මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

පොරොන්දුව

වුන්ගේ පෙම් සබදතාවය නිවසේ අයට හෙලි වූ දා සිටම ඇගේ පවුලෙන් එයට විරුද්ධ වුනා. දුගියන් නොවුනත් පොහොසතුන්ද නොවූ ඔහුගේ පවුලට බැදුනහොත් ඇයට ජීවිත කාලය පුරාම හැඩූ කදුලෙන් ගත කිරීමට සිදුවිය හැකි බවට ඇගේ දෙම්ව්පියන් සහ සහෝදරියන් ඇයට අනතුරු ඇගවූවා. සිය පවුලෙන් ඇය වෙත ඇති කල පීඩනය නිසාම බොහෝ විට ඔවුන් දෙදෙනා අතර අඩ දබර ඇති වුනා,ඔහුට ඉතා තදින් පෙම් කලත් ඇය නිතරම ඔහුගෙන් ඇසූ එක් පැනයක් තිබුනා,ඒ "ඔයා මට කොච්චර ආදරේද?" යන්නයි.ඔහු කතාවෙහි දක්‍ෂ අයෙක් නොවේ, එම නිසා බොහෝ විට අගේ මෙම පැනය හමුවේ ඔහු නිරුත්තර වුනා,පවුලෙන් එන පීඩනය සහ ඔහුගේ මෙම ප්‍රතිචාරය නිසා කෝපයට පත් වන ඇය ඔහුට බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.
සර ගණනක් ගත වුනා.සරසවි අධ්‍යාපනය හමාර කල ඔහු උසස් අධ්‍යාපනය සදහා විදේශගත වීමට තීරණය කලා,විදේශගත වීමට පෙර ඇය හමුවට පැමිනි ඔහු මෙසේ පැවසුවා 

"මට ගොඩක් ලස්සනට කතා කරන්න බැරි බව ඇත්තයි,ඒත් මම ඔයාට ගොඩක් ආදරේ බව මම දන්නවා,ඔයා කැමතී නම් ඔයාගේ ඉතිරි ජීවිත කාලය පුරාවට ඔයාව මගේ කර ගන්න මම කැමතී,මම ඔයාලගේ ගෙදර ඇවිත් එයාලා එක්ක කතා කරලා කොහොම හරි එයාලගේ කැමැත්ත ගන්නම්,ඔයා මාව කසාද බදිනවද? 

ඇගේ කැමැත්ත ඇතුව ඇගේ නිවසට ගිය ඔහු ඔහුගේ යෝජනාව ඉදිරිපත් කලා,ඔහුගේ ධෛර්යවන්ත බාවය ගැන විශ්වාසය තැබූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහයට අවසර දුන්නා,ඔහු විදේශ ගත වීමට පෙර ඔවුන් විවාහ ගිවිස ගත්තා. 

ඔහු විදේශ ගත වුනා. මුන නොගැසුනත් ඔවුන් දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කර ගත්තා.ඇය රැකියාවක නිරත වීමට තීරණය කලේ ඔහු අසල නැති පාලුව මදකට හෝ සමනය කර ගැනීමටයි. දිනක් මෙසේ රැකියාවට යන අතරතුර අධික වේගයෙන් ගමන් කල මෝටර් රථයක ඇය ගැටුනා. ඇයට සිහිය පැමිනෙන විට ඇය සිටියේ රෝහලේ ඇදක් මත.ඒ අසලම රැදී සිටියේ ඇගේ දෙමව්පියන්,ඇගේ මව හඩමින් සිටි අතර තමා බරපතල ලෙස තුවාල ලබා ඇති බව ඇයට වැටහුනා. තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වූ නිසා මවගෙන් ඒ පිලිබද විස්තර ඇසීමට උත්සාහ කලත් ඇගේ මුවින් හඩක් පිට වූයේ නෑ,ඇය කිහිප විටක්ම උත්සාහ ගත්තා,නමුත් ඵලක් නෑ,ඇයට ඇගේ කටහඩ අහිමි වී තිබුනා. 

වෛද්‍යවරුන් ගේ මත වූයේ අනතුරේදී ඇගේ මොළයට සිදු වූ හානි නිසා ඇයට කටහඩ අහිමි වූ බවයි. යලිත් ඇගේ කටහඩ ප්‍රකෘති තත්වයට පැමිනීම පිලිබදව විශ්වාසය තැබීමට නොහැකි බව ඔවුන් පැවසුවා.
අනතුර පිලිබදව පෙම්වතාට දැන්වීමට ඇය ඉඩ නොදුන් අතර ඇයට එකම ප්‍රශ්ණය වූයේ නොනවත්වා නාද වන ඇගේ දුරකථනයයි.ඔහු දිගින් දිගටම ඇය ඇමතූ නමුත් ඇය ඒවාට පිලිතුරු ලබා දුන්නේ නෑ.තම රෝගී තත්වය ඔහු දැනගන්නවාට ඇය අකමැති වුනේ තමා වැනි ආබාධිත තරුණියක නිසා ඔහු ජීවිත කාලය පුරා දුක් විදිනවා දැකීමට ඇති නොකැමැත්ත නිසයි. අවසානයේ තීරණයක් ගත් ඇය ඔහුට ලිපියක් ලියූ අතර තමාට තව දුරටත් ඔහු වෙනුවෙන් බලා සිටිය නොහැකි බව ඇය ඉන් දන්වා සිටියා. තරුණයාගෙන් තරුණියගේ දුරකථනයට ඇමතුම් දහස් ගණනක් පැමිනි නමුත් ඇයට කල හැකිව තිබුනේ එදෙස බලා ඉකිබිදිමින් හැඩීම පමනයි. 

ජීවත් වන පරිසරය වෙනස් කිරීමෙන් ඇගේ මානසික තත්වය වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පැවසූ නිසා ඇගේ දෙම්ව්පියන් ඇයත් සමග පිටිසර පෙදෙසක පදිංචියට යාමට තීරණය කලා.
නව පරිසරයේදී තම රෝගී තත්වයට හොදින් හැඩ ගැසුනු ඇය සංඥා භාශාව ඉගෙනීම ආරම්භ කලා. දිනපතාම ඇයට ඔහුව මතක් වූවත් ඇය ආයාසයෙන් ඔහුව අමතක කිරීමට පුරුදු වුනා. දිනක් හදිසියේම ඇය හමුවට ආ මිතුරියක් ඇය සමග පැවසුවේ ඔහු යලි පැමින ඇති බවයි. මෙවිට ඇය යෙහෙලියව පොරොන්දු කර ගත්තේ තම නව වාසාස්ථානය පිලිබදව ඔහුට නොකියන වගටයි.
වසරක් ගෙවී ගියා. යලිත් ඇගේ පෙර කී යෙහෙලියම ඇය හමුවට පැමිනියා. මෙවර ඇගේ අත රැදී තිබුනේ මංගල ආරාධනා පතක්,ඒ අන් කවරෙකුගේවත් නොවේ,ඇය විවාහ ගිවිස ගත් ඇගේ පෙම්වතාගේ මංගල ආරාධනා පතයි. 

ඇය වෙවුලන දෑතින් එය ව්වෘත කලා. දුටු දෙයින් ඇය විශ්මයට පත් වුනා,ඒ තුල ඇය දුටුවේ තමාගේම නමයි. සිදුවන දේ ගැන විමසීමට යෙහෙලිය දෙස බැලූ කල ඇය දුටුවේ ඔහුයි. සංඥා බස භාවිතා කරමින් ඔහු මෙසේ පැවසුවා,
"සංඥා භාශාව ඉගෙන ගැනීමට මම වසරක කාලයක් ගත කලා,ඒ මම ඔයාට වුන පොරොන්දුව මට තවමත් අමතක වී නැති බව ඔයාට කියන්න,මම දැන් කලින්ටත් වඩා ඔයාට ආදරෙයි,මම ජීවිත කාලය පුරාවටම ඔයාගේ කටහඩ වෙන්නම්"

ලොතරැයිය

හිටපු සැමියා වෙත ආදරයෙන් ලියමි,
මම මේ ලියුම ඔයාට ලියන්නේ මම සදහටම ඔයාව අතෑරලා දාලා යනවා කියලා කියන්නයි. මම අවුරුදු 7ක් තිස්සේ ඔයාට ගොඩක් හොද බිරිදක් වෙලා හිටියා,ඒත් පහුගිය සති දෙක ඇතුලත මට මේ ජීවිතේ එපාම උනා.අද ඔයාගේ බොස් මට කතා කරලා කිව්වා ඔයා රස්සාවෙන් අස් උනා කියලා,ඒකෙන් මගේ ඉවසීමේ සීමාව පැන්නා. ගිය සතියේ සදුදා මම මගේ Hair Style එක වෙනස් කලා,මම ඔයා කැමතිම කෑම ඔයාට හදලා දුන්නා,මම අලුත්ම Silk Dress එකක් ඇන්දා,ඒත් ඔයාට ඒ එකක්වත් Note උනේ නෑ,ඔයා විණාඩි දෙකෙන් කෑම කාලා News අහන්න පටන් ගත්තා. ඔයා දැන් මට ආදරෙයි කියලවත් කියන්නේ නෑ,අපි දෙන්නා තවදුරටත් සැමියයි බිරිදයි වගේ නෙවේ. එක්කෝ ඔයා වෙන කාට හරි ආදරේ කරනවා ඒත් නැත්නම් ඔයා මට තවදුරටත් ආදරේ නෑ,ඒ මොනවා උනත් මම යනවා. මීට ඔයාගේ හිටපු බිරිද P.S මාව හොයන්න උත්සාහ කරන්න එපා,මම ඔයාගේ මල්ලිත් එක්ක ඈත පලාතකට යනවා,
ඔයාට සුභ අනාගතයක් 

ආදරණීය හිටපු බිරිද වෙත,
ඔයා එවපු ලියුම කියවීම වගේ මම සතුටට පත් වුන මොහොතක් මට හිතා ගන්න බෑ. ඔව් මම අවුරුදු 7ක් ඔයාව කසාද බැදලා හිටියා තමා,ඒත් ඒ අවුරුදු හත පුරාවටම මට ඔයාගේ කන් කෙදිරියයි බොරුවට අඩන එකයි එපා වෙලා තිබුනේ. මම ගිය සදුදා ඔයාගේ අලුත් Hair Style එක දැක්කා තමා,ඒ Hair Style එක දැක්ක මොහොතෙම මට මතක් වුනේ කොල්ලෙක්ව,ඒත් ඔයාගේ හිත රිදෙයි කියලයි මම ඔයාට මොකුත් කිව්වේ නැත්තේ. ඔයා මම කැමතිම කෑම හැදුවද? මම හිතන්නේ ඔයා මගෙයි මගේ මල්ලිගෙයි කැමතිම කෑම පටලවගෙන,මම Pork කන එක නවත්තලා දැන් අවුරුදු 5කටත් වැඩී. මම ඔයාගේ අලුත් Silk Dress එකත් හොදට දැක්කා,ඒ වගේම ඒකෙ තිබුනු ඩොලර් 49.99 Price Tag එකත් දැක්කා,මම ඒ වෙලාවේ ප්‍රාර්ථනා කලා එදා උදේ මගේ මල්ලී මගෙන් ඩොලර් 50ක් ඉල්ලා ගත්තේ ඔයාට ඒ Silk Dress එක අරන් දෙන්න නෙමේ වේවා කියලා. ඒ මොනවා උනත් මම ඔයාට ආදරේ කලා,මම හිතුවා අපි දෙන්නට අපේ වැරදි හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙයි කියලා.ඉතින් ඒකයි මට ඩොලර් මිලියන 10ක ලොතරැයියක් ඇදුනාම මගේ රස්සාවෙන් අයින් වෙලා අපි දෙන්නට Maldives යන්න Ticket දෙකක් Book කලේ.ඒත් මම ගෙදර එනකොට ඔයා ගිහිල්ලා. ඔක්කොම වෙන්නේ හොදට කියලත් කතාවක් තියනවානේ. මගේ ලෝයර් කිව්වා ඔයා මට ලියපු ලියුම නිසා මම ඔයාට කීයක්වත් දෙන්න ඕනි නෑ කියලා. ඔයාටත් සුභ අනාගතයක්, මීට ඔයාගේ ගොඩක් පොහොසත් සම්පූර්ණයෙන්ම නිදහස් ඔයාගේ හිටපු සැමියා P.S මට හිතන්නේ මම ඔයාට කලින් කියලා නෑ මගේ මල්ලී කාල්(Carl) ඉපදුනේ කාලා(Carla-ගැහැණියක්) හැටියට කියලා ,මම හිතන්නේ ඒක ඔයාට ප්‍රශ්ණයක් නෙවේ.

UNPLEASANT person / මෙය කලකට ඉහතදී ගුවන් යානයක සිදු වූ සිද්ධියකි.

A 50- something year old white woman arrived at her seat on a crowded flight and immediately didn’t want the seat. The seat was next to a black man. Disgusted, the woman immediately summoned the flight attendant and demanded a new seat. The woman said “I cannot sit here next to this black man.” The fight attendant said “Let me see if I can find another seat.” After checking, the flight attendant returned and stated “Ma’am, there are no more seats in economy, but I will check with the captain and see if there is something in first class.” About 10 minutes went by and the flight attendant returned and stated “The captain has confirmed that there are no more seats in economy, but there is one in first class. It is our company policy to never move a person from economy to first class, but being that it would be some sort of scandal to force a person to sit next to an UNPLEASANT person, the captain agreed to make the switch to first class.” Before the woman could say anything, the attendant gestured to the black man and said, “Therefore sir, if you would so kindly retrieve your personal items, we would like to move you to the comfort of first class as the captain doesn’t want you to sit next to an unpleasant person.” Passengers in the seats nearby began to applause while some gave a standing ovation.

ගුවන් යානය ගුවන් ගත වීමට ඇත්තේ සුළු මොහොතකි. මගීන් තමන්ට නියමිත ආසන වල අසුන් ගනිමින් සිටියෝය.. වයස අවුරුදු 50ක් පමන වන සුදු ජාතික කාන්තාවක් තමන් අසුන් ගැනීමට නියමිත අසුන වෙත පැමිනියාය.. ඇය දුටුවේ තමන් ගේ අසුනට යාබද අසුනේ අසුන් ගෙන සිටින කළු ජාතිකයෙකි.ඔහු දුටු ඇය කෝපයෙන් වියරු වැටුනු ආකාරයක් දිස් වුනු අතර ඇය මදක් ශබ්ද නගා ගුවන් සේවිකාවකට කතා කලාය.
"ඇයි මැඩම් මොකද්ද ප්‍රශ්ණය?" ගුවන් සේවිකාව අචාරශීලීව ඇගෙන් විමසීය..
"ප්‍රශ්ණය? ඇයි පේන්නේ නැද්ද? මට දීලා තියෙන්නේ කළු මිනිහෙක් ලග Seat එකක්,මට මේ Seat එකේ වාඩි වෙන්න බෑ,මට වෙන එකක් දෙන්න පුලුවනිද?" සුදු කාන්තාව කෝපයෙන් විමසීය.
"තරහා ගන්න එපා මැඩම් අද නම් අපේ ඔක්කොම Seats Full ඒත් මම තව පාරක් Check කරන්නම්" පැවසූ ගුවන් සේවිකාව නික්ම ගිය අතර මිනිත්තු කිහිපයකින් නැවතත් පැමිනියාය.
"මැඩම් මම කලින් කිව්වා වගේ අද Economy Class Empty Seats එකක්වත් නෑ,මම Captain එක්කත් Check කලා First Class Empty Seats විතරයි තියෙන්නේ"
සුදු කාන්තාව යමක් පැවසීමට සැරසුනු නමුත් ගුවන් සේවිකාව දිගටම කතා කලාය
"අපේ Company Rules වලට අනූව සාමාන්‍යයෙන් අපි Economy Class එකේ ගමන් කරන මගියෙක් First Class එකට මාරු කරන්නේ නම් නෑ, ඒත් තමන්ට අප්‍රිය කෙනෙක් ලග ගමන් කරන එක මගියෙක්ට අප්‍රසන්න අත්දැකීමක් නිසා අපි තීරණය කලා නීතියට පිටින් වැඩ කරන්න""
මේ ඇසූ සුදු කාන්තාව මද සිනාවක් පා තම ගමන් මළු රැගෙන පලමු පන්තිය දක්වා යාමට සැරසුනි.
මෙවිට අසරණව සිද්ධිය දෙස බලා සිටි කළු ජාතික මගියා දෙස බැලූ ගුවන් සේවිකාව
"ඒ නිසා සර් අපි සර්ට පලමු පන්තියේ ආසනයක් වෙන් කලා,එන්න මම සර්ට ආසනය පෙන්වන්නම්" යැයි පැවසුවාය.
මේ ජුගුප්සාජනක සිද්ධිය දෙස තුෂ්නිම් භූතව බලා සිටි අසල සිටි මගීන් සියලු දෙනා අත්පොලසන් දෙන්නට විය.,සුදු ජාතික කාන්තාව කරකියා ගන්නට දෙයක් නොමැතිව අසරණ විය.

සහෝදරයා

මෙය ලීසා නම් කුඩා දැරියක් සහ ඇගේ සහෝදරයා පිලිබද කතාවකි. ලීසා ඉතා දරුණු රෝගයකින් පීඩා විදි අතර එම රෝගය සුව කිරීමට නම් ඇයට ඇගේ පස් හැවිරිදි සහෝදරයාගේ රුධිරය ලබා දීමට අවශ්‍යව තිබුනි. එයට හේතු වූයේ ඇගේ සහොදරයාත් එම රොගයෙන්ම පීඩා විදි නමුත් ප්‍රාතිහාර්යකින් මෙන් ඔහුගේ දිවි ගැලවීම නිසා එම රෝගයට එරෙහි ප්‍රථිදේහ ඔහුගේ සිරුරේ නිපදවීමයි. කුඩා සහෝදරයාව පසෙකට ගත් වෛද්‍යවරයා මේ පිලිබදව ඔහුට කරුණු පහදන්නට විය, "පුතාට තේරෙනවා නේද මම කියන දේ,පුතාගේ ලේ අපි නංගිට දුන්නේ නැත්නම් අද රෑ නංගි සුරංගනාවියෝ එක්ක දිව්‍යලෝකෙට යනවා, පුතා කැමතී නේද නංගිට ලේ දෙන්න?" කුඩා මයිකල් මදක් සැලුනු නමුත් ඊලග මොහොතේ නිර්භීත පිලිතුරක් ඔහු ලබා දුන්නේය, "හා අංකල් මම නංගිට ලේ දෙන්නම්" රුධිර පාරවිලයනය ඇරඹුනු අතර කුඩා මයිකල් තම සහෝදරිය අසලම වූ ඇදක් මත සිටි අතර තම සිරුරෙන් සහෝදරියගේ සිරුරට ගලා යන රුධිරය නිසා මදින් මද රෝස පැහැ ගැන්වෙන ඇගේ මුහුන දෙස බලමින් ඔහු සිනාසෙන්නට විය . මද වේලාවකින් මයිකල් ගේ මුහුනේ වූ සිනහව වියැකුනු අතර සිරුරේ රුධිර මට්ටම අඩු වූ නිසා ඔහුගේ මුහුණ සුදුමැලි විය. සිහින් හඩින් වෛද්‍යවරයා ඇමතූ ඔහු මෙසේ ඇසුවේය "අංකල් මම දැන්ම මැරෙයිද?" කුඩා දරුවෙකු වූ මයිකල් වෛද්‍යවරයාව වටහා ගෙන තිබුනේ වැරදියටය,ඔහු සිතුවේ තම සහෝදරිය වෙනුවෙන් තම සිරුරේ ඇති සියලුම රුධිරය සහෝදරියට පරිත්‍යාග කල යුතු බවය,එනම් ඔහු වෛද්‍යවරයාට කැමැත්ත පල කලේ තම රුධිරය තම සහෝදරියට පරිත්‍යාග කිරීමට නොව තම ජීවිතය සහෝදරිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමටයි.

දෙවරක් සිතා බලන්න

ම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,

 "සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි" මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා

 "අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.

ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා "ඒ අංකල් කියපු දේ හරි බබෝ ඔයා ලග මේ බෝනික්කව ගන්න සල්ලි නෑ" මම කියපු දේ අහපු දරුවගේ මූන දුකින් මැලවුනත් අතේ තිබුනු බෝනික්කව අත්නොහැරිය ඔහු මගේ දිහාත් සාප්පුවේ මුදල් අයකැමිවරයා දිහාත් මාරුවෙන් මාරුවට අසරණ විදියට බැලුවා.අවසානයේ දරුවාට කිට්ටු වුන මම ඔහුගෙන් ඇහුවේ මේ බෝනික්කව මිලදී අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද කියලයි.
 "මේ මගේ නංගි ගොඩාක්ම ආස කරපු බෝනික්කා...එයා හැමදාම මේ බෝනික්කව ඕනේ කියලා අම්මට කරදර කරනවා...මට මේ බෝනික්කව එයාගේ උපන් දිනේට තෑගි කරන්න ඕනේ" පිරිමි දරුවා දිගටම කතා කලා
"මට මේ බෝනික්කව අම්මට දෙන්න ඕනේ,එතකොට අම්මා එහාට ගිහාම මේ බෝනික්කව නංගිට දෙන්න පුලුවනි"මෙහෙම කියනකොට ඔහුගේ මුහුන දුකින් මැලවුනා "මගේ නංගි දිව්‍යලෝකෙ ගිහිල්ලා ඉන්නේ...තාත්තා කිව්වා අම්මත් ලගදිම දිව්‍යලෝකේ යනවා කියලා.ඉතින් මම මේ බෝනික්කව අම්මට දුන්නොත් අම්මා නංගිට ගිහින් දේවි"

 මගේ හදවත මොහොතකට නැවතුනා,පිරිමි දරුවා දිගටම කතා කලා. "මම තාත්තට කිව්වා අම්මට දැන්ම දිව්‍යලෝකේ යන්න එපා කියන්න කියලා,ඒ නිසා මම බෝනික්කව අරගෙන එනකම් අම්මා බලාගෙන ඉදීවි " ඉන්පසු කලිසම් සාක්කුවට අතදමා ඡායාරූපයක් ගත් ඔහු එය මට පෙන්නුවා,එම ඡායාරූපය ඔහුගේම එකක්. "මම අම්මට මේ ෆොටෝ එකත් ගෙනියන්න දෙනවා,එතකොට නංගිට කවදාවත් මාව අමතක වෙන එකක් නෑ. මම අම්මට ගොඩක් ආදරෙයි,මම කැමති නෑ අම්මා මාව දාලා දිව්‍යලෝකේ යනවට,ඒත් තාත්තා කියනවා නංගි ලගට අම්මා ඉක්මනටම යන්න ඕනේ කියලා" පැවසූ ඔහු යලිත් දුක්බර ඇස් වලින් බෝනික්කා දිහා බලාගෙන හිටියා.

 ඉක්මනින් මගේ පසුම්බියෙන් බෝනික්කා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අතට ගත් මම "අපි ආපහු ඔයා ලග තියන සල්ලි ගැනලා බලමු බබෝ සමහර විට කලින් අපට වැරදුනාද දන්නේ නෑනේ" පැවසුවා "හා අංකල්...මම හිතන්නේ මගේ ලග තියන සල්ලි ඇති "පැවසූ ඔහු එම මුදල් මට ලබා දුන් අතර ඔහුට නොදැනෙන ලෙස මගේ මුදල් එයට එකතු කිරීමට මම වගබලා ගත්තා. නැවතත් එම මුදල් ඔහුත් සමග ගැන්න විට එහි අවශ්‍ය කරන ප්‍රමානයටත් වඩා මුදල් තිබූ අතර ඒ බව දුටු ඔහු සතුටින් ඉපිලුනා. "මට දැන් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවනි...අම්මා ගොඩාක් ආසයි සුදු රෝස වලට" පැවසූ ඔහු බෝනික්කා මිලදී ගෙන අසල තිබූ මල් අලෙවි සැලක් වෙත ගියා. මද වේලාවකින් මම යලිත් නිවස බලා පිටත් වූ අතර මොහොතකටවත් මගේ මතකය ඒ කුඩා පිරිමි දරුවාගෙන් මිදුනේ නෑ.

හදිසියේම මගේ මතකයට පැමිනියේ දින දෙකකට කලින් ප්‍රාදේශීය පුවත්පතක පල වූ පුවතක්.එහි සදහන් වූයේ බීමත් රියදුරෙකුගේ ට්‍රක් රියක හැපී අනතුරට පත් වූ තරුණ මවක් සහ ඇගේ කුඩා දියණිය පිලිබද පුවතක්,අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දියණිය මියගොස් සිටි අතර තරුණ මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබුනා. පුවත්පතේ සදහන් වූ ආකාරයට ඒ වන විට ඇය ජීවත් වුනේ යන්ත්‍ර ආධාරයෙන්. ඔවුන් කුඩා පිරිමි දරුවාගේ මව සහ සොයුරිය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව මට වැටහුනා. තවත් දින දෙක තුනක් ගෙවී ගියා. කුඩා පිරිමි දරුවා සම්බන්ධ තවත් පුවතක් පත්‍රයේ පල වී තිබුනා,එහි සදහන් වී තිබුනේ පිරිමි දරුවාගේ මවගේ අභාවය පිලිබද දුක්බර පුවතයි. ඒ දුටු මට ඇගේ අවමගුලට සහභාගී නොවී සිටීමට නොහැකි වුනා,සුදු රෝස මල් කලබක් රැගෙන මම එයට සහභාගී වුනා. ඇගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර ඇයගේ පපුව මත සුදු රෝස මලක් තිබුනා,මිනී පෙට්ටියේ පසෙකින් තිබුනේ කුඩා පිරිමි දරුවා තම සොයුරිය වෙනුවෙන් මිලදී ගත් බෝනික්කා සහ ඔහුගේ ඡායාරූපයයි. කදුලු පිරුනු දෙනෙතින් මම එම ස්ථානයෙන් පිට වූ අතර එම කුඩා පිරිමි දරුවා ජීවිතය පිලිබද වූ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට හේතු වූවා. තම මව සහ කුඩා සොයුරිය වෙනුවෙන් ඔහු තුල වූ අප්‍රමාන සෙනෙහස අද වන තෙක් මට සිතා ගැනීමට අපහසුයි.

නමුත් එක් ක්‍ෂණයකින් බීමත් රියෙදුරෙකු ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන තිබෙනවා. කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා!!! 1. බීමතින්,නොසැලකිලිමත් ලෙස සහ අධික වේගයෙන් රිය පැදවීමට පෙර දෙවරක් සිතා බලන්න

රූපයෙන් නොව, හදවතින් හදුනා ගන්න

ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.
ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරණීය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්.
ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව ගෙවී ගිය වසරකුත් මාසයක් වූ කාලය තුල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කර ගත් අතර ඒ සෑම ලිපියක් පාසාම ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ආලය ව් අර්ධනය වනු ඔවුන් දෙදෙනාටම දැනුනි.ජෝන් ඇගෙන් ඡායාරූපයක් ඉල්ලා සිටිය මුත් ඇය එම ඉල්ලීම තදින්ම ප්‍රතික්‍ෂේප කලාය. ඇගේ අදහස වූයේ ඔහු ඇයට සත්‍ය වශයෙනම ආලය කරනවා නම් ඇගේ ස්වරූපය පිලිබදව ඔහු උනන් දු නොවිය යුතු බවයි.
ඔහු යුරෝපයේ සිට යලි ඇමරිකාව බලා පැමිනෙන දිනය ලගා වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු හමුවීම නිව්යෝර්ක්හි ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසල සවස 6ට යොදා ගත්තෝය.
"මාව හදුනා ගන්න පහසු වෙන්න මම රතු රෝස මලක් මගේ ගවුමේ පලදින්නම්" ඇය අවසන් ලිපියේ සදහන් කලා. එම නිසා ජෝන් ස්මිත් නියමිත දින සවස 5.30 වන විට ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසලට පැමිනි අතර හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණිය පැමිනෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියා.
කතාවේ මීලග කොටස ජෝන් ස්මිත්ගේ වචන වලින්ම ඔබට ඉදිරිපත් කරන්නම්
"හරියටම සවස 6වන විට සිහින් උස තරුණියක් මා සිටි දෙසට පැමිනියා,ඇගේ කලුවන් කෙස් කලබ සැදෑ හිරු වැදී බැබලුනු අතර ඇගේ නිල් පැහැති දෙනෙත් වල කාන්තියට මා වසග වූවා. ඇගේ රෝස පැහැ දෙතොල් මත මද සිනාවක් තැවරී තිබුනි අතර ඇය හැද සිටි තද කොළ පැහැති ඇදුමින් ඇගේ ශෝබාව දෙගුණ තෙගුණ වී තිබුනා. විසි පස් හැවිරිදි තරුණයෙකු වූ මා මගේ ජීවිතය තුල එතෙක් දැක තිබූ ලස්සනම කාන්තාව ඇයයි.
ඇය රතු පැහැති රෝස මලක් පැලද නොසිටියත් මම ඉබේම ඈ දෙසට ඇදී ගියේ මටත් නොදැනීමයි. මා දෙස බලා මද සිනාවක් පෑ ඇය මා පසු කර ගිය අතර මා එවිටම දුටුවේ මේරි ජොන්සන්වයි.ඇය රූමත් තරුණිය පිටුපසින්ම වාගේ සිටියාය. ඇය තරුණියක් නොවූ අතර මැදි විය පසු කරමින් සිටි ගැහැණියක් වූවාය. ඇය හිස් වැස්මක් පැලද සිටි අතර ඒ අතරින් ගෙල පෙදෙසට වැටී තිබූ අළු පැහැ වූ කෙස් කලබෙන් ඇගේ වයස පිලිබදව සාක්‍ෂියක් සැපයුනි. තරබාරු කාන්තාවක් වූ ඇය අවසන් ලිපියෙන් පොරොන්දු වූ පරිදිම රතු රෝස මලක් පැලද සිටියාය...ලොව මා වටා භ්‍රමනය වන ආකාරයක් මට දැනුනි.
මේ වන විට තද කොළ පැහැති ඇදුමකින් සැරසී සිටි රූමත් තරුණිය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වෙමින් සිටියා. මගේ හදවත කැබලි වලට බිදී යන ආකාරයක් මට දැනුනි,ඇය පසු පසින් යාමට බලවත් අවශ්‍යතාවයක් මට තිබුනත් වසරකට අධික කාලයක් තිස්සේ මා සමග ලිපි හුවමාරු කර ගනිමින් මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි.
මම යලිත් ඇගේ තරබාරු සුදුමැලි මුහුන දෙස බැලුවෙමි. ඇගේ කරුනාවන්ත දෑස් මා වෙත යොමු වී තිබූ අතර මද විමතියක සලකුනු ඒවායේ සටහන් වුනා. තවත් පමා නොවූ මා මෙතෙක් කලක් මා ප්‍රවේශමෙන් ආරක්‍ෂා කර ගත් ඇගේ පොත ඇයට බාර දුන්නා.
ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා ඇයට මාව හදුන්වා දුන්නා,
"මම ලුතිනන් ජෝන් ස්මිත්,ඔබ මේරි ජොන්සන් විය යුතුයි,ඔබව හමු වීම මට මහත් සතුටක්,මා සමග රාත්‍රී ආහාරයට පැමිනීමට මා ඔබට ආරාධනා කරනවා"
කාන්තාවගේ මුහුනේ මද සිනහවක් ඇදී ගියා
"මම දන්නේ නෑ පුතේ මේකේ තේරුම " ඇය පිලිතුරු දුන්නා
"මට කලින් ආව තද කොළ පාට ඇදුමක් ඇදන් හිටිය කාන්තාව මගෙන් තදින්ම ඉල්ලා හිටියා මේ රෝස මල මගේ ඇදුමේ පලදින්න කියලා. එයා කිව්වා පුතා මට රාත්‍රී ආහාරයකට ආරාධනා කලොත් පුතාට කියන්න කියලා එයා පාරෙන් එහා පැත්තේ විශාල අවන්හලේ පුතා එනතුරු ඉන්න බව. "" මේක එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් බව ඇය කිව්වා"

කර වූ පාන්

ම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත. 

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි. බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි. 

"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.
එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත. 

"දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"
එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි. 

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.
එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.
අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි. 

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ 

"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.
වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය. 

ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි. මෙය ලියන මම, මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ, ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී. එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.