පුලුවන්තරං වෙලා කෑම්ප්1 අල්ලගෙන්න ඉන්න කොල්ලනේ."
ඒ මේජර් කරුණාරත්න නායකයගේ හඩයි.
මද වේලාවකින්......
සර් උන්ගෙ 600ක් විතර අපිව හතර වටෙන්ම වට කරල. අපිට පතුරන් හිතන
තරම් නෑ සර් දිගටම අල්ලගෙන ඉන්න, මොනව ඒ කියන්නෙ අපෙ කොල්ලො දෙතුන් සීයක් නිකම්ම මැරෙනව කියලද කියන්නෙ ???? ඒ මේජර් කරුණාරත්න විරුවාණන් කරකිය ගත නොහැකිව සිටි ඒ අවස්තාවේ, එහි එක් පසෙක සිටියෙ අපෙ අභීත රණවිරුවායි.
දැයේ පිනට ලක්මව අපිට දායද කල, කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවායි.
ගත වූයේ නිමේශයකි....
සර් සර්.. ටෙරාල අමුතු ට්‍රක්1ක් අරන් එනව, අපි ගැහුව හරි ගියෙ නෑ, ගස් වැල් කඩාගෙන ඉදිරියට අදුනු අමුතු පන්නයෙ ත්‍රස්ත රතය මොහොතකින් යුධ හමුදා කෑම්ප් එකෙහි ගේට්ටු ගඩාගෙන ඉදිරියට ඇදෙන විට අපේ විරුවන් වෙඩි වැදී තැන තැන වැටුනාහය,
"මෙය කෙසේ විස්තර කරමිද මා, ලක් මෑණියන්ගේ වීරයා මොහොතකින් නෑගී සිටී, වෙඩි වරුසා පිට වෙඩි උන්ඩ පතිත වෙන භූමිය බලාගත් ඔහු, "සර් අපේ කට්ටිය උන් ඔක්කොම මරයි සර්, අර ට්‍රක්1ට වෙඩි වදින් නෑ, සර් ඒක මම බලා ගන්නන්, සර් කෑම්ප් 1 ටෙරාට නොදී අල්ලගන්න සර් එයාර් ෆොර්ස් 1 එනකන්", ඒ අහිත රණ හඩ ලක් මව් ඇසූ අවසන් අවස්ථාවයි ඒ." අත් බෝම්බ 2ක් අතට ගත් ඔහු,
මව්බිම වෙනුවෙන් යුධ ටැංකිය දෙසට දිව යයි.ගාමිණී එපා යයි සහෝදර විරුවන් කෑ ගසද්දී, පපුවට වැදුනු වෙඩි පහරද නොතකා යුධ ටැංකියට නගියි. ---
ඒ නිමේශය මා කෙසේ ඔබට පවසම්ද මිතුරනේ....
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියයුනා....
සිංහල තව පුන්චි පුතෙක් ලක් මෑණිට නැති උනා....
මගේ වීරය ඔබයි විරුවනේ. ඔබ අපිට රැක දුන් රට අපි කිසි දිනෙක පාවා නොදෙමි.
මා දන්නා පමණින්, හසලක ගාමිණී විරුවාගේ ස්මාරකය ලගින් යන මිනිසුන් අසුනින් නැගිට ඔහුට ආචාර කරනවාලු.
ඔහු සදා අමරණීයයි ලක් පුතුනෙ!
ඔහුගේ ආඩම්බර කාර වීර මෑණියන් තවමත් අපි සමගයි.
ඒ මවගේ ආඩම්බරය කිසි දිනෙක සදා නොමියේවා!