මනුෂ්‍යත්වය සොයා යමි

Sunday, April 15, 2012

මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේතු

චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාස නොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි...
මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු...
 
මහපට ඇගිල්ල - තම දෙමව්පියන්
දෙවන ඇගිල්ල - සහොදර සහෝදරියන්
මැද ගිල්ල - තමා පිලිබදව
සිව්වන ඇගිල්ල - ඔබේ සහකරු හෝ සහකාරිය
පස්වන ඇගිල්ල - දුදරුවන්
මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේතුව පිලිබදව ඔබට සිතුනාද?

මුලින්ම ඔබේ දෑත් රුපයේ දක්වා ඇති පරිදි එකතු කර, ඇගිලි දක්වා ඇති දිශාවන්ට තබා ගන්න..(මෙහිදි මැද ගිල්ල නමා එකතු කර තමා දෙසට වන්නටද,සිව්වැනි ඇගිල්ල ඉදිරියට කර අගින් ස්පර්ශ වන ලෙසද තබා ඇත.)

දැන් ක්‍රියාකාරකම ආරම්බ කල හැකිය....

මෙහිදි ඔබ පහත සදහන් උපදෙස් ඇගිලි 5ටම භාවිතා කල යුතු අතර ඔබට එක වරකට වෙන්කල හැක්කේ එක් ඇගිල්ලක් පමණි..

මුලින්ම ඔබ එක්ව තබා සිටින මහපට ඇගිල්ල වෙන් කිරිමට උත්සාහ ගන්න ( අනෙක් ඇගිලි එලෙසම තිබෙන විටදී)- එසේ කිරීමට හැකිබව තහවුරුවෙවි..

මහපට ඇගිල්ල තම දෙමාපියන් වැනිය. ඔවුන් අපව ඇති දැඩි කරති,රුක බලා ගනිති අප සමගම ජිවත් වෙති. නමුත් වයසට යත්ම ඔවුන් කවර හෝ දිනක අප හැරදා යනු ඇත...


දැන් මහපට ඇගිල්ල නැවත එකතු කර,දෙවන ඇගිල්ල වෙන් කරන්න...එයද කල හැකි බව පෙනේවි..

දෙවන ඇගිල්ල තම සහෝදර සහෝදරියන් වැනිය. ඔවුන් කුඩාකල සිට අප සමග ඇති දැඩි වුවත්, මුහුකුරා යත්ම තමාගේම පවුල් ජීවිත ගොඩනගා ගත් පසු අප හැරයනු ලබයි...

දැන් ඔබේ සුලගිල්ල විවෘත කර බලන්න. එයද අනෙක් ඇගිලි එලෙසම තිබියදි ඔබට කල හැක..


සුලැගිල්ලෙන් තම දරුවන් ගැන කිය වෙන අතර, ඔවුන්ද ලොකු මහත්වී වැඩුනු පසු තමාගේම කියා ජීවිතයක් සොයමින් අප අතහැර යයි..

දැන් ඔබේ සිව්වැනි ඇගිල්ල විවෘත කිරීමට උත්සාහ ගන්න. එය කෙසේවත් සිදුකල නොහැකි බව ඔබට පෙනේවි..

එය ඔබේ සහකරු හෝ සහකාරිය වැනිය. විවාහ වු පසු ජිවිතයේ සෑම අවස්ථාවකම ඔහු හෝ ඇය ඔබ අසලම සිටී. ඔබේ සියලු කට යුතු සොයා බලයි. ඔබේ දුක සැප සමව බෙදා ගනිති.සෑබැ ආදරය නම් එයයි. එකිනෙකා වෙනු වෙන් ජිවත් විමයි.. එය සිහිවිම පිණිස මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට දමනු ලැබේ...

Small Story + පුoචි කතාවක්

♥♥♥♥ " A BOY HAD CANCER AND HE HAD ONE MONTH TO LIVE. HE LOVING A GIRL WHO WORKING IN CD SHOP. BUT HE DID NOT TELL HER ABOUT HIS LOVE. EVERYDAY HE WENT TO CD SHOP AND BOUGHT A CD ONLY TO TALK TO HER. AFTER A MONTH HE DIED. WHEN THE GIRL WENT TO HIS HOME AND ASKED ABOUT HIM. HIS MOM TOLD THAT HE DIED AND TOOK HER TO HIS ROOM.......SHE SAW ALL THE CDS UNOPENED.....THE GIRL CRIED AND FINALY SHE LIVED ALONE HER LIFE TIME.........

**U know y she cried? Bcoz she had kept her own love letters inside the CD pack. She also loves him.... **

## Moral of the story :- if u love someone....... tell him/her directly dont wait for desting to play the role....... " ♥♥♥♥

  ක පිරිමි ලමයෙක් උන්නා එයාට මොලේ පිලිකාවක් හෑදිලා තිබ්බේ
ඒ ලමයා මාසෙකින් මෑරෙන බවට දොස්තර මහතා කියලා තිබුනා
ඉතින් ඒ පිරිමි ලමයා ආදරේ කරපු ගෑනු ලමයා වෑඩ කලේ CD විකුනන තෑනක
ඉතින් මේ පිරිමි ලමයා හෑමදාම අර කඩෙට ගිහින් CD එකක් අරගන්නවා
ඒ අර ගෑනු ලමයා දකින්න කතා කරන්න තියන ආසවට
ඒත් කවදාවත් ඒ කොල්ලා ආදරේ කියලා එයාට කිවේ නෑ
මාසෙකට පස්සේ ඒ පිරිමි ලමයා මෑරෙනවා
මේ ගෑනූ ලමයා පිරිමි ලමයා දකින්න නෑතී නිසා එයාගේ ගෙදරට හොයන් යනවා
ඒ ලමයගේ අම්මා ඒ ගෑනු ලමයට ඒ කොල්ලගේ කාමරේ පෙන්නනවා
එයාගෙන් ගත්ත හෑම CD එකක්ම ඒ කමරේ තිබ්බ හෑබෑයී
ඒවා කවරෙන් වත් එලියට ඈරන් තිබ්බේ නෑ
............ඒ ගෑනු ලමයා හුගාක් දුකෙන් ජීවිත කාලෙම තනිකඩව හිටියා. 
ඈත්තටම වෙලා තිබ්බේ ඒ ගෑනූ ලමයා ඒ CD ඈතුලේ තමාගේ ආදරේ පිලිබද කියලා
ලියුම් කීපයක් දාල තිබ්බා ඒත් ඒ කොල්ලා එක දෑනගෙන උන්නේ නෑති නිසා
ඒ CD බෑලුවේ නෑ

හිතන්න

[ඔබට කෙනෙකුට ආදරේ කීමට ඈත්නම් එය කෙලින්ම පවසන්න නෑතිනම් සදාකල් දුක් විදින්නට වෙනු ඈත]

වීරය ඔබයි විරුවනේ.

පුලුවන්තරං වෙලා කෑම්ප්1 අල්ලගෙන්න ඉන්න කොල්ලනේ."
ඒ මේජර් කරුණාරත්න නායකයගේ හඩයි.
මද වේලාවකින්......
සර් උන්ගෙ 600ක් විතර අපිව හතර වටෙන්ම වට කරල. අපිට පතුරන් හිතන
තරම් නෑ සර් දිගටම අල්ලගෙන ඉන්න, මොනව ඒ කියන්නෙ අපෙ කොල්ලො දෙතුන් සීයක් නිකම්ම මැරෙනව කියලද කියන්නෙ ???? ඒ මේජර් කරුණාරත්න විරුවාණන් කරකිය ගත නොහැකිව සිටි ඒ අවස්තාවේ, එහි එක් පසෙක සිටියෙ අපෙ අභීත රණවිරුවායි.

දැයේ පිනට ලක්මව අපිට දායද කල, කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවායි.

ගත වූයේ නිමේශයකි....
සර් සර්.. ටෙරාල අමුතු ට්‍රක්1ක් අරන් එනව, අපි ගැහුව හරි ගියෙ නෑ, ගස් වැල් කඩාගෙන ඉදිරියට අදුනු අමුතු පන්නයෙ ත්‍රස්ත රතය මොහොතකින් යුධ හමුදා කෑම්ප් එකෙහි ගේට්ටු ගඩාගෙන ඉදිරියට ඇදෙන විට අපේ විරුවන් වෙඩි වැදී තැන තැන වැටුනාහය,

"මෙය කෙසේ විස්තර කරමිද මා, ලක් මෑණියන්ගේ වීරයා මොහොතකින් නෑගී සිටී, වෙඩි වරුසා පිට වෙඩි උන්ඩ පතිත වෙන භූමිය බලාගත් ඔහු, "සර් අපේ කට්ටිය උන් ඔක්කොම මරයි සර්, අර ට්‍රක්1ට වෙඩි වදින් නෑ, සර් ඒක මම බලා ගන්නන්, සර් කෑම්ප් 1 ටෙරාට නොදී අල්ලගන්න සර් එයාර් ෆොර්ස් 1 එනකන්", ඒ අහිත රණ හඩ ලක් මව් ඇසූ අවසන් අවස්ථාවයි ඒ." අත් බෝම්බ 2ක් අතට ගත් ඔහු,
මව්බිම වෙනුවෙන් යුධ ටැංකිය දෙසට දිව යයි.ගාමිණී එපා යයි සහෝදර විරුවන් කෑ ගසද්දී, පපුවට වැදුනු වෙඩි පහරද නොතකා යුධ ටැංකියට නගියි. ---
ඒ නිමේශය මා කෙසේ ඔබට පවසම්ද මිතුරනේ....
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියයුනා....
සිංහල තව පුන්චි පුතෙක් ලක් මෑණිට නැති උනා....

මගේ වීරය ඔබයි විරුවනේ. ඔබ අපිට රැක දුන් රට අපි කිසි දිනෙක පාවා නොදෙමි.

මා දන්නා පමණින්, හසලක ගාමිණී විරුවාගේ ස්මාරකය ලගින් යන මිනිසුන් අසුනින් නැගිට ඔහුට ආචාර කරනවාලු.
ඔහු සදා අමරණීයයි ලක් පුතුනෙ!

ඔහුගේ ආඩම්බර කාර වීර මෑණියන් තවමත් අපි සමගයි.
ඒ මවගේ ආඩම්බරය කිසි දිනෙක සදා නොමියේවා!

Thursday, April 12, 2012

අවංක සහ වංක ආදරය ♥ Love

අවංක ආදරය ♥ Real Love අඩන්න දුක් වෙන්න, ජීවිතේ දෙන්න තමන්ගේ ජීවන සහකරු මේ නම්.  
වංක ආදරය / Deceitful Love kiss song girl, kolavari song boy මේ දෙන්නම ආදරේ වෙනුවෙන් දුක් වෙනවා, අඩනවා.. ජීවිතේ විදවනවා. ඔයාලම හිතලා බලන්න, අඩන්න ඕනා කවුරු වෙනුවෙන්ද කියලා. මම දන්නෙ නෑ ඇයි සමහර මිනිස්සු තවත් මනුස්සයෙක්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ කියල. ඒත් අනේ අදරේ තේරුමවත් හරිහැටි නොදැන දුවන්නන් වාලේ දුවන මනුස්සයෙක් වෙනුවෙන් එක කදුලක්වත් හෙලන්න එපා. අපි හැමොම ඉපදෙනවා, මැරෙනවා. කිසිම භව්තික දෙවල් මැරෙද්දි අරන් යන්නෑ. ඒත් අවoකව ආදරයෙන් එකතු වෙන බැදීමක් ආත්මෙන් ආත්මෙට පතාගෙන ගෙනියනවා. අපි ගෙනියන්නෙ කරපු කියපු දේවල් විතරයි. ඒක මතක තියාගෙන ජීවත් වෙන්න. ජීවිතේට කරගන්න ලොකුම පින එච්චරයි.

 Kolaveri Di ගීතයේ තේරුම දන්නවද?

කාලෙන් කාලෙ‍ට හමා බසින රැළි අතරෙ කොලවරි රැල්ල හමන්නට වුණා. මේක ලංකාවෙත් ජනප්‍රිය වූ තරම කිව්වොත් විවිධ නාලිකා පවා මෙය අනුකරණය කරමින් තේරැමක් නැති වචන යොදා ගී නිර්මාණය කරා. බීල කියපු තේරැමක් නැති වචන සෙට් එකක් කියල අවබෝධයක් නැතුව හිතුවට පොඩ්ඩක් අපි මෙහෙම හිතල බලමුද???

කොලවරි කියන්නෙ දෙමළ බසින් මිනීමරැ ආවේගය.

Why This Kolaveri Kolaveri Kolaveri di???

තරැණයෙක් එහෙම අහනවා. ඇයි? ඔහුගෙ පෙම්වතිය ඔහුව අමතක කරල. කොල්ලා මේක දරැණු වැඩක් විදියට දකිනවා. ඌට මේකට අම්බානක තදවෙනවා. ආවේගයක් ඇතිවෙනවා.

Why This Kolavari Kolavari Kolaveri di???

කෙල්ලෙ ඇයි මේ තරම් දරැණු ආවේගයක්. මේ ආදර ගීතය විරහවින් ඔබ්බට ගිහින්.

Distancela Moon nu Moon un
Moon un Colour ru White tu

ඩෝප් එකෙන් කියන මේකෙ තේරැම ඈත හද තියෙනවා. හදේ වර්ණය සුදුයි. මෙතනදි විශ්ව සත්‍යයක් පද රචකයා අපට කියනවා. මිනිස් ස්වභාවය ගැන.

White tu Background nighter to night tu
night to Colour ru black ku

ඒ කියාපු සුදු හඳේ තියෙන වර්ණය සුදු වුණාට සුදු හඳ තියෙන රාත්‍රියේ වර්ණය කලුයි. ඇයි මේ තරම් දරුණු ආවේගයක් කෙල්ලෙ?
හඳ සුදුයි. ලස්සනයි. ඒත් ඒ හඳ තියෙන පසුබිම කලුයි. කලු රාත්‍රියෙදි තමයි සුදු හඳ මතුවන්නෙ.

Whitu Skin nu Girl lu Girl lu
Girl lu Heart to Black lu

සුදු හම තියෙන කෙල්ලෙක් ඉන්නවා. ඒත් ඒ කෙල්ලගෙ හදවත කලුයි.

කලුම කලු රාත්‍රිය නිසා සුද හඳ අපිට පෙනුනට අර කෙල්ලගෙ සුදු හින්දා ඇයගෙ කලු හදවත අපිට දකින්නට බැරි වෙනවා. එත් ඔහු ඒ කලු හදවත දැකල තියෙන්නෙ ප්‍රමාද වෙලයි. ඕක ඔහුට පුදුමයි. ඔහු එය පුදුමයක් නොවන බව සොබාවය දිහා බලල තේරුම් ගන්නවා. ප්‍රතිවිරැද්ධ කාරණා අපූරැ ලෙස කළ ගැලපීමක්. යින් යැංග් ලාංඡනය වගේ. ආසියානු දාර්ශනිකත්වය තුළ සුදු හා කලු අතර තිබෙන අන්‍යෝන්‍ය සබදතාව එයින් කියැවෙනවා.

Eyes su eyesu Met tu meet to... My yu future dark ru dark ku
Oh....Why this Kolavery di?

නෙතට නෙතක් මුණ ගැසුණා. ඒකෙං වුණේ මගේ අනාගතය අදුරැ වුණු එකයි. ඇයි මෙතරම් රිදුම් දෙන්නෙ? ඊට පස්සෙ කොල්ලා බොන්න ගන්නවා දුකට.

Hand la glass su
Glass li Scotch chu
Eyes su Full la Tear ru

අතේ තියෙන වීදුරැවෙ විස්කි පිරී ඇත. ඒ වගේම දෑසේ කදුලු පිරී ඇත.

Empty life fu Girl lu come mu
Life fu reverse su gear ru

හිස් ජීවිතයක් වෙතට කෙල්ලක් පැමිණ, ජීවිතය ආපස්සට හැරවුණා.

Love vu love vu
Oh my lovu
U Showed me bow wu..

ආදරය ආදරය, ඔබ මගේ ආදරය. ඔබ මගෙන් සමුගත්තා. පසුව ඔහු දෙවියන් අමතමින් කියයි. මෙහි දෙවියන් Cow ලෙස හැගවේ. හින්දු ආගමේ ගවයා දෙවියෙක් සේ සළකයි.

Cow wu Cow wu holy Cow wu
I want you hear no wu
God I am dying now wu
She is Happy how wu

උතුම් දෙවියනි. මා දැන් මියෙන්ටයි සූදානම. ඒත් ඇය සතුටින් සිටින්නේ කොහොමද?

පැත්තක ඉදන් හිතල බැලුවාම මේක මහා ගීතයක්. ඔබත් හිතල බලන්න.

පරිත්‍යාගය

මං එදා උදේ බස් එකට නැග්ගෙ, අම්මාව බලන්න ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන. මගේ අතේ අම්මාට උදේට කන්න ගෙනියන්න ඉඳිආප්ප පාර්සලයකුයි, කිරිහොදි දාපු භාජනේකුයි තිබුණා. පාන්දර 5 ට කොළඹ යන බස් එකේ මට වාඩිවෙන්න සීට් එකක් ලැබුණා. අම්මාගේ කෑම එක ඉහිරෙන්නෙ නැතුව පරිස්සමට ගෙනියන්න සීට් එකක් ලැබුණු එක ලොකු දෙයක්.
කහතුඩුවේ හන්දියේ බස් එක නතර කළා. දරුවෙක් ලැඛෙන්න හිටපු ගෑණු ළමයෙකුයි, එයාගේ මහත්තයායි බස් එකට නැග්ගෙ ඒ වෙලාවේ. මම ඉක්මනට නැගිටලා වාඩිවෙන්න ඉඩ දුන්නා. බඩදරු අම්මා කෙනෙකුට මගේ අතේ තිබුණු කෑම පාර්සලේවත් දීලා බරක් වෙන්න මගෙ හිත ඉඩ දුන්නේ නෑ. බස් එක පුදුම වේගෙන් කොළඹට ගියේ. සෙනගත් එන්න එන්නම වැඩිවුණා. කෑම පාර්සලය එහෙට මෙහෙට වේගෙන් පැද්දුණා.
 පිළියන්දලදී, අර ගෑණු ළමයාට එහා පැත්තේ හිටපු මනුස්සයා බැස්සා. මම එතනින් වාඩිවෙන්න හදනකොටම ඒ ගෑනු ළමයා මට කිව්වා, "මෙතන මගේ හස්බන්ඩ්ට ඉඳගන්න ඉඩ දෙනවාද?" කියලා මම නිහඩ වුණා... එයාගේ හස්බන්ඩ් ඇවිත් සීට් එකෙන් ඉඳගත්තා. මම කෑම එකත් අතේ තියාගෙන තාම හිටගෙන. බස් එක විදුලි වේගෙන් ආපු හින්දා 5.50 වෙනකොට ටවුන් හෝල් වලින් බැහැගන්න පුළුවන් වුණා. මම පුළුවන් තරම් ඉක්මනට අම්මාව බලන්න ඉස්පිරිතාලෙට ගියා.
මං කෑම එක ගේනකම් අම්මා බලාගෙන ඉන්නේ. මම වාට්ටුවට ගිහින් අම්මාගෙ ඉස්සරහ කෑම එක දිග ඇරියා. අනේ දෙයියනේ කිරිහොදි ටික ඔක්කොම ඉහිරිලා. අමාරුවෙන් ඉඳිආප්ප ටික විතරක් එළියට ගත්තා. ඒත් හොදි නැතුව ඉඳිආප්ප විතරක් අම්මාට කන්න දෙන්නෙ කොහොමද? අම්මා කවදාවත් කඩේ කෑම කන්නේ නෑ.
අම්මා මං දිහා බලලා, ඇස් පුංචි කරලා ආදරෙන් හිනා වුණා.
 "කමක් නෑ මගේ පුතේ, මං ඉදිආප්ප ටික නිකම් කන්නම්" ඒ වෙලාවේ මට ඇතිවුණු හැඟීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මේ ලොකේ හැම අම්මා කෙනෙක් ගැනම මගේ හිතේ තිබුණේ පුදුමාකාර ගෞරවනීය හැඟීමක්. උදේ බස් එකේදී සිද්ධවුණු සිද්ධියද මේ හැමදේටම මුල කියලා මට හිතුණා.

 මේ වගේ දේවල්වලට මහමගදී ඔබත් මුණදීලා ඇති. ඔබේ පරිත්‍යාගශීලිභාවය කෙනෙකුට ලොකු පිහිටක් වෙන්න පුළුවන්. ඒත් තවත් වෙලාවක ඔබටම කරදරයක් වෙන්නත් පුළුවන්. ඔබට මොකද හිතෙන්නේ?

The Red Light | රතු එළිය

ය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්... ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා.
"ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන"

දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා.

"ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.”

මෙහෙම දිගටම පාඩම විස්තර කරගෙන යනකොට ගුරුතුමියට හිතුනා ළමයින්ට කම්මැලි වගේ කියල. ගුරුතුමිය ටිකක් පාඩම වෙනස්කළා.

"හරි, හොඳ ළමයි වගේ දැන් මට කියන්න රතු එළිය වැටිල තියෙනවට අකමැති ළමයි කවුද කියල. ආ එහෙනම් අත උස්සන්නකො බලන්න”

Traffic lights වල රතු එළිය වැටී ඇතිවිට ළමුන් පමණක් නොවෙයි කවුරු වුනත් අකමැති බව දැන දැනත් ගුරුතුමිය ඒ ප්‍රශ්නය ඇහුවේ ළමයින්ගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නයි.

පන්තියේ සියළුම ළමුන් එකහෙළා අත් උඩට ඔසවාගෙන සිටි නමුත් දෙවැනි පේළියේ අවසානයේ ඉඳගෙන හිටිය සුපුන් අත් උස්සන්නේ නැතිව බිම බලාගෙනම ඉන්නවා ගුරුතුමිය දැක්කෙ ටිකක් වෙළා ගිහිල්ලා. ගුරුතුමියට ටිකක් පුදුම හිතිල සුපුන්ට කතා කළා.

"සුපුන්, පුතේ ඔයා ඇයි අත් උස්සන්නෙ නැත්තේ? ඇයි ඔයා traffic lights එකේ ඉන්න ආසයි ද?”

ළමයි හිනා වුනා.

සුපුන් තාමත් බිම බලාගෙන වමි කකුලේ දාල තිබුණු කැඩිච්ච සපත්තුවෙන් එළියට පැනපු ඇඟිල්ලෙන් සිමෙන්ති පෙළොවේ කුරුටු බලි ඇන්දා.

"පුතේ උත්තරයක් දෙන්න... කියල තියෙනවනේ ගුරුවරු ප්‍රශ්නයක් ඇහුවම කථාකරන්න ඕන කියලා”

ගුරුතුමියගේ හඬ සුපුන්ට ඇහුනේ දෝංකාර දෙන ගමන්. හිමීට ඔලූව උස්සල පුටුවෙන් නැගිටපු සුපුන් ''ටීචර් මම රතුපාටට හරිම ආසයි. ඒකයි මම රතු එළිය වැටිල තියෙනවට කැමති” කියලා ගුරුතුමියගෙ මූණ බලන්නෙත් නැතුව අහක බලාගෙන උත්තරයක් දීලා වාඩි වුනා. අහිංසක වගේම චිත්‍ර ඇඳීමෙහි දක්ෂයෙක් වූ සුපුන් අතින් සිත්තම් වුණු එකම චිත්‍රයකවත් රතුපාට අහලකවත් යොදාගෙන නැතිබව හොඳින්ම දැනසිටින ගුරුතුමියට සුපුන් මේ කිවුවේ ඇත්තක් නොවන බව ක‍ෂණිකව වැටහුණා.
ර්‍
"බොහොම හොඳයි පුතා. තමන් කැමතිදේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ සුපුන්ගෙ කැමැත්ත”

පාසල ඇරුණා... ළමයි ඔක්කොම ගෙවල් වලට යන්න ලහි ලහියේ පිටත්වුණා.

''සුපුන් පොඩ්ඩක් ඉන්න පුතේ”

ගුරුතුමිය සුපුන්ව නවත්ත ගත්තා. ළමයි ඔක්කොම යනකන් ඉඳලා ගුරුතුමිය සුපුන්ගෙන් මෙහෙම ඇහුවා.

''පුතේ ඇයි ඔයා ඒ වෙලාවෙ බොරු කිවුවේ? ඔයා රතුපාටට ආස කෙනෙක් නෙවෙයි. ඇයි ඔයා රතු එළියට කැමති? මට ඇත්ත කියන්න පුතේ... ”


සුපුන් ටික වෙළාවක් බිම බලාගෙනම කල්පනා කළා. ටික වෙලාවකින් බිම බලාගෙනම එකදිගට මෙහෙම කියාගෙන ගියේ ඉකි ගහන ගමන්.

"ටිචර්, අපේ තාත්ත traffic lights තියෙන තැන්වල නවත්තන වාහන වලට හඳුන්කූරු විකුණල තමයි අපිට කන්න දෙන්නෙ... කොළ එළිය වැටුණු ගමන් තාත්තගෙන් හඳුන්කූරු ගන්නෙ නැතුව වේගයෙන් යන වාහන දිහා අපේ තාත්ත හරිම දුකෙන් බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා... මට ඒ වෙලාවෙ තාත්තගෙ මූණ මතක්වුණා... රතු එළිය වැටිල තියෙනවට මම ආස එකයි ටීචර්...”
නිමි.

සැණකෙළියේදී හමුවූ අමුත්තා...

සැණකෙළියක් බලන්න පුංචි පවුලක් ඇවිත් හිටියා. එතන හිටියෙ අම්මයි තාත්තයි දුවයි පුතයි. බැලූ බැල්මට බොහොම අමාරුවෛන් එදා වේල හොයාගෙන ජීවිතය ගැට ගහ ගන්න උත්සාහ කරන පවුලක්. කාලෙකට පස්සෙ තමන්වයි දරු දෙන්නවයි එක්කරගෙන ස්වාමියා ආපු මේ ගමන ගැන බිරිඳ තුළ තිබුණේ ලොකු සතුටක් වගේම කියාගන්න බැරි ආදරයක්. පුංචි දරු දෙන්නටත් මේ ආපු ගමන ගැන අදහගන්න බැරිවෙලා. තමන්ගෙ තාත්තා දිහා බැලූවෙ වීරයෙක් දිහා බලනව වගේ. ඔන්න ඉතිං මේ පුංචි පවුලත් ආසාවෙන් මාරක ළිඳේ වික්‍රමය බලන්න කියලා ඒ පෝලිමට එක්වුණා. පුංචි හිත්වලට නම් එක එක ප්‍රශ්න.මොකක්ද මාරක ළිඳ කියන්නෙ? ඒකෙ මොනවද වෙන්නෙ? කවුද ඒකේ ඉන්නෙ? දාහක් ප්‍රශ්නග. ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න තාත්තට සිද්ධ වුණා. පෝලිම ටික ටික ඉස්සරහට ගියා. දැන් ටිකටි ගන්න වාරෙ. හතර දෙනාගෙම ටිකටිවල ගාන එකතු කරලා කවුන්ටරේ හිටපු ඉලන්දාරියා ගාන කිව්වා.
”රුපියල් තුන්සීයයි”
”රුපියල් තුන්සීයක්?” තාත්තගෙ ඇස් උඩ ගියාග මුහුණ අඳුරු වුණා. එච්චර ගානක් වෙයි කියලා ඔහු නිකමටවත් හිතන්නෙ නැතුව ඇති. ටිකටි ගන්න කියලා කළිසම් සාක්කුවෙන් එළියට ගත්ත රුපියල් සීය අතටම ගුලිකරගෙන ඔහු අසරණ කමින් බිරිඳ දිහා බැලූවා.
ඔය අතරෙ මේ පෝලිමේ මේ පවුලට පිටිපස්සෙන් හිටපු පුද්ගලයා වෙච්ච හැමදෙයක්ම හොඳට බලාගෙන හිටියා. එයා කවුද කියන්න මංවත් දන්නෙ නෑ. අපි එයාට 'හිතවතෙක්' කියමුකො. වෙච්ච හැම දේ ගැනම ඔහුට හොඳට තේරුණා. හොඳට ඇහුණා. ඒ වෙලාවෙ අපේ හිතවතාට හොඳ අදහසක් පහළ වුණා. ඔහු ටිකටි ගන්න ගමන් ළඟ තිබ්බ සල්ලි ටික ගුලි කරලා බිමට දැමිමා.
”මහත්තයා මේ ඔයාගෙ සල්ලි වගයක් බිම වැටිලා”
අපේ හිතවතා බිමට දැම්ම සල්ලි ටිකල අර අසරණවෙච්ච තාත්තට පෙන්නලා සල්ලි ටික ඇහිඳලා ඒ තාත්තගෙ අතට දුන්නා. ටිකට් ගන්න සල්ලි මදිවෙලා අසරණ කමින් බලාගෙන හිටපු තාත්තා මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවයි හිටියෙ.
කොහොමහරි ටිකට් හතර අරගෙන කට්ටියම ඇතුල්වුණා. මොහොතකට අර තාත්ත හැරිලා පෝලිමේ පිටිපස්ස බැලූවා. අපේ හිතවතා පෝලිමේ හිටියෙ නෑ. ඔහුට කාරණේ වැටහෙන්න ගත්තෙ දැනුයි. හතර වටේ දුවපු ඔහුගේ ඇස් සැණකෙලියේ හිටපු පිරිස් අතරින් ඈතට යන අපේ හිතවතාව දැක්කා.
”ස්තුතියි... බොහොම ස්තුතියි” ඔහු හිතින් මිමිනුවා..