Hachiko was brought to Tokyo in 1924 by his owner, a college
professor named Hidesamuro Ueno. Each day, when Ueno left for work,
Hachiko would stand by the door to watch him go. When the professor came
home at 4 o’clock, Hachiko would go to the Shibuya Station to meet him.Though this simple act alone shows a tremendous amount of loyalty,
that’s not the end of it: The following year, Ueno died of a stroke
while at the university. Hachiko didn’t realize that he was gone, and so
the dog returned to the train station every single day to await his
master. He became such a familiar presence there, in fact, that the
station master set out food for the dog and gave him a bed in the
station. Even so, Hachiko never shifted loyalties –every day at
4 o’clock, he hopefully waited by the tracks as the train pulled in,
searching for his best friend’s face among the people getting off.
Hachiko’s love for his master impressed many people who passed
through the station, including one of Ueno’s former students, who became
fascinated by the Akita breed after seeing Hachiko. He discovered that
there were only 30 Akitas living in Japan, and began to write articles
about Hachiko and his remarkable breed, turning the world’s most loyal
dog into a household name, and creating a resurgence in popularity for
the Akita.
Hachiko died in 1935, after 10 long years of waiting for his master.
But the dog would not be forgotten –a year before his death, Shibuya
Station installed a bronze statue of the aging dog, to honor its mascot.
Though the statue was melted down during World War II, a new version
was created in 1948 by the son of the original artist. Go to the station
now, and you’ll be able to see the bronze statue of Hachiko – still
waiting, as ever, for his master to come home.
Hachikoව Tokyo වලට
අරගෙන ආවේ එයාගේ ස්වාමියා වුනු Prof. Hidesamuro Ueno විසින්. ඒ 1924 දී.
හැම උදයකම තමන්ගේ ස්වාමියා රාජකාරිය සඳහා විද්‍යාලයට යන අයුරු Hachiko
බලාගෙන ඉන්නේ හරිම දුකින්. ඒ නිසාම හරියටම ස්වාමියා රාජකාරි නිමාවෙලා එන
වෙලාවට එනම් හවස 4ට Shibuya Station එකට යන්නත් Hachiko පුරුදු වෙලා
හිටියා.
දිනපතාම මේ කරන දේ සාමාන්‍යය පුරුද්දක් කියල කෙනෙකුට හිතුනත් මේ කතාවේ අවසානය නම් ඒක නෙමෙයි. මෙහෙම අවුරුද්දකට විතර පසුව තමා රාජකාරී කරපු විද්‍යාලයේදීම Prof. Ueno නහර පිපිරීමක් හේතුවෙන් හදිසියේ මිය යනවා. ඒත් මේ බවක් නොදත් Hachiko, පුරුදු පරිදි තම ස්වාමියාව මුණ ගැහෙන්න එදත් station එකට යනවා. ඒත් ස්වාමියා නෑ. ඊලඟ දිනයෙත් නැවතත් Hachiko station එකට නියමිත වෙලාවට ගිහින් ස්වාමියා බලාපොරොත්තු වෙනවා. ඒත් වැඩක් නෑ, ආයෙත් Prof. Ueno එන්නේ නෑ කියලා Hachiko පිළිගන්න කැමති නෑ.
මේ විදියට හැමදාම තම මිතුරා පැමිණෙන තුරු Hachiko මඟ රකිනවා. මේ නිසාම station එකේ හැමෝටම Hachiko හුරු පුරුදු කෙනෙක් වෙනවා. ස්ථානාධිපති වරයත් Hachikoට නිදාගන්න තැනක් station එකේම ලෑස්ති කරල දීලා කෑම බීමත් ලබා දෙනවා. මේ මොන දේ ලැබුනත් සවස 4 වෙද්දී තමන්ගේ යාලුවා සෙනඟ අතරින් මතුවන තුරු Hachiko බලා ඉන්නවා.
දිනපතා station එකට එන දහස් ගණනක් දෙනා Hachikoගේ මේ ක්‍රියාව ගැන පුදුම වෙනවා, ඒ වගේම කණගාටු වෙනවා. ඒ අතර Prof. Uenoගේ පරණ සිසුවෙකුද වෙනවා. ඔහු මේ "Akita" කියන සුනඛ වර්ගයට අයත් Hachiko වගේ අය ගැන තොරතුරු සොයා බලනවා. ඔහුට එහිදී දැනගන්නට ලැබෙනවා ජපානයටම ඒ වර්ගයේ සුනඛයින් ඇත්තේ 30ක් පමණක් බව. ඔහු Hachiko ගැන ලිපි ලියනවා. "Akita" යනු ලොව ස්වාමියාට කීකරුම සුනඛ වර්ගයක් බව ඔහු ලෝකයටම ඔප්පු කරනවා.
වසර 10ක් තම ස්වාමියා නැතිනම් තම මිතුරා එනතෙක් මඟ බලාගෙන ඉඳපු Hachiko අවසානයේ 1935 දී මිය යනවා. නමුත් කාටවත් Hachikoව ලේසියෙන් අමතක වෙන්නේ නෑ. Hachikoගේ මේ ක්‍රියාව වෙනුවෙන් Shibuya Station එකේ ලෝකඩ වලින් ස්මාරකයක් නිම වෙනවා. දෙවන ලෝක යුධ සමයේදී මෙය විනාශ වුනත් 1948 දී පළමු ස්මාරකය නිර්මාණය කල තැනත්තාගේ පුතණුවන් විසින් නැවතත් ස්මාරකයක් ගොඩ නඟනවා. අදට වුනත් ඔබ Shibuya Station එකට ගියොත් තම ස්වාමියා එනතුරු මඟ බලා සිටින Hachikoව දැකගන්න පුළුවන්.
0 අදහස් Comments::
Post a Comment
නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-