මනුෂ්‍යත්වය සොයා යමි

Thursday, April 12, 2012

පරිත්‍යාගය

මං එදා උදේ බස් එකට නැග්ගෙ, අම්මාව බලන්න ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන. මගේ අතේ අම්මාට උදේට කන්න ගෙනියන්න ඉඳිආප්ප පාර්සලයකුයි, කිරිහොදි දාපු භාජනේකුයි තිබුණා. පාන්දර 5 ට කොළඹ යන බස් එකේ මට වාඩිවෙන්න සීට් එකක් ලැබුණා. අම්මාගේ කෑම එක ඉහිරෙන්නෙ නැතුව පරිස්සමට ගෙනියන්න සීට් එකක් ලැබුණු එක ලොකු දෙයක්.
කහතුඩුවේ හන්දියේ බස් එක නතර කළා. දරුවෙක් ලැඛෙන්න හිටපු ගෑණු ළමයෙකුයි, එයාගේ මහත්තයායි බස් එකට නැග්ගෙ ඒ වෙලාවේ. මම ඉක්මනට නැගිටලා වාඩිවෙන්න ඉඩ දුන්නා. බඩදරු අම්මා කෙනෙකුට මගේ අතේ තිබුණු කෑම පාර්සලේවත් දීලා බරක් වෙන්න මගෙ හිත ඉඩ දුන්නේ නෑ. බස් එක පුදුම වේගෙන් කොළඹට ගියේ. සෙනගත් එන්න එන්නම වැඩිවුණා. කෑම පාර්සලය එහෙට මෙහෙට වේගෙන් පැද්දුණා.
 පිළියන්දලදී, අර ගෑණු ළමයාට එහා පැත්තේ හිටපු මනුස්සයා බැස්සා. මම එතනින් වාඩිවෙන්න හදනකොටම ඒ ගෑනු ළමයා මට කිව්වා, "මෙතන මගේ හස්බන්ඩ්ට ඉඳගන්න ඉඩ දෙනවාද?" කියලා මම නිහඩ වුණා... එයාගේ හස්බන්ඩ් ඇවිත් සීට් එකෙන් ඉඳගත්තා. මම කෑම එකත් අතේ තියාගෙන තාම හිටගෙන. බස් එක විදුලි වේගෙන් ආපු හින්දා 5.50 වෙනකොට ටවුන් හෝල් වලින් බැහැගන්න පුළුවන් වුණා. මම පුළුවන් තරම් ඉක්මනට අම්මාව බලන්න ඉස්පිරිතාලෙට ගියා.
මං කෑම එක ගේනකම් අම්මා බලාගෙන ඉන්නේ. මම වාට්ටුවට ගිහින් අම්මාගෙ ඉස්සරහ කෑම එක දිග ඇරියා. අනේ දෙයියනේ කිරිහොදි ටික ඔක්කොම ඉහිරිලා. අමාරුවෙන් ඉඳිආප්ප ටික විතරක් එළියට ගත්තා. ඒත් හොදි නැතුව ඉඳිආප්ප විතරක් අම්මාට කන්න දෙන්නෙ කොහොමද? අම්මා කවදාවත් කඩේ කෑම කන්නේ නෑ.
අම්මා මං දිහා බලලා, ඇස් පුංචි කරලා ආදරෙන් හිනා වුණා.
 "කමක් නෑ මගේ පුතේ, මං ඉදිආප්ප ටික නිකම් කන්නම්" ඒ වෙලාවේ මට ඇතිවුණු හැඟීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මේ ලොකේ හැම අම්මා කෙනෙක් ගැනම මගේ හිතේ තිබුණේ පුදුමාකාර ගෞරවනීය හැඟීමක්. උදේ බස් එකේදී සිද්ධවුණු සිද්ධියද මේ හැමදේටම මුල කියලා මට හිතුණා.

 මේ වගේ දේවල්වලට මහමගදී ඔබත් මුණදීලා ඇති. ඔබේ පරිත්‍යාගශීලිභාවය කෙනෙකුට ලොකු පිහිටක් වෙන්න පුළුවන්. ඒත් තවත් වෙලාවක ඔබටම කරදරයක් වෙන්නත් පුළුවන්. ඔබට මොකද හිතෙන්නේ?

The Red Light | රතු එළිය

ය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්... ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා.
"ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන"

දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා.

"ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.”

මෙහෙම දිගටම පාඩම විස්තර කරගෙන යනකොට ගුරුතුමියට හිතුනා ළමයින්ට කම්මැලි වගේ කියල. ගුරුතුමිය ටිකක් පාඩම වෙනස්කළා.

"හරි, හොඳ ළමයි වගේ දැන් මට කියන්න රතු එළිය වැටිල තියෙනවට අකමැති ළමයි කවුද කියල. ආ එහෙනම් අත උස්සන්නකො බලන්න”

Traffic lights වල රතු එළිය වැටී ඇතිවිට ළමුන් පමණක් නොවෙයි කවුරු වුනත් අකමැති බව දැන දැනත් ගුරුතුමිය ඒ ප්‍රශ්නය ඇහුවේ ළමයින්ගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නයි.

පන්තියේ සියළුම ළමුන් එකහෙළා අත් උඩට ඔසවාගෙන සිටි නමුත් දෙවැනි පේළියේ අවසානයේ ඉඳගෙන හිටිය සුපුන් අත් උස්සන්නේ නැතිව බිම බලාගෙනම ඉන්නවා ගුරුතුමිය දැක්කෙ ටිකක් වෙළා ගිහිල්ලා. ගුරුතුමියට ටිකක් පුදුම හිතිල සුපුන්ට කතා කළා.

"සුපුන්, පුතේ ඔයා ඇයි අත් උස්සන්නෙ නැත්තේ? ඇයි ඔයා traffic lights එකේ ඉන්න ආසයි ද?”

ළමයි හිනා වුනා.

සුපුන් තාමත් බිම බලාගෙන වමි කකුලේ දාල තිබුණු කැඩිච්ච සපත්තුවෙන් එළියට පැනපු ඇඟිල්ලෙන් සිමෙන්ති පෙළොවේ කුරුටු බලි ඇන්දා.

"පුතේ උත්තරයක් දෙන්න... කියල තියෙනවනේ ගුරුවරු ප්‍රශ්නයක් ඇහුවම කථාකරන්න ඕන කියලා”

ගුරුතුමියගේ හඬ සුපුන්ට ඇහුනේ දෝංකාර දෙන ගමන්. හිමීට ඔලූව උස්සල පුටුවෙන් නැගිටපු සුපුන් ''ටීචර් මම රතුපාටට හරිම ආසයි. ඒකයි මම රතු එළිය වැටිල තියෙනවට කැමති” කියලා ගුරුතුමියගෙ මූණ බලන්නෙත් නැතුව අහක බලාගෙන උත්තරයක් දීලා වාඩි වුනා. අහිංසක වගේම චිත්‍ර ඇඳීමෙහි දක්ෂයෙක් වූ සුපුන් අතින් සිත්තම් වුණු එකම චිත්‍රයකවත් රතුපාට අහලකවත් යොදාගෙන නැතිබව හොඳින්ම දැනසිටින ගුරුතුමියට සුපුන් මේ කිවුවේ ඇත්තක් නොවන බව ක‍ෂණිකව වැටහුණා.
ර්‍
"බොහොම හොඳයි පුතා. තමන් කැමතිදේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ සුපුන්ගෙ කැමැත්ත”

පාසල ඇරුණා... ළමයි ඔක්කොම ගෙවල් වලට යන්න ලහි ලහියේ පිටත්වුණා.

''සුපුන් පොඩ්ඩක් ඉන්න පුතේ”

ගුරුතුමිය සුපුන්ව නවත්ත ගත්තා. ළමයි ඔක්කොම යනකන් ඉඳලා ගුරුතුමිය සුපුන්ගෙන් මෙහෙම ඇහුවා.

''පුතේ ඇයි ඔයා ඒ වෙලාවෙ බොරු කිවුවේ? ඔයා රතුපාටට ආස කෙනෙක් නෙවෙයි. ඇයි ඔයා රතු එළියට කැමති? මට ඇත්ත කියන්න පුතේ... ”


සුපුන් ටික වෙළාවක් බිම බලාගෙනම කල්පනා කළා. ටික වෙලාවකින් බිම බලාගෙනම එකදිගට මෙහෙම කියාගෙන ගියේ ඉකි ගහන ගමන්.

"ටිචර්, අපේ තාත්ත traffic lights තියෙන තැන්වල නවත්තන වාහන වලට හඳුන්කූරු විකුණල තමයි අපිට කන්න දෙන්නෙ... කොළ එළිය වැටුණු ගමන් තාත්තගෙන් හඳුන්කූරු ගන්නෙ නැතුව වේගයෙන් යන වාහන දිහා අපේ තාත්ත හරිම දුකෙන් බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා... මට ඒ වෙලාවෙ තාත්තගෙ මූණ මතක්වුණා... රතු එළිය වැටිල තියෙනවට මම ආස එකයි ටීචර්...”
නිමි.

සැණකෙළියේදී හමුවූ අමුත්තා...

සැණකෙළියක් බලන්න පුංචි පවුලක් ඇවිත් හිටියා. එතන හිටියෙ අම්මයි තාත්තයි දුවයි පුතයි. බැලූ බැල්මට බොහොම අමාරුවෛන් එදා වේල හොයාගෙන ජීවිතය ගැට ගහ ගන්න උත්සාහ කරන පවුලක්. කාලෙකට පස්සෙ තමන්වයි දරු දෙන්නවයි එක්කරගෙන ස්වාමියා ආපු මේ ගමන ගැන බිරිඳ තුළ තිබුණේ ලොකු සතුටක් වගේම කියාගන්න බැරි ආදරයක්. පුංචි දරු දෙන්නටත් මේ ආපු ගමන ගැන අදහගන්න බැරිවෙලා. තමන්ගෙ තාත්තා දිහා බැලූවෙ වීරයෙක් දිහා බලනව වගේ. ඔන්න ඉතිං මේ පුංචි පවුලත් ආසාවෙන් මාරක ළිඳේ වික්‍රමය බලන්න කියලා ඒ පෝලිමට එක්වුණා. පුංචි හිත්වලට නම් එක එක ප්‍රශ්න.මොකක්ද මාරක ළිඳ කියන්නෙ? ඒකෙ මොනවද වෙන්නෙ? කවුද ඒකේ ඉන්නෙ? දාහක් ප්‍රශ්නග. ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න තාත්තට සිද්ධ වුණා. පෝලිම ටික ටික ඉස්සරහට ගියා. දැන් ටිකටි ගන්න වාරෙ. හතර දෙනාගෙම ටිකටිවල ගාන එකතු කරලා කවුන්ටරේ හිටපු ඉලන්දාරියා ගාන කිව්වා.
”රුපියල් තුන්සීයයි”
”රුපියල් තුන්සීයක්?” තාත්තගෙ ඇස් උඩ ගියාග මුහුණ අඳුරු වුණා. එච්චර ගානක් වෙයි කියලා ඔහු නිකමටවත් හිතන්නෙ නැතුව ඇති. ටිකටි ගන්න කියලා කළිසම් සාක්කුවෙන් එළියට ගත්ත රුපියල් සීය අතටම ගුලිකරගෙන ඔහු අසරණ කමින් බිරිඳ දිහා බැලූවා.
ඔය අතරෙ මේ පෝලිමේ මේ පවුලට පිටිපස්සෙන් හිටපු පුද්ගලයා වෙච්ච හැමදෙයක්ම හොඳට බලාගෙන හිටියා. එයා කවුද කියන්න මංවත් දන්නෙ නෑ. අපි එයාට 'හිතවතෙක්' කියමුකො. වෙච්ච හැම දේ ගැනම ඔහුට හොඳට තේරුණා. හොඳට ඇහුණා. ඒ වෙලාවෙ අපේ හිතවතාට හොඳ අදහසක් පහළ වුණා. ඔහු ටිකටි ගන්න ගමන් ළඟ තිබ්බ සල්ලි ටික ගුලි කරලා බිමට දැමිමා.
”මහත්තයා මේ ඔයාගෙ සල්ලි වගයක් බිම වැටිලා”
අපේ හිතවතා බිමට දැම්ම සල්ලි ටිකල අර අසරණවෙච්ච තාත්තට පෙන්නලා සල්ලි ටික ඇහිඳලා ඒ තාත්තගෙ අතට දුන්නා. ටිකට් ගන්න සල්ලි මදිවෙලා අසරණ කමින් බලාගෙන හිටපු තාත්තා මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවයි හිටියෙ.
කොහොමහරි ටිකට් හතර අරගෙන කට්ටියම ඇතුල්වුණා. මොහොතකට අර තාත්ත හැරිලා පෝලිමේ පිටිපස්ස බැලූවා. අපේ හිතවතා පෝලිමේ හිටියෙ නෑ. ඔහුට කාරණේ වැටහෙන්න ගත්තෙ දැනුයි. හතර වටේ දුවපු ඔහුගේ ඇස් සැණකෙලියේ හිටපු පිරිස් අතරින් ඈතට යන අපේ හිතවතාව දැක්කා.
”ස්තුතියි... බොහොම ස්තුතියි” ඔහු හිතින් මිමිනුවා..

Wednesday, April 4, 2012

බඹා කෙටූ හෑටි

ක දුප්පත් ගමි ගනු ළමයෙක් හිටියා. ඈ හරිම දුප්පත්. අම්මා තාත්තා පවා නෑ. ඉතින් මේ ගෑනු ළමයා හෑමදාම ගමේ දේවාලයට ගිහින් දෙවියන්ගෙන් එක දෙයක් ඉල්ලනවා. 
මේ දුප්පත් ගෑනු ළමයා හෑමදාම ඉල්ලුවේ එයාව සරණ පාවා ගන්න කුමාරයෙක් එවන්න කියලයි. ඉතින් දෙවියන්ට මේ පිරිසිදුව කරන කණ්නලව්ව ඈහුණා. එක දවසක් ඈය දේවාලයේ ඉදලා ගෙදර එද්දි කුමාරයෙක් ඈවිත් උන්නා. මේ දුප්පත් ගෑනු ළමයාට හරිම පුදුමයි. ඒ වගේම සතුටුයි. කුමරයා ලගට ඈවිත් ඈහුවා මාව බදින්න කෑමතිද කියලා. ගෑමි කෙල්ල ඔව් කිව්වා.. කුමරයා ඈයව මාලිගාවට එක්කන් ගිහින් කුමරියක් වගේ සරණ පාවා ගත්තා.. 
එත් හෑමදාම කුමරයා කුමරිකාව ලග නෑ. කුමරයා ඉන්නේ ඔහුගේ පෙම්වතියන් එක්ක අන්තoපුරයේ. යුවතියට මේ ජීවිතය එපාම උනා. ඈය අයෙත් ඈගේ දුප්පත් පෑළට අවා. 
ටික දවසකින් ඈය අයෙත් දෙවියන් ළගට ගිහින් දුප්පත් ගෑමි කොල්ලෙක්ව ඉල්ලලා කන්නලව් කළා. හරියටම මස තුනකින් දෙවියන් දුප්පත් කොල්ලෙක් එව්වා. කෙල්ලට හරිම සතුටුයි. දෑන් දෙන්නා පුoචි ගෙදර ජීවත් වෙනවා. එත් මේ කොල්ලා ගෙදර එන්නෙ හොදටම බීගෙන. ඈවිත් කෙල්ලටත් ගහලා නිදා ගන්නවා. අයෙත් උදේ එලියට යනවා. හවසට බීලා ගෙදර එනවා. දවසක් කොල්ලා බීලා ඈවිත් කෙල්ලට ගහලා එලියට දෑම්මා.
 අනේ අයෙත් මේ දුප්පත් කෙල්ල දෙවියන් ළගට ආවා.. ඒ කුමාරයෙක්වත් කොල්ලෙක්වත් ඉල්ලන්න නෙවේයි. ඈයි දෙවියන් මට මෙහෙම අයම එව්වෙ කියලා අහන්න. මාස තුනකට පස්සෙ එක දවසක් දෙවියන් මේ ගෑණු ළමයා ඉදිරියේ පෙනී සිටියා. 
"ඈයි මට මෙහෙම ගෑළපෙන්නේ නෑති කුමාරවරු කොල්ලෝ එව්වේ..." 

 "මම දුන්නේ ඔබ ඉල්ලුව දේ... කුමාරයෙක් ඉල්ලුවා. මම දුන්නා. පස්සේ ඈවිත් දුප්පත් කොල්ලෙක් ඉල්ලුවා. මම දුන්නා.
 " එත් ඒ එක්කෙනෙක්වත් මට ආදරේ කලේ නෑනේ. ....." 
 "පුදුම වෙන්නෙ දෙයක් නෑනේ..ඔබ ඔබට මවපු කෙනාව මගෙන් ඉල්ලුවේ නෑනේ දියණිය. ඔබ එහෙම ඉල්ලුවානම් ඔබටම කියලා මවලා තිබුන කෙනාව මම එවනවා"
 දෑන් මට දෙන්න මටම මවපු කෙනාව. 
දෑනටමත් මම එයාව එවල තියෙන්නේ. උදේට ඔබට කිරි අරන් එන කිරි ගෙදර කොල්ලා තමයි මම ඔබටම මෑව්වෙ. යන්න එයාව හම්බවෙන්න. 
කිරි ගෙදර කිරි බණ්ඩගෙ පුතා සුදු බණ්ඩයි කෙල්ලයි පස්සෙ හරි සතුටින් ජීවත් උනා. දෙවියන්ගෙන් ඉල්ලන්න ඔනා එයා ඔයාට මවපු කෙනා මිසක් වෙන කෙනෙක් නෙවේ. එක තමා ඔයගේ සoසාර ගෑටේ.

Tuesday, April 3, 2012

ගල් සුප්

සර ගණනාවකට ඉහත දිනක් චීනයේ කුඩා ගම්මානයකට පැමිනියේ වසර ගණනාවක් පැවති සටනකට සහභාගී වී සාගින්නෙන් සහ පිපාසයෙන් පෙලෙමින් උන් සොල්දාදුවන් තිදෙනෙකි. වසර ගණනාවක් තිස්සේ පැවති සටන් නිසාත් දැඩි නියගය නිසාත් ඉතා සුළු අස්වැන්නකට පමනක් හිමිකම් කියූ ගම්වැසියන් ඔවුන් සතුව තිබූ ආහාර සියල්ල සොල්දාදුවන් ගේ පැමිනීමත් සමගම සැගවූහ..
ගම්මානය මධ්‍යයේ තිබූ එලිමහන් භූමියේදී සොල්දාදුවන් තිදෙනා හමුවූ ගම්වැසියන් තම දුක් ගැනවිලි සොල්දාදුවන්ට පවසා ඔවුන්ට ආහාර සදහා දීමට යමක් නොමැති වීම ගැන අතිශයින් කණගාටු වන බව පැවසූහ. සොල්දාදුවන් කලබල වූයේ නැත,ඔවුන් ගමේ වැඩිහිටියන් වෙත තම අදහස් දැක්වූ පලමු සොල්දාදුවා මෙසේ පැවසීය
"ඔව් අපට පේනවා නියගයත් යුද්ධයත් නිසා ඔබේ වගාවන් සියල්ල පාලු වී ඇති බව,ඒ නිසා අපට දීමට කිසිවක් ඔබ සතුව නැති බවත් අපට වැටහෙනවා,ඒ නිසා අප සතුව ඇති දේ අප ඔබට ලබා දෙන්නම්,ඒ ගල් වලින් රසවත් සුප් එකක් සාදා ගන්නා රහස් වට්ටෝරුවක්"
ගම් වැසියන් විශ්මයට පත් වූ අතර මුහුනු කුතුහලයෙන් බර විය. විශාල ලිපක් සෑදූ ඔවුන් ඒ මතින් ඔවුන් සතුව තිබූ විශාලම කල්දේරම තැබූහ.. එයට ඇති පදමට වතුර දැමූ පසු සුදු පැහැති වටකුරු ගල් තුනක් තම ගමන් මළු තුලින් ගත් සොල්දාදුවන් ඒවා කල්දේරම තුලට දැමූහ..
"තව මොහොතකින් මෙයින් රසවත් සුප් එකක් පිලියෙල කර ගන්න අපට පුලුවන්" දෙවෙනි සොල්දාදුවා පැවසීය. "ඒත් මේකට ලුණු ටිකකුත් ලීක්ස් ටිකකුත් එක් කලොත් එය වඩාත් රසවත් වේවි"
"හොද වෙලාවට මට මතකයි ලීක්ස් ටිකක් ඉතිරි වෙලා තිබුනා අපේ ගෙදර,මම ඒවා ගේන්නම්" පැවසූ ගම් වැසියෙක් ඔහුගේ නිවසට දිව ගියේය. තවත් එකෙක් දිව ගියේ ලුණු රැගෙන ඒමටයි.පලමු ගම් වැසියා මද වේලාවකින් ලීක්ස් පොදියක් රැගෙන දිව ආවේය..
කල්දේරම රත් වෙන්නට රත් වෙන්නට ගම් වැසියන්ගේ මතකය දියුණු විය,තම නිවෙස් වල ඇති එලවළු වර්ග ඔවුන්ට මතක් වූ අතර ඒවායින් කල්දේරම පිරෙන්නට විය.. අවසානයේ සුප් එක පිස අවසාන වූ අතර ගම් වැසියන් සියළු දෙනා සමග සොල්දාදුවන් තිදෙනා සුප් හොද්ද රස බැලූහ..තමන් ජීවිතයේ රසවිද ඇති රසවත්ම සුප් හොද්ද එය බව සෑම ගම්වැසියෙකුගේම අදහස විය
එදින රාත්‍රියේ ගම් වැසියන් තම නව මිතුරන් වූ සොල්දාදුවන් තිදෙනා වෙනුවෙන් සාදයක් පැවැත්වූ අතර ඔවුන් ගීත ගයමින් නටමින් මහත් සේ විනෝද වූහ.
පසුදින උදෑසන සොල්දාදුවන් යලි පිටත් වීමට සූදානම් වූ අතර ඔවුන් ඉදිරියට පැමිනි ගම් වැසියන් බොහෝ දෙනෙක් විශාල ආහාර පොදියක් ඔවුන් ඉදිරියෙන් තැබූහ.. "ඔබ තිදෙනා අපට විශාල ත්‍යාගයක් ලබා දුන්නා,ඒ ගල් වලින් සුප් හදන වට්ටෝරුව,ඒ සදහා අපෙන් ඔබට දෙන කුඩා ත්‍යාගයක් මේ" ගමේ වැඩිහිටියෙන් පැවසීය.
"ඔබට ගොඩාක් ස්තූතියි...ඒත් එහෙම කිසිම රහස් වට්ටෝරුවක් අපි ලග නෑ...ඔබ ලග ඇති දේවල් වැඩි වැඩියෙන් බෙදා හදා ගන්න,එවිට ඔබට වැඩි වැඩියෙන් ලැබේවී" තෙවෙනි සොල්දාදුවා මෙසේ පැවසූ අතර ඔවුන් ගම්මානයෙන් පිට විය.

Heart Melting Story: මවකගේ ආදරය

A Woman was Admitted in Hospital
as She was Suffering from Brain Tumor..:(

... Her Son & Relatives were Around Her,
She Died within a few Hours..:'(

Her Son Cried the whole Day & Became Ill.
He Returnd Home the Next Day;
& Wen He Opened His Moms Cupboard,
He found some Tablets kept in a Letter,!!
In the Letter it was Written:
" TAKE THESE TABLETS DEAR;
I know U Catch Cold Easily after Crying..[:'( :(

-"MOTHERS LOVE MAKE IT LIVE LONG..♥"
" Like if you're touched tag & share if u also Love ua MOM so much


තා දරුණු මොළයේ පිලිකාවකින් පීඩා විදින කාන්තාවක් රෝහල් ගත කල අතර ඇය පසු වූයේ ඉතා අසාධ්‍ය තත්වයෙන්. ඇයගේ සැමියා පුතා ඇතුලු නෑදෑ හිතවතුන් ඇය අසලම රැදී සිටියා. වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දැරුවත් ඇයව බේරා ගැනීමට හැකි වුනේ නෑ,පැය කීපයකින් ඇය මිය ගියා.
ඇයගේ එකම පුතා මහත් ශෝකයෙන් දවස පුරා හඩා වැලපුනා.
පසු දින නිවසට පැමිනි ඔහු මවගේ අල්මාරිය ලගට ගොස් එය විවෘත කලා. ඔහු දුටුවා අල්මාරියේ මවගේ ඇදුම් වලට උඩින් යම් පාර්සලයක් සමග ලිපියක් ඇති බව. පාර්සලයේ තිබුනේ පෙති කීපයක්.
මවගේ අත් අකුරින් ලිපියේ මෙසේ ලියැවී තිබුනා...
"මගේ පුතා මේ බෙහෙත් බීලා ටිකක් නිදා ගන්න.මම දන්නව ගොඩක් ඇඩුවම පුතාට උන හැදෙන බව" . . . . . . . මවගේ ආදරයට සම කල හැකි ආදරයක් ලබා දීමට මිහිපිට කිසිවෙකුට නොහැක.

හාදු පෙට්ටිය

මිනිසෙක් තම 3 හැවිරිදි දියණියට දඩුවම් කලේ ඇය රත්‍රන් පැහැති තෑගි දවටනයක් නාස්ති කල නිසාවෙන්. ඔහු පසු කරමින් සිටියේ මූල්‍ය වශයෙන් ඉතාමත් අපහසු සමයක් වූ අතර නත්තල් ගස අසලින් තබන තෑගි පෙට්ටියක් සැරසීමට රත්‍රන් පැහැති දවටනයක් තම කුඩා දියණිය විසින් භාවිතා කිරීම පිලිබදව ඔහු දැඩි ලෙස කෝපයට පත් වුනා.
කෙසේ නමුත් පසුවදා උදෑසනම එම තෑගි පෙට්ටිය රැගෙන ඔහු අසලට පැමිනි දියණිය "මේ තාත්තිට මගෙන් තෑග්ගක්" පැවසූ විට තමන් පෙර දිනයේ හැසිරුනු ආකාරය පිලිබදව පසුතැවුනත් ඔහු යලි කෝපාවිෂ්ඨ වුනේ එය එය හිස් පෙට්ටියක් පමනක් වූ නිසාවෙන්.
"ඔය ළමයා දන්නේ නැද්ද කෙනෙකුට තෑග්ගක් දෙනකොට හිස් පෙට්ටියක් දෙන එක සුදුසු නැති බව?"ඔහු දියණියට යලිත් බැන වැදුනා.
දෑස් වල කදුලු පුරවා ගත් දියණිය හුරතල් හඩින් මෙසේ පිලිතුරු දුන්නා,
"තාත්ති ඒක හිස් නෑ ඊයේ රෑ මම ඔය පෙට්ටියට හාදු ගොඩාක් දැම්මා...ඒ ඔක්කොම තාත්තිට..."
දියණියගේ පිලිතුරින් මිනිසාගේ දෑස් කදුලින් තෙත් වූ අතර දියණියව තුරුලු කර ගත් ඔහු කීප වතාවක්ම ඇගෙන් සමාව ඉල්ලා සිටියා.
ඉන්පසු මිනිසා මිය යන තෙක්ම ඒ තෑගි පෙට්ටිය සුරැකිව තබා ගත් අතර ජීවිතයේ මානසිකව ඇද වැටුනු අවස්ථා වල එම පෙට්ටිය දෙස බලා එම පෙට්ටිය හාදු වලින් පිරවූ තම දියණිය තුල තමාට ඇති ආදරය පිලිබදව සිහිපත් කිරීමට ඔහු හුරු වුනා.
මෙලොව උපදින සෑම කෙනෙක්ම උපදින විටම රත්‍රන් පැහැති තෑගි පෙට්ටියක් රැගෙන මෙලොවට පැමිනෙන අතර එය දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ නෑදෑයන්ගේ යහලු හිත මිත්‍රාදීන්ගේ හාදු වලින් පුරවා ඇත.එය අප සතු වටිනාම වස්තුව වන අතර එය සුරැකිව ලග තබා ගැනීම අපේ යුතුකමයි.