මනුෂ්‍යත්වය සොයා යමි

Wednesday, June 4, 2014

කවදහරි ආදරේ කරල තියෙනවනම් හරි, දැන් කෙල්ලෙක්ට ආදරය කරනවා නම්

මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..
මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..
කීක් කීක් කීක් කීක්
patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata
anna.nathnam mm yanawa..ummmmmmma.
හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ?
හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..
අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..
මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ
මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?
එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
-ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?
මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව ..
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..
මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ .......

Tuesday, April 22, 2014

පියා◄

World's Toughest Job

Wednesday, March 5, 2014

Please try to read others life

Sunday, February 2, 2014

Without Delay

තමන් ආදරේ අය, තමන්ට ආදරේ අයට රිද්දන්න එපා. හතුරෙකුගෙන් ලැබෙන කස පහරකට වඩා හිත ලඟින් ඉන්න කෙනෙකුගේ අකරුණාව හුඟාක් වේදනාකරී. ඇත්තටම ආදරේ කරන අය තමන්ගේ ජීවිතේට වඩා අනිත් කෙනාගෙ ජීවිතේට ආදරේ කරනවා. අද නොතේරුනාට කවදහරි එයාගෙ වටිනාකම ඔයාට තේරුනත් එදාට ඔයා කොච්චර ඇඩුවත් වැළපුනත් එයා ඔයාට ඔයා දුන්නු දුක පපුවට තුරුලු කරන් ඔයාට හොයා ගන්නවත්, ළං වෙන්නවත් බැරි තරම් දුරක ගිහින් ඉඳීවි

Monday, December 16, 2013

මගේ දුව...

  මොළේ මැරිල ඇඟ පණ තියෙන දුවගෙ හදවත-වකුගඩු-අක්මාව දන් දුන්නු උත්තම අම්මයි බෝසත් තාත්තයිචූටි මල්ලි... මට ලේන්සුව ගෙනත් දෙන්නකෝ පැටියෝ... පන්ති යන්න කියලා මඟක් දුරට ගියපු මගේ දරුවා ආයෙත් හැරිලා ඇවිත් මල්ලිට කියලා ලේන්සුව ගෙන්නව ගත්තා. ඊට පස්සෙ මගේ දුව වචනයක්වත් කතා කළේ නැහැ. අනේ... තව තත්පරයකින්, දෙකකින්... තුනකින්... මගේ දුව කතා කරයිද? ඇස් දෙක ඇරලාවත් බලයිද? මගේ දුවගේ එක අතක් ඇඹරිලා ගිහින් තිබුණේ. මං කොහොමද විශ්වාස කරන්නේ මගේ දරුවා ආයේ කවදාවත්ම ඇස් ඇරලා බලන්නේ නෑ කියලා. 

එයා අදවත් මගේ දිහා බලයි. මගේ රත්තරන් දුව තවමත් ඇස් පියාගෙන. මේෙදාස්තර මහත්තයලා කියනවා මගේ පුතාගේ මොළය මැරිලා කියලා. අනේ මං කොහොමද විශ්වාස කරන්නේ මගේ පුතේ. ඉස්පිරිතාලේෙදාස්තරලා, මිසීලා සේරම බලන් ඉන්නේ මම දරුවාගේ අක්මාව ඉවත් කරන්න කැමැත්ත දෙනකල්

මම මගේ දරුවගේ ඇඟට දාලා තිබුණ ෂීට් එක පොඩ්ඩක් අෑත් කරලා බැලුවා. දරුවගේ කකුල් දෙක හොඳටම නිල්පාට වෙලා. ඉදිමිලා. මං පුතාගේ අම්මා. ඒත් පුතේ මගේ හිත කියනවා ඔයාව ජීවත් කරවන්න බෑ කියලා. මං මගේ අහිංසක දරුවගේ කන ළඟට නැමුණා. අනේ... අවුරුදු 17ක් තිස්සේ මගේ තුරුල්ලේ උණුසුම් වුණ දරුවට අද මගේ උණුසුමවත් දැනුණේ නෑ. මං හිත ගලක් කරගත්තා. මං මගේ රත්තරන් දරුවගේ කන ළඟට ළංවෙලා මේ ලෝකේ ඉන්න කිසිම අම්මා කෙනෙක්ට කියන්න බැරි භයානකම වචන ටික මගේ දරුවට කිව්වා

"අනේ පුතේ... ඔයා ඉන්න එපා. ඔයා යන්න. තේරුමක් නෑ. මම කොහොම හරි හිත හදාගන්නම්. මම කොහොමහරි අමතක කරන්නම් ඔයා යන්න මගෙ රත්තරන් පුතේ"
අන්තිමේදී මගේ දරුවගේ හුස්ම ටික ඩිංග ඩිංග ඉහළ පහළ වැටෙද්දිම මම දරුවගේ අක්මාව ඉවත් කරගන්න වෛද්යවරුන්ට අවසර දුන්නා

පහුගිය 24 වැනිදා හවස 7.40 විතර දෙපානම අරලිය උයන හන්දියේ කහ ඉර මතදී මේ පුංචි සමනලියගේ සියලු සංවේදනයන් අහිමි විය. අෑ අවසන් වතාවට මිමිණූ­ එකම වචනය ඇගේ තාත්තාගේ නමයි. ඉන්පසු අෑ අගහිඟකම් පිරුණු පුංචි ගෙදර චූටි මල්ලිත් ලොකු මල්ලිත් අම්මාත් තාත්තාත් අතහැර කවුරුත් නොදන්නා ලෝකයකට ගියාය. ඇගේ සිත කොයි ගියාදැයි කිසිවකුත් දැන නොසිටියත් කොයි මොහොතේ හෝ පුංචි හිත අෑ ළඟට යළිත් පැමිණේවියි කියා බොහෝ දෙනෙක් මඟ බලා සිටියහ.

"අම්මේ... මම කියන දේ තේරුම් ගන්න. මේ දරුවව ජීවත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ 5%යි. මේ දරුවගේ මොළය මැරිලා. බැරිවෙලා හරි සිහිය ආවත් කිසිම හැඟීමක් දැනීමක් නැතිව තමයි ජීවත්වෙන්න සිද්ධවෙන්නේ. අම්මාට දරුවා ජීවතුන් අතර කියලා දැනෙන මහා පුණ්යකර්මයක් කරගන්න පුළුවන් දරුවගේ අවයව පරිත්යාග කළොත්. බැරිවෙලා හරි මැෂින් වැඩ කරද්දිම දරුවා මියගියොත් අක්මාව ගන්න බෑ."

ආදරණීය අම්මකුට තමන්ගෙ දරුවාගේ අවසන් ගමන ඉක්මන් කළ යුතු බව පැහැදිලි කිරීමේ අතිශය සංවේදී වෑයම වෛද්යවරයා තවදුරටත් අත නොහැරියේය. මේ දරුවාගේ අන්තිම හුස්ම ඇබින්දෙන් ජීවය ලබන්නට මේ රෝහලේම තවත් කෙළවරක පණ ගැහෙන ප්රාණියෙක් බලාපොරොත්තු සහගතව පසුවෙයි. තව කෙනකුට ජීවය ලබාදී මරණය වැලඳගැනීමට සූදානමින් පුංචි දියණිය තවමත් නිසොල්මනේය.

"ඇත්තටම මොළේ මැරෙනවා කියන එක ගැන මටවත් මහත්තයාටවත් කිසිම අවබෝධයක් තිබුණේ නෑ. මොළේ මැරිලා කිව්වත් අපි හිතුවේ කොයි මොහොතේ හරි දරුවා නැඟිටියි කියලා. අපි දෙන්නා උදේ පාන්දර 5.00 බුදු පහන තියලා ඉස්පිරිතාලෙට දුවන්නේ අද නම් දරුවට ගුණ ඇති කියලා හිතාගෙන. දවස් එකහමාරක් විතර යනකල් මටයි මහත්තයාටයි දරුවගේ මොළේ මැරිලා කියන කතාව තේරුම් ගන්න බැරිව හිටියා. ‍ෙදාස්තර මහත්තයා තමයි අවාසනාවන්ත ඇත්ත තේරුම් කරලා දුන්නේ. ඒත් මොන අම්මාටද කියන්න පුළුවන් තමන්ගේ දරුවා ජීවත්වුණා ඇති කියලා..."
මේ ලෝකේ සිටින කිසිම අම්මා කෙනකුට සිහිනයකින්වත් දකින්න බැරි භයානක ඇත්තට මුහුණ දෙන්නට ගයනි විශාකා ලියනගේ දියණියගේ අම්මාට සිදු විය. අක්මා ආබාධයකින් පෙළෙන 21 හැවිරිදි තරුණියගේ ජීවිතයද එන්න එන්නම දැඩි අවදානමට ලක්වෙද්දී වෛද්යවරයා අම්මාගෙත් තාත්තාගේත් හිත හදන්නට යළි යළිත් උත්සාහ ගත්තේය.

රෝද තුනේ වාහනය කැරකෙන තරමට දරුවන්ට හොඳින් උගන්වන්නත් බඩකට පිරෙන්න කන්න දෙන්නත් මැළි නොවූ විශාඛා දියණියගේ තාත්තා දාහත් වසරක දුක් මහන්සියේ ප්රතිඵලය දෙස කඳුළු පිරුණු දෑසින් බලා සිටියේය. ගෙවල්ෙදාරවල් ඉඩකඩම්, බඩුමුට්ටු කිසිවක්ම නොවූ විශාකාගේ මවුපියන්ට සිටිය එකම සම්පත ඔවුන්ගේ දරු දෙදෙනාය. අවුරුදු 17ක් තිස්සේ සෙම්ප්රතිශ්යාවක් වැලඳුණත් බෙහෙත් අරගෙන දී මලක් සේ දැඩි කළ එකම දියණිය දැන් ජීවත්වුණා හොඳටම ඇති කියා තීරණය කරන්නට විශාකාගේ ආදරණීය තාත්තා හිත හදාගත්තේය. ඔහු විශාකාගේ අම්මාගේ වේදනාවෙන් බරිත හදවත අස්වැසුවේය.
"අපිට දුව නැතිවෙලා නෑනේ. දුවගේ හැම අවයවයක්ම තව කෙනෙක්ව ජීවත් කරනවනේ. මේ, වෙලා තියෙන ඇක්සිඩන්ට් එකේ හැටියට කරන්න තියෙන හොඳම දේ... අපි මේකට කැමැති වෙමු. දරුවටත් හොඳ තැනකට යන්න පින්කම උපකාරයක් වේවි..."

මොළය මියැදුණු මුත් පණ ගැහෙන පුංචි දියණිය දෙස මේ ලෝකයේ සිටින ආදරණීයම තාත්තා තව වරක් බැලුවේය. කතා කළේ තමන්මදැයි යළි යළිත් සිතුවේය. මොළයත් හදවතත් සියල්ල අක්රිය වී ක්ෂණයකට මුළු ලෝකයම එක තැන නතර වූයේය.
තවමත් දෑඟිලි සුමටය. තවමත් කොපුළත උණුසුම්ය. තවමත් ළපටි හදවත ලබ් ඩබ් හඬ නඟන්නේය. ඒත් අවසානයේ දරුවා ජීවතුන් අතර සිටියදීම ඇයගේ සියයට සියයක්ම නිරෝගී සියලු අවයව සිරුරින් ඉවත් කරගන්නට බෝසත් අම්මාත් තාත්තාත් අවසර දුන්නේය.

"අපි තීරණය දීලා කෙළින්ම ආවේ පන්සලට. දරුවගේ ඉස්කෝලෙ යාළුවෝ, ගුරුවරු, ගමේ හිතවත් අය, ඥාතීන් හැමෝම පන්සලට ඇවිත් හිටියේ. හරියටම රෑ 10.30 මගේ රත්තරන් දරුවගේ හුස්ම ටික රඳවගෙන හිටපු මැෂින් ගලවනවා. තව මිනිත්තුවයි... තත්පර තිහයි.... අපිෙදාහොත් මුදුන් දීලා ලොව්තුරා බුදුන්ට වැන්දා. මගේ අහිංසක දරුවා ලෝකේ කොහේ හරි තැනක පින්වන්ත දරුවෙක් වෙලා ඉපදෙන්න... බෝධි පූජාව පටන් ගනිද්දි මගේ දූ තවත් දුවකුට මේ ලෝකේ දකින්න එයාගේ වකුගඩු, අක්මාව, ඇස්... තව බොහෝ දේ පරිත්යාග කළා."
බෝධිසත්වයන් ලොව්තුරා බුදු බව පතා එක් එක් භවයන්හිදී ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් බව අපි අසා ඇත්තෙමු. පුංචි විශාකා දියණියද ජීවතුන් අතර සිටියදීම අක්මාව, හෘදය වස්තුව, වකුගඩු, ඇස් ආදී තව බොහෝ ඉන්ද්රියයන් දන්දී මතු බුදුවන පෙරුමන් පිරුවාය.

"ඒක හරිම හාස්කමක් වගේ. මගේ දරුවගේ අක්මාව අර දරුණු අක්මා රෝගයෙන් පෙළුණ දරුවට සියයට සියයක්ම ගැළපුණා. අයත් හරිම දුප්පත් මිනිස්සු. මේ රෝගය නිසාම හුඟක් අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. මගේ දරුවගේ වාසනාවට දරුවා දැන් ජීවත් වෙනවා. දරුවගේ අනෙක් අවයවත් මේ විදියටම කාට හරි ජීවත් වෙන්න උපකාරී වේවි. ‍ෙදාස්තර මහත්තයා කිව්වා අම්මේ... ඔයාගේ දරුවාගේ මොළය විතරයි මැරිලා තියෙන්නේ. අනිත් හැම අවයවයක්ම සියයට සියයක්ම නිරෝගීයි කියලා. මගේ පින්වන්ත දරුවා ජීවතුන් අතර ඉඳගෙනම මේ වගේ දානයක් කරගත්තා. මගේ දරුවා තව හුඟ දෙනෙක්ට ජීවිතය දුන්නා. දරුවා මියගියත් මගේ දරුවගේ අවයව මේ රටේ කොහේ හෝ තැනක දරුවෙක්ව ජීවත් කරනවා. මායි මහත්තයායි හිත හදාගන්න උත්සාහ ගන්නේ මෙහෙමයි."

ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඇඳුම පිටින්ම පැය දෙකක් විතර දවසේ විස්තර කිචි බිචි ගගා කිරිල්ලියක් වගේ කියවපු, චූටි මල්ලිව හුරතල් කරපු, හැරෙන්නවත් ඉඩ නැති ගේ පොඩ්ඩ ලොකු ගෙයක් කරගන්න හීන දැකපු, වාණිජ විෂයෙන් 3ක් අරගෙන රස්සාවක් කරලා මල්ලිලාට උගන්වන්න ප්රාර්ථනා කරපු, අගහිඟකම් ඉවසගෙන හුඟාක් දුර යන්න හිතපු, දීපිකාගේත්, චන්නගේත් වැඩිමල්ම දියණිය නොහිතපු වෙලාවක නොහිතපු දුකක් දී මරු තුරුලට ගියාය. ඇගේ මරණයට වගකිවයුතු නොසැලකිලිමත් රියැදුරු සුගතදාස ක්රීඩාංගණයේ සභාපතිවරයා තවමත් උසාවි නියෝගය මත රැඳවුම් භාරයේය.

"පසුගිය නඩු වාරයකදී අපේ පැත්තෙන් එක ලෝයර් කෙනයි හිටියේ. අනෙක් පැත්තට ලෝයර්ස්ලා පස්දෙනෙක් හිටියා. පස්සේ දරුවගේ යාළුවෝ, වෛද්යවරයා, හිතවත් අය මැදිහත් වෙලා අපිටත් ලෝයර්ස්ලා හතර දෙනෙක් කතා කරලා දුන්නා. උසාවියේදී මගේ දරුවා හප්පපු කෙනාගේ පුතා මගේ ළඟට ඇවිත් සමාවෙන්න කියලා කිව්වා. මට වෙලාවේ හයියෙන් ඇඬුණා. පුතේ ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ මගේ දරුවගේ මරණයට ඔයාගේ තාත්තා යන්තම් හරි සැලකිලිමත් වුණා නම් අද මගේ දරුවා අතක් පයක් කැඩිලා හරි ජීවත් වෙනවා කියලා මම කිව්වා. මගේ දිහා වෙලාවේ උසාවියේ හිටපු ලෝයර්ස්ලා හැමෝම බැලුවා. කවදාවත්ම දැකලා නැති ලෝයර්ස්ලා ගොඩක් මගේ ළඟට ආවා. අනෙක් පාර්ශ්වයේ ලෝයර්ස්ලාගෙන් එයාලා ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. එයාලා කිව්වා දරුවගේ අභිවෘද්ධියට කටයුතු කරනවා කියලා. ඊට පස්සේ අර සේරම කෑගහලා ඇහුවා දරුවගේ අභිවෘද්ධිය බලන්නේ සොහොනක් හදල දීලාද කියලා..
එයා අදවත් මගේ දිහා බලයි. මගේ රත්තරන් දුව තවමත් ඇස් පියාගෙන. මේෙදාස්තර මහත්තයලා කියනවා මගේ පුතාගේ මොළය මැරිලා කියලා. අනේ මං කොහොමද විශ්වාස කරන්නේ මගේ පුතේ. ඉස්පිරිතාලේෙදාස්තරලා, මිසීලා සේරම බලන් ඉන්නේ මම දරුවාගේ අක්මාව ඉවත් කරන්න කැමැත්ත දෙනකල්.
මම මගේ දරුවගේ ඇඟට දාලා තිබුණ ෂීට් එක පොඩ්ඩක් අෑත් කරලා බැලුවා. දරුවගේ කකුල් දෙක හොඳටම නිල්පාට වෙලා. ඉදිමිලා. මං පුතාගේ අම්මා. ඒත් පුතේ මගේ හිත කියනවා ඔයාව ජීවත් කරවන්න බෑ කියලා. මං මගේ අහිංසක දරුවගේ කන ළඟට නැමුණා. අනේ... අවුරුදු 17ක් තිස්සේ මගේ තුරුල්ලේ උණුසුම් වුණ දරුවට අද මගේ උණුසුමවත් දැනුණේ නෑ. මං හිත ගලක් කරගත්තා. මං මගේ රත්තරන් දරුවගේ කන ළඟට ළංවෙලා මේ ලෝකේ ඉන්න කිසිම අම්මා කෙනෙක්ට කියන්න බැරි භයානකම වචන ටික මගේ දරුවට කිව්වා.
"අනේ පුතේ... ඔයා ඉන්න එපා. ඔයා යන්න. තේරුමක් නෑ. මම කොහොම හරි හිත හදාගන්නම්. මම කොහොමහරි අමතක කරන්නම් ඔයා යන්න මගෙ රත්තරන් පුතේ"
අන්තිමේදී මගේ දරුවගේ හුස්ම ටික ඩිංග ඩිංග ඉහළ පහළ වැටෙද්දිම මම දරුවගේ අක්මාව ඉවත් කරගන්න වෛද්යවරුන්ට අවසර දුන්නා.