මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

මෙලොව විශ්වාසනීයම පිරිමියා

කුඩා පවුලක් වෙරළ අද්දර නිවසක ජීවත් වූ අතර මව පියා සහ වයස අවුරුදු 5 සහ අවුරුදු 9 වන දියණියන් දෙදෙනෙකුගෙන් ඒ පවුල සමන්විත වුනා. දිනක් ඔවුන් මුහුදේ නෑමට යන්න තීරණය කල අතර පියා සහ දියණියන් දෙදෙනා පමනක් ගියේ මවට නිවසේ රාජකාරි බහුල වූ නිසයි. ඔවුන් මද වේලාවක් මුහුදේ දිය නාමින් විනෝද වූ නමුත් මද වේලාවකින් පියාට වැටහුනේ දිය තරංගයකට හසු වී ඔවුන් තිදෙනා වෙරලෙන් ඈතට ගසාගෙන ගොස් ඇති බවයි. සිද්ධියේ භයානක කම ඔහුට වැටහුනු අතර මුලින්ම කුඩා දියණිය රැගෙන වෙරළට පිහිනීමට තීරණය කලේ එක්වර දියණියන් දෙදෙනාම රැගෙන පිහිනීමට තරම් ඔහුට හැකියාවක් නොමැති නිසායි. ආපසු වෙරළට පිහිනීමට පෙර වැඩිමහල් දියණිය ඇමතූ ඔහු මෙසේ පැවසුවේය, "දුවේ හොදට අහගන්න...මම නංගිව වෙරළන් තියලා එනකම් දුව ගිලෙන්නේ නැතුව ඉන්න ඕනෙ... මම දුවට ගොඩක් ආදරෙයි...තාත්තා දුවව ගන්න එනකම් දුව ගිලෙන්න නැතුව ඉන්න ඕනි... හොදට මතක තියාගන්න තාත්තා දුවට ගොඩාක් ආදරෙයි" මෙසේ පැවසූ ඔහු බාල දියණියව වෙරළට නිරුපද්‍රිතව ගෙන ගිය අතර ඒ වහාම නැවතත් දියඹට පීනුවේ වැඩිමහල් දියණියව බේරා ගැනීමටයි. ඇය සිටී යැයි ඔහු විශ්වාස කල ප්‍රදේශයට ඔහු පිහිනා ගිය නමුත් බොහෝ වේලාවක් ගියත් ඔහුට ඇයව සොයා ගැනීමට හැකි වුනේ නෑ. මේ වන විට තම ශක්තිය හීන වී යන බව දැනුනු නිසා ඔහු නැවතත් වෙරළට පිහිනූ අතර ඉතිරිව ඇති මද ශක්තියෙන් වෙරළේ දිව ගොස් බෝට්ටුවක් සහිත පුද්ගලයෙක්ව සොයා ගත් ඔහු නැවතත් බෝට්ටුවේ නැගී දියණියව සෙවීමට පටන් ගත්තා. මෙලෙස අඩ පැයක් පමන ගත වූ නමුත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට හැකි වුනේ නෑ. මේ වන විට ඇය පිලිබද බලාපොරොත්තු ඔවුන්ගේ සිතින් ගිලිහෙමින් පැවතියා. නමුත් මද වේලාවකින් ඔවුන් ඇයව දුටු අතර ඔවුන් පුදුමයට පත් වුනේ ඇය නොගිලී දියෙහි පාවෙමින් සිටි නිසයි.ඇයව බේරාගත් අතර නැවත වෙරළට පැමිනෙන අතර බෝට්ටුවේ හිමි කරුවා ඇගෙන් විමසුවේ මෙතරම් වෙලාවක් නොගිලී සිටියේ කෙසේද යන්නයි. "මගේ තාත්තා කිව්වා එයා මට ගොඩක් ආදරෙයි,එයා මාව ගන්න ආපහු එනවයි කියලා... තාත්තා මාව ගන්න එන බව දන්න නිසා මම කොහොම හරි ගිලෙන්නේ නැතුව හිටියා."

අනේ පුතේ උඹට රිදුනද?

කුඩා අවදියේදී පියා මිය ගිය පසු තම එකම පුතා සමාජයට වැඩදායී මිනිසෙකු කිරීම ඇගේ පරම අභිලාශය විය... දිනය පුරා කුලී වැඩ කිරීමෙන් උපයා ගත් මුදල් අරපිරිමැස්මෙන් වියහියදම් කල ඇය ඒවා ඉතිරි කලේ ඔහුගේ අනාගත අභිවෘද්ධිය සදහාමය. තම බත්පත පුතුට දී ඇය නිරාහාරව ගත කල වේල් ගනන අපමනය.

මව තමා වෙනුවෙන් කරනා කැපකිරීම පිලිබද අවදියෙන් සිටි පුතු මවගේ බලාපොරොත්තු ඉහල නංවමින් ඉතා හොදින් අධ්‍යාපන කටයුතු වල නිරත වූ අතර අවසානයේ සරසවි වරම් දිනා පසුව ඉහල රැකියාවක යෙදීමට ඔහුට හැකියාව ලැබුනි. නිසි වයස ආ පසු ඉහල පවුලකින් විවාහයක් කරගත් ඔහු බිරිදත් මවත් සමග පදිංචියට නව පන්නයේ නිවසක්ද තැනවීය. තමා සහ තම සැමියා සමග එකට වාසය කරන මහලු මවට බිරිද සිත යටින් වෛර කල අතර සැමියා ඇයට දක්වන මහත් වූ සෙනෙහස නිසා ඒ වෛරය දෙගුණ තෙගුණ වූවත් ඒ පිලිබදව සැමියා හා පැවසීමට ඇය මැළි විය.
 මද කලක් ගත විය,බිරිය ගැබ්බර විය,ඔහු සතුටින් ඉපිල ගියේය.මේ අතර බිරිදට දොලදුකක් පහල විය.එය අසම්මත ආකාරයේ දොලදුකකි.එනම් තම නැන්දනිය මරා ඇගේ හදවත ආහාරයට ගැනීමේ රුදුරු අශාවයි. ඇය මේ පිලිබදව තම සැමියාට පැවසීය. ඇගේ ඉල්ලීමෙන් වික්‍ෂිප්ත වූ ඔහු ඇයට බැන වැදුනි. නමුත් ඇගේ ආශාව දිනෙන් දින උත්සන්න විය. ඇය දිනපතා සැමියාට කන්නලව් කලේය.දොලදුක ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් තමා සහ තම කුස තුල සිටින කිරිකැටියා මිය යා හැකි බවට පවසන්නට විය. තීරණාත්මක මොහොත එලබිනි. තමා කුඩා කල සිට අපමන කැපකිරීම් කරමින් තමා උස්මහත් කල මව මරා බිරිදගේ දොල දුල ඉටු කිරීමට ඔහු තීරණය කලේය. දිනක් උදෑසනම අවදි වූ ඔහු මව රවටා ඇයත් සමග අසල වූ වන රොදකට වැදුනු අතර එහිදී තම මව මරා දැමූ ඔහු ඇගේ හදවතත් රැගෙන යලි නිවසට ඒමට පිටත් විය. ඔහුට ඒමට ලැබුනේ මද දුරකි,ගලක පය පැටලී ඔහු බිම ඇද වැටුනු අතර පය තුවාල වී ලේ ගලා යාමට විය..

එවිටම මවගේ හදවතින් ශබ්දයක් නැගුනි,
"අනේ පුතේ උඹට රිදුනද?"

භූමි කම්පා වලින් පොලව ඉරි තලා යා හැක, සැඩ සුලං වලින් රූස්ස ගස් ඉදිරී යා හැක, චන්ඩ රළ වලින් විශාල නෞකා පෙරලී යා හැක, නමුත් දරුවන් ගේ අනේක සිත් රිදවීම් හමුවේ වුවද මවු සෙනෙහස නොබිදී පවතී... මවට සමකල හැකි තවත් කෙනෙක් මෙලොව සිටීද?

අවංක වචනයක බලය

රාහුල් යනු ඉන්දියාවේ කුඩා ගමක ජීවත් වූ දරුවෙකි. පාසලේ ඉතා දීප්තිමත් සිසුවෙකු වූ ඔහු හැම වාරයකම පන්තියේ පලමු තැන දිනා ගත්තේ මවුපියන් ඔහු කෙරේ තැබූ බලාපොරොත්තු ඉහලින්ම ඉටු කරමිනි. ඔහුගේ දක්‍ෂතා තවදුරටත් ඔප් නැංවීමට ඔහු අධ්‍යාපනය ලබන කුඩා පාසල අපොහොසත් වේ යැයි ඔහුගේ මවුපියන් විශ්වාස කල නිසා ඔහුව නගරයේ පාසලකට යැවීමට ඔවුන් තීරණය කලහ.ඒ අනූව නේවාසිකව අධ්‍යාපනය ලැබීමට ඔවුන් රාහුල්ව නගරයේ විශාල පාසලකට ඇතුල් කලෝය. 

 නව පාසලට ඇතුල් වී වැඩි කාලයක් යන්නට මත්තෙන් රාහුල් විශාල පරිවර්තනයකට බදුන් විය.මීට පෙර පාසලේදී ඉතා ඉහල දක්‍ෂකම් පෙන්වූවත් නව පාසලේදී ඔහුගේ දක්‍ෂතා සීඝ්‍රයෙන් පසු බැසීය.මීට පෙර පාසලේදී මිතුරන් පිරිවරා ගත් ක්‍රීඩාශීලී දරුවෙකු වූ නමුත් නව පාසලේ ඔහුට මිතුරන් නොවූ අතර නිතරම තනිව සිටීමට ප්‍රිය කලේය.තමාට ලෝකයේ කිසිවෙකුත් ආදරය නොකරන බවක් ඔහුට හැගුන අතර තමන් නොවටිනා පුද්ගලයෙකු බව ඔහු විශ්වාස කලේය.

 තම දරුවාගේ වත්මන් තත්වය පිලිබද දැනගත් දෙම්ව්පියන් විශාල ලෙස කණගාටු වූ නමුත් ඔහු මෙම තත්වයට පත් වීමට හේතුව තවමත් ඔවුන්ට රහසක් විය.එම නිසා රාහුල්ව මුන ගැසී ඔහු සමග සාකච්ඡා කිරීමට තීරණය කල ඔහුගේ පියා ඔහුගේ පාසලට පැමිනියේය. නේවාසිකාගාරය අසල වූ දොල පහරක් අසල ඔවුන් වාඩි වූ අතර මුලින්ම පියා පාසලේ ගුරුවරුන්, නේවාසිකාගරයේ ආහාර, පන්තියේ ළමුන් පිලිබදව සාමාන්‍ය ප්‍රශ්ණ ඇසූ අතර මද වේලාවකින් ඔහු මෙසේ ඇසීය,
 "පුතා දන්නවද අද මම පුතාව බලන්න ආවේ ඇයි කියලා?"
 "මගේ ලකුණු බලන්න වෙන්න ඇති" රාහුල් පිලිතුරු දුන්නේ නොරිස්සුමකිනි.
 " නෑ නෑ පුතා වැරදී" පියා පිලිතුරු දුන්නේය. "මම අද පුතාව බලන්න ආවේ අම්මගෙයි මගෙයි ජීවිතේ වැදගත්ම පුද්ගලයා පුතා බව කියලා යන්න." "අපට අවශ්‍ය පුතා සතුටින් ඉන්නවා බලන්න...අපට පුතාගේ ලකුණු වලින් වැඩක් නෑ,අපට වටින්නේ පුතාව...පුතා තමා අපේ ජීවිතේ..."
 පියාගේ වදන් ඇසූ රාහුල්ගේ දෙනෙත් කදුලින් පිරී ගිය අතර ඔහු පියාව වැලද ගත්තේය. 
"මගේ ජීවිතයත් ඔයාලා දෙන්නයි තාත්තේ" ඔහු පැවසුවේය. 

තමා පිලිබදව තමන්ටත් වඩා සැලකිලිමත් දෙදෙනෙකු මෙලොව සිටින බව තේරුම් ගත් රාහුල්ගේ දක්‍ෂතා මද කලෙකින් ඉස්මතු වූ අතර ඔහු අද පාසලේ දීප්තිමත්ම සිසුන් ගෙන් අයෙකි. අප බොහෝ විට එක් වචනයක,කුඩා සිනහවක අවංක ප්‍රශංසාවක ඇති බලය අවතක්සේරු කරමු, ඒ සැමටම ජීවිතයක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමේ බලයක් ඇත..

දිනපොත

යගේ දිනපොත :
අද රෑ අරයා හරි අමුතුයි කියලා මට හිතුනා. අපි උදේ කතා වෙලා හිටියේ අද රෑ කෑම ගන්න හොද රෙස්ටුරන්ට් එකකට යන්න. මම අද මුලු දවසම යාලුවෝ එක්ක ෂොපින් කලා,ඉතින් මට හිතුනා මම ගෙදර එන්න ටිකක් පරක්කු උන නිසා එයාට තරහා ගිහින් කියලා,ඒත් එයා ඒ ගැන මොකුත්ම කිව්වේ නෑ. එයා මා එක්ක කතා නොකර බලාගත්තු අත බලාගෙන හිටිය නිසා මම කිව්ව කොහේ හරි නිස්කලංක තැනකට ගිහින් කතා කර කර ඉමු කියලා.එයා ඒකට කැමති උනා,ඒත් මගේ එක්ක කතා කලේ හරිම අඩුවෙන්. ඉතින් මම එයාගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්ණේ කියලා,ඒත් එයා කිව්වා කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා එයා දුකෙන් ඉන්නේ මගේ වැරැද්දක් නිසාද කියලා,ඒත් එයා කිව්වා එයා දුකෙන් නෙවේ ඉන්නේ,මම කිසිම වරදක් කලේ නෑ ඒ ගැන හිතන්න එපා කියලා. අපි ගෙදර එන අතරමගදි මම එයාට කිව්වා මම එයාට ගොඩක් ආදරේ කරන බව,ඒත් එයා යන්තමින් හිනා වෙලා දිගටම කාර් එක ඩ්‍රයිව් කලා.මට හිතා ගන්න බෑ එයා ඒ හැසිරුන විදිහ,ඇයි එයා මගේ දිහා බලලා "මමත් ඔයාට ගොඩාක් ආදරෙයි වස්තුව" කියලා කිව්වේ නැත්තේ? ගෙදර ආවාම නම් මට හිතුනා එයාට මාව එපාම වෙලා කියලා,මගේ දිහා බැලුවෙවත් නෑ ටී වී එක දාගෙන ඒක බලන්න පටන් ගත්තා,වචනයක්වත් කතා කලේ නෑ. ඉතින් මම ටික වෙලාවකින් ඇදට ගියා,විණාඩි 15කින් විතර එයත් ඇදට ආවා,ඒත් එයාගේ හිත තිබුනේ වෙන කොහෙවත්,එයාට ඉක්මනට නින්ද ගියා. මම හොදටම ඇඩුවා,මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා,මට හොදටම විශ්වාසයි එයාගේ හිතේ දැන් ඉන්නේ වෙන කෙනෙක්,අනේ මම ජීවත් වෙලා වැඩක් නෑ.

හුගේ දිනපොත:
ෂික්...ලංකාව අදත් මැච් එක පරාදයි

පොරොන්දුව

වුන්ගේ පෙම් සබදතාවය නිවසේ අයට හෙලි වූ දා සිටම ඇගේ පවුලෙන් එයට විරුද්ධ වුනා. දුගියන් නොවුනත් පොහොසතුන්ද නොවූ ඔහුගේ පවුලට බැදුනහොත් ඇයට ජීවිත කාලය පුරාම හැඩූ කදුලෙන් ගත කිරීමට සිදුවිය හැකි බවට ඇගේ දෙම්ව්පියන් සහ සහෝදරියන් ඇයට අනතුරු ඇගවූවා. සිය පවුලෙන් ඇය වෙත ඇති කල පීඩනය නිසාම බොහෝ විට ඔවුන් දෙදෙනා අතර අඩ දබර ඇති වුනා,ඔහුට ඉතා තදින් පෙම් කලත් ඇය නිතරම ඔහුගෙන් ඇසූ එක් පැනයක් තිබුනා,ඒ "ඔයා මට කොච්චර ආදරේද?" යන්නයි.ඔහු කතාවෙහි දක්‍ෂ අයෙක් නොවේ, එම නිසා බොහෝ විට අගේ මෙම පැනය හමුවේ ඔහු නිරුත්තර වුනා,පවුලෙන් එන පීඩනය සහ ඔහුගේ මෙම ප්‍රතිචාරය නිසා කෝපයට පත් වන ඇය ඔහුට බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.
සර ගණනක් ගත වුනා.සරසවි අධ්‍යාපනය හමාර කල ඔහු උසස් අධ්‍යාපනය සදහා විදේශගත වීමට තීරණය කලා,විදේශගත වීමට පෙර ඇය හමුවට පැමිනි ඔහු මෙසේ පැවසුවා 

"මට ගොඩක් ලස්සනට කතා කරන්න බැරි බව ඇත්තයි,ඒත් මම ඔයාට ගොඩක් ආදරේ බව මම දන්නවා,ඔයා කැමතී නම් ඔයාගේ ඉතිරි ජීවිත කාලය පුරාවට ඔයාව මගේ කර ගන්න මම කැමතී,මම ඔයාලගේ ගෙදර ඇවිත් එයාලා එක්ක කතා කරලා කොහොම හරි එයාලගේ කැමැත්ත ගන්නම්,ඔයා මාව කසාද බදිනවද? 

ඇගේ කැමැත්ත ඇතුව ඇගේ නිවසට ගිය ඔහු ඔහුගේ යෝජනාව ඉදිරිපත් කලා,ඔහුගේ ධෛර්යවන්ත බාවය ගැන විශ්වාසය තැබූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහයට අවසර දුන්නා,ඔහු විදේශ ගත වීමට පෙර ඔවුන් විවාහ ගිවිස ගත්තා. 

ඔහු විදේශ ගත වුනා. මුන නොගැසුනත් ඔවුන් දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කර ගත්තා.ඇය රැකියාවක නිරත වීමට තීරණය කලේ ඔහු අසල නැති පාලුව මදකට හෝ සමනය කර ගැනීමටයි. දිනක් මෙසේ රැකියාවට යන අතරතුර අධික වේගයෙන් ගමන් කල මෝටර් රථයක ඇය ගැටුනා. ඇයට සිහිය පැමිනෙන විට ඇය සිටියේ රෝහලේ ඇදක් මත.ඒ අසලම රැදී සිටියේ ඇගේ දෙමව්පියන්,ඇගේ මව හඩමින් සිටි අතර තමා බරපතල ලෙස තුවාල ලබා ඇති බව ඇයට වැටහුනා. තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වූ නිසා මවගෙන් ඒ පිලිබද විස්තර ඇසීමට උත්සාහ කලත් ඇගේ මුවින් හඩක් පිට වූයේ නෑ,ඇය කිහිප විටක්ම උත්සාහ ගත්තා,නමුත් ඵලක් නෑ,ඇයට ඇගේ කටහඩ අහිමි වී තිබුනා. 

වෛද්‍යවරුන් ගේ මත වූයේ අනතුරේදී ඇගේ මොළයට සිදු වූ හානි නිසා ඇයට කටහඩ අහිමි වූ බවයි. යලිත් ඇගේ කටහඩ ප්‍රකෘති තත්වයට පැමිනීම පිලිබදව විශ්වාසය තැබීමට නොහැකි බව ඔවුන් පැවසුවා.
අනතුර පිලිබදව පෙම්වතාට දැන්වීමට ඇය ඉඩ නොදුන් අතර ඇයට එකම ප්‍රශ්ණය වූයේ නොනවත්වා නාද වන ඇගේ දුරකථනයයි.ඔහු දිගින් දිගටම ඇය ඇමතූ නමුත් ඇය ඒවාට පිලිතුරු ලබා දුන්නේ නෑ.තම රෝගී තත්වය ඔහු දැනගන්නවාට ඇය අකමැති වුනේ තමා වැනි ආබාධිත තරුණියක නිසා ඔහු ජීවිත කාලය පුරා දුක් විදිනවා දැකීමට ඇති නොකැමැත්ත නිසයි. අවසානයේ තීරණයක් ගත් ඇය ඔහුට ලිපියක් ලියූ අතර තමාට තව දුරටත් ඔහු වෙනුවෙන් බලා සිටිය නොහැකි බව ඇය ඉන් දන්වා සිටියා. තරුණයාගෙන් තරුණියගේ දුරකථනයට ඇමතුම් දහස් ගණනක් පැමිනි නමුත් ඇයට කල හැකිව තිබුනේ එදෙස බලා ඉකිබිදිමින් හැඩීම පමනයි. 

ජීවත් වන පරිසරය වෙනස් කිරීමෙන් ඇගේ මානසික තත්වය වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පැවසූ නිසා ඇගේ දෙම්ව්පියන් ඇයත් සමග පිටිසර පෙදෙසක පදිංචියට යාමට තීරණය කලා.
නව පරිසරයේදී තම රෝගී තත්වයට හොදින් හැඩ ගැසුනු ඇය සංඥා භාශාව ඉගෙනීම ආරම්භ කලා. දිනපතාම ඇයට ඔහුව මතක් වූවත් ඇය ආයාසයෙන් ඔහුව අමතක කිරීමට පුරුදු වුනා. දිනක් හදිසියේම ඇය හමුවට ආ මිතුරියක් ඇය සමග පැවසුවේ ඔහු යලි පැමින ඇති බවයි. මෙවිට ඇය යෙහෙලියව පොරොන්දු කර ගත්තේ තම නව වාසාස්ථානය පිලිබදව ඔහුට නොකියන වගටයි.
වසරක් ගෙවී ගියා. යලිත් ඇගේ පෙර කී යෙහෙලියම ඇය හමුවට පැමිනියා. මෙවර ඇගේ අත රැදී තිබුනේ මංගල ආරාධනා පතක්,ඒ අන් කවරෙකුගේවත් නොවේ,ඇය විවාහ ගිවිස ගත් ඇගේ පෙම්වතාගේ මංගල ආරාධනා පතයි. 

ඇය වෙවුලන දෑතින් එය ව්වෘත කලා. දුටු දෙයින් ඇය විශ්මයට පත් වුනා,ඒ තුල ඇය දුටුවේ තමාගේම නමයි. සිදුවන දේ ගැන විමසීමට යෙහෙලිය දෙස බැලූ කල ඇය දුටුවේ ඔහුයි. සංඥා බස භාවිතා කරමින් ඔහු මෙසේ පැවසුවා,
"සංඥා භාශාව ඉගෙන ගැනීමට මම වසරක කාලයක් ගත කලා,ඒ මම ඔයාට වුන පොරොන්දුව මට තවමත් අමතක වී නැති බව ඔයාට කියන්න,මම දැන් කලින්ටත් වඩා ඔයාට ආදරෙයි,මම ජීවිත කාලය පුරාවටම ඔයාගේ කටහඩ වෙන්නම්"

ලොතරැයිය

හිටපු සැමියා වෙත ආදරයෙන් ලියමි,
මම මේ ලියුම ඔයාට ලියන්නේ මම සදහටම ඔයාව අතෑරලා දාලා යනවා කියලා කියන්නයි. මම අවුරුදු 7ක් තිස්සේ ඔයාට ගොඩක් හොද බිරිදක් වෙලා හිටියා,ඒත් පහුගිය සති දෙක ඇතුලත මට මේ ජීවිතේ එපාම උනා.අද ඔයාගේ බොස් මට කතා කරලා කිව්වා ඔයා රස්සාවෙන් අස් උනා කියලා,ඒකෙන් මගේ ඉවසීමේ සීමාව පැන්නා. ගිය සතියේ සදුදා මම මගේ Hair Style එක වෙනස් කලා,මම ඔයා කැමතිම කෑම ඔයාට හදලා දුන්නා,මම අලුත්ම Silk Dress එකක් ඇන්දා,ඒත් ඔයාට ඒ එකක්වත් Note උනේ නෑ,ඔයා විණාඩි දෙකෙන් කෑම කාලා News අහන්න පටන් ගත්තා. ඔයා දැන් මට ආදරෙයි කියලවත් කියන්නේ නෑ,අපි දෙන්නා තවදුරටත් සැමියයි බිරිදයි වගේ නෙවේ. එක්කෝ ඔයා වෙන කාට හරි ආදරේ කරනවා ඒත් නැත්නම් ඔයා මට තවදුරටත් ආදරේ නෑ,ඒ මොනවා උනත් මම යනවා. මීට ඔයාගේ හිටපු බිරිද P.S මාව හොයන්න උත්සාහ කරන්න එපා,මම ඔයාගේ මල්ලිත් එක්ක ඈත පලාතකට යනවා,
ඔයාට සුභ අනාගතයක් 

ආදරණීය හිටපු බිරිද වෙත,
ඔයා එවපු ලියුම කියවීම වගේ මම සතුටට පත් වුන මොහොතක් මට හිතා ගන්න බෑ. ඔව් මම අවුරුදු 7ක් ඔයාව කසාද බැදලා හිටියා තමා,ඒත් ඒ අවුරුදු හත පුරාවටම මට ඔයාගේ කන් කෙදිරියයි බොරුවට අඩන එකයි එපා වෙලා තිබුනේ. මම ගිය සදුදා ඔයාගේ අලුත් Hair Style එක දැක්කා තමා,ඒ Hair Style එක දැක්ක මොහොතෙම මට මතක් වුනේ කොල්ලෙක්ව,ඒත් ඔයාගේ හිත රිදෙයි කියලයි මම ඔයාට මොකුත් කිව්වේ නැත්තේ. ඔයා මම කැමතිම කෑම හැදුවද? මම හිතන්නේ ඔයා මගෙයි මගේ මල්ලිගෙයි කැමතිම කෑම පටලවගෙන,මම Pork කන එක නවත්තලා දැන් අවුරුදු 5කටත් වැඩී. මම ඔයාගේ අලුත් Silk Dress එකත් හොදට දැක්කා,ඒ වගේම ඒකෙ තිබුනු ඩොලර් 49.99 Price Tag එකත් දැක්කා,මම ඒ වෙලාවේ ප්‍රාර්ථනා කලා එදා උදේ මගේ මල්ලී මගෙන් ඩොලර් 50ක් ඉල්ලා ගත්තේ ඔයාට ඒ Silk Dress එක අරන් දෙන්න නෙමේ වේවා කියලා. ඒ මොනවා උනත් මම ඔයාට ආදරේ කලා,මම හිතුවා අපි දෙන්නට අපේ වැරදි හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙයි කියලා.ඉතින් ඒකයි මට ඩොලර් මිලියන 10ක ලොතරැයියක් ඇදුනාම මගේ රස්සාවෙන් අයින් වෙලා අපි දෙන්නට Maldives යන්න Ticket දෙකක් Book කලේ.ඒත් මම ගෙදර එනකොට ඔයා ගිහිල්ලා. ඔක්කොම වෙන්නේ හොදට කියලත් කතාවක් තියනවානේ. මගේ ලෝයර් කිව්වා ඔයා මට ලියපු ලියුම නිසා මම ඔයාට කීයක්වත් දෙන්න ඕනි නෑ කියලා. ඔයාටත් සුභ අනාගතයක්, මීට ඔයාගේ ගොඩක් පොහොසත් සම්පූර්ණයෙන්ම නිදහස් ඔයාගේ හිටපු සැමියා P.S මට හිතන්නේ මම ඔයාට කලින් කියලා නෑ මගේ මල්ලී කාල්(Carl) ඉපදුනේ කාලා(Carla-ගැහැණියක්) හැටියට කියලා ,මම හිතන්නේ ඒක ඔයාට ප්‍රශ්ණයක් නෙවේ.

UNPLEASANT person / මෙය කලකට ඉහතදී ගුවන් යානයක සිදු වූ සිද්ධියකි.

A 50- something year old white woman arrived at her seat on a crowded flight and immediately didn’t want the seat. The seat was next to a black man. Disgusted, the woman immediately summoned the flight attendant and demanded a new seat. The woman said “I cannot sit here next to this black man.” The fight attendant said “Let me see if I can find another seat.” After checking, the flight attendant returned and stated “Ma’am, there are no more seats in economy, but I will check with the captain and see if there is something in first class.” About 10 minutes went by and the flight attendant returned and stated “The captain has confirmed that there are no more seats in economy, but there is one in first class. It is our company policy to never move a person from economy to first class, but being that it would be some sort of scandal to force a person to sit next to an UNPLEASANT person, the captain agreed to make the switch to first class.” Before the woman could say anything, the attendant gestured to the black man and said, “Therefore sir, if you would so kindly retrieve your personal items, we would like to move you to the comfort of first class as the captain doesn’t want you to sit next to an unpleasant person.” Passengers in the seats nearby began to applause while some gave a standing ovation.

ගුවන් යානය ගුවන් ගත වීමට ඇත්තේ සුළු මොහොතකි. මගීන් තමන්ට නියමිත ආසන වල අසුන් ගනිමින් සිටියෝය.. වයස අවුරුදු 50ක් පමන වන සුදු ජාතික කාන්තාවක් තමන් අසුන් ගැනීමට නියමිත අසුන වෙත පැමිනියාය.. ඇය දුටුවේ තමන් ගේ අසුනට යාබද අසුනේ අසුන් ගෙන සිටින කළු ජාතිකයෙකි.ඔහු දුටු ඇය කෝපයෙන් වියරු වැටුනු ආකාරයක් දිස් වුනු අතර ඇය මදක් ශබ්ද නගා ගුවන් සේවිකාවකට කතා කලාය.
"ඇයි මැඩම් මොකද්ද ප්‍රශ්ණය?" ගුවන් සේවිකාව අචාරශීලීව ඇගෙන් විමසීය..
"ප්‍රශ්ණය? ඇයි පේන්නේ නැද්ද? මට දීලා තියෙන්නේ කළු මිනිහෙක් ලග Seat එකක්,මට මේ Seat එකේ වාඩි වෙන්න බෑ,මට වෙන එකක් දෙන්න පුලුවනිද?" සුදු කාන්තාව කෝපයෙන් විමසීය.
"තරහා ගන්න එපා මැඩම් අද නම් අපේ ඔක්කොම Seats Full ඒත් මම තව පාරක් Check කරන්නම්" පැවසූ ගුවන් සේවිකාව නික්ම ගිය අතර මිනිත්තු කිහිපයකින් නැවතත් පැමිනියාය.
"මැඩම් මම කලින් කිව්වා වගේ අද Economy Class Empty Seats එකක්වත් නෑ,මම Captain එක්කත් Check කලා First Class Empty Seats විතරයි තියෙන්නේ"
සුදු කාන්තාව යමක් පැවසීමට සැරසුනු නමුත් ගුවන් සේවිකාව දිගටම කතා කලාය
"අපේ Company Rules වලට අනූව සාමාන්‍යයෙන් අපි Economy Class එකේ ගමන් කරන මගියෙක් First Class එකට මාරු කරන්නේ නම් නෑ, ඒත් තමන්ට අප්‍රිය කෙනෙක් ලග ගමන් කරන එක මගියෙක්ට අප්‍රසන්න අත්දැකීමක් නිසා අපි තීරණය කලා නීතියට පිටින් වැඩ කරන්න""
මේ ඇසූ සුදු කාන්තාව මද සිනාවක් පා තම ගමන් මළු රැගෙන පලමු පන්තිය දක්වා යාමට සැරසුනි.
මෙවිට අසරණව සිද්ධිය දෙස බලා සිටි කළු ජාතික මගියා දෙස බැලූ ගුවන් සේවිකාව
"ඒ නිසා සර් අපි සර්ට පලමු පන්තියේ ආසනයක් වෙන් කලා,එන්න මම සර්ට ආසනය පෙන්වන්නම්" යැයි පැවසුවාය.
මේ ජුගුප්සාජනක සිද්ධිය දෙස තුෂ්නිම් භූතව බලා සිටි අසල සිටි මගීන් සියලු දෙනා අත්පොලසන් දෙන්නට විය.,සුදු ජාතික කාන්තාව කරකියා ගන්නට දෙයක් නොමැතිව අසරණ විය.