ඔහුට හිතුනා ඉදිරියේ ඊටත් වඩා විශාල ඉරිඟු කරල් ඇතැයි කියා. එසේ යනවිට ඔහුට තවත් එක් විශාල ඉරිඟු කරලක් හමුවූවා. ඔහු නැවතත් සිතුවා ඉදිරියේ ඊටත් වඩා විශාල ඉරිඟු කරල් ඇතැයි කියා. නමුත් එසේ තවත් පැය කාලක් පමණ ඉදිරියට ගියත් ඔහුට වැටහුනා පෙර දුටු ඉරිඟු කරල තරම් විශාල 1ක් සොයාගත නොහැකි බව. ඉතිං ඔහු නැවතත් ගුරුතුමා වෙත හිස් අතින්ම ගොස් සිදුවූ දේ පැවසුවා. එවිට ගුරුතුමා මෙසේ පැවසුවා. 

''ඕකම තමයි ආදරය, ඔබ දැනට ආදරය කරන කෙනාට වඩා හොඳ කෙනෙක් හමුවේයැයි සිතා ආදරය කරන කෙනා අතහැර ඊට වඩා හොඳ කෙනෙක් සොයමින් යන අතර ඔබට වැටහෙනවා ඔබ ඔබට ගැලපෙන හොඳම කෙනාව නැති කරගත් බව. ඒත් එවිට ඔබ ප්‍රමාධ වැඩියි.

'' එවිට සිසුවා නැවත මෙසේ විමසනවා. ''එතකොට විවාහය කියන්නේ මොකද්ද?'' එයටත් පිළිතුරු දීම ලෙස ගුරුතුමා තම සිසුවාට පෙර පරිදිම කොන්දේසිය සහිතව ඉදිරියෙන් ඇති ඉරිඟු යායෙන් විශාලතම ඉරිඟු කරල රැගෙන එන ලෙස පැවසුවා. මෙවර සිසුවා තමා පෙර වැරැද්ද සිහියට ගනිමින් ඔහුට පලමුවම සිතට නිවැරදියි සිතුණු ඉරිඟු කරල තෝරාගෙන තම ගුරුතුමා වෙත පැමිණියා. එවිට ගුරුතුමා තම සිසුවාට මෙසේ පවසනවා.

 ''මෙවර ඔබ විශාලම ඉරිඟු කරල තේරීමේදී ඔබට හොඳයැයි, සිතට හරියැයි සිතුණු දේ ඔබ තෝරාගත්තා. ඒ වගේම ඔබට විශ්වාසයක් තිබුණා ඔබට ලැබෙන හොඳම දේ මෙය බවට. අන්න ඒ වගේමයි විවාහයත්''

සම්මුඛ පරීක්ෂණය


ක්තරා තරුණ උගත් පුද්ගලයෙක් උසස් අධ්‍යාපනය නිමා වෙලා සමාගමක කළමනාකරණ තනතුරට ඉල්ලුම් කලා. පළමු පරීක්ෂණයෙන් සමත් වුනු ඔහු අවසන් පරීක්ෂණයට මුහුණ දෙමින් සිටියා. ඔහුගේ ලිපිගොනු පෙරලා බැලූ අධ්‍යක්ෂකවරයාට ඔහු තනතුරට ඉතාම සුදුසු බව තේරුනා. සියළුම විභාග ඔහු ඉතා ඉහලින් සමත් වී තිබුනා. "ඔබට විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනද???
අධ්‍යක්ෂක ඇහුවා. "නැහැ"තරුණයා කිව්වා.
 "එහෙනම් ඔබට ඔබගේ පියාද වියදම් කලේ??? " "මගේ පියා නැහැ.
 මට අවුරුද්දක් වෙද්දි තාත්තා නැති වුනා. අම්මා තමා මගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ." තරුණයා කිව්වා.
 "ඔබේ අම්මා කොහෙද වැඩ කරන්නේ??"
"අම්මා කරන්නේ රෙදි හෝදන එක." තරුණයා පිලිතුරු දුන්නා.
 "මට ඔබගේ දෑත පෙන්වන්න"

දෑත බලපු අධ්‍යක්ෂකවරයා දුටුවේ බොහොම සුමුදු අත් දෙකක්. "මට එක ඉල්ලීමක් කරන්න තිබෙනවා. ඔබ අද ගෙදර ගිහින් ඔබගේ අම්මගේ දෑත හෝදන්න ඕන. හෙට ඇවිත් ඔබ දුටුව දේ මට කියන්න. එය තමා ඔබේ අවසාන පරීක්ෂණය" අධ්‍යක්ෂකවරයා කිව්වා.

තමාට රැකියාව ලබන්න තිබෙන ඉඩ කඩ වැඩි බව දුටු තරුණයා සතුටින් ගෙදර ගිහින් අම්මට ඒ ගැන කිව්වා. පසුව තමන්ගෙ අවසාන පරීක්ෂණය ගැනත් කිව්වා. පුදුමයට පත් වුනත් අම්මා තමන්ගෙ අත් දෙක හෝදන්න පුතාට ඉඩ දුන්නා. දෑත හෝදන්න ගත්ත තරුණයගේ දෑස් තෙත් වුනා. අම්මාගේ දෑත එතරම් රළු බව ඔහුට දැනුනේ පලමු වරටයි. ඒ වගේම කැපුම් තුවාල ගොඩක් තිබුනා. ඇතැම් ඒවා වතුර ගෑවෙද්දි ඉතා වේදනාකාරී බව ඔහුට තේරුනා. ඔහුට පළමු වරට තේරුනා ඔහු ඉගෙන ගන්න ඔහුට වඩා අම්මා වුනු මහන්සිය. ඇයගේ අතේ තිබුන තුවාල තමා තමාට ඉගැන්නුවෙ කියන එක ඔහුට තේරුනා. ඔහු එතනින් ඉවත් වුනේ ගොඩ ගැහිලා තිබුනු ඉතිරි රෙදි ටිකත් හෝදලා දීලයි. පහුවදා

ඔහු නැවත ගියහම අධ්‍යක්ෂකවරයා සිදුවූ දේ ගැන ඇහුවා. තමන් අම්මගේ දෑත සේදීමෙන් පසු ඉතිරි රෙදි තොගයත් සේදූ බව තරුණයා කිව්වා. "බොහොම ස්තුතියි. මම මෙච්චර කල් නුදුටුව දේ මට පෙන්වල දුන්නට" "අපේ සමාගමට සතුටින් පිලිගන්නවා." අධ්‍යක්ෂවරයා තමන් කලින් පිළියෙල කොට සූදානම් කර තිබූ පත්වීමේ ලිපිය දෙන ගමන් කිව්වා.

◄ ආදරයෙන් වෙන්වීම ►

  මේ කතාව එක්තරා යුවළක් ගැනයි. මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ගොඩාක් ආදරය කලා. කොච්චර ආදරේද කිව්වොත් එයා පෙම්වතිය කැමති ජාතියෙ කඩදාසි කුරුල්ලො 1000ක් එක් වරක් පෙම්වතියට හදලා දුන්නා. මේ වෙද්දි ඔහු පොඩි අවන්හලක කෝකියෙක්. ඒක නිසා සුවබර අනාගතයක් ගැන සුබ ලකුණු පේන්න තිබුනෙ නැහැ. නමුත් මේ පෙම්වතාටයි පෙම්වතියටයි ඒක බාධාවක් වුනෙත් නැහැ
ඒත් එක දවසක් මේ හැමදේම වෙනස් වුනා. දවසක් ඔහුව හමුවෙන්න ආව පෙම්වතිය ඇය පැරීසියට යන බවත් ආයෙ එන්නෙ නැති බවත් කීවා. ඔවුන් හිටපු තත්වයෙන් ඒ දෙන්නගෙ අනාගතයක් ගැන හිතන්න බැහැ කියලා ඇය කීවා. ඒක නිසා තමන් තමන්ගෙ පාරවල් වල යන එක තමා සුදුසුම දේ කියලා ඇය පැවසුවා. පෙම්වතාට දරාගන්න බැරි වේදනාවක් ආවත් ඔහු ඊට එකඟ වුනා. ටික කලක් යද්දි ඔහු එම කම්පනයෙන් ගොඩ ආවා. එදා පටන් ඔහු දිවා රෑ නොබලා වෙහෙස වෙලා වැඩ කලා. ඔහු බලා සිටියදි දියුණු වුනා. අවසානයේ ඔහුගේ මහන්සියේ ප්‍රථිඵලයක් ලෙස ඔහු තමාගේම සමාගමක හිමිකරුවෙක් වුනා.

 එදා වැසි දවසක්. පෙම්වතා තමන්ගෙ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියා. ඔහුගේ ඉදිරියෙන් එකම කුඩයක් යටින් යන වයසක ජෝඩුවක් ඔහු දැක්කා. කුඩයක් තිබුනත් ඔවුන් හොඳටම තෙමිලා හිටියෙ. මේ තමන්ගෙ පෙම්වතියගෙ දෙමව්පියන් බව වැටහෙන්න ඔහුට වැඩි වෙලාවක් ගියෙ නැහැ. තමන්ගෙ තත්වය පෙන්වන්න හිතුව ඔහු ඔවුන් ලඟින් සෙමෙන් වාහනය රැගෙන ගි‍යේ ඔවුන්ට තමන්ගේ නවතම කාරය පෙන්වන්න. තමන් හිටිය පුද්ගලය නෙමේ කියන එක ඔහුට පෙන්වන්න ඕන වුනා. නමුත් වයසක ජෝඩුව ඔහු ගැන තැකීමක් කලේ නැහැ. ඔවුන් ඔවුන්ගේම ලෝකයක ගමන් කලා. ඔවුන් සෙමෙන් සෙමෙන් ගමන් කරන්නේ කනත්තට බව ඔහු දුටුවා. ඔහු කාරයෙන් බැහැලා ඔවුන් පසුපසින් ගියා. තමන් පණ මෙන් ආදරය කල පෙම්වතියගේ සිනහ මුසු මුහූණ සොහොන් කොතක තිබෙනවා දුටු ඔහු මොහොතකට ගොළු වුනා. ඒ ලඟින්ම රාමු කරලා තිබුනේ ඔහු ඇයට තෑගි කල කඩදාසි කුරුල්ලන් ටිකයි. 

පෙම්වතියගේ දෙමාපියන් ඔහුව දුටුවේ මේ මොහොතේයි. සිදුවුනේ මොකක්ද කියලා ඔහු විමසුවා. වයසක දෙමාපියන් සිදු වූ හැමදෙයක්ම කීවා. ඇය කවදාවත් පැරීසියට ගියේ නැහැ. ඇයගේ සිරිරේ පිළිකාවක් තිබෙන බව ඇය දැනගත්තේ ඔහු හැර යන්නට ටික දිනකට කලිනුයි. තමන් ජීවත් වෙයි කියලා ඇයගේ සිත ඇයට කීවත්, ඇය තම පෙම්වතාට කරදරයක් වෙයි කියන බයෙන් ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කලා. ඇයගේ එකම ආසාව වුනේ තමන් මිය ගියහම තමන්ගේ සොහොන් කොතේ තම පෙම්වතා දුන්නු කඩදාසි කුරුල්ලන් තැන්පත් කරන්න කියලයි. එවිට යම් දවසක තමාගේ ආදරය ඔහුට වැටහෙනු ඇතැයි ඇය සිතුවා. කියාගන්න බැරි හැඟීම් ගොන්නක් පෙම්වතාගෙ හිතේ හිර වුනා. කතාව අවසානයේ දෑසින් සට සට ගා කදූලූ වැටෙද්දි පෙම්වතා තම පෙම්වතියගේ සොහොන් කොත ලඟ දණින් වැටුනා.

 Dear you,


I hate
...you.
...myself for that stupidity which you also took the wrong way.
...you that you made the decision to part away.
...that you belong to someone else.
...myself for never telling you how I feel.
...us.

I love
...you.
...you for everything you are.
...the memories you created with me.
...us.

I miss
...you.
...the way you smile.
...our long conversations.
...our love after fights
...our bunks and those movies and shopping at DP mall.
...us

I hate you. I love you. I miss you...
-Me

පාන් ගෙඩිය

ය සෑම දිනකම තමා කෑම සඳහා පුච්චා ගන්නා පාන් ගෙඩියට අමතරව තවත් අමතර පාන් ගෙඩියක් පුච්චා එය නිවසේ ජනෙල් පඩිය මත තබන්නට පුරුදුව සිටියේ ඒ අසලින් පාරේ යන බඩගිනි අයෙකුට එය ආහාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙනි.
 ඒ අසලින් ගමන් ගත් විරූපි වකුටු ගැසුණු මිනිසෙකුද පුරුද්දක් සේම ඇය මෙසේ තබන පාන් ගෙඩිය රැගෙන යන්නට පුරුදු වූවා. නමුත් ඔහු කිසිදිනෙක ඇයට ස්තූති කරන්නට සිතුවේ හෝ නෑ. ඔහු කල එකම දේ නම් එසේ පාන් ගෙඩිය රැගෙන පිටව යන අතරතුර මෙසේ පැවසීම පමණයි. ''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා'' 

මෙසේ සෑමදාම ඇය සාදා තබන පාන් ගෙඩිය රැගෙන යන මේ විරූපි මිනිසා ඇයට කිසිදිනෙක ස්තූති නොකිරීම ගැන ඇයට දිනෙන් දින ඇති වුනේ කෝපයක්. දිනක් ඇය ඒ තරහා අවසන් කරන්න සිතුවා, ඇය දෙවනුව පුච්චන පාන් ගෙඩියට වස එකතු කොට ජනෙල්‍ පඩිය මත තැබුවා. ඒත් මොහොතක් යෑමට මත්තෙන් ඇය මේ කරන්නට යන පාපය ගැන ඇයට සිහියට නැඟුනා. වහාම ඒ පාන් ගෙඩිය ඉවත්කොට ඇය තම කෑම සඳහා පුච්චාගත් පාන් ගෙඩිය ජනෙල් පියන මත තැබුවා. වෙනදා මෙන්ම විරූපි මිනිසා පැමිණ එය රැගෙන යන්නට වුනා. ඒ වගේම තම පුරුදු වදන් වැළ පැවසීමටද ඔහු අමතක කළේ නෑ. ''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා'' 

 ඇය මෙසේ පාන් ගෙඩියක් පුළුස්සා තබන සෑම දිනෙකම ඊට සති ගණනකට පෙර නිවසින් බැහැරව ගොස් අතුරුදන් වූ තම එකම පුතා ආරක්‍ෂා කර දෙනමෙන් දෙවියන් යදින්නටද පුරුදුව සිටියා. එදිනම ඇය තමාහට නැවත පාන් ගෙඩියක් පුළුස්සා ගැනීමට සැරසෙද්දීම ඇයගේ නිවසේ දොරට යමෙකු තට්ටු කරන්නට වුනා. දොර හැර බැලූ ඇයට තම දෙනෙත් අදහා ගත නොහැකි වුනා, තම එකම පුතු ඉතාමත් දුර්වල තත්ත්වයෙන් දොර අසල සිටිනු දුටු ඇය වහාම ඔහු වත්තන් කරගෙන ඇඳ වෙත රැගෙන ගියා. එවිට ඔහු සෙමින් තමාට වූ අකරතැබ්බය විස්තර කරන්නට වුනා.

 ''මම එදා කැලය මැදින් යමින් සිටියදී කැලයේ වූ වළක් තුලට මම ඇද වැටුනා. දවස් 2ක් විතර මම සිහි නැතිව ඉන්නට ඇති. මගේ කකුලේ වූ තුවාලය නිසාම මට ඒ වළෙන් ගොඩ එන්නට නොහැකි වුනා. දින කිහිපයක් මම බේරා ගන්නා ලෙස කෑ ගසමින්, කෑමක් නැතුව සිටිද්දී ඒ අසලින් ගිය විරූපි වකුටු මනුස්සයෙක් මට පාන් කැබැල්ලක් වළ තුළට දමා යන්නට වුනා. ඔහු මේ විධියට මේ දින ගණන පුරාවටම මාහට තම පාන් ගෙඩියෙන් කොටසක් දුන්නා. අදත් ඔහු මට තමාගේ පාන් ගෙඩියෙන් කොටසක් වෙනදා මෙන්ම දුන්නා, ඒක කාලා මම අමාරුවෙන් එල්ලී වළෙන් ගොඩට ආවා. 

ඒ මනුස්සයා නැති වෙන්න අද මම මැරිලා අම්මේ.''

 ඇයට මේ කතාව ඇසෙද්දී තම ගත වාරු නැතිව ගියා. ඇස් වල කඳුලු පුරවා ගත් ඇය අද තමා කරන්නට ගිය දෙයින් තම පුතුගේ ජීවිතයද අහිමි වන්නට තිබූ බව සිතන්නට වුනා. ඒ සමඟම ඇයට අර විරූපි මිනිසාගේ වදන් මතකයට නැඟුනා. ''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා'' ඉතිං යාලුවනේ ඔයාලත් පුළුවන් තරම් අන් අයට උපකාර කරන්න. අන් අයට හොඳම කරන්න. එයින් පෙරළා කිසිවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නට එපා.

කෝපි කෝප්පය


   වසර ගණනකට පසු මිතුරන් කිහිපදෙනෙකු නැවත එකතු වීමට සිතුවේ තම විශ්ව විද්‍යාල ජීවිතය තුළ ප්‍රියතම මහාචාර්යවරයා මුණගැසීමට යාමටයි. ඔවුන් ඒ වන විටත් සමාජයේ උසස් යැයි පිළිගන්නා ආයතන වල ඉහළ පෙළේ රැකියාවන්හි නිරත වූවන් වුනා. මෙලෙස මහාචාර්යවරයා මුණ ගැසීමට ගිය ඔවුන් කලකට පසු හමුවූ ඔවුන් ගේ ප්‍රියතම මහාචාර්යවරයා සමඟ දොඩමළු වන්නට පටන් ගත්තා. 

 “ඉතිං දරුවනේ, දැන් කොහොමද ඔයාලගේ ජීවිත? පෙනෙන විධියට නම් හැමෝම බොහොම හොඳ ජීවිත ගත කරනවා වගෙයි.” 

මහාචාර්යවරයා ගේ මේ ප්‍රශ්නයට ඔවුන් හැම දෙනාමා පාහේ ලබා දුන්නේ එකම ආකරයේ පිළිතුරු.

 එක් අයෙක් රැකියාවේ ඇති කාර්යබහුල බව ගැන කණස්සල්ලෙන් කත කරද්දී තවත් අයෙකු රැකියාව නිසා තමාට මානසිකව ඇතිවී ඇති පීඩනය ගැන කතා කරන්නට වුනා. ඒ හැම අයෙකුම පාහේ තම ජීවිතය ගැන තෘප්තිමත් බවකින් කතා කළේ නෑ. 

හොඳින් ඔවුන්ට සවන් දුන් මහාචාර්යවරයා තම අතීත සිසුන්ට කෝපි කෝප්පයක් සංග්‍රහ කිරීමට මුළුතැන් ගෙය වෙත පැමිණියා. වතුර උණුවන තුරු ඔහු කලේ මැටි, ප්ලාස්ටික්, වීදුරු, රිදී, රත්රන් ආලේපිත ආදී විවිධාකාර කෝප්ප කිහිපයක් බන්දේසිය මත තැබීමයි. ඒ හැම එකකටම කෝපි වත්කළ ඔහු බන්දේසිය ගෙන ගොස් මිතුරන් ඉදිරියේ තබා කෝපි කෝප්පයක රස බලන්න යැයි ආරධනා කරා. සිසුන් හැම අයෙකුම කෝපි කෝප්පයක් තම අතට ගන්නා තුරු ඉවසිල්ලෙන් බලා සිටි මහාචාර්යවරයා ඔහුගේ හඬ අවධි කලා. 

“දරුවනේ, පේනවද ඔයාලා තෝරාගත් කෝප්ප සහ බන්දේසියේ ඉතිරිව ඇති කෝප්ප වල වෙනස. ඔබ සියළු දෙනා වටිණාකමින් වැඩි කෝප්ප ඔබගේ අතට ගන්නට උත්සුක වුනා, ඒ වගේම දැන් බන්දේසියේ ඉතිරිව ඇත්තේ මැටි, ප්ලාස්ටික් වගේ ඉතාම අඩු වටිණාකමින් යුත්, ඉතා සරළ කෝප්ප කිහිපය පමණයි. ඒත් ඇත්තටම ඔබ සිතන්නට තිබුණේ කෝප්ප ගැන නොවේ, ඒ තුළ ඇති කෝපි ගැනයි. ඔබ කළේ වටිණා කමින් වැඩි කෝප්පයක් තෝරා ගන්නට උත්සුක වන ගමන් අන් අය ගත්තේ කුමන කෝප්පයදැයි බැලීම පමණයි. 

ජීවිතයත් මේ කෝප්ප ඇතුළේ තියෙන කෝපි වගේ නම් සමාජයේ ඔබේ තරා තිරම, රැකියාව, මුදල් කියන දේ කෝප්ප වගේ. ඒවා ජිවිතය දරා සිටින්න උපකාරී වනවා මිසක් ජීවිතය නෙවෙයි. මොන කෝප්පයක් තුළ තිබුනත් කෝපි එකේ රස වෙනස් නොවෙනවා සේම ජීවිතයත් ඒ ලෙසමයි. ඒත් ඔබ හැම දෙනාම කෝප්ප ගැන සිතද්දී කෝපි එකේ නියම රස රස විඳින්න අමතක වුනා. කෝප්ප වලට ඔබේ ජීවිතය පාලනය කරන්න නොදී කෝපි රස අද සිට නියම ලෙස රස විඳින්න.

ඔබත් 99 කණ්ඩායමේද???

   එක්තරා කාලෙක රජ කෙනෙක් සියලුම රජ සම්පත් වලින් ආඪයව කල් ගත කරන ලදී. සියලු සැප සම්පත් තිබුණද ඔහු තුළ සතුටක් නම් නොවීය. 

දිනක් උද්‍යානයෙහි සක්මන් කරමින් සිටින මොහුට ඉතා දිළිඳු උයන් පල්ලෙකු බොහෝමත් සතුටින්, ගීතයක් මුමුණමින් තම රාජකාරියෙහි නිරතවනු දැකගත හැකිවිය. මෙයින් පුදුමයට පත්වූ රජු, උයන්පල්ලා ගෙන්වා ඔහු මෙපමණ දිළිඳු බවින් යුතුවත් සතුටින් සිටීමට හේතුව විමසන ලදී. 

 ''දේවයන්වහන්ස, මම බොහෝම දිළිඳු බව නම් ඇත්ත, ඒත් මමයි මගේ බිරිඳයි ළමයි ටික දෙනයි ඉන්නේ බොහෝම සතුටින්. එයාලා ගැන හිතද්දී මට කිසිම දුකක් දැනෙන් නෑ. දැනෙන්නේ අසීමිත සතුටක් පමණයි.'' මේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ රජු වහාම තම පුරෝහිත ගෙන්වා සැප සම්පත් වලින් අඩුවක් නොමැති තමා සතුටින් නොමැති වීමටත්, දිළිඳු උයන්පල්ලා නිරන්තරයෙන් සතුටින් සිටීමටත් හේතුව විචාලේය. 

මේකයි රජතුමනි, ඔය උයන්පල්ලා තවම 99 කණ්ඩායමට බැඳිලා නෑ. ඔබ වහන්සේටත් 99 කණ්ඩායම ගැන දැනගන්න ඕන නම් අද රෑ ඔහු සේවය කරන උද්‍යාන කොටසේ රන් කාසි 99ක් සහිත කාසි පොදියක් තබන්න. උදෑසන සේවයට පැමිණි උයන්පල්ලා හට රන් කාසි පොදිය හමුවිය. ඔහු එය ඉතාමත් සතුටින් රැගෙන එය සඟවාගෙන තම නිවෙසට ගෙනයන ලදී. ඉතා සතුටින් සිටි ඔහු කාසි ටික එකින් එක ගණින්නට වුවද එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව ඔහුට වැටහිණි. 

නැවතත් ගැන බැලුවද එය එසේම විය. මීලඟ දිනයේද රජු පෙර පරිදිම රන් කාසි 99ක් සහිත මල්ලක් උයනෙහි තබා උයන්පල්ලා දෙස සෝදිසියෙන් බලා සිටින්නට විය. මෙවරද ඔහු එය සඟවාගෙන නිවසට ගෙනයන ලදී. පෙර පරිදිම ගැන බැලූ ඔහුට එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව වැටහිණි. කිහිප වරක් ගැන බැලුවද ප්‍රතිඵලය පෙර පරිදිම විය. ඔහු අතින් සිදුවන වරදක් නිසා දෙවියන් ඔහු හට මෙලෙස කාසියක් අඩුවෙන් ලබාදෙන බව ඔහු සිතන්නට විය. නැතිනම් කිසිම අයෙකු කාසි 99ක් නොදෙන බව ඔහු ඔහුටම කියාගනිමින් මින්පසු වෙනදාටත් වඩා මහන්සි වී වැඩ කිරීමට සිතා ගති. කොතෙක් මහන්සි වී සේවයේ යෙදුනද ඔහුට දිනපතා ලැබෙන කාසි ගණන 99ක් පමණක්ම විය.

 තමන්ට නියමාකාරයෙන් කාසි ගණන ඉපැයීමට උදව් නොකරනවායැයි ඔහු තම බිරිඳට සහ දරුවන්ට බැණ වදින්නට විය. වෙනදා සතුටින්, ගීතයක් මුමුණමින් රාජකාරියේ යෙදුනු ඔහුගෙන් ඒ සතුට දැකගත නොහැකි විය. පුරෝහිත රජු වෙත පැමිණ මෙසේ ඒ සිදුවීම විස්තර කරන ලදී... ''දේවයන්වහන්ස, දැන් උයන්පල්ලා නීත්‍යානුකූලව 99 කණ්ඩායමට බැඳිල ඉන්නේ. 

99 කණ්ඩායම කියන්නේ සතුටින් ඉන්න ඇති තරම් දේවල් තිබුණත් නැති දෙයක් ගැන හිතල දුක්වෙන, පසුතැවෙන මිනිස්සුන් කණ්ඩායමට. මොකද ඒ අය නිතරම ක්‍රියා කරන්නේ ''අන්තිම එකත් අරගෙනම නතර කරනවා'' කියන අදහසින්. ඉතිං කවදාවත් ලද දෙයින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආශාවන්ගේ අවසානයක් නෑ. නොදැනීම සතුට කියන දේ ජීවිතෙන් මග හැරිලා.'' ජීවිතේ සතුට කියන්නේ මුදල් කියන දේම නෙවෙයි නේද යාලුවනේ. ආශාවන් සීමිත වෙනකොට සතුට කියන දේ අපේ ජීවිත වලට බොහොම ලඟයි කියලයි මට නම්
   පිලිපීනයේ වුනු සත්‍යය සිදුවීමක් නිසා පිරිමි ළමයෙක් හැමෝටම මෙසේ පවසනවා... ඒ තමයි,

 “යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපසු කිසිවිටෙකත් නොකරන්න...

“ එහේම කියන්න මේ පිරිම ළමයට මොකක්ද වුනේ??? 

“ජුලී“ කියලා ලස්සන නමක් තිබුන මේ ගැහැණු ළමයා ගොඩාක්ම බය වුනා කාටහරි ආදරේ කරන්න. මොකද දන්නවද මේ බය? ජුලීට අවු.13 වෙද්දී එයාගේ තාත්තා නැතිවුනා. ඒ අධික ලෙස දුම්බීම නිසා හැදුනු පිළිකාවකින්. ඊට පස්සේ තනිවුනු අම්මා විඳින දුක් වේදනා මේ ජුලී හොදට දැක්කා. ඒ හින්දම ඇය දුම්බොන පිරිමි අයට වෛර කරන්න වුනා. පිරිමි ළමයින්ට ආදරේ කරන්නත් බය වුනා. කාලයත් එක්ක ජූලී යාලුවුනා එයාගේ පන්තියේම හිටපු පිරිමි ළමයෙක් එක්ක. එයාගේ නම “මැක්කෝයි“ මේ පිරිමි ළමයත් දිගටම දුම් බොන්න පුරුදු වුනු කෙනෙක්. එයා එයාගේ යාලුවොත් එක්ක නිතරම වගේ මේ දේ කළා. 

ජුලී එයාගේ මැක්කෝයි මුණගැසුනු හැම වේලාවෙම තමන්ගේ පියාට දුම් බීම නිසා වුනු දේ කිව්වා. ඒ ඔහුව මේ පුරුද්දෙන් ගලවා ගන්න. ඒත් ඇය ඔහු යාලුවොත් එක්ක යන එක නතර කරන්න උත්සාහ කලෙත් නෑ. මොකද ඒක මැක්කෝයි ගේ සතුට නිසා. මේ සබඳතාවට මාස 3ක් වෙද්දීම මැක්කෝයි හොදටම ලෙඩ වුනා. ඒ සිගරට් නිසා පෙනහලු වල ඇති වෙච්ච Emphysema කියන රෝගයකින්. ඔහුගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව, අවුරුදු දෙකක් ගත වෙද්දීත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරනවා.

 ඒ අවුරුදු දෙක පුරාම ජුලී ඔහු ළඟටම වෙලා එදා තිබු ආදර සෙනෙහසින්ම ඉන්නවා. ඇයගේ පාසැල් ගමන නවත්තලා, ගෙදරින් එන බැනුම් වගේම අතේ තියෙන මුදලුත් වියදම් කරමින් තමා මෙහේම ඉන්නේ. ඇයගේ තිබුන පිවිතුරු ප්‍රේමය මේ මැක්කෝයි ව ජීවත් කරවනවා. මේ විධියට කාලය ගතවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දී ඔහු සුවය ලබනවා. සුවය ලබපු මේ කොල්ලා සිගරට් බීම නවත්වලාම දානවා. ඒ වගේම ඔහු “ජුලී“ විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා. 

 මේ පින්තුරයේ ඇත්තටම ඉන්නේ ඒ දෙන්නමයි. ඒත් එක දෙයක් මේ මැක්කෝයිට නිතරම කරදර කරනවා. ඒ මොකක්ද? ඒ ඔහුගේ හදවත. එය නිතරම ඔහුගෙන් අහනවා ඔහු “ජුලීට“ ඇහුම්කන් දුන්නේ නැත්තේ ඇයි කියලා. අන්න ඒ හින්දම අර මුලින් ම කියපු කතාව ඔහු හැමෝටම කියන්න හිතාගත්තා. 

තමයි “ යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපහු කිසිවිටකත් නොකරන්න... 

“ කතාව කියෙව්වට ''සිගරට් බොන්න එපා'' කියලා නම් මම කියන්නේ නෑ, මොකද ඉතින් ඒ සිගරට් පෙට්ටියේම ඒකේ විපාක ගැන සඳහන්ව තියෙන නිසා. ඒත් කවුරු හරිම ඔබට ආදරය කරන කෙනෙක් “ඔය දුම්බීම නවත්තන්න“ කියපු දවසක මේ කතාව ආපහු මතක් කරගන්න. ඊට පස්සේ තමන්ගේ හදවතින් අහන්න ඒ දේ තවත් කරනවද නැද්ද කියලා...

බිරින්ඳෑවරුන් හතරදෙනා

 ක්තරා කාලයක වෙළෙන්දෙක් හිටියා. සල්ලි ගොඩාක් තිබුන මේ වෙළෙන්දට හිටියා නෝනලා 04 දෙනෙක්

ඔහු මේ හිටිය නෝනලගෙන් හතරවෙනි නෝනට ගොඩාක් ආදරය කලා, ආභරණ වලින් සැරසුවා වගේම ලස්සන ඇදුම් වලිනුත් සැරසුවා. ඇයව හොදින්ම රැක බලා ගත්තා. තුන්වෙනි නෝනාටත් මේ වෙළෙන්දා ගොඩාක් ආදරෙයි. වෙළෙන්දා නිතරම එයාව තියාගත්තේ එයාගේ යාලුවන්ට පෙන්වන්න. ඒ නෝනා ගැන එයා ගොඩාක් ආඩම්බරත් වුනා. පොඩි බයකුත් තිබුනා කවුරු හරි ඒ නෝනා අරගෙන යාවි කියලත්. දෙවනි නෝනාටත් මේ වෙළෙන්දා ආදරෙයි.. ඒ නෝනා ගොඩාක් මැදිහත් ඒ වගේම හරි ඉවසිලිවන්තයි. මේ පෝසත් වෙළෙන්දට ප්‍රශ්ණයක් වුන හැම වේලාවේම ඒ ගැන යමක් අහන්නෙත් මේ දෙවන නෝනගෙන් තමා. ඇය හැම අමාරු වෙලාවේම මේ වෙළෙන්දත් එක්කමයි. දන්නවද? මේ වෙළෙන්දාගේ පළමු වැනි නෝනා බොහෝම ගෞරවයෙන් යුතු කෙනෙක්. වෙළෙන්දාගේ වත්කම්, ව්‍යාපාර වගේම ගෙවල් දොරවල් පිළවෙල ගැනත් හොයා බැලුවේ මේ පළමු වැනි නෝනා.

 එයා වෙළෙන්දත් එක්ක නිතරම එකට ඉන්න හැදුවට වෙළෙන්දා මේ පළමු නෝනාට ආදරේ කලෙත් නෑ ඇය ගැන සොයා බැලුවෙත් නෑ. ඒත් ඇය ඔහුට හිත ගැඹුරෙන්ම ආදරය කළා. ඉතින් කාලය මෙහෙම ගෙවීගෙන ගෙවීගෙන යද්දි දවසක් මේ වෙළෙන්දා හොදට ම ලෙඩ වුනා. ඔහු දැන ගත්තා ඔහු ඉක්මනින් මැරෙන්න යනවා කියලත්. අන්න ඒ හින්දම වෙළෙන්දා කල්පනා කලා “මම මෙච්චර සැප සම්පත් එක්ක වගේම නෝනලා හතර දෙනෙකුත් එක්කම ගොඩාක් සතුටින් තමා හිටියේ, හැබැයි මැරුනොත් නම් මම තනිවේවි.“ මෙහෙම හිතුන වෙළෙන්දා බැලුවා නෝනලවත් තමන් එක්ක එක්කන් යන්න. 

 වෙළෙන්දා මුලින්ම හතරවෙනි නෝනාට කතා කලා. කතා කරලා කිව්වා “ මම ඔයාට ගොඩාක් ආදරේ කලා, හොඳ ආභරණ, රෙදි ඔයාට දුන්නා. ඉතින් දැන් මම මැරෙන්න යන්නේ ඔයා එනවද මාත් එක්ක යන්න? “ මේ හතරවෙනි නෝනා ගත් කටටම වෙළෙන්දාට “ බැහැ“ කියලා කිව්වා. ඒ කතාවට වෙළෙන්දාගේ හදවතට පිහියෙන් ඇන්නා වගේ වුනා.
 වෙළෙන්දා තුන්වෙනි නෝනාගෙනුත් ඇහුවා අර ප්‍රශ්ණෙම. ඇය කියනවා “මේ ජිවිතේ කොච්චර හොඳද. ඔයා මැරුණම මම වෙන කෙනෙක්ව කසාද බඳිනවා. ඒ නිසා ඔයත් එක්ක එන්න බෑ“ කියලා. වෙළෙන්දට තවත් දුකයි, ඔහුගේ හදවත සීතල වෙනවා. කොහොමටත් කියලා ඔහු කතා කරනවා දෙවන බිරිඳට, ඇයගෙන් වෙළෙන්දා ඇහුවා ඔයා ඕනම ප්‍රශ්ණෙකදී මාත් එක්කම හිටියා, දැන් මම මැරෙන්න යන්නේ. ඔයා එනවද මාත් එක්ක? දෙවන බිරිද ටිකක් කල්පනා කරලා මෙහෙම කියනවා. “මට සමාවෙන්න. මේ පාර නම් මට ඒක කරන්න බැරි වෙනවා. හැබැයි ඔයත් එක්ක ඔයාගේ සොහොන ගාවට නම් එනවා“ කියලා.

 ඒ උත්තරයත් වෙළෙන්දාට දැනුනේ හරියට අකුණක් කෙටුවා වගේ. එක පාරටම අසරණ වෙළෙන්දාට ඇහෙනවා “ මම එනවා ඔයත් එක්ක, ඔයා කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා“ වෙළෙන්දා බැලුවා වටපිට ඒ ඔහුගේ පළවෙනි නෝනා, එයා හරියට දුර්වල වෙලා. වෙළෙන්දාට දුක හිතෙනවා. ඔහු කියනවා, “ අයියෝ... මට පුළුවන්කම තිබුණ කාලේදී ඔයාව හොදින් බලාගන්න තිබුණා...“ කියලා. 

දන්නවද??? මේ වගේ නෝනාලා හතර දෙනෙක් අපේ ජිවිත වලත් ඉන්නවා. කවුද ඒ??? හතරවෙනි නෝනා තමා අපේ ශරීරය. කොච්චර වේලාව අරන් හැඩ වැඩ දාලා ලස්සන කලත් අපි මැරෙන වේලාවට එයා අපිව දාලා යනවා. ම්... තුන්වෙනි නෝනා, ඒ තමා අපේ තත්ත්වය, වත්කම. අයියෝ. අපි මැරුනම ඒ ඔක්කෝම අනුන්ගේ. දෙවනි නෝනා, ඒ තමා අපේ දෙමව්පියන් හා යාලුවෝ ටික. ඕනම දේකට ජිවත් වෙද්දි අපි ළඟ ඉන්නවා. හැබැයි අපි මැරුණම අපේ සොහොනගාව හිටගෙන ඉන්නවා විතරයි. 

පළවෙනි නෝනා තමා අපි කවදාවත්ම මුදලින්, වටිණ රෙදි වලින්, සතුටෙන් සරසවන්නෙ නැති අපේ ආත්මය. අද ඉඳන් අපි අපේ ආත්මයට ගරු කරමු. ආත්මයම නිවී සුවපත් වෙන ජීවිතයක් ගත කරමු.

හදවතත් එක්ක සෙල්ලම් එපා

යාලුවෝ ටික උද්‍යානයේ සෙල්ලම් කරද්දී පීටර් හා ටීනා බංකුවක වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.

ටීනා : ''මට හරිම කම්මැලියි. ආදරේ කරන්න කොල්ලෙක්වත් හිටිය නම්''

පීටර් : ''ම්... ඒක ඇත්ත අපි දෙන්න විතරමයි ඉතිරි වෙලා ඉන්නේ.''

ආපහු අහස බලන කොටම ටීනා කෑ ගැහුවා.

ටීනා : ''පීටර් අපි වැඩක් කරමුද?''

පීටර් : ''මො.. මොකක්ද ඒ?'' පීටර් ඇහුවේ පුදුමයෙන්. ''කියන්න බලන්න.''

ටීනා හැඩ කරලා කතාව කියන්න ගත්තා.

ටීනා : ''මෙහෙමයි. දවස් 100කට ඔයා මගේ boy friend වෙනවා. මම ඔයාගේ girl friend වෙනවා. කැමතිද?''

පීටර් : ''ෂා... ඒකත් හොදයි. මටත් කිසිම වැඩක් නැතුවයි හිටියේ'' පීටර් එහෙම කිව්වා.

ටීනා : ''අද අපේ ආදරයේ පළවෙනි දවස. අපි මොකද කරන්නේ?''

පීටර් : ''හොඳ ෆිල්ම් එකක් තියෙනවා. අපි යමු ද ඒක බලන්න?''

ටීනා : ''නියමයි අපි යමු.''

2 වෙනි දවස
පීටර් ලස්සන කී ටැග් එකක් ටීනාට තෑගී දුන්නා.

3 වෙනි දවසේ මේ දෙන්නම ගියා යාලුවෙකුගේ උපන් දිනයට තෑග්ගක් තෝරන්න. ඒ අතරේ එක අයිස් ක්‍රීම් එකක් අරන් බෙදා ගෙනත් කෑවා.

7 වෙනි දවසේ මේ දෙන්නා ගියා පුංචි කඳු මුදුනකට ඉර බහින හැටි බලන්න. ඉර බැහැලා හඳ නැගෙන කොට ටීනා කොදුරමින් තමන්ටම යමක් කියමින් ප්‍රාර්ථනයකුත් කළා. මේ විදිහට දින ගෙවී යනකොට ගිවිසුමකට යාලු වුන මේ දෙන්නා ගොඩාක් සතුටින් තමා හිටියේ.

කොහොම කොහොම හරි 99 වෙනි දවසටත් ආවා.

එදා මේ දෙන්න නගරේ වටේම ඇවිදින්න යන්න කතා කර ගත්තා. වේලාව සවස 1.23 වෙද්දී දෙන්නම බංකුවක වාඩි වුනා. ඒ අතර...

ටීනා : ''මට තිබහයි. අපි ටිකක් ඉදලා යමු.''

පීටර් : ''හොඳයි. එහෙනම් මම බොන්න මොනවා හරි අරන් එන්නම්. මොනවටද ඔයා කැමති?''

ටීනා : ''අනේ ඇපල් ජූස්. ඒවා තමා මට ඕන.''

වේලාව සවස 1.43. විනාඩි 20ක් හිටියත් පීටර් තාම නෑ. ඒත් හදිස්සියෙන් පුද්ගලයෙක් ටීනා දිහාවට ආවා.

අමුත්තා : ''ඔයාද ටීනා කියන්නේ?''

ටීනා : ''ඔව් ඇයි? මුකුත් උදව්වක් ඕනද?''

අමුත්තා: ''නෑ. අතන පාරේදී පිරිමි ළමයෙක් වාහනයක හැප්පිලා. මම හිතන්නේ ඔයාගේ යාලුවා.''

ඇය එතනට දුවලා යද්දීත් ඇපල් ජූස් බෝතලයත් අතේ තියාගෙනම ලේ විලක් මැද පීටර් වැටිලා හිටියා. හදිසි රථයෙන් ඔහුත් එක්කම රෝහලට ගිය ඇයට පැය 5ක් එතන බලා ඉන්න වුනා. ප්‍රතිකාර කරලා ඉවර වුන දොස්තර මහත්මයා කිව්වේ පීටර් ව බේරගන්න ගොඩාක් උත්සහ කලත් ඒක කරන්න බැරි වුනා කියලා. ඊට පස්සේ ඇයට තම අත වූ ලිපියකුත් දුන්නා. ගොඩාක් දුක් වුන ටීනා ටික වෙලාවකින් අර ලියුම කියවන්න ගත්තා. ඇය තව තවත් අඩන්න ගත්තා.

ලියුමේ තිබුනේ මෙහෙමයි!

''ටීනා අද අපේ ගිවිසුමේ දින 100 අන්තිම දවස. මේ දවස් 100ට මම ඔයත් එක්ක ගොඩාක් සතුටු වුනා. වෙලාවකට ඔයා ගොඩාක් නපුරුයි. වෙලාවකට ගොඩාක් අහිංසකයි. සමහර වෙලාවට හරිම මෝඩයි. ඒ කොහොම වුනත් ඔයා තමා මම දැකපු හොඳම ගෑනු ළමයා. ඉතිං... මම එක දෙයක් අහන්නද? මේ දින 100 තව ටිකක් දික්කර ගනිමුද? හැමදාටම වගේ... මොකද මට සදහටම ඔයාගේ ආදරවන්තයා වෙලා ඉන්න ඕන. මම ඔයාට ආදරෙයි.''

ටීනා දුවලා ගියා පීටර් හිටිය ඇඳ ගාවට... ඇය කෑ ගැහුවා...

''ඔයා මට පොරොන්ඳු වුනා දවස් 100 මා එක්ක ඉන්නවා කියලා. ඒකට තව වෙලා තියෙනවා. ඔයාට බෑ මාව දාල යන්න. මමත් ප්‍රාර්ථනා කළා මට ඔයාව සඳහටම ලැබෙන්න කියලා. ඒත් මම ඒක ඔයාට කිව්වේ නෑ. පීටර් මමත් ඔයාට ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ආපහු එන්න. මා වෙනුවෙන් එන්න.''

වේලාව ගෙවිලා ගියා, දින 100ත් ගෙවිලා ගියා. ඒත් ඇය තවමත් දුක්වෙනවා. ඔබ කාටහරි හදවතින්ම ආදරේ නම් එය පවසන්න කවදාවත්ම ප්‍රමාද වෙන්න එපා. මොකද හෙට මොනවා වෙනවද, වේවිද කියන්න කවුරුවත් දන්නේ නැති නිසා. එහේම ප්‍රමාදයක් වුනොත් එය දිගු කාලයකටම පසු තැවීමක් වේවි.

'දුවට හොදටම උණ ඉක්මනට ගෙදර එන්න''

  රාජකාරියේ ඉන්න කොට ඒ ආපු දුරකතන ඇමතුමත් එක්ක ඈන් නෝනා ගොඩාක් කලබල වුනා. ඇය කලබලයෙන්ම වැඩ කටයුතුත් අතහැරලාම කාර්යාලයෙන් පිටවුනා. අතරමග වාහනයෙන් බැහැලා ෆාමසියෙන් බෙහෙත් ටිකකුත් අරන් වාහනයට එන කොට වාහනය ලොක් වෙලා. ඇය කලබලයට වාහනයේ යතුර වාහනය ඇතුලේ තියෙද්දීම දොරලොක් කරලා. ''අනේ දෙවියනේ ! මම දැන් මොකක්ද කරන්නේ.'' ආපහු ගෙදරින් ආපු ඇමතුමට ඇය සිදුවුනු දේ කියද්දී එහා පැත්තෙන් කිව්වේ ''බබාට දැන් නම් ගොඩාක් අමාරුයි ඉක්මනට එන්න'' කියලයි. 

ඈන් ගොඩාක් කලබල වුනා. ''මම මේකට මොකක්ද කරන්නේ? කොහොමද මේ දොර ඇර ගන්නේ? අනේ දෙවියනේ, මට උදවු කරන්න. මට උදවු කරන්න.'' ඇය මුමුණනවා. විනාඩි 5ක් ගත වෙද්දීම කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන කබල් වාහනයක් ඒ පාරේ එනවා. ඔලුව එලියට දාලා ඒ කාරේක ආපු රුවුල වැවිච්ච, ඉතාම අපිරිසිදු වයසක මනුස්සයා... ''නෝනා... මොකද වුනේ? උදව්වක් එහෙම ඕනද?'' කියල ඇහුවා. 

''දෙවියනේ, මේ අපිරිසිදු වයසක මනුස්සයාද මට උදවුවට එව්වේ.'' ඇය හිමින් කෙදිරුවා. 
 ''ඔව්... මගේ දරුවා ලෙඩ වෙලා. කලබල හින්දම යතුර කාර් එකේම තියලා මම දොර ලොක් කරලා. ඔබට පුළුවන්ද දොර ඇරලා දෙන්න? ලොකු උදව්වක්.'' 

 ''පොඩි දෙයක්නේ... මම කරලා දෙන්නම්.'' කිව්ව ඔහු ඉක්මනටම ඒ අසල අහකට විසි කරලා තිබුනු ඇදුම් එල්ලන හැඟර් එකකින් දොර ඇරලා දුන්නා.'' 

''ඔයා නම් හරිම හොද මනුස්සයෙක්... ඔයාට බොහෝම ස්තුතියි !'' ඇය ඔහුව වැලඳ ගත්තා. ''නෝනා !'' ''ඔව්... කියන්න.'' ඈන් කිව්වා. ''නෝනා, මම හොද මනුස්සයෙක් නම් නෙවෙයි. මම මේ දැන් හිරගෙදර ඉදලා එන ගමන්. මම අදයි නිදහස් වුනේ. දන්නවද? මම කාර්, වාහන හොරකම් කරපු එක තමයි කරපු වරද. ඒ වරදට තමා හිරේ ගියෙත්.'' 

 ඈන් ආපහු බොහෝම සතුටින් මේ මනුස්සයව වැලද ගත්තා. ''දෙවියනේ ! මට ඕන කරපු උදවුවට ඔබ ඒ ගැන විශේෂඥයෙක්ම එවලා.'' ඇය බොහෝම හයියෙන් සතුටෙන් කෑ ගැහුවා. 

 අපිට එදිනෙදා ජීවිතයේදී එක එක විදියේ අය මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන හැම කෙනෙකුගේම මොකක්ම හරි වටිණාකමක් තියෙනවා. කිසිම කෙනෙක් අවතක්සේරු කරන්න එපා. මොකද කිසිම කෙනෙක් උපතින්ම නරක නෑ. කොච්චර නපුරු නරක කෙනෙක් ලඟ වුනත් එක හොඳ ගති ගුණයක් හරි තියෙනවා, ඒ දේ ගැන පමණක් සිතා ඔවුන් සමඟ සුහද විම, ආශ්‍රය කිරිම කියන දේ වැරදි කරුවකු ලෙස හංවඩු ගසා පැත්තකට දැමීමට වඩා වැදගත් වේවි. මොකද ජීවිතයේ යම් දවසක ඔබට ඒ අයවත් උවමනා වෙන දවසක් අනිවාර්යයෙන්ම පැමිණෙන නිසා.

වතුර වීදුරුව

      තුර ටිකක් පිරුනු වීදුරුවක් අතින් අර ගෙනම මහාචාර්යවරයා පන්තිය පටන් ගත්තා.

''මේ වීදුරුවේ බර කොපමණ වේවිද?'' ඒක ටිකක් උඩට උස්සපු මහාචාර්යවරයා ශිෂ්‍යයන්ගෙන් ඇහුවා.

 ''ග්රෑම් 50 ! ග්රෑ‍ම් 100 ! ග්රෑ‍ම් 150 !'' මේ වගේ උත්තර ගොඩාක් ශිෂ්‍යයන්ගෙන් ලැබුනා. ''

මේක කොච්චර බරද කියලා මම දන්නෙත් නෑ.'' හිනා වෙලා කිව්ව මහාචාර්යවරයා ආපහු ප්‍රශ්නයක් ඇහුවා. ''මම මේක විනාඩි 2-3 ක් මේ විදිහටම තියාගත්තොත් මෙහි බර කොපමණ වේවිද?''

 ''වෙනසක් වෙන්නේ නෑ'' හැමෝම කෑ ගහලා කිව්වා... 

''හොදයි එහෙනම් පැයක් මේ විදිහටම තියාගෙන හිටියොත් මොනවා වේවිද?'' 

 ''ඔබතුමාගේ අත රිදෙන්න ගනීවී.'' හැමෝම වගේ එක හඬින් කිව්වා... ''

හරියට හරි, දවසක්ම මේ විදිහටම තියාගෙන හිටියොත් මොනවා වේවිද?'' 

 ''අයියෝ... අත රිදිලා, මාංශ පේශී වලට හානි වෙලා සමහර විට අංශ භාග රෝගෙත් හැදිලා ඔබතුමා ඉස්පිරිතාලෙටම ගෙනියන්න වේවි.'' කටකාර ශිෂ්‍යයෙක් එහෙම කිව්වම හැමෝම හිනා වුනා. 

මහාචාර්යවරයත් හිනා වෙනවා. ''ඔක්කෝම හරි. තව ප්‍රශ්ණයක් තියෙනවා. මේ ඔක්කෝම වෙද්දී මේ විදුරුවේ බර වෙනස් වුනාද?'' මහාචාර්යවරයා ආපහු ඇහුවා.

 ශිෂ්යරයයෝ ඔක්කෝම ''නෑ'' කියලා උත්තර දුන්නා... ''එහෙනම් පැයක් තියාගත්තොත් මගේ අත රිදෙන්නයි, දවසක් තියාගත්තොත් මාංශ පේශී වලට හානි වෙන්න එකම බර බලපාන්නේ කොහොද?'' මහාචාර්යවරයා නැවතත් ඇහුවා. ළමයි හැමෝම කල්පනා කරන්න ගත්තා.

 ''ඔබතුමාගේ ඔය වීදුරුව බිමින් තියන්න. එතකොට ඔය ප්‍රශ්ණ මුකුත් නෑ'' එක ළමයෙක් උත්තර දුන්නා... ''නියමයි... හරියටම හරි. දන්නවද?? ජිවිතයේ ප්‍රශ්ණත් ඔන්න ඔය වගේ. මහාචාර්යවරයා කිව්වා.

 ''ටික වේලාවක් ඔලුවේ තියාගත්තොත් ප්‍රශ්ණයක් නෑ. පැයක් දෙකක්, දවසක් තියාගත්තොත් අර ඔයාලා කිව්වා වගේම ඉස්පිරිතාලෙටම ගෙනියන්න වේවි.'' ජීවිතයට එන ප්‍රශ්ණ, අභියෝග සියල්ල භාර ගන්න... ඒවා ගැන හිතන එකත් වැදගත්. නමුත් දවස අවසානයේ ඒ සියල්ලම අමතක කරලා හොද නින්දක් ලබාගන්න. ඒක තමා වඩාම වැදගත්. නැත්නම් ඔබටත් අර කිව්වා වගේම ඉස්පිරිතාලෙටම යන්න වේවි.

වෙනස් වූ ඉල්ලීම

දිනක් කඳු තරණයෙහි යෙදුනු මැදිවියෙහි පසු වූ පුද්ගලයෙකු හට අතරමඟ ගිමන් හරිමින් පසු වූ තරුණයෙකු මුණ ගැසුනි. තම මල්ල ලිහා දමා... ''ආ පුතා, මේ කෑම ටික ගන්න යැයි'' බොහොම පරිත්‍යාගශීලීව ඔහු පැවසීය. 

 හාමතේ පසු වූ නමුදු මල්ල තුළ වූ වටිණා පාශාණය තම දෙනෙතට හසු කර ගැන්මට සමත් වූ තරුණයා... ''මට කෑම එපා, පුලුවන්නම් ඔය මල්ලේ තියෙන ගල මට දෙන්නකෝ'' යැයි ඉල්ලීමක් කරන ලද අතර මැදිවියේ පසු වූ පුද්ගලයා වහාම තම මල්ලට අත රුවා පාශාණය ගෙන තරුණයාට දෙන ලදී. 

තම ජීවිතයම වෙනස් කර ගැන්මට තරම් වටිණා වූ පාශාණය ලද තරුණයා එම පුද්ගලයාට නොසෑහෙන්න ස්තූති කොට එතනින් ඉවත්ව යන ලදී. නමුත් මහල්ලා තම කඳු නැඟීම කර ආපසු එනතෙක් මග බලා සිටි තරුණයා නැවතත් මහල්ලාට එම පාශාණය දී ඉල්ලීමක් කරන ලදී.

 ''මම දන්නවා මේ ගල ගොඩාක් වටිණව කියලා, ඒත් මම නැවතත් ඔබට මේ ගල දෙනවා. ඒ වෙනුවට ඔබ ලඟ තියෙන ඊටත් වඩා වටිණා දෙයක් මට ඕන. ඒ තමයි මේ වටිණ ගල කිසිම පැකිලීමකින් තොරව මට දෙන්න තරම් ඔබ තුළ ඇති කරගත්තු ඒ හැඟීම''

 ඇලීම් වලින් මිදෙනවා කියන එකත් ලේසි දෙයක් නෙවෙයි, එහෙම කරපු කෙනා තරම් ධනවත් කෙනෙක් මේ ලෝකේ වෙන කොතනකවත් නෑ...

නියම දක්‍ෂයා



   එක්තරා කාලෙක ගමක හිටිය ගොවියෙකුට අශ්වයෙකුයි, ඌරෙකුයි අයිති වෙලා තිබුනා. එක දවසක් අශ්වයා ලෙඩ ගානේ ඉන්නවා දැකලා ගමේ හිටපු වෙද මහත්තයාට මේ ගොවි මහත්තයා කතා කලා. ''ම්... අශ්වයාට වෛරස් එකක් ගිහිල්ලා... මම දවස් තුනකට බෙහෙත් දෙන්නම්, අඩු වුනේ නැත්නම් ඉතින් අශ්වයාව නැති කරන්න වෙනවා...'' අශ්වයා බලපු වෙදා කිවුවා. ළග හිටපු ඌරාට මේ ගැන හොදින් ඇහුනා. මේ මගේ යාලුවා, මෙහෙම ගියොත් නම් මෙයාව අපිට නැතිවෙනවා නේද කියලා හිතුවා. ඊලඟ දවසේ උදෙන්ම ආපු වෙදා අශ්වයාට බෙහෙත් කරලා යන්න ගියා. කට්ටියම ගියාට පස්සේ අශ්වයා ළඟට ගියා ඌරා ''යාලුවා ශක්තිමත් වෙන්න... කොහෝම හරි නැගිටින්න බලන්න... අත්හරින්න එපා...'' කියමින් අශ්වයා දිරිමත් කලා. වෙදා අශ්වයාට දෙවනි දවසටත් බෙහෙත් කරලා යන්න ගියා. ඊයේ වගේ ම ඌරා අශ්වයාව ගොඩාක් උනන්දු කලා. ඒත් අශ්වයා කිසිම හැල හොල්මනක් නෑ. තුන්වෙනි දවසේ ප්‍රතිකාර කරලා වෙදා ගොවි මහත්තයට කියනවා ''හෙට අඩු වෙලා තිබුනේ නැතිනම් අපිට මෙයාව මරලා දාන්න වෙනවා... නැත්තම් මේ වෛරසය අනික් අශ්වයොන්ටත් බෝවෙලා මහා විනාශයක් වෙනවා.'' ඌරට ගොඩාක් දුකයි. හැමදාම හිටිය යාලුවා. වෙන දවස් වගේම එදත් ඔහු අශ්වයා උනන්දු කරන්න ගියා. ''යාලුවා නැගිටින්න. මේක අමාරු නැහැ. පොඩ්ඩක් ඇවිදලා පෙන්නන්න. ඔයාට පුළුවන්.'' කොහොම හරි අමාරුවෙන් කෑ ගැහිල්ලත් එක්කම අශ්වයා ටිකක් නැගිටලා ඇවිදින්න වුනා. ඊට පස්සේ දුවන්නත් පටන් ගත්තා. හදිස්සියෙන් ගොවිපළට පැමිණි ගොවි මහත්තයා මේක දැක්කා. ''මගේ අශ්වයාට සනීප වෙලා. විශ්වාස කරන්නත් බෑ ! නියමයි... මේක නම් සමරන්න ඕන සාදයක් දාලා. කෝ මේ ඌරා. අද රැ සාදයට දොස්තර මහත්තයටත් එන්න කියලා ඌරව මසට ගන්න ලෑස්ති කරන්න ඕන.'' මේ විධියට ඌරගේ ජීවිතේ අවසාන වුණා. අපි එදිනෙදා රාජකාරී කරන ස්ථාන වලත් ඕන තරම් සිදු වෙනවා. කරන්න බැරි ගොඩක් දේවල් උන්නදු වෙලා කරන්නේ කෙනෙක්, ඒත් ඒකෙන් ලකුණු දාගන්නේ නම් වෙන කෙනෙක්. ඒත් කරුමේ කියන්නේ අන්තිමේ නරක එන්නෙත් ඒ මහන්සි වෙලා වැඩ කරන අයටම තමයි. තිරයෙන් පිටු පසට වෙලා කාර්යය කරන බොහේ දෙනෙක් ඉන්නවා, එයාලා වැඩිය ලකුණු දාගන්න උවමනාවක් කරන්නේ නෑ. වැඩේ හොඳට කරන එක විතරයි එයාලගේ අරමුණ. දන්නවද, වැඩ පෙන්නන් නැතුව වැඩ කරන එකත් හැකියාවක්..

ඔබ තෘප්තිමත්ද?

     න්දියාවේ මුම්බායි වල විදීයක ජීවත් වුණු වයසක මනුස්සයෙක් උදේම නැගිටලා උමං මාර්ගය දිගේ ගිහින් නගරේ කොනක ඉදගෙන හිගමන් යදින්න පුරුදු වෙලා හිටියා. ජීවිතේ හැම දවසකම නොවරදවා කරන මේ පුරුද්දට දැන් අවුරුදු 20 ක් විතර. ඒත් ඔහු තාමත් එකම තැන හිගමන් යදිනවා. හරිම අපිරිසිදු වෙච්ච විදීයේ තිබුන ඔහුගේ නිවසේ දුර්ගන්ධය හින්දා දවසක් අවට මිනිස්සු පොලීසියට පැමිණිලි කරා.

පොලීසිය මේ ගෙදර සුද්ද කරගෙන යනකොට තැනින් තැන බෑග් වල දාපු පොඩි කාසි, මුදල් බෑග් ගණනාවක් හම්බුනා. ඒ මේ මනුස්සයා අවුරුදු ගානක් හිගමන් යැදි සල්ලි.. පොලිස් නිලධාරින් මේ සල්ලි ගණන් කරා. ඔවුන්ට පුදුමයි ! එතන මිලියන ගානක සල්ලි. මේ හිඟන මනුස්සයා ලක්‍ෂපතියෙක්. නිවසත් පිරිසිදු කරලා මේ මනුස්සයා එනකන් පොලිස් නිලධාරින් බලන් හිටියා මේ සුබ ආරංචිය කියන්න. ගොඩාක් හවස් වෙලා වයසක මනුස්සයා තමන්ගේ ගෙදරට ආවා.

 ''මනුස්සයෝ, මේ ඇහුනද තමුන් දැන් ලක්‍ෂපතියෙක්. සල්ලිකාරයෙක්. තවත් හිඟා කන්න ඕන නෑ. අද ඉඳන් ලස්සනට ඉන්න තමයි තියෙන්නේ...'' මේ මනුස්යාය මුකුත් කිව්වේ නැ. ගේ ඇතුලට ගිහිල්ලා දොර වහගත්තා. පුදුමේ කියන්නේ ඊළග දවසෙත් පුරුදු වෙලාවට, පුරුදු විදිහටම, පුරුදු තැනම හිගමන් යදින්න මේ පුද්ගලයා ගියා. මේක ආරංචි වුණු පොලීසියේ කිහිප දෙනෙක් හවස මේ මනුස්සය මුණ ගැහෙන්න ඇවිත් කාරණය විමසුවා. එතකොට මේ මනුස්සයා කිව්වේ මෙච්චරයි...

 ''අනේ මහත්තයෝ, මම සතුටෙන් කරන එකම දේ හිඟා කන එක විතරයි.'' පුදුමයි නේද? එක් එක් අයෙකුගේ සතුට කියන දේ එක් එක් කෙනෙකුට සාපේක්‍ෂව වෙනස් වෙනවා. මෙන්න මේ දේ කරල සතුටින් ඉන්න කියල අපිට තවත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ. මොකද ඒ කෙනා සතුටු වෙන්නේ වෙනස්ම විධියකට වෙන්න පුළුවන් නිසා. කෙනෙක් බොහෝම සතුටින් කරන දෙයක් කෙනෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්න එක දෙයයි, තමුන් කරන මොන දේ වුනත් සතුටින්, ආත්ම තෘප්තියකින් යුතුව කරන එක විතරයි.

◄ පේන දේ සහ ඇත්ත දේ ►

    සුරංගනාවියෝ දෙන්නෙක් ගමනක් යන ගමන් රාත්‍රියේ නවතින්න පෝසත් ගෙයක් තෝරගත්තා. ගේ පෝසත් වුනත් ඒ පවුල නම් ගොඩාක් නපුරුයි. අනික මේ අය එහි නැවතුනාටවත් වැඩි කැමැත්තක් නෑ. නවතින අමුත්තන්ගේ කාමරය වෙනුවට දුන්නේ පුංචි ඉඩ කඩක්. බිම පොලවේ තමා නිදාගන්නත් වුනේ. එහෙම බිම නිදාගන්න හදනකොටම අහම්බයෙන් එතන හිටපු වයසින් වැඩි සුරංගනාවිය බිත්තියේ තියෙන සිදුරක් දැකලා ඒක ඉක්මනටම ලස්සනට හැදුවා. ඒක දැකපු අනිත් වයසින් බාල සුරංගනාවිය ඇහුවා... ''ඇයි ඔයා ඒක හැදුවේ?'' ''හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි'' වයසින් වැඩි සුරංගනාවිය කිව්වා

ඊළග දවසේ රෑ මේ දෙන්නා දුප්පත් නිවසක රාත්‍රිය ගත කරන්න සුදානම් වුනා. එහේ හිටියේ දුප්පත් හරිම හිත හොද ගොවියෙකුයි එයාගේ නෝනයි. තිබුන කෑම ටිකත් හතරදෙනා එක්කම බෙදා ගත්ත මේ අය අමුත්තෝ දෙන්නට එයාලගේ එකම ඇදත් නිදාගන්න හදලා දුන්නා. අයියෝ ! උදේම ගොවියයි එයාගේ නෝනයි හරිම දුකෙන් අඩනවා. නැගිට්ට ගමන්ම මේ දෙන්නා දැක්කේ මේ සිද්ධිය. මොකද මේ? හොයලා බලද්දි මේ අය ජීවත් වෙන්න මුදල හොයාගන්න කිරි දොවන එලදෙන මැරිලා.

 ''ඇයි ඔයා මේකට මුකුත් නොකරන්නේ? මුලින්ම අපි නැවතුන තැන හැමදේම තිබුන කෙනාට නම් ඔයා උදව් කලා. අපිට හොඳින් සලකපු දුප්පත් මේ අහිංසකයාගේ එලදෙන නැති වෙනකන් ඔයා බලන් හිටියා.'' වයසින් අඩු සුරංගනාවි ටිකක් තරහෙන් කියන්න වුනා.

 ''හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි, 
දන්නවද? මම ඒ අපි මුලින්ම නැවතුන ගෙදර බිත්තිය සිදුරෙන් ඇතුලෙ තිබුනා රත්තරන් ගොඩාක්. තමන්ගෙ ලග තියෙන දේ අනිත් අයත් එක්ක බෙදාගන්න බැරි අයට මොකටද තවත් නිධානයක්. බිත්තියේ තිබුන සිදුර මම වහලා දැම්මා.'' එතකොට මේ දුප්පත්‍ යුවලගේ එළදෙනෙ ගැන නේද, හ්ම්ම්... ඊයේ රෑ මරණයේ සුරංගනාවිය ආවා. එයා ආවේ ගොවියගේ බිරිඳ අරගෙන යන්න. ඒත් මම ඇය වෙනුවට එලදෙනව ඇයට දුන්නා. එච්චරයි. 

අපේ ජීවිත වලත් අපේ ඇස් බොරු වෙන දේවල් ඕන තරම් සිදු වෙනවා. ඒ නිසා දෙයක් ගැන ඉක්මනින් තීරණයකට එන්න කලියෙන් ටිකක් සොයල බලන්න අපේ යාලුවොත් හිතට ගන්න. ''හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි'' එහේම නේද??

ලී පිඟාන

    මන්ගේ වයසක ආදරණීය බිරිඳ නැතිවුනාට පස්සේ තනිවුන වයසක ඔහු එයාගේ එකම පුතයි, ලේලියයි අවුරුදු 4ක් වුණු මුණුබුරයි ඉන්න ගෙදර පදිංචියට යන්න ගියා. අත් වේවලනවා. පෙනීමත් දැන් බොහෝම දුර්වලයි. අනික වයස හින්දම ඇවිදින්නෙත් බොහෝම අමාරුවෙන්. මේ පවුල රාත්‍රියට තමන්ගේ කෑම වේල ගන්නේ එකම මේසයක වාඩිවෙලා. සුහුද කතා බහත් එක්ක. සීයත් මේ මේසේම කෑම කනවා. හැබැයි හැමදාම වගේ වයසක සීයා එහෙම නැතිනම් මේ ගෙදර පුතාගේ ''තාත්තා'' මේසේ පුරාමයි, බිමයි කෑම ජාති හලා ගන්නවා. ඒ මිදිවට පිගන් කෝප්ප එහෙමත්. ඒ ඉතින් එයා වයස හින්දා. ලේලියට වගේම පුතාටත් මේක කරදරයක්. දවසක් ලේලිය කෑම මේසේදීම තරහින් තම ස්වාමිපුරුෂයාට මෙහෙම කියනවා... ''මේක නම් හරියන්නේ නෑ. මට දැන් ඇති වෙලා තියෙන්නේ. හැමදාම එක වගේ, ඔයාගේ තාත්තටට නම් මොකක් හරිම කරන්න වෙනවා

 හැමදාම කෑම හලා ගන්නවා. මට තියෙන වැඩ මදිවට තව වද දෙනවා.'' පුංචි පුතත් පුදුමයෙන් මේ දේ බලා හිටියා.

ඊලග දවසේ මේ නෝනයි මහත්තයයි දෙන්නා ගේ මුල්ලක පොඩි මේසයකුයි, පුටුවකුයි හදලා වෙනදා කෑම වෙලාවට සීයගේ කෑම වේල එතනට ලැහැස්ති කලා. ඒ විතරක් නෙවේ. මේ ලේලිය තමන්ගේ පුංචි දරුවට ඒකට ඕන තවත් දේ ගේන්නත් කිව්වා. ''පුතේ... සීයට කෑම දෙන්න ඔය ලී පිඟාන මෙහේට අරන් එන්නකෝ. දැන් ඉතින් ඔයාගේ සීයා කොච්චර පිඟන්, කෑම බිම දැම්මත් කමක් නෑ. දැක්කද කෑම කන්නේ මුල්ලකනේ. අනික පිගානත් ලී.. ඇය සතුටෙන්ම කිව්වා.'' පුංචි පුතා, මේ සියගේ මුණුබුරා ලී පිගානත් ගෙනල්ලා දුන්නා. දින ගත වී ගෙන යනවා... මේ පවුල තමන්ගේ කෑම වේල් සතුටින් පුරුදු මේසේම ගන්නවා. සීයා මුල්ලක තියෙන මේසයේ ලී පිගානක තමන්ගේ කෑම වේල ගන්නවා. එකත් වෙව්ල වෙව්ල හරිම දුකෙන්. ඉඳ හිට කඳුලු බිංඳුවක් දෙකක් බත් පිඟානට නොවටුණා නෙවෙයි.

 සතියකට විතර පස්සේ පුතා වැඩ ඇරිලා ගෙදර එනකොට පුංචි පුතා ලී කෑලි වගයක් අරගෙන සෙල්ලමක් කරනවා. ''පුතේ... මොනාද පුතේ ඔයා ඔය හදන්නේ? සෙල්ලම් වාහනයක්ද?'' ඔහු ආදරයෙන් ඇහුවා. ''නෑ නෑ තාත්තේ... මම මේ ලී පිඟන් දෙකක් හදනවා.''
 ''ඒ මොකටද පුතේ ඒ?'' ''අර අපේ සීයට දුන්නේ, අන්න ඒ වගේ අම්මයි තාත්තායි වයසට ගියාම කෑම දෙන්න පිඟන් දෙකක් ඕනනේ. මම ඒවා හදනවා.'' පොඩි එකා කිසිම ගාණක් නැතිව උත්තර දුන්නා. මේ පිලිතුර දුන් ගමන්ම පුතාගේ වගේම ඒ ගැන බලන් හිටපු ලේලියටත් කට උත්තර නැතිව ගියා. ඒ දෙන්නා මුහුනට මුහුන බැලුවා.

එදා හවසම පුතයි ලේලියි අර ගේ මුල්ලක තිබුනු ලී මේසය අයින් කරලා දැම්මා. මුල් දවස් වල වගේම එකම මේසයක එකට වාඩිවෙලා මේ පුතයි ලේලියි, මේ අසරණ ''තාත්තා'' නැතිනම් මුනුපුරාගේ සීයා කෑම කනවා. මොන දේ ඉහිරුනත් ඒ ගැන කිසිම දොසක් නොකියන්නත් මේ වයසක තාත්තට හොදින් සලකන්නත් යුතුකම් හොදින් ඉටුකරන්නත් වග බලා ගත්තා. පුංචි ළමයි හැමදේම හරි අවධානයෙන් බලනවා. මොකද ඔවුන් ක්‍රියා කරන්නේ අපි ක්‍රියා කරන විදිහ බලලා ගන්න අදහසින්. අන්න එයින් මනසට, බුද්ධියට ලැබෙන දේ සමහරක් ඔවුන් අනාගතයටත් ඉතිරි කරගන්නවා. ඉතින් පුංචි ළමයි ඉදිරියේ එහෙම වැරදි දේ නොකරන්නත්, අපි හදා වඩා ගත්ත අපේ අත පය දැඩි කල අපේ දෙමව්පියන්ටත් ඔවුන් මොන තත්වයේ සිටියත් කලගුණ සලකන්නත් අපි වගබලා ගතයුතුයි ! මොකද අපිට ඒකට ලැබෙන්නේ බොහෝම ටික කාලයක් විතරයි, එහේම නේද යාලුවනේ?

Brielle සහ Kyrie

   එක් පුංචි උණුසුම් වැලඳ ගැනීමකින් ජීවිතයක් රැකෙනවා කිව්වොත් පුදුමයි නේද? ඉහත රූපයේ දැක්වෙන්නේ පුංචි නිවුන් සහෝදරියන් දෙදෙනෙක්. එයාලා නම් වලින් Brielle සහ Kyrie ඔවුන් මෙලොව එළිය දකින්න නියම වෙලා තිබුණු දිනට සති 12ට කලින් මේ ලෝකයට ආයුබෝවන් කිව්වා. ඒත් ඒ නිසාම ඔවුන්ට සිදුවුනා ඉන්කියුබේටර්ස්(incubators) වල සහය පතන්න. Kyrie නම් ඉන්කියුබේටරයේ පිහිටෙන් ජීවිතය ආරම්භ කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික ඇයගේ සෞඛ්‍යය තත්වය යහපත් වුණා

ඒත් පුංචි Brielle, අනේ ඇය හුස්ම ගැනීමේ අපහසුතාවයකින් වගේම රාත්තල් 2ක් පමණක් බරින් යුතුවූ නිසා ජීවත අවධානමක අතරමං වුනා. ඇය ජීවත් වේවියැයි කිසිවෙකුත් බලාපොරොත්තු වුනේ නෑ. ඔවුන් බලාගන්න භාරව සිටිය රෝහලේ සේවය කරපු හෙදිය ඇයට හැකි හැමදේම කරා, ඒත් කිසිවක් Brielleගේ සෞඛ්‍යය තත්වය යහපත් කරන්න හේතුවක් වුනේ නෑ. අවසානයේ ඇය රෝහලේ නීතී වලට පිටින් ඇයගේ හදවතට හරියැයි සිතුණු කාරණයක් ක්‍රියාවට නැගුවා, එනම් ඇය පුංචි Brielle සහ Kyrie එකම ඉන්කියුබේටරයක තබන්න තීරණය කරා.ඇය පුංචි Brielleට සහ Kyrieට නිදන්නට ඉඩ හැර ටික වේලාවකින් නැවතත් ඔවුන් දෙදෙනා අසලට පැමිණියා.

 ඇයට ඇය දුටු දෙයින් ඇස් අදහාගත නොහැකි වුනා. වෛද්‍යයවරුන්ට සහ අනෙකුත් සේවක මණ්ඩලයට වහාම පුංචි Brielle සහ Kyrie සිටින කාමරයට පැමිණෙන ලෙස ඇය දැනුම් දුන්නා. ඔවුන් පැමිණෙන විට Brielle සහ Kyrie සිටි අයුරු තමයි ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ. 

පුංචි Brielle ඇයගේ සහෝදරිය අසලට ලංවෙද්දී, Kyrie ඇයගේ පුංචි අතකින් ඇයගේ සහෝදරියව වැලඳගෙන තිබුණා. ඒ මොහොතේ පටන්ම Brielleගේ හෘද ස්පන්ධන වේගය සාමන්‍යය අතට පත්වෙලා. ඒ මොහොතේ පටන් ඔවුන් දෙදෙනා එක් incubatorයක තබන්නට වෛද්‍යයවරුන්ද තීරණය කරා. පුදුමයි නේද, පුංචි උණුසුම් වැලඳ ගැනීමකින් ජීවිතයක් බේරුනු හැටි. ඔයාලත් ඔයාලගේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න. හැම නෑ කමටම වඩා ලේ නෑ කම ලොකුයි කියල සිහියේ තබා ගන්න.

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය


මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.එනම් ඇය පන්තියේ ළමුන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත්ය...

ඇගේ මෙම වැකිය බොරුවක් වීමට ආසන්නතම හේතුව වූයේ පන්තියේ ඉදිරිපස පේලියේ වාඩි වී සිටි ටෙඩී නම් කුඩා පිරිමි දරුවාය.. සෑම දිනකම තම සිරුරට වඩා විශාල වූ අපිරිසිදු ඇදුම් හැද පාසලට පැමිනෙන ඔහු අසලින් සැර දහඩිය ගදක් පිටවූයේ ඔහු දිනපතා ස්නානය නොකරන නිසා විය යුතුය.. ඔහුට මිතුරන් සිටියේ නැත. විවේක කාලයේ අනෙක් දරුවන් ක්‍රීඩා කරන විට ටෙඩී සිටියේ හුදකලාව බලා ගත් වන බලාගෙනය..ගුරුතුමියගේ සිතේ මුලින් ඔහු පිලිබද මද නොරිස්සුමක් පමනක් තිබුන නමුත් කල් යාමේදී එය වර්ධනය වූ අතර අවසානයේ ටෙඩී පිලිබද සියුම් වෛරයක් දක්වා එය වැඩි දියුණු විය.

 ඔහුගේ විභාග ප්‍රශ්ණ පත්‍ර පරීක්‍ෂා කිරීම ඇය මහත් උනන් දුවෙන් සිදු කල අතර රතු පෑනකින් ඔහුගේ වැරදි උත්තර විශාල කතිරයකින් කපා ප්‍රශ්ණ පත්‍රයට ඉහලින් විශාල" "F" අකුරක් දැමීමෙන් ඇයට සියුම් සතුටක් දැනුනි. පන්තියේ සෑම සිසුවෙකුගේම අතීත වාර්තා පරීක්‍ෂා කිරීම පාසලේ නීතියක් වූවත් ගුරුතුමිය සිතා මතාම ටෙඩීගේ වාර්තාව වාර්තා ගොන්නේ පහලටම දැම්මේ ඔහු සමග පැවති වෛරය නිසාමයි. නමුත් අවසානයේ ඇය ටෙඩීගේ වාර්තා පරීක්‍ෂා කල විට ඇය විශ්මයට පත් විය. 

 ටෙඩීගේ පලමු වසරේ ගුරුවරිය ඔහු පිලිබදව තබා තිබුනේ මේ ආකාරයේ සටහනක් "නිතරම සිනාමුසුව ඉන්න ටෙඩී අති දක්‍ෂ සිසුවෙක්. තමන්ට පැවරෙන වැඩ කොටස හොදින් පිරිසිදුව නිම කරන ඔහු ඉතාම යහපත් ගතිගුණ සහිත ළමයෙක්,ඔහු වැනි සිසුවෙක් පන්තියේ සිටීම සතුටට කරුණක්" දෙවන වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි "ටෙඩී විශිෂ්ඨ සිසුවෙකි.පන්තියේ අනෙක් ළමුන් අතර ඔහු කැපී පෙනෙයි,අනෙක් සිසුන් ටෙඩීට බෙහෙවින් ප්‍රිය නමුත් වසරේ අවසාන භාගයේදී මවගේ රෝගී තත්වය නිසා ඔහු බෙහෙවින් කම්පාවට පත් වී ඇති බව පෙනී යයි" තෙවන වසරේ ගුරුතුමියගේ සටහන මෙසේයි "ඔහුගේ මවගේ මරණය ඔහුට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර සාමාන්‍ය තත්වයට පැමිනීමට ඔහු විශල ලෙස උත්සාහ කලත් ඔහුගේ පියාගෙන් ඊට සහායක් නොමති බව පෙනී යයි. මෙම තත්වයට ඉක්මන් පිලියමක් නොයෙදුවහොත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි බව මගේ හැගීමයි. හතර වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි "පාසල් කටයුතු පිලිබදව ඔහුගේ උනන්දුව අවම අතර බොහෝ විට පන්ති කාමරයේදී නිදා ගනී.බොහෝ විට හුදකලාව සිටින අතර යහලුවන් නොමැත" ටෙඩීගේ අතීත වාර්තා කියැවූ ගුරුතුමියට ඔහුගේ තත්වය වැටහුනු අතර ඇයට ඇය පිලිබදව දැනුනේ විශාල ලැජ්ජාවකි.ඒ මුල් පාසල් වාරයේ අවසන් දිනය අතර ඔහුගේ අතීත වාර්තා කියැවීමට මෙතරම් පමා වීම පිලිබදව ඇය පසු තැවුනි. පාසලේ සම්ප්‍රදායට අනූව මුල් පාසල් වාරයේ අවසන් දිණයේ සෑම සිසුවෙකුම පන්ති භාර ගුරුතුමියට කුඩා ත්‍යාගයක් පරිත්‍යාග කල යුතු අතර ටෙඩී ඇයට පර්ත්‍යාග කල ත්‍යාගය දුටු ඇගේ සිතේ ඔහු පිලිබදව හට ගත් ශෝකය තවත් වැඩි විය..අනෙක් සෑම සිසුවෙක්ම ඉතා ලක්‍ෂණ දවටන කොල වලින් ත්‍යාග ඔතා විසිතුරු ලෙස ඒවා සකසා තිබූ නමුත් ටෙඩීගේ ත්‍යාගය අවලක්‍ෂණ ලෙස ඔතා තිබුනේ රළු බ්‍රවුන් පේපර් කවරයකිනි. අනෙක් සිසුන් ඉදිරියේ ඇය ටෙඩීගේ පාර්සලය විවෘත කල අතර එහි වූ පරණ තාලයේ ඇට මාලය සහ අඩක් හිස් වූ සුවද විලවුන් බෝතලය දුටු සමහර සිසුන් සිනා සුනේ ටෙඩීට සරදම් කිරීමටයි.ගුරුතුමිය සිසුන් ගේ සිනහව වැලැක්වූයේ ඇට මාලය ඉතා ලස්සන බව පවසා එය පැලදීමෙනි.සුවද විලවුන් ස්වල්පයක් ගල්වා ගැනීමටත් ඇය අමතක කලේ නැත. එය ඇය ජීවිතයේ ලද හොදම ත්‍යාගය බව ඇය පන්තිය ඉදිරියේ පැවසීය. පාසල අවසානයේ අනෙක් සිසුන් පිට වූ පසු ගුරුතුමිය ලගට පැමිනි ටෙඩී සිහින් ස්වරයෙන් මෙසේ පැවසීය.

 "අද මිස් ලග අපේ අම්මාගේ සුවද එන්නේ..." ඔහු පරිත්‍යාග කර තිබුනේ ඔහුගේ මව පාවිච්චි කරමින් සිටි සුවද විලවුන් කුප්පියක් බව ඇයට වැටහුනේ ඒ මොහොතේයි. එදින පටන් ගුරුතුමිය ටෙඩීට විශේෂ අවධානයක් යොමු කල අතර මදින් මද ඔහුගේ සුපුරුදු දක්‍ෂතා මතු වන ආකාරයක් පෙනුනි.ඇය ඔහුව වඩ වඩා ධෛර්යමත් කරන විට ඔහුගේ හැකියාවන් වඩ වඩා ඔප මට්ටම් වූ අතර වසර අවසානය වන විට පන්තියේ සිටි දක්‍ෂතම සිසුන් ගෙන් අයෙක් වීමට ටෙඩී සමත් වුනා. වසර අවසානයේ ඔවුන් වෙන් වූ නමුත් තවත් වසරක් අවසානයේ ඇයට ටෙඩීගෙන් ලැබුනු ලිපියක සටහන්ව තිබුනේ ඔහුගේ ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බවයි. 

තවත් වසර කීපයකින් ඔහු එවා තිබූ තවත් ලිපියකින් ඔහු පවසා තිබුනේ පාසල් අධ්‍යාපනය අවසන් බවයි.ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බව සටහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ. කාලය වේගයෙන් ගෙවී ගිය අතර තවත් වසර කීපයකින් ඇයට ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා,ඔහු දැන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව එහි සටහන් කර තිබූ අතර සුපුරුදු ලෙස තවමත් ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුවරිය ඇය බව සදහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ.

 තවත් වසර කීපයකින් ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා.මේ වන විට ඔහු විද්‍යාවේදී උපාධිය අවසන් කර තිබූ අතර තව දුරටත් අධ්‍යාපනය සිදු කරන බව ඔහු දන්වා තිබුනා. "මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය ඔබයි" කියා සටහන් කරන්නටත් ඔහු අමතක කලේ නෑ. තවත් වසර ගණනාවකින් ලැබුනු ලිපියකින් ඔහු දන්වා තිබුනේ ඔහුට හමු වූ ජීවන සහකාරිය පිලිබදවයි, "මම ඊළග මාසේ ඇයව විවාහ කර ගන්නවා. මගේ තාත්තා ගිය අවුරුද්දේ මිය ගියා. ඔහු මිය යන්න කලින් මගෙන් ඉල්ලා සිටියා විවාහ දිනයේ මගේ දෙමව්පියන් වෙනුවට ඔබව සහභාගි කර ගන්නා ලෙස. මිස් එනවා නේද? මට ජීවිතේ හමු වුන හොද්ම ගුරුතුමිය ඔබයි" 

 මේ වන විට ඔහු ආචාර්ය ටෙඩී. ගුරුතුමිය විවාහයට සහභාගි වූ අතර පස් වන වසරේදී ටෙඩී ඇයට තෑගි කල ඉතා පරණ ඇට මාලය පැලදීමටත් ඒ සුවද විලවුන් ගැල්වීමටත් ඇය අමතක කලේ නෑ.ඔහුට වැටහුනේ තම මව පැමින සිටින බවක්,ඇයව වැලද ගත් ඔහු ඇගේ කනට කර මෙසේ මිමිනුවා, "පස් වෙනි පන්තියේදී මගේ ජීවිතය වෙනස් කලාට ඔබට ගොඩක් ස්තූතියි මිස්...එදා මම අම්මගේ පරණ ඇට මාලෙයි පාවිච්චි කරපු සුවද විලවුන් බෝතලෙයි තෑගි දීපු වෙලාවේ ඒවා පන්තිය ඉස්සරහ අගය කරලා මම වැදගත් පුද්ගලයෙක් බව මට වටහල දුන්නට ඔබට ස්තූතියි, එදා තමා මගේ ජීවිතයේ වැදගත්ම දවස... ඔබයි මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය

Saturday, March 17, 2012

◄ කවදා ගෙවා නිම කරම්ද? ►

රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.

1.තණකොල කැපීමට - Rs.100
2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200
3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250
4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300
5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීමට - රු.250
6.වත්ත සුද්ද කිරීමට - රු.500
ගෙවීමට ඇති මුළු වටිණාකම = රු.1600

තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.

1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ
2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළේ
3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට බෙහෙත් ටික පෙවීම - නොමිළේ
4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ
5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ
6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ

ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...

පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා.

''සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී''

''All that I am, or hope to be, I owe to my angel MOTHER