ඉන්දියාවේ
මුම්බායි වල විදීයක ජීවත් වුණු වයසක මනුස්සයෙක් උදේම නැගිටලා උමං මාර්ගය
දිගේ ගිහින් නගරේ කොනක ඉදගෙන හිගමන් යදින්න පුරුදු වෙලා හිටියා. ජීවිතේ හැම
දවසකම නොවරදවා කරන මේ පුරුද්දට දැන් අවුරුදු 20 ක් විතර. ඒත් ඔහු තාමත්
එකම තැන හිගමන් යදිනවා.
හරිම අපිරිසිදු වෙච්ච විදීයේ තිබුන ඔහුගේ නිවසේ දුර්ගන්ධය හින්දා දවසක් අවට
මිනිස්සු පොලීසියට පැමිණිලි කරා.
පොලීසිය මේ ගෙදර සුද්ද කරගෙන යනකොට තැනින් තැන බෑග් වල දාපු පොඩි කාසි, මුදල් බෑග් ගණනාවක් හම්බුනා. ඒ මේ මනුස්සයා අවුරුදු ගානක් හිගමන් යැදි සල්ලි.. පොලිස් නිලධාරින් මේ සල්ලි ගණන් කරා. ඔවුන්ට පුදුමයි ! එතන මිලියන ගානක සල්ලි. මේ හිඟන මනුස්සයා ලක්‍ෂපතියෙක්. නිවසත් පිරිසිදු කරලා මේ මනුස්සයා එනකන් පොලිස් නිලධාරින් බලන් හිටියා මේ සුබ ආරංචිය කියන්න. ගොඩාක් හවස් වෙලා වයසක මනුස්සයා තමන්ගේ ගෙදරට ආවා.

''මනුස්සයෝ, මේ ඇහුනද තමුන් දැන් ලක්‍ෂපතියෙක්. සල්ලිකාරයෙක්. තවත් හිඟා කන්න ඕන නෑ. අද ඉඳන් ලස්සනට ඉන්න තමයි තියෙන්නේ...''
මේ මනුස්යාය මුකුත් කිව්වේ නැ. ගේ ඇතුලට ගිහිල්ලා දොර වහගත්තා.
පුදුමේ කියන්නේ ඊළග දවසෙත් පුරුදු වෙලාවට, පුරුදු විදිහටම, පුරුදු තැනම හිගමන් යදින්න මේ පුද්ගලයා ගියා. මේක ආරංචි වුණු පොලීසියේ කිහිප දෙනෙක් හවස මේ මනුස්සය මුණ ගැහෙන්න ඇවිත් කාරණය විමසුවා.
එතකොට මේ මනුස්සයා කිව්වේ මෙච්චරයි...
''අනේ මහත්තයෝ, මම සතුටෙන් කරන එකම දේ හිඟා කන එක විතරයි.''
පුදුමයි නේද? එක් එක් අයෙකුගේ සතුට කියන දේ එක් එක් කෙනෙකුට සාපේක්‍ෂව වෙනස් වෙනවා. මෙන්න මේ දේ කරල සතුටින් ඉන්න කියල අපිට තවත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ. මොකද ඒ කෙනා සතුටු වෙන්නේ වෙනස්ම විධියකට වෙන්න පුළුවන් නිසා. කෙනෙක් බොහෝම සතුටින් කරන දෙයක් කෙනෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්න එක දෙයයි, තමුන් කරන මොන දේ වුනත් සතුටින්, ආත්ම තෘප්තියකින් යුතුව කරන එක විතරයි.