මනුෂ්‍යත්වය සොයා යමි

Saturday, June 9, 2012

පාලමේ ලෑල්ලෙන් වැටී කළුගං පතුළේ සැගවුණු තරිඳු*මධුවන්ති ආදර අන්දරය

දරයකින් හිත් පුරවා කොතෙක් නම් එක මග ගිය ද කොතෙක් නම් පෙම් කළ ද බොහෝ විට සිදුවනුයේ මරණයේ මිනීවළ ළගදී වෙන්ව යාමය. ඒ ගමනත් අපි එකටම යන්නට ගියා යැයි අසන්නට ලැබෙන්නේ අහඹුවෙනි. එහි හොඳයි නරකයි විග‍්‍රහ කිරීම වෙනම කරුණකි. ආදරයකදී හෝ මිත‍්‍රත්වයකදී හෝ වේවා ඉන් කියැවෙන්නේ ඒ ආදරයේ බැඳි හිතක අදිටන් බවමය. මරණයේදී ද එක මග යන්නට පතා හදිසියේ ජීවිත ආශාව අත්හැරීමය.

 තරිඳු පි‍‍්‍රයංකර අගලවත්ත ප‍්‍රදේශයේ මිහිඳු විද්‍යාලයේ උසස් පෙළ විභාගයට සූදානමින් පසුවූයේය. මිල්ෂානි මධුවන්ති ද පාණදුර අගමැති බාලිකා විද්‍යාලයේ උසස් පෙළ විභාගයට සූදානමින් සිටියාය. ඈ පාණදුර අළුබෝමුල්ලේ ය. මේ දෙදෙනා ම ඉගෙනුමට දැක්වූයේ දක්ෂතාවකි. 18 හැවිරිදි වියෙහි පසුවූ  ඕ හැම විටම තම දෙමවුපියන්ට කීකරු දියණියකි. එකම නැගණියට ද ඉගෙනුමට දිරි දෙමින් පසු වූ මධුවන්තිට තරිඳු හමු වූයේ සිව් වසරකට පෙරදීය. තරිඳුගේ තැන්පත් ගති පැවතුමට වඩාත් පැහැද ගිය ඈ ඔහු තමන් සමÛ ඇසුරට යෝජනා කළ බව මධුවන්ති කල් ඇතිවම සිය දෙමාපියන් දැනුම්වත් කළාය. ඒ ගැන මුලින්ම අම්මාට කී ඈ ඒ කතාව අවසන් කරනු ලැබුවේ ද අම්මයි තාත්තයි කැමතිනම් විතරයි මං කැමති වෙන්නෙ යි කියමිනි. අම්මා තාත්තාට කීවාය. අවසානයේ සියල්ල තීන්දු වූයේ තරිඳුගේ දෙමාපියන් ද මධුවන්තිගේ පවුලේ අය හා සමීප වීමෙනි. 

තරිඳුටත් මධුවන්තිටත් තිබුණේ එකම සිහිනයකි. ඉගෙනුමින් පසු ඉහළ රැුකියාවක නිරත වන්නටය.ිඅපි
අපේ අම්මල තාත්තලට බැරි කාලෙක සැපෙන් තියන්න අපි හොඳ තැනකට එන්නම  ඕන’ මධුවන්ති තරිඳුට එසේ කීවාය. දෙපාර්ශ්වයේ ම ආශිර්වාදය මේ පෙම්වතුන් දෙදෙනාට නොඅඩුවම ලැබී තිබුණ ද වැඩිපුර කතාබහට මාතෘකා වූයේ පොතපතය. හදාරන විෂයයනට අදාළ සටහන් පොත් සොයා මධුවන්තිට ගෙනැවිත් දුන්නේය. ඇය ද පෙරළා ඔහුගේ ඉගෙනුමට සහාය දුන්නාය. 

ඉගෙනුමට මුල් තැන දියන් දරුවනේ” යැයි තාත්තා නිතර කී බස් දෙදෙනාම ඉස්මුදුණින් පිළිගත් බවක් පෙනිණ. ගත වූ සිව් වසර පුරා ම මධුවන්තිගේ දෙමවුපියන් තරිඳු පුතුගෙන් දුටුවේ තැන්පත් බවමය. මධුවන්තිගේ කීකරු ගති පැවතුම් දුටු තරිඳුගේ දෙමවුපියන් නිතර කියන්නට වූයේ උඹලා දෙන්නාට හොඳක් ම වෙන්න  ඕනෑ කියාමය. මධුවන්තිගේ දෙමවුපියනට තරිඳු පුතු තම පුතකු වූවා පමණක් නොව තරිඳුගේ දෙමවුපියනට ද මධුවන්ති තමන්ගේම දුවක හා සමාන විය. කාලය ගතවිණි. කෙතරම් සුන්දර සිහින පපු කුහරයේ සගවා තබා සිනාවෙන් සිටිය ද ඒ සියලූ සිහිනයන් කඩා වැටී වියැකී යන්නට ද ගත වනුයේ නිමේෂයක් නොවේ ද? ජීවිතවල හැටි එසේ නොවේ ද? ඒ මවුපියනට හඬන්නටවත් දැන් සවිබල නැත්තටම නැතිවා සේය. සියල්ල කණපිටට හැරි ගියේ ඉකුත් 26 දා පස්වරුවේදීය. 

 කළුවන් වලාකුළු කළුතර බෝ සමිඳුන් ඉහළින් ඈතට පාවි යමින් තිබිණි. වේලාව පස්වරු 3 ට පමණ ආසන්න වී තිබිණි. අපි අපේම නොවේ ද? තරිඳු හා මධුවන්ති පන්ති නිම වී තම නිවෙස් කරා යාමට පැමිණෙන්නට පුරුදුව සිටියේ කළුතර නගරයටය. පන්ති සඳහා පැමිණි දිනවලදී මේ කළුතර බෝ සමිදුනට මල් පුදා බුදුන් වැඳීමට ද සිරිතක් කොට සිටියහ. සැබැවින්ම අවිහිංසකය. පොල් තෙල් පහනක් හෝ දල්වා එහි තෙල් බිඳුවක් දඹරැගිල්ලේ තවරා තරිඳුගේ හිසේ ගැල්වීම මධුවන්තිය වෙතින් සිදුවූවාය. ඒ මොහොතේදී ඇයගේ දෑසේ මතුවන ආදරණිය බැල්මට තරිඳු වඩාත් පි‍‍්‍රය වූයේය. තරිඳු ද ඇගිල්ලක තෙල් තවරා එලෙසම කරන්නේ ය. ඉකුත් බ‍්‍රහස්පතින්දාවේ ද ඔවුන් දෙදෙනා එමින් සිටියේ කළුතර බෝ සමිඳු දෙසටය. තරහ වුණු දවසක් නැත. හැඬුම් ආ දවසක් නැත. සිනාසුණු දවස් මිස කඳුළු හෙළූ දවසක් නැත. ඒ මේ දෙන්නාගේ හිත්වල පීදුණු අවංක ආදරයේ තරමය. එයම මවුපියනට මහත් අස්වැසිල්ලක් සැනසිල්ලක් ම විය. මවුපියන් වෙතින් වසන් කළ කිසිවක් ම නැත. 

එබැවින් මහ මාවත ඇවිද යන්නට බියක් සැකක් ද නැත. කළුතර බෝ සමිදුන් ඇහැ මානයේ පෙනි පෙනී තරිඳු සමීපයට වී මධුවන්ති එන්නට වූයේ කළුතර දුම්රිය පාලමට සමාන්තරව පිහිටි පදික පාලම මතිනි. එම පාලම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස යනෙන පදික පාලමකි. මගී ජනතාව ද ඉන් යති. එති. ලෑලිවලින්ම තනා තිබු මේ පාලමේ ලෑලිවල සවිය පිළිබඳ කිසිවකුගේ සැලකිල්ලක් නොතිබුණු බව සක්සුදක් සේ පැහැදිලිය. එහි නිතර යනෙන දුම්රිය සේවක පිරිස අතර කිසිවකුට හෝ එහි ප‍්‍රමිතිය පිළිබඳ  ඕනෑකමක් නොතිබුණා වන්නට ද ඇත. 

කෙසේ නමුත් මගී ජනතාව ද එහි නිතර එහා මෙහා යනු පෙනේ... තරිඳුගේ මුහුණ බැලූ මධුවන්තිගේ හදවතේ ඇතිවූයේ මේ මගේ අන්තිම දැකුමයි යන සිතිවිල්ල නොවන්නට ඇත. තවත් තත්පර කිහිපයකින් මට මෙතරම් ආදරය කරනා මධු... මාගෙන් සදහට ම සමුගන්නේ යැයි තරිඳුට ද සිතෙන්නට නැත. අනපේක්ෂිත සිදුවීමකට කල් යල් නැත... සිදුවන්නේ ඇසිපිය හෙළන සැණිනි. ක්ෂණයකිනි... අහෝ... පය තැබු ලෑලි කැබැල්ලක් එහි නොවී තරිඳු සමීපයේ එමින් සිටි මධු... හිටිඅඩියේ එහි විවර සිදුරෙන් පහළට ඇද වැටුණාය. අතැති කුඩය ඈ අතැර දැමූවාක් මෙන් පාලම මතට ගිලිහී වැටිණ. මධු පාලමේ සිදුර අතරින් ඇද වැටුණේ ඈ ග‍්‍රහණය කරගන්නට මෙන් බලා සිටි කළු ගං දියටය. මධුගේ ජීවිතය බේරාගත යුතුය. අසුරු සැණින් ඈ අසල පසුවූ තරිඳු මධු නමින් තම ජීවිතය පිළිබඳ ආශාව ද අත්හැර දමන්නට ඇත. අවංක ආදරයක හැටි යැයි සිතා කෙසේ නම් තුටුවන්න ද? ජීවිත දෙකම මහ කළු ගං දියේ ගිලී ගොසිනි. 

එසැණින් මහමග රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකු සමීපයට දිව ගිය අවට සිටියවුන් තැතිගත් වනම කෑ ගසන්නට, වැළපෙන්නට වූහ. 

අනේ... අර... අර... ගගට කවුරුහරි වැටිලා... පොත් වගයක් පාවෙනවා... අනේ...” 

 නිලධාරියා ද ඉක්මන් වූයේය. අවට පිරිසත් වහා කළු ගං දියට පැන කිමිදී සොයන්නට වූහ. විනාඩි 45 ක් පමණ ගතවිණි. රතුපාට ටී ෂර්ට් එකකින් ද නිල් පැහැවන් සායකින් ද සැරසි සිටි අවිහිංසකාවිය මධු... දියෙන් ගොඩට ගැනිණි. වහා නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. ආදරණිය තරිඳු කොහේදැයි සොයා බලන්නට මධුට වේලාවක් නොතිබුණා වැන්න. ඈ යළි නොඑනා ගමනක ගොස් සිටියාය. තම ආදරණිය මධු කොහේ කොතැනකදැයි සොයා බලන්නට අමතන්නට තරිඳුට ද ඉඩක් නොලැබී ගියා වැන්න... තරිඳු සොයා ඒ හිත හොඳ මිනිසුන් ? 

නම බිම් කළුවර වැටෙනතුරු කළු ගං දිය පීරන්නට විය. තරිඳු... තම ආදර”ය මධු බේරාගන්නට ගං දියට පැන්න ද තරිඳු ගංදිය පතුලේ කොතැනක හෝ සැගවී ඇත. තරිඳු සොයා ගැන්මට කළු ගං දිය දෙබෑ කළ නාවික හමුදාවේ, යුද හමුදාවේ හා පොලීසියේ කිමිදුම් කරුවෝ මෙන්ම ප‍්‍රදේශයේ තරුණයන් ද සිය උත්සාහය මඳකට නතර කර කළු ගං තෙරෙන් එතෙර වූයේ හිස් බැල්මෙනි. හිස් වූසිතිණි.

 පසුව  දැනගන්නට ලැබුණේ තරිඳුගේ සිරුර ද කළු ගෙගේ තිබි හමුවූ බවය. මේ මරණ පිළිබඳව කිසිම සැකයක් අපට නැහැ. දුම්රිය සේවකයන් පවා නිතර යනෙන මේ පාලම උඩ ලෑල්ලක සිදුරෙන් ගගට වැටෙන්නට ඇති බවට අප විශ්වාස කරන්නෙ... ඈ බේරාගන්නට ඔහු ඉදිරිපත් වන්නට ඇති... ඉතාම ශෝචනීය සිද්ධියක්...” උතුරු කළුතර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් පිටිගල මහතා සිළුමිණට බිඳුණු ස්වරයෙන් පැවැසීය.  

කිව යුත්තක් තිබේ. දුම්රිය සේවකයනට ද මේ පාලමේ ප‍්‍රමිතිය පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබිණි. එහෙත් ඔවුන් ඒ ගැන අවධානයක් යොමු නොකළේ මන්දැයි අප නොදනිමු. කෙසේ වුව තුරුණු වියේ අවිහිංසක ජීවිත දෙකක් මේ වන විට අහිමි වී අවසානය. යළිත් මෙවන් විපත් සිදු නොවන්නට වගකිවයුත්තනට එය බාර කරමු.    

තරිඳු හා මධු අද ජීවතුන් අතර නැත. දෙදෙනා බොහෝ දේ කතා කරන්නට ඇත. අනාගතය ගැන බොහෝ ප‍්‍රාර්ථනා පුරන්නට ඇත. බොහෝ සිහින හදවත්හි තුරුලූ කොට හිඳින්නට ඇත. එහෙත්... එහෙත්... ඒ සියල්ලම මේ වන විට කළු ගං දියෙහි ම පාවි ගොස් හමාරය. මධු පෙර දිනෙක තරිඳු නමින් සමරු පොතක සිය අත් අකුරින් ලියුවේ මෙලෙසටය. 

Friday, June 8, 2012

සිරුර හා අපගේ ප‍්‍රාණය

ප බොහෝ විට සිතා සිටින්නේ අපගේ සිරුර හා ප‍්‍රාණය අපට අයිති බවයි. එහෙත් එය සත්‍යයෙන් අඩක්‌ පමණයි. බුදු දහම අනුවත් සිරුර හා අප අතර පවතින්නේ ආගන්තුක සම්බන්ධයක්‌. තමාට උවමනා අන්දමට සිරුර ක‍්‍රියා කරන්නේ නැහැ. සිරුර ජරාවට පත්වෙනවා. ලෙඩ රෝග වැළැඳ ගන්නවා. එයට අප තදින්ම විරෝධය පෑවත් සිරුර එයින් අප පීඩාවටත් දුකටත් පත් කරවනවා. ඒ නිසා සිරුර කෙලින්ම අපගේ යයි නිගමනයකට එළඹීම හාස්‍ය ජනකයි.

එමෙන්ම මීට වඩා හාස්‍යජනක දේ නම් සිරුර හා අපගේ ප‍්‍රාණය සඳහා කොහේවත් ඉන්න රජයක්‌ තම අයිතිය ප‍්‍රකාශ කර සිටීමයි. සිරුරට හෝ ප‍්‍රාණයට කුමක්‌ හෝ විපතක්‌ කරන්නට ගිය සැණින් රජය වහා එයට හරස්‌ වෙනවා.

බ‍්‍රිතාන්‍යයේ මෙල්ක්‌හැම් පෙදෙසේ වෙසෙන ටෝනි නික්‌ලින්සන්ට  මේ තත්ත්වයට ගොදුරු වෙන්නට සිදුවෙලා. ටෝනිගේ දැන් වයස අවුරුදු 58 ක්‌. දැනට අවුරුදු 7 ක පමණ කාලයක පටන් ටෝනි බරපතළ රෝගී තත්ත්වයකින් පෙළෙනවා.

ඔහුගේ මුළු සිරුරම ඔහුගේ කැමැත්තක්‌ නැතිවම අප‍්‍රාණික තත්ත්වයට පත්වෙලා.  ටෝනිට පුළුවන් ඇසිපිය හෙලන්නට විතරයි. වෙනත් කිසිම ශාරීරික ඉරියව්වක්‌ පවත්වා ගැනීමට ඔහුට බැහැ. ඔහුගේ කතාවත් ඇනහිටලා. ඔහු තම අදහස්‌ නිවසේ අය හා හුවමාරු කර ගන්නේ විශේෂිත පරිගණකයක්‌ හරහා.

ටෝනි දැන් අවුරුදු හතක්‌ තිස්‌සේ මේ රුදුරු රෝගය නිසා මහත් පීඩාකාරී කායික හා මානසික වේදනාවෙන් යුතුව ඔහුම පවසන විදියට ඔහු කාලකන්නි ජීවිතයක්‌ ගත කරන්නේ. ඔහුගේ සිරුර අප‍්‍රාණික වී ක‍්‍රියා විරහිත වුවත් ඔහුගේ සිතට නම් එහෙම දෙයක්‌ වෙලා නැහැ. එය තවමත් ඉතා සංවේදී ලෙසත් ප‍්‍රබල ලෙසත් වැඩ කරනවා. ඒ නිසයි ඔහුට මේ කටුක දුක දරාගන්න බැරි වෙලා තිබෙන්නේ.

තමා හමුවට පැමිණි මාධ්‍යවේදින්ට ටෝනි කියාසිටියේ මෙය තමාට දරාගත නොහැකි තරමේ වේදනාවක්‌ බවයි. මේ නිසා අවසානයේ ටෝනි කිසියම් තීරණයකට එළඹිලා තියනවා. එනම් මේ දුක අවසන් කිරීමට නම් මේ නිසරු ජීවිතයෙන් සමුගත යුතු බවයි.

ටෝනි මේ සඳහා බ‍්‍රිතාන්‍යයේ උපරිමාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් කියා සිටින්නේ තමාට මියයැම සඳහා අවසර ලබා දෙන ලෙසයි. ඔහුගේ බිරිඳ නික්‌ නිල්සන් ද මේ ගැන දැඩි කනස්‌සල්ලෙන් යුතුවයි සිටින්නේ. ඇය තමා...... ඔහුගේ කුදුමහත් කටයුතු කරන්නේ. නික්‌ තම සැමියාට බෙහෙවින් ආදරෙයි. එහෙත්  ඕ තමා හමුවට පැමිණි කැතී ජින්ජලි නමැති බී. බී. සී. මාධ්‍යවේදිනියට කීවේ. ටෝනි මෙයින් නිදහස්‌ කරගත හැකි එකම මාර්ගය වන්නේ ඔහු මරාදැමීම බවයි.

මේ වචන ඇසූ කැතී ගල් ගැසී ගියා. සිත කීරි ගස්‌වන සුළු ඒ වචන ටෝනිගේ ආදරවන්ත බිරිඳගේ මුවින් පිටවූයේ කෙසේ දැයි තමාට සවන් අදහා ගැනීමට නොහැකි වූ බව ඇය කියා සිටියා. එහෙත් සත්‍ය නම් තමා ආදරය කරන ප‍්‍රාණය සමාන මිනිසා විඳින වද වේදනාව සත්‍ය ලෙසම දැකීමෙන් නික්‌ මහත්සේ වේදනාවට පත් වී තිබීමයි. ඇයට  ඕනෑ එම දුකින් ඔහු නිදහස්‌ කරන්නයි.

ලටෝනීට කිසිම දෙයක්‌ කරකියා ගන්න බැහැ. ඔහු ජීවත් වන මළ මිනියක්‌ වගෙයි. මං කොහොමද තවදුරටත් ඔහුට මේ දුක්‌ වේදනා විඳින්නට ඉඩ දීලා බලන් ඉන්නේ? ඇත්තටම මෙය රොගියෙකු පිළිබඳ කතාවක්‌ විතරක්‌ නෙවි. ඔවුන්ගේ ආදර කතාවද වෙනවා. ඔවුන් එකිනෙකාට හමුවී පේ‍්‍රමවන්තයින් බවට පත් වී ඇත්තේ 1984 වසරේ දී ඒ ඩුබාහි දී. ටෝනි වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක්‌. ඇය සාත්තු සේවිකාවක්‌. ඔවුන් විවාහ වීමෙන් පසු මැද පෙරදිග හා මැලේසියාව හා හොංකොංහි අවුරුදු 20 ක කාලයක්‌ ඉතා ප‍්‍රීතිමත් ජීවිතයක්‌ ගතකර තිබෙනවා.

ඔවුන්ට දූවරු දෙදෙනෙකුත් සිටිනවා. ලොරේන් 25 හා බෙත් 23 ඒ දෙදෙනායි. ටෝනි ඒ වන විට සමාජශීලි හා ඉතා ක‍්‍රියාශිලී පුද්ගලයෙක්‌ව සිටියා. සෑම දෙයක්‌ ගැනම උනන්දුවක්‌ දැක්‌ වූ විනෝදකාමී මිනිසෙකුව සිටියා.

ඒ අතරේයි 2005 දී ඔහු මෙම රෝගී තත්ත්වයට ගොදුරු වුණේ එය ආඝාත තත්ත්වයකින් පසු මතු වූ සිරුර අක‍්‍රිය වීමේ බරපතළ රෝගී ස්‌වභාවයක්‌. වෛද්‍යවරු ඔහු යථා තත්ත්වයට පත් කිරීමට බොහෝ උත්සාහ ගත් නමුත් එය සාර්ථක වුයේ නෑ.

ටෝනිගේ ජීවිතය මෙයින් සහමුලින්ම අනිත් පැත්තට පෙරළුණා. ඔහුට ඔහුගේ මිතුරන්, රැුකියාව, විනෝදවීමේ අවස්‌ථා සියල්ල ටිකෙන් ටික අහිමි වී ගියා. ටික කලකින් තමා යළිත් යථා තත්ත්වයට පත්වේ යයි ඔහු සිතූ නමුත් එසේ වූයේ නැහැ. වෛද්‍යවරු ඔහුට කිසිවක්‌ පැවසුවේ නැහැ. එයින් මාස ගණකට පසු ඔහු මරණය ගැන කතා කරන්නට පටන් ගත්තා. ටෝනි ඉන් පසුව තමාගේ මෙම වේදනාව නිමා කොට ජිවිතය කෙළවර කර ගැනීමට උසාවියෙන් අවසර ඉල්ලා සිටියා.

ඔහු අධිකරණය වෙත ගොනුකර ඇති මානුෂික පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ තමාගේ මෙම කාලකන්නි ජීවිතය මරණයෙන් අවසාන කරන වෛද්‍යවරයාට එරෙහිව කිසිදු මිනීමැරුම් චෝදනාවක්‌ නොනගන ලෙසයි.

එහෙත් බ‍්‍රිතාන්‍ය නීතිය මේ ගැන දක්‌වන්නේ සැහැල්ලූ මතයක්‌ නොවෙයි. එය ඉතා තදින් ඉන්නවා. නීතිය පවසා ඇත්තේ ඔහු හෝ වෙනත් කිසිවෙකු ටෝනිගේ මරණය සිදු කිරීමට හවුල් වේ නම් ඒ තැනැත්තා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරද කරු වෙන බවයි.

ජිවිතය කොයිතරම් පීඩාකාරී වුවත්, දරාගත නොහැකි වුවත් මිනිස්‌ අයිතිවාසිකම්වල සීමාවන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මරණය අයිතිවාසිකමක්‌ නොවෙයි. මිනීමැරීම කොහොමටත් අයිතිවාසිකමක්‌ නොවේ.

එහෙත් වඩා පළපුරුදු විනිශ්චයකරුවෙකු වන චාල්ස්‌ මහතා ඔහුගේ දිගු කාලීන පුළුල් අත්දැකීම් ගැන සලකමින් ටෝනිගේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යැමට ඉඩ ලබා දී තිබෙනවා. ටෝනිගේ බිරිඳ  කියා සිටියේ රටට ඇත්තේ සංස්‌කෘතික පසුබිමක්‌ සහිත අයිතිවාසිකම් පද්ධතියක්‌ නිසා මෙවැනි සහනයක්‌ ලැබුණු බවයි.

එම රෝගී තත්ත්වවලින් පෙළෙන්නන්ට සහනයක්‌ ලබා දීමට යුරෝපයේ ඇතැම් රටවල ඉඩ සලසා තිබෙනවා. නෙදර්ලන්තය, ස්‌විස්‌ට්‌සර්ලන්තය, බෙල්ජියම, ලක්‍ෂම්බර්ග් හා අමෙරිකාවේ ඔරිගන් ප‍්‍රාන්තය. එවැනි රටවල් කීපයක්‌. එහෙත් එය ලැබෙන්නේ කොන්දේසි සහිතවයි. විශේෂයෙන් හිපොක‍්‍රටික්‌ දිවුරුම එය අනුව එම මරණය හිංසාවෙන් තොර වූ එකක්‌ විය යුතුයි.

වෛද්‍ය ජෝන් විල් පවසන්නේ ටෝනි නික්‌ලින්සන්ගේ ආයාචනය සාධාරණ වුවත් ඒ සඳහා නීති ප‍්‍රතිපාදන සැකසීම අනිකුත් ජනතාව ගැන සලකා නොකළ යුතු යෑයි තමා සිතන බවය. මන්ද යත් සමාජයේ මෙවැනි රෝගී තත්ත්වයන් ඇති සියලූ දෙනාද ඒ සඳහා පෙළඹිය හැකි බැවින්ය.

එමෙන්ම යමෙකුට කවර කාරණයක්‌ නිසා හෝ දිවිතොර කර ගැනීමට ඉඩ දීම මනුෂ්‍යත්වයට හා සදාචාරවත් බවට එක නොවන නිසාය. එය මොන තරම් උමතු දෙයක්‌ විය හැකිදැයි ඔහු අහනවා. එහෙත් ටෝනිගේ බිරිඳ මේ කතා කරන්නේ දැඩි වේදනාවකින්. මුලදී මේ කරුණ කාගෙත් සිත කනස්‌සලූ කරන දෙයක්‌ වුණේ. ඒත් එහි අවසානය ඉතා පීඩාකාරී බව අපි කවුරුත් මමත්  දැන සිටියා.

ටෝනි තමාට මෙයින් ගැලවිය හැකි යයි අවුරුදු ගාණක්‌ බලා හිටියා. කෙළවරක්‌ නෑ. ඉතින් ඔහුට තවත් දුක්‌විඳීමට දීම සදාචාරයට එක දෙයක්‌ද?
ටෝනිගේ බිරිඳගේ උනන්දුව අඩු නොවූ නමුත් ඇය හුදකලාව උගුලක පැටලී ඇති බවක්‌ පෙණුනා. දවසින් දවස ගෙවී ගියේ කිසිදු විසඳුමකින් තොරවයි. ඇය හොඳටම හෙම්බත් වෙලයි ඉන්නේ. බැරිම තැන අපි ඔහුට ස්‌විස්‌හි පුනරුත්ථාපන සායනයකට යන්න යෝජනා කළා. ඔහු එයට විරුද්ධ වුණා. ඔහු කියා සිටියේ තමාට  ඕනෑ වෙනත් රටක නන්නාඳුන අය අතර මැරෙන්නට නොව තම පවුලේ අය අතර දී මියයන්න බවයි.

මේ අතර ටෝනි තම බිරිඳ තමා නිසා වද වනු දැකීමෙන්, වරදකාරී හැgeමෙන්ද ඔහු පෙළෙනවා. 

අනේ ඔහුට දෙවියන්ගේ නාමයෙන් මේ පීඩාකාරී දුක්‌ ගොඩින් මිදී මරණය වෙත යන්න ඉඩ දෙන්න. යයි ටෝනිගේ බිරිඳ කියන්නේ ඒ නිසාය.

 නමුත් මා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු ඉක්මණින් සනීප වෙන ලෙසටය. ඔහුගේ බිරින්ඳට ඔහුව ආදරෙන් රැක බලා ගැනීමට දර්යය දෙන ලෙසටය. ඔහුට ජීවත් වෙන්න මාර්ගයක් පෙන්වන ලෙසටය.