මනුෂ්‍යත්වය සොයා යමි

Saturday, March 17, 2012

මගේ යාලුවා

හැමෝටම දැන ගන්න පොඩි කතාවක් ලියන්නම්. හිනා යන්නේ නැ හැබැයි සංවේදි හදවත් වලට දැනේවී.

ඔන්න යුද්ධයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම දුරකතන ඇමතුමක් දුන්නා.

“තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ”

කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා.

ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා.

කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.

තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිවුන කෙනෙක් පුතා හැගීම්බර විදිහට කීවා.

අනේ මගේ පුතේ අත් පය නැතිකෙනෙක් ගෙදරට එක්කරගෙන ආවහම මොනතරම් කරදරයක්ද? අපෙත් නිදහස සීමා වෙනවානේ. එයා වෙනුවෙන් වෙනම කෙනෙක් යොදවන්නත් ඕනනේ. තාත්තා දැඩි විදිහට ප්‍රතික්‍ෂේප කලා.

පුතා මොනතරම් කීවත් තාත්තාගේ ස්ථාවරය වෙනස් වුනෙ නැ. දුරකතනය විසන්ධිකල පුතා ඇමතුම හමාරකලා.

මීලග සතියේදී කිව විදිහට පුතා එයි කියලා බලාගෙන හිටියත් පුතා ආවේ නැ.

එම පලාතේ පොලිසියෙන් හදිසියේම ඔවුන්ගේ ගෙදරට ආවා. ඔබලාගේ පුතා උස ගොඩනැගිල්ලකින් වැටිලා මරුමුවට පත්වෙලා තියනවා. අප සිතන්නේ මෙය සිය දිවිනසා ගැනීමක් කියලායි පොලිස් ප්‍රධානියා පැවසුවා.

ඉක්මනින් තාත්තා ඔවුන් සමග ගියා මියගොස් සිටි තම පුතා දැක්ක තාත්තාට සිහි නැතුව ගියා. යුද්ධයේදී ඔහුගේ එක් අතක් සහ කකුලක් ඔහුට අහිමීවි තිබුනා. යහලුවා වෙනුවෙන් ලෙස ඔහු ඉල්ලා ඇත්තේ තමාගේ ජීවිතය බව තාත්තට වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි

මොහොතක් සිතන්න

අවසාන තීරණය


යසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන සෑහෙන්න ආසාවෙන් එළිය බලාගෙන හිටියේ.

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.."

තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.

අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා

"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.

"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්ඩු මගේ අතටත් වැටෙනවා.."

දැන් කපල් එකට හෙනම ප්‍රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා

"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"

ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා.

ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක

පිස්සු යකෙක්

මේක පුංචි කතාවක්... හැබැයි කතාවෙන් කියවෙන්නේ ''ඔබ'' ගැන. ඔව්, මේක කියවන ''ඔයා ගැන''. හිතන්න, දැන් ඔබ ඉන්නවා සෙනඟ පිරුන ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපලට වෙලා ඔයාගේ ගමන් බෑගයත් තියාගෙන, ඒ ඔයා යන්න ඉන්න ගුවන් යානය එනකන්. හදිසියෙන්ම දකින බිස්කට් වෙළෙන්දගෙන් ඔයා ගන්නවා ''කුකීස් '' බිස්කට් පැකට් එකක්. වටපිට බලලා කවුරුත් නැති තැනක වාඩි වෙලා මේ ''කුකීස් '' බිස්කට් රස බලන්න හිතාගෙන ඒක දැනට ගමන් බෑගයේ දාගෙනම හිස් අසුනක් හොයා ගෙන යනවා. වැදගත් මහත්තයෙක් ගාව පුටුවකුත් ලැබුන හින්දා බෑගයත් බිමින් තියලා ගමන් බෑගයෙන් බිස්කට් පැකට් එක ගන්න පහත් වෙන අතරෙම අර වැදගත් මහත්තයා පුදුමයෙන් වගේ බලා ඉන්නවා. පැකට් එක කඩලා බිස්කට් එක කට ගාවට ගෙනියනකන්ම එයා බලන් ඉන්නවා. ඒ මදිවට ඔයාගේ බිස්කට් පැකට් එකට අත දාලා කිසි අවසරයක් නැතිවම බිස්කට් එකකුත් ගන්නවා. එකක් නම් කමක් නෑ. ඔයා ගන්න හැම බිස්කට් එකක් ගානෙම එයත් එකක් අරන් කනවා.

දැන් මොනාද ඔයාට හිතෙන්නේ?

''කවුද මේ?'' , ''පිස්සු යකෙක්'' , ''මහා පෙරේතයෙක්'' , ''කිසිම හැදියාවක් නැති එකෙක්'' එහෙම නේද?

පුදුමේ කියන්නෙ අන්තිමට ඉතිරි වුන එකම බිස්කට් එකත් මේ මහත්මයා අරන් කිසිම ගාණක් නැතිව ඒකෙන් භාගයක් කඩලා ඔබට දීලා ඉතිරි භාගේ අරගෙන කිසිම ස්තුතියක් වත් නැතුව යන්න ගියා.

ඔයාට හිතෙනවා ''ඇත්තටම මෙහේම වුනාද? නැත්නම් මේක හීනයක්ද? මේක නම් හිතාගන්නත් බෑ... මහා පෙරේත මිනිහෙක්. කමක් නෑ...''

ඔයා නැවතත් අර වෙළෙන්දගෙන් ''කුකීස්'' බිස්කට් පැකට් එකක් ගෙනත් ගමන් බෑගයට දාන්න හදනකොට බෑග් එකේ අර කලින් ගත්ත පැකට් එක එහෙමම තියෙනවා. අයියෝ ! ඔයා වැරදීමකින් අරගෙන තියෙන්නේ අර මහත්මයාගේ නැත්නම් අර ''පිස්සු යකෙක්'' , ''මහා පෙරේතයෙක්'' , ''කිසිම හැදියාවක් නැති එකෙක්'' කියල හිතපු කෙනාගේ බෑග් එකේ තිබුන පැකට් එකනේ... දැන් මොකද ඔයාට ඒ මහත්තයා ගැන හිතෙන්නේ? එයාට ඔයා ගැන කොහොම හිතෙනවා ඇතිද? යම් දෙයක් ගැන එක පාරම හිතලා හදිසි තීරණ ගන්න හොද නැහැ, කෙනෙකු ගැන ඉක්මනින් වින්ශ්චයකට එන්න හොඳත් නැහැ. ඒ ගැන ආකාර දෙක තුනකින්වත් හිතන්න ඒ දිහා බලන්න ඕන. එය ඔබේ ජීවිතයට එළියක් වේවි. දැන්වත් යමක් දිහා, කෙනෙක් දිහා හිතන විදිහ බලන විදිහ වෙනසක් කරමු නේද?

♥ සරණ ඔබම විය ♥

ස් එකේ හිටිය හැමෝම ඇය දිහා බලන් හිටියේ ගොඩාක් දුකෙන්. ඇය ඉදිරියට ඇවිදගෙන ආවේ සුදු සැරයටිකින් හරි හැටි පාර හොයාගෙන. කොන්දොස්තරට තම බස් ගාස්තුව ගෙව්ව ඇය සීට් අල්ලගෙන ඇවිත් හිස් seat එකක් බලලා එහි වාඩි වුනා. ඒ උදේම තමන්ගේ කාර්යාලයේ වැඩට යන්න.

මේ ගැනු ළමයා සුසෑන්. ලෙඩක් වෙනුවෙන් ගත්ත බෙහෙතක් වැරදිලා ඇය මේ විදිහට අන්ධ වෙලා අවුරුද්දකටත් ලඟයි. ඇය ඒ ගැන ගොඩාක් දුක් වුනා. තරහා ගත්තා. මොන දේ කෙරුවත් පෙනුම නම් ලැබුනේ නෑ. ඇය හිටියේ ගොඩාක් කලකිරිලා.

කලකිරුණු මේ ජිවීතයෙන් ඇයට අලුත් ජීවිතයට පාර කිව්වේ ඔහුගේ ස්වාමියා මාර්ක්. ගුවන් හමුදා නිලධාරියෙක් වූ ඔහු ඇයගේ පෙනීම නැති වෙලා යද්දීත් ඇයට මුලු හදවතින්ම ආදරය කලා. ඇයට ඇයගේ වැඩ හරියට කරගන්න පුලුවන් වෙනකන්ම නොසැලි ඇය ළඟින්ම හිටියා.

කාලයත් එක්කම සුසෑන්ට වැඩට යන්න පුළුවන් වුනා. මාර්ක් ඇය සමඟම බස් රථයේ ගමන් කර ඇය කාර්යාලයට ඇරලන්න වුනා. එහෙම කරනකොට ඔහුට වැඩට යන්න පරක්කුයි. ඒ ඔහු ආපහු නගරයේ අනිත් පැත්තට යන්න ඕන නිසා. දවස් දෙකක් බස් එකේ තනියම ගියපු සුසෑන් ඊලඟ දවසේ උදේ ඔහුත් එක්ක රංඩු වුනා.

''ඔයාට ඕන මාව මග අරින්න. මට බස් එකේ යන එන තැන පෙන්නේ නැහැ. බහින තැන දන්නේ නෑ. ඇයි මාව තනිකරන්නේ. ඇය තරහින් කිව්වා.''

ඔහු ගොඩාක් දුක් වුනා. එත් මොකුත් කිව්වේ නැහැ. ඔහු පොරොන්දු වුනා ඇයත් එක්කම ඇයගේ කාර්යාලය ගාවට යන්න. ඒක හුගක් වියදම් යන වැඩක් වුනත් ඔහු ඒ විදිහට ඇය ගැන හිතන්න හිතා ගත්තා. හමුදා නිල ඇදුමෙන් සැරසුන මාර්ක් එක්ක සුසෑන් හැමදාම බස් එකේ යන්න පටන් ගත්තා. මේ අතර ඔහු බස් රථයේ රියදුරුට, යන එන හැමටම ඔහුගේ නෝනා සුසෑන් පෙන්වමින් අදුන්වලා දුන්නා. සති තුනකින් සුසෑන්ට බස් එකේ මගීන් බොහෝම ලෙන්ගතු වුනා. ඇයට ඇගේ අඩුපාඩුව අමතක වුනා. එහෙම වෙන්න හොද දේවල් ගොඩාක් මාර්ක් විසින් කරලා තිබුනා.

සදුදා දවසක උදේම සුසෑන්, මාර්ක් ගේ කර වටේ අතක් දාලා යෝජනාවක් කලා.

''මම අද ඉදලා තනියම බස් එකේ යනවා. මට පුළුවන් යන්න.''

ඇත්තටම ඇයට ඒ දේ කරන්න පුළුවන් වෙලා තිබුනා. සති දෙක තුනක් මෙහෙම ගත වුණා. මේ විදිහට ඇය තනියම පුරුදු විදිහටම බස් එකේ යන අතරේ සතියකට කලියෙන් වැඩට ආපු අලුත් කොන්දොස්තර මහත්තයා ඇයගෙන් මුදල් ගන්නකොට මෙහෙම කිව්වා.

''අදත් අර පිරිමි ළමයා ඔයාව බලාගනී, ඔයා පාර පැනලා කාර්යාලයටම යනකන් ඔයාගේ පිටිපස්සෙන් එයා ඒවි. අනේ ඒ වගේ කොල්ලෙක්, කොච්චර හොදද.''

ඇයට හිතාගන්න බෑ. ඇය තමාටම මෙසේ කියා ගත්තා.

''මම වගේ ඇස් පෙන්නේ නැති ගැහැණියෙක් දිහා බලන පිරිමියා කවුද? ඒ වගේ පරිස්සම් කරන්න පස්සෙන් එන්නේ කවුද? මේ කියන්නේ නම් මට වෙන්න නම් බෑ''

ඉතිරි සල්ලි දෙන අතරෙම ඔහු ''නෝනට ඇහුනද?'' සුසෑන්ගෙන් ඇහුවා.

''ඔබ වගේ කෙනෙක් රැක බලා ගන්න එකත් කොච්චර ආඩම්බරයක්ද, ඔහු නියම පෙම්වතෙක්, ඔබ හරිම වාසනාවන්තයි නෝනා...''

ඔහු නැවතත් කිව්වා.

''සමාවෙන්න මොකක් ගැනද ඔයා කියන්නේ?''

''නෝනා ගිය සතිය පුරාවටම බස් එකෙන් බහින කොට හමුදා නිල ඇඳුම ඇඳපු පිරිමි ළමයෙක් ඔයා එක්කම පරිස්සමට පාර හරහා යන්න උදවු වෙනවා. නෝනා කාර්යාලය ඇතුලට යනකන්ම බලන් ඉදලා පොඩි ආචාරයකුත් කරලා යන්න යනවා.''

ඔහුගේ වචන ඇහිලා සුසාන්ට ඇස් වලට කදුලු ආවා. ගොඩාක් සතුටු හිතුනා. මාර්ක් ගැන ඇය ගොඩාක් ආඩම්බර වුනා.

පහුගිය සති කිහිපය පුරාවටම මාර්ක් මේ දේ ඇය වෙනුවෙන් කරල තිබුණා. ඔහු ඇය වෙනුවෙන්ම කැපවුනා. ඇයට පෙනීමට ලබා දෙනවාටත් වඩා එළියක් වෙන්න ඔහුට හැකිවී තිබුණා.

ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන එකට මීට වඩා හොඳ උදාහරණ කුමකටද.


Wednesday, March 14, 2012

♥ ... කොන්දේසි විරහිත ආදරය ... ♥

ක් සිකුරාදාවක සේවා ස්ථානයට යන්න ලෑස්ති වෙන ගමන් මාක් එයාගේ බිරිදත් එක්ක කිව්වා ඒ දවස ඇතුලත එයා අනිවාර්යෙන්ම බොස්ගෙන් එයාගේ වැටුප වැඩි කරන්න කියලා ඉල්ලන බව. පසුගිය මාස 18 ඇතුලත මාක් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා.එයා සේවය කලේ විශාල මාධ්‍ය ප්‍රචාරක ආයතනයක. ඒ මාස 18 ඇතුලත මුලු රටේම ප්‍රසිද්ධ ආයතන විශාල ප්‍රමානයක ප්‍රචාරක කටයුතු බාරව හිටියේ මාක්,තමන් ගේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වුන ප්‍රමානයටත් වඩා සාර්ථක විදියට ඒ ඒ ප්‍රචාරන කටයුතු නිම කරන්න ඔහු සමත් උනා

එදා දවසම මාක් ගතකලේ නොසන්සුන් විදියට. කීප වතාවක්ම තමන්ගේ ප්‍රධානියා ලගට යන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුනා. ප්‍රධානියා තමන් ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලොත් ගත යුතු පියවරක් ඔහුට හිතා ගන්න අපහසු උනා. නමුත් අවසානයේ කාර්යාලයේ කටයුතු අවසන් වීමට මොහොතකට පෙර ප්‍රධානියා ලගට ගිය මාක් තමන් ගේ ඉල්ලීම ඔහුට ඉදිරිපත් කලා. ඔහුට ගොඩක් පුදුමයි,ඒ වගේම සතුටුයි,තමන් හිතුවාටත් වඩා විශාල වැටුප් වැඩි කිරීමක් ප්‍රධානියා ඔහුට ලබා දුන්නා.

මේ ආරංචිය බිරිදට කියන්න අවශ්‍ය නිසා ඔහු වෙනදාටත් කලින් නිවසට ගියා. නිවසට ගිය ඔහු විශ්මයට පත් වුනා. නිවසට යන විට බිරිද ඉතා අනර්ඝ රාත්‍රී ආහාර වේලක් සකසා තිබුනා,එයට මාක්ගේ ප්‍රියතම ආහාර වර්ග සියල්ල අන්තර්ගතව තිබුනු අතර මේසය මත වූයේ ඔවුන් සතු වූ අනර්ඝම පිගන් කට්ටලයයි. මේසය මත ඔහුගේ පිගාන අසල තවත් යමක් තිබුනා,ඒ කිසියම් දෙයක් සටහන් කරපු කාඩ් පතක්. එහි බිරිදගේ අත් අකුරින් පහත වැකිය සටහන් කර තිබුනා,

"සුභ පැතුම් මගේ වස්තුව...මම දැනගෙන හිටියා ඔයාට එය ලැබෙන බව...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න...මට ඔයා ගැන ආඩම්බරයි"

එය කියවූ ඔහු තමන් ගේ බිරිද තමන් ගැන කොපමන සැලකිලිමත්දැයි කල්පනා කලා. නිසැකවම කාර්යාලයේ ඔහුගේ මිතුරෙක් බිරිදට ඔහුගේ ජයග්‍රහනය ගැන පවසන්න ඇති බව ඔහු සිතුවා.

ආහාරයෙන් පස්සේ මාක් මුලුතැන්ගෙට ගියේ අතුරුපස රැගෙන එන්න. එහිදී ඔහු දුටුවා බිරිදගේ අත් අකුරින් කියැවුනු තවත් කාඩ් පතක් ඇය අතින් මුලුතැන් ගෙයි පොලව මත වැටී ඇති බව. එය අහුලා ගත් ඔහු එය කියෙව්වා,බිරිදගේ අත් අකුරින් එහි මෙසේ සටහන් වුනා,

"එය නොලැබුන එක ගැන ඔයා දුක් වෙන්න එපා වස්තුව...ඒත් එය ඔයාට ලැබිය යුතුම දෙයක්...ඔයාට ලගදීම ඒ දේ ලැබෙයි.ඔයාට ඒක නොලැබුනත් ඔයාට මම ඉන්නවා...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න."

මේක කියවා අවසන් කල පසු සිදුවෙලා තියන දේ ඔහුට වැටහුනා. වැටුප් වර්ධනය ලැබුනොත් එය සැමරීමටත් වැටුප් වර්ධනය නොලැබුනොත් ඔහුව දුර්මුඛ නොකර ධෛර්යමත් කිරීමටත් ඔහුගේ බිරිද සැරසී සිටිය බව ඔහුට පෙනී ගියා. බිරිද තුල තමා පිලිබදව ඇති කොන් දේසි විරහිත ආදරය පිලිබද හැගීමෙන් ඔහුගේ දෙනෙතින් කදුලු ගලාගෙන ආවා.

මිල මුදල් යාන වාහන රැකියාවේ තත්වය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වේ එනමුත් කොන්දේසි විරහිත ආදරය මිනිසාගේ පරම අවශ්‍යතාවයයි.

♥ සත්‍ය ආදර කතාවක්‌.. ♥



    මේ කතාව එංගලන්තේ උන කතාවක්‌..ලංකාවේ කොල්ලෙක්‌ එංගලන්තයට ගියා ඉගෙන ගන්න..කොල්ල ගොඩක්‌ දුප්පත්..එත් ලංකාවේදි හොදට A/L pass උන නිසා..එංගලන්තයට යන්න වාසනාවක්‌ ලැබිලා...මෙයා ඒ රටේ පොඩි කාමරයක නැවතිලා තමයි University ගිහින් තියෙන්නෙ..කොල්ලා එච්චර ලස්‌සන නැ එ වගෙම ගොඩක්‌ අහිංසකයිකතාව එංගලන්තේ උන කතාවක්‌..ලංකාවේ කොල්ලෙක්‌ එංගලන්තයට ගියා ඉගෙන ගන්න..කොල්ල ගොඩක්‌ දුප්පත්..එත් ලංකාවේදි හොදට A/L pass උන නිසා..එංගලන්තයට යන්න වාසනාවක්‌ ලැබිලා...මෙයා ඒ රටේ පොඩි කාමරයක නැවතිලා තමයි University ගිහින් තියෙන්නෙ..කොල්ලා එච්චර ලස්‌සන නැ එ වගෙම ගොඩක්‌ අහිංසකයි

එක දවසක්‌ ගොඩක්‌ ලස්‌සන ලංකාවේ කෙල්ලෙක්‌ මෙයගෙන් අහනව office එක තියෙන්නෙ කොහෙද කියල.ඉතින් මේ කොල්ලා එයව එක්‌කගෙන යන්වා..ඊලග දවසෙත් මේ කොල්ලට අර කෙල්ලව meet වෙනවා..කොහොම හරි මේ දෙන්නා ටික දවසකින් හොද යාලුවෝ වෙනවා....

ටික කාලයක්‌ යනවා..මෙ කොල්ලා ඒ කෙල්ල ගැන ආදරයක්‌ හිතෙනවා...එත් කියාගන්න බැ..කොල්ලට බය හිතෙනවා ආදරෙයි කියන්න ගිහින් යලුකමත් නැති වෙයි කියලා..ගොඩ කාලයක්‌ මේ විදිහට ඉන්නවා..කොල්ලා හැමදාමත් ආදරෙයි කියන්නම් කියල හිටියට කවදාවත් කියගන්න බැරි වෙනවා..

කාලයත් එක්‌ක කෙල්ල එ රටේ කොල්ලෙක්‌ එක්‌ක යාලු වෙනවා..University එකෙදි මේ දෙන්නා එකට ඉදලා කෙල්ල හැමදාම හවසට අර කොල්ලව හම්බ වෙන්න යනවා..(හැමොම දන්නවනේ එ රටවල් වල සංස්‌කෘතිය)

මේයාලට University එකෙන් දෙන වැඩ කරන්නේ ලංකාවෙ කොල්ලා..අර කෙල්ල මෙයාට එ වැඩ කරන්න දිලා කොල්ලත් එක්‌ක රවුන් ගහනවා... මොන දේ කරත් ලංකාවේ කොල්ලට මේ කෙල්ලව අමතක කරන්න බැ..

දවසක්‌ මේ කොල්ලා අර කෙල්ලගෙ පස්‌සෙන් යනවා..කෙල්ල යන්නේ කොල්ලගෙ ගෙදරට.ටික වෙලාවකින් ගෙ අස්‌සෙන් රන්ඩුවක්‌ ඇහෙනවා..මෙ කොල්ලා ගේ ඇතුලට යනවා...ඇයි කියලා අහනවා..අර කෙල්ල මෙ කොල්ලට බැනලා කියනවා ඔය අපේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න එපා කියලා...

ටික දවසකින් මේ කොල්ලා අර කෙල්ලට කියනවා මම ඔයට ආදරෙයි කියලා.. කෙල්ලට හොදටම කෙන්ති යනවා...හැමොම ඉස්‌සරහා කොල්ලට මෙහෙම කියනවා...''බලනවා තමුසෙගෙ හැටි..මම වගේ කෙල්ලෙක්‌ තමුසෙට ගැලපෙනවද..? ගිහින් හොයගන්නව තමුසෙට ගැලපෙන කෙල්ලෙක්‌ කියලා''

කොල්ලා එදා සද්ද නැතුව කාමරෙට යනවා..එත් දවස්‌ ගානක්‌ යනකම් කවුරුත් එයාව දකින්නේ නැ..මේ කොල්ලගෙ යාලුවෙක්‌ දවසක්‌ කාමරේට යනවා..යනකොට කොල්ල බිම ඉදගෙන කල්පන කර කර ඉන්නවා..මේ කොල්ලට ගොඩක්‌ ආමරුයි..දවස්‌ ගානකින් කාලා නැ..යලුවා මෙයාව hospital අරගෙන යනව..ටික දවසකින් මෙයාට හොද වෙනවා..එත් අර කෙල්ලව අමතක කරන්න බැ..දවසක්‌ මෙයාට ලංකාවෙන් ගියා හාමුදුරු කෙනෙක්‌ හම්බ වෙනවා...මේ හැමදේම හාමුදුරුවන්ට කියනාවා..ටික කාලයක්‌ මේයා බාවනා කරලා මෙයගෙ හිත හාදාගන්නවා..මේ කාලේ අර කෙල්ල සුද්දව බැදලා...මෙයා හොදට ඉගෙන ගන්නව..ටික කාලයයකින් මෙයා එ රටේ සමාගමක්‌ පටන් ගන්නවා..දැන් මෙයාට හොදට සල්ලි තියෙනවා..

දවසක්‌ අර කෙල්ල රස්‌සාවක්‌ හොයගෙන මෙයගේ සමාගමට එනවා..එත් එ සමගමෙන් මෙයව ගන්නේ නැ සුදුසුකම් මදි නිසා..එත් මෙ කොල්ල මෙයාව දකිනවා...මෙයා ටිකක්‌ එ කෙල්ල ගැන හොයනවා..හොයලා බලනකොට අර සුද්දා මෙ කෙල්ලව දාලාගිහින්..මේ කෙල්ලට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා..

මේ කෙල්ලට ටික දවසකින් හොද රස්‌සාවක්‌ ලැබෙනවා..ඉන්න හොද තැනක්‌ වාහනයක්‌ හිටන් හම්බ වෙනවා...එත් එ කෙල්ල දන්නෙ නැ සුදුසුකම් නැතත් මේ තරම් හොද රස්‌සාවක්‌ ලැබුනේ කොහොමද කියලා..එ කොහොමද දන්නවද මේ හැමදෙම දිලා තියෙන්නෙ අර කොල්ලා. එත් එ කෙල්ල අද වෙනකම් දන්නේ නැ මේ හැමදේම දුන්නේ මේ කොල්ලා කියලා

මේ ඔබේ අවස්ථාවයි. පරීක්ෂා කොට බලන්න....ඔබ සැබෑ මිනිසෙකුද කියා

බො‍හෝම කාලයකට පෙර විශාල ඇපල් ගසක් විය.

මෙම ගස තමන් අවට දිනපතා සෙල්ලම් කරන කුඩා දරැවකුට ඉතාමත් ආදරය කලා..
මොහු ගසෙහි මුදුනටම නගිනවා...
ගස් අතු උඩ ඉදගෙන ඇපල් කනවා...
ගසෙහි සෙවනේ මද නින්දෙන් කාලය ගත කරනවා...
මොහු ගසට ඉතා ආදරය කරනවා...ගස එයින් ඉතාමත් ප්රීතිනට පත් වෙනවා...
කාලය කෙමින් ගෙවී ගොස් දිනක් එම ළමයා නැවත ගස ලගට පැමි‍ණෙනවා...
"එන්න මා සමග සෙල්ලම් කරන්න..." ගස පවසනවා...
"මම දැන් ‍පොඩි ළමයෙක් නෙවෙයි...තව දුරටත් ගස් වටේ දුව දුව සෙල්ලම් කරන්න මට බෑ...මට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ඕන.ඒවා ගන්න මට සල්ලි ඕන.."
"සමාවෙන්න, මා ගාව සල්ලි නෑ. නමුත් ඔබට පුලුවන් මගේ ඇපල් ගෙඩි විකුණා සල්ලි ගන්න..." ගස කිවුවා...
ළමයා ඉතාමත් සන්තෝෂයෙන් ඇපල් ගෙඩි සියල්ලම රැගෙන යනවා...ගස ඉතාමත් ප්රීතියට පත් වෙනවා...
ඉන් පසු ළමයා දකින්නටවත් නැත.ගස ඉතා දුක් විය.
දිනක් ගස පුදුම කරමින් ළමයා නැවත පැමිණියේය...නමුත් ඔහු දැන් ලොකු මිනිසෙකි.
"එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න..." ගස පවසයි...
"මට සෙල්ලම් කිරීමට කාලය නැත...මගේ පවුලේ යහපත වෙනුවෙන් මට වැඩ කරන්නට සිදුවී ඇත.අපට රැකවරණය සදහා නිවසක් අවශ්‍ය වී ඇත.ඔබට පුලුවන්ද මට උදව් කරන්න."
"සමාවෙන්න, මට ඔබට ලබා දීමට නිවසක් නැත.නමුත් ඔබට පුලුවන් මගේ අතු කපා ගෙන ගොස් එයින් නිවසක් සාදා ගැනීමට..." ගස කිවුවා...
ඉතාමත් ප්රීතියට පත්වූ මිනිසා ගස කපාගෙන ගියා...
ගස එයින් ඉතා සතුටට පත් වූ නමුත් එයින් පසුව මිනිසා නැවත දකින්නටවත් නැති විය.ගස නැවතත් හුදකලාවෙන් දුක් විය.
එක් ග්රීෂ්ම දිනක මිනිසා නැවත ගස වෙත පැමිණෙයි..
සතුටට පත් වන ගස "එන්න මා සමග සෙල්ලම් කරන්න..." යැයි පවසයි.
"මම දැන් මහලු වියට එමින් සිටිනවා. මට විවේකී වන්න යාත්රා කිරීමට අව්‍යශයි.ඔබට පුලුවන්ද මට බෝට්ටුවක් දෙන්න."
"මා ලග බෝට්ටු නැහැ. නමුත් ඔබට පුලුවන් මගේ කදෙන් බෝට්ටුවක් හදාගන්න. එයින් ඔබට පුලුවන් ඈතට යාත්රා කරන්න."
ඉතින් මිනිසා ගසෙහි කද කපා ගෙන ගොස් බෝට්ටුවක් සදා ගන්නා ලදී.
නැවත දිගු කලකට ඔහු දකින්නට නැති විය.
අවසානයේ අවුරැදු ගණනාවකට පසුව මිනිසා නැවත පැමිණියහ.
"සමාවෙන්න මාගේ පුතුණි, දැන් මා ලග ඔබට දීමට කිසිවක් නැත. තවදුරටත් ඔබට දීමට ඇපල් මා සතුව නැත." ගස පැවසීය...
"කිසි ප්රශ්ණයක් නැත.දැන් මට ඇපල් කන්නට දත් නැත." මිනිසා උත්තර දුන්නේය.
" තව දුරටත් ඔබට නැගීමට කදක් මා සතුව නැත." " ගස නැවත පැවසීය...
" මම ඒ සදහා වයස වැඩීයි" මිනිසා උත්තර දුන්නේය.
" මට ඔබට දීමට කිසිවක් දැන් මා ලග නැත. මා හට ඉතිරිව ඇත්තේ මාගේ මිය යමින් පවතින මෙම මුල පමණයි." කදුලු සලමින් ගස පැවසීය.
" මට දැන් කිසිවක් අවශ්‍ය නැත, දැන් මට අවශ්‍යව ඇත්තේ විවේක ගැනීමට ස්ථානයකි. මේ සියල්ල අවසානව‍යේ මට මහත් විඩාවක් දැනේ." මිනිසා පැවසීය.
" හොදයි එසේ නම් මහලු ගසක මුලක් හොදම තැනක් වෙයි විවේකීව හිද ගෙන සිටීමට. එන්න ඇවිත් වාඩි වෙන්න."
මිනිසා හිද ගත් අතර ගස ප්රීතියෙන් කදුලු සලන්නට විය.

ඔබගේ දෙමාපියන්ද මෙම ගස් වැනිය. ඔබට අවශ්‍ය දේ දීමට සැදී පැහැදී සිටින්නේ මහා ගසක ලෙසය. එම ගසේ සෙවනේ ඔබට කොපමන කලක් සිසිලස ලබා දුන්නේද? ඔබ කොපමණ කාර්ය්‍ය බහුල වුවත් කම් නැත‍. ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට ඔබ බැදී සිටිය යුතුය.ඔබ සැබෑ ලෙසම මිනිසෙකු වන්නේ නම් මෙය නිසැකවම ඔබ පිළිගනු ඇත.මේ ඔබේ අවස්ථාවයි. පරීක්ෂා කොට බලන්න....ඔබ සැබෑ මිනිසෙකුද කියා.