මේක පුංචි කතාවක්... හැබැයි කතාවෙන් කියවෙන්නේ ''ඔබ'' ගැන. ඔව්, මේක කියවන ''ඔයා ගැන''. හිතන්න, දැන් ඔබ ඉන්නවා සෙනඟ පිරුන ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපලට වෙලා ඔයාගේ ගමන් බෑගයත් තියාගෙන, ඒ ඔයා යන්න ඉන්න ගුවන් යානය එනකන්. හදිසියෙන්ම දකින බිස්කට් වෙළෙන්දගෙන් ඔයා ගන්නවා ''කුකීස් '' බිස්කට් පැකට් එකක්. වටපිට බලලා කවුරුත් නැති තැනක වාඩි වෙලා මේ ''කුකීස් '' බිස්කට් රස බලන්න හිතාගෙන ඒක දැනට ගමන් බෑගයේ දාගෙනම හිස් අසුනක් හොයා ගෙන යනවා. වැදගත් මහත්තයෙක් ගාව පුටුවකුත් ලැබුන හින්දා බෑගයත් බිමින් තියලා ගමන් බෑගයෙන් බිස්කට් පැකට් එක ගන්න පහත් වෙන අතරෙම අර වැදගත් මහත්තයා පුදුමයෙන් වගේ බලා ඉන්නවා. පැකට් එක කඩලා බිස්කට් එක කට ගාවට ගෙනියනකන්ම එයා බලන් ඉන්නවා. ඒ මදිවට ඔයාගේ බිස්කට් පැකට් එකට අත දාලා කිසි අවසරයක් නැතිවම බිස්කට් එකකුත් ගන්නවා. එකක් නම් කමක් නෑ. ඔයා ගන්න හැම බිස්කට් එකක් ගානෙම එයත් එකක් අරන් කනවා.
දැන් මොනාද ඔයාට හිතෙන්නේ?
''කවුද මේ?'' , ''පිස්සු යකෙක්'' , ''මහා පෙරේතයෙක්'' , ''කිසිම හැදියාවක් නැති එකෙක්'' එහෙම නේද?
පුදුමේ කියන්නෙ අන්තිමට ඉතිරි වුන එකම බිස්කට් එකත් මේ මහත්මයා අරන් කිසිම ගාණක් නැතිව ඒකෙන් භාගයක් කඩලා ඔබට දීලා ඉතිරි භාගේ අරගෙන කිසිම ස්තුතියක් වත් නැතුව යන්න ගියා.
ඔයාට හිතෙනවා ''ඇත්තටම මෙහේම වුනාද? නැත්නම් මේක හීනයක්ද? මේක නම් හිතාගන්නත් බෑ... මහා පෙරේත මිනිහෙක්. කමක් නෑ...''
ඔයා නැවතත් අර වෙළෙන්දගෙන් ''කුකීස්'' බිස්කට් පැකට් එකක් ගෙනත් ගමන් බෑගයට දාන්න හදනකොට බෑග් එකේ අර කලින් ගත්ත පැකට් එක එහෙමම තියෙනවා. අයියෝ ! ඔයා වැරදීමකින් අරගෙන තියෙන්නේ අර මහත්මයාගේ නැත්නම් අර ''පිස්සු යකෙක්'' , ''මහා පෙරේතයෙක්'' , ''කිසිම හැදියාවක් නැති එකෙක්'' කියල හිතපු කෙනාගේ බෑග් එකේ තිබුන පැකට් එකනේ... දැන් මොකද ඔයාට ඒ මහත්තයා ගැන හිතෙන්නේ? එයාට ඔයා ගැන කොහොම හිතෙනවා ඇතිද? යම් දෙයක් ගැන එක පාරම හිතලා හදිසි තීරණ ගන්න හොද නැහැ, කෙනෙකු ගැන ඉක්මනින් වින්ශ්චයකට එන්න හොඳත් නැහැ. ඒ ගැන ආකාර දෙක තුනකින්වත් හිතන්න ඒ දිහා බලන්න ඕන. එය ඔබේ ජීවිතයට එළියක් වේවි. දැන්වත් යමක් දිහා, කෙනෙක් දිහා හිතන විදිහ බලන විදිහ වෙනසක් කරමු නේද?
0 අදහස් Comments::
Post a Comment
නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-