සැණකෙළියක් බලන්න පුංචි පවුලක් ඇවිත් හිටියා. එතන හිටියෙ අම්මයි තාත්තයි
දුවයි පුතයි. බැලූ බැල්මට බොහොම අමාරුවෛන් එදා වේල හොයාගෙන ජීවිතය ගැට ගහ
ගන්න උත්සාහ කරන පවුලක්. කාලෙකට පස්සෙ තමන්වයි දරු දෙන්නවයි එක්කරගෙන
ස්වාමියා ආපු මේ ගමන ගැන බිරිඳ තුළ තිබුණේ ලොකු සතුටක් වගේම කියාගන්න බැරි
ආදරයක්. පුංචි දරු දෙන්නටත් මේ ආපු ගමන ගැන අදහගන්න බැරිවෙලා. තමන්ගෙ
තාත්තා දිහා බැලූවෙ වීරයෙක් දිහා බලනව වගේ.
ඔන්න ඉතිං මේ පුංචි පවුලත් ආසාවෙන් මාරක ළිඳේ වික්‍රමය බලන්න කියලා ඒ
පෝලිමට එක්වුණා. පුංචි හිත්වලට නම් එක එක ප්‍රශ්න.මොකක්ද මාරක ළිඳ කියන්නෙ?
ඒකෙ මොනවද වෙන්නෙ? කවුද ඒකේ ඉන්නෙ? දාහක් ප්‍රශ්නග. ඒ හැම ප්‍රශ්නෙකටම
උත්තර දෙන්න තාත්තට සිද්ධ වුණා. පෝලිම ටික ටික ඉස්සරහට ගියා. දැන් ටිකටි
ගන්න වාරෙ. හතර දෙනාගෙම ටිකටිවල ගාන එකතු කරලා කවුන්ටරේ හිටපු ඉලන්දාරියා
ගාන කිව්වා.
”රුපියල් තුන්සීයයි”
”රුපියල් තුන්සීයක්?” තාත්තගෙ ඇස් උඩ ගියාග මුහුණ
අඳුරු වුණා. එච්චර ගානක් වෙයි කියලා ඔහු නිකමටවත් හිතන්නෙ නැතුව ඇති. ටිකටි
ගන්න කියලා කළිසම් සාක්කුවෙන් එළියට ගත්ත රුපියල් සීය අතටම ගුලිකරගෙන ඔහු
අසරණ කමින් බිරිඳ දිහා බැලූවා.
ඔය අතරෙ මේ පෝලිමේ මේ පවුලට පිටිපස්සෙන් හිටපු පුද්ගලයා වෙච්ච හැමදෙයක්ම
හොඳට බලාගෙන හිටියා. එයා කවුද කියන්න මංවත් දන්නෙ නෑ. අපි එයාට 'හිතවතෙක්'
කියමුකො. වෙච්ච හැම දේ ගැනම ඔහුට හොඳට තේරුණා. හොඳට ඇහුණා. ඒ වෙලාවෙ අපේ
හිතවතාට හොඳ අදහසක් පහළ වුණා. ඔහු ටිකටි ගන්න ගමන් ළඟ තිබ්බ සල්ලි ටික ගුලි
කරලා බිමට දැමිමා.
”මහත්තයා මේ ඔයාගෙ සල්ලි වගයක් බිම වැටිලා”
අපේ හිතවතා බිමට දැම්ම සල්ලි ටිකල අර අසරණවෙච්ච තාත්තට පෙන්නලා සල්ලි
ටික ඇහිඳලා ඒ තාත්තගෙ අතට දුන්නා. ටිකට් ගන්න සල්ලි මදිවෙලා අසරණ කමින්
බලාගෙන හිටපු තාත්තා මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවයි හිටියෙ.
කොහොමහරි ටිකට් හතර අරගෙන කට්ටියම ඇතුල්වුණා. මොහොතකට අර තාත්ත හැරිලා
පෝලිමේ පිටිපස්ස බැලූවා. අපේ හිතවතා පෝලිමේ හිටියෙ නෑ. ඔහුට කාරණේ වැටහෙන්න
ගත්තෙ දැනුයි. හතර වටේ දුවපු ඔහුගේ ඇස් සැණකෙලියේ හිටපු පිරිස් අතරින් ඈතට
යන අපේ හිතවතාව දැක්කා.
”ස්තුතියි... බොහොම ස්තුතියි” ඔහු හිතින් මිමිනුවා..