එක්තරා තරුණ උගත් පුද්ගලයෙක් උසස් අධ්‍යාපනය නිමා වෙලා සමාගමක කළමනාකරණ තනතුරට ඉල්ලුම් කලා. පළමු පරීක්ෂණයෙන් සමත් වුනු ඔහු අවසන් පරීක්ෂණයට මුහුණ දෙමින් සිටියා. ඔහුගේ ලිපිගොනු පෙරලා බැලූ අධ්‍යක්ෂකවරයාට ඔහු තනතුරට ඉතාම සුදුසු බව තේරුනා. සියළුම විභාග ඔහු ඉතා ඉහලින් සමත් වී තිබුනා. "ඔබට විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනද???
අධ්‍යක්ෂක ඇහුවා. "නැහැ"තරුණයා කිව්වා.
"එහෙනම් ඔබට ඔබගේ පියාද වියදම් කලේ??? " "මගේ පියා නැහැ.
මට අවුරුද්දක් වෙද්දි තාත්තා නැති වුනා. අම්මා තමා මගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ." තරුණයා කිව්වා.
"ඔබේ අම්මා කොහෙද වැඩ කරන්නේ??"
"අම්මා කරන්නේ රෙදි හෝදන එක." තරුණයා පිලිතුරු දුන්නා.
"මට ඔබගේ දෑත පෙන්වන්න"

තමාට රැකියාව ලබන්න තිබෙන ඉඩ කඩ වැඩි බව දුටු තරුණයා සතුටින් ගෙදර ගිහින් අම්මට ඒ ගැන කිව්වා. පසුව තමන්ගෙ අවසාන පරීක්ෂණය ගැනත් කිව්වා. පුදුමයට පත් වුනත් අම්මා තමන්ගෙ අත් දෙක හෝදන්න පුතාට ඉඩ දුන්නා. දෑත හෝදන්න ගත්ත තරුණයගේ දෑස් තෙත් වුනා. අම්මාගේ දෑත එතරම් රළු බව ඔහුට දැනුනේ පලමු වරටයි. ඒ වගේම කැපුම් තුවාල ගොඩක් තිබුනා. ඇතැම් ඒවා වතුර ගෑවෙද්දි ඉතා වේදනාකාරී බව ඔහුට තේරුනා.
ඔහුට පළමු වරට තේරුනා ඔහු ඉගෙන ගන්න ඔහුට වඩා අම්මා වුනු මහන්සිය. ඇයගේ අතේ තිබුන තුවාල තමා තමාට ඉගැන්නුවෙ කියන එක ඔහුට තේරුනා. ඔහු එතනින් ඉවත් වුනේ ගොඩ ගැහිලා තිබුනු ඉතිරි රෙදි ටිකත් හෝදලා දීලයි.
පහුවදා
ඔහු නැවත ගියහම අධ්‍යක්ෂකවරයා සිදුවූ දේ ගැන ඇහුවා. තමන් අම්මගේ දෑත සේදීමෙන් පසු ඉතිරි රෙදි තොගයත් සේදූ බව තරුණයා කිව්වා. "බොහොම ස්තුතියි. මම මෙච්චර කල් නුදුටුව දේ මට පෙන්වල දුන්නට"
"අපේ සමාගමට සතුටින් පිලිගන්නවා." අධ්‍යක්ෂවරයා තමන් කලින් පිළියෙල කොට සූදානම් කර තිබූ පත්වීමේ ලිපිය දෙන ගමන් කිව්වා.
0 අදහස් Comments::
Post a Comment
නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-