මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

ඇරන් ලී රැල්ස්ටන්(Aron Lee Ralston)

ඡායාරූපයේ දැක්වෙන්නේ ඇරන් ලී රැල්ස්ටන්(Aron Lee Ralston) නැමති පුද්ගලයායි. ඇමරිකානු ජාතික කදු නගින්නෙකු වන ඔහු ප්‍රස්ද්ධ ධනාත්මක චින්තන දේශකයෙකුද වෙයි. මොහු 2003දී ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් තරණය කරන අතරතුර සිදු වූ අනතුරකදී සිය දිවි ගලවා ගැනීම සදහ තම දකුණු අත සිය සිරුරෙන් කපා ඉවත් කිරීම නිසා මොහු ලෝක ප්‍රසිද්ධ විය. වසර 2003 අප්‍රේල් 26 වන දා ඇරන් ලී රැල්ස්ටන් ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් නැගීම ඇරඹූ අතර එහිදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු අත ගල් බිත්තියක් සහ රාත්තල් 800ක් පමන බර ගලක් අතර සිර වුනි.අනතුර සිදු වන විට ඔහු සතුව තිබුනේ ආහාර ස්වල්පයක් ජලය ස්වල්පයක් සහ කුඩා කතුරු පිහියක් පමනි. අනතුර සිදුව පැයක් යාමට මත්තෙන් ඇරන් තමාට දිවි ගලවා ගැනීමට ඇති අවස්ථා පිලිබද විනිශ්චයක යෙදුනු අතර ඔහුට පෙනී ගියේ දිවි ගලවා ගැනීමට ඔහුට විකල්ප 4ක් පමනක් ඇති බවය.ඒවා නම්, කවුරුන් හෝ පැමින තමාව බේරා ගැනීම. ගල් පතුර කතුරු පිහියෙන් කඩා දමා අත නිදහස් කර ගැනීම. ගල් පතුර ඉවත්කර අත නිදහස් කර ගැනීම. අත සිරුරෙන් වෙන් කර දිවි ගලවා ගැනීම.
ඔහු සතු පස් වන විකල්පය මරණය වූ අතර ඔහු එම විකල්පය පිලිගැනීමට රුචි නොවීය. ඔහු දින කීපයක් දිවි ගලවා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය.නොයෙක් ආකාර වලින් ගල් පතුර ඉවත් කිරීමට උත්සාහ කල අතර කතුරු පිහිය ආධාරයෙන් ගල් පතුර කඩා දැමීමට උත්සාහ දැරීය,නමුත් එම උත්සාහයන් සාර්ථක නොවීය. අවසානයේ තම දිවි ගලවා ගැනීමට අවසන් උත්සාහය දැරීමට ඔහු ඉටා ගත්තේය,ඒ තම දකුණු අතේ වැලමිටෙන් පහල කොටස තම සිරුරෙන් කපා ඉවත් කිරීමයි. ඒ සදහා සහයට කිසිවෙකු නොසිටි අතර උපකරණයකට තිබුනේ ඔහුගේ කතුරු පිහිය පමනි. තම කතුරු පිහියේ තලය අතේ අස්ථි කපා දැමීමට තරම් ශක්තිමත් නොවුනු බව වැටහුනු බැවින් ඔහු ප්‍රථමයෙන් දකුණු අතේ අස්ථිය ගල් පතුරට තද කර බිද දැමීය.ඉන්පසු කතුරු පිහිය භාවිතා කර දකුණු අත සම්පූර්ණයෙන්ම සිය සිරුරෙන් වෙන් කර දැමීය.. පසුව ඔහු සිර වී සිටි ගල් දෙබුක්කාවෙන් ඉවතට පැමිනි අතර වෙනත් කදු නගින්නන් කණ් ඩායමක් ඔහුට හමු වූ අතර අවසානයේ ඔහුගේ දිවි ගැලවිනි. ඇරන් රැල්ස්ටන් සතු වූ අසාමාන්‍ය ධෛර්යත් ජීවිතය සදහා වූ මහත් ආශාවත් නිසා ඔහු ජීවිතය ගලවා ගත් අතර. පසුව ඔහු මෙම සිද්ධිය අලලා Between a Rock and a Hard Place නමින් පොතක්ද පල කලේය.2010 වසරේදී ඩැනී බොයිල් මෙම සිද්ධිය ඇසුරෙන් 127 Hours නමින් චිත්‍රපටියක්ද නිර්මාණය කලේය.

පාලම

මෙය බ්‍රිතාන්‍යන් ඉන්දියාව පාලනය කරන සමයේ සිදු වූ සිද්ධියකි. පම්බන් පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ඇති පාලමකි.මෙම පාලම ආරම්භ වන ස්ථානයේ ඔබට වැලපෙන මිනිසෙකු මිනිස් ශරීරයක කොටස් තම පපුව ආසන්නයට ඔසවාගෙන සිටින ආකාරයේ ස්මාරකයක් දැකිය හැකිය..
මෙම පාලම ඉදිකරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේ වන අතර මෙම පාලමේ විශේෂත්වය නම් මෙහි මැද කොටස විශාල යන්ත්‍රයක ආධාරයෙන් ඉහලට එසවිය හැකි වීමයි. එවිට මුහුදේ යාත්‍රා කරන නැව් ආදියට පහසුවෙන් පාලමට යටින් යාත්‍රා කල හැකි වේ.පාලම මතින් දුම්රිය මාර්ගයක් ගමන් කරයි.
නැවක් යත්‍රා කරන විට මෙහි වූ යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම එසවීම භාරව සිටියේ මැදිවියේ මිනිසෙකි. දිනක් නැවක් පාලම යටින් ගමන් කර මද වේලාවකින් ඔහු දුටුවේ ඈතින් දුම්රියක් සෙමින් සෙමින් පාලම දෙසට පැමිනෙන ආකාරයයි.ඔහු විසින් පාලම හැකි ඉක්මනින් පහත් කල යුතු වූ අතර එසේ නොමැති වුවහොත් දුම්රිය අනතුරට පත් වී දහස් ගණනක් මගීන් අනතුරට පත් විය හැකිව තිබුනි.
මේ අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 9ක් වන කුඩා පිරිමි දරුවා පියාගේ දිවා ආහාර රැගෙන පැමිනියේය.. පියා පාලම පහත් කිරීමට අපහසුවෙන් යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය දුටු කුඩා පිරිමි දරුවා දිවා ආහාරය පසෙකින් තබා තම පියාට සහාය දීමට යන්ත්‍රය අසලට පැමිනියේය.
ගත වූවේ මද වේලාවකි,කුඩා පිරිමි දරුවාගේ ඇගිල්ලක් යන්ත්‍රයේ දැති රෝද අතර සිර වුනි,ඔහු මහ හඩින් වැලපුනේය. මේ අවස්ථාවේ ඔහුගේ පියා කුඩා පිරිමි දරුවා බේරා ගැනීමට පැමිනියහොත් ඔහුට පාලම පහත් කිරීමට කාලය ප්‍රමානවත් නොවේ,එම නිසා කුඩා පිරිමි දරුවාගේ හැඩීම නොසැලකූ ඔහු දිගින් දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම පහත් කරවීය,දරුවා මදින් මද යන්ත්‍රය දෙසට ඇදී ගියේය.
පියාගේ නෙතින් කදුලු කඩා වැටුනු අතර ඔහු මහ හඩින් වැලපෙන අතර දරුවාගේ හැඩීම නොසලකා දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කලේය. ඔහු දරුවා බේරා ගැනීමට ක්‍රියා කලහොත් පාලම පහත් කිරීමට කාලය ප්‍රමානවත් නොවන අතර දහස් ගණනක් මගීන් මුහුදට වැටී මිය යනු ඇත.. කුඩා පිරිමි දරුවා සම්පූර්ණයෙන්ම යන්ත්‍රය තුලට ඇදී ගියේය.,ඔහුගේ අස්ථි යන්ත්‍රයේ දැති රෝද වලට හසුව බිදෙන ශබ්දය පියාට ඇසුනි.
මද වේලාවකින් මගීන් දහස් ගණනක් රැගත් දුම්‍ රිය නිරුපද්‍රිතව පාලම මතින් ගමන් කල අතර යන්ත්‍රය තුලින් තම පුත්‍රයාගේ සිරුර ඉවතට ගත් ඔහු මහ හඩින් වැලපෙන්නට විය අවංකව තම රාජකාරිය ඉටු කල මිනිසාට තම එකම පුත්‍රයා අහිමි විය....පසුව බ්‍රිතාන්‍ය පාලකයන් තම රාජකාරිය අවංකව ඉටු කල එම මිනිසාට ගරු කිරීමට එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කලෝය

'The Hands' සිතුවම්

හලොස් වන සියවසේ ජර්මනියේ නියුරම්බර්ග් නගරයට ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයක දරුවන් දහ අටදෙනෙකුගෙන් සමන්විත වූ පවුලක් විසූහ.. දරුවන් දහ අට දෙනෙකුගෙන් සමන්විත වූ විශාල පවුල නඩත්තු කිරීමට මහත් වෙහෙසක් ගත් රන්කරුවෙකු වූ පියා දිනකට පැය දහ අටකට ආසන්න කාලයක් රැකියාවේ යෙදුනේය.
කෙතරම් දිලිදු තත්වයක සිටියත් පවුලේ පිරිමි දරුවන් දෙදෙනෙකුට එක් සිහිනයක් විය. එනම් ඔවුන් දෙදෙනා මහත් සේ දස්කම් දැක්වූ චිත්‍ර කර්මය වැඩිදුරටත් හදාරා දක්‍ෂ චිත්‍ර ශිල්පියන් වීමේ ආශාවයි.නමුත් තම පියාට තමන් දෙදෙනාව අසල පිහිටි නියුරම්බර්ග් නගරයේ චිත්‍ර කර්මය උගන්වන පාසලකට යැවීමට තරම් වත්කමක් නොමැති බවත් ඔවුන් දෙදෙනාට හොදින් වැටහුනි.
දින ගණනාවක තර්ක විතර්ක වලින් පසු ඔවුන් දෙදෙනා සම්මුතියකට එලබුනි,ඒ අන් කිසිවක් නොව කාසියක් උඩ දැමීමටයි. ඉන් ජයග්‍රහනය කරන්නා නියුරම්බර්ග් නගරයේ විත්‍ර කර්මය උගන්වන පාසලට චිත්‍ර හැදෑරීමට යන අතර පරාජය වන්නා ඔවුන්ගේ ගම්මානය අසල පිහිටි පතල්වල සේවය කර අනෙකාට යන වියදම් දැරිය යුතුය. වසර හතරක් අවසානයේ පතල් වල සේවය කරන සහෝදරයා නියුරම්බර්ග් නගරයට ගොස් චිත්‍ර කර්මය හදාරන අතර චිත්‍ර කර්මය හදාරා අවසන් සහෝදරයා ඔහුට යන වියදම් සියල්ල සැපයිය යුතු වේ.
පසු දින උදෑසන පවුලේ සියලු දෙනා ඉදිරියේ කාසියක් උඩ දැමූ අතර ඉන් ජයග්‍රහනය කලේ ඇල්බ්‍රෙච්ට් ඩුයර්ය පරාජය වූයේ ඇල්බර්ට් ඩුයර්ය. ඇල්බ්‍රෙච්ට් නියුරම්බර්ග්හි විත්‍රකර්ම පාසල වෙත පිටත් වූ අතර ඇල්බර්ට් තම සහෝදරයාට අවශ්‍ය වියදම් සෙවීම සදහා අසල පිහිටි භයානක පතල්වල සේවය කිරීම සදහා පිටත් විය.
ඊළග වසර හතර පුරාවට ඇල්බර්ට් පතල් වල සේවය කරමින් ඉන් උපයන සියළුම මුදල් තම සහෝදරයා වන ඇල්බ්‍රෙච්ට්ට යැවූ අතර ඇල්බ්‍රෙච්ට් චිත්‍ර පාසලේ වූ දක්‍ෂතම සිසුවා ලෙස සාර්ථකව අධ්‍යාපන කටයුතු වල නිරත විය.. ඇල්බ්‍රෙච්ට්ගේ සිතුවම් ඔහුගේ ගුරුවරුන්ගේ සිතුවම් වලට වඩා අනර්ඝ වූ අතර වසර හතර අවසාන වන විට සිත්තරෙකු ලෙස සේවය කිරීමෙන් සැලකිය යුතු මුදලක් ඉපයීමට ඔහු සමත් විය.
ඇල්බ්‍රෙච්ට් ඩුයර් වසර හතර අවසානයේ තම ගම්මානය වෙත ලගා විය. සෑහෙන කලකින් තමන් වෙත පැමිනි ඇල්බ්‍රෙච්ට්ව පිලිගැනීමට එදින රාත්‍රී නිවසේ කුඩා සාදයක්ද පැවැත්වුනි. සියලු දෙනා ප්‍රීති වූ අතර අවසානයේ තමා වෙනුවෙන් වසර හතරක් පුරා පතල් වල දුෂ්කර දිවියක් ගෙවූ සහෝදරයා වෙනුවෙන් සව්දිය පිරීමට ඇල්බ්‍රෙච්ට් නැගී සිටියේය.
"ඉතින් දැන් මගේ මල්ලී ඇල්බර්ට්ට පුලුවනි නියුරම්බර්ග් වලට ගිහිල්ලා චිත්‍ර කර්මය ඉගෙන ගන්න,මම ඔක්කොම වියදම් දරනවා මල්ලී වෙනුවෙන්"ඔහු පැවසුවේය.
සියලු දෙනාගේම දෑස් ඇල්බර්ට් වෙත යොමු විය.. ඇල්බර්ට්ගේ සිදුමැලි මුහුන මතින් කදුලු ගලා යන්නට විය,සිහින් ඉකිබිදුමක් ඇසුනු අතර ඔහු "බෑ... බෑ...බෑ..." යනුවෙන් නොනවත්වා පවසන්නට විය.
මද වේලාවකින් ඇල්බර්ට් නැගී සිටි අතර කදුලු පිසදමා තමා දෙස බලා සිටින තම පවුලේ සියලු දෙනා දෙස බැල්මක් හෙලූ ඔහු අවසානයේ ඇල්බ්‍රෙච්ට් දෙස බලා මෙසේ පවසන්නට විය
"නෑ අයියේ මට නියුරම්බර්ග් යන්න බෑ...මම පරක්කු වැඩී. බලන්න අවුරුදු හතරක් පතලේ වැඩ කරපු මගේ අත් වලට වෙලා තියන දේ,ගල් වලට අහු වෙලා කැඩුනු නැති ඇගිලි පුරුකක් මගේ අත් දෙකේ නෑ,අයියත් එක්ක සව්දිය පුරන්න මගේ දකුණු අතින් වීදුරුවක්වත් ඔසවන්න හැකියාවක් මට නෑ,ඉතින් මම කොහොමද සියුම් චිත්‍ර අදින්නේ. ඒකට කමක් නෑ අයියේ,අයියා දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක් වුන එක ගැන මට ගොඩක් සතුටුයි"
පසු දිනක ඇල්බ්‍රෙච්ට් ඩුයර් වසර හතරක් පුරා පතලක දුක් විදිමින් සේවය කර තමාට චිත්‍ර ශිල්පියෙකු වීම සදහා මුදල් සැපයූ තම ආදරණීය සහෝදරයාගේ දෑත් සිත්තමට නැගූ අතර එයThe Hands යනුවෙන් නම් කලේය.
එදා සිට මේ දක්වා වසර 450කට ආසන්න කාලයක් ගෙවී ගිය අතර ඇල්බ්‍රෙච්ට් ඩුයර්ගේ කලා කෘති ලොව පුරා සෑම ප්‍රධාන කෞතුකාගාරයකම කලාභවනකම ප්‍රදර්ශනය කෙරේ. නමුත් ඔහුගේ සිතුවම් පිටුපස සැගවී ඇති සහෝදරයෙකුගේ උතුම් ආදරය පිලිබදව දන්නේ කී දෙනාද?

මසුන් මරන්නා සහ සාස්පාන

මිනිසුන් දෙදෙනෙක් මසුන් මැරීමට ගියා. මේ අයගෙන් කෙනෙක් මසුන් මැරීම පිලිබද අත්දැකීම් බහුල අයෙක් වූ නමුත් අනෙකා මසුන් මැරීමට ආධුනිකයෙක්. මේ දෙදෙනා මසුන් ඇල්ලීමට පටන් ගත්තා. මොහොතකින් අත්දැකීම් බහුල පුද්ගලයාට විශාල මාලුවෙක් හසු වුනු අතර ඔහු ප්‍රවේශමෙන් ඌව ඔහුගේ අයිස් පෙට්ටියට දැම්මා. ටික වේලාවක් ගත වූ පසු අනෙක් පුද්ගලයාටත් විශාල මාලුවෙක් හසු වූ නමුත් ඔහු යලිත් මාලුවාව ජලාශයට විසි කලා. මේ සිද්ධිය දිගින් දිගටම සිදුවුනා,විශාල මාලුවෙක් හසු වූ විට ආධුනික මසුන් මරන්නා මාලුවාව යලිත් ජලාශයටම මුදා හැරියා.
අත්දැකීම් බහුල පුද්ගලයා දිගින් දිගටම මේ දෙස බලා සිටි අතර අවසානයේ ඔහු මෙසේ ඇහුවා.
"ඇයි ඔබ හොද විශාල මාලු හසු වූ විට ඌව යලි ජලාශයට දමා කුඩා මසුන් පමනක් අල්ලන්නේ?"
ආධුනික මසුන් මරන්නා මෙසේ පිලිතුරු දුන්නා.
"අපේ ගෙදර මාලු බැදීමට තියෙන්නේ කුඩා සාස්පානක්"
ජීවිතයේ සමහර අවස්ථා වලදී අපත් ආධුනික මසුන් මරන්නා සේ අප වෙත පැමිනෙන විශාල අවස්ථා, විශාල සිහින, ඉහල රැකියා අවස්ථා ඉවත දමන්නේ අප සතු ආත්ම විශ්වාසයේ මද බව නිසයි. විශාල සාස්පානක් මිලදී නොගෙන තමාට හසු වන විශාල මසුන් යලි ජලාශයට මුදා හැරි මසුන් මරන්නාට සිනා සෙන අප කී දෙනෙක් තමාගේ ආත්ම ශක්තිය වැඩි කිරීම පිලිබද සිතනවාද? තමා වෙත පැමිනෙන කිසිම අවස්ථාවක් කරදරයක් යැයි සිතා ඔබේ ජීවිතෙයෙන් ගිලිහී යාමට ඉඩ නොදෙන්න.එය ග්‍රහනය කර එයින් ලබා ගත හැකි උපරිමය ලබා ගන්න මන්ද ඔබේ ජීවිතය සදහටම වෙනස් කරවන හැරවුම් ලක්‍ශය එය විය හැක. .

පැන්සලක් වෙමු

1. පැන්සල අපිට හැම වෙලේම ඉඩ දෙනව කැමති විදියට එයාව හසුරුවන්න අපිට චිත්‍ර අදින්න ලියන්න ලස්සන දේවල් වලට හොද වැඩ වලට ඉඩ දෙනව අපිට පැන්සල ඕන තරම් හොද වැඩ වලට පාවිච්චි කරන්න පුලුවනි කාට හරි අනින්න හැදුවොත් එයා තුඩගේ කැඩෙනව හානි කරන්න දෙන්නෙ නෑ අනවශ්‍ය වේගෙන් කුරුටු ගෑවත් කැඩෙනව ඒ වගේ අපිත් අනික් අයට අපිව හොද වැඩ වලට පමනක් පාවිච්චි කරන්න ඉඩ දෙමු

2. පැන්සල හැම වෙලේම ඉඩ දෙනව අපි ලියපු දේ මකල ආයෙ ලියන්න ඒක පැන්සල ගෙවෙනකම් කරතැකි කොයිම වෙලේකවත් බෑ කියන්නෙ නෑ තමන් කරපු වැරුද්දක් මකල හරි ගස්සනකන් පැන්සල අපිට ඉඩ දෙනව ඒ වගේ අපිත් අපේ වැරදි තියෙනවනම් හදා ගන්න ඉඩ දෙන්න ඔනහරියනකම්ම උත්සාහ කරන්න ඕන

3. පැන්සල ගෙවෙනව, ගෙවෙන්න ගෙවෙන්න පිහියකින් උල් කරනව පැන්සල මහන්සි වුණාම ගෙවෙනව ඒ වෙලාවට අපි උල් දෙයකින් කැපුවොත් එයා තවත් මුවහත් වෙනව අපිත් ඉගෙන ගන්න ඕන අපේ ජීවිතේට එන හැම බාධකයකටම පස්සෙම ආයෙ අලුතෙන් දිරිමත්ව නැගී සිටින්න පැන්සලක් වගේ

4. පැන්සලේ හොදම හරිය ඇතුලෙ තියෙන්නෙ මදය මිනිරන් කූර තමයි වටින්නෙ, පිට ඔපෙන් කවදාකවත් පැන්සල් මනිනන් බෑ ඒ වගේ අපිත් පිට ඔපේ අඩු කරල පැන්සල වගේ ඇතුලෙන් ගුණාත්මක වෙන්න ඇතුලින් දැනුවත් වෙන්න සමාජෙට හොද දේවල් බෙදන්න පුරුදු වෙන්න ඕන

5. පැන්සල වැඩ කරන්න කරන්න ගෙවෙනව කොට වෙනව ඒත් කවදාකවත් අඩන්නෙ නෑ අලුත් වෙනව ලියන්න හැබැයි ඒ වගේම එයා සුන්දර මතකයක් අපිට ඉතිරි කරනව පැන්සලේ ජීව කාලෙ අන්තිමට බැලුවොත් පොත් පිටු ගනන් පිරිල තියෙයි වැදගත් දේවල් ඒ වගේ අපිත් අපේ ජීවිතෙන් පස්සෙ මේ සමාජෙට ගුණවත් සුවද හමන දේවල් ඉතිරි කරන්න දැන්ම රැස් කරන්න ඉගෙන ගන්න ඕන

වයලීන් වාදකයා

සීතල ජනවාරි මාසයක උදෑසනක වොෂින්ටන්හි කාර්යබහුල දුම්රිය ස්ථානයකට පැමිනි මිනිසෙකු එහි පසෙකට වී තම වයලීනය පිටතට ගෙන එය වාදනය කිරීමට පටන් ගත්තේය. ඔහු විණාඩි 45ක් පුරාවට තම වාදනය නොනවත්වා කලේය . එම විණාඩි 45ක කාලය තුල ආසන්න වශයෙන් 1100කට වැඩි මිනිසුන් ප්‍රමානයක් ඔහුව පසු කරගෙන ගියෝය,ඔවුන් බොහෝ දෙනෙක් තම සේවා ස්ථානය බලා ගමන් කරන කාර් ය බහුල මිනිසුන් වූහ .
වාදකයා තම වාදනය ආරම්භ කර මිනිත්තු 3ක් පමන ගත වන විට මැදි වියේ මිනිසෙකු ඔහු අසල නතර වූ අතර තත්පර කිහිපයක් වාදකයාගේ වයලීන වාදනය අසා සිටි ඔහු යලිත් තම දුම්රිය බලා ලහි ලහියේ පිටත් විය .
වාදකයා වාදනය ආරම්භ කර මිනිත්තු පහකින් පමන ඔහුට ප්‍රථම ආධාරය ලැබුනි. තරුණ කාන්තාවක් එය ලබා දුන් අතර ඇය නොනැවතී ඔහු වෙත ආධාර මුදල විසි කර තම සේවා ස්ථානය බලා යාමට දුම්රිය ස්ථානයෙන් පිට විය .
තව මොහොතකින් වාදකයා අසල වූ බිත්තියට අයෙක් හේත්තු වූයේ වාදනය ශ්‍රවනය කිරීමට වූවත් මොහොතකින් තම ඔරලෝසුව දෙස බැලූ ඔහු කඩි මුඩියේ දුම්රිය ස්ථානයෙන් පිට විය.
වාදකයාගේ වාදනයට වැඩිම අවධානයක් යොමු කලේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි . මව ඔහුට තරවටු කල නමුත් වාදකයා අසල නැවතී ඔහුගේ වාදනය අසා සිටීමට කුඩා පිරිමි දරුවා අමතක කලේ නැත . අවසානයේ මව දරුවාගේ අතින් අල්ලා ඔහුව ඇද්ද අතර ඔහු වාදකයාව නොපෙනී යන තුරුම හිස හරවා වාදකයා දෙස බැලීමට අමතක කලේ නැත . කුඩා දරු දැරියන් බොහෝ දෙනෙකුගේම හැසිරීම මේ ආකාරයම ගත් නමුත් ඔවුන්ගේ මවුවරුන් සහ පියවරුන් ඔවුන්ට නොනැවතී ගමන් කිරීමට බල කලහ .
වාදකයා වයලීනය වාදනය කල මිනිත්තු 45ක කාලය තුලදී පුද්ගලයන් හය දෙනෙකු ඔහු අසල මොහොතක් නැවතී වාදනයට සවන් දුන් අතර පුද්ගලයන් විසි දෙනෙකු පමන ඔහුට මුදල් ආධාර ලබා දුන්හ . වාදකයා ඉපැයූ මුලු මුදල ඩොලර් 32ක් විය . අවසානයේ වාදකයා වාදනය නතර කලේය,ඔහු වටා නිශ්ශබ්දතාවයක් පැතුරුනි,කිසිවෙකුට එහි වගක් නොවීය, කිසිවෙකු අත්පොලසන් දුන්නේ නැත .
කිසිවෙකු නොදැන සිටි මුත් ඒ වාදකයා අන් කිසිවෙකු නොව වර්තමානයේ ලොව සිටින දක්‍ෂතම වයලීන වාදකයෙකු වන ජොෂුවා බෙල්‍ ය(joshua bell) . ඔහු වාදනය කලේ මෙතෙක් ලොව නිර්මාණය කර ඇති සංකීර්ණතම සංගීත ඛණ්ඩයකි. ඔහු ඒ සදහා භාවිතා කලේ ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයකි .
දුම්රිය ස්ථානයේ වාදනය කිරීමට දින දෙකකට පෙර ඔහු එම සංගීත ඛණ්ඩයම බොස්ටන්හි රංග ශාලාවක වාදනය කල අතර එහිදී එක් ආසනයක මිල ඇමරිකානු ඩොලර් 100කට ආසන්න විය. .
ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම දුම්රිය ස්ථානය තුල වාදනය සංවිධානය කලේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් වන අතර එය ඔවුන් විසින් සිදුකල සමාජ චර්යා පරීක්‍ෂණයක එක් අංගයක් විය.පරීක්‍ෂණය අවසානයේ දැක්වූ එක් නිගමනයක් වන්නේ
"ලොව සිටින දක්‍ෂතම වාදකයෙකු එතෙක් මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම සංගීත ඛණ්ඩයක් වාදනය කරන විට ඔහු අසල නැවතී එය ශ්‍රවනය කිරීමට මොහොතක් ගත කිරීමට නොහැකි නම් ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග හැරෙනවා ඇද්ද?"

෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴



ඇමරිකානු ව්‍යාපාරිකයෙක් කුඩා මෙක්සිකානු ධීවර වරායක ඉන්නකොට, ධීවරයෙක් තනියම පොඩි බෝට්ටුවක් පදවගෙන වරායට සේන්දු වෙනව. ඇමරිකානුවා බෝට්ටුවට එබිලා ධීවරයා අල්ලගෙන ආපු කෙලවල්ලෝ කීප දෙනාගෙන් එකෙක් අතට ගත්තා.

ෂා !!! මරු මාළු ටික. ඇමරිකානුවා කිව්වා.

මුන් ටික දෙනා අල්ලන්න තමුසෙට කොච්චර වෙලාවක් ගියාද ?

පොඩි වෙලාවයි මහත්තයා.

ඇමරිකානු ව්‍යාපාරිකයා නළලත් රැළි ගන්වාගෙන මෙහෙම අහනවා...

ඇයි තමුසේ තව ටික වෙලාවක් මූදේ ඉඳලා, තව වැඩිපුර මාළු ටිකක් අල්ලන් එන්නෙ නැත්තේ ?

මගෙ පවුලෙ දවසෙ වියදමට මේ ඇතිනෙ මහත්තයෝ.

හ්ම්ම්... ඒත් තමුසේ මොනවද දවසෙ ඉතුරු වෙලාවෙ කරන්නෙ ? ව්‍යාපාරිකය ඇහුව.

මෙක්සිකානු ධීවරය මෙහෙම උත්තර දෙනව.

මම ටිකක් දවල් වෙනකම් නිදාගන්නව. ඇහැරුනාට පස්සෙ මාළු දෙතුන් දෙනෙක් අල්ලගන්නවා.

ඊට පස්සෙ ගෙදර ඇවිත් ළමයිත් එක්ක ටිකක් සෙල්ලම් කරනවා.

දවල්ට කාලා මගේ නෝනා මරියාත් එක්ක පොඩි නින්දක් දානවා,

හවහට ගමේ ඇවිදල, යාළුවොත් එක්ක වයින් ඩිංගක් බීලා, ගිටාර් පාරක් ගහලා සින්දුවක් කියල සතුටු වෙනවා. මට බොහොම කාර්යබහුල, සම්පූර්ණ ජීවිතයක් තියෙනව මහත්තයෝ.

ඇමරිකානුවා බොහොම බැරෑරුම් පෙනුමක් මූනට අරගෙන, ධීවරයා දිහාවට ඇඟිල්ලකුත් දික් කරගෙන මෙහෙම කියනවා.

මට හාවඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා. මට පුළුවන් තමුසෙට උදව් කරන්න.

තමුසෙට පුළුවන් දවසෙන් තව වැඩි වෙලාවක් මාළු බාන්න යොදවන්න. ඒකෙන් හම්බවෙන අමතර මුදල ඉතිරි කරලා, මීට වඩා ලොකු බෝට්ටුවක් ගන්න පුළුවන්. ඒ ලොකු බෝට්ටුවෙන් මාළු අල්ලලා හම්බවෙන මුදලින්, තමුසෙට තව බෝට්ටු කීපයක් ගන්න පුළුවන්. වැඩිකල් නොයාම තමුසේ බෝට්ටු ගොඩක් අයිති මුදලාලි කෙනෙක් වෙනවා. ඊට පස්සේ අතරමැදියන්ට විකුණනව වෙනුවට, තමුසෙගෙ මාළු කෙලින්ම පාරිභෝගිකයන්ට විකුණලා, වැඩි මුදලක් ලබාගන්න පුළුවන්. ඒ මුදල් වලින් තමුසෙට, තමුසෙගෙම මාළු ටින් කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න පුළුවන්. තමුසේ තමයි ඒවා නිෂ්පාදනය කරල ඛෙදාහරින්නේ. ඊට පස්සේ මේ මෙක්සිකානු වෙරළබඩ පුංචි ගම අතහැරල, තමුසෙට ලොස් ඇන්ජලීස් වල පදිංචි වෙන්න පුළුවන්. එතනින් නිව්යෝක් වල පදිංචියට ගිහින්, මාළු ව්‍යාපාරය හතර දිබ්බාගෙම ව්‍යාප්ත කරලා, ලෝකෙ ඉන්න අංක එකේ ව්‍යාපාරිකයෙක් වෙන්න තමුසෙට පුළුවන්.

ඇමරිකානුවාගේ දේශනය කට ඇරන් අහන් හිටපු මෙක්සිකානු ධීවරයා මෙහෙම අහනවා.

එතකොට මහත්තයෝ, ඔය වැඩේට කොච්චර විතර කාලයක් යයිද ?

අවුරුදු පහලොවක්, විස්සක් විතර...

ඒත් මහත්තයා, ඊට පස්සේ මොනවද මම කරන්නේ ?

ඊලඟට තමයි අයිසේ හොඳම හරිය තියෙන්නේ...

තමුසෙට පුළුවන් තමුසෙගේ ව්‍යාපාරයේ කොටස් මහජනතාවට නිකුත් කරන්න. තමුසෙට මිලියන ගණන් හම්බකරලා, ලෝකෙ ඉන්න පොහොසත්ම ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්.

ඇමරිකානුව කියනවා.

මිලියන ගනන් ??? ඊට පස්සෙ මහත්තයො ? ධීවරයා හිස් බැල්මක් එක්ක ඇහුවා.

ඇමරිකානුව ටික වේලාවක් කිසිම අදහසක් නැතුව, ඇස් දෙකත් ලොකු කරගෙන ධීවරයා දිහා බලන් හිටියා. ඊට පස්සේ කටේ ඇඟිල්ලකුත් ගහගෙන බිම බලන් කල්පනා කරන්න පටන්ගත්තා.

ධීවරයා ඇමරිකානුව දිහා උත්තරයක් දෙනකන් බලන් ඉන්නව.

අන්තිමට ඇමරිකානු ව්‍යාපාරිකයා, ඔලූවත් කහ කහ හෙමිහිට මෙහෙම මිමිණුවා.

ඊලඟට ඔබට පුළුවන් විශ්‍රාම යන්න... විශ්‍රාම ගිහින් පුංචි වෙරළබඩ ගමකට ගිහින් පදිංචි වෙන්න. එහිදි පුළුවන් ටිකක් දවල් වෙනකම් නිදාගන්න. ඇහැරිලා පොඩ්ඩක් මාළු බාන්න. මාළු දෙතුන් දෙනෙක් අල්ලලා, ගෙදර ඇවිත් මුණුබුරොත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න. දවල්ට කාලා, නෝනත් එක්ක ටිකක් නිදාගන්න. හවසට ගමේ ඇවිදල, වයින් ටිකක් බීලා, යාළුවොත් එක්ක ගිටාර් ගහලා සින්දු කියලා සතුටු වෙන්න...

අපගේ ජීවිතයේ ඇති සුන්ඳර බව රැඳී ඇත්තේ මුදල් මත නොව, අපගේ ආකල්ප මතය. ජීවිතය සරළ වන තරමට ජීවිතයේ සුන්ඳර බව අත්විඳිය හැකි බව අපේ යාලුවෝ හැමෝම මතක තබා ගන්න...