මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

බොහෝම ඉස්සර එකමත් එක රටක

බොහෝම ඉස්සර එකමත් එක රටක හිටියා බොහෝම කඩවසම් කුමාරයෙක්. මේ කුමාරයගේ පරම්පරාවට නපුරු මායාකාරියක් ශාපයක් කරලා තිබුනා. මේ ශාපේ හැටියට මේ පරම්පරවේ කුමාරයන්ට විවාහ වෙනකන් අවුරුද්දකට කතා කරන්න පුලුවන් එකම එක වචනයයි. ඒත් එක අවුරුද්දක් කතා නොකර හිටියොත් ඒ කතා නොකර හිටපු වචනෙත් එක්ක වචන 2ක් කතා කරන්න පුලුවන් ඊට පස්සේ අවුරුදේ (මේ කාලේ වෙනකොට ගොලු භාශාව කියල දෙයක් තිබුනෙත් නෑ,ලියන විදිය හොයා ගෙන තිබිනෙත් නෑ)
ඉතින් මෙහෙම ඉන්නකොට කුමාරය දැක්ක ලස්සනම ලස්සන කුමාරියක්. රතු පාට තොල්,තද කලු පාට දිග කොණ් ඩේ,නිල් පාට ඇස් දැක්ක කුමාරයා කුමාරිට වශී වුනා. මෙයා හිතුවා කවදා හරි බදින්නේ මේ කුමාරිවම තම කියලා. ඉතින් මෙයා හිතුවා කොහොම හරි අවුරුදු 2ක් කතා නොකර ඉදලා කුමාරි ලගට ගිහින් "මගේ සොදුරිය" කියලා කියනව කියලා.
අමාරුවෙන් ඒ අවුරුදු 2 ඉවර වුනාම මෙයාට හිතුනා කුමාරිට ආදරෙයි කියලත් කියන්න ඕනි කියලා,ඒ කියන්නේ "මගේ සොදුරිය මම ඔයාට ආදරෙයි" කියලා. එතකොට තව වචන 3ක් වැඩි වෙන නිසා තව අවුරුදු 3ක් කතා නොකර ඉන්න වෙනවා කුමාරයට. ඒ කියන්නේ දැන් එක දිගට අවුරුදු 5ක් කතා නොකර ඉන්න ඕනි.
ඒත් ඒ අවුරුදු 5ත් ඉවර උනාම මෙයාට හිතුනා,ආදරෙයි කියලා මදි නිසා කුමාරිව කසාද බදින්නත් ඕනි කියල කියන්න ඕනි කියලා,ඒ කියන්නේ "මගේ සොදුරිය මම ඔයාට ආදරෙයි ඔයා මාව කසාද බදිනවද" කියලා,ඒ කියන්නේ තවත් අවුරුදු 4ක් කතා නොකර ඉන්න වෙනවා කුමාරයට,මුලු අවුරුදු ගාන 9ක්.
ඔහොම ගිහින් අවුරුදු 9ක කාලේ ඉවර උනා,දැන් කුමාරයට හරිම සතුටුයි,එයා කුමාරිව ඒ කාලේ ලෝකේ තිබුන මිළ අධිකම උද්‍යානයට එක්ක ගිහින් , ගොඩාක් දුර්ලභ, ගොඩාක් මිළ අධික රෝස මල් කලඹක් එයාට දීලා,එයා ලග දණ ගහලා(ඒ කාලේ එහෙමනේ කලේ) පුරුෂ ධෛර්ය දාලා බොහෝම ආදරණීය විදියට ඇහුවා
"මගේ සොදුරිය... මම ඔයාට ආදරෙයි!!! ඔයා මාව කසාද බදිනවද???" කියලා.
එතකොට කුමාරිය පුදුමෙන් එයගේ නිල් පාට ඇස් දෙක ලොකු කරලා...එයාගේ මිහිරි හඩින් මෙහෙම කිව්වා. .
.
.
.
.
"අනේ මට ඇහුනේ නෑ" .

කළ හොඳ පස්සෙන් එන හැටි.....

ලෝකෙ කැරකෙනවා.ජීවිතේ හොයන්න අපි ලෝකෙ වටේ දුවනවා.එහෙම දුවද්දී අපි හුඟාක් දේවල් අතරමග දාලා යනවා..... යුතුකම්.... වගකීම්..... ආදරය.... කරුණාව..... අපිට අමතක වෙනවා... ඒත් ජීවිතේ දිනන්න දුවන ගමන් ජීවිතේ හොයන්න දුවන තවත් කෙනෙක්ට පුංචි හරි උපකාරයක් පුළුවන් විදියට කරන්න අමතක කරන්න එපා...... අපි හොඳ හිතින් අනුනට පංචි හරි උපකාරයක් කළොත් ඒකේ හොඳ ප්‍රතිඵල අපිට ඉක්මනින්ම අත් විඳින්නට හැකියි..... අපි හැමෝම මෙහෙම කළොත් මේ ලෝකෙ හරිම ලස්සන වෙයි නේද....? මේ වීඩියෝව ඒකට හොඳම උදාහරණය නේද....

ජීවිත කාලය සුන්දරයි

යස අවුරුදු 92ක් පමන වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුනා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුන අයුරක් පෙනුනා.
වයස අවුරුදු 70ක් පමන වූ ඔහුගේ බිරිද ටික කලකට පෙර ගොස් ඇති අතර එයින් පසු මෙපමන කලක් ඔහු තනිවම ඔහුගේ නිවසේ වාසය කර තිබෙනවා.
පැය කීපයක මහලු නිවාසයේ ආලින්දයේ රැදී සිටිය ඔහුට අවසානයේ ඔහුගේ කාමරය සූදානම් බව පැවසුවා. එවිට සතුටින් සිනාසුනු ඔහු හැරමිටියේ ආධාරයෙන් සෙමින් සෙමින් විදුලි සෝපානය දෙසට පැමිනියා.
කාමරයට පැමිනීමට පෙරම මම ඔහුට ඔහුගේ කාමරය විස්තර කලා.කාමරයේ ජනේල් වලට දමා ඇති තිර වල සිට සියලුම ලොකු කුඩා දේ විස්තර කර අවසානයේ ඔහු සතුටින් සිනා සුනා.
"මම එයට ගොඩාක් කැමති" සුරතල් බලු පැටවෙකු දුටු විට සතුටු වන අවුරුදු 8ක දරුවෙකු මෙන් මහත් උද්‍යෝගයෙන් ඔහු පැවසුවා.
"මහත්මයා ඔබ තවම ඔබගේ කාමරය දුටුවේත් නෑනේ, මදක් ඉවසන්න ,තව ටිකකින් අපි ඔබේ කමරයේ."මම ඔහුට කීවා. ."මම මගේ කාමරයට කැමති වීමට එය සියැසින් දැකීම අවශ්‍ය නෑ දරුවා" ඔහු පිලිතුරු දුන්නා.
"සතුට කියන දේ මම කලින්ම තෝර ගන්නවා,කාමරයට මම කැමතිද නැද්ද කියන දේ කාමරයේ තියන ගෟහ භාණ්ඩ මතවත් කාමරයේ ඇති සුන්දර දේවල් මතවත් රදා පවතින්නේ නෑ...එය රදා පවතින්නේ ,මම එම කාමරය දැකීමට බලාපොරොත්තු වන ආකාරය මතයි."
"මම මගේ කාමරයට ඉතා කැමති බවට මේ වන විට තීරණය කර අවසානයි,සෑම දිණයකම උදෑසන අවදි වන විට මම එම තීරණය ගන්නවා"
"අවශ්‍ය නම් මට උදෑසන නින්දෙන් අවදි වුනු මොහොතේ පටන් යහන මතට වී මගේ දුර්වල ශරීරයේ රිදුම් දෙන ස්ථාන ගණන් කරමින් ඒ ගැන දුක් වෙමින් ඉන්න පුලුවන්,එහෙමත් නැත්නම් වයස 92ක් වූ පසුවත් මගේ ශරීරයේ හොදින් ක්‍රියා කරන ස්ථාන ගැන සිතමින් සතුටු වෙන්න පුලුවන්"
"ජීවිතයේ සෑම දිනයක්ම ත්‍යාගයක්...මට මගේ ඇස් දෙක විවෘත කරන්න පුලුවන් ඒ සෑම දිනකම මම මගේ නව දවස පිලිබදව අවධානය යොමු කරනවා, පුරා මා ලබා ඇති සුන්දර මතකයන් සිහිපත් කරනවා"
ජීවිතයේ සතුට සදහා පහත කරුණු සිතට ගන්න.
1. ඔබේ හදවතින් වෛරය ඈත් කරන්න
2. ඔබේ සිතෙන් ශෝකය ඉවත් කරන්න
3. ජීවිතය සරල කර ගන්න
4. වැඩියෙන් දෙන්න
5. අඩුවෙන් බලාපොරොත්තු වන්න.

ධණවත් පියා

රුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් තමන්ගේ උපාධි ප්‍රධානෝත්සවයට සූදානම් වෙමින් තිබුනා. මේ දිනවල නගරයේ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක නවීන පන්නයේ මෝටර් කාර් රථයක් ප්‍රදර්ශනය කල අතර තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මේ කාර් රථයට බෙහෙවින් ඇලුම් කලා. ඔහු දන්නවා ඔහුගේ පියාට බොහොම පහසුවෙන් මේ කාර් රථය තමන්ට මිලදී දෙන්න පුලුවන් බව මොකද ඔහු ධණවත් ව්‍යාපාරිකයෙක්. ඉතින් මොහු නොයෙක් වර පියාට මතක් කලා තමන්ට ඒ කාර් රථය අවශ්‍ය බව.
උපාධි ප්‍රධානෝත්සව දවස උදා වුනා තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නොඉවසිල්ලෙන් බලා සිටියා පියා තමන්ට ඒ කාර් රථය තෑගි කරයි කියලා. අවසානයේ පියා තම පුත්‍රයාට ඔහුගේ පෞද්ගලික කාමරය අඬ ගැසුවා.
පියා තම පුත්‍රයාට පැවසූවා තමන් ඔහු ගැන කොපමන ආඩම් බර වෙනවාද කියා..තමන් ඔහුට කොපමන ආදරේද කියා. ඔහු තම පුතාට ඉතා අලංකාර ලෙස ඔතා තිබුනු තෑගි පාර්සලය තෑගි දුන්නා. මදක් කුතුහලෙන් සහ මදක් නොරිස්සුම් සහගත ලෙස පුතා එම පාර්සලය විවෘත කලා. එහි තිබුනේ ඉතා අලංකාර බයිබලයක්,ඒ මත ඔහුගේ නම රන් අකුරින් පින්තාරු කර තිබුනා.
"ඔයාට ඔච්චර තියෙන සල්ලි වලින් මට අරන් දෙන්න පුල්ලුවන් වුනේ මේ බයිබලයක් විතරද" කෝපයෙන් කෑ ගැහුව පුතා බයිබලය මේසය මතට විසි කර ගෙදරින් පිට වුනා.
වසර ගණනාවක් ගත වුනා...වෘත්තීමය වශයෙන් විශාල වශයෙන් සාර්ථක වුනු ඔහු ඉතා සාර්ථක පවුල් දිවියක් ගත කලා.කාලය ගතවෙනකොට මෙයාට කල්පනා වුනා දැන් ඔහුගේ පියාට ගොඩක් වයස බව.උපාධි ප්‍රධානෝත්සව දවස දා සිට මේ වන තෙක් ඔහු පියාව මුන ගැසී තිබුනේ නෑ. පියාව මුන ගැසීමට යාමට සිතා සිටියත් අධික කාර්යබහුලත්වය නිසා මොහුට යන්න ලැබුනේ නෑ නමුත් මොහු පියාව මින් ගැසීමට යාමට කලින් දිනක් මොහුට විදුලි පුවතක් ලැබුනා,ඉන් කියවුනේ ඔහුගේ පියා මියගිය බව. මිය යනවිට ඔහුගේ දේපොල සියල්ල පුතාට පවරා තිබුනා.
ඔහු පියාගේ නිවසට ගියා.පියාගේ මරණයෙන් ඔහුගේ සිත ශෝකයෙන් පිරී තිබුනා...පියාව අවසන් කාලයේ රැක බලා නොගැනීම පිලිබද වරදකාරී සිතුවිලි ඔහුගේ සිතේ තිබුනා.
ඔහු පියාගේ වැදගත් ලියකියවිලි පරීක්‍ෂා කිරීමට පටන් ගත්තා ඔහු දැක්කා ඒ අතර තිබුනු තවමත් පරණ නොවූ බයිබලය. උපාධි ප්‍රධානෝත්සව දවසදා ඔහු එය අත් හැර ගිය ආකාරයටම එය තිබුනා. කදුලු පිරුනු දෙනෙතින් එය අතට ගත් ඔහු එහි පිටු එකිනෙක පෙරලුවා. ඔහු එසේ පෙරලන විට ඒ තුල තිබුනු යමක් බිම වැටුනු අතර පරීක්‍ෂා කිරීමේදී ඒ කාර් රථයක යතුරක් බව පෙනුනා. එහි ලේබලයක් තිබුනු අතර එය පරීක්‍ෂා කිරීමේදී එහි තිබුනේ ඔහු විශ්ව විද්‍යාලයේ අවසන් වසර ඉගෙනුම ලබන කාලයේ නවීන පන්නයේ මෝටර් කාර් රථයක් ප්‍රදර්ශනය කල මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ නමයි, තව දුරටත් පරීක්‍ෂා කිරීමේදී එහි දිනයක් සදහන් කර තිබූ අතර ඒ දිනය වූවේ ඔහුගේ උපාධි ප්‍රධානෝත්සව දවසයි. .

ආදරය

වසක් පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක් එක්ක මෝටර් බයිසිකල් එකක ගමනක් යමින් සිටියා...
ගෑණු ළමයා : අනේ ටිකක් ස්ලෝ කරන්නකෝ...
පිරිමි ළමයා : (සිනා සෙමින්) නෑ මෙහෙම හයියෙන් යන එක මරුනේ...
ගෑණු ළමයා : (බියෙන්) අනේ නවත්තන්නකෝ...
පිරිමි ළමයා : එහෙනම් මට කිස් එකක් දෙන්න
ගෑණු ළමයා පිරිමි ළමයාව සිප ගනී
පිරිමි ළමයා : එහෙනම් දැන් කියන්න මට ආදරෙයි කියලා
ගෑණු ළමයා : මම ඔයාට ආදරෙයි පැටියෝ දැන් ස්ලෝ කරන්නකෝ...
පිරිමි ළමයා : මගේ හෙල්මට් එක අරගෙන ඔයා දා ගන්නවද...ඒක මහ වදයක්...
ගෑණු ළමයා පිරිමි ළමයාගේ හෙල්මට් එක ගලවා එය ඇය පැලද ගනී ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀ ඊලග දිනයේ පුවත්පත් වල පහත පුවත පල වුනා
ඊයේ XXXXX නගරයේ මෝටර් බයිසිකල් අනතුරක් සිදු වුනා. වේගය පාලනය කර ගත නොහැකි වූ මෝටර් බයිසිකලයක් පාරෙන් ඉවතට පැන ගොඩනැගිල්ලක හැපීමෙන් මෙම අනතුර සිදු වුනා. අනතුර සිදු වන විට මෝටර් බයිසිකලයේ තරුණයෙකු සහ තරුණියක් ගමන් කරමින් සිටි අතර අනතුරින් තරුණියගේ දිවි ගැලවුනු නමුත් හෙල්මටයක් පැලද නොසිටි තරුණයා මරණයට පත් වුනා. ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀ සත්‍ය වශයෙන්ම සිදු වූ දේ
ගමන ආරම්භ කර මද දුරක් යන විට මෝටර් බයිසිකලයේ තිරිංග ක්‍රියා විරහිත බව පිරිමි ළමයා දැන ගත් නමුත් එය ගැහැණු ළමයාට පවසා ඇයව බියපත් කිරීමට ඔහු අකමැති විය. එම නිසා ඇයගෙන් අවසාන හාදුව ලබා ගත් පිරිමි ළමයා අවසන් වතාවට ඇයගේ මුවින් "මම ඔයාට ආදරෙයි" කියා ඇසුවේය. අවසානයේ හෙල්මටය ගැහැණු ළමයාට පැලදුවේ අනතුරක් සිදු වුවහොත් තමා මරණයට පත් වූවත් ඇයගේ දිවි බේරා ගැනීමටයි.

“Think differently & positively in Life…”අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ ‏

න්ධ පිරිමි ළමයෙක් පාර අයිනේ වාඩි වී සිටියා. ඔහු ඉදිරියෙන් පරණ තොප්පියක් තබා තිබුනු අතර ඒ තුල මිනිසුන් විසින් ආධාර ලෙස ලබා දුන් කාසි කීපයක් තිබුනා. පසෙකින් වූවේ බෝඩ් ලෑල්ලක්. එහි මෙසේ සටහන් වී තිබුනා.
"මම අන්ධයි..මට උදව් කරන්න"
පාරේ ගමන් කල මිනිසෙක් ඒ අසල නැවතී කාසි කීපයකින් අන්ධ ළමයාට ආධාර කලා. ඉන්පසු බෝඩ් ලෑල්ල අතට ගත් ඔහු එහි අනෙක්පස වචන කීපයක් සටහන් කර පාරේ මගීන්ට පෙනෙන ලෙස යලිත් තැබුවා.
ආගන්තුක මිනිසා බෝඩ් ලෑල්ලේ යමක් සටහන් කල පසු ළමයාට වැඩි වැඩියෙන් ආධාර ලැබුනා.තොප්පිය මුදල් වලින් පිරී යෑමට පටන් ගත්තා. පාරේ ගමන් කල බොහෝ මගීන් කීයක් හෝ තොප්පියට දමා යාමට අමතක කලේ නෑ.
මද වේලාවකින් ආගන්තුක මිනිසා ඔහු කල වෙනසේ ප්‍රථිඵල බලන්න යලිත් පැමිනියා. ඔහුගේ අඩි ශබ්දයට අනූව අන්ධ පිරිමි ළමයා ඔහුව හදුනා ගත්තා.
"ඔබද මගේ බොඩ් ලෑල්ලේ යමක් සටහන් කලේ? ඒ මොහොතේ ඉදන් මට ගොඩක් ආධාර ලැබුනා ඔබ සටහන් කලේ මොකද්ද? " අන්ධ පිරිමි ළමයා ඇහුවා.
"මම ලිව්වේ ඔබ පිලිබද ඇත්ත...කලින් බෝඩ් එකේ ලියලා තිබුනු දේම මම වෙනත් විදියකින් ලිව්වා" මිනිසා පිලිතුරු දුන්නා.
මිනිසා බෝඩ් ලෑල්ලේ ලියා තිබුනේ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියාලයි.
කලින් ලියා තිබුනු දේ සහ පසුව ලියූ දේ අතර වෙනසක් ඔබ දකිනවාද? පලමුව ලියා තිබූ "මම අන්ධයි..මට උදව් කරන්න" කියන දෙයින් කිව්වේ පිරිමි ළමයා අන්ධයි කියලා පමනයි. නමුත් දෙවනුව ලියූ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියන දෙයින් අනෙක් මිනිසුන්ට ඔවුන් අන්ධ නොවන නිසා ඔවුන් කොපමන වාසනාවන්තදැයි පැවසුවා. ඉතින් ඔහුට ලැබුනු ආධාර දෙගුණ තෙගුණ වීමට පුදුම විය යුතුද?

ඔබ සතු දේවල් අගය කරන්න...ඒවාට ස්තූතිවන්ත වන්න..නිර්මාණශීලී වන්න...යමක් දෙස හැම දෙනාම නොබලන අලුත් කෝණයකින් බැලීමට හුරු වන්න.

ජීවිතය ඔබට හැඩීමට හේතු 100ක් දෙන විට ඔබ සිනා සීමට හේතු 1000ක් ඇති බව ජීවිතයට පෙන්වන්න.


A blind boy sat on the steps of a building with a hat by
his feet. He held up a sign which said: 'I am blind, plz
help me. There were only a few coins in the hat.
A man was walking by. He took a few coins from his
pocket & dropped them into the hat. He then took the sign,
turned it around, & wrote some words. He put the sign back
so that everyone who walked by would see the new words.
Soon the hat began to fill up. A lot more people were giving
money to the blind boy. That afternoon the man who had
changed the sign came to see how things were. The boy
recognized his footsteps & asked, 'Were you the one who
changed my sign this morning? What did you write?'

The man said, 'I only wrote the truth. I said what you said
but in a different way.' What he had written was: 'Today
is a beautiful day & I cannot see it.'
Do you think the first sign & the second sign were saying
the same thing….? Of course both signs told people that
the boy was blind. But the first sign simply said the boy
was blind. The second sign told people they were so lucky
that they were not blind. Should we be surprised that the
second sign was more effective?
Moral of the Story:
Be thankful for what you have.
Think differently & positively.
 
When life gives you 100 reasons to cry,
Show life that you have 1000 reasons to smile.
 
“In the journey of life, if you want to travel without fear,
  You must have the ticket of a good conscience…..!!!'

මිනිස්කම

දිනක් රාත්‍රියේ 11.30ට පමන ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක් අයිනේ, ඇදහැලෙන දැඩි වර්ෂාව මධ්‍යයේ කලු ජාතික කාන්තාවක් සිටගෙන සිටියා. ඇයගේ මෝටර් රථය කාර්මික දෝෂයකට ලක් වී තිබූ අතර රථය පන ගැන්වීමට ගත් සියලුම උත්සාහයන් ව්‍යර්ත වූ නිසා මාර්ගයේ ධාවනය වන වෙනත් රථයකින් උදව් ඉල්ලිමයි ඇගේ අරමුන වූයේ.
මාර්ගයේ ධාවනය වූ රථ බොහොමයකට සංඥා කලත් ඒ කිසිවක් ඇය සදහා නතර වූයේ නෑ.1960 දශකය කලු-සුදු ගැටුම් බහුල සමයක් වූ නිසා එය පුදුමයට කරුණක් නොවේ.
අවසානයේ තරුණ සුදු ජාතික මිනිසෙකු ඇයගේ සංඥාවට නතර වූ අතර ඇයට ආරක්‍ෂාකාරීව කැබ් රථයක් කරා යාමට ඔහු උදව් කලා. කලු ගැහැනිය ලොකු හදිසියකින් සිටි බව පෙනුනු අතර වෙන් වන විට ඇය ඔහුගේ ලිපිනය සටහන් කර ගත්තා.
දින කීපයක් ගත වුනා. හදිසියේම දිනක් පුද්ගලයෙකු තරුණ සුදු ජාතික මිනිසාගේ නිවසට පැමින විශාල පාර්සලයක් ඔහුට ලබා දුන්නා. පාර්සලය තුල වූයේ විශාල වර්ණ රූපවාහිනියක් වූ අතර ඒ සමග කුඩා ලිපියක්ද තිබුනා.
"මහමග අතරමං වී සිටි මට උදව් කල ඔබට බොහෝම ස්තූතියි.එදා වර්ෂාවෙන් මගේ ඇදුම් පමනක් නොවේ මුලු ආත්මයම තෙත බරිත වෙලයි තිබුනේ.එදින ඔබ නිසා මගේ ස්වාමියා මිය යන මොහොතේ මට ඔහු අසල සිටීමට හැකි වුනා. ඔබට දෙවි පිහිටයි!!! මෙයට, Mrs. Nat King Cole. (කලු ඇමරිකානු ප්‍රසිද්ධ ජෑස් සංගීත වේදියෙකු ගේ බිරිද)
ඔබට හැකි සෑම විටම තවත් පුද්ගලයෙකුට උදව් කිරීමට ඇති අවස්ථාව මග නොහරින්න.

අවංක ආදරය ප්‍රකාශ කරන්න බිය වන්න එපා

තකොට මම සාමාන්‍ය පෙල. ඒ කාලෙ අපේ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි මූන දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න ඕනෙ කියලා.ඒත් එයාට ඒ බව තේරුණේ නෑ.
දවසක් පංතිය ඉවර උනාම එයා මං ලගට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. "මම ඔයාට ආදරෙයි" කියලා කියන්න කොච්චර හිතුනත් හිතේ තිබුන ලැජ්ජාව නිසා මට ඒ බව එයාට කියන්න බැරි උනා.මම දන්නේ නෑ ඒ ඇයි කියලා. 

ඒ වෙනකොට මම උසස් පෙල.දවසක් මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය ඉකිබිදිමින් පැවසුවා ඇගේ ආදරය බිදුනු බව. ඇයට ඒ දුක තනියම දරා ගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. ඇය හමුවුනාම ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඔයාට ආදරෙයි" කියලා කියන්න බැරි උනේ මගේ ලැජ්ජාව නිසා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. 

කාලය ගත වුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ පලමු වසර.ඒ වෙනකොට ඇයට පෙම්වතෙක් හිටියා. දිනක් ඔවුන් දෙදෙනා හමුවීමට සිටියත් අසනීපයක් නිසා ඔහු පැමිනියේ නෑ. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "ඔයා දන්නවද, මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් මට මගේ හිතේ ඇය වෙනුවෙන් තිබුනු ආදරය ප්‍රකාශ කරන්න බැරි උනා. 

වසරින් වසර ගෙවී ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනය උදා වුනා. ඒ වන විට ඇය රූමත් තරුණියක්.උපාධිය ලබා ගැනීමට වේදිකාවට ගොඩ වූ ඇය දුටු මට හිතුනා අනේ ඇය මගේම උනා නම් කියලා.ඒත් ඇය එය නොදන්නා බව මම දැන සිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. වෙන් වී යන විට ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕනි උනා "ඔයා මට හොදම යාලුවෙකුටත් වඩා වැඩි කෙනෙක්" කියලා.නමුත් ඒ බව කියන්න මෙවරත් මට ආත්ම ශක්තියක් තිබුනේ නෑ.මම දන්නේ නෑ ඒ ඇයි කියලා. 

මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අද ඇගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නවා තවත් පුද්ගලයෙක් සමග.ඇයව මගේ කරගන්න මට ඕනි උනත් මට ඒක කර ගන්න බැරි උනා. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මම ඔයාට ආදරෙයි කියන්න හිතුනත් මෙවර ඒ සදහා මට ඉඩක් නෑ.
කාලය වේගයෙන් ගෙවී ගියා. දැන් මම ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත, මම රහසින් පෙම් කල, ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා. 

"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ බව තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්...." 

ඔබ කිසිවෙකුට අවංකව ආදරය කරනවා නම් ලැජ්ජාව බිය පසෙකලා පමා නොවී ඒ බව ඇයට/ඔහුට පවසන්න. ඔබේ පමාව නිසා ඒ අය ඔබට අහිමි උනොත් ජීවිත කාලය පුරාම ඒ පිලිබදව ඔබට පසුතැවීමට සිදු වේවි.

Tie a Yellow Ribbon Round the Old Oak Tree-කොන්දේසි විරහිත ආදරය

1971 දී ඇමරිකාවේ නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත(The NewYork Post ) ඇමරිකාවේ ජොර්ජියා ප්‍රාන්තයේ කුඩා නගරයක් වූ වයිට් ඕක්(White Oak) හි විසූ මිනිසෙකු පිලිබද සත්‍ය කතාවක් පල කලා.මොහු ලස්සන හොද ගැහැනියක් සමග විවාහ වී සිටි නමුත් කෙදිනකවත් ඇයව අගය කලේ නෑ.ඔහු හොද සැමියෙක් හෝ හොද පියෙකු නොවූ අතර බොහෝ දිනවල රාත්‍රියේ බීමතින් පැමින දරුවන්ටත් බිරිදටත් පහර දීමට පුරුදු වී සිටියා.
දිනක් මොහු තීරණය කලා නිව්යෝර්ක් නගරයට සංක්‍රමනය වී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, නමුත් ඔහු සතුව ප්‍රමානවත් මුදලක් තිබුනේ නෑ. අවශ්‍ය මුදල් ප්‍රමානය බිරිදගේ ඉතිරිකිරීම් වලින් සොරකම් කල මොහු බසයක නැගී නිව්යෝර්ක් බලා පිටත් වුනා.
නිව්යෝර්ක්හිදී මිතුරන් සමග එක් වී ඔහු ව්‍යාපාරයක් ආරම්භ කල අතර ඔහුගේ නව ජීවිතයේ ප්‍රධානත්වය ලබා දුන්නේ මත්පැන්, ගණිකාවන් සහ සූදුවටයි. ටික දිනක් යනතුරු ඔහු බොහෝ විනෝදයෙන් කල් ගෙව්වත් ඉතා ඉක්මනින් ඔහුගේ ව්‍යාපාරය බංකොලොත් වුනා.ජීවත් වීම සදහා නොයෙකුත් අකටයුතුකම් වලින් මුදල් සෙවීමට ඔහු පුරුදු වුනේ ඉන් පසුවයි. මොහු මුදල් ඉපයූ ප්‍රධාන මාර්ගයක් වූවේ හොර චෙක්පත් වලින් මුදල් වංචා කිරීම වූ අතර වැඩිකල් නොගොස් ඔහු පොලීසියට හසු වුනා.මොහුව උසාවියට ඉදිරිපත් කල පසු හිමි වුනේ වසර තුනක සිර දඩුවමක්. 

සිරගතවී සිටි අවසන් කාලයේ මොහුට නිවස සිහිපත් වූ අතර බිරිද සහ දරුවන් තමන් ලග නොමැතිකමේ හිදැස තදින්ම දැනුනා.අවසානයේ බොහෝ ආයාසයෙන් ධෛර්ය උපදවා ගත් ඔහු තමා කල දේවල් වලට සමාව ඉල්ලා තමන් ඔවුන්ට කොපමන ආදරේදැයි යන්නත් පවසා බිරිදට ලිපියක් ලිවීමට තීරණය කලා. බිරිද යලිත් තමාව පිලිගන්නා ලෙස ඔහු සිතින් ප්‍රාර්ථනා කලා.නමුත් ඔහුට වැටහුනා මේ වන විට තමා ප්‍රමාද වැඩි විය හැකි බව.ඉතින් ඔහු ඔහුගේ ලිපිය මෙසේ අවසන් කලා. 

"ඔයා මා වෙනුවෙන් බලා සිටිය යුතු නෑ.ඒත් ඔයා තවමත් මට ආදරේ කරනවා නම්, මම කල වරදවලට සමාව දෙන්න පුලුවනි නම් මට සලකුනක් තියන්න.ඔබට තවමත් මා අවශ්‍ය යැයි සිතනවා නම් මම නිදහස් වෙන දින නගරය මැද තියන විශාල නුග ගහේ කහ පාට රෙදි පටියක් බැද තියන්න. මම නගරයට පැමින නුග ගස පසු කර යන විට එහි කහ පාට රෙදි පටියක් නැති වුනොත් මම තේරුම් ගන්නම් ඔබේ ජීවිතයට යලිත් මම අනවශ්‍ය බව. මම බස් රථයෙන් බහින්නේ නැතිව කෙලින්ම මියාමි(Miami) බලා යන්නම්,නැවතත් කිසි දිනක ඔබේ ජීවිතයට නොපැමිනෙන්න මම පොරොන්දු වෙන්නම්" 

අවසානයේදී ඔහු පුල පුලා බලා සිටි ඒ දිනය උදා වුනා.ඔහු බොහෝ සේ කැලබී සිටියේ බිරිදගේ තීරණය කුමක් වේ දැයි සිතා ගැනීමට නොහැකි නිසයි.ඔහුට බිරිදගෙන් පිලිතුරු ලිපියක් නොලැබුන අතර අවම වශයෙන් ඇයට තමා යැවූ ලිපිය ලැබුනු බවටවත් සාක්‍ෂියක් නොමැති නිසා ඔහු බොහෝ දුර්මුඛ වුනා.
ඔහු මියාමි(Miami) බලා යන බසයකට ගොඩ වුනා. ඒ බසය ගමන් කරන්නේ ඔහුගේ මවු නගරය වන වයිට් ඕක්(White Oak) නගරය හරහායි.ඔහුගේ සිතේ තිබුනු කලබල ගතිය නිසා ඔහු ඔහුගේ කථාව බස් රථයේ ඔහු සමග ගමන් කල අනෙක් මගීන් සමග බෙදා ගත්තා.බස් රථයේ සිටි සෑම පුද්ගලයෙකුම ඔහුගේ කථාව දැන ගත් අතර ඔවුන් බස් රථයේ රියදුරාගෙන් ඉල්ලා සිටියේ වයිට් ඕක්(White Oak) නගරයේ නුග ගස අසලින් බසය සෙමින් ධාවනය කරන ලෙසයි. 

වයිට් ඕක්(White Oak) නගරය වෙත බස් රථය ලගා වන විට ඔහුගේ හදවතේ වේගය ගොඩක් වැඩි උනා. නුග ගස අසලින් ගමන් කරන එම අවස්ථාව දරා ගැනීමට අපහසු වූ නිසා මුහුන බිමට නැඹුරු කර ගත් ඔහු දෑස් පියා ගත්තා. නමුත් නුග ගහ ආසන්න වනවාත් සමගම බස් රථයේ මගීන් නැගූ ප්‍රීති ඝෝෂාව නිසා ඔහු හිස ඔසවා දෙනෙත් විවෘත කලා.දෙනෙතේ පිරී තිබුනු කදුලු කැට අතරින් දුටු දෙයින් ඔහු විශ්මයට පත් වුනා.
නුග ගසේ තිබුනේ එක් කහ පැහැති රෙදි පටියක් නොවේ,ගස පුරා කහ පැහැති රෙදි පටි සිය දහස් ගණනක් එල්ලී තිබුනා. 

මෙම කතා පුවත ඉතා ඉක්මනින් රට පුරා පැතිරුනා. Irwin Levine සහ L. Russell Brown යන ගීත රචකයන් දෙදෙනා මේ ඇසුරින් "Tie a Yellow Ribbon Round the Old Oak Tree" නමින් ගීතයක් රචනා කල අතර Dawn featuring Tony Orlando නැමති සංගීත කණ්ඩායම ගායනා කල මෙම ගීතය 1973දී ලොව පුරා ගීත දර්ශක රාශියක පලමු ස්ථානයේ රැදී තිබුනා. 2008 දී Billboard නම් ප්‍රකට සංගීත සගරාව විසින් සකස් කල ලොව මෙතෙක් නිර්මානය වූ විශිෂ්ඨම ගීත 100 අතුරින් 37වන ස්ථානය මෙම ගීතයට හිමි වුනා.
මෙම ගීතයට මෙම එකෙන් සවන් දෙන්න
මේ පිලිබදව වෙනත් මති මතාන්තර පවතින නිසා මෙහි සත්‍යතාවය 100% තහවුරු කල නොහැකි වුනත් මෙම කතාව කොන්දේසි විරහිත ආදරය පිලිබදව හොද නිදසුනක් සපයයි.කාලයත් සමග ආදරයේ නිර්වචනය බොහෝ සේ වෙනස් වී ඇත.වර්තමානය වන විට ආදරය භෞතික වස්තූන්/ලක්‍ෂණ මත පදනම්ව ඇති අතරම ආදරය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශණය කිරීම විලාසිතාවක්ව ඇත(තම පෙම්වතාට පෙම්වතියට ඇති ආදරය ෆේස්බුකියේ ස්ටේට්ස් එකක් ලෙස යෙදීමම මෙයට උදාහරණයක් නොවන්නේද?). සමාජයේ බහුතරයක් ආදරය යනු බොලිවුඩ් සිනමාපටයක ඇති බොලද ප්‍රේම කතාවක් ලෙස සිතා සිටී. මෙම කථාවේ එන ගැහැනිය අතීතයේදී තමාට බොහෝ හිරිහැර කල මිනිසාට සමාව දී ඔහුගේ ආදරය යලිත් පිලිගන්නේ ඇයගේ සිතේ ඔහු පිලිබද වූ කොන්දේසි විරහිත ආදරය නිසා නොවේද?

සමාව ගන්න බිය නොවන්න

හාචාර්යවරයෙක් වැඩිහිටියන් සදහා පවත්වපු පන්තියකදී දවසක් අමුතුම විදියේ පැවරුමක් ලබා දුන්නා. ඒ තමා ඊළග සතිය ඇතුලත තමන් ගොඩක් ආදරය කලත් කවදාවත් ඒ බව කියා ගන්න බැරි උන කෙනෙක් ලගට ගිහින් තමන් ඒ අයට ආදරෙයි කියලා කියන එක. මේ පැවරුම ඉතාමත්ම පහසු එකක් බව අපට පෙනුනත් අපි තේරුම් ගන්න ඕනි මේ පන්තියේ ඉන්නේ වයස අවුරුදු 35ට වඩා වැඩි අය බව.ඒ පරම්පරාවේ අය ගොඩක් දුරට කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිතේ තියන හැගීම් ප්‍රකාශ කිරීමේදී මැළි බවක් දක්වනවා. 

ඉතින් සතියකින් ඊළග පන්තිය පටන් ගත්තා. මහාචාර්යවරයා පන්තියටම ඇහෙන්න කිව්වා කවුරු හරි ගිය සතියේ දුන්න පැවරුම කරනකොට මුහුන දුන් අත්දැකීමක් පන්තිය ඉස්සරහට ඇවිත් විස්තර කරන්න කියලා.මහාචාර්යවරයා බලාපොරොත්තු උනේ කාන්තාවක් ඉස්සරහට ඒවි කියලා,මොකද මේ වගේ දේවල් වලට දක්‍ෂ කාන්තාවොනේ. නමුත් මහාචාර්යවරයා පුදුමයට පත් කරමින් පන්තිය ඉස්සරහට ආවේ වයස අවුරුදු 40ක් පමන වෙන පිරිමියෙක්. 

"මහාචාර්යතුමනි ඔබ ගිය සතියේ ඒ පැවරුම දුන්න වෙලාවේ මම ඔබත් එක්ක තරහින් හිටියේ. මට හිතුනේ නෑ ඒ විදියට ආදරෙයි කියලා කියන්නෙ ඕනි කෙනක් මගේ ජීවිතේ ඉන්නවා කියලා. අනිත් එක එහෙම කෙනෙක් හිටියත් එහෙම කියන්න කියලා මට කියන්න ඔබ කවුද කියලත් මට හිතුනා.ඒත් මම ගෙදර යන අතරතුර මගේ හෘද සාක්‍ෂිය මට කතා කලා. එය මට පැහැදිලිවම කිව්වා මම ආදරෙයි කියලා කියන්න ඕනි කාටද කියලා. 

වසර 5කට විතර කලින් මමත් මගේ පියාත් අතර බහින්බස් වීමක් ඇති වුනා. එදා ඉදලා ආයේ කවදාවත් අපි දෙන්නා සුහද උනේ නෑ. අපි දෙන්නා මුණ ගැහුනේ පවුලේ අය එකතු වෙන සාදයකදී විතරයි,ඒ හමු උනත් අපි වචන දෙක තුනකට වැඩිය කතා කරන්නේ නෑ.ඉතින් එදා රෑ වෙලා ගෙදර යනකොට මම තීරණය කලා මම ආදරෙයි කියලා කියන්න ඕනි මගේ තාත්තට බව. 

මම ගෙදර යනකොට මගේ බිරිද නිදාගෙන හිටියේ. මම ඇයව ඇහරවලා මේ බව කිව්ව ගමන් ඇය පැනලා මාව බදාගෙන මාව සිප ගත්තා. අපේ විවාහ ජීවිතයේ පලවෙනි වතාවට ඇය මගේ කදුලු දැක්කේ එදා.එදා ඈ අපි දෙන්නා ගොඩාක් රෑ වෙනකම් කෝපි බිබී කතා කර කර හිටියා.ඇත්තෙන්ම එය නියමයි.
පහුවදා ගොඩාක් ප්‍රබෝධමත් දවසක් උනා. උදේ පාන්දරම නැගිට්ට මම වෙනදට කලින් කාර්යාලයට ගියා. වෙනදා මුලු දවසෙම කරන වැඩ එදා මම පැය දෙකෙන් අවසන් කලා. 10ට විතර මම තාත්තාට දුරකථන ඇමතුමක් ගත්තා. තාත්තා ඇමතුමට පිලිතුරු දුන්නම මම ඇහුවා 

"තාත්තේ මට අද හවස 5.30ට තාත්තව හමුවෙන්න පුලුවන් ද?තාත්තට කියන්න දෙයක් තියනවා මට"
තාත්තා තරහින් "ඒ පාර මොනවද"කියලා ඇහුවා.
නමුත් මට වැඩි වෙලාවක් අවශ්‍ය නොවන බව ඒත්තු ගන්වන්න පුලුවන් උන නිසා ඔහු කැමති උනා හවසට හමු වෙන්න.
හවස 5.30 වෙනකොට මම තාත්තලගේ නිවසට ගියා. දොරට තට්ටු කරනකොට මට බය හිතුනා අම්මා ඇවිත් දොර අරී කියලා. ටික වෙලාවකින් තට්ටු කරනකොට දොර ඇරුනා,දොර ඇරියේ තාත්තා.මම කාලේ නාස්ති කලේ නෑ.
"මම ආවේ මම තාත්තාට ගොඩක් ආදරේ බව කියන්නයි"තාත්තා දෙසට පියවරක් තබන ගමන් මම කිව්වා.
මේ කතාව අහපු ගමන් තාත්තාගේ මූන ගොඩක් වෙනස් උනා,පෙන්නගෙන හිටිය තරහා මූන අයින් වෙලා ඉස්සර මට පුරුදු මගේ තාත්තගේ මූන මතු උනා.තාත්තාගෙ ඇස් වලට කදුලු ආවා.අඩන ගමන් තාත්තා කිව්වා. 

"පුතාට මමත් ගොඩක් ආදරෙයි පුතේ..ඒත් මට ඒක පුතාට කියා ගන්න පුලුවන් උනේ නෑ"කියලා.
තාත්තයි මමයි ගොඩක් වෙලා බදාගෙන හිටියා.ඒ වෙලාවේ මගේ අම්මත් ඇවිත් අපි දෙන්නව බදා ගත්තා.ඒක වචන වලින් විස්තර කරන්න බැරි මොහොතක්...මට ඒ වගේ සැනසිල්ලක් අවුරුදු ගාණකින් දැනිලා නෑ.... 

ඒත් මගේ කතාව එතනින් ඉවර නෑ. මම ඔහුගේ නිවසට ගිය දවසට දවස් දෙකකට පස්සේ ඔහුට හෘද්‍යාබාධයක් හැදුනා,ඔහු මට කවදාවත් කියලා නෑ ඔහුට හෘද්‍යාබාධයක් තියනවා කියලා. ඔහු තවම රෝහලේ. ඔහුට තවමත් සිහිය නෑ. වෛද්‍යවරුන්ට අනූව ඔහුගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි.
මට ඔයාලා හැමෝටම පණිවිඩයක් දෙන්න තියනවා.කරන්න ඕනි බව දන්න කිසිවක් කරන්න මොහොතක්වත් පමා වෙන්න එපා.හිතන්න මම තාත්තව මුනගැහෙන්න යන්නේ නැතිව හිටියා නම් ආයේ කවදාවත් මට ඔහුට කියන්න බැරි වෙන්න තිබුනා මම ඔහුට කොච්චර ආදරේද කියලා.ඒ නිසා කරන්න අවශ්‍ය දේ කරන්න ඔබේ කාලය මේ දැන්ම මිඩංගු කරන්න." කියමින් ඔහු කතාව අවසන් කලා.
ලොව පවතින සෑම සම්බන්ධයක්ම පවතින්නේ "අසම්පූර්ණ(Imperfect)" මිනිසුන්/ගැහැනුන් දෙදෙනෙකු අතරයි. එම නිසා ඔවුනොවුන් අතින් වැරදි සිදුවීම වැලැක්විය නොහැකියි. මෙවන් අවස්ථාවක සිත් රිදවීම් සිදුවන අතර සම්බන්ධතා දෙදරා යයි. සම්බන්ධතාවක් දෙදරා ගිය පසු බොහෝ විට සිදු වන්නේ සම්බන්ධතාවය යලි ඇරඹීමට අනෙකා පැමින සමාදාන වන තුරු බලා සිටීමයි.ඒ එකිනෙකා තුල ඇති ආත්ම අහංකාරය නිසායි.කාලය ගත වෙයි.මෙලොව පවතින සියලුම දේ අතුරින් අවිනිශ්චිතම දෙය නම් කාලයයි.
ඔබ යමෙකුගෙන් සමාව ගැනීමෙන් අදහස් කරන්නේ ඔබ වැරදි බව හෝ අනෙකා නිවැරදි බව හෝ නොවේ. එයින් අදහස් වන්නේ ඔබ තුල පවතින ආත්ම අහංකාරයට වඩා ඔබ දෙදෙනා අතර පවතින සම්බන්ධය වටිනා බවයි.

අම්මා සමග මොහොතක්

පි විවාහ වෙලා අවුරුදු 21ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිද මගෙන් ඉල්ලා සිටියා රාත්‍රී ආහාර වේලකට යන්න කියලා,ඒත් ඒ එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක. 

"මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩක් ආදරේ බව,සමහර විට මම ඔයාට ආදරේ කරනවට වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්නත් පුලුවන්,එයා ගොඩක් කැමති වෙයි ඔයා එක්ක රාත්‍රී ආහාර වේලකට ගිහිල්ලා ඔයා එක්ක ටිකක් කාළය ගත කරන්න""" 

මගේ බිරිද අදහස් කල අනෙක් කාන්තාව තමා මගේ අම්මා. අවුරුදු 19කට කලින් තාත්තා අපිව දාල ගියාට පස්සේ වැන්දඹුවක් විදියට කාලය ගත කල ඇයත් සමග මට ගත කරන්න උනේ බොහොම පොඩි කාලයක්. ඒකට හේතු වුනේ මගේ රැකියාවේ කටයුතුයි වලටයි මගේ දරුවෝ තුන් දෙනාගේ වැඩ කටයුතුයි වලට මගේ කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරන්න සිදු වීම... 

ඉතින් එදා රෑ මම අම්මට දුරකථන ඇමතුමක් ගත්තා රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන්න.
"ඇයි පුතා මේ මහ රෑ? මොකක් හරි කරදරයක්ද? ඔක්කොමලා හොදින් ඉන්නවා නේද?"
ඒ අම්මගේ හැටි,අවේලාවේ දුරකථන ඇමතුමක් ගත්තොත් අම්මා කතා කරන්න පටන් ගන්නේ එහෙම අහලා.
"මම කැමතියි අම්මාව මුන ගැහිලා කතා කරන්න...අපි දෙන්නා විතරක්...අපි සිකුරාදට රෑ කෑම ගන්න එලියට යමුද අම්මේ?" 

"මම ඒකට ගොඩක් කැමතියි පුතේ"ටිකක් වෙලා නිශ්ශබ්දව හිටිය අම්මා කිව්වා.
සිකුරාදා වැඩ අවසන් වෙලා මම අම්මව ගන්න අම්මගේ ගෙදරට යන්න පිටත් වුනා. ඒ වෙනකොට මම ටිකක් නොසන්සුන් වෙලා හිටියේ,ඒ තරමටම අම්මයි මමයි දුරස් වෙලා... අම්මගේ ගෙදරට යනකොට අම්මත් ලෑස්ති වෙලා හිටියා,තාත්තත් එක්ක අවසන් වතාවට විවාහ සංවත්සරේ සමරපු දවසේ අම්මා ඇදපු ඇදුම තමා ඇය ඇදගෙන හිටියේ. 

අම්මා මාත් එක්ක හිනා වුනා...ඇගේ ඇස් වල අමුතු දීප්තියක් තිබුනා.
"මම මගේ යාලුවන්ට කිව්වා අද මම පුතා එක්ක රෑ කෑමට යනවා කියලා...එයාලට ගොඩක් සතුටුයි..." අම්මා සතුටින් කිව්වා. 

අපි අවන්හලකට එකකට ගියා.ඒක ගොඩක් විශාල එකක් නොවුනත් නිස්කලංක සුව පහසු එකක්. අසුන් ගත්තට පස්සේ මෙනු එක අතට ගත්ත මම ඒක කියෙව්වේ අපට කෑමට යමක් ඇනවුම් කරන්න... ටික වෙලාවකින් අම්මා දිහා බලනකොට මම දැක්කා අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා,ඇස් වල හීනියට කදුලු පටලයකුත් තිබුනා. 

"පුතා පොඩි කාලේ තාත්තා එක්ක රෑ කෑමට ගියාම මමයි මෙනු එක කියෙව්වේ" මද සිනාවක් සමග අම්මා කිව්වා.
එදා අම්මයි මමයි ගොඩක් දේවල් කතා කලා.මම පොඩි දවස් වල විස්තර,අපේ පවුලේ විස්තර,අපේ අසල්වැසියෝ ගැන විස්තර,අම්මාගේ යාලුවෝ ගැන විස්තර වගේ ගොඩක් දේවල් අපි කතා කලා. අම්මා ගොඩක් හිනා වුනා...එයා ලොකු සතුටකින් ඉන්න බවක් පෙනුනා. අපි එන්න පිටත් වෙනකොට මධ්‍යම රාත්‍රියටත් කිට්ටු වෙලා. 

"පුතා කැමති නම් විතරක් අපි තව දවසක් මෙහෙම රෑ කෑමට යමුද"?" අම්මා හෙමීට ඇහුවා.
"ඔව් අම්මේ අපි තව දවසක් යමු,මමත් ගොඩක් කැමතියි අම්මා එක්ක නිදහසේ කතා කරන්න" මම කිව්වා.
ගෙදර ආවට පස්සේ බිරිද ඇහුවා රාත්‍රී ආහාරය කොහොමද කියලා. "
ගොඩාක් හොදයි...කියන්න වචන නෑ,අම්මටත් ගොඩක් සතුටුයි...තව දවසක් අම්මව එක්කගෙන යන්න ඕනි" මම කිව්වා. "
නමුත් මගේ ඒ ආශාව ඉටු කර ගන්න ලැබුනේ නෑ..මොකද ඒ සතියේම අම්මා හදිසියේ මිය ගිය නිසා. අම්මගේ අවසන් කටයුතු අවසන් වෙලා අපි ගෙදර එන්න පිටත් වෙනකොට අම්මා ගොඩක්ම ලගින් ආශ්‍රය කල ඇගේ මිතුරිය මගේ ලගට ඇවිත් ලියුම් කවරයක් මගේ අතින් තිබ්බා,ගෙදර ආපු මම ඒ ලියුම් කවරේ විවෘත කලා. "

ලියුම් කවරේ ඇතුලේ තිබුනේ එදා අම්මයි මමයි රාත්‍රී ආහාරය සදහා ගිය අවන්හලේ වෙනත් බිල් පතක්. ඒත් එක්කම අමුනා තිබුනු සටහනක මෙහෙම තිබුනා "
පුතේ, "
මම තව රාත්‍රී ආහාර වේලකට ආසන වෙන් කලා.ඒත් මට පුතා එක්ක එන්න ලැබෙයිද දන්නේ නෑ,ඒත් මම ආසන දෙකක් වෙන් කලා එකක් පුතාට අනික පුතාගේ බිරිදට."
එදා මගේ පුතා එක්ක ගත කරපු කාලේ මට කොච්චර වටිනවද කියන්න මට වචන නෑ පුතේ,මගේ පුතාට මම ගොඩක් ආදරෙයි. "
මට ඒ මොහොතේ වැටහුනා අපි ආදරේ කරන අය වෙනුවෙන් කාලය මිඩංගු කිරීමේ වැදගත් කම. ජීවිතේ අපිට තියන වැගත්ම දේ තමා අපේ පවුල.ඒ අය වෙනුවෙන් ඒ අයට අවශ්‍ය මොහොතේ කාලය වැය කරන්න අපට නොහැකි උනොත් ජීවිත කාලයම ඒ වෙනුවෙන් පසු තැවෙන්න අපට සිදු වෙවි. විශේෂයෙන් ඔවුන් ගේ තරුණ සමය අප වෙනුවෙන් කැප කර දැන් ජීවිතයේ සැදෑ සමය තනිවම ගෙවන අපේ මවුපියන් වෙනුවෙන්

█ ♥ █ ♥ █ දික්කසාදය █ ♥ █ ♥ █

ම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ. අපේ මංගල රථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට නිවස දක්වා ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි. 

ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේ බොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිද සේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකම පුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපි දෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩු වෙන බවක් මට තේරුණා. 

ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..
ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත් තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබා දෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදට කරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොට මගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත් කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන් මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ. 

නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේ කොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවට පත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොද බිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩ අවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා, ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නට ඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන් මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ. 

දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවා කියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා. ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා 

ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේ සේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන් කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත් සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක් ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මම දුටුවා. 

එදින සවස ඈන් කාර් යාලයට ආවා.
"ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇය දෑස් අඩවන් කරලා කිව්වා.
මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලා බිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.
"බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"
ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියන වේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා. ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේ ඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේ ඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි, 

"ඇයි" 

මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා.
"ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.
ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මට ඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දිය යුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙන ආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.
ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථය සහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලා එය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක් දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ. 

පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක් හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒ ඇගේ දික්කසාද කොන්දේසි. ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා. ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වා තිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහු නිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇය දන්වා සිටියා.

මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා
"ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"
මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේ විවාහ දවසට ඇදිලා ගියා.
"හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.
"ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා.
"මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවස දක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ"
"හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.
පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එය මහ මෝඩ ඉල්ලීමක් බවයි.
"එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල් සහගත ලෙස පැවසුවා.
දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන් ඒ අවස්ථාවට මුහුන දුන්නේ.
"මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන් දෙමින් කෑ ගැසුවා.
ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.
"අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින් පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.
දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපි දෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුව සිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙස රැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.
තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"
හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටිය පෙම්වතුන් යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මට වැටහුනා. 

පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම් දේවල් පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩි පොඩි දේවල්. මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේ නෑ.
දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මම ශක්තිමත් වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇය අදින්න ඇදුමක් තෝරනවා. ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,
"බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනා සුනත් මට තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වන නිසා මිසක් මම ශක්තිමත් වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙන සිටින බව මට වැටහුනා.මට ඇය ගැන දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අත ගෑවා. මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා 

"තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා.
මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගට එන්න කියලා පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලු ඇය දකීවි කියලා.දික්කසාදය පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවා ගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහ දිනයේදී වගේ.
දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බව තේරුනා. අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.
"මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේ දෑස් වල කදුලු පිරිලා. "අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේ සිරුරට තද කර ගන්න ගමන් කිව්වා.
මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට, මෝටර් රථයෙන් බැස්ස මම ගියේ ඈන් ලගට.
"මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනා සුනා.
"මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"
ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා.
"ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.
"මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහ ජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල් වල තියන අගය තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේ ඔසවාගෙන ආපු මොහොතේ ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයව ඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙන යනකොට,මට සමාවෙන්න"""
ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇය හඩමින් කාර්යාලයෙන් ඉවතට දිව ගියා.
මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව. ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක් ඇනවුම් කලා.මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්න කියලා. 

"මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා.

█ ♥ █ ♥ █ ආදරය ප්‍රකාශ කිරීම █ ♥ █ ♥ █

ට පෙම්වතෙක් හිටියා,එයාගේ නම ජින්. අපි දෙන්නා පොඩි කාලේ ඉදලම එකටමයි හැදුනේ වැඩුනේ. පහුගිය වසර වෙනකන් අපි දෙන්නා හොද යාලුවෝ වගේ හිටියත් පාසලෙන් ගියපු විනෝද චාරිකාවක් අතර තුර අපි දෙන්නා පෙම්වතුන් බවට පත් වුනා. සාමාන්‍ය විදියට නම් වෙන්නේ පිරිමි ළමයා ගෑණු ළමයට ආදරේ ප්‍රකාශ කිරීම වුනත් අපි දෙන්න ගෙන් මුලින්ම ආදරේ ප්‍රකාශ කලේ මම...විනෝද චාරිකාව අතරතුර මට තේරුනා මම ඔහුට ආදරය කරන බව,මම චාරිකාව නිම වෙන්නත් කලින් ඔහුට ඒ බව ප්‍රකාශ කලා,අපි පෙම්වතුන් වුනා.
අපි දෙන්නා පෙම්වතුන් වුනත් අපි දෙන්නා එකිනෙකාට ආදරේ කලේ වෙනස් විදියට.. මට හැම මොහොතම ඔහුත් සමග ගත කරන්න අවශ්‍ය වුනත් ඔහුට එහෙම උනේ නෑ. ඔහුට මිතුරියන් ගොඩක් හිටියා,මගේ ලෝකෙ එකම පිරිමියා ඔහු පමනක් වුනත් ඔහුගේ ලෝකයේ මම තවත් එක කෙල්ලෙක් විතරක්ද කියලා හිතුන වාර අනන්තයි.
"ජින් අපි අද ෆිල්ම් එකක් බලන්න යමුද" දවසක් මම ඇහුවා
"මට බෑ"
"ඇයි? පාඩම් කරන්න තියනවද?"
"නෑ යාලුවෙක් හම් බෙන්න යන්න තියනවා"

ඔහුගේ හැසිරීම් ඒ වගේ. ඔහු මගේ ඉදිරියෙදිම ඔහුගේ මිතුරියන්ව මුන ගැහෙනවා,ඔහුට මාව තවත් එක "ගෑණු යාලුවෙක්" පමනක් බවයි මට හිතුනේ.ආදරේ කියන වචනය පිට වුනේ මගේ කටින් විතරයි,මම දන්න කාලේ ඉදලම එකම එක වරක්වත් ඔහුගේ කටින් ආදරේ කියන වචනය පිට වෙලා නෑ. එයා කවදවත් "මම ඔයාට ආදරෙයි" කියලා නැති උනත් හැමදාම එක දෙයක් කලා,ඒ මට හැමදාම බෝනික්කෙක් දෙන එක,අපි හමුවෙලා සමුගන්න හැම වෙලාවෙම ඔහු මට බෝනික්කෙක් දුන්නා. කවද හරි අපිට හමු වෙන්නෙ බැරි උනොත් අපේ ගෙදර ලගට ඇවිල්ලා හරි ඒ බෝනික්කව මට දෙන්න ඔහු වග බලාගත්තා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
එක දවසක්,
මම : "ම්ම්ම්ම්...ජින්..."
ජින් : "ඇයි? ඇද ඇද ඉන්නේ නැතිව කෙලින්ම කියන්නකෝ"
මම : "මම ඔයාට ආදරෙයි"
ජින් : "ම්ම්ම්..... මෙන්න මේ බෝනික්කව අරගෙන ගෙදර යන්න"
ඔහු එහෙමයි "ආදරේ" කියන වචනය නොසලකා හැරියේ,බෝනික්කව මට දෙන ඔහු ඊට පස්සේ ගොඩක් ඉක්මනින් මගෙන් ඈත් වෙලා යනවා,හරියට මගෙන් පැනලා දුවනවා වගේ.

මෙහෙම දවසින් දවස ගෙවිලා ගිහින් මගේ 18 වෙනි උපන් දිනෙත් ලැබුවා. උදේ අවදි වුන මම ඔහුත් එක්ක මගේ උපන් දිනය සැමරීමට නගරයේ අවන්හලකට යන ගමනක් ගැන සිහින මැව්වා. මගේ උපන් දිනයට සුභ පතා ඔහුගෙන් ඇමතුමක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියා. පැයෙන් පැය ගෙවී ගොස් රාත්‍රියත් උදා වුනා,ඒත් තවම ඔහුගෙන් ඇමතුමක් නෑ. අවසානයේ රාත්‍රී 9ට පමන ඔහුගේ ඇමතුම පැමිනියා,
"පොඩ්ඩක් එලියට එනවද" ඔහුගේ ඇමතුම එපමනයි.
කෙතරම් ප්‍රමාද වී හෝ ඔහු ඇමතුමක් ලබා දීම පිලිබද ප්‍රීතියෙන් මම ඔහු හමු වීමට නිවසින් එලියට පැමිනියා. ඔහු එලියට වී බලා සිටියා,
මම : "ජින්..."
ජින් : "ආ...මේන ගන්න..."
ඔහු මට තව බෝනික්කෙක් දුන්නා
මම : "මේ මොකද්ද?"
ජින් : "දවල් මේක දෙන්න බැරි උනානේ,ඒකයි මම මේක දෙන්න ආවේ,මම යනවා,බායි."
මම : "යන්න එපා,ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා?"
ජින් : "අද? මොකද්ද?"
මට ගොඩක් දුක හිතුනා...මම හිතුවා ඔහුට මගේ උපන් දිනේ මතක ඇති කියලා,ආපසු හැරුනු ඔහු යන්න ගියා
මම : "ජින්...ජින්..ඉන්න"
ජින් : "ඇයි? මොනවා හරි කියන්න තියනවද?"
මම : "මට කියන්න ඔයා මට ආදරෙයි කියලා"
ජින් : "මොකක්?"
මම : "කියන්න......""

මම ඔහුට යන්න නොදී ඔහුගේ ඇගේ එල්ලුනා.නමුත් බොහෝම සරළ වචන කීපයක් කිව්ව ඔහු මගෙන් ඈත් වෙලා යන්න ගියා. "මට කියන්න ඕනි නෑ, කාටවත් ආදරෙයි කියලා මම එච්චර ලේසියෙන් කියන්නේ නෑ,ඔයාට ඔච්චරටම ඒක අහන්න ඕනි නම් වෙන කෙනෙක්ව හොයා ගන්න"" ඔහු එහෙමයි කිව්වේ.
ඔහු කොහොමද එහෙම දෙයක් මට කිව්වේ කියලා මම ඇදට ඇවිත් කල්පනා කලා,ඔහු මට නොගැලපෙන බව මට මුලින්ම සිතුනේ එදා.මම සතියක් විතර පාසල් ගියේ නෑ.ඒ දවස් කීපයම මම ගත කලේ හඩමින්. ඔහු ඒ සතියේම මට ඇමතුමක්වත් දෙන්න උත්සාහ කලේ නෑ,ඒත් හැමදාම ඇවිත් බෝනික්කෙක් දීලා යන්න අමතක කලෙත් නෑ.
සතියකට පස්සේ මම පාසල් ගියා,ඒත් පාසලට ඇතුල් වෙන්නත් කලින් මම ඔහුව දුටුවා. ඔහු පාරේ තවත් කෙල්ලෙක් සමග කතා කරමින් ඉන්නවා,ඔහුගේ අතේ බෝනික්කෙකුත් සිටියා. ඔහුගේ මුහුනේ තිබුනේ කවදාවත් මට නොපෙන්නපු විදියේ ආදරණීය හිනාවක්. මට තව දුරටත් ඒ දසුන බලන්න පුලුවන් කමක් තිබුනේ නෑ,මම ආපසු නිවසට ආවා. කාමරයට ගිය මම දැක්කේ ඔහු විසින් මට ලබා දී ඇති සිය ගණනක් වූ බෝනික්කන් පමනයි. ඇයි ඔහු මේවා මට දුන්නේ? ඔහු මේවා ලබා ගන්නේ වෙනත් කෙල්ලොන්ගෙන් වෙන්න ඕනි. සිතට නැගුනු කෝපයත් සමග මම බෝනික්කන්ව කාමරය පුරා විසි කලා.
ඒ මොහොතේ දුරකථනය නාද උනා,ඔහුගෙන් ඇමතුමක්. මට නිවසින් පිටතට එන්න කියලා ඔහු ඉල්ලීමක් කලා.මම සිතාගත්තා අද අපේ සම්බන්ධය අවසන් කරන බවට..
ඔව් අද මම ඔහු හමු වෙන අවසන් දිනයයි. කදුලු පිසගත් මම නිවසින් පිටතට පැමිනියා.ඔහු නිවසින් පිටත පාරේ රැදිලා හිටියා,ඔහුගේ අතේ අද හිටියේ විශාල බෝනික්කෙක්...
ජින් : "ජෝ...මම හිතුවා ඔයා තවම අඩ අඩ ඇති කියලා"
සමච්චල් සහගත සිනාවක් සමග ඔහු එහෙම කිව්වා. සිදු වූ සියල්ල නොසලකා මාව විහිලුවට ගත් ඔහු ගැන මගේ සිතේ ඇති වුනේ වෛරයක්.
ජින් : "ආ මේක ගන්න""
ඔහු සුපුරුදු පරිදි බෝනික්කව මගේ දෙසට දික් කලා
මම : "මට ඕනි නෑ"
මම තරහෙන් කිව්වා
ජින් : "මොනවා...ඇයි?"
මම බෝනික්කව ඔහුගේ අතින් උදුරගෙන පාරට විසි කලා

"මට මේ බෝනික්කව අවශ්‍ය වෙන්නේ නෑ...ආයේ කවදාවත් මට තමුසෙගෙ බෝනික්කෝ ඕනෙ නෑ...මට තමුසේ වගේ මිනිහෙක්ව දකින්නවත් අවශ්‍ය නෑ මීට පස්සේ" මම කෝපයෙන් කෑ ගැසුවා.
නමුත් ඔහු වෙනදා වගේ නෙවේ...මම දැක්කා කදුලු වලක්වගන්න ඔහුගේ ඇසි පිය වේගෙන් සැලෙනවා "මට සමාවෙන්න""""" සෙමින් කිව්ව ඔහු බෝනික්කව අහුල ගන්න ගියා.
"පිස්සෙක්ද ඔයා? ඔය බෝනික්කව විසි කරලා දානවා...ඔය බෝනික්කෝ මොකටද?"
ඒත් මට කන් දුන්නේ නැති ඔහු බෝනික්කා දෙසට පා නැගුවා.මේ වෙලාවේ මට ඇහුනා වාහනයක හෝන් ශබ්දයක්,විශාල ලොරියක් අපි දෙසට එනවා.ඒත් මේක නොදැක්ක ජින් පාර මැද්දට යනවා බෝනික්කව අහුල ගන්න.
"ජින්...ජින්...ආපහු එන්න..වාහනයක් එනවා..."මම කොච්චර කෑ ගැහුවත් පලක් උනේ නෑ.
විශාල ශබ්දයක් ඇහුනා...ජින්ව ලොරි රථයේ ගැටුනා...ඔහු තවත් එක වචනයක්වත් නොකියා මගෙන් සදහටම සමු ගත්තා.
එයින් පසු දින ගණනාවක් මම කාමරයෙන් එලියට පැමිනියේ නෑ. ඔහුගේ මරණයේ දුකත් ඒ පිලිබද වරදකාරී හැගීමකුත් මගේ සිතේ තිබුනා.
එක දවසක් මම ඔහු මට දුන්න බෝනික්කන් සියල්ල රැගෙන ඒවා ගණන් කරන්න පටන් ගත්තා.අපි මුලින්ම ආදරේ කරපු දවසේ ඉදන් ඔහු මිය ගිය දවස වන තුරු දිනපතා ලබා දුන් බෝනික්කන් විශාල සංඛ්‍යාවක් මගේ කාමරයේ පිරී තිබුනා.
එකයි...දෙකයි...තුනයි... හාරසිය අසූ හතරයි...හාරසිය අසූ පහයි.
බෝනික්කන් හාරසිය අසූ පහක් ඔහු විසින් මට ලබා දී තිබුනා. ඔහු සමග ගත කල ඒ දවස් මතක් වීමෙන් මට ලොකු දුකක් දැනුනා.බෝනික්කන් තදින් තුරුලු කරගත් මම මහ හඩින් හඩන්න උනා. ඒත් හදිසියේම "මම ඔයාට ආදරෙයි" "මම ඔයාට ආදරෙයි" කියලා ජින් ගේ හඩින් මට ඇහුනා. විශ්මයට පත් වූ මම එක් බෝනික්කෙකු රැගෙන එහි උදර ප්‍රදේශය තද කලා.
"මම ඔයාට ආදරෙයි" යලිත් ජින් ගේ හඩ...මම විශ්මයෙන් ගල් ගැසුනා... සෑම බෝනික්කෙකුගේම උදර ප්‍රදේශය තද කල විට ඇසුනේ ජින් සෙමින් "මම ඔයාට ආදරෙයි" කියන ශබ්දය...
ඇයි මට මේක කලින් තේරුණේ නැත්තේ? ඇයි ඔහුගේ සිතේ මට තියන ආදරය මට පෙනුනේ නැත්තේ? මම ඔහු ගැන කෙතරම් වැරදියට සිතුවත් ඔහු මියයන තුරුම මට ආදරය කර ඇති බව මට වැටහුනේ ඒ මොහොතේයි.
අවසානයේ මම අවසන් දිනයේ ඔහු ලබා දුන් විශාල බෝනික්කාව ඇද යටින් එලියට ගත්තා.එහි තැනින් තැන ඔහුගේ ලේ පැල්ලම්.එහි උදර ප්‍රදේශය තද කල විට මට යලිත් ඇහුනේ ඔහුගේ ආදරණීය හඩ....
"ජෝ..ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා? අදට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගෙන දවස් 486ක්...ඔයා දන්නවද 486 කියන්නේ මොකද්ද කියලා? මම ඔයාට කවදාවත් ආදරෙයි කියලා නෑ...මට සමාවෙන්න.... .මම හැමදාම ඔයාට ආදරෙයි කියනවා කියලා හිතුවත් ඔයා ලගදි මට ඒ වචන පිට කරගන්න බෑ...ඒකයි මම හැමදාම පොඩි බෝනික්කෙක් ඔයාට දුන්නේ... ඔයා මට සමාව දීලා මේ බොනික්කව ගත්තොත් මම අද ඉදලා මම මැරෙන තුරු හැමදාම ඔයාට ආදරෙයි කියනවා...ඔව් ජෝ...මම ඔයාට ආදරෙයි"
මට මාවම පාලනය කරගන්න බැරි වුනා...මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ආවා...මම දෙවියන්ගෙන් ඇහුවා ඇයි මට මේ දේවල් තේරෙන්න මෙච්චර පරක්කු වුනේ කියලා...ඇයි මට ඔහුගේ ආදරය කලින් නොතේරුනේ.
(486 යනු කොරියන් භාශාවෙන් I LOVE YOU වෙනුවට භාවිතා කරන වදනකි.)

█ ♥ █ සැබෑ ආදරයට හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ █ ♥ █

වසක් පෙම්වතුන් දෙදෙනෙක් මුන ගැහිලා කතා කර කර ඉන්නවා... 

ගෑණු ළමයා : "ඇයි ඔයා මට ආදරේ කරන්නේ?"
පිරිමි ළමයා : "මට ඒකට හරියටම උත්තරයක් කියන්න බෑ,ඒත් මම ඔයාට ගොඩාක් කැමතියි."
ගෑණු ළමයා : "ඔයාට හරියට හේතුවක් කියන්නත් බෑ,ඔයා කොහොමද කියන්නේ ඔයා මට කැමතියි කියලා? මට ආදරෙයි කියලා?"
පිරිමි ළමයා : "මම ඇත්තටම හේතුවක් දන්නේ නෑ,ඒත් මට පුලුවනි මම ආදරෙයි කියලා ඔප්පු කරන්න." 

ගෑණු ළමයා : "ඔප්පු කරන්න? නෑ මට හේතුවක් ඕනි. මගේ යාලුවෝ හැමෝගෙම බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එයාලට කියලා තියෙන්නේ ඇයි එයාලා ආදරේ කියලා,ඒත් ඔයාට බෑ."
පිරිමි ළමයා : "හරි හරි...ම්ම්ම්.....ඔයා ලස්සන නිසා..ඔයාගේ කට හඩ ගොඩක් මිහිරි නිසා...ඔයා මගේ ගැන ගොඩක් හොයලා බලන නිසා...ඔයාගේ හිනාව නිසා..." 

ගෑණු ලමයාට ගොඩාක් සතුටු හිතුනා. තව ටිකක් වෙලා කතා කර කර හිටිය මේ දෙන්නා වෙන් වෙලා ගියා. ඒත් එදා හවස ගොඩාක් අවාසනාවන්ත සිදුවීමක් උනා,ගෑණු ළමයා ගොඩක් ලොකු අනතුරකට මුහුන දුන්නා. අනතුරෙන් පස්සේ ගෑණු ළමයා සිහි මුර්ච්ජා තත්වෙට පත් වුනා. ගෑණු ළමයව බලන්න ආපු පිරිමි ළමයා ගෑණු ළමයා ලගින් ලියුමක් තියලා යන්න ගියා,ඒ ලියුමේ මෙහෙම සටහන් උනා. 

සොදුරිය,
මම ඔයාට ආදරේ කලේ ඔයා ලස්සන නිසයි,ඒත් ඔයා ඉස්සර වගේ ලස්සන නෑ,ඒ නිසා මට ඔයාට තවදුරටත් ආදරේ කරන්න බෑ. මම ඔයාට ආදරේ කලේ ඔයාගේ කටහඩ ගොඩක් මිහිරි නිසා,ඒත් ඔයාට දැන් කතා කරන්න බෑ,ඒ නිසා මට ඔයාට තවදුරටත් ආදරේ කරන්න බෑ. මම ඔයාට ආදරේ කලේ ඔයා මා ගැන හොයලා බැලුව නිසා ඒත් ඔයාට දැන් ඒ වගේ මම ගැන හොයලා බලන්න විදියක් නෑ,ඒ නිසා මට ඔයාට ආදරේ කරන්න විදියක් නෑ. 

අද උදේ ඔයා මගෙන් ඇහුවා වගේ දැන් ඔයා මගෙන් ඔයාට ආදරේ කරන්න හේතුවක් ඇහුවා නම් මට කියන්න උත්තරයක් ඉතිරි වෙලා නෑ. ඒත් ඔයා දැන් මගෙන් ඇහුවොත් මම ඔයාට තවම ආදරේද කියලා මම උත්තර දෙන්නේ "ඔව්" කියලා,ඒ වගේම මම ඔයාට කලින් වගේම දිගටම ආදරේ කරනවා,ඒ මොකද ආදරේට හේතුවක් අවශ්‍ය නෑ කියලා මම විශ්වාස කරන නිසා.

ධනාත්මක වන්න


ලුත විවාහපත් යුවලක් දිනක් බස් රථයකින් ගමනක් යමින් සිටියා. මද දුරක් ගමන් කල ඔවුන් බස් රථයෙන් බැසීමට තීරණය කලේ අත්‍යවශ්‍ය යමක් නිවසේ අමතක වූ නිසයි. 

ඔවුන් බසයෙන් බැස ගත් පසු බසයට වැඩි දුරක් ගමන් කිරීමට හැකි වුනේ නෑ.අසල වූ කන්දකින් ඉතා විශාල ගලක් බසය මතට කඩා වැටීමෙන් බසය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුනා,බසයේ ගමන් කල සියලු මගීන් එම ස්ථානයේදීම මිය ගොස් තිබුනා.
අනතුරෙන් පසුව තරුණ යුවල අන් කිසිවක් පැවසුවේ නෑ,ඔවුන් පැවසුවේ
"අනේ අපි ඒ බස් එකෙන් බැස්සේ නැත්නම්..."කියා පමනයි. ඔවුන් එසේ පැවසූ හේතුව ඔබට අනුමාන කිරීමට පුලුවන්ද? සිතන්න... . . . . . . . . . . . . . ඔවුන් බස් රථයෙන් බසින්නේ නැතුව බස් රථයේම සිටියා නම් එයින් ඉතිරි වන කාලය නිසා බස් රථය මතට ගල නොවැටී බස් රථය බේරීමට ඉඩ තිබුනා.
ජීවිතය දෙස ධනාත්මකව බැලීමට හුරු වන්න..බොහෝ විට ජීවිතයේදී සාර්ථකත්වයේ විරුද්ධ පදය අසාර්ථකත්වය නොව පලා යාමයි. ජයග්‍රාහකයින් පලා නොයයි. පලා යන්නෝ ජයග්‍රහනය නොකරයි.

අධික කෝපය වලක්වා ගන්න

දිනක් මිනිසෙක් තමන් අලුතින් මිලදී ගත් මෝටර් රථය සෝදමින් සිටින අතර දුටුවේ තම පස් හැවිරිදි පුත්‍රයා ගල් කැබැල්ලක් ගෙන මෝටර් රථය සූරමින් සිටින ආකාරයයි. අධික කෝපයට පත් මිනිසා අසල තිබූ යමක් රැගෙන කෝපය නිවෙන තුරු පුතාගේ අතට පහර පිට පහර එල්ල කලා. 

කෝපය නිවී ගිය පසු තමා කල වරදේ බරපතලකම තේරුම් ගත් ඔහු පුතාව රෝහලකට ගෙන ගියා.වෛද්‍යවරුන් දරුවාට ශල්‍යකර්මයක් සිදු කල යුතු බව තීරණය කලා. මිනිසා එල්ල කල පහරවල් වල බරපතල කම නිසා කුඩා පිරිමි දරුවාට ඔහුගේ ඇගිලි සියල්ල අහිමි වුනා. 

පිරිමි දරුවාට සිහිය ආ පසු පියා දෙස වේදනාවෙන් බැලූ ඔහු මෙසේ ඇහුවා "මගේ ඇගිලි ආයෙත් හැදෙන්න ගොඩක් කල් යාවිද තාත්තේ"
මිනිසාට ගොඩක් දුක හිතුන නිසා ඔහු නිවසට ගොස් තමන් ගැනම කෝපයෙන් මෝටර් රථයට පහර කීපයක් එල්ල කලා. මෝටර් රථය අසල වාඩි වුනු ඔහු පුතා විසින් මෝටර් රථයේ සිදු කල සීරීම් පරීක්‍ෂා කලා.
කුඩා දරුවා ගල් කැබැල්ලෙන් මෝටර් රථය මත සටහන් කර තිබුනේ "තාත්තට මම ආදරෙයි" යනුවෙන්.
ඊළග දිනයේ අධික ශෝකය නිසා මිනිසා සිය දිවි නසා ගත්තා. 

ඊලග දිනයේ සුලු සිදුවීමක් නිසා ඔබේ ඉවසීම ගිලිහී ගොස් කෝප වන විට මෙම කතාව සිහියට නගා ගන්න.. සීරුන මෝටර් රථ අලුත්වැඩියා කල හැකි නමුත් බිදුනු හදවත් නැවත අලුත්වැඩියා කල නොහැකියි.

තරුණයා සහ මහල්ලා

වීන පන්නයට හැද පැලද ගත් තරුණයෙක් මුහුදු වෙරළේ සිටි අතර ඔහු පසෙකින් වූයේ අවුරුදු 80ක් පමන වූ මහලු දුර්වල පුද්ගලයෙකි. තරුණයා මහත් ආවේගශීලීව මහල්ලාට පැහැදිලි කරමින් සිටියේ ඔවුන්ගේ පරම්පරාවට නව පරම්පරාව තේරුම් ගත නොහැක්කේ මන් ද යන්නයි.

"සීයලා හැදුනේ වැඩුනේ සම්පූර්ණ වෙනස් ලෝකෙක..." "මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා ඒක හරිම ප්‍රාථමික එකක්"ඔහු මහ හඩින් පැවසුවේ අවට අයගේ අවධානයත් ඔවුන් වෙත ලබා ගැනීමේ අටියෙනුයි.
"අපේ පරම්පරාව හැදුනේ ජංගම දුරකථන, රූපවාහිනී,පරිඝනක,ලැප්ටොප් එක්ක... අපේ පරම්පරාවේ අය දැක්කේ මිනිස්සු හද මත ඇවිදින හැටි,ශබ්දයේ වේගයට වඩා වේගෙන් ගමන් කරන ජෙට් යානා..." "ලෝකේ අනිත් පැත්තේ වෙන දෙයක් ඒ මොහොතෙම බලන්න අපේ පරම්පරාවේ අයට හැකියාව තියනවා."තරුණයා පැවසුවේ සරදම් සිනහවක් සමගයි. 

තරුණයාට හොදින් ඇහුම් කන් දුන් මහල්ලා මද වේලාවක් නිශ්ශබ්දව සිටියා
"පුතා කිව්ව කාරණාව ඇත්ත...අපි පොඩි කාලේ ඔය කියන මොකුත් අපිට තිබුනේ නෑ...ඉතින් අපි ඒවා නිපදෙව්වා...දැන් පුතා ඊළග පරම්පරාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?"
ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබද විමසිලිමත් වන්න.

මෙලොව විශ්වාසනීයම පිරිමියා

කුඩා පවුලක් වෙරළ අද්දර නිවසක ජීවත් වූ අතර මව පියා සහ වයස අවුරුදු 5 සහ අවුරුදු 9 වන දියණියන් දෙදෙනෙකුගෙන් ඒ පවුල සමන්විත වුනා. දිනක් ඔවුන් මුහුදේ නෑමට යන්න තීරණය කල අතර පියා සහ දියණියන් දෙදෙනා පමනක් ගියේ මවට නිවසේ රාජකාරි බහුල වූ නිසයි. ඔවුන් මද වේලාවක් මුහුදේ දිය නාමින් විනෝද වූ නමුත් මද වේලාවකින් පියාට වැටහුනේ දිය තරංගයකට හසු වී ඔවුන් තිදෙනා වෙරලෙන් ඈතට ගසාගෙන ගොස් ඇති බවයි. සිද්ධියේ භයානක කම ඔහුට වැටහුනු අතර මුලින්ම කුඩා දියණිය රැගෙන වෙරළට පිහිනීමට තීරණය කලේ එක්වර දියණියන් දෙදෙනාම රැගෙන පිහිනීමට තරම් ඔහුට හැකියාවක් නොමැති නිසායි. ආපසු වෙරළට පිහිනීමට පෙර වැඩිමහල් දියණිය ඇමතූ ඔහු මෙසේ පැවසුවේය, "දුවේ හොදට අහගන්න...මම නංගිව වෙරළන් තියලා එනකම් දුව ගිලෙන්නේ නැතුව ඉන්න ඕනෙ... මම දුවට ගොඩක් ආදරෙයි...තාත්තා දුවව ගන්න එනකම් දුව ගිලෙන්න නැතුව ඉන්න ඕනි... හොදට මතක තියාගන්න තාත්තා දුවට ගොඩාක් ආදරෙයි" මෙසේ පැවසූ ඔහු බාල දියණියව වෙරළට නිරුපද්‍රිතව ගෙන ගිය අතර ඒ වහාම නැවතත් දියඹට පීනුවේ වැඩිමහල් දියණියව බේරා ගැනීමටයි. ඇය සිටී යැයි ඔහු විශ්වාස කල ප්‍රදේශයට ඔහු පිහිනා ගිය නමුත් බොහෝ වේලාවක් ගියත් ඔහුට ඇයව සොයා ගැනීමට හැකි වුනේ නෑ. මේ වන විට තම ශක්තිය හීන වී යන බව දැනුනු නිසා ඔහු නැවතත් වෙරළට පිහිනූ අතර ඉතිරිව ඇති මද ශක්තියෙන් වෙරළේ දිව ගොස් බෝට්ටුවක් සහිත පුද්ගලයෙක්ව සොයා ගත් ඔහු නැවතත් බෝට්ටුවේ නැගී දියණියව සෙවීමට පටන් ගත්තා. මෙලෙස අඩ පැයක් පමන ගත වූ නමුත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට හැකි වුනේ නෑ. මේ වන විට ඇය පිලිබද බලාපොරොත්තු ඔවුන්ගේ සිතින් ගිලිහෙමින් පැවතියා. නමුත් මද වේලාවකින් ඔවුන් ඇයව දුටු අතර ඔවුන් පුදුමයට පත් වුනේ ඇය නොගිලී දියෙහි පාවෙමින් සිටි නිසයි.ඇයව බේරාගත් අතර නැවත වෙරළට පැමිනෙන අතර බෝට්ටුවේ හිමි කරුවා ඇගෙන් විමසුවේ මෙතරම් වෙලාවක් නොගිලී සිටියේ කෙසේද යන්නයි. "මගේ තාත්තා කිව්වා එයා මට ගොඩක් ආදරෙයි,එයා මාව ගන්න ආපහු එනවයි කියලා... තාත්තා මාව ගන්න එන බව දන්න නිසා මම කොහොම හරි ගිලෙන්නේ නැතුව හිටියා."

අනේ පුතේ උඹට රිදුනද?

කුඩා අවදියේදී පියා මිය ගිය පසු තම එකම පුතා සමාජයට වැඩදායී මිනිසෙකු කිරීම ඇගේ පරම අභිලාශය විය... දිනය පුරා කුලී වැඩ කිරීමෙන් උපයා ගත් මුදල් අරපිරිමැස්මෙන් වියහියදම් කල ඇය ඒවා ඉතිරි කලේ ඔහුගේ අනාගත අභිවෘද්ධිය සදහාමය. තම බත්පත පුතුට දී ඇය නිරාහාරව ගත කල වේල් ගනන අපමනය.

මව තමා වෙනුවෙන් කරනා කැපකිරීම පිලිබද අවදියෙන් සිටි පුතු මවගේ බලාපොරොත්තු ඉහල නංවමින් ඉතා හොදින් අධ්‍යාපන කටයුතු වල නිරත වූ අතර අවසානයේ සරසවි වරම් දිනා පසුව ඉහල රැකියාවක යෙදීමට ඔහුට හැකියාව ලැබුනි. නිසි වයස ආ පසු ඉහල පවුලකින් විවාහයක් කරගත් ඔහු බිරිදත් මවත් සමග පදිංචියට නව පන්නයේ නිවසක්ද තැනවීය. තමා සහ තම සැමියා සමග එකට වාසය කරන මහලු මවට බිරිද සිත යටින් වෛර කල අතර සැමියා ඇයට දක්වන මහත් වූ සෙනෙහස නිසා ඒ වෛරය දෙගුණ තෙගුණ වූවත් ඒ පිලිබදව සැමියා හා පැවසීමට ඇය මැළි විය.
 මද කලක් ගත විය,බිරිය ගැබ්බර විය,ඔහු සතුටින් ඉපිල ගියේය.මේ අතර බිරිදට දොලදුකක් පහල විය.එය අසම්මත ආකාරයේ දොලදුකකි.එනම් තම නැන්දනිය මරා ඇගේ හදවත ආහාරයට ගැනීමේ රුදුරු අශාවයි. ඇය මේ පිලිබදව තම සැමියාට පැවසීය. ඇගේ ඉල්ලීමෙන් වික්‍ෂිප්ත වූ ඔහු ඇයට බැන වැදුනි. නමුත් ඇගේ ආශාව දිනෙන් දින උත්සන්න විය. ඇය දිනපතා සැමියාට කන්නලව් කලේය.දොලදුක ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් තමා සහ තම කුස තුල සිටින කිරිකැටියා මිය යා හැකි බවට පවසන්නට විය. තීරණාත්මක මොහොත එලබිනි. තමා කුඩා කල සිට අපමන කැපකිරීම් කරමින් තමා උස්මහත් කල මව මරා බිරිදගේ දොල දුල ඉටු කිරීමට ඔහු තීරණය කලේය. දිනක් උදෑසනම අවදි වූ ඔහු මව රවටා ඇයත් සමග අසල වූ වන රොදකට වැදුනු අතර එහිදී තම මව මරා දැමූ ඔහු ඇගේ හදවතත් රැගෙන යලි නිවසට ඒමට පිටත් විය. ඔහුට ඒමට ලැබුනේ මද දුරකි,ගලක පය පැටලී ඔහු බිම ඇද වැටුනු අතර පය තුවාල වී ලේ ගලා යාමට විය..

එවිටම මවගේ හදවතින් ශබ්දයක් නැගුනි,
"අනේ පුතේ උඹට රිදුනද?"

භූමි කම්පා වලින් පොලව ඉරි තලා යා හැක, සැඩ සුලං වලින් රූස්ස ගස් ඉදිරී යා හැක, චන්ඩ රළ වලින් විශාල නෞකා පෙරලී යා හැක, නමුත් දරුවන් ගේ අනේක සිත් රිදවීම් හමුවේ වුවද මවු සෙනෙහස නොබිදී පවතී... මවට සමකල හැකි තවත් කෙනෙක් මෙලොව සිටීද?

අවංක වචනයක බලය

රාහුල් යනු ඉන්දියාවේ කුඩා ගමක ජීවත් වූ දරුවෙකි. පාසලේ ඉතා දීප්තිමත් සිසුවෙකු වූ ඔහු හැම වාරයකම පන්තියේ පලමු තැන දිනා ගත්තේ මවුපියන් ඔහු කෙරේ තැබූ බලාපොරොත්තු ඉහලින්ම ඉටු කරමිනි. ඔහුගේ දක්‍ෂතා තවදුරටත් ඔප් නැංවීමට ඔහු අධ්‍යාපනය ලබන කුඩා පාසල අපොහොසත් වේ යැයි ඔහුගේ මවුපියන් විශ්වාස කල නිසා ඔහුව නගරයේ පාසලකට යැවීමට ඔවුන් තීරණය කලහ.ඒ අනූව නේවාසිකව අධ්‍යාපනය ලැබීමට ඔවුන් රාහුල්ව නගරයේ විශාල පාසලකට ඇතුල් කලෝය. 

 නව පාසලට ඇතුල් වී වැඩි කාලයක් යන්නට මත්තෙන් රාහුල් විශාල පරිවර්තනයකට බදුන් විය.මීට පෙර පාසලේදී ඉතා ඉහල දක්‍ෂකම් පෙන්වූවත් නව පාසලේදී ඔහුගේ දක්‍ෂතා සීඝ්‍රයෙන් පසු බැසීය.මීට පෙර පාසලේදී මිතුරන් පිරිවරා ගත් ක්‍රීඩාශීලී දරුවෙකු වූ නමුත් නව පාසලේ ඔහුට මිතුරන් නොවූ අතර නිතරම තනිව සිටීමට ප්‍රිය කලේය.තමාට ලෝකයේ කිසිවෙකුත් ආදරය නොකරන බවක් ඔහුට හැගුන අතර තමන් නොවටිනා පුද්ගලයෙකු බව ඔහු විශ්වාස කලේය.

 තම දරුවාගේ වත්මන් තත්වය පිලිබද දැනගත් දෙම්ව්පියන් විශාල ලෙස කණගාටු වූ නමුත් ඔහු මෙම තත්වයට පත් වීමට හේතුව තවමත් ඔවුන්ට රහසක් විය.එම නිසා රාහුල්ව මුන ගැසී ඔහු සමග සාකච්ඡා කිරීමට තීරණය කල ඔහුගේ පියා ඔහුගේ පාසලට පැමිනියේය. නේවාසිකාගාරය අසල වූ දොල පහරක් අසල ඔවුන් වාඩි වූ අතර මුලින්ම පියා පාසලේ ගුරුවරුන්, නේවාසිකාගරයේ ආහාර, පන්තියේ ළමුන් පිලිබදව සාමාන්‍ය ප්‍රශ්ණ ඇසූ අතර මද වේලාවකින් ඔහු මෙසේ ඇසීය,
 "පුතා දන්නවද අද මම පුතාව බලන්න ආවේ ඇයි කියලා?"
 "මගේ ලකුණු බලන්න වෙන්න ඇති" රාහුල් පිලිතුරු දුන්නේ නොරිස්සුමකිනි.
 " නෑ නෑ පුතා වැරදී" පියා පිලිතුරු දුන්නේය. "මම අද පුතාව බලන්න ආවේ අම්මගෙයි මගෙයි ජීවිතේ වැදගත්ම පුද්ගලයා පුතා බව කියලා යන්න." "අපට අවශ්‍ය පුතා සතුටින් ඉන්නවා බලන්න...අපට පුතාගේ ලකුණු වලින් වැඩක් නෑ,අපට වටින්නේ පුතාව...පුතා තමා අපේ ජීවිතේ..."
 පියාගේ වදන් ඇසූ රාහුල්ගේ දෙනෙත් කදුලින් පිරී ගිය අතර ඔහු පියාව වැලද ගත්තේය. 
"මගේ ජීවිතයත් ඔයාලා දෙන්නයි තාත්තේ" ඔහු පැවසුවේය. 

තමා පිලිබදව තමන්ටත් වඩා සැලකිලිමත් දෙදෙනෙකු මෙලොව සිටින බව තේරුම් ගත් රාහුල්ගේ දක්‍ෂතා මද කලෙකින් ඉස්මතු වූ අතර ඔහු අද පාසලේ දීප්තිමත්ම සිසුන් ගෙන් අයෙකි. අප බොහෝ විට එක් වචනයක,කුඩා සිනහවක අවංක ප්‍රශංසාවක ඇති බලය අවතක්සේරු කරමු, ඒ සැමටම ජීවිතයක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමේ බලයක් ඇත..

දිනපොත

යගේ දිනපොත :
අද රෑ අරයා හරි අමුතුයි කියලා මට හිතුනා. අපි උදේ කතා වෙලා හිටියේ අද රෑ කෑම ගන්න හොද රෙස්ටුරන්ට් එකකට යන්න. මම අද මුලු දවසම යාලුවෝ එක්ක ෂොපින් කලා,ඉතින් මට හිතුනා මම ගෙදර එන්න ටිකක් පරක්කු උන නිසා එයාට තරහා ගිහින් කියලා,ඒත් එයා ඒ ගැන මොකුත්ම කිව්වේ නෑ. එයා මා එක්ක කතා නොකර බලාගත්තු අත බලාගෙන හිටිය නිසා මම කිව්ව කොහේ හරි නිස්කලංක තැනකට ගිහින් කතා කර කර ඉමු කියලා.එයා ඒකට කැමති උනා,ඒත් මගේ එක්ක කතා කලේ හරිම අඩුවෙන්. ඉතින් මම එයාගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්ණේ කියලා,ඒත් එයා කිව්වා කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා එයා දුකෙන් ඉන්නේ මගේ වැරැද්දක් නිසාද කියලා,ඒත් එයා කිව්වා එයා දුකෙන් නෙවේ ඉන්නේ,මම කිසිම වරදක් කලේ නෑ ඒ ගැන හිතන්න එපා කියලා. අපි ගෙදර එන අතරමගදි මම එයාට කිව්වා මම එයාට ගොඩක් ආදරේ කරන බව,ඒත් එයා යන්තමින් හිනා වෙලා දිගටම කාර් එක ඩ්‍රයිව් කලා.මට හිතා ගන්න බෑ එයා ඒ හැසිරුන විදිහ,ඇයි එයා මගේ දිහා බලලා "මමත් ඔයාට ගොඩාක් ආදරෙයි වස්තුව" කියලා කිව්වේ නැත්තේ? ගෙදර ආවාම නම් මට හිතුනා එයාට මාව එපාම වෙලා කියලා,මගේ දිහා බැලුවෙවත් නෑ ටී වී එක දාගෙන ඒක බලන්න පටන් ගත්තා,වචනයක්වත් කතා කලේ නෑ. ඉතින් මම ටික වෙලාවකින් ඇදට ගියා,විණාඩි 15කින් විතර එයත් ඇදට ආවා,ඒත් එයාගේ හිත තිබුනේ වෙන කොහෙවත්,එයාට ඉක්මනට නින්ද ගියා. මම හොදටම ඇඩුවා,මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා,මට හොදටම විශ්වාසයි එයාගේ හිතේ දැන් ඉන්නේ වෙන කෙනෙක්,අනේ මම ජීවත් වෙලා වැඩක් නෑ.

හුගේ දිනපොත:
ෂික්...ලංකාව අදත් මැච් එක පරාදයි

පොරොන්දුව

වුන්ගේ පෙම් සබදතාවය නිවසේ අයට හෙලි වූ දා සිටම ඇගේ පවුලෙන් එයට විරුද්ධ වුනා. දුගියන් නොවුනත් පොහොසතුන්ද නොවූ ඔහුගේ පවුලට බැදුනහොත් ඇයට ජීවිත කාලය පුරාම හැඩූ කදුලෙන් ගත කිරීමට සිදුවිය හැකි බවට ඇගේ දෙම්ව්පියන් සහ සහෝදරියන් ඇයට අනතුරු ඇගවූවා. සිය පවුලෙන් ඇය වෙත ඇති කල පීඩනය නිසාම බොහෝ විට ඔවුන් දෙදෙනා අතර අඩ දබර ඇති වුනා,ඔහුට ඉතා තදින් පෙම් කලත් ඇය නිතරම ඔහුගෙන් ඇසූ එක් පැනයක් තිබුනා,ඒ "ඔයා මට කොච්චර ආදරේද?" යන්නයි.ඔහු කතාවෙහි දක්‍ෂ අයෙක් නොවේ, එම නිසා බොහෝ විට අගේ මෙම පැනය හමුවේ ඔහු නිරුත්තර වුනා,පවුලෙන් එන පීඩනය සහ ඔහුගේ මෙම ප්‍රතිචාරය නිසා කෝපයට පත් වන ඇය ඔහුට බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.
සර ගණනක් ගත වුනා.සරසවි අධ්‍යාපනය හමාර කල ඔහු උසස් අධ්‍යාපනය සදහා විදේශගත වීමට තීරණය කලා,විදේශගත වීමට පෙර ඇය හමුවට පැමිනි ඔහු මෙසේ පැවසුවා 

"මට ගොඩක් ලස්සනට කතා කරන්න බැරි බව ඇත්තයි,ඒත් මම ඔයාට ගොඩක් ආදරේ බව මම දන්නවා,ඔයා කැමතී නම් ඔයාගේ ඉතිරි ජීවිත කාලය පුරාවට ඔයාව මගේ කර ගන්න මම කැමතී,මම ඔයාලගේ ගෙදර ඇවිත් එයාලා එක්ක කතා කරලා කොහොම හරි එයාලගේ කැමැත්ත ගන්නම්,ඔයා මාව කසාද බදිනවද? 

ඇගේ කැමැත්ත ඇතුව ඇගේ නිවසට ගිය ඔහු ඔහුගේ යෝජනාව ඉදිරිපත් කලා,ඔහුගේ ධෛර්යවන්ත බාවය ගැන විශ්වාසය තැබූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහයට අවසර දුන්නා,ඔහු විදේශ ගත වීමට පෙර ඔවුන් විවාහ ගිවිස ගත්තා. 

ඔහු විදේශ ගත වුනා. මුන නොගැසුනත් ඔවුන් දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කර ගත්තා.ඇය රැකියාවක නිරත වීමට තීරණය කලේ ඔහු අසල නැති පාලුව මදකට හෝ සමනය කර ගැනීමටයි. දිනක් මෙසේ රැකියාවට යන අතරතුර අධික වේගයෙන් ගමන් කල මෝටර් රථයක ඇය ගැටුනා. ඇයට සිහිය පැමිනෙන විට ඇය සිටියේ රෝහලේ ඇදක් මත.ඒ අසලම රැදී සිටියේ ඇගේ දෙමව්පියන්,ඇගේ මව හඩමින් සිටි අතර තමා බරපතල ලෙස තුවාල ලබා ඇති බව ඇයට වැටහුනා. තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වූ නිසා මවගෙන් ඒ පිලිබද විස්තර ඇසීමට උත්සාහ කලත් ඇගේ මුවින් හඩක් පිට වූයේ නෑ,ඇය කිහිප විටක්ම උත්සාහ ගත්තා,නමුත් ඵලක් නෑ,ඇයට ඇගේ කටහඩ අහිමි වී තිබුනා. 

වෛද්‍යවරුන් ගේ මත වූයේ අනතුරේදී ඇගේ මොළයට සිදු වූ හානි නිසා ඇයට කටහඩ අහිමි වූ බවයි. යලිත් ඇගේ කටහඩ ප්‍රකෘති තත්වයට පැමිනීම පිලිබදව විශ්වාසය තැබීමට නොහැකි බව ඔවුන් පැවසුවා.
අනතුර පිලිබදව පෙම්වතාට දැන්වීමට ඇය ඉඩ නොදුන් අතර ඇයට එකම ප්‍රශ්ණය වූයේ නොනවත්වා නාද වන ඇගේ දුරකථනයයි.ඔහු දිගින් දිගටම ඇය ඇමතූ නමුත් ඇය ඒවාට පිලිතුරු ලබා දුන්නේ නෑ.තම රෝගී තත්වය ඔහු දැනගන්නවාට ඇය අකමැති වුනේ තමා වැනි ආබාධිත තරුණියක නිසා ඔහු ජීවිත කාලය පුරා දුක් විදිනවා දැකීමට ඇති නොකැමැත්ත නිසයි. අවසානයේ තීරණයක් ගත් ඇය ඔහුට ලිපියක් ලියූ අතර තමාට තව දුරටත් ඔහු වෙනුවෙන් බලා සිටිය නොහැකි බව ඇය ඉන් දන්වා සිටියා. තරුණයාගෙන් තරුණියගේ දුරකථනයට ඇමතුම් දහස් ගණනක් පැමිනි නමුත් ඇයට කල හැකිව තිබුනේ එදෙස බලා ඉකිබිදිමින් හැඩීම පමනයි. 

ජීවත් වන පරිසරය වෙනස් කිරීමෙන් ඇගේ මානසික තත්වය වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පැවසූ නිසා ඇගේ දෙම්ව්පියන් ඇයත් සමග පිටිසර පෙදෙසක පදිංචියට යාමට තීරණය කලා.
නව පරිසරයේදී තම රෝගී තත්වයට හොදින් හැඩ ගැසුනු ඇය සංඥා භාශාව ඉගෙනීම ආරම්භ කලා. දිනපතාම ඇයට ඔහුව මතක් වූවත් ඇය ආයාසයෙන් ඔහුව අමතක කිරීමට පුරුදු වුනා. දිනක් හදිසියේම ඇය හමුවට ආ මිතුරියක් ඇය සමග පැවසුවේ ඔහු යලි පැමින ඇති බවයි. මෙවිට ඇය යෙහෙලියව පොරොන්දු කර ගත්තේ තම නව වාසාස්ථානය පිලිබදව ඔහුට නොකියන වගටයි.
වසරක් ගෙවී ගියා. යලිත් ඇගේ පෙර කී යෙහෙලියම ඇය හමුවට පැමිනියා. මෙවර ඇගේ අත රැදී තිබුනේ මංගල ආරාධනා පතක්,ඒ අන් කවරෙකුගේවත් නොවේ,ඇය විවාහ ගිවිස ගත් ඇගේ පෙම්වතාගේ මංගල ආරාධනා පතයි. 

ඇය වෙවුලන දෑතින් එය ව්වෘත කලා. දුටු දෙයින් ඇය විශ්මයට පත් වුනා,ඒ තුල ඇය දුටුවේ තමාගේම නමයි. සිදුවන දේ ගැන විමසීමට යෙහෙලිය දෙස බැලූ කල ඇය දුටුවේ ඔහුයි. සංඥා බස භාවිතා කරමින් ඔහු මෙසේ පැවසුවා,
"සංඥා භාශාව ඉගෙන ගැනීමට මම වසරක කාලයක් ගත කලා,ඒ මම ඔයාට වුන පොරොන්දුව මට තවමත් අමතක වී නැති බව ඔයාට කියන්න,මම දැන් කලින්ටත් වඩා ඔයාට ආදරෙයි,මම ජීවිත කාලය පුරාවටම ඔයාගේ කටහඩ වෙන්නම්"

ලොතරැයිය

හිටපු සැමියා වෙත ආදරයෙන් ලියමි,
මම මේ ලියුම ඔයාට ලියන්නේ මම සදහටම ඔයාව අතෑරලා දාලා යනවා කියලා කියන්නයි. මම අවුරුදු 7ක් තිස්සේ ඔයාට ගොඩක් හොද බිරිදක් වෙලා හිටියා,ඒත් පහුගිය සති දෙක ඇතුලත මට මේ ජීවිතේ එපාම උනා.අද ඔයාගේ බොස් මට කතා කරලා කිව්වා ඔයා රස්සාවෙන් අස් උනා කියලා,ඒකෙන් මගේ ඉවසීමේ සීමාව පැන්නා. ගිය සතියේ සදුදා මම මගේ Hair Style එක වෙනස් කලා,මම ඔයා කැමතිම කෑම ඔයාට හදලා දුන්නා,මම අලුත්ම Silk Dress එකක් ඇන්දා,ඒත් ඔයාට ඒ එකක්වත් Note උනේ නෑ,ඔයා විණාඩි දෙකෙන් කෑම කාලා News අහන්න පටන් ගත්තා. ඔයා දැන් මට ආදරෙයි කියලවත් කියන්නේ නෑ,අපි දෙන්නා තවදුරටත් සැමියයි බිරිදයි වගේ නෙවේ. එක්කෝ ඔයා වෙන කාට හරි ආදරේ කරනවා ඒත් නැත්නම් ඔයා මට තවදුරටත් ආදරේ නෑ,ඒ මොනවා උනත් මම යනවා. මීට ඔයාගේ හිටපු බිරිද P.S මාව හොයන්න උත්සාහ කරන්න එපා,මම ඔයාගේ මල්ලිත් එක්ක ඈත පලාතකට යනවා,
ඔයාට සුභ අනාගතයක් 

ආදරණීය හිටපු බිරිද වෙත,
ඔයා එවපු ලියුම කියවීම වගේ මම සතුටට පත් වුන මොහොතක් මට හිතා ගන්න බෑ. ඔව් මම අවුරුදු 7ක් ඔයාව කසාද බැදලා හිටියා තමා,ඒත් ඒ අවුරුදු හත පුරාවටම මට ඔයාගේ කන් කෙදිරියයි බොරුවට අඩන එකයි එපා වෙලා තිබුනේ. මම ගිය සදුදා ඔයාගේ අලුත් Hair Style එක දැක්කා තමා,ඒ Hair Style එක දැක්ක මොහොතෙම මට මතක් වුනේ කොල්ලෙක්ව,ඒත් ඔයාගේ හිත රිදෙයි කියලයි මම ඔයාට මොකුත් කිව්වේ නැත්තේ. ඔයා මම කැමතිම කෑම හැදුවද? මම හිතන්නේ ඔයා මගෙයි මගේ මල්ලිගෙයි කැමතිම කෑම පටලවගෙන,මම Pork කන එක නවත්තලා දැන් අවුරුදු 5කටත් වැඩී. මම ඔයාගේ අලුත් Silk Dress එකත් හොදට දැක්කා,ඒ වගේම ඒකෙ තිබුනු ඩොලර් 49.99 Price Tag එකත් දැක්කා,මම ඒ වෙලාවේ ප්‍රාර්ථනා කලා එදා උදේ මගේ මල්ලී මගෙන් ඩොලර් 50ක් ඉල්ලා ගත්තේ ඔයාට ඒ Silk Dress එක අරන් දෙන්න නෙමේ වේවා කියලා. ඒ මොනවා උනත් මම ඔයාට ආදරේ කලා,මම හිතුවා අපි දෙන්නට අපේ වැරදි හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙයි කියලා.ඉතින් ඒකයි මට ඩොලර් මිලියන 10ක ලොතරැයියක් ඇදුනාම මගේ රස්සාවෙන් අයින් වෙලා අපි දෙන්නට Maldives යන්න Ticket දෙකක් Book කලේ.ඒත් මම ගෙදර එනකොට ඔයා ගිහිල්ලා. ඔක්කොම වෙන්නේ හොදට කියලත් කතාවක් තියනවානේ. මගේ ලෝයර් කිව්වා ඔයා මට ලියපු ලියුම නිසා මම ඔයාට කීයක්වත් දෙන්න ඕනි නෑ කියලා. ඔයාටත් සුභ අනාගතයක්, මීට ඔයාගේ ගොඩක් පොහොසත් සම්පූර්ණයෙන්ම නිදහස් ඔයාගේ හිටපු සැමියා P.S මට හිතන්නේ මම ඔයාට කලින් කියලා නෑ මගේ මල්ලී කාල්(Carl) ඉපදුනේ කාලා(Carla-ගැහැණියක්) හැටියට කියලා ,මම හිතන්නේ ඒක ඔයාට ප්‍රශ්ණයක් නෙවේ.