පන්තියේ ආරම්භක විද්‍යාව පාඩමේ එදා උගන්වමින් හිටියේ. පාඩම කරන අතරෙම මේසෙ උඩ තිබුන කෝෂයෙන් එළියට එන්න සමනලයා කෝෂය ඇතුලෙම දඟලමින්ම හිටියා.ළමයි ටිකටත් මේක හරිම විනෝදයි. එදා පාඩම වුනේ කොහොමද කෝෂයෙන් සමනලයෙක් එලියට එන්නෙ කියලයි.
''ළමයි දන්නවද, මේ කෝෂයෙන් දළඹුවා එළියට ආවම හරි ලස්සන සමනලයෙක් වෙනවා'' ගුරුතුමා පාඩම කියලා දෙනවා. ඒ අතරම හදිස්සි වැඩකට ගුරුතුමාට පන්තිය අතරතුරම එළියට යන්න වුනා.
''ළමයි... මම එනකන් මේ ගැන විමසිල්ලෙන් ඉන්න. හැබැයි කොහොමටවත් කෝෂයෙන් එලියට එන්න කවුරුවත් උදවුවට නම් යන්න එපා හොදද'' අවවාද ස්වරයෙන් කියපු ඔහු එළියට යන්න ගියා...
ඔහු ගිය අතර සමනලයා ටික දුරකට කෝෂයෙන් එලියට ඇවිත් ඉතිරි ටික එන්න දඟලනවා.
''මේක හරියන්නේ නෑ, මෙහෙම දඟලලා මේ සතා මැරිලා යාවි. මම ඌට උදවු කරනවා.'' ජෝන් කට්ටියටම ඇහෙන්න කියලා කෝෂය කඩලා සමනලයා එලියට ගත්තා.
ටික වෙලාවකින් ගුරුතුමා නැවතත් පන්තියට පැමිණියා. එලියට ඇවිත් හිටියා සමනලයා දැක්ක ගුරුතුමා...
''මේච්චර ඉක්මනට නම් මේ සතාට එලියට එන්න අමාරුයි. කවුද මේ සමනලයට එළියට එන්න උදවු කලේ?''
ජෝන් හරිම භයෙන් අත උස්සගෙනම නැගිට්ටා...
''දන්නවද, සමනලයට උදවු කරලා ඔයා ඒ සතාගේ ජිවිතය විනාශ කලා.'' ගුරුතුමා කිව්වා.
''නැහැ සර් මම ඌට කරදරයක් කලේ නැහැ'' සජෝන් කිව්වා...
''මම ඒක දන්නවා. ඒත් කෝෂය ඇතුලෙන් දඟලලා එලියට එන්නේ ඌ තමන්ගේ පියාපත් වල ශක්තියෙන්. අන්න එතනින් තමා පියාඹන්නත් පියාපත් වලට ශක්තිය මුලින්ම ලබාගන්නේ. දැන් ඉතින් ජෝන් කවදාවත් ඌ පියාඹන එකක් නම් නෑ''
අපිත් ජීවිතයේ සමහර තැන් වල මේ සමනලයා වගේම වෙනවා. ජිවිතේ අපට හමුවෙන අභියෝග, ප්‍රශ්ණ වලට අපි මුහුණ දෙන්න බයයි. ඒවට කවුරු හරි කෙනෙක් ඇවිත් උදව් කරනකම් ඉන්නවා. ඒකෙන් වෙන්නේ අපේ ආත්ම විශ්වාසය හීන වෙලා යන එක. එහෙම වුනොත් අපිටත් කවදාවත් ඉදිරියට නම් යන්න අපහසු වේවි. මොකද එයින් ලැබෙන අත්දැකීම හැමදාටම අපිට වැදගත් හින්දා. ඊළග අවස්ථාවේ මොන ප්‍රශ්ණය අභියෝගය ආවත් භාර ගමු. අන්න එයින් ඔබටත් නිදහසේ පියාඹන්න හොද අත්දැකිමක් ලැබේවි. ඒ වගේම තනියම උත්සාහ කරන කෙනෙක්ට තනියම ජීවිතය දිනන්න ඉඩ දෙමු. මොකද අපි අනේ පව් කියල ඒ කෙනාට කරන අනුකම්පාවම එයාගේ ජීවිතය විනාශ කරාවි.