මනුෂ්‍යත්වය සොයා යමි
Showing posts with label nethu. Show all posts
Showing posts with label nethu. Show all posts

Tuesday, April 3, 2012

Heart Melting Story: මවකගේ ආදරය

A Woman was Admitted in Hospital
as She was Suffering from Brain Tumor..:(

... Her Son & Relatives were Around Her,
She Died within a few Hours..:'(

Her Son Cried the whole Day & Became Ill.
He Returnd Home the Next Day;
& Wen He Opened His Moms Cupboard,
He found some Tablets kept in a Letter,!!
In the Letter it was Written:
" TAKE THESE TABLETS DEAR;
I know U Catch Cold Easily after Crying..[:'( :(

-"MOTHERS LOVE MAKE IT LIVE LONG..♥"
" Like if you're touched tag & share if u also Love ua MOM so much


තා දරුණු මොළයේ පිලිකාවකින් පීඩා විදින කාන්තාවක් රෝහල් ගත කල අතර ඇය පසු වූයේ ඉතා අසාධ්‍ය තත්වයෙන්. ඇයගේ සැමියා පුතා ඇතුලු නෑදෑ හිතවතුන් ඇය අසලම රැදී සිටියා. වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දැරුවත් ඇයව බේරා ගැනීමට හැකි වුනේ නෑ,පැය කීපයකින් ඇය මිය ගියා.
ඇයගේ එකම පුතා මහත් ශෝකයෙන් දවස පුරා හඩා වැලපුනා.
පසු දින නිවසට පැමිනි ඔහු මවගේ අල්මාරිය ලගට ගොස් එය විවෘත කලා. ඔහු දුටුවා අල්මාරියේ මවගේ ඇදුම් වලට උඩින් යම් පාර්සලයක් සමග ලිපියක් ඇති බව. පාර්සලයේ තිබුනේ පෙති කීපයක්.
මවගේ අත් අකුරින් ලිපියේ මෙසේ ලියැවී තිබුනා...
"මගේ පුතා මේ බෙහෙත් බීලා ටිකක් නිදා ගන්න.මම දන්නව ගොඩක් ඇඩුවම පුතාට උන හැදෙන බව" . . . . . . . මවගේ ආදරයට සම කල හැකි ආදරයක් ලබා දීමට මිහිපිට කිසිවෙකුට නොහැක.

හාදු පෙට්ටිය

මිනිසෙක් තම 3 හැවිරිදි දියණියට දඩුවම් කලේ ඇය රත්‍රන් පැහැති තෑගි දවටනයක් නාස්ති කල නිසාවෙන්. ඔහු පසු කරමින් සිටියේ මූල්‍ය වශයෙන් ඉතාමත් අපහසු සමයක් වූ අතර නත්තල් ගස අසලින් තබන තෑගි පෙට්ටියක් සැරසීමට රත්‍රන් පැහැති දවටනයක් තම කුඩා දියණිය විසින් භාවිතා කිරීම පිලිබදව ඔහු දැඩි ලෙස කෝපයට පත් වුනා.
කෙසේ නමුත් පසුවදා උදෑසනම එම තෑගි පෙට්ටිය රැගෙන ඔහු අසලට පැමිනි දියණිය "මේ තාත්තිට මගෙන් තෑග්ගක්" පැවසූ විට තමන් පෙර දිනයේ හැසිරුනු ආකාරය පිලිබදව පසුතැවුනත් ඔහු යලි කෝපාවිෂ්ඨ වුනේ එය එය හිස් පෙට්ටියක් පමනක් වූ නිසාවෙන්.
"ඔය ළමයා දන්නේ නැද්ද කෙනෙකුට තෑග්ගක් දෙනකොට හිස් පෙට්ටියක් දෙන එක සුදුසු නැති බව?"ඔහු දියණියට යලිත් බැන වැදුනා.
දෑස් වල කදුලු පුරවා ගත් දියණිය හුරතල් හඩින් මෙසේ පිලිතුරු දුන්නා,
"තාත්ති ඒක හිස් නෑ ඊයේ රෑ මම ඔය පෙට්ටියට හාදු ගොඩාක් දැම්මා...ඒ ඔක්කොම තාත්තිට..."
දියණියගේ පිලිතුරින් මිනිසාගේ දෑස් කදුලින් තෙත් වූ අතර දියණියව තුරුලු කර ගත් ඔහු කීප වතාවක්ම ඇගෙන් සමාව ඉල්ලා සිටියා.
ඉන්පසු මිනිසා මිය යන තෙක්ම ඒ තෑගි පෙට්ටිය සුරැකිව තබා ගත් අතර ජීවිතයේ මානසිකව ඇද වැටුනු අවස්ථා වල එම පෙට්ටිය දෙස බලා එම පෙට්ටිය හාදු වලින් පිරවූ තම දියණිය තුල තමාට ඇති ආදරය පිලිබදව සිහිපත් කිරීමට ඔහු හුරු වුනා.
මෙලොව උපදින සෑම කෙනෙක්ම උපදින විටම රත්‍රන් පැහැති තෑගි පෙට්ටියක් රැගෙන මෙලොවට පැමිනෙන අතර එය දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ නෑදෑයන්ගේ යහලු හිත මිත්‍රාදීන්ගේ හාදු වලින් පුරවා ඇත.එය අප සතු වටිනාම වස්තුව වන අතර එය සුරැකිව ලග තබා ගැනීම අපේ යුතුකමයි.

සියල්ල සිදු වන්නේ යහපතටයි

2001සැප්තැම්බර් 11 වන දින ඔබට මතකද? අමතක වීමට හේතුවක් නැත,ඒ මුලු ලොවම සසල කල ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරය සිදු වූ දිනයයි. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් තුන් දහසකට අධික ප්‍රමානයක් මිය ගිය අතර විශාල ප්‍රමානයක් තුවාල ලැබීය...
එදින සිදුවූ පහත සිදුවීම් ඔබ දැන සිටියාද?
•එක් විශාල සමාගමක හිමිකරුවෙකු එදින කාර්යාලයේ සේවයට වාර්තා නොකලේ ඔහුගේ පුතු එදිනම බාලාංශයට ඇතුල් වූ නිසාවෙනි. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•මිතුරන් සමගින් ඇල්ලූ ඔට්ටුවකින් පැරදී ඔවුන්ට ඩෝනට් ගෙන ඒමට තවත් අයෙක් කාර්යාලයෙන් පිට විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•තවත් කාන්තාවකට එදින කාර්යාලයට පැමිනීමට පමා වූයේ ඇගේ බස් රථය මග හැරුන නිසාය. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.
•තවෙකුගේ මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම නිසා ඔහුට සේවයට වාර්තා කිරීමට නොහැකි විය ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•උදේ ආහාර ගන්නා විට කුඩා දියණිය ඇගේ කිරි බදුන ඔහුගේ ඇදුම් මත ඉහිරවීම නිසා තව පුද්ගලයෙකු එදින පමා විය ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•පාරේ තිබූ රිය අනතුරක් නිසා ඇති වූ වාහන තදබදය හේතුවෙන් තවත් අයෙකු එදින පමා විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•තම බිලිදාගේ අසනීප තත්වයක් නිසා රෝහලට යෑමට සිදු වූ තවත් කාන්තාවක් එදින සේවයට වාර්තා කලේ නැත. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.
•තවත් අයෙකු නිවසින් එලියට පැමිනෙන විටම ඔහුට පැමිනි දුරකථන ඇමතුමකට පිලිතුරු දීමට යලි නිවසට ගිය නිසා ඔහුගේ සුපුරුදු බස් රථය මගහැරුනි. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•පුද්ගලයෙකු නිවසින් පිටත් පැමින මද දුරක් ගමන් කරන විට කුරුල්ලෙකු ඔහු මතට වර්චස් පිඩක් හෙලීම නිසා යලි ඇදුම් මාරු කිරීමට නිවසට යාමට ඔහුට සිදු විය,එම නිසා ඔහු පමා විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.
•කාන්තාවක් පෙරදින අලුත් පාවහන් යුගලක් මිළදී ගත් අතර ඒවා පැලද මද දුරක් යාමේදී ඇයට වැටහුනේ ඒවා මදක් හිර නිසා දෙපා තුවාල වී ඇති බවයි. එම නිසා ඇය ප්ලාස්ටරයක් මිලදී ගැනීමට අසල වූ ෆාමසියකට ගොඩ වැදුනි. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.
එම නිසා ඔබ ඊළග මොහොතේ,
•පාරේ වාහන තදබදයක සිරවී සිටින විට •විදුලි සෝපානයක් මග හැරුනු විට •ඔබව කෝප ගන්වන සුලු සුලු සිද්ධි සිදු වූ විට
ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු නියම ස්ථානය බව සිතන්න
ඊළග උදෑසන,
•ඔබේ දරුවන් සූදානම් වීමට පමා වන විට •මෝටර් රථයේ යතුර සොයා ගැනීමට නොහැකි වන විට •පාරේ වාහන තදබදයකට හසු වූ විට •ඔබට ඉදිරියෙන් වාහනය ඉතා සෙමින් ගමන් කරනා විට •ඔබට බස් රථය මග හැරුනු විට
ඒ සියලුම දේ සිදුවන්නේ යහපත් හේතුවකට බව සිතන්න,ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු ආකාරයයි,සියලු දේ සිදු වන්නේ ඔබේ යහපතට බව විශ්වාස කරන්න!!!.

ලෝකය ඔබව හදුනන්නේ කෙසේද

සර සියයකට පමන පෙර දිනක මිනිසෙක් උදෑසන පුවත්පත බලන විට දුටුවේ එහි මරණ දැන්වීම් තීරුවේ තම නම සටහන්ව ඇති ආකාරයයි. මෙය දැකීමෙන් ඔහු විශ්මයටත් භීතියටත් පත් වූ අතර තමා ඇත්තෙන්ම මරණයට පත් නොවූ බවත් මෙය අත්වැරදීමක් බවත් පසක් කර ගැනීමට ඔහුට මද වේලාවක් ගත විය.
යලිත් පියවි සිහියට පැමිනි ඔහු ඉන්පසු උනන්දු වූයේ පුවත්පත් වාර්තාකරුවන් තමා ගැන පවසා ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමයි.මරණ දැන්වීමේ සටහන් වූයේ "ඩයිනමයිට් රජු මියයයි" යනුවෙනි,එසේම ඔහුව "මරණයේ වෙළෙන්දා" යනුවෙන් ද හදුන්වා තිබුනි.
මෙම මිනිසා නම් 1833දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ඉපදී 1866 දී ලොවට ඩයිනමයිට් හදුන්වා දී ඉන් කෝටිපතියෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතායි. තමාව පුවත්පතේ හදුන්වා දී තිබුනු "මරණයේ වෙළෙන්දා" යන වචන දුටු ඔහුගේ සිතට නැගුනේ "මම මියගිය දවසක මිනිසුන් මාව හදුනා ගන්නේ මරණයේ වෙළෙන් දා නමින් ද?" යන්නයි. ඔහු මේ පිලිබදව බොහෝ වේලාවක් කල්පනා කල අතර අවසානයේ තීරණයකට පැමිනියේ යම් දිනක තමා මිය ගිය විට මිනිසුන් ඔහුව හදුනා ගත යුත්තේ මරණයේ වෙළෙන්දා යන නමින් නොවේය යන්නයි.
ඔහු එදින සිට මානව සංහතියේ යහපත උදෙසා තමා සතු අති මහත් ධනස්කන්ධය වැය කල අතර අද ලෝකය ඔහුව හදුනන්නේ විනාශකාරී ඩයිනමයිට් ලොවට හදුන්වා දුන් මරණයේ වෙළෙන්දා ලෙස නොව ලොව අති සුවිශේෂී පුද්ගලයන්ට පුදන ලොව පරසිදු නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා ලෙසය.
මරණ දැන්වීම දුටු ඇල්ෆ්‍රඩ් නොබෙල් තම ජීවිතය වෙනස් කර ගත්තා මෙන් උදා වන නව වසරේදී ඔබේ ජීවිතය ඔබේත් සමාජයේත් යහපත් උදෙසා වෙනස් කර ගැනීමට සිතට ගන්න..