මනුෂ්‍යත්වය සොයා යමි

Friday, November 9, 2012

♣ආදරය බැදී තිබෙන්නේ විශ්වාසය මතයි♣


   වසක් ගුවන් යානයක් වලාකුළු වලටත් ඉහලින් පියාසර කරමින් තිබෙන අවස්ථාවක ගුවන් යානයේ සමබරතාවය නැතිව දෙපැත්තට පැද්දෙන්න පටන්ගත්ත. මුළු ගුවන් යානයේම හිටිය මිනිස්සු බයෙන් කෑ ගහන්න පටන් ගත්ත. ඒත් එකම එක පුංචි ගෑනු ළමයෙක් විතරක් මේ බවක් නොදැනුනා
වගේ එයාගෙ සෙල්ලම්බඩු වලින් සෙල්ලම් කරන්න පටන් ගත්ත.
පැයකට විතර පස්සෙ මේ ගුවන් යානය ආරක්ෂිතව ගුවන් තොටුපලට ගොඩබෑව 
එක මනුස්සයෙක් ගුවන් යානයෙන් බිමට ආවට පස්සෙ
ගිහින් අර පුංචි ගෑනු ළමයාගෙන් ඇහුව
"කොහොමද ඔයා ඔක්කොම මිනිස්සු බය වෙලා ඉන්න වෙලාවෙ බය නැතුව සෙල්ලම් කලේ" කියල.
ඒ පුංචි ගෑනු ළමය උත්තර දුන්න,
"මේ ගුවන් යානෙ පදවන්නෙ මගේ තාත්ත
මම දැනගෙන හිටිය මගේ තාත්ත කවදාවත් මට කරදරයක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියල"
ඕනෙම ගැහැනු ළමයෙක් බලා පොරොත්තු වෙන්නේ තාත්තා වගේම තමන්ව ආදරෙන් විශ්වාසයෙන් බලා ගන්න ස්වාමියෙක්ව. 

නිවැරදි දෙමවුපියො

පැන්සල; මට සමාවෙන්න

මකනය; ඒ මොකටද?ඔයා කිසිම වැරදි දෙයක් කලේ නැහැනෙ

පැන්සල; මට සමාවෙන්න මම නිසා ඔයාට ගොඩක් රිදෙනව.මම මොනව හරි වැරැද්දක් කලාම ඔයා හැමතිස්සෙම එතන ඉන්නව.මගේ අතින් වෙන වැරදි ඔයා මකනව.ඒක නිසා, ඒක මකන හැමවෙලාවෙම ඔයාගෙන් කොටසක් නැති වෙනවා.ඒක මගේ වැරැද්ද.

මකනය; ඒක ඇත්ත.ඒත් ඔයා දුක් වෙන්න එපා.මාව හදල තියෙන්නෙ ඒකට.ඔයා මොනව හරි වැරැද්දක් කලාම ඒක මකන්න.මම දන්නව කවද හරි දවසක මාව නැති වෙලා යනව කියල.ඒත් ඒකට මට දුකක් නැහැ.මම මගේ රාජකාරිය අකුරම ඉෂ්ට කරල නැති වෙන්නෙ.ඒක නිසා කරුණාකරල දුක් වෙන එක නවත්තන්න.මම කැමති නැහැ ඔයා දුක් වෙනව බලන්න

★◆අපේ දෙමවුපියො හරියට මකන වගේ.අපි හරියට වැරදි කරන පැන්සල් වගේ.අපි මොනව හරි වැරදි දෙයක් කරනකොට අපේ දෙමවුපියන් ඒක හදනව.අපිව හරි මාර්ගයට ගන්නව.ඒ ගොල්ලන්ට මොන අඩු පාඩුව උනත් අපිට කවදාවත් වැරදෙන්න ඒ ගොල්ලන් ඉඩ තියන්නෙ නැහැ.ඒක නිසා දෙමවුපියන්ට ගරු කරන්න ඉගෙනගන්න.ඒ ගොල්ලන්ව තේරුම් අරගෙන රැක බලාගන්න★◆
 ඒ වගේම කියන්න ඕනා දෙමව්පියන්ගෙ ආදරේ ආත්මාර්ථකාමී වෙන්න බෑ. තමන්ගේ දරුවට වගේම අනිත් දෙමව්පියන්ගේ දරුවන්ටත් ආදරේ කරන්න ඕනා. එක අම්මෙක්ගේ දරුවෙකුට ගින්දරක් දුන්නොත් තමන්ගේ දරුවාටත් ඒ ගින්දර එනවාමයි..... ඉස්සර තමා කරපු පව් ඊළඟ ආත්මේ පරිසන් දුන්නේ. ඒත් දැන් තමන් කරන පව් වලට මේ ආත්මෙම පරිසන් දෙනවා කියන එක අපි හැමෝම මේ දවස් වල දැක්කානේ. අනේ අම්මේ තාත්තේ තමන්ගේ දරුවාව හරි විදිහට සමාජෙට දෙන්න

මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්

  ළමයින්ගෙයි දෙමවුපියන්ගෙයි තියන සම්බන්දතාවය හරිම පුදුමයි. දෙමවුපියෝ මොන දේ කලත් තමන්ගේ දරුවන්ට තියන ආදරය අඩු කරන්නෙ නැහැ.දෙමවුපියො මොන වගේ පුද්ගලයන් උනත්.මේ ඉන්නෙ Pablo Escobar Gaviria කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්. ඉදල තියෙන්නෙ කොලොම්බියාවේ. මෙය එක පාරක් ෆාම් එකක ඉන්න ගමන් මෙයාගේ දුවට සීතල හැදිල. මෙයාට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබිල නැහැ ඒකට. ඒක නිසා මොනවද කරේ කියල දන්නවද එයා ලග තිබුන ඩොලර් මිලියන
දෙකක සල්ලි. මෙයා කලේ ඒ ඔක්කොම සල්ලි එක ගොඩකට ගහල ගිනි තිබ්බ. දුවගෙ සීතල නැති කරන්න ඩොලර් මිලියන දෙකක් දෙපාරක් හිතන්නෙ නැතුව ගිනි තිබ්බ. මෙයා මත්ද්‍රව්‍ය ජාවාරම් කලට තමන්ගෙ පවුලටයි පෞද්ගලික ආරක්ෂකයන්ටයි කිසිම දෙකින් අඩුවක් කරල නැහැ. මෙයා 1993 දී මැරිල. කොහොම උනත් මේ කතාව පසු ගිය දවසෙ උදේ මුළු රටේම ප්‍රධාන සිරස්තලය වෙලා තියනව

The Colombian drug lord Pablo Escobar Gaviria, who died in 1993, made a bonfire with two million dollars in cash to prevent their daughter from dieing of cold. Once in hiding in a farm in the mountains surrounding the city of Medellin, he did everything humanly possible to save the lives of his family and body guard.

This revelation was made by Sebastián Marroquín, the name which for years has Juan Pablo Escobar Henao, son of the former Medellin cartel chieftain in an interview with the Colombian magazine 'Don Juan' that began circulating this week in Buenos Aires, Argentina.

According to Marroquin, who for over 15 years  is living legally in Argentina with his family, said his father made this fire with tickets because the people who accompanied him in the hideout went cold, besides hunger, they had few supplies, and the worst affected was his sister Manuela.

On the other hand, he explained that one of his father's invariable custom was to see the television news and read every newspaper he could get.

"No matter the danger to be. In the morning you read all the newspapers of Colombia. At midday and at night he sat down to watch the news, never said a word. He noted, pointing things sometimes and when he finished the news simply turned off the TV, "he said.

He recounted that his father became obsessive about protecting his wife, Maria Victoria Henao, and his two sons, after suffering an attack in the hideout where he died.

බල්ලෙක් උනත්.........

Manuel Guzman මැරුන 2006 මාර්තු මාසේ දී.මෙයාට හිටිය ,ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක්.manuelමැරුනට පස්සෙ මේ බල්ල හිටියෙ හුගක් හිතේ අමාරුවෙන්.දවසක් මේ බල්ල ගෙදර හිටියෙ නැහැ.මෙයාගෙ අයිති කාරයො හැමතැනම බැලුව.ටික දවසකින් ආරංචියක් ආව manuel ගෙ සොහොන ලග හැමදාම බල්ලෙක් ඇවිල්ල ඉන්නව කියල.මේ කට්ටිය ගිය manuel ගෙ සොහොන ලගට.ඒ වෙලාවෙ දැක්ක කැප්ටන් ඒ කියන්නෙ මේ බල්ල සොහොන ලග වැතිරිල ඉන්නව කියල.කට්ටිය හිතුව හිතේ අමාරුව නිසා ටික දවසක් ඉදල එයි කියල.සතියක් බලන් හිටිය ආවෙ නැහැ.මාසයක් බලන් හිටිය ආවෙ නැහැ.අවුරුද්දක් බලන් හිටිය ඒත් නැහැ.දැන් අවුරුදු 6 කුත් වෙලා.විස්වාස කරන්න.තාමත් කැප්ටන් ගෙදර ඇවිල්ල නැහැ.මෙයාව අරගෙන එන්න මෙයා ඉඩ දෙන්නෙත් නැහැලු.දැන් මෙයා ආර්ජන්ටිනාවේ ගොඩක් මිනිස්සුන්ගෙ ආදරය දින ගන්න සමත් වෙලා.මෙයා ගැන ගොඩක් කට්ටිය හොයල බලනවලු.කිසිම දෙකින් අඩුවක් තියන්නෙ නැහැලු.එච්චරටම මිනිස්සු මෙයා ගැන බලනවලු.හැමදාම මෙය කොහේ ගිහින් හිටියත් හරියටම 6 වෙනකොට සොහොන ලගට එනවලු.ඒ කියන්නෙ කරුවල වැටෙන්න කලින්.ඒත් ලස්සනම කතාව ඒක නෙමෙයි.දන්නවද මෙයා කවදාවත් manuel ගේ සොහොන වත් මිනී කනත්තවත් දැකල තිබුනෙ නැහැ.ඒත් මෙයා කොහොමද manuel මරුන කියල දැනගත්තෙ.කොහොමද මෙයා මිනී කනත්ත හොයා ගත්තෙ.කොහොමද දහස් ගානක් සොහොන් අතරේ අඩි ගානක් යට තියන Manuel ගෙ මිනිය හොයාගත්තෙ.ඒ ඉව විතරද?
One loyal dog hasn’t moved from his master’s side for the last six years — refusing to let even death part them.
German shepherd, Capitán, ran away from home after his owner and best friend, Manuel Guzman, died in 2006. A week later Guzman’s family, who live in Cordoba, Argentina, found the heartbroken dog grieving at the gravesite, reported Dog Heirs.
“We had never taken him to the cemetery so it is a mystery how he managed to find the place,” Veronica Guzman, Manuel’s widow, told the Sun.
Every Sunday, for the past six years, the Guzman family has gone to the cemetery to visit both Manuel and Capitán. Although the dog often leaves the cemetery to spend a short period of time with his family, he always returns to the gravesite before dark.
“I don’t think he wanted to leave Manuel on his own at night,” Veronica told the Sun.
Cemetery director, Hector Baccega, said that staff at the cemetery in central Argentina are now feeding and taking care of the dog.
“During the day he sometimes has a walk around the cemetery, but always rushes back to the grave. And every day, at six o’clock sharp, he lies down on top of the grave and stays there all night,” Baccega told La Voz.
Although the Guzman family would like to take Capitán home with them, they understand the dog’s immense loyalty to his best friend.

මිනිසුන්ට වඩා ශේෂ්ඨද

රියටම 1996 අගෝස්තු 16 වෙනිදා මුළු රටක ලෝකයක අවධානය එක සත්තු වත්තක් දිහාට යොමු උනා.Brookfield Zoo තිබුනෙ Brookfield කියන නගරයෙ.Binti Jua කියන්නෙ මේ zoo එකේ හිටපු අවුරුදු අටක් වයස ගෑනු ගෝරිල්ලෙක්. අගෝස්තු 16 වෙනිදා මේ zoo එක බලන්න ආව අවුරුදු 3 ක් වයස වෙන පොඩි දරුවෙක්.මේ ළමය කාටවත් නොපෙනෙන්න මේ ගොරිල්ලො දාල හිටපු කොන්ක්‍රීට් බැම්මට නැගල එබිලා බැලුව.ඒත් එක පාරටම මේ ළමය මේ ගොරිල්ලො හිටපු වලට වැටුන.මේ 
වල අඩි 18 ක් ගැඹුරුයි.මේක බලාගෙන හිටපු Binti jua හෙමින් හෙමින් මේ ළමය ලගට කිට්ටු උනා.මේත් එක්කම තවත් ගෝරිල්ලන් කට්ටියක් මේ ළමය ලගට කිට්ටු වෙනකොට Binti gen නම් එච්චර බේරෙන්න ලැබුනෙ නැහැ.අර කිට්ටුවෙන්න හදපු ගෝරිල්ලන්ට දරුණු විදියට 
 ගොරලවල එතනින් එලවල දැම්ම.මේක බලාගෙන ඉන්නව 
මිසක් අනිත් මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් නැහැ.මේ ලමයව තමන්ගෙ ළමයෙක් ලගට ගන්නව වගේ Binti තමන්ගෙ දකුණු අතින් අරගෙන පරිස්සමෙන් අරගෙන කොටයක් උඩට ගිහින් හෙමින් පිටිපස්සට තට්ටු කරල තියනව.මොකද මේ වෙනකොට මේ ළමයට සිහිය තිබිල නැහැ.ඒ වගේම මූන දරුණු විදියට තුවාල වෙලා.මේ ලමයව ටිකක් වෙලා අරගෙන ඉදල ටික වෙලාවක් කල්පනා කරල.පස්සෙ Binti කරපු දේට එතන හිටපු මිනිස්සුන්ට කතා කරගන්නවත් බැරි උනාලු.Binti අර ලමයව පරිස්සමෙන් අරගෙන ගිහින් තමන්ගෙ කූඩුවෙ පිටවීම තියන තැනට.මේ පිටවීම තිබිල තියෙන්නෙ බිනටි ලමයව අරගෙන තට්ටු කරපු තැන ඉදන් අඩි 56 ක් එහාට වෙන්න.පිටවීමේ දොරටුව ලගට ගිහින් එතන හිටපු ආරක්ෂකයන්ගෙ අතටම මේ පොඩි ලමයව බාර දීල. 

අයිතිය: දන්නා ලෝකයේ නොදන්න යමක් 

දන්නා ලෝකයේ නොදන්නා යමක්

මේ ඉන්නෙ අවුරුදු 59 ක් වයස උතුරු කැලිෆෝනියාවේ ජීවත් වෙන verone robbed කියන කෙනා.මෙයා ඉතාම දිලිදු කෙනෙක් ගොඩක් කල් ඉදල ලෙඩින් ඉදල තියෙන්නෙ.මෙයාට බෙහෙත් ගන්නවත් සල්ලි තිබිල නැහැ. ඉතින් මෙයා දවසක් කල්පනා කලා බැංකුවක් කඩන්න.මෙයා බැංකුව කඩන්න 2011 ජුනි මාසේ 20 වෙනිදා තමයි තෝර ගත්තෙ. තෝරගත්ත බැංකුව RBC බැංකුව.ඔයාල හිතන්නෙ මෙයා බැංකුව කඩන්න තුවක්කු බෝම්බ අරගෙන ගියා කියලද?එහෙනම් ඒක වැරදියි. මෙයා ගියේ හිස්
අතින්මයි .ගියේ ඩොලර් මිලියනගනක් මංකොල්ල කන්න නෙමෙයි. මෙයා කෙලින්ම ගිහින් බැංකුවේ ටෙලර් ට කිවුව අත දික්කරල මේක බැංකු මංකොල්ලයක් කරුණකරලා මට ඩොලර් එකක් දෙන්න කියල. එහෙම කියල මෙයා ඩොලර් එක අරගෙන බැංකුවේ පුටුවකින් වාඩි වෙලා හිටිය පොලීසියෙන් එනකම්.
මෙයා මෙහෙම කලේ මොකද කියල දැන් කල්පනා කරනවද? මොකද මෙයා හිරේ ගියාම පොලීසිය මෙයාට බෙහෙත් කරන නිසා.එයා කල්පනා කරල තියනව හිරේ ගියොත් එයාගෙ ලෙඩ වලට බෙහෙත් කරන්න පුළුවන් කියල. මේ අසරණය මීට කලින් කවදාවත් අපරාදයක් කරල නැහැ. අඩුම තරමේ අපරාදයක් කරන්න දන්නෙවත් නැහැ.මෙයා ගොඩක් වයසයි. මෙයාට ලෙඩ රෝග කිහිපයක්ම තිබිල තියනව.ඒ අතර පපුවේ අසාමාන්‍ය වැඩීමක්, වම් කකුලේ අභාදයක්,සහ තවත් ලෙඩ වර්ග දෙකක් තිබිල තියනව.මෙයාට උවමනා කරල තිබුනෙ අවුරුදු තුනකට හිරේ ගිහින් බෙහෙත් කරගන්න.

♣♣ අයිතිය දන්නා ලෝකයේ නොදන්න යමක් සතුය

Friday, October 5, 2012

I Love u amma


Tuesday, October 2, 2012

මනුස්සයෙක්

දේ පාන්දරම මම ගිටාර් එකත් අරගෙන නුවරට එන්න බස් එකට නැග්ග..ටික දුරක් එනකොට මම දැක්ක සුදු පාට සාරි ඇඳගත්තු ගෑනු 2නෙක් බස් එකේ තැනක අඬ අඬ යනවා.ඒ 2නගෙන් එක්කෙනෙක්ගේ අතේ තිබුණු කොලයක් බිමට වැටිලා මම ඉඳපු පැත්තට ආවා.මම එක ඇහිඳගෙන බලනකොට ඒකෙ තිබු
නේ මැරුණු කෙනෙකුගේ පෝස්ටර් එකක්.මම ඒක අයෙත් ඒ දෙන්නට දුන්නා.ඒ වෙනකොටත් ඇස් රතු කරගෙන දෙන්නම හොඳටම අඬනවා කියල මට තේරුණා..

ඔය හැමදේම අතරේ මම බස් එකෙන් බැහැල ඇවිත් වැව රවුම පැත්තෙන් ටවුන් ඒක පැත්තට එන්න පටන් ගත්තා.ඔහොම හෙමින් හෙමින් එනකොට එක මනුස්සයෙක් එහාට මෙහාට ඇවිද ඇවිද කාටදෝ call එකක් ගන්නවා මම දැක්ක.ඇඳුම් නම් වැරහැලි වගෙයි පෙනුනේ.....
ටවුන් එකට ඇවිත් මම ටොරින්ටන් උද්‍යානෙට ගියා මගේ ආදරවන්තිය මුණ ගැහෙන්න හිතාගෙන.හිතුව වගේම එයා මම එනකම් බලාගෙන හිටිය.අපි මුණගැහිලා අවුරුදු ගානක් වෙනවා දැන්...
කොහොම හරි ඒ දේත් ඉවර කරගෙන මම එදා යොදා ගත්තා වැඩ කටයුතු වලට ගියා.හවස් වෙනකොට මගේ ෆෝන් එකත් ඕෆ් වෙලයි තිබුනේ.

ඉතින් මම ගියා නුවර දුම්රිය ස්ථානයට, ගෙදර යන්න කියල හිතාගෙන..ගිහින් කෝච්චියටත් නැග්ග.මම දැක්ක එක මුල්ලකට වෙලා කොල්ලෝ ටිකක් සින්දු කියනවා.ඉතින් මමත් ගිහින් එයාලට එකතු වුණා,එතනම එහා පැත්තේ ගෑනු ළමයෙක් හිටිය තමන්ගේ ආදරවන්තයත් එක්ක.

මොකක්ද උනේ කියලවත් මට හිතා ගන්න බැරි වුණා.එතන හිටියේ මගෙත් එක්ක අවුරුදු ගානක් එකට ඉඳපු මගේ අනු....
දැනුනු දුක නිසා මගේ ඇස් වලට කඳුළු ආවා.මට පිටුපාලා හිටිය නිසා එයා මාව දැක්කේ නෑ.මොනා කරන්නද කියල මට හිතා ගන්න බැරි වුණා.එතනට ගිහින් එයට මුහුණ දෙන්න මට හිතුනේ නෑ.මගේ අතේ තිබුනේ ගිටාර් එක විතරයි.ඒකත් අරගෙන මම සින්දුවක් කියන්න පටන් ගත්තා.....එයා දිහා බලාගෙනම......

මේ මාවතේ පා නගන්නේ-ඔබගේ මගේ ජීවිතේ......
සුසුමන් හෙලන්නේ සැරිසරන්නේ-සිත් පාවුණේ....
ජීවිත අපේ කොයිබටද මේ ලෙසින්- හෙමි හෙමින් ඇදෙන්නේ...

හිතට ආපු වචන ටික මම ඒ විදිහට ගීතයකට හරවල කියන්න ගත්තා..මගේ කට හඬ ඇහුනු එයා මන් දිහා හැරිලා බැලුව.නමුත් බොහොම ඉක්මනටම ඇතිවුනු පුදුමයත් අමතක කරලා එයාගේ අලුත් පෙම්වත දිහා බලා ගත්තා.මම එතන හිටිය කොල්ලෝටිකට කියල එයා ඉඳපු පැත්තට ගිහින් ඉඩ තිබුණු තැනක ඉඳගෙන එයාල දිහා බලාගෙන හිටිය.ඒ කොල්ලා ඇහුව අනු ගෙන් මම දන්න කෙනෙක් ද කියල.එයා නැහැ කිව්වා.ඒ හැම දේම දකින කොට එතනම එහා පැත්තෙන් ඉඳගෙන මහා හයියෙන් හිනා වේවි ඉන්නේ කවුද කියලත් මම දැක්ක.එතන හිටියේ..... උදේ බස් එකේදී සුදු සාරිත් ඇඳගෙන අඬ අඬ හිටපු ගෑනු දෙදෙනමයි.ඔවුන් දැක්ක මාව.

ඒ වගේම මාව මතක් වුනු බවකුත් එයාලගේ මුණු වලින් පෙනුන.මට හිතා ගන්න බැරි වුණා කොහොමද මිනිස්සුන්ව අඳුරගන්නේ කියල.කොහොමද මෙහෙම වෙනස් වෙන්න කියල.එත් එක්කම අපි හිටපු තැනට හිඟන මනුස්සයෙක් ආවා කොර ගගහ.මැලවුණු මුහුණක් එක්ක වැරහැලි ඇඳගෙන ඒ මනුස්සය සල්ලි ඉල්ලගෙන ආවා.මොහොතක් බලාගෙන ඉන්නකොට මට තේරුණා උදේ වැව රවුමේදී ෆෝන් එකකුත් කනේ ගහගෙන හොඳට ඇවිදපු මනුස්සා නේද දැන් කොර ගගහ එන්නේ කියල.ඒ මනුස්සය මාව දැක්කගමන් ටිකක් විතර බය වුණා කියල මට තේරුණා.......

පුදුමාකාර මිනිස්සු ගොඩක් අතරේ ඉඳගෙන ගිටාර් එකත් අරන් මම ගීතයක් පටන් ගත්තා.නමුත් මගේ ඇස් වල තාමත් කඳුළු තිබුන.ඒ ගීතය ඉවර වෙනකොට අර ගෑනු දෙදෙනාගේ මුහුණු ලජ්ජාවෙන් බිමට හැරිලා තිබුන.හිගන්නෙක් වගේ ආපු මිනිහගේ අතින් එකතු කරගත්ත කාසි ටික බිමට වැටිලා ගියා.ලජ්ජාවෙන් ඒ මනුස්සය බිම බලාගෙන කෝච්චියෙන් බැහැල යන්න ගියා. ඒ වගේම අනුගේ ඇස් වල කඳුළු ඇවිත් තිබුන.එයාගේ අලුත්,අසරණ පෙම්වතාට හැමදේම තේරිලා තිබුන.ඒ හැමදේම බලාගෙන මම කෝච්චියෙන් බැහැල යන්න ගියා......
  ලීවේ:-   Hash Kanchana








Friday, September 7, 2012

ආදෙර් කියලා හිෙත් ඉතුරු ෙවන්ෙන්…. ආදෙරන් කරන ෙද්වල් විතරමයි….

ෙකෝටියක් විතර වැඩ ඉවර කරලා අපි තුන් ෙදනා එකතු උෙන් ෙහටින් පටන් ගන්න මෙග් අළුත්
ජීවිෙත් ගැන ටිකක් කතා කරන්න.අවුරුදු විසිපහක් ෙගවුෙන් පුදුම ඉක්මණින්. අම්මයි තාත්තයි එක්ක
හුරතල් ෙවලත් ඉවරයි ෙහටින් පස්ෙසේ. ෙහට මම විවාහ ෙවන දවස.හිතට පුංචි දුකකුත් තියනවා
ඉස්සර වෙග් සැහැල්ලු ජීවිතයක් ගතකරන්න ලැෙබන්ෙන් නැති එක ගැන.ෙගදර ෙකොල්ලටයි
ෙකල්ලටයි ෙදකටම හිටිෙය් මම විතරයි.ෙකල්ෙලක් උනාට අම්මයි තාත්තයි මට කතාකෙල් පුෙත්
කියලා.
මෙග් අම්මා ෙබොෙහොම සංෙව්දී ෙකෙනක්. තාත්තෙගයි මෙගයි වැඩ කරන එක තරම් සතුටක් අම්මට
තිබ්ෙබ් නැහැ.ටීවී එෙක් යන නාට්ටි බලන්නත් ෙපොත් පත්තර කියවන්නත් අම්මා හුඟක්ම
කැමතියි.තාත්තා නම් ටිකක් අමුතුයි.මම තාත්තාෙගන් දැකපු විෙශේෂම ෙද් තමයි නිෂ්ශබ්දතාවය. අපි
දන්නවා තාත්තා අපිට ෙකොයිතරම් ආදෙර්ද කියලා.ඒත් තාත්තා කවදාවත් ඒ ආදෙර් අපිට ෙපන්නුෙව්
නෑ. සමහර ෙවලාවල් වලදී අම්මා උනත් තාත්තාෙගන් බලාෙපොෙරොත්තු උන ආදෙර් අම්මට ලැබුෙණ්
නෑ කියලා මට ෙවලාවකට හිෙතනවා.
මෙග් විවාහෙයන් පස්ෙසේ නිතරම වෙග් අම්මයි තාත්තයි කැමතිම ෙද්වලුත් අරෙගන මම අම්මලාව
බලන්න ගියා.ඒත් පහුගිය සතිෙයම මට අම්මයි තාත්තයි එක්ක ගතකරන්න කාලයක් තිබ්ෙබම නැති
තරම්.
දවසක් මට ෙකෝල් එකක් ආවා ෙගදරින්. තාත්තා ෙබොෙහොම කලබෙලන් මට කතා කෙල්.
” පුෙත්… අම්මට ටිකක් සනීප මදි වෙග්. පුතා ටිකක් ඇවිත් යන්න.”
මෙග් හුස්ම හිරවුණා වෙග් දැනුණා. අෙන් ෙදවියෙන් මෙග් අම්මට මුකුත් කරදරයක් ෙවන්න එපා.
මම හිෙතන පර්ථනා කළා. පුළුවන් තරම් ඉක්මණට කර කර හිටපු වැඩ ටික ඉවරයක් කරලා මෙග්
මහත්තයටත් ෙකෝල් එකක් දීලා පණිවිෙඩ් කියලා මම ෙගදර යන්න ලැස්ති උණා. ඒත් මෙග් හිතට
අමුතු බයක් දැනුණා.ෙගදර යද්දී මලානික විදිහට අම්මා ඇෙඳේ වැතිරිලා හිටපු හැටි දැක්කම මාව
පිච්චිලා ගියා. තාත්තත් අම්මා ළඟින් වාඩි ෙවලා හිටියා.
” අම්ෙම්… අම්මට ෙකොෙහොමද අම්ෙම්…? ” අම්මෙග් ඔළුව යාන්තමට අතගාන ගමන් මම ඇහුවම
” මෙග පුතා ආවද…? මෙග රත්තරං…” කියලා මාව ආදෙරන් තුරුළු කරගත්තා.
අම්මෙග් ඇස් වලින් කඳුළු කැට කඩන් වැටුණා. ඒ අතර තාත්තා මට එළියට එන්න කියලා ඉඟිෙයන්
කතා කළා. ” තාත්ෙත්… අම්මට ෙමොකද තාත්ෙත්…? “
” පුෙත්… අම්මා වැඩි කල් ජීවත් ෙවන්ෙන් නෑ මෙග පුෙත්… අම්මා තව මාස තුන හතරකට වඩා
ජීවත් ෙවන්ෙන් නැහැ.අම්මට පිළිකාවක් කියලා ෙඩොක්ටර් කිව්වා පුෙත්….” තාත්තෙග් ඇස් වල
කඳුළු පිරිලා.
අෙන් ෙදයියෙන්… කාටවත් වැරද්දක් ෙනොකරපු මෙග රත්තරං අම්මට ෙමෙහම ෙදයක් උෙන්
ඇයි…?
මම තාත්තව බදාෙගන හඬාවැටුණා.අම්මව ෙගදර තියාෙගන බල බලා ඉන්න පුළුවන් කමක් තිබ්ෙබ්
නෑ.අපි අම්මව පුද්ගලික ෙරෝහලක නැවත්තුවා.ඒ තරමටම අම්මෙග් තත්ෙව් දරුණු තත්ෙවක
තිබුෙණ්.ඒ තත්වයත් එක්ක ෙපොරබදින්නවත්, අම්මෙග් ජීවිෙත් ගැන පුංචි හරි බලාෙපොෙරොත්තුවක්
තියාගන්නවත් පුළුවන් කමක් අපි කාටවත් තිබ්ෙබ් නැහැ.ඒත් අම්මව නිතරම සතුටින් තියන්න
මමත්,තාත්තත් පුළුවන් තරම් උත්සාහ කළා. අම්මෙග් ඇඳ ලඟට ෙවලා පැය ගණන් මම අම්මා එක්ක
කතාකලා.ඒත් අම්මෙග් හිෙත් ෙමොකද්ෙදෝ දුකක් හිරෙවලා.අම්මෙග් ඇස් වලින් මම දැක්ෙක්
පසුතැවීමක් වෙග් ගතියක්.
” ෙකෝ පුෙත් තාත්තා….? ”
“තාත්තා ෙගදර ගියා අම්ෙම්.. හවසට එන්නම් කිව්වා.අම්මා තාත්තට හුඟක් ආදෙරයි ෙන්ද…?”
මං ඒක ඇහුෙව් විහිළුෙවන්.අම්මෙග් මුෙණ් ලස්සන හිනාවක් ඇඳුනා.
” මම විතරක් ෙනෙවයි පුෙත්…ඔයාෙග් තාත්තත් මට හරිම ආදෙරයි.ඒක මම දන්නවා. ඒත් කවදාවත්
ඔයාෙග් තාත්තා මට ආදෙරයි කියල කිව්ෙව් නැහැ… මෙග උපන්දිෙන්කට සුභ පතලා නැහැ…
ඔයාෙග් තාත්තා හරි නිහඬ චරිතයක්.හැම ෙද්ම හිෙත් හිරකරන් හිටියා.මෙගත් එක්ක අදහස්
ෙබදාගත්ෙත් හරිම අඩුෙවන්.ඒත් ඔයාෙග් තාත්තා ෙබොෙහොම ෙහොඳ ගතිගුණ තියන ෙකෙනක්…”
අම්මෙග් ඇස් වලින් කඳුළු ගලන් ගිහින් ෙකෝට්ෙට් උඩට වැටිලා ෙබොඳ උණා.ඒ මලානික ඇස් දිහා
ටික ෙවලාවක් මං බලන් හිටියා.” මං ඔයාට ආදෙරයි” කියන වචන තුන අහන්න කවුද අකමැති…?
අම්මා විතරක් ෙනෙවයි ඕනම ෙකෙනක් කැමතියි තමන් ආදෙර් කරන ෙකනාෙගන් ඒ වෙග් ෙද්වල්
අහන්න. තමන් ආදෙර් කරන ෙකනාට තමන්ව ෙකොයි තරම් වැදගත්ද…? විෙශේෂයිද…? කියලා
අහන්න, නිතරම අදහස් හුවමාරු කරගන්න කවුද අකමැති…? ෙකොයිතරම් හිෙත් හිරකරෙගන
හිටියත්, ෙකොයිතරම් ආදෙර් බව හැෙඟවවත්, එෙහම ආදරණීය ෙද්වල් වචෙනන් අහන්න නැත්නම්
ඒක ෙලොකු හිස්බවක් කියලා මට හිතුණා…
තාත්තා එද්දී අම්මට ෙහොඳටම නින්ද ගිහින් තිබුණා.මම තාත්තවත් එක්කෙගන එළියට ගියා. අම්මෙග්
හුස්ම යන්න කලින් අම්මෙග් සතුට ෙවනුෙවන් පුංචි හරි ෙදයක් කරන්න මට ඕන උණා.
” තාත්ෙත්…” මං කතා කළා.තාත්තා බර කල්පනාවක….
” තාත්තා කවදාවත් අම්මට ආදෙරයි කියලා කිව්ෙව් නැද්ද….? “
” මං ෙමොකටද පුෙත් ඒක කියන්ෙන්….? ඔයාෙග් අම්මා දන්නවා මං ෙකොයි තරම් ඔයාෙග් අම්ම
ආදෙරයිද කියලා…? ” තාත්තා එෙහම කිව්ෙව් අම්මා ගැන ෙහොඳටම දන්නවා වෙග් ආඩම්බරයකින්.

” ඒත් අම්මා ආසයි තාත්ෙත්… තාත්තෙග් කටින්ම ඒ ෙද් අහන්න…”
තාත්තා මෙග දිහා බැලුෙව් පරාජිත හැඟීමකින්…
” මෙග පුතා දැන් ෙගදර යන්න.උෙද් ඉඳන්ම හිටියෙන්…” තාත්තා කිව්ෙව් එච්චරයි…
පහුවදා මම අම්මව බලන්න යද්දී තාත්තා අඬ අඬ පුටුවක වාඩිෙවලා හිටියා. මාව දැක්ක ගමන්
දුවෙගන ඇවිත් මාව බදාෙගන අඬන්න පටන් ගත්තා….
” ඔයා හරි පුෙත්… මම අම්මට ආදෙරයි කිව්වම අම්මා හුඟක් සතුටු උණා පුෙත්… අම්මා ඒ තරම්
ලස්සනට හිනා ෙවලා ඉන්නවා මම කවදාවත් දැකලා නැහැ….මට දුකයි පුෙත්… ඔයාෙග් අම්මා ෙම්
ඔක්ෙකොම හිෙත් හිරකරෙගන මෙග හිත රිද්දන්ෙන් නැතුව හිටිය ෙන්ද කියලා හිෙතනෙකොට මට මහා
පසුතැවීමක් දැෙනනවා පුෙත්…”
” අඬන්න එපා තාත්ෙත්… දැන් යමු… මට අම්මව බලන්න ඕෙන්…”
” අම්මා අපි ෙදන්නව තනිකරලා ගියා පුෙත්…”
මාව හිස් උණා වෙග් මට දැනුණා.තාත්තව බදාෙගන මම ෙහොඳටම හැඬුවා.
මෙග් අම්මා… මෙග් රත්තරං අම්මා… අම්මෙග් මුෙණ් හිනාවක් බලන්න මට බැරි උණා…
අම්මා අන්තිම ෙමොෙහොෙත් හරි සතුටින් ඉන්න ඇති…
මම අම්මා ලඟට ගියා. ඒ මුෙණ් ලස්සන හිනාවක් ඇඳිලා…
මම පහත් ෙවලා අම්මෙග් සීතලම සීතල නළල ඉම්බා..
ඉපෙදන හැම ආත්මයකම ඔයා මෙග්ම රත්තරං අම්මා ෙවන්න අම්ෙම්…

Sunday, July 29, 2012

පවුකාරයාට අනුකම්පා කිරීම



ශීතල මීදුම තුරු අතරේ එතෙන්නට විය. අවේගශීලී හිරිමල් යුවතියන් හිරිකඩ පින්නේම දිව ආවාය. දෙනෙත් රතු වී තිබිණි.

පාසැල් සුදු ගවුමට කඩුලු පිණි වැට්ණි. දෙවරක් නොසිතූ ඇය හඩ තලමින් රකුසු වෙසින් ඇදෙන දුම්‍රියට පැන්නාය. යකඩ රේල් පීලී පවා කම්පනයට පත්විය. හිතක් පපුවක් නැති යකඩ කද ඇගේ සියුමැලි සිරුර තලා පොඩිකර දැමීය.                               

සෙනග වටවිය. අනේ සීදේවි කෙළි පොඩිත්ත.. මොනවට මෙහෙම කරගත්තද? සියක් මුවකින් පිටවිණි. දෙවියනේ කාගේ වුනත් මිල කරන්න බැරි ජීවිතයක්නේ. හරි අපරදේ වුනේ. මැසිවිලි ඇසිණ. අපේ ස්කෝලේ අක්කා කෙනෙක්නේ.. අනේ පව්. එකම පාසලේ සොයුරියෝ සන්තාපයට පත්වූහ. තලතුනා බලවතුන්ගේ දෑසට අඩුවක් නැතිව කදුළු නැගිණි. 

ඕපාදූපවලට තටු ලැබී පියබා එන්නට විය. ඕකිගේ බඩට මාස තුනක්ලු. තරුණයෙක් උසුළු විසුළු හඩින් පැවසීය. ඉතා සොවින් කදුලු සැලුවෝ සැණෙකින් කදුළු වියළවා ගත්තෝය. ඉන් අනතුරුව එකදු කදුලක්වත් නොවැටිණි. මහා ටැබක් සේ සංවේග ඉපැද්දූවන් ඇය කෙරෙහි කෝප පවුරු බදින්නට විය. අනේ සීදේවී කෙළි පොඩිත්ති යැයි පැවසූ අයගෙන් ම 'පත්තිනි අම්මා වගේ හිටියට විසේකාර අම්මණ්ඩියෙක් නේ.. මෙහෙම එවුන්ට ගල් ගහලා මරන්න ඕනි' රාව නැගිනි. 

අපේ ඉස්කෝලේ කියන්නත් ලැජ්ජයි.... යෙහෙළියන්ගේ වාග් ප්‍රහාර අමිහිරිතම විය. මිය ගිය යුවති, පුදුමයි නුබේ ගුණ කියූවන්ගේ දිව නුබ සුණු විසුණු කරන්නටම නැවෙන හැටි....

නොනැගිටින් යුවති, දෑස් තරයේම පියාන ඉදින්. නුබ මිය ගියේ ඇයි දැයි දැන් වැටහෙයි. පණ පොදක් නැති නුබේ මළ සිරුර ඔවුනට සාපයකි. ඔවුන්ගේ ඇස් කටු අනින්නාක් මෙනි. නුබ ජීවත් වූවා නම් ඉරණම බිහිසුණුය. නුබටම මිස වගකිව යුත්තාට ඇගිල්ලක් එසවුණේ නැත.

අහෝ! ඛේදයකි යුවති. අනේ! ඔවුන් පවට පිළිකුල් කොට පව්කාර නුබට අනුකම්පා කළා නම්?........

ඩී. එච්. එම්. සාවිත්‍රි කාංචනා

Saturday, July 21, 2012

මව් සෙනෙහස


නරබන්න. නමුත් දුක් නොවී ජීවිතයට යමක් එකතු කරගන්න.Try to Watch Without Crying....

මෙම වීඩියෝවේ ඉන්නේ ඩෙරක් රෙක්මන්ඩ් ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙමින්. නමුත් හදිස්සියේ ඔහුගේ පාදයේ ඇතිවුන වේදනාවක් නිසා ඔහුට තරග වදින්න අමාරු උනත් ඔහු උත්සාහය අතහරින්නෙ නෑ. ඔහුගේ පියාත් ඔහුට උදව්වට එනවා. පියගේ උරහිසේ සහායෙන් ඔහුට ස්ථානයක් ගත නොහැකි උනත් ඔහු තරගය අවසන් කරනවා. අපේ ජීවිත වලටත් වැටීම්, වේදානවන් එනවා. ඒ තමයි ජීවිතේ හැටි. ඒත් උත්සාහය අතහරින්න එපා. ඔයාගේ පරාජයකදී මුලු ලෝකෙම ඔයාව අතහැරල දාලා ගියත් එක්කෙනෙක් හරි ඔයාගෙ සහායට ඉතිරි වෙනවා....
This is a Very Inspirational video of a Runner Named Derek Redmond who seriously Injured himself during an Olympic Race. Despite the Agonising Pain and Distortion he Kept on Running. As he was Limping on the Track an Older man Ran Down and Broke though security to Support him, it was his Father. " if Never Give up in Life you Cant Fail "

Sunday, July 15, 2012

Die to Live

යගේ නම Katie Kirkpatrick,වයස අවුරුදු 21,ඇයට එහා පැත්තෙන් සිටින්නේ Nick,වයස අවුරුදු 23
Katie Kirkpatrick, 21, held off cancer to celebrate the happiest day of her life. Katie had chased cancer, once only to have it return-to clog her lungs and grab hold of her heart. Breathing was difficult now, she had to use oxygen. The pain in her back was so intense it broke through the morphine that was supposed to act as a shield. Her organs were shutting down but it would not stop her from marrying Nick Godwin, 23, who was in love with Katie since 11th grade.
Katie Kirkpatrick, left, and Nick Godwin, wait for the nurse to come and start Katie's treatment at McLaren Regional Medical Center in Flint on the morning of January 12, 2005. Nick Godwin works night shift as a Lapeer County Sheriff's deputy and took Katie to the medical center right after a night's work, three days before their wedding. Katie is tired from not being able to sleep at night because of her pain and Nick had worked a night shift.
  Katie is in a lot of pain in the days leading to her wedding taking morphine and numerous medications to help her. Niki Kirkpatrick,right, took a leave of absence from work so she can take care of her daughter Katie who now needs constant assistance.
 
 

2005 ජනවාරි 11 වන දින ඔවුන් දෙපලගේ විවාහයයි.Katie දරුණු පිළිකාවකින් පෙලෙන අතර Nick ඇයගේ ප්‍රතිකර්ම වාරයක් අවසන් වන තුරු බලා සිටියේය. (පළමු රුපය)
Nick Godwin, 23, left, takes a moment of rest while his bride Katie Kirkpatrick, right, gets an intravenous procedure to reduce the amount of fluids her body is retaining at McLaren Regional Medical Center in Flint on January 12, 2005.


Katie වේදනාව සමග සටන් කරමින් වේදනා නාශක ගෙන ඉතා ආශාවෙන් විවාහය සමරන්න සුදානම් වුන.ඇයගේ මංගල ඇදුම කිහිපවිටක්ම වෙනස් කිරීමට සිදු වුයේ ඇයගේ බර දිනෙන් දින අඩු වන බැවිනි.(දෙවන රුපය)
Katie Kirkpatrick, 21, puts on some hearings a few minutes before walking down the aisle to marry Nick Godwin, 23, who she had known since 11th grade, at Church of Christ in Hazel Park on Saturday January 15, 2005.

පිළිගැනීමේ කවුන්ටරය වෙත ඇයගේ ඔක්සිජන් ටැංකිය ගෙනවිත් තිබිණි.උත්සවය මුළුල්ලේම ඇයට ඔක්සිජන් ලබා දීමට දොස්තරවරු අණ කර තිබු බැවිනි.එහි සිටගෙන සිටින්නේ Nick ගේ මව සහ පියාය.(තුන්වන රුපය)
Dave Kirkpatrick gives the thumbs up to his new son in law while admiring the couple with his wife Niki Kirkpatrick, right, after Nick and Katie got married at Church of Christ in Hazel Park on Saturday January 15, 2005.

Katie රෝද පුටුව මත සිටියදී Nick ගේ යහළුවන් Katie වෙනුවෙන් ගීත ගැයුවේය.(හතරවන රුපය)
Katie Kirkpatrick Godwin, right, gets serenaded by her new husband Nick Godwin, and his best men during the wedding party on the dance floor at Boulder Point Golf Club and Banquet Center in Oxford, MI, on Saturday January 15, 2005.



උත්සවය අතර තුර Katie මදක් විවේක ගත්තේ හුස්ම ඇල්ලීමට හා ඇයගේ මහත් වේදනාව ඇයට වැඩි වෙලාවක් සිටගෙන සිටීමට නොදෙන නිසයි.(පස්වන රුපය)

 





උත්සවයේ සිටි සියලු අමුත්තන්ගේ ඇස වල කදුළු පුරවමින් හැගීම් බර විවාහයක අවසානය.(හයවන රුපය)

 
Katie Kirkpatrick, 21, and Nick Godwin, 23, cuddle up for a moment while waiting for the wedding photographer to get ready after getting married at Church of Christ in Hazel Park on Saturday January 15, 2005.
Katie Kirkpatrick Godwin, center, rests for a few moments during her wedding party at Boulder Point Golf Club and Banquet Center in Oxford, MI, on Saturday January 15, 2005. Katie was exhausted. Her face looked as white as her gown.



Five days later, Katie died. She did not let sickness stop her from living, take away the hope or faith that made her believe she had a future. She had a lovely wedding and she had love and she gave love and love doesn' t die. And that is how Katie beat cancer. විවාහයෙන් දවස පහකට පසු Katie මෙලොවින් සමුගත්තේය.පෙම්වතියකගේ ඇති එක් මහත් ආශාවක්  වන්නේ විවාහ දිනයයි.ඒ ලස්සන දිනය එනතුරු ඇගිලි ගනිමින් සුදානම් වන්නේ අවුරුද්දක් පමණ ඉහතින්ය.ඒ දුර්වල යුවතිය මංගල ඇදුමින් සැරසී දුක සගවා සිනාසී සිටින අයුරු හොදින් බලන්න.ඇයව සතුටු කිරීමට ඇයගේ අවසාන සිහිනය සැබෑ කර වූ ඒ පෙම්වතා හට අපගේ ආචාර

Saturday, June 9, 2012

පාලමේ ලෑල්ලෙන් වැටී කළුගං පතුළේ සැගවුණු තරිඳු*මධුවන්ති ආදර අන්දරය

දරයකින් හිත් පුරවා කොතෙක් නම් එක මග ගිය ද කොතෙක් නම් පෙම් කළ ද බොහෝ විට සිදුවනුයේ මරණයේ මිනීවළ ළගදී වෙන්ව යාමය. ඒ ගමනත් අපි එකටම යන්නට ගියා යැයි අසන්නට ලැබෙන්නේ අහඹුවෙනි. එහි හොඳයි නරකයි විග‍්‍රහ කිරීම වෙනම කරුණකි. ආදරයකදී හෝ මිත‍්‍රත්වයකදී හෝ වේවා ඉන් කියැවෙන්නේ ඒ ආදරයේ බැඳි හිතක අදිටන් බවමය. මරණයේදී ද එක මග යන්නට පතා හදිසියේ ජීවිත ආශාව අත්හැරීමය.

 තරිඳු පි‍‍්‍රයංකර අගලවත්ත ප‍්‍රදේශයේ මිහිඳු විද්‍යාලයේ උසස් පෙළ විභාගයට සූදානමින් පසුවූයේය. මිල්ෂානි මධුවන්ති ද පාණදුර අගමැති බාලිකා විද්‍යාලයේ උසස් පෙළ විභාගයට සූදානමින් සිටියාය. ඈ පාණදුර අළුබෝමුල්ලේ ය. මේ දෙදෙනා ම ඉගෙනුමට දැක්වූයේ දක්ෂතාවකි. 18 හැවිරිදි වියෙහි පසුවූ  ඕ හැම විටම තම දෙමවුපියන්ට කීකරු දියණියකි. එකම නැගණියට ද ඉගෙනුමට දිරි දෙමින් පසු වූ මධුවන්තිට තරිඳු හමු වූයේ සිව් වසරකට පෙරදීය. තරිඳුගේ තැන්පත් ගති පැවතුමට වඩාත් පැහැද ගිය ඈ ඔහු තමන් සමÛ ඇසුරට යෝජනා කළ බව මධුවන්ති කල් ඇතිවම සිය දෙමාපියන් දැනුම්වත් කළාය. ඒ ගැන මුලින්ම අම්මාට කී ඈ ඒ කතාව අවසන් කරනු ලැබුවේ ද අම්මයි තාත්තයි කැමතිනම් විතරයි මං කැමති වෙන්නෙ යි කියමිනි. අම්මා තාත්තාට කීවාය. අවසානයේ සියල්ල තීන්දු වූයේ තරිඳුගේ දෙමාපියන් ද මධුවන්තිගේ පවුලේ අය හා සමීප වීමෙනි. 

තරිඳුටත් මධුවන්තිටත් තිබුණේ එකම සිහිනයකි. ඉගෙනුමින් පසු ඉහළ රැුකියාවක නිරත වන්නටය.ිඅපි
අපේ අම්මල තාත්තලට බැරි කාලෙක සැපෙන් තියන්න අපි හොඳ තැනකට එන්නම  ඕන’ මධුවන්ති තරිඳුට එසේ කීවාය. දෙපාර්ශ්වයේ ම ආශිර්වාදය මේ පෙම්වතුන් දෙදෙනාට නොඅඩුවම ලැබී තිබුණ ද වැඩිපුර කතාබහට මාතෘකා වූයේ පොතපතය. හදාරන විෂයයනට අදාළ සටහන් පොත් සොයා මධුවන්තිට ගෙනැවිත් දුන්නේය. ඇය ද පෙරළා ඔහුගේ ඉගෙනුමට සහාය දුන්නාය. 

ඉගෙනුමට මුල් තැන දියන් දරුවනේ” යැයි තාත්තා නිතර කී බස් දෙදෙනාම ඉස්මුදුණින් පිළිගත් බවක් පෙනිණ. ගත වූ සිව් වසර පුරා ම මධුවන්තිගේ දෙමවුපියන් තරිඳු පුතුගෙන් දුටුවේ තැන්පත් බවමය. මධුවන්තිගේ කීකරු ගති පැවතුම් දුටු තරිඳුගේ දෙමවුපියන් නිතර කියන්නට වූයේ උඹලා දෙන්නාට හොඳක් ම වෙන්න  ඕනෑ කියාමය. මධුවන්තිගේ දෙමවුපියනට තරිඳු පුතු තම පුතකු වූවා පමණක් නොව තරිඳුගේ දෙමවුපියනට ද මධුවන්ති තමන්ගේම දුවක හා සමාන විය. කාලය ගතවිණි. කෙතරම් සුන්දර සිහින පපු කුහරයේ සගවා තබා සිනාවෙන් සිටිය ද ඒ සියලූ සිහිනයන් කඩා වැටී වියැකී යන්නට ද ගත වනුයේ නිමේෂයක් නොවේ ද? ජීවිතවල හැටි එසේ නොවේ ද? ඒ මවුපියනට හඬන්නටවත් දැන් සවිබල නැත්තටම නැතිවා සේය. සියල්ල කණපිටට හැරි ගියේ ඉකුත් 26 දා පස්වරුවේදීය. 

 කළුවන් වලාකුළු කළුතර බෝ සමිඳුන් ඉහළින් ඈතට පාවි යමින් තිබිණි. වේලාව පස්වරු 3 ට පමණ ආසන්න වී තිබිණි. අපි අපේම නොවේ ද? තරිඳු හා මධුවන්ති පන්ති නිම වී තම නිවෙස් කරා යාමට පැමිණෙන්නට පුරුදුව සිටියේ කළුතර නගරයටය. පන්ති සඳහා පැමිණි දිනවලදී මේ කළුතර බෝ සමිදුනට මල් පුදා බුදුන් වැඳීමට ද සිරිතක් කොට සිටියහ. සැබැවින්ම අවිහිංසකය. පොල් තෙල් පහනක් හෝ දල්වා එහි තෙල් බිඳුවක් දඹරැගිල්ලේ තවරා තරිඳුගේ හිසේ ගැල්වීම මධුවන්තිය වෙතින් සිදුවූවාය. ඒ මොහොතේදී ඇයගේ දෑසේ මතුවන ආදරණිය බැල්මට තරිඳු වඩාත් පි‍‍්‍රය වූයේය. තරිඳු ද ඇගිල්ලක තෙල් තවරා එලෙසම කරන්නේ ය. ඉකුත් බ‍්‍රහස්පතින්දාවේ ද ඔවුන් දෙදෙනා එමින් සිටියේ කළුතර බෝ සමිඳු දෙසටය. තරහ වුණු දවසක් නැත. හැඬුම් ආ දවසක් නැත. සිනාසුණු දවස් මිස කඳුළු හෙළූ දවසක් නැත. ඒ මේ දෙන්නාගේ හිත්වල පීදුණු අවංක ආදරයේ තරමය. එයම මවුපියනට මහත් අස්වැසිල්ලක් සැනසිල්ලක් ම විය. මවුපියන් වෙතින් වසන් කළ කිසිවක් ම නැත. 

එබැවින් මහ මාවත ඇවිද යන්නට බියක් සැකක් ද නැත. කළුතර බෝ සමිදුන් ඇහැ මානයේ පෙනි පෙනී තරිඳු සමීපයට වී මධුවන්ති එන්නට වූයේ කළුතර දුම්රිය පාලමට සමාන්තරව පිහිටි පදික පාලම මතිනි. එම පාලම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස යනෙන පදික පාලමකි. මගී ජනතාව ද ඉන් යති. එති. ලෑලිවලින්ම තනා තිබු මේ පාලමේ ලෑලිවල සවිය පිළිබඳ කිසිවකුගේ සැලකිල්ලක් නොතිබුණු බව සක්සුදක් සේ පැහැදිලිය. එහි නිතර යනෙන දුම්රිය සේවක පිරිස අතර කිසිවකුට හෝ එහි ප‍්‍රමිතිය පිළිබඳ  ඕනෑකමක් නොතිබුණා වන්නට ද ඇත. 

කෙසේ නමුත් මගී ජනතාව ද එහි නිතර එහා මෙහා යනු පෙනේ... තරිඳුගේ මුහුණ බැලූ මධුවන්තිගේ හදවතේ ඇතිවූයේ මේ මගේ අන්තිම දැකුමයි යන සිතිවිල්ල නොවන්නට ඇත. තවත් තත්පර කිහිපයකින් මට මෙතරම් ආදරය කරනා මධු... මාගෙන් සදහට ම සමුගන්නේ යැයි තරිඳුට ද සිතෙන්නට නැත. අනපේක්ෂිත සිදුවීමකට කල් යල් නැත... සිදුවන්නේ ඇසිපිය හෙළන සැණිනි. ක්ෂණයකිනි... අහෝ... පය තැබු ලෑලි කැබැල්ලක් එහි නොවී තරිඳු සමීපයේ එමින් සිටි මධු... හිටිඅඩියේ එහි විවර සිදුරෙන් පහළට ඇද වැටුණාය. අතැති කුඩය ඈ අතැර දැමූවාක් මෙන් පාලම මතට ගිලිහී වැටිණ. මධු පාලමේ සිදුර අතරින් ඇද වැටුණේ ඈ ග‍්‍රහණය කරගන්නට මෙන් බලා සිටි කළු ගං දියටය. මධුගේ ජීවිතය බේරාගත යුතුය. අසුරු සැණින් ඈ අසල පසුවූ තරිඳු මධු නමින් තම ජීවිතය පිළිබඳ ආශාව ද අත්හැර දමන්නට ඇත. අවංක ආදරයක හැටි යැයි සිතා කෙසේ නම් තුටුවන්න ද? ජීවිත දෙකම මහ කළු ගං දියේ ගිලී ගොසිනි. 

එසැණින් මහමග රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකු සමීපයට දිව ගිය අවට සිටියවුන් තැතිගත් වනම කෑ ගසන්නට, වැළපෙන්නට වූහ. 

අනේ... අර... අර... ගගට කවුරුහරි වැටිලා... පොත් වගයක් පාවෙනවා... අනේ...” 

 නිලධාරියා ද ඉක්මන් වූයේය. අවට පිරිසත් වහා කළු ගං දියට පැන කිමිදී සොයන්නට වූහ. විනාඩි 45 ක් පමණ ගතවිණි. රතුපාට ටී ෂර්ට් එකකින් ද නිල් පැහැවන් සායකින් ද සැරසි සිටි අවිහිංසකාවිය මධු... දියෙන් ගොඩට ගැනිණි. වහා නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. ආදරණිය තරිඳු කොහේදැයි සොයා බලන්නට මධුට වේලාවක් නොතිබුණා වැන්න. ඈ යළි නොඑනා ගමනක ගොස් සිටියාය. තම ආදරණිය මධු කොහේ කොතැනකදැයි සොයා බලන්නට අමතන්නට තරිඳුට ද ඉඩක් නොලැබී ගියා වැන්න... තරිඳු සොයා ඒ හිත හොඳ මිනිසුන් ? 

නම බිම් කළුවර වැටෙනතුරු කළු ගං දිය පීරන්නට විය. තරිඳු... තම ආදර”ය මධු බේරාගන්නට ගං දියට පැන්න ද තරිඳු ගංදිය පතුලේ කොතැනක හෝ සැගවී ඇත. තරිඳු සොයා ගැන්මට කළු ගං දිය දෙබෑ කළ නාවික හමුදාවේ, යුද හමුදාවේ හා පොලීසියේ කිමිදුම් කරුවෝ මෙන්ම ප‍්‍රදේශයේ තරුණයන් ද සිය උත්සාහය මඳකට නතර කර කළු ගං තෙරෙන් එතෙර වූයේ හිස් බැල්මෙනි. හිස් වූසිතිණි.

 පසුව  දැනගන්නට ලැබුණේ තරිඳුගේ සිරුර ද කළු ගෙගේ තිබි හමුවූ බවය. මේ මරණ පිළිබඳව කිසිම සැකයක් අපට නැහැ. දුම්රිය සේවකයන් පවා නිතර යනෙන මේ පාලම උඩ ලෑල්ලක සිදුරෙන් ගගට වැටෙන්නට ඇති බවට අප විශ්වාස කරන්නෙ... ඈ බේරාගන්නට ඔහු ඉදිරිපත් වන්නට ඇති... ඉතාම ශෝචනීය සිද්ධියක්...” උතුරු කළුතර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් පිටිගල මහතා සිළුමිණට බිඳුණු ස්වරයෙන් පැවැසීය.  

කිව යුත්තක් තිබේ. දුම්රිය සේවකයනට ද මේ පාලමේ ප‍්‍රමිතිය පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබිණි. එහෙත් ඔවුන් ඒ ගැන අවධානයක් යොමු නොකළේ මන්දැයි අප නොදනිමු. කෙසේ වුව තුරුණු වියේ අවිහිංසක ජීවිත දෙකක් මේ වන විට අහිමි වී අවසානය. යළිත් මෙවන් විපත් සිදු නොවන්නට වගකිවයුත්තනට එය බාර කරමු.    

තරිඳු හා මධු අද ජීවතුන් අතර නැත. දෙදෙනා බොහෝ දේ කතා කරන්නට ඇත. අනාගතය ගැන බොහෝ ප‍්‍රාර්ථනා පුරන්නට ඇත. බොහෝ සිහින හදවත්හි තුරුලූ කොට හිඳින්නට ඇත. එහෙත්... එහෙත්... ඒ සියල්ලම මේ වන විට කළු ගං දියෙහි ම පාවි ගොස් හමාරය. මධු පෙර දිනෙක තරිඳු නමින් සමරු පොතක සිය අත් අකුරින් ලියුවේ මෙලෙසටය. 

Friday, June 8, 2012

සිරුර හා අපගේ ප‍්‍රාණය

ප බොහෝ විට සිතා සිටින්නේ අපගේ සිරුර හා ප‍්‍රාණය අපට අයිති බවයි. එහෙත් එය සත්‍යයෙන් අඩක්‌ පමණයි. බුදු දහම අනුවත් සිරුර හා අප අතර පවතින්නේ ආගන්තුක සම්බන්ධයක්‌. තමාට උවමනා අන්දමට සිරුර ක‍්‍රියා කරන්නේ නැහැ. සිරුර ජරාවට පත්වෙනවා. ලෙඩ රෝග වැළැඳ ගන්නවා. එයට අප තදින්ම විරෝධය පෑවත් සිරුර එයින් අප පීඩාවටත් දුකටත් පත් කරවනවා. ඒ නිසා සිරුර කෙලින්ම අපගේ යයි නිගමනයකට එළඹීම හාස්‍ය ජනකයි.

එමෙන්ම මීට වඩා හාස්‍යජනක දේ නම් සිරුර හා අපගේ ප‍්‍රාණය සඳහා කොහේවත් ඉන්න රජයක්‌ තම අයිතිය ප‍්‍රකාශ කර සිටීමයි. සිරුරට හෝ ප‍්‍රාණයට කුමක්‌ හෝ විපතක්‌ කරන්නට ගිය සැණින් රජය වහා එයට හරස්‌ වෙනවා.

බ‍්‍රිතාන්‍යයේ මෙල්ක්‌හැම් පෙදෙසේ වෙසෙන ටෝනි නික්‌ලින්සන්ට  මේ තත්ත්වයට ගොදුරු වෙන්නට සිදුවෙලා. ටෝනිගේ දැන් වයස අවුරුදු 58 ක්‌. දැනට අවුරුදු 7 ක පමණ කාලයක පටන් ටෝනි බරපතළ රෝගී තත්ත්වයකින් පෙළෙනවා.

ඔහුගේ මුළු සිරුරම ඔහුගේ කැමැත්තක්‌ නැතිවම අප‍්‍රාණික තත්ත්වයට පත්වෙලා.  ටෝනිට පුළුවන් ඇසිපිය හෙලන්නට විතරයි. වෙනත් කිසිම ශාරීරික ඉරියව්වක්‌ පවත්වා ගැනීමට ඔහුට බැහැ. ඔහුගේ කතාවත් ඇනහිටලා. ඔහු තම අදහස්‌ නිවසේ අය හා හුවමාරු කර ගන්නේ විශේෂිත පරිගණකයක්‌ හරහා.

ටෝනි දැන් අවුරුදු හතක්‌ තිස්‌සේ මේ රුදුරු රෝගය නිසා මහත් පීඩාකාරී කායික හා මානසික වේදනාවෙන් යුතුව ඔහුම පවසන විදියට ඔහු කාලකන්නි ජීවිතයක්‌ ගත කරන්නේ. ඔහුගේ සිරුර අප‍්‍රාණික වී ක‍්‍රියා විරහිත වුවත් ඔහුගේ සිතට නම් එහෙම දෙයක්‌ වෙලා නැහැ. එය තවමත් ඉතා සංවේදී ලෙසත් ප‍්‍රබල ලෙසත් වැඩ කරනවා. ඒ නිසයි ඔහුට මේ කටුක දුක දරාගන්න බැරි වෙලා තිබෙන්නේ.

තමා හමුවට පැමිණි මාධ්‍යවේදින්ට ටෝනි කියාසිටියේ මෙය තමාට දරාගත නොහැකි තරමේ වේදනාවක්‌ බවයි. මේ නිසා අවසානයේ ටෝනි කිසියම් තීරණයකට එළඹිලා තියනවා. එනම් මේ දුක අවසන් කිරීමට නම් මේ නිසරු ජීවිතයෙන් සමුගත යුතු බවයි.

ටෝනි මේ සඳහා බ‍්‍රිතාන්‍යයේ උපරිමාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් කියා සිටින්නේ තමාට මියයැම සඳහා අවසර ලබා දෙන ලෙසයි. ඔහුගේ බිරිඳ නික්‌ නිල්සන් ද මේ ගැන දැඩි කනස්‌සල්ලෙන් යුතුවයි සිටින්නේ. ඇය තමා...... ඔහුගේ කුදුමහත් කටයුතු කරන්නේ. නික්‌ තම සැමියාට බෙහෙවින් ආදරෙයි. එහෙත්  ඕ තමා හමුවට පැමිණි කැතී ජින්ජලි නමැති බී. බී. සී. මාධ්‍යවේදිනියට කීවේ. ටෝනි මෙයින් නිදහස්‌ කරගත හැකි එකම මාර්ගය වන්නේ ඔහු මරාදැමීම බවයි.

මේ වචන ඇසූ කැතී ගල් ගැසී ගියා. සිත කීරි ගස්‌වන සුළු ඒ වචන ටෝනිගේ ආදරවන්ත බිරිඳගේ මුවින් පිටවූයේ කෙසේ දැයි තමාට සවන් අදහා ගැනීමට නොහැකි වූ බව ඇය කියා සිටියා. එහෙත් සත්‍ය නම් තමා ආදරය කරන ප‍්‍රාණය සමාන මිනිසා විඳින වද වේදනාව සත්‍ය ලෙසම දැකීමෙන් නික්‌ මහත්සේ වේදනාවට පත් වී තිබීමයි. ඇයට  ඕනෑ එම දුකින් ඔහු නිදහස්‌ කරන්නයි.

ලටෝනීට කිසිම දෙයක්‌ කරකියා ගන්න බැහැ. ඔහු ජීවත් වන මළ මිනියක්‌ වගෙයි. මං කොහොමද තවදුරටත් ඔහුට මේ දුක්‌ වේදනා විඳින්නට ඉඩ දීලා බලන් ඉන්නේ? ඇත්තටම මෙය රොගියෙකු පිළිබඳ කතාවක්‌ විතරක්‌ නෙවි. ඔවුන්ගේ ආදර කතාවද වෙනවා. ඔවුන් එකිනෙකාට හමුවී පේ‍්‍රමවන්තයින් බවට පත් වී ඇත්තේ 1984 වසරේ දී ඒ ඩුබාහි දී. ටෝනි වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක්‌. ඇය සාත්තු සේවිකාවක්‌. ඔවුන් විවාහ වීමෙන් පසු මැද පෙරදිග හා මැලේසියාව හා හොංකොංහි අවුරුදු 20 ක කාලයක්‌ ඉතා ප‍්‍රීතිමත් ජීවිතයක්‌ ගතකර තිබෙනවා.

ඔවුන්ට දූවරු දෙදෙනෙකුත් සිටිනවා. ලොරේන් 25 හා බෙත් 23 ඒ දෙදෙනායි. ටෝනි ඒ වන විට සමාජශීලි හා ඉතා ක‍්‍රියාශිලී පුද්ගලයෙක්‌ව සිටියා. සෑම දෙයක්‌ ගැනම උනන්දුවක්‌ දැක්‌ වූ විනෝදකාමී මිනිසෙකුව සිටියා.

ඒ අතරේයි 2005 දී ඔහු මෙම රෝගී තත්ත්වයට ගොදුරු වුණේ එය ආඝාත තත්ත්වයකින් පසු මතු වූ සිරුර අක‍්‍රිය වීමේ බරපතළ රෝගී ස්‌වභාවයක්‌. වෛද්‍යවරු ඔහු යථා තත්ත්වයට පත් කිරීමට බොහෝ උත්සාහ ගත් නමුත් එය සාර්ථක වුයේ නෑ.

ටෝනිගේ ජීවිතය මෙයින් සහමුලින්ම අනිත් පැත්තට පෙරළුණා. ඔහුට ඔහුගේ මිතුරන්, රැුකියාව, විනෝදවීමේ අවස්‌ථා සියල්ල ටිකෙන් ටික අහිමි වී ගියා. ටික කලකින් තමා යළිත් යථා තත්ත්වයට පත්වේ යයි ඔහු සිතූ නමුත් එසේ වූයේ නැහැ. වෛද්‍යවරු ඔහුට කිසිවක්‌ පැවසුවේ නැහැ. එයින් මාස ගණකට පසු ඔහු මරණය ගැන කතා කරන්නට පටන් ගත්තා. ටෝනි ඉන් පසුව තමාගේ මෙම වේදනාව නිමා කොට ජිවිතය කෙළවර කර ගැනීමට උසාවියෙන් අවසර ඉල්ලා සිටියා.

ඔහු අධිකරණය වෙත ගොනුකර ඇති මානුෂික පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ තමාගේ මෙම කාලකන්නි ජීවිතය මරණයෙන් අවසාන කරන වෛද්‍යවරයාට එරෙහිව කිසිදු මිනීමැරුම් චෝදනාවක්‌ නොනගන ලෙසයි.

එහෙත් බ‍්‍රිතාන්‍ය නීතිය මේ ගැන දක්‌වන්නේ සැහැල්ලූ මතයක්‌ නොවෙයි. එය ඉතා තදින් ඉන්නවා. නීතිය පවසා ඇත්තේ ඔහු හෝ වෙනත් කිසිවෙකු ටෝනිගේ මරණය සිදු කිරීමට හවුල් වේ නම් ඒ තැනැත්තා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරද කරු වෙන බවයි.

ජිවිතය කොයිතරම් පීඩාකාරී වුවත්, දරාගත නොහැකි වුවත් මිනිස්‌ අයිතිවාසිකම්වල සීමාවන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මරණය අයිතිවාසිකමක්‌ නොවෙයි. මිනීමැරීම කොහොමටත් අයිතිවාසිකමක්‌ නොවේ.

එහෙත් වඩා පළපුරුදු විනිශ්චයකරුවෙකු වන චාල්ස්‌ මහතා ඔහුගේ දිගු කාලීන පුළුල් අත්දැකීම් ගැන සලකමින් ටෝනිගේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යැමට ඉඩ ලබා දී තිබෙනවා. ටෝනිගේ බිරිඳ  කියා සිටියේ රටට ඇත්තේ සංස්‌කෘතික පසුබිමක්‌ සහිත අයිතිවාසිකම් පද්ධතියක්‌ නිසා මෙවැනි සහනයක්‌ ලැබුණු බවයි.

එම රෝගී තත්ත්වවලින් පෙළෙන්නන්ට සහනයක්‌ ලබා දීමට යුරෝපයේ ඇතැම් රටවල ඉඩ සලසා තිබෙනවා. නෙදර්ලන්තය, ස්‌විස්‌ට්‌සර්ලන්තය, බෙල්ජියම, ලක්‍ෂම්බර්ග් හා අමෙරිකාවේ ඔරිගන් ප‍්‍රාන්තය. එවැනි රටවල් කීපයක්‌. එහෙත් එය ලැබෙන්නේ කොන්දේසි සහිතවයි. විශේෂයෙන් හිපොක‍්‍රටික්‌ දිවුරුම එය අනුව එම මරණය හිංසාවෙන් තොර වූ එකක්‌ විය යුතුයි.

වෛද්‍ය ජෝන් විල් පවසන්නේ ටෝනි නික්‌ලින්සන්ගේ ආයාචනය සාධාරණ වුවත් ඒ සඳහා නීති ප‍්‍රතිපාදන සැකසීම අනිකුත් ජනතාව ගැන සලකා නොකළ යුතු යෑයි තමා සිතන බවය. මන්ද යත් සමාජයේ මෙවැනි රෝගී තත්ත්වයන් ඇති සියලූ දෙනාද ඒ සඳහා පෙළඹිය හැකි බැවින්ය.

එමෙන්ම යමෙකුට කවර කාරණයක්‌ නිසා හෝ දිවිතොර කර ගැනීමට ඉඩ දීම මනුෂ්‍යත්වයට හා සදාචාරවත් බවට එක නොවන නිසාය. එය මොන තරම් උමතු දෙයක්‌ විය හැකිදැයි ඔහු අහනවා. එහෙත් ටෝනිගේ බිරිඳ මේ කතා කරන්නේ දැඩි වේදනාවකින්. මුලදී මේ කරුණ කාගෙත් සිත කනස්‌සලූ කරන දෙයක්‌ වුණේ. ඒත් එහි අවසානය ඉතා පීඩාකාරී බව අපි කවුරුත් මමත්  දැන සිටියා.

ටෝනි තමාට මෙයින් ගැලවිය හැකි යයි අවුරුදු ගාණක්‌ බලා හිටියා. කෙළවරක්‌ නෑ. ඉතින් ඔහුට තවත් දුක්‌විඳීමට දීම සදාචාරයට එක දෙයක්‌ද?
ටෝනිගේ බිරිඳගේ උනන්දුව අඩු නොවූ නමුත් ඇය හුදකලාව උගුලක පැටලී ඇති බවක්‌ පෙණුනා. දවසින් දවස ගෙවී ගියේ කිසිදු විසඳුමකින් තොරවයි. ඇය හොඳටම හෙම්බත් වෙලයි ඉන්නේ. බැරිම තැන අපි ඔහුට ස්‌විස්‌හි පුනරුත්ථාපන සායනයකට යන්න යෝජනා කළා. ඔහු එයට විරුද්ධ වුණා. ඔහු කියා සිටියේ තමාට  ඕනෑ වෙනත් රටක නන්නාඳුන අය අතර මැරෙන්නට නොව තම පවුලේ අය අතර දී මියයන්න බවයි.

මේ අතර ටෝනි තම බිරිඳ තමා නිසා වද වනු දැකීමෙන්, වරදකාරී හැgeමෙන්ද ඔහු පෙළෙනවා. 

අනේ ඔහුට දෙවියන්ගේ නාමයෙන් මේ පීඩාකාරී දුක්‌ ගොඩින් මිදී මරණය වෙත යන්න ඉඩ දෙන්න. යයි ටෝනිගේ බිරිඳ කියන්නේ ඒ නිසාය.

 නමුත් මා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු ඉක්මණින් සනීප වෙන ලෙසටය. ඔහුගේ බිරින්ඳට ඔහුව ආදරෙන් රැක බලා ගැනීමට දර්යය දෙන ලෙසටය. ඔහුට ජීවත් වෙන්න මාර්ගයක් පෙන්වන ලෙසටය.

Thursday, May 31, 2012

හීන කොච්චර සුන්දරද

මෙතැන් සිට ඔබ අප බ්ලොගය හරහා නරඹන්නට යන්නේ හරියටම මිනිත්තුවක සිහිනයක්...... ඒක හරිම සුන්දරයි.....
හැබැයි අපි මේ බලන්නේ එක වීඩියෝවක් විතරයි......
ඒක බලලා ඔබ "අයියෝ මේ මොකක්ද...." කියලා සමහරවිට හිතයි. නැත්නම් "අනේ පවු" කියලා හිතයි....
ඒත් ඇත්තටම මේ වීඩියෝ එකේ ඉන්න මහළු පුද්ගලයා කොච්චර ආසාවෙන් ඒ හීනෙ දකිනවාද......
ඔවු එයා තාමත් ඒ හීන ලෝකෙ.....ඇහැරුණාම මොන තරම් දුකක් හිතට එයිද...
දැන් මේක කියෙව්වා ඇති, වීඩියෝව බලන්න....

Friday, May 18, 2012

ජීවිතේ අමතක නොවන ලත්සන


යාල දන්නවද? අද මම ජීවිතේ අමතක නොවන කට්ටක් කෑවා. අසනීප වෙලා පාරේ වැටිල හිටපු වසු පැටියෙක්ව වහනයක් ගෙන්නල සත්ව හොස්පිටල් එකට ගෙනිච්චා. ඌට බෙහෙත් විදල සේලයින් දුන්නා. පැය 3ක් ඒ මනුස්සයා එතන හිටිය කියල මගෙන් රු.2500/=ක ගස්තුවක් සහ හොස්පිටල් ගාස්තු. ම්ම්ම්ම්.......
 වෙන කෙනෙක්ගෙ සතෙක් ව මම ගෙනිච්ච නිසා කෝකටත් කියල පොලීසියට ගිහින් කීවා. පොලීසිය හොයගෙන යද්දි ඒ සතා හරක් මස් කඩ කාරයෙක්ගෙ. උන් හරක් ඇති කර කර ඕන උනාම මරල විකුණනවා. ඒ මනුස්සයා ගෙන්නුවට පස්සෙ ඒ මනුස්සයා කියනවා වසු පැටියා උගෙ නෙවේ කියල. දැන් පොලීසිය හරි කෙනාව හොයනවලු. හොයා ගන්න බැරි උනොත් මට අද හවස වසු පැටියාව ගෙදර ගෙනත් බලා ගන්න වෙනව. එත්....

මම ඉරිදා ඉදන් දිගටම ගෙදර නෑ. උදව් කරන්න ගිහාම මේ වගෙ අසරණ වෙනවා. ඒත් මොනා කරන්නද? ජීවත් වෙල ඉන්නේ ටික කාලයිනෙ....
------------------------------------------------------------

 පොලිසියට call kala අයිතිකාරයා හම්බ උනාද කියල දැනගන්න  call  කලාම 1st & 2nd එකට answer කලා. ඊට පස්සෙ නෑ. ඒ අතරෙ සත්ව හොස්පිටල් එකෙන් කතා කරනවා සතාව අරගෙන යන්න අනිවාර්යෙන්ම එන්න කියලා. වාහන අයිතිකාරයා කතා කරනවා  ගාස්තුව ඉල්ලලා. මට මල පැනලා හිටියේ.

ආයෙත් මං පොලීසිය land line 1ta call   කලා. ඒ රාළහාමී කීවා හරක් බලා ගන්න සිල්මෑණියන් ඉන්න පන්සලක් තියෙනවා. ඒකට වසු පැටියා බාරදෙමු කියලා. ඔය අතරෙ මගේ තාත්තී ජාතිය අමතනවා. අම්මිත් ජාතිය අමතල ගේනව අහෙම නෙවේ ගෙදර පැත්ත පළාතෙ කියල වැඩකට එලියට ගියා. යන්තන් හරි. එක කන්කරච්චලයක් ඉවරයි...!!!


අනේ මගෙ මගේ ලොකු අප්පච්චි... එයා තම්යි මේ ලොකේ ඉන්න හොඳම කෙනා දේශමාන්‍ය හරේෂ් කරුණානායක. ලොකු අප්පච්චි හිටියේ හම්බන්තොට ගිහින් එන ගමන්. මම කෝල් කරද්දි එයා හිටියේ කලුතර. පැය ගානක්   කරපු මහන්සියවත් නොබලා එයා ඉක්මනින්ම කොළඹ ඇවිත් මගෙ    සල්ලි දැම්මා.

අර වාහනයට කතා කරල කිව්වා. හරි මම  2500ම දෙන්නම් හැබැයි මට ඒ සතාව ගේන්න යන්න ඕනා කියලා. වාහනේ ආවා. මං හිතාන හිටියෙ වසු පැටියාව අරන් කෙලින්ම පොලීසියට යනවා කියලා. එහෙම හිතාන හොස්පිටල් එකට යද්දී මං ඈත ඉදන්ම දැක්කා ඌ එතන නෑ කියලා. කොහොම හරි ඌව ජීවත් කරනවා කියලා හිතුවා. ඒ අතර මං ඕනෙම දේකට හිත හදාගෙනයි හිටියේ.

අනේ ඔයාළ දන්නවද මං ඊට පස්සෙ දැක්කෙ මොකක්ද කියල. මට කියා ගන්න වචන නෑ. අනෙ අර සතා නැගිටගන්නවත් බැරිව වැටිල හිටිය ඒ අහිංසකයා ඔලුව උස්සලා තණකොළ කනවා. සත්ව රෝහලේ හිටපු වයසක uncle එයාගෙ ළඟින් ඉදං ඔලුව අත ගගා හිටියා. ඒ සතා වටේටම පහසුවට කොට්ට තියලා. අනේ   ඔයාට හුගාක් පිං. මම හොස්පිටල් එකට ගේද්දි ඌ හිටියේ නැඟිට ගන්නවත් බැරිව. බඩ හිස්ව. යන්තම් ඇස් ඇරිලා හිටියේ. පාරෙ වැටිලා හිටිය උගෙ ඇගේ වහන මැස්සෙක්වත් එලවා ගන්න බැරිව හිටියේ. ගුද මාර්ගයෙන් දිග පණුවො ගිහින්. එහෙම හිටපු සතා.  මගේ ජීවිත කාලෙටම  දැකපු ලත්සනම දේ

වහු පැටියාව නවත්ත ගන්න සත්ව රොහලේ   management බෑ කීවා.  දුලීප්  management 1ta හොරෙන් හෙට ඇවිත් ගෙනියනකම් නවත්තා ගත්තා.
 අද උදේ අම්මි, මායි, මල්ලී පන්සලට ගියා. පොඩි වැඩකට. ඒ ගිහාම ඊයේ වෙච්ච සිද්ධිය කියල මම හාමුදුරුවන්ගෙන් අහුව ඌව බලා ගන්න පුලුවන්ද කියලා. අපේ හාමුදුරුවො හුගාක් කැමැත්තෙන් හා කිව්වා.

මං හුගාක් සතුටින් ගියා හොස්පිටල් එකට. අනේ අයෙත් ඒ සතා මං ගේද්දි හිටියා වගෙමයි. එහෙම්ම වැටිලා හිටියා. ඒ ගමන්ම   කතා කරල තව සේලයින් දෙකක් දීලා බෙහෙත් එකකුත් විද්දලා කෙලින්ම පොලීසියට ගිහිං ඇහුවා හරක් අයිතිකාරයා හමුවුණාද කියලා. ඒත් නෑ.....
හොස්පිටල් අකෙන් කියනවා වසු පැටියාව ගෙනියන්න කියලා.
 next day 

මගෙ බලු පැටියා නැතිවෙලා හෙට හත් දවසෙ දානේ.......

Monday, May 14, 2012

Coca-Cola CEOගේ තත්පර 3 කතාව

බ්‍රයන් ඩයිසන් යනු Coca Cola සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරියෙකි(CEO). මේ ඔහු විසින් තත්පර 30කදී කරන ලද කෙටි දේශනයකි.

හිතන්න ජීවිතය කියන්නේ බෝල 5ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ්‍යයි.

ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා .
නමුත් අනෙක් බෝල හතර,එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශ හැදිලා තියෙන්නේ වීදුරු වලින්,ඒවා එක්වරක් බිම වැටුනොත් යලිත් පිලිසකර කල නොහැකි ආකාරයෙන් පලුදු වේවි.යලිත් කිසිම දිනක ඒවා පෙර පරිදි නොවේවි.
එම නිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදී මෙම වීදුරු බෝල හතර බිම වැටෙන්නට නොදී තබා ගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි.

කාර්යාල වේලාව තුල ඔබ ගන්නා වැටුපට සරිලන ලෙස කාර්යක්‍ෂමව සේවය කරන්න . නියමිත වේලාවට කාර්යාලයෙන් පිට වී ඔබේ පවුලට සහ ඔබේ මිතුරන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න . ඔබේ සිරුරට අවශ්‍ය විවේකය ලබා දී ඔබේ විනෝදාංශ වල යෙදීමටද අමතක නොකරන්න.

දෙයියනේ ! තාත්තා

යිසිකලය ගස යට නැවැත් වූ තාත්තා මාව ඉදිරිපස ලගේජ් එකෙන් බිමට බැස්සූවා..
පස්සේ තාත්තාගේ කමිසයේ සාක්කුවේ තිබූ කුඩා පනාවක් ගෙනා මගේ කොන්ඩය පීරා බීම හල තුලට මාව එක්කන් ගියා.
බීම බෝතල් ‍දෙකක් ගෙන තාත්තා මා අසලට පැමිණියා..
"චූටි පුතා බොන්න, පැණි බීම"
මම පැණි බීම වල‍ට ආස බැව් දැන සිටි තාත්තා මට පැණි බීම අරන් !
එක හුස්මට මම බීම බෝතලේ ඉවර කරා..
"රහයි "
"එහෙනම් පුතා මේකත් බොන්න"තාත්තා කිවුවා
"එතකොට තාත්තට"කියන ගමන් මම තාත්තාගේ බීම බෝතලයත් එක හුස්මට බී දැම්මා..
ආදරයෙන් මා දෙස බලා සිනාසුනු තාත්තා
" අපි එහෙනම් යමු පුතේ"
මම බයිසිකලේ ගාවට යනකොට තාත්තා ටැප් එකෙන් වතුර වීදුරු 2ක් 3ක් බොන හැටි මම ඈතට දැක්කා !!
දෙයියනේ ! තාත්තා ගොඩක් තිබහින් ඉදල තියෙන්නේ ...

දරුවන්ගේ තිබහ වෙනුවෙන් තම තිබහ ඉවසූ "තාත්තා" ආදරෙයි ඔබට !!ඔයාගේ තාත්තාත් ඔයාට ආදරෙයි

 උපුටා ගැනීම: Þàthùm Màdùshàñ (හිච්චි කොලුවා)

අතීතයෙන් තොර වර්තමානයක් හෝ අනාගතයක් නොමැත


Hachiko: A Dog’s Story/ Hachikoගේ කතාව

 Hachiko was brought to Tokyo in 1924 by his owner, a college professor named Hidesamuro Ueno. Each day, when Ueno left for work, Hachiko would stand by the door to watch him go. When the professor came home at 4 o’clock, Hachiko would go to the Shibuya Station to meet him.Though this simple act alone shows a tremendous amount of loyalty, that’s not the end of it: The following year, Ueno died of a stroke while at the university. Hachiko didn’t realize that he was gone, and so the dog returned to the train station every single day to await his master. He became such a familiar presence there, in fact, that the station master set out food for the dog and gave him a bed in the station. Even so, Hachiko never shifted loyalties –every day at 4 o’clock, he hopefully waited by the tracks as the train pulled in, searching for his best friend’s face among the people getting off.

Hachiko’s love for his master impressed many people who passed through the station, including one of Ueno’s former students, who became fascinated by the Akita breed after seeing Hachiko. He discovered that there were only 30 Akitas living in Japan, and began to write articles about Hachiko and his remarkable breed, turning the world’s most loyal dog into a household name, and creating a resurgence in popularity for the Akita.

 Hachiko died in 1935, after 10 long years of waiting for his master. But the dog would not be forgotten –a year before his death, Shibuya Station installed a bronze statue of the aging dog, to honor its mascot. Though the statue was melted down during World War II, a new version was created in 1948 by the son of the original artist. Go to the station now, and you’ll be able to see the bronze statue of Hachiko – still waiting, as ever, for his master to come home.

Hachikoව Tokyo වලට අරගෙන ආවේ එයාගේ ස්වාමියා වුනු Prof. Hidesamuro Ueno විසින්. ඒ 1924 දී. හැම උදයකම තමන්ගේ ස්වාමියා රාජකාරිය සඳහා විද්‍යාලයට යන අයුරු Hachiko බලාගෙන ඉන්නේ හරිම දුකින්. ඒ නිසාම හරියටම ස්වාමියා රාජකාරි නිමාවෙලා එන වෙලාවට එනම් හවස 4ට Shibuya Station එකට යන්නත් Hachiko පුරුදු වෙලා හිටියා.

දිනපතාම මේ කරන දේ සාමාන්‍යය පුරුද්දක් කියල කෙනෙකුට හිතුනත් මේ කතාවේ අවසානය නම් ඒක නෙමෙයි. මෙහෙම අවුරුද්දකට විතර පසුව තමා රාජකාරී කරපු විද්‍යාලයේදීම Prof. Ueno නහර පිපිරීමක් හේතුවෙන් හදිසියේ මිය යනවා. ඒත් මේ බවක් නොදත් Hachiko, පුරුදු පරිදි තම ස්වාමියාව මුණ ගැහෙන්න එදත් station එකට යනවා. ඒත් ස්වාමියා නෑ. ඊලඟ දිනයෙත් නැවතත් Hachiko station එකට නියමිත වෙලාවට ගිහින් ස්වාමියා බලාපොරොත්තු වෙනවා. ඒත් වැඩක් නෑ, ආයෙත් Prof. Ueno එන්නේ නෑ කියලා Hachiko පිළිගන්න කැමති නෑ.

මේ විදියට හැමදාම තම මිතුරා පැමිණෙන තුරු Hachiko මඟ රකිනවා. මේ නිසාම station එකේ හැමෝටම Hachiko හුරු පුරුදු කෙනෙක් වෙනවා. ස්ථානාධිපති වරයත් Hachikoට නිදාගන්න තැනක් station එකේම ලෑස්ති කරල දීලා කෑම බීමත් ලබා දෙනවා. මේ මොන දේ ලැබුනත් සවස 4 වෙද්දී තමන්ගේ යාලුවා සෙනඟ අතරින් මතුවන තුරු Hachiko බලා ඉන්නවා.

දිනපතා station එකට එන දහස් ගණනක් දෙනා Hachikoගේ මේ ක්‍රියාව ගැන පුදුම වෙනවා, ඒ වගේම කණගාටු වෙනවා. ඒ අතර Prof. Uenoගේ පරණ සිසුවෙකුද වෙනවා. ඔහු මේ "Akita" කියන සුනඛ වර්ගයට අයත් Hachiko වගේ අය ගැන තොරතුරු සොයා බලනවා. ඔහුට එහිදී දැනගන්නට ලැබෙනවා ජපානයටම ඒ වර්ගයේ සුනඛයින් ඇත්තේ 30ක් පමණක් බව. ඔහු Hachiko ගැන ලිපි ලියනවා. "Akita" යනු ලොව ස්වාමියාට කීකරුම සුනඛ වර්ගයක් බව ඔහු ලෝකයටම ඔප්පු කරනවා.

වසර 10ක් තම ස්වාමියා නැතිනම් තම මිතුරා එනතෙක් මඟ බලාගෙන ඉඳපු Hachiko අවසානයේ 1935 දී මිය යනවා. නමුත් කාටවත් Hachikoව ලේසියෙන් අමතක වෙන්නේ නෑ. Hachikoගේ මේ ක්‍රියාව වෙනුවෙන් Shibuya Station එකේ ලෝකඩ වලින් ස්මාරකයක් නිම වෙනවා. දෙවන ලෝක යුධ සමයේදී මෙය විනාශ වුනත් 1948 දී පළමු ස්මාරකය නිර්මාණය කල තැනත්තාගේ පුතණුවන් විසින් නැවතත් ස්මාරකයක් ගොඩ නඟනවා. අදට වුනත් ඔබ Shibuya Station එකට ගියොත් තම ස්වාමියා එනතුරු මඟ බලා සිටින Hachikoව දැකගන්න පුළුවන්.

Sunday, May 6, 2012

අඳුරු රැයක සොරාගත් තම ජීවිතය සොයා ගිය ඇලිසන්

කුණු අප්‍රිකවේ පෝට් එලිසබෙත් නගරය ගිම්හානයේ උණුසුමින් පිබිදී වෙරළබඩ විනෝදකාමී රසවතුන්ට පාරාදීසයක් මැව්වේය. ඇලිසන්ද සිය මිතුරියන් සමග වෙරළෙහි වැතිර සිටියාය. ඈත දියඹට යොමු වූ නිල්වන් දෑස් දෙස බලා සිටි  මිතුරියන් ඇලිසන්ගේ සුරූපී බවට විහිලු කළහ. සැහැල්ලුවෙන් සිනාසුන ඇය සියල්ලන්ගෙන්ම සමුගෙන තම වාහනයට නැග අසුන් ගත්තාය. ඵ් 1994 දෙසැම්බර් 18 දින හවස් වරුවේය. වසාගත් අඳුර අතරින් වාහනය පදවාගෙන ගිය ඇලිසන් තම ජීවත් වෙන නිවාස සංකීර්ණය ලඟදී වාහනයේ වේගය අඩු කළාය. සිය මවට රැගෙන ආ මල් පොකුරද අතැතිව ඇය දොර හැරියාය. පිහියක් දෙපසට වනමින් ඇයගේ ගමන් මඟ හරස් කරමින් නැවතත් ඇය වාහනයට තල්ලු කළේ කලු හැඳගත් පුද්ගලයෙකි. කැරලි ගැසුනු කෙස් සහිත විරූපී මුහුණක් ඇති ඔහුගේ ඇස් තර්ජනාත්මක විය. ඇය රියැදුරු අසුනින් යාබද අසුනට තල්ලු වී ගියාය. අවට කිසිවෙකු පෙනෙන්නට නැත. ඔහු අත  ලෙලෙන පිහියකි. ඔහු වාහනය පන ගැන්වූ පසු කතා විලාසය වෙනස් විය.

'බය වෙන්න එපා මගෙ ටී.වී එකයි වීඩියෝ එකයි හොරු අරන් ගිහින්. ඒක හොයා ගන්න වාහනයක් විතරයි මට ඕනා' ඔහු කීවේය. සන්සුන් වන්නට උත්සාහ කරමින් ඇය කතා කළාය.

'මට හරි මහන්සියි ගෙදර යන්න ඕනෙ. ඇයි මාව තියල වාහනය ගෙනියන්නෙ නැත්තේ. වැඩේ කරගෙන ගෙනැත් දෙන්න'

'නෑ.. ඔයත් එක්ක යන එක හොඳයි' ඔහු සන්සුන්ව පිළිතුරු දුන්නේය. නගරය පසු කරනතුරු සමාන්‍ය කතාබහේ යෙදුනේය.

ඔයාගේ නම මොකක්ද? ඔහු දයාන්විතව ඇසුවේය.

සුසාන් ඇය ආරකෂිත වීම සඳහා බොරුවක් කීවාය. ඇයට වාහනයෙන් පිටතට පනින්නට සිතුනද ඉන් විය හැකි අනතුර සිහි විය. සමහර විට එවන් උත්සාහයකදී මොහු දරුණු විය හැකි බවද ඇයට සිතුනි. නගරයෙන් ඈත් වන විට ඇයට සහයට හෝ කිසිවෙකු නැතිවේ. පාදඩයන්ගෙන් නොඅඩු රාත්‍රී සමජශාලාවක් ඉදිරිපිට නැවැත්වූ වාහනයට තවත් මිටි, තරබාරු මිනිසෙකු නැග්ගේය. ඔයුද කලු ඇඳුමෙන් සැරසී සිටි බව ඇලිසන් දුටුවාය.

'මේ මගේ යාලුවා' සුසාන් ඇලිසන් පැහැරගෙන යන්නා තරබාරු මිනිසාට කීවේය.

හෙලෝ.. කී ඔහු නැතිවූ බඩු භාණ්ඩ ගැන සාකච්ඡා කළේය. අපහසුවෙන් සවන් දී සිටි ඇලිසන්ට වාහනය වෙරළ බඩ පටු මාවතකට හරවද්දී භයන්කරත්වයේ විදුලියක් ඇයගේ සිරුර පුරා දිව යනු දැනුණි.

ඇලිසන් පැහැරගෙන යන්නේ ෆාන්ස්  ටොයිට් නම් වූ දෙහැවිදිරි පුතෙකුගේ පියෙකි. ඔයුගේ වයස 26කි. නමුත් තිරිසන් ලිංගිකාශාවන් නිසා ඔහු සිරගත වූවෙකි. දස මසකට පෙරද දහනව හැවිදිරි පාසල් ශිෂ්‍යාවක දූෂණය කිරීම හේතුවෙන් රක්ෂිත සිරගත වූවද, පසුව නිදහස ලැබී තිබේ. ඉන් පසුවද 21ක් වියැති විවාහක කාන්තවක් දූෂණය කළේ කෲගර් නැමැත්තෙකු සමගිනි. තමා ගැබිණියක කියමින් බැගෑපත් වූවද ඔවුහූ ඇයට අනුකම්පා නොකළහ. මෙය පැමිණිලි කළහොත් ඇයද දරුවාද මරා දමන බවට තර්ජනය කිරීමට ඔවුහූ අමතක නොකළහ. පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිසියේ අත්ඩංගුවට පත්වූවද අධිකරණයේ කුමන හෝ දුර්වලතාවයක් හේතුවෙන් ඔවුනට නැවත නිදහස ලැබුණි.

   ඔවුන්ගේ ඊළග ඉලක්කය වූයේ ඇලිසන්ය.  පාලු පාරක වාහනය නැවතූ ටොයිට් ලයිට් නිවන ලෙස ඇලිසන්ට ආචාරශීලීව කීවේය. ඇය කීකරු වූවාය.

දැන් මොකද කරන්න යන්නේ? ඇය ඇසුවාය.

ඇයි අපි එක්ක ගහගන්නද? ටොයිට් ඇසුවේය.


නෑ... ඇලිසන් වහා කීවාය. හඳ එළියෙන් ටොයිට්ගේ මුහුණේ සෑම ඉරියව්වක්ම ඇලිසන් දුටුවාය. කෲගර් වාහනයෙන් බැස එළියේ සිටිද්දී ටොයිට් වාහනයේදීම ඇලිසන් කෙළිබඩුවක් කර ගත්තේය. ඉන් පසුව කෲගර් තමන්ගේ වාරය ලබා ගත්තේය.

මේ ශරීරය මිසක් මම නොවෙයිනේ. ඇලිසන් ඉමහත් වේදනාවෙන් සිතුවාය. සුලු මොහොතකට පසු කෲගර් රථයේ බොනට්ටුව මත හිඳගෙන සිටියේ දිග පිහියක්ද අතැතිවය.

පොලීසියට යනවද? ටොයිට් ඇසුවේය.

නෑ... ඇලිසන් වහා කීවාය. මම මගේ දෙමව්පියෝ මේක දැනගන්නවාට කැමති නෑ. ඔය බොරු කියන්නේ. අපට විශ්වාස කරන්න බෑ. කෲගර් සන්සුන්ව කීවේය. ඔහු තම දඩයම් පිහිය දෙපසට වනමින් අමුතු ක්‍රීඩාවක යෙදුනේය. එහි මුවහත් තලය සඳ එළියට විලිස්සමින් දිලිසුණේය. ක්ෂණයකින් ටොයිට් කෲගර් දෙසට හැරුනේය.  මොකද උඹ කියන්නේ... නාකි නික් මොනවා කරන්නද කිව්වේ?.. මඳ නිහඬතාවයකින් පසු කෲගර් කතා කළේය. එයා කියන්නේ මරන්න කියලා.  ජීවිතයට සමුදෙන්නට කාලය පැමිණ ඇති බව අවබෝධ විය. ටොයට් පිහිතලය ඇගේ බෙල්ලට තබා එහාටත් මෙහාටත් ඇතිල්ලුවේය.

අනේ මාව මරන්න එපා. ඇය ආයාචනා කළාය.

බෙල්ල සීරීගෙන යද්දී ටොයට් සිනාසුණේය. 'බොහොම කණගාටුයි' ක්‍රමයෙන් ඇලිසන් දුර්වල විය. මේ නරුම තිරිසන් මිනිස්සු ඇයගේ නිරුවත් සිරුර වාහනයෙන් එළියට ඇද කසල ගොඩට තල්ලු කළහ.

'මැරිලද?' කෲගර් ඇසුවේය. ටොයට් ඇයගේ අප්‍රාණික සිරුර අසලට ගොස් ඔහු අත වූ උල් පිහියකින් ඇයගේ උදරයට ඇන්නේ උමුතු වූවෙකු ලෙසිනි. ඇයගේ එක් පාදයක් ගැහෙනු දුටු කෲගර් ඇලිසන්ගේ බෙල්ල හරහා තම දඩයම් පිහිය ඇතිල්ලුවේය. ඔවුහු ඇගේ බෙල්ල දෙපසට හරවමින් මහ හඬින් සිනාසුණහ.   නමුත් මේ අමානුෂික ක්‍රියාවෙන් ඇලිසන්ගේ හුස්ම හිරවීම මදකට පමා විය. වාතය පෙනහලු දක්වා ගමන් කිරීම නැවත ඇරඹුණි. මඳක් සිහිය ලැබුනද ඇය නිහඬව සිටියාය. කැපුම් තුවාල සිරුර පුරා තිබුණද  'මගේ මරණය දැකල මුන්ට සතුටුවෙන්න දෙන්නනම් බැහැ' ඇය සිතා ගත්තාය. තමාගේ වාහනයේ වූ බෑගය එළියට විසිකරන ශබ්දය ද වාහනය පණ ගන්වන හඬ ද  ඇය අසා සිටියාය. ඔවුන් ගිය වහාම ඇය පොළවේ ෆ්‍රාන්ස් සහ ටීන්ස් යන නම් සටහන් කළාය. ඔවුන්ගේ මුවින්  එම නම් කිහිපවරක් කියවෙනු ඇයට මතකය. ඇය මියැදෙන්නේ නම් ඔවුන් කෙසේ හෝ දඬුවම් ලබන බව ඇය දැනගත යුතුය.

'මාමා මං ඔයාට ආදරෙයි' නැවත ඇය පොළවේ ලීවාය. තම පියාගෙන් වෙන්වී ඇය හදාගත් අයුරු ඇයට චිත්‍රපටයක් මෙන් පෙනෙන්නට විය. ඇය ඇදී තම බඩු බාහිරාදිය ඉවතලූ ස්ථානයට ළඟා විය. ඇයගේ ඇඳුමක් ගෙන ලේ ගලන උදරය වසා ගෙන තව තවත් පාර දෙසට බඩ ගෑවාය. මීටර් පහළොවක් පමණ දුර බඩ ගාගෙන ගිය ඇය සිහි විසඥ වූවාය. නැවත වරින් වර සිහි ලබමින් ඇය සිත ශක්තිමත් කරගන්නට උත්සාහ කළාය. තවත් මීටර් පනහක් පමණ ඇදී ගිය ඇය ප්‍රධාන මාර්ගයට ආසන්න විය. වාහන ශබ්ධයක් ඇසෙනතුරු ඇය අසා සිටියාය.

                                                                     ..........

ටියාන් එලීඩ් පශු වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහු තම මිතුරන් සමඟ සාදයකට සහභාගි වී වාහනයේම මඳක් නිදි සුව වින්දාය. පසුව මිතුරන් පැමිණි වාහනයට පිටුපසින් නිවස බලා ගමන ඇරඹුවේය. මඳ දුරක් අඳුර කපා ගෙන යන අතර ඉදිරි වාහනය මඳක් නවතනු ඔහු දුටුවේය. ඔහුද මඳක් නවතා බලා සිටියේය.

'ඒයි අතන කවුද වැටිලා ඉන්නවා. මිතුරන් ඔහු වෙත පැමිණ කීහ. ටියාන් වහාම දුවගොස් ඇය සෝදිසි කළද ඇය මිය යමින් තිබූ බැවින් ඔහු කළ යුත්තේ කුමක්දැයි මඳක් සිතුවේය. පසුව ඔහු ඇයගේ නාඩි බැලුවේය. බෙල්ලෙන් ගලා යන රුධිරය නවත්වන්නට ඇය ඔහුගේ අත බෙල්ලට තබා තද කළේය.

'ඔයාට සනීප වේවි' ඔහු කීවේය. ඉන්පසු ඔහු තම ජංගම දුරකතනයෙන් ගිලන් රථයක් වහා එවන ලෙස රෝහලට දැන්වීය.

'ඔයාට ඇහෙනවද?' ඔහු ඇලිසන්ගෙන් ඇසුවේය. ඇය සිය අතින් කළ සංඥා ඔහු වටහා ගත්තේය. මෙය කළ පුද්ගලයන් ඇය හඳුනයි. ඇයට දෙනෙත් පියා ගන්නට ඉඩ නොදුන් ඔහු සංඥා මඟින් ඇය හා කතා කළාය.

ඇයව ගිලන් රියට ගැනීමට සේවකයන්ට සහාය වූ ඔහු ඇය සමඟ රෝහලට ද ගියේය. ඒ වනවිට සිය ශරීරයෙන් අඩක් විතර රුධිරය ගලා ගොස් තිබිණ. සේලයින් හෝ රුධිරය ශරීර ගත  කරන්නට ඇයගේ එකදු රුධිර නාලයක් සොයා ගත නොහැකිව හෙදියන් වෙහෙසට පත්වෙදිදී,

'දැන්නම් එයාට මැරෙන්න දෙන්න බැහැ මෙච්චර දුරක් ඇවිල්ලත්..' ඔහු වහා ඉදිරිපත් වී වෛද්‍ය විද්‍යාලයේ ඔහු ලත් දැනුම තුලින් ඇයගේ අප්‍රාණික රුධිර නාලයක් හරහා ඉඳිකටුව ඇතුලු කළේය.

පෝට් එළිසබෙත් රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සියලු දෙනාගේ ඉමහත් ස්ංවේගජනක හැඟීම් වචනයට ප්‍රකාශ  නොකෙරිණි. උදෑසන හතරට වෛද්‍ය වොල්ඩියා ඇන්ජලිව් රෝහලට ළඟා විය. ඔහු තම ශල්‍ය වෛද්‍ය වෘත්තිය තුළ දුටු ඒ සා මහත් බරපතල තුවාල ලැබූ ප්‍රථම රෝගියා ඇය විය.

ඇත්තටම ඇය සුව වේවිද? ඔහු තමාගෙන්ම ඇසුවේය. පැය හතරක් පුරා වෛද්‍ය වොල්ඩියා ඇලිසන්ගේ දෙපලු වූ තයිරොයිඩ් ග්‍රන්ථිය සකස් කළේය. ස්වාස නාලයේ එක් ඝණ ප්‍රදේශයක් පමණක් පිහි තලයෙන් බේරී තිබුණි. ඇය කෙසේ ජීවත් වූවාදැයි වෛද්‍යවරයා විමතිය පළ කළේය. ඇයගේ බඩවැල් හරහා කැපුම් තුවාල විසිපහක් තිබුණි. මුත්‍රාශය දෙකොටසකට බෙදී තිබුණි.

උදෑසන පහට ඇලිසන්ගේ මවට දුරකතනයෙන් ලැබුණේ සුබ පණිවුඩයක් නොවේ. ඇය සිතාගෙන සිටියේ තම දියණිය යහලුවන්ගේ නිවසක නවතින්නට ඇති බවයි.

'අපි තවම ඔපරේෂන් එක කරනවා' වෛද්‍යවරයෙක් ඇයට කීවේය.
ඇලිසන්ගේ මව රෝහලට යන විට ඇලිසන් දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් බට සහ යන්ත්‍ර කිහිපයක ආධාරයෙන් ජීවිතය සොයමින් සිටියාය.

'හලෝ.. බබා මම ඔයාගේ මමී' ඇලිසන් දෙනෙත් හැරියාය.

'මමී මට මේක කරපු උන් පොලිසියට ගේන්න ඕන' ඇය කීවාය.
සවස එකට පමණ පොලිස් නිළධාරියෙක් ඇලිසන්ගේ යහන අසල හිඳ අපරාධකරුවන්ගේ සේයාරූ පෙන්වමින් ඇයට අපරාධකරුවන් හඳුනාගන්නට උදව් කරමින් සිටියේය. එම ඡායාරූප අතර ටොයිට්ගේ රුවද විය. නමුත් කෲගර්ගේ ඡායාරූපයක් නොතිබුණි. ඇය ඔහුගේ හැඩරුව පිළිබඳව ඉතා පැහැදිලිව තොරතුරු ලබා දුන්නාය. ඇලිසන්ගේ වාහනය මහ මඟ දමා ගොස් තිබී පොලීසියට හමුවිය. පසුදින උදෑසන පොලීසිය දෙදෙනාම එකවර අත්ඩංගුවට ගත්තේ දඩයම් පිහියද සමඟිනි.

'ඔබ දෙදෙනා කාන්තාවක් දූෂණය කරලා ඇයට දරුණු ලෙස තුවාල කරමින් මරන්න උත්සාහ කරල තියෙනවා.'

ටොයිට් පුදුමයට පත් විය. 'එහෙනම් එයා ජීවතුන් අතර' සියල්ල පාපොච්චාරණය කරන්නට ඔවුනට සිදුවිය. අසීමිත වේදනාවන් දරා ගනිමින් ඇය වේගයෙන් සුවය ලබමින් සිටියාය. දින පහළොවකට පසු ඇය රෝහලින් නිවසට ආවාය. ඇයට තවත් සටනක් ජය ගන්නට තිබුණි. තමා විනාශ කළ පුද්ගලයන්ට මුහුණ දෙන්නට ඇයට විශාල ශක්තියක් අවශ්‍ය විය.

1995 ජූනි 12 වැනි දින ඇලිසන් සාක්ෂි කූඩුවට නැග්ගාය. එය පෝට් එලිසබෙත් ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඇයගේ බෙල්ලෙහි වූ රක්ත වර්ණ කැළල නිහඬව බොහෝ දේ කියද්දී ඇය කතා කළාය. පුරා සති අටක් ඇය තමාට තත්පරයක් පාසා සිදු වූ සියල්ල විස්තර කළාය. ටොයිට් සහ කෲගර් ට මරණීය දණ්ඩනය නියම විය. ඇලිසන් ඇය වෙනුවෙන් ඉටුකල සාධාරණය වෙනුවෙන් අධිකරණයට ආචාර කළාය.

වසර දෙකකට පසු ආදරයෙන් බැඳුණ ඇය ටේනියා බෝතා හා විවාහ වූවාය. රොටරි පදනම විසින් ඇයගේ විස්මිත ධෛර්ය වෙනුවෙන් ඇයට උපහාර දැක්වූ අතර ටියාන් වෛද්‍ය ශිෂ්‍යා හටද ඔහුගේ මිනිස්කම වෙනුවෙන් උපහාර පුදනු ලැබීය. ඔවුන් ලැබූ දඬුවම මා ලැබූ ඉහළම ජයග්‍රහණයැයි ඇය අදටත් පවසයි.