මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

පාලම

මෙය බ්‍රිතාන්‍යන් ඉන්දියාව පාලනය කරන සමයේ සිදු වූ සිද්ධියකි. පම්බන් පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ඇති පාලමකි.මෙම පාලම ආරම්භ වන ස්ථානයේ ඔබට වැලපෙන මිනිසෙකු මිනිස් ශරීරයක කොටස් තම පපුව ආසන්නයට ඔසවාගෙන සිටින ආකාරයේ ස්මාරකයක් දැකිය හැකිය..
මෙම පාලම ඉදිකරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේ වන අතර මෙම පාලමේ විශේෂත්වය නම් මෙහි මැද කොටස විශාල යන්ත්‍රයක ආධාරයෙන් ඉහලට එසවිය හැකි වීමයි. එවිට මුහුදේ යාත්‍රා කරන නැව් ආදියට පහසුවෙන් පාලමට යටින් යාත්‍රා කල හැකි වේ.පාලම මතින් දුම්රිය මාර්ගයක් ගමන් කරයි.
නැවක් යත්‍රා කරන විට මෙහි වූ යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම එසවීම භාරව සිටියේ මැදිවියේ මිනිසෙකි. දිනක් නැවක් පාලම යටින් ගමන් කර මද වේලාවකින් ඔහු දුටුවේ ඈතින් දුම්රියක් සෙමින් සෙමින් පාලම දෙසට පැමිනෙන ආකාරයයි.ඔහු විසින් පාලම හැකි ඉක්මනින් පහත් කල යුතු වූ අතර එසේ නොමැති වුවහොත් දුම්රිය අනතුරට පත් වී දහස් ගණනක් මගීන් අනතුරට පත් විය හැකිව තිබුනි.
මේ අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 9ක් වන කුඩා පිරිමි දරුවා පියාගේ දිවා ආහාර රැගෙන පැමිනියේය.. පියා පාලම පහත් කිරීමට අපහසුවෙන් යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය දුටු කුඩා පිරිමි දරුවා දිවා ආහාරය පසෙකින් තබා තම පියාට සහාය දීමට යන්ත්‍රය අසලට පැමිනියේය.
ගත වූවේ මද වේලාවකි,කුඩා පිරිමි දරුවාගේ ඇගිල්ලක් යන්ත්‍රයේ දැති රෝද අතර සිර වුනි,ඔහු මහ හඩින් වැලපුනේය. මේ අවස්ථාවේ ඔහුගේ පියා කුඩා පිරිමි දරුවා බේරා ගැනීමට පැමිනියහොත් ඔහුට පාලම පහත් කිරීමට කාලය ප්‍රමානවත් නොවේ,එම නිසා කුඩා පිරිමි දරුවාගේ හැඩීම නොසැලකූ ඔහු දිගින් දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම පහත් කරවීය,දරුවා මදින් මද යන්ත්‍රය දෙසට ඇදී ගියේය.
පියාගේ නෙතින් කදුලු කඩා වැටුනු අතර ඔහු මහ හඩින් වැලපෙන අතර දරුවාගේ හැඩීම නොසලකා දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කලේය. ඔහු දරුවා බේරා ගැනීමට ක්‍රියා කලහොත් පාලම පහත් කිරීමට කාලය ප්‍රමානවත් නොවන අතර දහස් ගණනක් මගීන් මුහුදට වැටී මිය යනු ඇත.. කුඩා පිරිමි දරුවා සම්පූර්ණයෙන්ම යන්ත්‍රය තුලට ඇදී ගියේය.,ඔහුගේ අස්ථි යන්ත්‍රයේ දැති රෝද වලට හසුව බිදෙන ශබ්දය පියාට ඇසුනි.
මද වේලාවකින් මගීන් දහස් ගණනක් රැගත් දුම්‍ රිය නිරුපද්‍රිතව පාලම මතින් ගමන් කල අතර යන්ත්‍රය තුලින් තම පුත්‍රයාගේ සිරුර ඉවතට ගත් ඔහු මහ හඩින් වැලපෙන්නට විය අවංකව තම රාජකාරිය ඉටු කල මිනිසාට තම එකම පුත්‍රයා අහිමි විය....පසුව බ්‍රිතාන්‍ය පාලකයන් තම රාජකාරිය අවංකව ඉටු කල එම මිනිසාට ගරු කිරීමට එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කලෝය

0 අදහස් Comments::

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-