ආදරයකින් හිත් පුරවා කොතෙක් නම් එක මග ගිය ද කොතෙක් නම් පෙම් කළ ද බොහෝ විට සිදුවනුයේ මරණයේ මිනීවළ ළගදී වෙන්ව යාමය. ඒ ගමනත් අපි එකටම යන්නට ගියා යැයි අසන්නට ලැබෙන්නේ අහඹුවෙනි. එහි හොඳයි නරකයි විග්රහ කිරීම වෙනම කරුණකි. ආදරයකදී හෝ මිත්රත්වයකදී හෝ වේවා ඉන් කියැවෙන්නේ ඒ ආදරයේ බැඳි හිතක අදිටන් බවමය. මරණයේදී ද එක මග යන්නට පතා හදිසියේ ජීවිත ආශාව අත්හැරීමය.
තරිඳු පි‍්‍රයංකර අගලවත්ත ප්‍රදේශයේ මිහිඳු විද්‍යාලයේ උසස් පෙළ විභාගයට සූදානමින් පසුවූයේය. මිල්ෂානි මධුවන්ති ද පාණදුර අගමැති බාලිකා විද්‍යාලයේ උසස් පෙළ විභාගයට සූදානමින් සිටියාය. ඈ පාණදුර අළුබෝමුල්ලේ ය. මේ දෙදෙනා ම ඉගෙනුමට දැක්වූයේ දක්ෂතාවකි. 18 හැවිරිදි වියෙහි පසුවූ ඕ හැම විටම තම දෙමවුපියන්ට කීකරු දියණියකි. එකම නැගණියට ද ඉගෙනුමට දිරි දෙමින් පසු වූ මධුවන්තිට තරිඳු හමු වූයේ සිව් වසරකට පෙරදීය. තරිඳුගේ තැන්පත් ගති පැවතුමට වඩාත් පැහැද ගිය ඈ ඔහු තමන් සමÛ ඇසුරට යෝජනා කළ බව මධුවන්ති කල් ඇතිවම සිය දෙමාපියන් දැනුම්වත් කළාය. ඒ ගැන මුලින්ම අම්මාට කී ඈ ඒ කතාව අවසන් කරනු ලැබුවේ ද අම්මයි තාත්තයි කැමතිනම් විතරයි මං කැමති වෙන්නෙ යි කියමිනි. අම්මා තාත්තාට කීවාය. අවසානයේ සියල්ල තීන්දු වූයේ තරිඳුගේ දෙමාපියන් ද මධුවන්තිගේ පවුලේ අය හා සමීප වීමෙනි.
තරිඳුටත් මධුවන්තිටත් තිබුණේ එකම සිහිනයකි. ඉගෙනුමින් පසු ඉහළ රැුකියාවක නිරත වන්නටය.ිඅපි
අපේ අම්මල තාත්තලට බැරි කාලෙක සැපෙන් තියන්න අපි හොඳ තැනකට එන්නම ඕන’ මධුවන්ති තරිඳුට එසේ කීවාය. දෙපාර්ශ්වයේ ම ආශිර්වාදය මේ පෙම්වතුන් දෙදෙනාට නොඅඩුවම ලැබී තිබුණ ද වැඩිපුර කතාබහට මාතෘකා වූයේ පොතපතය. හදාරන විෂයයනට අදාළ සටහන් පොත් සොයා මධුවන්තිට ගෙනැවිත් දුන්නේය. ඇය ද පෙරළා ඔහුගේ ඉගෙනුමට සහාය දුන්නාය.
ඉගෙනුමට මුල් තැන දියන් දරුවනේ” යැයි තාත්තා නිතර කී බස් දෙදෙනාම ඉස්මුදුණින් පිළිගත් බවක් පෙනිණ. ගත වූ සිව් වසර පුරා ම මධුවන්තිගේ දෙමවුපියන් තරිඳු පුතුගෙන් දුටුවේ තැන්පත් බවමය. මධුවන්තිගේ කීකරු ගති පැවතුම් දුටු තරිඳුගේ දෙමවුපියන් නිතර කියන්නට වූයේ උඹලා දෙන්නාට හොඳක් ම වෙන්න ඕනෑ කියාමය. මධුවන්තිගේ දෙමවුපියනට තරිඳු පුතු තම පුතකු වූවා පමණක් නොව තරිඳුගේ දෙමවුපියනට ද මධුවන්ති තමන්ගේම දුවක හා සමාන විය. කාලය ගතවිණි. කෙතරම් සුන්දර සිහින පපු කුහරයේ සගවා තබා සිනාවෙන් සිටිය ද ඒ සියලූ සිහිනයන් කඩා වැටී වියැකී යන්නට ද ගත වනුයේ නිමේෂයක් නොවේ ද? ජීවිතවල හැටි එසේ නොවේ ද? ඒ මවුපියනට හඬන්නටවත් දැන් සවිබල නැත්තටම නැතිවා සේය. සියල්ල කණපිටට හැරි ගියේ ඉකුත් 26 දා පස්වරුවේදීය.
කළුවන් වලාකුළු කළුතර බෝ සමිඳුන් ඉහළින් ඈතට පාවි යමින් තිබිණි. වේලාව පස්වරු 3 ට පමණ ආසන්න වී තිබිණි. අපි අපේම නොවේ ද? තරිඳු හා මධුවන්ති පන්ති නිම වී තම නිවෙස් කරා යාමට පැමිණෙන්නට පුරුදුව සිටියේ කළුතර නගරයටය. පන්ති සඳහා පැමිණි දිනවලදී මේ කළුතර බෝ සමිදුනට මල් පුදා බුදුන් වැඳීමට ද සිරිතක් කොට සිටියහ. සැබැවින්ම අවිහිංසකය. පොල් තෙල් පහනක් හෝ දල්වා එහි තෙල් බිඳුවක් දඹරැගිල්ලේ තවරා තරිඳුගේ හිසේ ගැල්වීම මධුවන්තිය වෙතින් සිදුවූවාය. ඒ මොහොතේදී ඇයගේ දෑසේ මතුවන ආදරණිය බැල්මට තරිඳු වඩාත් පි‍්‍රය වූයේය. තරිඳු ද ඇගිල්ලක තෙල් තවරා එලෙසම කරන්නේ ය. ඉකුත් බ්රහස්පතින්දාවේ ද ඔවුන් දෙදෙනා එමින් සිටියේ කළුතර බෝ සමිඳු දෙසටය. තරහ වුණු දවසක් නැත. හැඬුම් ආ දවසක් නැත. සිනාසුණු දවස් මිස කඳුළු හෙළූ දවසක් නැත. ඒ මේ දෙන්නාගේ හිත්වල පීදුණු අවංක ආදරයේ තරමය. එයම මවුපියනට මහත් අස්වැසිල්ලක් සැනසිල්ලක් ම විය. මවුපියන් වෙතින් වසන් කළ කිසිවක් ම නැත.
එබැවින් මහ මාවත ඇවිද යන්නට බියක් සැකක් ද නැත. කළුතර බෝ සමිදුන් ඇහැ මානයේ පෙනි පෙනී තරිඳු සමීපයට වී මධුවන්ති එන්නට වූයේ කළුතර දුම්රිය පාලමට සමාන්තරව පිහිටි පදික පාලම මතිනි. එම පාලම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස යනෙන පදික පාලමකි. මගී ජනතාව ද ඉන් යති. එති. ලෑලිවලින්ම තනා තිබු මේ පාලමේ ලෑලිවල සවිය පිළිබඳ කිසිවකුගේ සැලකිල්ලක් නොතිබුණු බව සක්සුදක් සේ පැහැදිලිය. එහි නිතර යනෙන දුම්රිය සේවක පිරිස අතර කිසිවකුට හෝ එහි ප්‍රමිතිය පිළිබඳ ඕනෑකමක් නොතිබුණා වන්නට ද ඇත.
කෙසේ නමුත් මගී ජනතාව ද එහි නිතර එහා මෙහා යනු පෙනේ... තරිඳුගේ මුහුණ බැලූ මධුවන්තිගේ හදවතේ ඇතිවූයේ මේ මගේ අන්තිම දැකුමයි යන සිතිවිල්ල නොවන්නට ඇත. තවත් තත්පර කිහිපයකින් මට මෙතරම් ආදරය කරනා මධු... මාගෙන් සදහට ම සමුගන්නේ යැයි තරිඳුට ද සිතෙන්නට නැත. අනපේක්ෂිත සිදුවීමකට කල් යල් නැත... සිදුවන්නේ ඇසිපිය හෙළන සැණිනි. ක්ෂණයකිනි... අහෝ... පය තැබු ලෑලි කැබැල්ලක් එහි නොවී තරිඳු සමීපයේ එමින් සිටි මධු... හිටිඅඩියේ එහි විවර සිදුරෙන් පහළට ඇද වැටුණාය. අතැති කුඩය ඈ අතැර දැමූවාක් මෙන් පාලම මතට ගිලිහී වැටිණ. මධු පාලමේ සිදුර අතරින් ඇද වැටුණේ ඈ ග්‍රහණය කරගන්නට මෙන් බලා සිටි කළු ගං දියටය. මධුගේ ජීවිතය බේරාගත යුතුය. අසුරු සැණින් ඈ අසල පසුවූ තරිඳු මධු නමින් තම ජීවිතය පිළිබඳ ආශාව ද අත්හැර දමන්නට ඇත. අවංක ආදරයක හැටි යැයි සිතා කෙසේ නම් තුටුවන්න ද? ජීවිත දෙකම මහ කළු ගං දියේ ගිලී ගොසිනි.
එසැණින් මහමග රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකු සමීපයට දිව ගිය අවට සිටියවුන් තැතිගත් වනම කෑ ගසන්නට, වැළපෙන්නට වූහ.
අනේ... අර... අර... ගගට කවුරුහරි වැටිලා... පොත් වගයක් පාවෙනවා... අනේ...”
නිලධාරියා ද
ඉක්මන් වූයේය. අවට පිරිසත් වහා කළු ගං දියට පැන කිමිදී සොයන්නට වූහ. විනාඩි
45 ක් පමණ ගතවිණි. රතුපාට ටී ෂර්ට් එකකින් ද නිල් පැහැවන් සායකින් ද සැරසි
සිටි අවිහිංසකාවිය මධු... දියෙන් ගොඩට ගැනිණි. වහා නාගොඩ රෝහලට ඇතුළත්
කෙරිණි. ආදරණිය තරිඳු කොහේදැයි සොයා බලන්නට මධුට වේලාවක් නොතිබුණා වැන්න. ඈ
යළි නොඑනා ගමනක ගොස් සිටියාය. තම ආදරණිය මධු කොහේ කොතැනකදැයි සොයා බලන්නට
අමතන්නට තරිඳුට ද ඉඩක් නොලැබී ගියා වැන්න... තරිඳු සොයා ඒ හිත හොඳ මිනිසුන්
?
නම බිම් කළුවර
වැටෙනතුරු කළු ගං දිය පීරන්නට විය. තරිඳු... තම ආදර”ය මධු බේරාගන්නට ගං
දියට පැන්න ද තරිඳු ගංදිය පතුලේ කොතැනක හෝ සැගවී ඇත. තරිඳු සොයා ගැන්මට කළු
ගං දිය දෙබෑ කළ නාවික හමුදාවේ, යුද හමුදාවේ හා පොලීසියේ කිමිදුම් කරුවෝ
මෙන්ම ප්‍රදේශයේ තරුණයන් ද සිය උත්සාහය මඳකට නතර කර කළු ගං තෙරෙන් එතෙර
වූයේ හිස් බැල්මෙනි. හිස් වූසිතිණි.
පසුව දැනගන්නට ලැබුණේ තරිඳුගේ සිරුර ද කළු ගෙගේ තිබි හමුවූ බවය. මේ මරණ පිළිබඳව කිසිම සැකයක් අපට නැහැ. දුම්රිය සේවකයන් පවා නිතර යනෙන මේ පාලම උඩ ලෑල්ලක සිදුරෙන් ගගට වැටෙන්නට ඇති බවට අප විශ්වාස කරන්නෙ... ඈ බේරාගන්නට ඔහු ඉදිරිපත් වන්නට ඇති... ඉතාම ශෝචනීය සිද්ධියක්...” උතුරු කළුතර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් පිටිගල මහතා සිළුමිණට බිඳුණු ස්වරයෙන් පැවැසීය.
කිව යුත්තක් තිබේ. දුම්රිය සේවකයනට ද මේ පාලමේ ප්‍රමිතිය පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබිණි. එහෙත් ඔවුන් ඒ ගැන අවධානයක් යොමු නොකළේ මන්දැයි අප නොදනිමු. කෙසේ වුව තුරුණු වියේ අවිහිංසක ජීවිත දෙකක් මේ වන විට අහිමි වී අවසානය. යළිත් මෙවන් විපත් සිදු නොවන්නට වගකිවයුත්තනට එය බාර කරමු.
තරිඳු හා මධු අද ජීවතුන් අතර නැත. දෙදෙනා බොහෝ දේ කතා කරන්නට ඇත. අනාගතය ගැන බොහෝ ප්‍රාර්ථනා පුරන්නට ඇත. බොහෝ සිහින හදවත්හි තුරුලූ කොට හිඳින්නට ඇත. එහෙත්... එහෙත්... ඒ සියල්ලම මේ වන විට කළු ගං දියෙහි ම පාවි ගොස් හමාරය. මධු පෙර දිනෙක තරිඳු නමින් සමරු පොතක සිය අත් අකුරින් ලියුවේ මෙලෙසටය.