මනුෂ්‍යත්වය සොයා යමි

Sunday, March 1, 2015

ආදරය

ආදරය කියන්නේ පුදුම බැදීමක්.. මිනිසුන්, තිරිසන් සතුන්.. ගහකොළවල.. ලෝකේ හැමතනම ආදරේ තියෙනවා. ඔයාල දන්නවද අපිට නොතේරුණු කාලෙක අපේ ලේ වලට පවා උතුම් ආදරයක් ඇතිවෙලා තියෙනවා.. ඒ ආදරය ඔබට ඔබගේ ඇගේ දුවන ලේ වලින් දැන් දැනෙනවා නේද? එත් ඔබට තේරෙන කලෙක දැනුනු ආදරය ඊට වඩා ගොඩක් වෙනස්...සමහරවිට ඔබේ මුළු ජිවිතයම ඒ ආදරෙන් සනසන්න ඇති...ඔයාල දන්නවද අපේ සිදුහත් කුමාරයගෙයි යසොදරවගෙයි තිබුණු ආදරය.. අ ආදරය තාම මේ අහස පොළව දන්නවා. ලේනකුලේ ඉදලා ඇති කරගත් බැදීම සංසාරේ පුරාවටම තිබුනා. විටෙක බෝසතුන් යසෝදරාව වෙනුවෙන් වෙහෙසුනා, විටෙක යසෝදරාව බෝසතුන් වෙනුවෙන් වෙහෙසුණා.. රාහුල පුතාව තුරුළු කරගෙන ඇතින් වඩිනා ඒ උතුන් බුදුරජානන්වහන්සේ ගැන ඇය නරසිහ ගාථා වලින් තාත්තා ගැන කියාදෙන්නේ ඒ නිසයි...මේ ලෝකේ මොන බිරිදද තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ගුණ දරුවන්ට කියල දෙන්නේ..මොන ස්වාමි පුරුසයද තමන්ගේ දරුවන්ට එයාලගේ අම්මා ගැන ගුණ කියන්නේ.....තමන්ගේ පෙම්බර කුමාරයා කෙස් වැටිය කැපු බවදත් යසෝදරාව තමන්ගේ කෙස් වැටිය කැපුවා. උස් අසුන් අත්හැරිය බව දැන ගත් යසෝදරාව පන් පැදුරේ නිදා ගත්තා. දෙවේලක් වලදනවා කියල දැනගත් ඇය දෙවෙලකින් පමණක් කුස පුරවගත්තා. තමන් අත්හැර ගිය ස්වාමි පුරුසයා ගැන කවුද මේ ලෝකේ හොද කියන්නේ... එත් යසොදර්ව එහෙම කලා. සෙනෙහසින් බැදුණු ආදරයන් කුණු රසයෙන්ම විනසවී ගිය අන්දම ඔබ අසා ඇති. කුස රජතුමා පබාවතිය ගැන නොකරපු දෙයක් නැ. නිවන ගැන දේශනා කළ බුදුහාමුදුරුවෝ පතල මහා කරුණාවෙන් ආදරය කරන අයට මතු භවයන්හි ඔහුනොවුන් ඔහුන් ගේම විලා ඉපදෙන්න කලයුතු කරුණු සතරක් දේශනා කළා 1 සම සද්ධා 2 සම සීල 3 සම ත්‍යාග 4 සම ප්‍රඥා ආදරය කියන වචනය තුල "දර" පදය පාලි වචනයක් එහි සිංහල තේරුම "කරදර" කියන එකයි. "ආ" ශබ්දයෙන් කියන්නේ "ඇත තියෙන දෙයක් ලගට ගැනීමයි".. ඇත තියෙන කරදර ගොඩක් තුරුළු කරගැනීම ආදරය කියල බුදුදහමේ විස්තර වෙනවා. හොදට තිබු ඔබේ ජීවිතය පසු කාලීනව වෙනස් වුනේ ආදරය නිසා වෙන්න ඇතී. එත් ආදරයෙන් තොරව මේ ලෝකේ කිසිදෙයක් හොද විදිහට වෙන්නේ නැ. ඉර අපිට ආදරේ නිසයි උදෙන්ම ඇවිත් සවසට අපිව සදට දීලා ගෙදර යන්නේ..දවසක ඔබ මැරෙනකොට දරුවෝ මේ ලෝකේ දාල ඒ ලෝකෙය්ට යන්නෙත් ඒ නිසාම වෙන්න ඇති. ඔබට පුලුවන්නම් අනෙකා වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්න ඒ තමයි ආදරය.. ඔබ අනිත් අයට දෙන ආදරෙන් කිසි දෙයක් බලාපොරුත්තු වෙන්න එපා! කාටවත් ණය නොවී ආදරෙන් ජිවත් වෙන්න.ආදරය තියෙන්නේ ඔබ දකින දේ තුල නොවෙයි.. ආදරය ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් ඔබේ සිත් මඩලෙමයි...මේ ලෝකේ ආදරේ කරන මිනිසුන් ඉන්නවනම් චුටි මල් කැකුළු වන් දරුවෝ නිදහසේ ජිවිතේ ගත කරාවි.. සොරකම..පවුල් ගැටුම්..,බොරුව.. මත්පැන්.. මේ ලෝකෙන් සමු ගනීවි. ඔබ අද ඉදලා අවංකවම තමන්ටත් අනුන්ටත් ආදරේ කරන්න.

0 අදහස් Comments::

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-