මනුෂ්‍යත්වය සොයා යමි

Friday, June 8, 2012

සිරුර හා අපගේ ප‍්‍රාණය

ප බොහෝ විට සිතා සිටින්නේ අපගේ සිරුර හා ප‍්‍රාණය අපට අයිති බවයි. එහෙත් එය සත්‍යයෙන් අඩක්‌ පමණයි. බුදු දහම අනුවත් සිරුර හා අප අතර පවතින්නේ ආගන්තුක සම්බන්ධයක්‌. තමාට උවමනා අන්දමට සිරුර ක‍්‍රියා කරන්නේ නැහැ. සිරුර ජරාවට පත්වෙනවා. ලෙඩ රෝග වැළැඳ ගන්නවා. එයට අප තදින්ම විරෝධය පෑවත් සිරුර එයින් අප පීඩාවටත් දුකටත් පත් කරවනවා. ඒ නිසා සිරුර කෙලින්ම අපගේ යයි නිගමනයකට එළඹීම හාස්‍ය ජනකයි.

එමෙන්ම මීට වඩා හාස්‍යජනක දේ නම් සිරුර හා අපගේ ප‍්‍රාණය සඳහා කොහේවත් ඉන්න රජයක්‌ තම අයිතිය ප‍්‍රකාශ කර සිටීමයි. සිරුරට හෝ ප‍්‍රාණයට කුමක්‌ හෝ විපතක්‌ කරන්නට ගිය සැණින් රජය වහා එයට හරස්‌ වෙනවා.

බ‍්‍රිතාන්‍යයේ මෙල්ක්‌හැම් පෙදෙසේ වෙසෙන ටෝනි නික්‌ලින්සන්ට  මේ තත්ත්වයට ගොදුරු වෙන්නට සිදුවෙලා. ටෝනිගේ දැන් වයස අවුරුදු 58 ක්‌. දැනට අවුරුදු 7 ක පමණ කාලයක පටන් ටෝනි බරපතළ රෝගී තත්ත්වයකින් පෙළෙනවා.

ඔහුගේ මුළු සිරුරම ඔහුගේ කැමැත්තක්‌ නැතිවම අප‍්‍රාණික තත්ත්වයට පත්වෙලා.  ටෝනිට පුළුවන් ඇසිපිය හෙලන්නට විතරයි. වෙනත් කිසිම ශාරීරික ඉරියව්වක්‌ පවත්වා ගැනීමට ඔහුට බැහැ. ඔහුගේ කතාවත් ඇනහිටලා. ඔහු තම අදහස්‌ නිවසේ අය හා හුවමාරු කර ගන්නේ විශේෂිත පරිගණකයක්‌ හරහා.

ටෝනි දැන් අවුරුදු හතක්‌ තිස්‌සේ මේ රුදුරු රෝගය නිසා මහත් පීඩාකාරී කායික හා මානසික වේදනාවෙන් යුතුව ඔහුම පවසන විදියට ඔහු කාලකන්නි ජීවිතයක්‌ ගත කරන්නේ. ඔහුගේ සිරුර අප‍්‍රාණික වී ක‍්‍රියා විරහිත වුවත් ඔහුගේ සිතට නම් එහෙම දෙයක්‌ වෙලා නැහැ. එය තවමත් ඉතා සංවේදී ලෙසත් ප‍්‍රබල ලෙසත් වැඩ කරනවා. ඒ නිසයි ඔහුට මේ කටුක දුක දරාගන්න බැරි වෙලා තිබෙන්නේ.

තමා හමුවට පැමිණි මාධ්‍යවේදින්ට ටෝනි කියාසිටියේ මෙය තමාට දරාගත නොහැකි තරමේ වේදනාවක්‌ බවයි. මේ නිසා අවසානයේ ටෝනි කිසියම් තීරණයකට එළඹිලා තියනවා. එනම් මේ දුක අවසන් කිරීමට නම් මේ නිසරු ජීවිතයෙන් සමුගත යුතු බවයි.

ටෝනි මේ සඳහා බ‍්‍රිතාන්‍යයේ උපරිමාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් කියා සිටින්නේ තමාට මියයැම සඳහා අවසර ලබා දෙන ලෙසයි. ඔහුගේ බිරිඳ නික්‌ නිල්සන් ද මේ ගැන දැඩි කනස්‌සල්ලෙන් යුතුවයි සිටින්නේ. ඇය තමා...... ඔහුගේ කුදුමහත් කටයුතු කරන්නේ. නික්‌ තම සැමියාට බෙහෙවින් ආදරෙයි. එහෙත්  ඕ තමා හමුවට පැමිණි කැතී ජින්ජලි නමැති බී. බී. සී. මාධ්‍යවේදිනියට කීවේ. ටෝනි මෙයින් නිදහස්‌ කරගත හැකි එකම මාර්ගය වන්නේ ඔහු මරාදැමීම බවයි.

මේ වචන ඇසූ කැතී ගල් ගැසී ගියා. සිත කීරි ගස්‌වන සුළු ඒ වචන ටෝනිගේ ආදරවන්ත බිරිඳගේ මුවින් පිටවූයේ කෙසේ දැයි තමාට සවන් අදහා ගැනීමට නොහැකි වූ බව ඇය කියා සිටියා. එහෙත් සත්‍ය නම් තමා ආදරය කරන ප‍්‍රාණය සමාන මිනිසා විඳින වද වේදනාව සත්‍ය ලෙසම දැකීමෙන් නික්‌ මහත්සේ වේදනාවට පත් වී තිබීමයි. ඇයට  ඕනෑ එම දුකින් ඔහු නිදහස්‌ කරන්නයි.

ලටෝනීට කිසිම දෙයක්‌ කරකියා ගන්න බැහැ. ඔහු ජීවත් වන මළ මිනියක්‌ වගෙයි. මං කොහොමද තවදුරටත් ඔහුට මේ දුක්‌ වේදනා විඳින්නට ඉඩ දීලා බලන් ඉන්නේ? ඇත්තටම මෙය රොගියෙකු පිළිබඳ කතාවක්‌ විතරක්‌ නෙවි. ඔවුන්ගේ ආදර කතාවද වෙනවා. ඔවුන් එකිනෙකාට හමුවී පේ‍්‍රමවන්තයින් බවට පත් වී ඇත්තේ 1984 වසරේ දී ඒ ඩුබාහි දී. ටෝනි වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක්‌. ඇය සාත්තු සේවිකාවක්‌. ඔවුන් විවාහ වීමෙන් පසු මැද පෙරදිග හා මැලේසියාව හා හොංකොංහි අවුරුදු 20 ක කාලයක්‌ ඉතා ප‍්‍රීතිමත් ජීවිතයක්‌ ගතකර තිබෙනවා.

ඔවුන්ට දූවරු දෙදෙනෙකුත් සිටිනවා. ලොරේන් 25 හා බෙත් 23 ඒ දෙදෙනායි. ටෝනි ඒ වන විට සමාජශීලි හා ඉතා ක‍්‍රියාශිලී පුද්ගලයෙක්‌ව සිටියා. සෑම දෙයක්‌ ගැනම උනන්දුවක්‌ දැක්‌ වූ විනෝදකාමී මිනිසෙකුව සිටියා.

ඒ අතරේයි 2005 දී ඔහු මෙම රෝගී තත්ත්වයට ගොදුරු වුණේ එය ආඝාත තත්ත්වයකින් පසු මතු වූ සිරුර අක‍්‍රිය වීමේ බරපතළ රෝගී ස්‌වභාවයක්‌. වෛද්‍යවරු ඔහු යථා තත්ත්වයට පත් කිරීමට බොහෝ උත්සාහ ගත් නමුත් එය සාර්ථක වුයේ නෑ.

ටෝනිගේ ජීවිතය මෙයින් සහමුලින්ම අනිත් පැත්තට පෙරළුණා. ඔහුට ඔහුගේ මිතුරන්, රැුකියාව, විනෝදවීමේ අවස්‌ථා සියල්ල ටිකෙන් ටික අහිමි වී ගියා. ටික කලකින් තමා යළිත් යථා තත්ත්වයට පත්වේ යයි ඔහු සිතූ නමුත් එසේ වූයේ නැහැ. වෛද්‍යවරු ඔහුට කිසිවක්‌ පැවසුවේ නැහැ. එයින් මාස ගණකට පසු ඔහු මරණය ගැන කතා කරන්නට පටන් ගත්තා. ටෝනි ඉන් පසුව තමාගේ මෙම වේදනාව නිමා කොට ජිවිතය කෙළවර කර ගැනීමට උසාවියෙන් අවසර ඉල්ලා සිටියා.

ඔහු අධිකරණය වෙත ගොනුකර ඇති මානුෂික පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ තමාගේ මෙම කාලකන්නි ජීවිතය මරණයෙන් අවසාන කරන වෛද්‍යවරයාට එරෙහිව කිසිදු මිනීමැරුම් චෝදනාවක්‌ නොනගන ලෙසයි.

එහෙත් බ‍්‍රිතාන්‍ය නීතිය මේ ගැන දක්‌වන්නේ සැහැල්ලූ මතයක්‌ නොවෙයි. එය ඉතා තදින් ඉන්නවා. නීතිය පවසා ඇත්තේ ඔහු හෝ වෙනත් කිසිවෙකු ටෝනිගේ මරණය සිදු කිරීමට හවුල් වේ නම් ඒ තැනැත්තා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරද කරු වෙන බවයි.

ජිවිතය කොයිතරම් පීඩාකාරී වුවත්, දරාගත නොහැකි වුවත් මිනිස්‌ අයිතිවාසිකම්වල සීමාවන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මරණය අයිතිවාසිකමක්‌ නොවෙයි. මිනීමැරීම කොහොමටත් අයිතිවාසිකමක්‌ නොවේ.

එහෙත් වඩා පළපුරුදු විනිශ්චයකරුවෙකු වන චාල්ස්‌ මහතා ඔහුගේ දිගු කාලීන පුළුල් අත්දැකීම් ගැන සලකමින් ටෝනිගේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යැමට ඉඩ ලබා දී තිබෙනවා. ටෝනිගේ බිරිඳ  කියා සිටියේ රටට ඇත්තේ සංස්‌කෘතික පසුබිමක්‌ සහිත අයිතිවාසිකම් පද්ධතියක්‌ නිසා මෙවැනි සහනයක්‌ ලැබුණු බවයි.

එම රෝගී තත්ත්වවලින් පෙළෙන්නන්ට සහනයක්‌ ලබා දීමට යුරෝපයේ ඇතැම් රටවල ඉඩ සලසා තිබෙනවා. නෙදර්ලන්තය, ස්‌විස්‌ට්‌සර්ලන්තය, බෙල්ජියම, ලක්‍ෂම්බර්ග් හා අමෙරිකාවේ ඔරිගන් ප‍්‍රාන්තය. එවැනි රටවල් කීපයක්‌. එහෙත් එය ලැබෙන්නේ කොන්දේසි සහිතවයි. විශේෂයෙන් හිපොක‍්‍රටික්‌ දිවුරුම එය අනුව එම මරණය හිංසාවෙන් තොර වූ එකක්‌ විය යුතුයි.

වෛද්‍ය ජෝන් විල් පවසන්නේ ටෝනි නික්‌ලින්සන්ගේ ආයාචනය සාධාරණ වුවත් ඒ සඳහා නීති ප‍්‍රතිපාදන සැකසීම අනිකුත් ජනතාව ගැන සලකා නොකළ යුතු යෑයි තමා සිතන බවය. මන්ද යත් සමාජයේ මෙවැනි රෝගී තත්ත්වයන් ඇති සියලූ දෙනාද ඒ සඳහා පෙළඹිය හැකි බැවින්ය.

එමෙන්ම යමෙකුට කවර කාරණයක්‌ නිසා හෝ දිවිතොර කර ගැනීමට ඉඩ දීම මනුෂ්‍යත්වයට හා සදාචාරවත් බවට එක නොවන නිසාය. එය මොන තරම් උමතු දෙයක්‌ විය හැකිදැයි ඔහු අහනවා. එහෙත් ටෝනිගේ බිරිඳ මේ කතා කරන්නේ දැඩි වේදනාවකින්. මුලදී මේ කරුණ කාගෙත් සිත කනස්‌සලූ කරන දෙයක්‌ වුණේ. ඒත් එහි අවසානය ඉතා පීඩාකාරී බව අපි කවුරුත් මමත්  දැන සිටියා.

ටෝනි තමාට මෙයින් ගැලවිය හැකි යයි අවුරුදු ගාණක්‌ බලා හිටියා. කෙළවරක්‌ නෑ. ඉතින් ඔහුට තවත් දුක්‌විඳීමට දීම සදාචාරයට එක දෙයක්‌ද?
ටෝනිගේ බිරිඳගේ උනන්දුව අඩු නොවූ නමුත් ඇය හුදකලාව උගුලක පැටලී ඇති බවක්‌ පෙණුනා. දවසින් දවස ගෙවී ගියේ කිසිදු විසඳුමකින් තොරවයි. ඇය හොඳටම හෙම්බත් වෙලයි ඉන්නේ. බැරිම තැන අපි ඔහුට ස්‌විස්‌හි පුනරුත්ථාපන සායනයකට යන්න යෝජනා කළා. ඔහු එයට විරුද්ධ වුණා. ඔහු කියා සිටියේ තමාට  ඕනෑ වෙනත් රටක නන්නාඳුන අය අතර මැරෙන්නට නොව තම පවුලේ අය අතර දී මියයන්න බවයි.

මේ අතර ටෝනි තම බිරිඳ තමා නිසා වද වනු දැකීමෙන්, වරදකාරී හැgeමෙන්ද ඔහු පෙළෙනවා. 

අනේ ඔහුට දෙවියන්ගේ නාමයෙන් මේ පීඩාකාරී දුක්‌ ගොඩින් මිදී මරණය වෙත යන්න ඉඩ දෙන්න. යයි ටෝනිගේ බිරිඳ කියන්නේ ඒ නිසාය.

 නමුත් මා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු ඉක්මණින් සනීප වෙන ලෙසටය. ඔහුගේ බිරින්ඳට ඔහුව ආදරෙන් රැක බලා ගැනීමට දර්යය දෙන ලෙසටය. ඔහුට ජීවත් වෙන්න මාර්ගයක් පෙන්වන ලෙසටය.

Thursday, May 31, 2012

හීන කොච්චර සුන්දරද

මෙතැන් සිට ඔබ අප බ්ලොගය හරහා නරඹන්නට යන්නේ හරියටම මිනිත්තුවක සිහිනයක්...... ඒක හරිම සුන්දරයි.....
හැබැයි අපි මේ බලන්නේ එක වීඩියෝවක් විතරයි......
ඒක බලලා ඔබ "අයියෝ මේ මොකක්ද...." කියලා සමහරවිට හිතයි. නැත්නම් "අනේ පවු" කියලා හිතයි....
ඒත් ඇත්තටම මේ වීඩියෝ එකේ ඉන්න මහළු පුද්ගලයා කොච්චර ආසාවෙන් ඒ හීනෙ දකිනවාද......
ඔවු එයා තාමත් ඒ හීන ලෝකෙ.....ඇහැරුණාම මොන තරම් දුකක් හිතට එයිද...
දැන් මේක කියෙව්වා ඇති, වීඩියෝව බලන්න....

Friday, May 18, 2012

ජීවිතේ අමතක නොවන ලත්සන


යාල දන්නවද? අද මම ජීවිතේ අමතක නොවන කට්ටක් කෑවා. අසනීප වෙලා පාරේ වැටිල හිටපු වසු පැටියෙක්ව වහනයක් ගෙන්නල සත්ව හොස්පිටල් එකට ගෙනිච්චා. ඌට බෙහෙත් විදල සේලයින් දුන්නා. පැය 3ක් ඒ මනුස්සයා එතන හිටිය කියල මගෙන් රු.2500/=ක ගස්තුවක් සහ හොස්පිටල් ගාස්තු. ම්ම්ම්ම්.......
 වෙන කෙනෙක්ගෙ සතෙක් ව මම ගෙනිච්ච නිසා කෝකටත් කියල පොලීසියට ගිහින් කීවා. පොලීසිය හොයගෙන යද්දි ඒ සතා හරක් මස් කඩ කාරයෙක්ගෙ. උන් හරක් ඇති කර කර ඕන උනාම මරල විකුණනවා. ඒ මනුස්සයා ගෙන්නුවට පස්සෙ ඒ මනුස්සයා කියනවා වසු පැටියා උගෙ නෙවේ කියල. දැන් පොලීසිය හරි කෙනාව හොයනවලු. හොයා ගන්න බැරි උනොත් මට අද හවස වසු පැටියාව ගෙදර ගෙනත් බලා ගන්න වෙනව. එත්....

මම ඉරිදා ඉදන් දිගටම ගෙදර නෑ. උදව් කරන්න ගිහාම මේ වගෙ අසරණ වෙනවා. ඒත් මොනා කරන්නද? ජීවත් වෙල ඉන්නේ ටික කාලයිනෙ....
------------------------------------------------------------

 පොලිසියට call kala අයිතිකාරයා හම්බ උනාද කියල දැනගන්න  call  කලාම 1st & 2nd එකට answer කලා. ඊට පස්සෙ නෑ. ඒ අතරෙ සත්ව හොස්පිටල් එකෙන් කතා කරනවා සතාව අරගෙන යන්න අනිවාර්යෙන්ම එන්න කියලා. වාහන අයිතිකාරයා කතා කරනවා  ගාස්තුව ඉල්ලලා. මට මල පැනලා හිටියේ.

ආයෙත් මං පොලීසිය land line 1ta call   කලා. ඒ රාළහාමී කීවා හරක් බලා ගන්න සිල්මෑණියන් ඉන්න පන්සලක් තියෙනවා. ඒකට වසු පැටියා බාරදෙමු කියලා. ඔය අතරෙ මගේ තාත්තී ජාතිය අමතනවා. අම්මිත් ජාතිය අමතල ගේනව අහෙම නෙවේ ගෙදර පැත්ත පළාතෙ කියල වැඩකට එලියට ගියා. යන්තන් හරි. එක කන්කරච්චලයක් ඉවරයි...!!!


අනේ මගෙ මගේ ලොකු අප්පච්චි... එයා තම්යි මේ ලොකේ ඉන්න හොඳම කෙනා දේශමාන්‍ය හරේෂ් කරුණානායක. ලොකු අප්පච්චි හිටියේ හම්බන්තොට ගිහින් එන ගමන්. මම කෝල් කරද්දි එයා හිටියේ කලුතර. පැය ගානක්   කරපු මහන්සියවත් නොබලා එයා ඉක්මනින්ම කොළඹ ඇවිත් මගෙ    සල්ලි දැම්මා.

අර වාහනයට කතා කරල කිව්වා. හරි මම  2500ම දෙන්නම් හැබැයි මට ඒ සතාව ගේන්න යන්න ඕනා කියලා. වාහනේ ආවා. මං හිතාන හිටියෙ වසු පැටියාව අරන් කෙලින්ම පොලීසියට යනවා කියලා. එහෙම හිතාන හොස්පිටල් එකට යද්දී මං ඈත ඉදන්ම දැක්කා ඌ එතන නෑ කියලා. කොහොම හරි ඌව ජීවත් කරනවා කියලා හිතුවා. ඒ අතර මං ඕනෙම දේකට හිත හදාගෙනයි හිටියේ.

අනේ ඔයාළ දන්නවද මං ඊට පස්සෙ දැක්කෙ මොකක්ද කියල. මට කියා ගන්න වචන නෑ. අනෙ අර සතා නැගිටගන්නවත් බැරිව වැටිල හිටිය ඒ අහිංසකයා ඔලුව උස්සලා තණකොළ කනවා. සත්ව රෝහලේ හිටපු වයසක uncle එයාගෙ ළඟින් ඉදං ඔලුව අත ගගා හිටියා. ඒ සතා වටේටම පහසුවට කොට්ට තියලා. අනේ   ඔයාට හුගාක් පිං. මම හොස්පිටල් එකට ගේද්දි ඌ හිටියේ නැඟිට ගන්නවත් බැරිව. බඩ හිස්ව. යන්තම් ඇස් ඇරිලා හිටියේ. පාරෙ වැටිලා හිටිය උගෙ ඇගේ වහන මැස්සෙක්වත් එලවා ගන්න බැරිව හිටියේ. ගුද මාර්ගයෙන් දිග පණුවො ගිහින්. එහෙම හිටපු සතා.  මගේ ජීවිත කාලෙටම  දැකපු ලත්සනම දේ

වහු පැටියාව නවත්ත ගන්න සත්ව රොහලේ   management බෑ කීවා.  දුලීප්  management 1ta හොරෙන් හෙට ඇවිත් ගෙනියනකම් නවත්තා ගත්තා.
 අද උදේ අම්මි, මායි, මල්ලී පන්සලට ගියා. පොඩි වැඩකට. ඒ ගිහාම ඊයේ වෙච්ච සිද්ධිය කියල මම හාමුදුරුවන්ගෙන් අහුව ඌව බලා ගන්න පුලුවන්ද කියලා. අපේ හාමුදුරුවො හුගාක් කැමැත්තෙන් හා කිව්වා.

මං හුගාක් සතුටින් ගියා හොස්පිටල් එකට. අනේ අයෙත් ඒ සතා මං ගේද්දි හිටියා වගෙමයි. එහෙම්ම වැටිලා හිටියා. ඒ ගමන්ම   කතා කරල තව සේලයින් දෙකක් දීලා බෙහෙත් එකකුත් විද්දලා කෙලින්ම පොලීසියට ගිහිං ඇහුවා හරක් අයිතිකාරයා හමුවුණාද කියලා. ඒත් නෑ.....
හොස්පිටල් අකෙන් කියනවා වසු පැටියාව ගෙනියන්න කියලා.
 next day 

මගෙ බලු පැටියා නැතිවෙලා හෙට හත් දවසෙ දානේ.......

Monday, May 14, 2012

Coca-Cola CEOගේ තත්පර 3 කතාව

බ්‍රයන් ඩයිසන් යනු Coca Cola සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරියෙකි(CEO). මේ ඔහු විසින් තත්පර 30කදී කරන ලද කෙටි දේශනයකි.

හිතන්න ජීවිතය කියන්නේ බෝල 5ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ්‍යයි.

ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා .
නමුත් අනෙක් බෝල හතර,එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශ හැදිලා තියෙන්නේ වීදුරු වලින්,ඒවා එක්වරක් බිම වැටුනොත් යලිත් පිලිසකර කල නොහැකි ආකාරයෙන් පලුදු වේවි.යලිත් කිසිම දිනක ඒවා පෙර පරිදි නොවේවි.
එම නිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදී මෙම වීදුරු බෝල හතර බිම වැටෙන්නට නොදී තබා ගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි.

කාර්යාල වේලාව තුල ඔබ ගන්නා වැටුපට සරිලන ලෙස කාර්යක්‍ෂමව සේවය කරන්න . නියමිත වේලාවට කාර්යාලයෙන් පිට වී ඔබේ පවුලට සහ ඔබේ මිතුරන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න . ඔබේ සිරුරට අවශ්‍ය විවේකය ලබා දී ඔබේ විනෝදාංශ වල යෙදීමටද අමතක නොකරන්න.

දෙයියනේ ! තාත්තා

යිසිකලය ගස යට නැවැත් වූ තාත්තා මාව ඉදිරිපස ලගේජ් එකෙන් බිමට බැස්සූවා..
පස්සේ තාත්තාගේ කමිසයේ සාක්කුවේ තිබූ කුඩා පනාවක් ගෙනා මගේ කොන්ඩය පීරා බීම හල තුලට මාව එක්කන් ගියා.
බීම බෝතල් ‍දෙකක් ගෙන තාත්තා මා අසලට පැමිණියා..
"චූටි පුතා බොන්න, පැණි බීම"
මම පැණි බීම වල‍ට ආස බැව් දැන සිටි තාත්තා මට පැණි බීම අරන් !
එක හුස්මට මම බීම බෝතලේ ඉවර කරා..
"රහයි "
"එහෙනම් පුතා මේකත් බොන්න"තාත්තා කිවුවා
"එතකොට තාත්තට"කියන ගමන් මම තාත්තාගේ බීම බෝතලයත් එක හුස්මට බී දැම්මා..
ආදරයෙන් මා දෙස බලා සිනාසුනු තාත්තා
" අපි එහෙනම් යමු පුතේ"
මම බයිසිකලේ ගාවට යනකොට තාත්තා ටැප් එකෙන් වතුර වීදුරු 2ක් 3ක් බොන හැටි මම ඈතට දැක්කා !!
දෙයියනේ ! තාත්තා ගොඩක් තිබහින් ඉදල තියෙන්නේ ...

දරුවන්ගේ තිබහ වෙනුවෙන් තම තිබහ ඉවසූ "තාත්තා" ආදරෙයි ඔබට !!ඔයාගේ තාත්තාත් ඔයාට ආදරෙයි

 උපුටා ගැනීම: Þàthùm Màdùshàñ (හිච්චි කොලුවා)

අතීතයෙන් තොර වර්තමානයක් හෝ අනාගතයක් නොමැත


Hachiko: A Dog’s Story/ Hachikoගේ කතාව

 Hachiko was brought to Tokyo in 1924 by his owner, a college professor named Hidesamuro Ueno. Each day, when Ueno left for work, Hachiko would stand by the door to watch him go. When the professor came home at 4 o’clock, Hachiko would go to the Shibuya Station to meet him.Though this simple act alone shows a tremendous amount of loyalty, that’s not the end of it: The following year, Ueno died of a stroke while at the university. Hachiko didn’t realize that he was gone, and so the dog returned to the train station every single day to await his master. He became such a familiar presence there, in fact, that the station master set out food for the dog and gave him a bed in the station. Even so, Hachiko never shifted loyalties –every day at 4 o’clock, he hopefully waited by the tracks as the train pulled in, searching for his best friend’s face among the people getting off.

Hachiko’s love for his master impressed many people who passed through the station, including one of Ueno’s former students, who became fascinated by the Akita breed after seeing Hachiko. He discovered that there were only 30 Akitas living in Japan, and began to write articles about Hachiko and his remarkable breed, turning the world’s most loyal dog into a household name, and creating a resurgence in popularity for the Akita.

 Hachiko died in 1935, after 10 long years of waiting for his master. But the dog would not be forgotten –a year before his death, Shibuya Station installed a bronze statue of the aging dog, to honor its mascot. Though the statue was melted down during World War II, a new version was created in 1948 by the son of the original artist. Go to the station now, and you’ll be able to see the bronze statue of Hachiko – still waiting, as ever, for his master to come home.

Hachikoව Tokyo වලට අරගෙන ආවේ එයාගේ ස්වාමියා වුනු Prof. Hidesamuro Ueno විසින්. ඒ 1924 දී. හැම උදයකම තමන්ගේ ස්වාමියා රාජකාරිය සඳහා විද්‍යාලයට යන අයුරු Hachiko බලාගෙන ඉන්නේ හරිම දුකින්. ඒ නිසාම හරියටම ස්වාමියා රාජකාරි නිමාවෙලා එන වෙලාවට එනම් හවස 4ට Shibuya Station එකට යන්නත් Hachiko පුරුදු වෙලා හිටියා.

දිනපතාම මේ කරන දේ සාමාන්‍යය පුරුද්දක් කියල කෙනෙකුට හිතුනත් මේ කතාවේ අවසානය නම් ඒක නෙමෙයි. මෙහෙම අවුරුද්දකට විතර පසුව තමා රාජකාරී කරපු විද්‍යාලයේදීම Prof. Ueno නහර පිපිරීමක් හේතුවෙන් හදිසියේ මිය යනවා. ඒත් මේ බවක් නොදත් Hachiko, පුරුදු පරිදි තම ස්වාමියාව මුණ ගැහෙන්න එදත් station එකට යනවා. ඒත් ස්වාමියා නෑ. ඊලඟ දිනයෙත් නැවතත් Hachiko station එකට නියමිත වෙලාවට ගිහින් ස්වාමියා බලාපොරොත්තු වෙනවා. ඒත් වැඩක් නෑ, ආයෙත් Prof. Ueno එන්නේ නෑ කියලා Hachiko පිළිගන්න කැමති නෑ.

මේ විදියට හැමදාම තම මිතුරා පැමිණෙන තුරු Hachiko මඟ රකිනවා. මේ නිසාම station එකේ හැමෝටම Hachiko හුරු පුරුදු කෙනෙක් වෙනවා. ස්ථානාධිපති වරයත් Hachikoට නිදාගන්න තැනක් station එකේම ලෑස්ති කරල දීලා කෑම බීමත් ලබා දෙනවා. මේ මොන දේ ලැබුනත් සවස 4 වෙද්දී තමන්ගේ යාලුවා සෙනඟ අතරින් මතුවන තුරු Hachiko බලා ඉන්නවා.

දිනපතා station එකට එන දහස් ගණනක් දෙනා Hachikoගේ මේ ක්‍රියාව ගැන පුදුම වෙනවා, ඒ වගේම කණගාටු වෙනවා. ඒ අතර Prof. Uenoගේ පරණ සිසුවෙකුද වෙනවා. ඔහු මේ "Akita" කියන සුනඛ වර්ගයට අයත් Hachiko වගේ අය ගැන තොරතුරු සොයා බලනවා. ඔහුට එහිදී දැනගන්නට ලැබෙනවා ජපානයටම ඒ වර්ගයේ සුනඛයින් ඇත්තේ 30ක් පමණක් බව. ඔහු Hachiko ගැන ලිපි ලියනවා. "Akita" යනු ලොව ස්වාමියාට කීකරුම සුනඛ වර්ගයක් බව ඔහු ලෝකයටම ඔප්පු කරනවා.

වසර 10ක් තම ස්වාමියා නැතිනම් තම මිතුරා එනතෙක් මඟ බලාගෙන ඉඳපු Hachiko අවසානයේ 1935 දී මිය යනවා. නමුත් කාටවත් Hachikoව ලේසියෙන් අමතක වෙන්නේ නෑ. Hachikoගේ මේ ක්‍රියාව වෙනුවෙන් Shibuya Station එකේ ලෝකඩ වලින් ස්මාරකයක් නිම වෙනවා. දෙවන ලෝක යුධ සමයේදී මෙය විනාශ වුනත් 1948 දී පළමු ස්මාරකය නිර්මාණය කල තැනත්තාගේ පුතණුවන් විසින් නැවතත් ස්මාරකයක් ගොඩ නඟනවා. අදට වුනත් ඔබ Shibuya Station එකට ගියොත් තම ස්වාමියා එනතුරු මඟ බලා සිටින Hachikoව දැකගන්න පුළුවන්.