එක්තරා කාලෙක රජ කෙනෙක් සියලුම රජ සම්පත් වලින් ආඪයව කල් ගත කරන ලදී. සියලු සැප සම්පත් තිබුණද ඔහු තුළ සතුටක් නම් නොවීය.
දිනක් උද්‍යානයෙහි සක්මන් කරමින් සිටින මොහුට ඉතා දිළිඳු උයන් පල්ලෙකු බොහෝමත් සතුටින්, ගීතයක් මුමුණමින් තම රාජකාරියෙහි නිරතවනු දැකගත හැකිවිය. මෙයින් පුදුමයට පත්වූ රජු, උයන්පල්ලා ගෙන්වා ඔහු මෙපමණ දිළිඳු බවින් යුතුවත් සතුටින් සිටීමට හේතුව විමසන ලදී.
''දේවයන්වහන්ස, මම බොහෝම දිළිඳු බව නම් ඇත්ත, ඒත් මමයි මගේ බිරිඳයි ළමයි ටික දෙනයි ඉන්නේ බොහෝම සතුටින්. එයාලා ගැන හිතද්දී මට කිසිම දුකක් දැනෙන් නෑ. දැනෙන්නේ අසීමිත සතුටක් පමණයි.''
මේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ රජු වහාම තම පුරෝහිත ගෙන්වා සැප සම්පත් වලින් අඩුවක් නොමැති තමා සතුටින් නොමැති වීමටත්, දිළිඳු උයන්පල්ලා නිරන්තරයෙන් සතුටින් සිටීමටත් හේතුව විචාලේය.
මේකයි රජතුමනි, ඔය උයන්පල්ලා තවම 99 කණ්ඩායමට බැඳිලා නෑ. ඔබ වහන්සේටත් 99 කණ්ඩායම ගැන දැනගන්න ඕන නම් අද රෑ ඔහු සේවය කරන උද්‍යාන කොටසේ රන් කාසි 99ක් සහිත කාසි පොදියක් තබන්න.
උදෑසන සේවයට පැමිණි උයන්පල්ලා හට රන් කාසි පොදිය හමුවිය. ඔහු එය ඉතාමත් සතුටින් රැගෙන එය සඟවාගෙන තම නිවෙසට ගෙනයන ලදී. ඉතා සතුටින් සිටි ඔහු කාසි ටික එකින් එක ගණින්නට වුවද එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව ඔහුට වැටහිණි.
නැවතත් ගැන බැලුවද එය එසේම විය. මීලඟ දිනයේද රජු පෙර පරිදිම රන් කාසි 99ක් සහිත මල්ලක් උයනෙහි තබා උයන්පල්ලා දෙස සෝදිසියෙන් බලා සිටින්නට විය. මෙවරද ඔහු එය සඟවාගෙන නිවසට ගෙනයන ලදී. පෙර පරිදිම ගැන බැලූ ඔහුට එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව වැටහිණි. කිහිප වරක් ගැන බැලුවද ප්‍රතිඵලය පෙර පරිදිම විය. ඔහු අතින් සිදුවන වරදක් නිසා දෙවියන් ඔහු හට මෙලෙස කාසියක් අඩුවෙන් ලබාදෙන බව ඔහු සිතන්නට විය. නැතිනම් කිසිම අයෙකු කාසි 99ක් නොදෙන බව ඔහු ඔහුටම කියාගනිමින් මින්පසු වෙනදාටත් වඩා මහන්සි වී වැඩ කිරීමට සිතා ගති. කොතෙක් මහන්සි වී සේවයේ යෙදුනද ඔහුට දිනපතා ලැබෙන කාසි ගණන 99ක් පමණක්ම විය.
තමන්ට නියමාකාරයෙන් කාසි ගණන ඉපැයීමට උදව් නොකරනවායැයි ඔහු තම බිරිඳට සහ දරුවන්ට බැණ වදින්නට විය. වෙනදා සතුටින්, ගීතයක් මුමුණමින් රාජකාරියේ යෙදුනු ඔහුගෙන් ඒ සතුට දැකගත නොහැකි විය.
පුරෝහිත රජු වෙත පැමිණ මෙසේ ඒ සිදුවීම විස්තර කරන ලදී...
''දේවයන්වහන්ස, දැන් උයන්පල්ලා නීත්‍යානුකූලව 99 කණ්ඩායමට බැඳිල ඉන්නේ.
99 කණ්ඩායම කියන්නේ සතුටින් ඉන්න ඇති තරම් දේවල් තිබුණත් නැති දෙයක් ගැන හිතල දුක්වෙන, පසුතැවෙන මිනිස්සුන් කණ්ඩායමට. මොකද ඒ අය නිතරම ක්‍රියා කරන්නේ ''අන්තිම එකත් අරගෙනම නතර කරනවා'' කියන අදහසින්. ඉතිං කවදාවත් ලද දෙයින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආශාවන්ගේ අවසානයක් නෑ. නොදැනීම සතුට කියන දේ ජීවිතෙන් මග හැරිලා.''
ජීවිතේ සතුට කියන්නේ මුදල් කියන දේම නෙවෙයි නේද යාලුවනේ. ආශාවන් සීමිත වෙනකොට සතුට කියන දේ අපේ ජීවිත වලට බොහොම ලඟයි කියලයි මට නම්