උදේ පාන්දරම මම ගිටාර් එකත් අරගෙන නුවරට එන්න
බස් එකට නැග්ග..ටික දුරක් එනකොට මම දැක්ක සුදු පාට සාරි ඇඳගත්තු ගෑනු 2නෙක්
බස් එකේ තැනක අඬ අඬ යනවා.ඒ 2නගෙන් එක්කෙනෙක්ගේ අතේ තිබුණු කොලයක් බිමට
වැටිලා මම ඉඳපු පැත්තට ආවා.මම එක ඇහිඳගෙන බලනකොට ඒකෙ තිබු
නේ මැරුණු කෙනෙකුගේ පෝස්ටර් එකක්.මම ඒක අයෙත් ඒ දෙන්නට දුන්නා.ඒ වෙනකොටත් ඇස් රතු කරගෙන දෙන්නම හොඳටම අඬනවා කියල මට තේරුණා..
ඔය හැමදේම අතරේ මම බස් එකෙන් බැහැල ඇවිත් වැව රවුම පැත්තෙන් ටවුන් ඒක පැත්තට එන්න පටන් ගත්තා.ඔහොම හෙමින් හෙමින් එනකොට එක මනුස්සයෙක් එහාට මෙහාට ඇවිද ඇවිද කාටදෝ call එකක් ගන්නවා මම දැක්ක.ඇඳුම් නම් වැරහැලි වගෙයි පෙනුනේ.....
ටවුන් එකට ඇවිත් මම ටොරින්ටන් උද්යානෙට ගියා මගේ ආදරවන්තිය මුණ ගැහෙන්න හිතාගෙන.හිතුව වගේම එයා මම එනකම් බලාගෙන හිටිය.අපි මුණගැහිලා අවුරුදු ගානක් වෙනවා දැන්...
කොහොම හරි ඒ දේත් ඉවර කරගෙන මම එදා යොදා ගත්තා වැඩ කටයුතු වලට ගියා.හවස් වෙනකොට මගේ ෆෝන් එකත් ඕෆ් වෙලයි තිබුනේ.
ඉතින් මම ගියා නුවර දුම්රිය ස්ථානයට, ගෙදර යන්න කියල හිතාගෙන..ගිහින් කෝච්චියටත් නැග්ග.මම දැක්ක එක මුල්ලකට වෙලා කොල්ලෝ ටිකක් සින්දු කියනවා.ඉතින් මමත් ගිහින් එයාලට එකතු වුණා,එතනම එහා පැත්තේ ගෑනු ළමයෙක් හිටිය තමන්ගේ ආදරවන්තයත් එක්ක.
මොකක්ද උනේ කියලවත් මට හිතා ගන්න බැරි වුණා.එතන හිටියේ මගෙත් එක්ක අවුරුදු ගානක් එකට ඉඳපු මගේ අනු....
දැනුනු දුක නිසා මගේ ඇස් වලට කඳුළු ආවා.මට පිටුපාලා හිටිය නිසා එයා මාව දැක්කේ නෑ.මොනා කරන්නද කියල මට හිතා ගන්න බැරි වුණා.එතනට ගිහින් එයට මුහුණ දෙන්න මට හිතුනේ නෑ.මගේ අතේ තිබුනේ ගිටාර් එක විතරයි.ඒකත් අරගෙන මම සින්දුවක් කියන්න පටන් ගත්තා.....එයා දිහා බලාගෙනම......
මේ මාවතේ පා නගන්නේ-ඔබගේ මගේ ජීවිතේ......
සුසුමන් හෙලන්නේ සැරිසරන්නේ-සිත් පාවුණේ....
ජීවිත අපේ කොයිබටද මේ ලෙසින්- හෙමි හෙමින් ඇදෙන්නේ...
හිතට ආපු වචන ටික මම ඒ විදිහට ගීතයකට හරවල කියන්න ගත්තා..මගේ කට හඬ ඇහුනු එයා මන් දිහා හැරිලා බැලුව.නමුත් බොහොම ඉක්මනටම ඇතිවුනු පුදුමයත් අමතක කරලා එයාගේ අලුත් පෙම්වත දිහා බලා ගත්තා.මම එතන හිටිය කොල්ලෝටිකට කියල එයා ඉඳපු පැත්තට ගිහින් ඉඩ තිබුණු තැනක ඉඳගෙන එයාල දිහා බලාගෙන හිටිය.ඒ කොල්ලා ඇහුව අනු ගෙන් මම දන්න කෙනෙක් ද කියල.එයා නැහැ කිව්වා.ඒ හැම දේම දකින කොට එතනම එහා පැත්තෙන් ඉඳගෙන මහා හයියෙන් හිනා වේවි ඉන්නේ කවුද කියලත් මම දැක්ක.එතන හිටියේ..... උදේ බස් එකේදී සුදු සාරිත් ඇඳගෙන අඬ අඬ හිටපු ගෑනු දෙදෙනමයි.ඔවුන් දැක්ක මාව.
ඒ වගේම මාව මතක් වුනු බවකුත් එයාලගේ මුණු වලින් පෙනුන.මට හිතා ගන්න බැරි වුණා කොහොමද මිනිස්සුන්ව අඳුරගන්නේ කියල.කොහොමද මෙහෙම වෙනස් වෙන්න කියල.එත් එක්කම අපි හිටපු තැනට හිඟන මනුස්සයෙක් ආවා කොර ගගහ.මැලවුණු මුහුණක් එක්ක වැරහැලි ඇඳගෙන ඒ මනුස්සය සල්ලි ඉල්ලගෙන ආවා.මොහොතක් බලාගෙන ඉන්නකොට මට තේරුණා උදේ වැව රවුමේදී ෆෝන් එකකුත් කනේ ගහගෙන හොඳට ඇවිදපු මනුස්සා නේද දැන් කොර ගගහ එන්නේ කියල.ඒ මනුස්සය මාව දැක්කගමන් ටිකක් විතර බය වුණා කියල මට තේරුණා.......
පුදුමාකාර මිනිස්සු ගොඩක් අතරේ ඉඳගෙන ගිටාර් එකත් අරන් මම ගීතයක් පටන් ගත්තා.නමුත් මගේ ඇස් වල තාමත් කඳුළු තිබුන.ඒ ගීතය ඉවර වෙනකොට අර ගෑනු දෙදෙනාගේ මුහුණු ලජ්ජාවෙන් බිමට හැරිලා තිබුන.හිගන්නෙක් වගේ ආපු මිනිහගේ අතින් එකතු කරගත්ත කාසි ටික බිමට වැටිලා ගියා.ලජ්ජාවෙන් ඒ මනුස්සය බිම බලාගෙන කෝච්චියෙන් බැහැල යන්න ගියා. ඒ වගේම අනුගේ ඇස් වල කඳුළු ඇවිත් තිබුන.එයාගේ අලුත්,අසරණ පෙම්වතාට හැමදේම තේරිලා තිබුන.ඒ හැමදේම බලාගෙන මම කෝච්චියෙන් බැහැල යන්න ගියා......
ලීවේ:- Hash Kanchana

1 අදහස් Comments::
මාරම විදිහට හිතට දැනෙන්න ලියල තියනවා මේ පෝස්ට් ඒක.හිතට වැදුනා කියන්නේ..මැවිලාම පෙනුනා..
ජයම වේවා!
Post a Comment
නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-